උන්මාදේ ッ

උන්මාදේ ッ

20

විසිවන කොටස

මතකනෙ. කෝච්චියෙ ජල්තරස් මැද්දෙ අපි ගමන ආව. ශලනි එක්කත් තිතටම යාලු උනා මම. හැමදේම හොඳින්. හැපි එන්ඩින්.


කලින් කොටසට




අපි සෙට් එක බණ්ඩාරවෙල ස්ටේසන් එකෙන් බහිනකොට උදේ හයයි කාලට විතර ඇති. අපිත් එක්ක තව බැස්සෙ නංගිල කීප දෙනෙක්. උන් බණ්ඩාරවෙල ස්ටේශන් එක ගාව ගහල තිබ්බ 'බණ්ඩාරවෙල' කියන සිමෙන්ති බෝඩ් එක ඉස්සරහට වෙලා පිස්සුවෙන් වගේ පොටෝ ගහන්න ගත්ත , බැස්ස වෙලාවෙ ඉඳන්.


"දැන් කොහෙටද සංක අයියෙ යන්නෙ"


නාලකය සංක අයියගෙන් ඇහුව.


"දැන් මචං අපි බස් එකක් කතා කරන් රිසෝට් එකට යන්න ඕනෙ. රිසෝට් එකෙන් කිව්ව හයයි හතලිස්පහට බස් එකක් එනව කියල. බස් ස්ටෑන්ඩ් එක තියෙන්නෙ ඔතන පල්ලෙහාලු. ටිකක් වෙලා මෙතන ඉඳල , කන බොන දෙයක් කාල , අපි යමු බස් ස්ටෑන්ඩ් එකට."


"හරි එහෙනං. කාල ඉම්මු"


ගෑණු ටික තමා ආහාර සැපයුම භාර ගත්තෙ. අපිනෙ බර අවි උස්සන් යන්නෙ.


ශලනි හදාගෙන ආපු රෝස්ට් කරපු පාන් ටිකයි , හේශනි නංගි ගෙනල්ල තිබ්බ බිස්කටුයි කාල අපි සෙට් එක එතන හිටිය ටිකක් වෙලා.


මෝලා , හෝ ගාල හේශනි නංගි එක්ක කදේ දානව. ඌ මේ ඉහින්න හදන්නෙ මොන කෘමිනාශකේද කියන එක මට පොඩ්ඩක් පොඩ්ඩක් තේරෙන්න අරන් තිබ්බෙ. සංක අයියයි කලු අයියයි දෙන්න කථිකාවක , අපේ ට්‍රිප් එකේ ඉදිරි සැලසුම් ගැන. ඒකටම මේනකා අක්කයි , චතුමි අක්කයිත් ජොයින් උනා.


ශලනි මාත් එක්ක එක බංකුවෙ වාඩි වෙලා හිටියෙ. හදිස්සියෙම එයා මගෙ කකුලට තට්ටුවක් දාල කතා කලා.


"ගිම්හාන් මේ...."


"ම්ම්ම්ම්.."


"අර නිල් දිය පොකුණ කියන තැන ගිහින් තියෙනවද ඔයා මීට කලින්"


"මම ඒ ගැන ඇහුවෙත් මේ සංක අයිය කිව්වට පස්සෙ"


"මොන මැට්ටෙක්ද මංද. පොඩ්ඩක් හොයල බැලුවෙ වත් නැද්ද ඉතින්?"


"මොනා හොයන්නද අනේ. සංක අයියා කියන දෙයක් තමා"


"අනේ මංද මෙහෙමත් එකෙක්. හා හා. වතුර බිව්වද කාල ඉවර වෙලා"


"ආ නෑනෙ. ඕන්නෑ අනේ"


"එහෙම හොඳ නෑ මෝඩයො. කෝ ඉන්න"

කියල ශලනි එයාගෙ බෑග් එකෙන් වතුර එකක් අරන් දුන්න මට.


ඒකෙන් උගුරු දෙක තුනක් ගහනකොටම සංක අයියා කතා කලා අපිට.


"කට්ටියම එන්න එහෙනං. බස් එක ආවලු. අපි නැගල ඉමු. බඩු මුට්ටු ඔක්කොම අරන් එන්න ඈ මතක ඇතුව"


බෑග් ටිකත් අරගෙන අපි සෙට් එකම ආව බස් ස්ටෑන්ඩ් එකට. ටියුශන් පංතියකට යන නංගිලද මංද ටවුම පුරාම බලන බලන තැන සුදු පාට තලෙලු පාට , බ්‍රවුන් පාට , ඊබොනි කලර් කෙල්ලො. බන්ඩාරවෙල ගැම්මක් තමා. ලංකාවෙ අනිත් පැති වලට වඩා සෑහෙන වේරියේශන් වලින් කෙල්ලො හොයාගත්තෑකි බණ්ඩාරවෙලින්. හමේ පාට මොනව උනත් හෙන ලස්සන කෙල්ලො.


##මම බන්ඩාරවෙල නොවන අතර හොරණ ප්‍රදේශයේ වාසය කරන එකෙකි. එහෙත් පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් බණ්ඩාරවෙල නංගිලාගේ සුකුමාල බව මම මනාව දැන සිටිමි.


සංක අයිය පෙන්නපු බස් එකට නැගල ටිකක් වෙලා ඉන්නකොට , බස් එක අද්දන්න ගත්ත. මමයි ශලනි පිටිපස්සෙ තිබ්බ ඩබල් සීට් එකකට සෙට් උනේ. ටවුම පාස් කරන් ආවට පස්සෙ කෙලින්ම හම්බුනේ මහා හෙල්. තේ වවපු ඉඩම් හැමතැනම. හෙල්මලු ක්‍රමය කියන්නෙ ඔය. අන්න ඒ වගේ. වංගුත් තියෙනව නිකං ක්ශුද්‍රාන්තය වගේ.


ඉතින් මෙහෙම පාරක හරි නං හිමින් යන්න එපැයි බස් එකක්. ජීවිත කීයක්ද කියහංකො.


මොන...


ඌට වලිප්පුව හැදිල වගේ ඇක්සලේටරේ පාගගෙනම ඉන්නව දඩාර වංගු වලත්. සමහර වංගු වලදි ස්ටියරින් වීල් එක කරකවන්න කොන්දොස්තරත් යන්න ඕනෙ. අපි සෙට් එකම අමරෙට බය වෙලා. ඒ පැත්තෙ උන්ට නං ගානක් නෑ. උන්ට පුරුදු නිසාද කොහෙද කයිය ගගහ යනව. එලවන එකත් වටපිට බල බල චිල් එකේ යන්නෙ.


ශලනි මගෙ අත අල්ලගන්න කලින් , මම ශලනිගෙ අතින් අල්ලගත්ත. ශලනිටත් ඒකට හිනා වෙන්න සිහියක් නෑ. මහා හෙල පේනකොටත් මට නිකං හයි බ්ලඩ් ප්‍රෙශර් ගතියක් එනව.


මෝල හේශනි නංගි එක්ක පිටිපස්සෙම ශීට් එකේ යන්නෙ. හේශනි නංගි බය වෙලා වගේ ඉන්නෙ. හැබැයි මෝලට ගානක්වත් නෑ. ඌ අවට සිරි නරඹ නරඹ යනව. මේ වගේ වෙලාවක පොඩ්ඩක් හේශනි නංගිගෙ අතකින් අල්ලන් , එයාට ගාඩ් එක දෙන ලුක් එකක් දැම්මොත් හේශනි නගාව ලේසියෙන්ම ටෝක් කරගන්න පුලුවන්නෙ. මේ ගොන් හරකට ඒ ධර්මතාවෙ තේරෙන්නැතුව වටේ පිටේ පස් මහ බැලුම් බල බල යනව.


'යකාගෙ නිවහන' ටුවර් එකට පස්සෙ යන්තන් අපි රිසෝට් එක ගාවින් බැස්ස.


සංක අයියට නං ගානක් නෑ. කලු අයියගෙ මූණෙ හැඟීමක් පේන්නෑ. ඉර එලිය මදිනෙ තාම. අනිත් උන් ටික නං බය වෙලා.


අපි රිසෝට් එක ඇතුලට ගිහින් රිසෙප්ශන් එකත් එක්ක කතා කරගෙන අපිට බුක් කරපු තැනට ආව. ඒක මේන් බිල්ඩින් එකෙන් වෙනම තිබ්බ පොඩි බිල්ඩින් එකක්. ලොකු කාමර දෙකකුයි , බාතෘම් එකකුයි. කොහොමත් අපි කෑම්ප් ගහන්නනෙ ආවෙ. ඉතින් මේකෙ ඉන්නෑ.


සංක අයියා කාමරෙ දෙක බෙදුව ගෑණු පිරිමි කියල. සුපුරුදු පරිදි අපිට හම්බුනේ පොඩි කාමරේ.


කට්ටියම බඩු මුට්ටු ඒ කාමර දෙකෙන් තියල , නිල් දිය පොකුණෙ යන්න ලෑස්ති උනා. මම ඇඳන් ආපු ඩෙනිම ගලවල ශෝටකට බැස්ස. මොකද සංක අයියා කිව්ව මඩ ගොඩක යනව වගේ කියල. ශලනිල මොනව අඳිනවද දන්නෑ. ආවම තමා බලාගන්න වෙන්නෙ.


ඇම්ඩා උගෙ බොටම ගහගත්ත සපත්තු දාල. ඌ ඕනෙ මගුලකට ගහන්නෙ බොටමයි , ඌ ගාව තියෙන නිල් පාට ශර්ට් එකකුයි.


ගෑණු ටිකත් ලෑස්ති වෙලා ආවට පස්සෙ තමා රඟේ දැක්කෙ.


උන් ඔක්කොම ටයිඩ් ජීන්ස් ගහන් ඇවිල්ල. ආයෙ ඉතින් සඳ මෝල්. ශලනි නං පොඩි කාලෙ ස්පෝට් කරන්න ඇඳපු එකද මංද කොට එකක් ඇඳන් ඉන්නෙ. දණහිසෙනුත් පොඩ්ඩක් උඩට.


"මොනාද මෝඩයො ඔච්චර වෙලා බලන්නෙ?"


මම ශලනිගෙ කකුලට , උකුසු ඇහැ දාන් හිටපු නිසා , එයා මගෙ ඔලුවට තට්ටුවක් දාල ඇහුව.


"ආහ් නෑ නෑ මේ. නිකං කොට වැඩි නැද්ද. ඕක... ඒකයි..."


"මොන කොටක්ද අනේ. මට ලේසි වෙන්න මම ඇඳගත්තෙ. ඕන්නං මාරු කරගන්නං ඉතින්"


"නෑ නෑ එහෙම ඕන්නෑ.. මම කිව්වෙ ඉතින් මිනිස්සු එක එක ඒව හිතුවොත් එහෙම"


"මේ ලංකාවෙ මිනිස්සුන්ට ඒකෙන් තොර ලෝකයක් තියෙනවද ගිම්හාන්. හැමතිස්සෙම වෙන කාගෙ හරි වැරැද්දක් හොයන එකනෙ මේ රටේ මිනිස්සුන්ගෙ රස්සාව. එක එකාට ඕනෙ විදිහට මම මොකෝ මගෙ ඇඳුම් අඳින්නෙ"


"හරි හරි මේ.. මම නිකං කිව්වෙ. හෙ හෙ"


"සපත්තු දෙක දාගන්න ගිම්හාන්. ඒකෙ ලිස්සනවලු. නැත්තං නිකං එන්න. සෙරෙප්පු දාන් යන්න එපා"


ශලනි කිව්වෙ මම දාන් හිටපු පොල් ගහ ලකුණ සුපිරි සෙරෙප්පු දෙක දිහා බලාගෙන.


"මගෙ සපත්තුව ලිස්සනව ඔක්කොටම වඩා. මම එහෙනං නිකං යන්නං. එතනින් සෙරෙප්පු ගලවන්නං. හානෙ"


"හා හා කැමැත්තක්. දැන් යමු නේද?"


සංක අයියා ඇවිල්ල අපි සෙට් එකටම හෙන ගයිඩ් එකක් දුන්න. මෙහෙම කරපං , අරම කරපං , මේව එපා , අරව එපා කිය කිය. මැද්දෙන් මැද්දෙන් කලු අයියත් පැනල එක එක ඒව ඇඩ් කලා.


ලෙක්චර්ස් එක ඉවර උනාට පස්සෙ අපි සෙට් එක පිටත් උනා. නිල් දිය පොකුණ තිබ්බෙ අපිට හම්බුනු බිල්ඩිම ගාව ඉඳන් කිලෝමීටර් දෙකක් විතර එහායින්. ඉතින් පයින්ම තමා ඇවිදන් යන්න උනේ.


අන්තිම හරියට එනකොට නං කකුල් නෑ. එවරස් කන්ද බාගෙට තරණය කරල , ජැකට් එක අමතක වෙලා ආපහු බැස්ස වගේ.


නිල් දිය පොකුණ කියන්නෙ බං පොලව ඇතුලෙ තියෙන හෙන පතරංග ගුහාවක්. ඉස්සර රාවණා රජ්ජුරුවො මේක අස්සට වෙලා ඉඳිය කියලත් කියනව. පොකුණ තියෙන්නෙ අපි ගුහාවට එන්ට්‍රන්ස් වෙන තැන ඉඳන් කිලෝමීටරයක් විතර දුරින්. අඩි පනහක්වත් පොළව යටට යන්න තියෙනව.


##අත්දැකීම් ඇසුරෙන් ලියනව විනා සත්‍ය සංඛ්‍යාලේඛන ඇසුරෙන් ලියන ලද්දක් නොවේ.


ඉතින් මුලින්ම ගුහාවට ඇතුල් වෙනකොට තිබ්බ ආතල් එක එක පාටම නැති උනේ නිකං මහා හෙල වගේ ගුහාව දකිනකොට.


ශලනිල නං ගානක් නෑ වගේ කියෝ කියෝ ගියා.


මමයි නාලකයයි දෙන්නම පණ බයේ , සංක අයියගෙ දෙමව්පියන්වත් මතක් කර කර අත් කකුල් හතරෙන්ම බඩගාගෙන ඒ ගැටි උඩින් ආව. මොකද ලිස්සුවොත් එහෙම අපි ලෙප්ට්. අඩි පනහක් විතර යටින් හම්බෙන්නෙ ආපහු.


ඔය සර්ච් කරල බලහන් නිල් දිය පොකුණ කියල. දළ අවබෝධයක් ලැබෙයි එතකොට.


ගල් උඩින් , කඳු උඩින් ගිහිල්ල අන්තිමට අපි ආව පොකුණ ගාවට. මෙලෝ ලබ්බක් පේන්නෑ. කට්ට කලුවරයි. එන්ට්‍රන්ස් එක ගාවින්ම අපිට ටෝච් දීපු නිසා යන්තන් ආවෙ පණ නොනැසී.


වස්ත්‍ර ඉරාගෙන පශ්චාත් භාග බිම උලාගෙන ආවට , අන්තිමට පොඩි පොකුණක් ඇරෙන්න වෙන මුකුත් නෑ. කට්ටිය ටිකක් වෙලා ඒකෙ බැහැල ඉඳල ආපහු උඩට ආව. මම නං දෙයියො බුදුන් සිහි කර කර ආවෙ. නාලකය නං හිමීට කොඳුරනව 'ඕකගෙ අම්....' කිය කිය.


විනාඩි විස්සකින් විතර අපි ආපහු උඩට ආවෙ ශෝට් කට් එකකින්. ගයිඩ් කෙනෙක්නෙ අපිව එක්ක ගියේ.


එලියට ආපු ගමන් මම පුලුවන් තරන් එතනින් එහාට වෙලා බිමින් වාඩි උනා ගිහිල්ල. මගෙ ඇඟත් ගැහෙනව බයට. ශලනිලට නං ආතල් වගේ. හෝ ගාල කියවනව.


"මොකෝ මෝඩයො මේ. බිම ඉන්න එපා.... නැගිටිනවා..."


ශලනි මං ගාවට ඇවිල්ල , මගෙ අතකින් අල්ලල උඩට ඇද්ද.


"අනේ.... බෑහ්.... හම්මෝ.... බයයි... වතුර.... පොඩ්ඩක්.... හම්මේ..."


"මේ ඇයි මේ. කෝ ඉන්න වතුර එකක් ගේන්නං මං"

කියාගෙන ශලනි ගියා.


නාලකයත් දණහිස් දෙකට බර වෙලා ඇස් ලොකු කරන් වේගෙන් හුස්ම ගන්නව.


"මොකෝ බං උඹල දෙන්න නිකං හොල්මනක් දැක්ක වගේ. රාවණාවත් හිටියද ඇතුලෙ ඈ.."


සංක අයියල එක්ක ආපු ඇම්ඩයි මෝලයි , මමයි නාලකයයි බය වෙලා හති අරිනව දැකල අපෙන් ඇහුව.


"නෑ නෑ... අවුලක් නෑ...."


"උඹල ඕවටත් බයද බං. ඉඳකින්. ගෑණු ටිකත් ශෝක් එකට ගිහින් ආව"


"මේ... මරණ මංචකයෙ ඉන්න මාව අලුගෝසුවෙක් කරගන්නැතුව ඵල යන්න මෙතනින් , පොඩ්ඩක් නිදහසේ ඉන්න දීල..."


උන් දන්නෑනෙ මගෙයි නාලකයගෙයි තත්වෙ.


ටිකකින් ශලනිත් ආව වතුර බෝතලයක් උස්සන්.


"කෝ බොන්න ආ. අයියෝ දාඩියත් දාල. මෙච්චර මඩ ඇයි මේ. ඔයාල බඩගාන් ආව වගේනෙ නිකං"


බඩගාන්නැතුව නිකං ගලා එන්න තිබ්බ නං , අම්මප එහෙම එනව. මල මගුල.


ශලනි මට වතුරත් පොවල ඉතුරු ටික නාලකයට දුන්න. උගෙ අත් දෙක ගැහෙනව.


"ගිම්හාන්. ඇයි මේ..."


"ම.... මම බයයි ඕවට"


"ඉතින් දෙයියනේ නොගිහින් ඉන්න එපැයි"


"ඔ... ඔයා ගියානෙ..."


"අනේ මෝඩයා. කෝ නැගිටින්න. මාත් එක්ක යං දැන් හානෙ.."


"හ... හා..."


මෝල ඇවිල්ල නාලකයවත් ඇදල ගත්ත. අපි ටිකක් වෙලා ගිමන් ඇරල ආපහු රිසෝට් එකට එන්න පිටත් උනා. බයට මගෙ කකුල් දෙකත් ලොක් වෙලා. ශලනි ළඟ ඉන්න නිසා එයාගෙ අත් දෙක මිරිකන් ආවෙ ටිකක් දුර එනකං.


ඒ අස්සෙ සංක අයියා ඇවිල්ල මට කතා කලා.


"මල්ලි උඹට අවුලක් නෑනෙ. රිසෝට් එකට ගිහින් පොඩ්ඩක් වෙලා නිදාගනින්. එතකොට හරි යයි"


මෙන්න මූ ඒ පාර සාමයේ දූතයා වෙලා. අපිව අර අපායක් වගේ හෙලක් අස්සට ගෙනිහිල්ල දැන් කියනව පොඩ්ඩක් නිදාගනින්ලු. මොකක්ද දන්නෑ මුට එකපාරටම හැදුනු වෙස් පෙරලිය.


"නැ.. නෑ අයියෙ අවුලක් නෑ. "


"එල එල"

කියාගෙන සංක අයියා නාලකය ගාවටත් ගියා.


නාලකයට හොඳ සිහියට ඇවිල්ල තිබ්බ නං සංක අයියගෙ හොක්ක තලනව. ඇයි බං ඉතින් , අඩු ගානෙ කියන්නවත් තිබ්බ මෙහෙම හෙලකට එක්කන් යන්නෙ , වැඩේ භයානකයි කියල. නිල් දිය පොකුණක් කිව්වම මම හිතුවෙ පාරක තියෙන වැහි වතුර පිරෙන මඩ වලක් වගේ ඇති කියල.


පොකුණ නං නිල් පාට නෑ. හැබැයි අපිට නං ශොට් එක හම්බුනා නිල් වෙන්නම.


කට්ටියම ආපහු රිසෝට් එකට එනකොට දවල් වෙන්නත් ඇවිල්ල. හැබැයි මහ ලොකු අව්වක් නෑ. හීතලයි තාම.


අපි , අපිට හම්බුනු කාමර ගාවට ඇවිල්ල ගිමන් ඇරියා. ශලනි මාත් එක්කම ඇවිල්ල තණකොල ගොල්ලෙන් වාඩි වෙලා හිටිය. අනිත් උනුත් තැන් තැන් වලට වැටිල හිටිය.


"කෝ කස්ටියම එන්නලා. අපිට කෑම ගේනව කිව්ව විනාඩි දහයකින්. මූණ කට හෝදන් එමු. හවසට නාගන්න යමු පහල ඇලක් තියෙනව. දැනට අත් කකුල් හෝදගන්න."


සංක අයියා ආපහු පටන් ගත්ත මිනිහගෙ අණ දෙන නිලධාරී වෘත්තිය.


කට්ටියම සංක අයිය කියපු නිසා , එලියෙ ටැප් එකකින් මූණ කට හෝදගත්ත. මගෙ නං ඇඟම පිහිදැම්මෙ ශලනි. එයා ලේන්සුවක් අරන් මගෙ මූණයි බෙල්ලයි කකුල් දෙකයි අත් දෙකයි ඔක්කොම පිහිදැම්ම. අනිත් උන්ට ඊරිසියාවෙන් වගේ බලන් ඉන්නව.


මූණ කට හෝදගෙන ඇවිල්ල වාඩි වෙලා ඉන්නකොට ඩයල් එකක් ආව බත් මුල් දහයක් අරගෙන.


උදේ ඉඳන්ම හිස් බඩ හිටපු අපි , ඒක දැක්කෙ නිකං , කාන්තාරේ පතොක් ගහක් වැස්ස දකිනව වගේ.


උඩපැනගෙන ගියාට මට කන්න හම්බුන්නෑ කියහංකො. ශලනි මගෙ අතින් අල්ලන් එහාට ඇදල කතා කලා.


"ආ.... නෑ නෑ... මෙහෙ එනව. ඔය ජරාව පිටින් කන්නෑ. නියපොතුවත් කපල නෑ.... ඉන්න මම කවන්නං. අරහෙන් වාඩි වෙලා ඉන්න"


"අනේ බඩගිනී"


"කමක් නෑ. අරහෙන් වාඩි වෙලා ඉන්න. ඔහොම කන්න හොඳ නෑ ගිම්හාන්"


"හා හා ඉක්මනට අරන් එන්න...."


මම මූණ බුම්බගෙන ඇවිල්ල වාඩි උනා හිටපු තැනින්ම. ශලනි බත් මුල් දෙකක්ම අරන් ඇවිල්ල එකක් ලිහල මට කවන්න ගත්ත.


"කෝ කට අරින්න... "


"ආ......"


"අපෝ... කටේ හැටි.... පොඩ්ඩක් අරින්න... මාව ගිලින්න නෙවේ"


"නරකයා"


"කවුද?"


"ඔයා..."


"අනේ... ස්වීටියා"

කියල ආපහු පාරක් ශලනි මගෙ කම්මුලෙන් අල්ලල මිරිකුව.


මෝලයි නාලකයයි එකට කනව. මෝලගෙ එහා පැත්තෙ ඉඳන් හේශනී නංගි කනව. ඇම්ඩා , රශ්මි එක්ක කනව. සංක අයියයි කලු අයියයි , මේනකා අක්කයි , චතුමි අක්කයි එකට කනව මේසෙ උඩ.


වැඩිහිටියන්ට මුල් තැන.


කරන කෙහෙල් ලෙල්ලක් නීතියට කරනව අපේ උන්.


කාල බීල ඉවර වෙලා එහෙම්ම අපි පහල තියෙනව කියපු ඇලට ගිහින් නාගත්ත. නාල කරල ආපහු අපේ කාමර වලට ඇවිල්ල ටිකක් රෙස්ට් කලා. හවසටනෙ කෑම්ප් ගහන්න යන්නෙ.


හයයි තිහ වගේ වෙනකොටම රිසෝට් එකෙන් ගයිඩ් කෙනෙක් එව්ව අපිව එක්කන් යන්න.


අපි රෑට අඳින ඇඳුම් අනං මනං ඇඳගෙන , පොරවන රෙදි අරගෙන ලෑස්ති වුනා. මෝලත් අර සයිඩ් බෑග් එක ගත්ත කරට. කරටි කැඩෙනකං ගැහිල්ලක් තමා.


අර ගයිඩ් කාරය අපිව එක්කන් ගියේ පත කන්දක් දිගේ. උඩට ගිහිල්ල ගිහිල්ල අන්තිමට ආව එලිමහන් තැනකට. කන්ද උඩ. එතන ටෙන්ට් ගහන්නම හදපු තැනක්. බාබකිව් දාන්න වෙනම ග්‍රිල් එකකුයි , ලෑලි ගහල හදපු තට්ටුවකුයි , සෑහෙන ඒව තිබ්බ.


සංක අයියගෙයි අර ගයිඩ්ගෙයි උපදෙස් පරිදි අපි ටෙන්ට් ටික දිගෑරල ගහගෙන ගහගෙන ගියා ටෙන්ට් ඔක්කොම පහක් තිබ්බ. දෙන්න ගානෙ ඉන්න.


ටෙන්ට් ගහල ඉවර වෙලා අපේ බඩු මුට්ටු ටික ඒව ඇතුලෙන් තියල කට්ටිය බැස්ස එලියට. බාබකිව් පාටිය දාන්න. මම නං මෙලෝ හත්තිලව්වක් දන්නෑ ඒ ගැන.


"ඒ ගිමා. අරූ බාබකිව් එක හදනකං අපි ගහමුද?"


මෝලා සේපට කණට කරල ඇහුව.


"ඒ පිස්සුද. ශලනි දැක්කොත් එහෙම. දැක්කනෙ කැහි කූර ගහල වෙච්ච දේ කෝච්චියෙදි"


"පොඩ්ඩක් හිටහං ඕකට වැඩක් තියෙනව කරන්න"

කියාගෙන මෝල , ශලනි දිහාට ගියා.


මූ ශලනිට ක්ලෝරෆෝම් වත් අල්ලන්න යනවද.


ශලනි ගාවට ගිය ගමන් මේකා කියපි,

"ශලනි අක්කෙ. ගිමා , උට පොඩ්ඩක් බොන්න අවසර ඉල්ලනව. අවසර ලබා දෙනවද?".


මම විතරක් නෙවේ... අපේ සෙට් එකම මෝලා දිහා බැලුවෙ දරුණු ත්‍රස්තවාදියෙක් දිහා බලනව වගේ.


මොන මොලේ නැති වැඩක්ද ඒ කලේ.


ශලනිත් මං ගාවට ආව ඊට පස්සෙ ඇස් දෙකත් පොඩි කරන්.


"මොකක්ද ඒ කතාව?"


"නැ... නෑ මේ... පොඩ්ඩක් බිව්වට කමක් නෑද කියල අහන්න... හෙ හෙ..."


"මොනවද?"


"මෙ මේ... අර ඇල්කොහොල් කියන්නෙ. අන්න ඒව"


ශලනි ඒ ගමන් පොඩි හිනාවක් දාගෙනම,

"ආ යමු යමු. මං ගාව ඉඳන් කරන් එකක් ඈ. මම නවත්තන්නං ඇති උනාම" කිව්ව.


ඈහ්.....


"හෙ හෙ. ඔයත් එනවද?"


"ඔව් ඇයි අවුලක් නෑනෙ. පොඩ්ඩයිනෙ ඔයා බොන්නෙ. මට කිව්ව අමිශ්කල , කෝච්චියෙ එන ගමන්"


මුන් මගෙ පට් අන්දරේ ගිනි තියල වගේ.


ශලනිට තියෙන බය නිසාම මන් එයාවත් එක්කන් ගියා. කලු අයියත් ආව අඩියක් ගහන්න. ඌව හොයාගත්තෙ ඌ ඇඳන් ඉන්න ශර්ට් එක නිසා.


කූඩාරම් ගහපු තැන තිබ්බ ලොකු ෆ්ලැට් ගලක් උඩින් බෝතල් ටිකයි බියර් ටින් ටිකයි කෝප්පයි ඔක්කොම තිබ්බ. ශොට් එක පටන් ගත්තම බාබකිව් හම්බෙයිනෙ. එතකොට බයිට් එකත් සරෙන්ඩර්.


ශලනි මගෙ උකුල උඩින් වාඩි උනා පැත්තට. රශ්මිත් ඇවිල්ල ඇම්ඩ එහා පැත්තෙන් වාඩි උනා.


ශලනි බියර් නං බොනව. එයා බියර් ටිකක් අරගෙන , ඒකත් ස්ප්‍රයිට් දාල සැන්ඩි කරනව දැකල මෝලට පිටිපස්සෙනුත් හිනා.


පැය දෙකක් විතර තිස්සෙ බාබකිව් පාටිය ගියා. සංක අයිය නං ඕව කටේ තියන්නැති උනත් අපි එක්ක වාඩි වෙලා කයිය ගහන්න ආව.


අන්තිම හරියෙ නං මට සිහියකුත් නෑ මොනා වෙනවද කියල.


කවුද මගෙ පපුවෙනුයි පිටෙනුයි අල්ලන් වත්තම් කරගෙන , කූඩාරමක් ඇතුලට යනව විතරයි මතක.


මතු සම්බන්ධයි...

Report Page