උන්මාදේ ッ

උන්මාදේ ッ

19

දහනවවන කොටස

මතකනෙ. ශලනි එක්ක ලාවට ටෝක දැම්ම. අන්තිමට අපි කෝච්චියට නැගල ඉන්නකොට , කෝච්චිය පිටත් උනා.


කලින් කොටසට




කෝච්චිය ස්ටේශමෙන් අද්දනකොට නං මාර ගැම්මක් ආවෙ හිතට. මමයි නාලකයයි ඇම්ඩයි මෝලයි හතර දෙනාම ෆුට් බෝඩ් එක ගාව බිම වාඩි උනා. මොකද පැය 12ක විතර ගමනක්නෙ. මුල් හරිය උද්‍යෝගයෙන් හිටියට රඹුක්කන හරියට වගේ යනකොට , කෝච්චිය කියන සංකල්පය හොයාගත්ත උන්වත් තිත්ත වෙන සයිස් එකට එනව.


නාලකයයි මෝලයි දෙන්න බෝඩිමේ ඉඳන්ම මොකක්ද මංද සයිඩ් බෑග් එකක් එල්ලන් ආවෙ මාරුවෙන් මාරුවට. උන් ඒක , එක තත්පරේකටවත් බිමින් තිබ්බෙත් නෑ. වෙන කාටවත් දුන්නෙත් නෑ. උන්ගෙ ගමන් මලු වලටත් වඩා ඒක ආරක්සා කලා ඩබල.


ශුවර් එකටම නීති විරෝධී මගුලක්. හනේ ඉතිං, අපි නොදන්න මොණරතැන්න.


කුතුහලේ නිසා මම ඇහුව නාලකයගෙන්.


"නාලකයො. මොනාද බං ඔය බෑග් එකේ. උඹල නිකං ජීවිතේ පරදුවට තියල වගේනෙ ඕක බලාගන්නෙ බෝඩිමේ ඉඳන්ම"


නාලකයයි මෝලයි මූණට මූන බලන් කුප්ප කුපාඩි තිරිසන් හිනාවක් දැම්ම.


"මේ... ගෑණුන්ට කියන්න එපා. සංක අයියටවත් එපා ඈ. මේක අපේ කාමරේ උන්ගෙ බඩු ලැයිස්තුව"


"ඒ කිව්වෙ"


"ඉන්නකෝ..."

කියාගෙන නාලකය ඒ බෑග් එක උකුල උඩින් තියන් ඇරල පෙන්නුව ඇතුල මට.


මෙරෙ සපුනොකෙ රනෙකබු ආයෙ කිතු...

ලේනා ජම්බු ගහේ ආයේ නගී.. ආයේ බසී...


කෙලිනව තාප්පෙටම.


බෑග් එක ඇතුල නිකං මත්ද්‍රව්‍යය නිවාරණ කාර්යාංශෙ ගබඩාව වගේ. ටිශූ වලින් ඔතපු බෝතල් තුනකුයි , බියර් ටින් හතරයි , ලයිටර් දෙකකුයි , සිගරට් පෙට්ටි තුනකුයි , බීඩි මිටියකුයි , සෙවනගල ඉම්පෝටඩ් කැට හයයි , ස්ප්‍රයිට් බෝතල් දෙකයි.


"පිස්සුද යකෝ උඹලට. ට්‍රිප් එක දවස් දෙකයි ඉන්නෙ. සති දෙක තුනක් යන්නෑ"


මම මෝලා දිහා බලන් කිව්වෙ චකිතෙකින් වගේ. මොකද මෙච්චර බඩු අපි හතර දෙනෙක්ගෙ ශරීරෙකට කොහොම දරාගන්නද.


"හරි හරි බං. දැන් කෝච්චියෙ පැය දොලහක් දහතුනක් අමුවෙන් යන්න බෑනෙ. සේපෙ මේකෙත් ගහමු. ගිහිල්ල රෑටත් ගහමු. දවාලටත් ගහමු. ඕව හිතන්න ඕන්නෑ. කොච්චර තිබ්බත් මේක මදි වෙනව ඔන්න බලහන්කො"


මුන් ආතල් එකේ කියෙව්වට , ශලනි දැනගත්තොත් එහෙම අදත් මගෙ වම් පැත්තෙ කණට තමා ශොට් එක හම්බෙන්නෙ.


වෙන වෙන උන් ට්‍රිප් යන්නෙ ලස්සන තැන් බලන්න , පොටෝ ගහන්න , හිතේ සතුටට , සංචාරය කරන්න , ඇවිදින්න වගේ ඒවටනෙ. අපේ උන් ට්‍රිප් යන්නෙ , යන්න කලින් බොන්න , යන ගමන් බොන්න , අතන ගිහින් බොන්න , මෙතන ගිහින් බොන්න , රෑ නැවතිලා ඉන්න තැන බොන්න , එන ගමන් බොන්න , ඇවිල්ල බොන්න.


ඉතින් ට්‍රිප් එක ගියේ කොහෙද කියලවත් දන්නෑ සමහර වෙලාවට.


කෝච්චිය කොටුවෙන් අද්දල පැයක් විතර යනකොට මට ශලනිගෙන් මැසේජ් එකක් ආව එයාල ගාවට එන්න කියල.


ඉතින් මම නැගිටල කෝච්චි පෙට්ටිය ඇතුලට ඇවිත් ශලනියි චතුමි අක්කයි ඉඳන් හිටපු සීට් එක ගාවට ආව. මම ආපු ගමන් ශලනි කතා කලා.


"ගිම්හාන්. අනේ සීට් එක ඕනෙද. කකුල් රිදෙනවද?"


"නෑ නෑ අපි ඉඳගෙන යන්නෙ දොර ගාව. එහෙම අවුලක් නෑ"


"පරිස්සමින් හරිද. වැඩිය අතපය එලියට දාන්න යන්න එපා හොඳද"


"ඕකේ මැඩම්"


"වතුර එහෙම ඕනෙද."


"දැන්ම ඕන්නෑ. වතුර තියාගන්න. ඉවර කරන්න එපා. තව ඉස්සරහට යනකොට ඕනෙ වෙන්නෙ."


"හරි එහෙනං. ඔයාට කන්න මොනා හරි ඕනි නං කියන්න. මම පාන් ටිකක් රෝස්ට් කරන් ගෙනාව"


"ආහ් හරී."


"ඕනෙ වෙලාවක කියන්න හරිද සීට් එක ඕන්නං"


"ඕකේ.... ඔයාට මොනා හරි ඕනෙ උනොත් මට මැසේජ් එකක් දාන්න ඈ"


"හරි ගිම්හාන් පරිස්සමින් ඔතන ඉන්නෙ."


"හරි අයියෝ"


ශලනි මාත් එක්ක තරහයි කිව්වට තාම මං ගැන හිතනව. ගැම්මක් තමා. තාරුකා අක්ක ගැන ඒ උනාට මට පොඩි දුකක් තිබ්බ හිතේ. මොනා උනත් අපිත් මිනිස්සුනෙ. මොබිටෙල් වගේ එකම එක සබැඳියාවක් තියාගෙන ඉන්නෙ ඕනෙ හැමෝම එක්ක.


ආපහු මම ඇවිල්ල දොර ගාව බිමින් වාඩි උනා. ඒ ටිකට මෝලා ගිහිල්ල එතන හිටපු අනිත් කොල්ලො සෙට් එකගෙන් කාඩ් පැක් එකක් ඉල්ලන් ඇවිල්ල හෝ ගාල කුට්ටම අනනව.


"වාඩි වෙයන් ඉක්මනට. ආ ඉඳා... කුට්ටම කපහන් උඹ"

කියාගෙන ඇම්ඩා මාව ඇදල ගත්ත බිමට.


මෝලා ජූස් බාර් එකේ වැඩ දානව වගේ කුට්ටම කරකෝල අරගෙන අනනව ඇනිල්ලක් , අපේ අම්ම මට පොඩි කාලෙ බත් කවනකොටවත් එහෙම අනල නෑ බත් එක.


කුට්ටම අරගෙන කැපුවට පස්සෙ නාලකයට සෙට් උනේ තුරුම්පු කියන්න.


"රතු කිරිබත් කෑල්ල අටේ කොලේ"


මමයි මෝලයි ඇම්ඩයි තුන් දෙනාම බැලුව නාලකය දිහා. ඌ සැකෙන් වගේ කතා කලා මට.


"මොකෝ සීන් එක."


"ආපහු පොඩ්ඩක් කියපං"


"රතු පාට කිරිබත් කැටේ බං. අර තියෙන්නෙ. මෙන්න මේක"

කියල ඌ උගෙ අතම පෙන්නුව.


"උඹට කියන්න ඕනෙ උනේ රුවිත කියලද?"


"එහෙම නං මම දන්නෑ. මෙන්න මේක"


ඇම්ඩයි මෝලයි සැනසුම් සුසුම් පිට කෙරුව.


මම ඒත් සැක හැර දැනගන්න නාලකයට කතා කලා.


"උඹ ඕමි ගහන්න දන්නවද?"


"ඔව් ඔව්. හතර දෙනාම කාඩ් හතරක් දානව. ලොකු කාඩ් එක තියෙන කෙනා දිනුම්"


"එච්චරයිද?"


"ඔව් ඇයි"


මම ඒකට මුකුත් කියන්නැතුව මෝලා දිහාට හැරුනා.


"ඒ බං මෝලා. මේ පැක් එක හදල අරුන්ට දිහන් ආපහු. අවුලක් නෑ. වෙන සෙල්ලමක් කරන්න බලමු"


ඇම්ඩටයි මෝලටයි හිනා. නාලකයත් නෝන්ඩි උනා කියල මීටර් වෙලා අපි දිහා සේපෙ බලනව.


මුන් ඉන්නෙ නං නිකං සිංහලයාගෙ ජාතික සත්වයා වගේ. හැබැයි ඕමියක් ගහන්න දන්නෑ.


ආතල් කුඩු කරපු එකට නාලකයට බැන බැන අපි ආපහු ලාවට කයියක් ගහන් ආව. කෝච්චියත් යනව නෙවේ බඩගානව. එන්ජිමට ලුණුකැඳ ගහන් යනවද කොහෙද.


"ගිමා..."


නුවරට කිට්ටු වෙලා මෝලා මට කතා කලා. ඒ වෙනකොටත් රෑ එකොළහට විතර වෙලා.


"කියහං බං"


"මේක කඩමුද. සීතලයි වගේ දැන් නං"

කියල මෝලා මට උන්ගෙ සයිඩ් බෑග් එකේ තිබ්බ සිගරට් පෙට්ටියක් පෙන්නුව.


"පොඩ්ඩක් ඉඳහන්. ශලනිල නිදිනං ගහමු. අවධානමක් ගන්න බෑ"


"බලල වරෙන්"


මම නැගිටල සේපට ගිහින් බැලුව. චතුමි අක්ක පාත් වෙලා නිදි. ශලනි , චතුමි අක්කගෙ පිටට ඔලුව තියන් නිදි. සංක අයියා පොතක් කියවනව. හේශනි නංගියි , රශ්මියි ෆෝන් වල. කලු අයියා නං මොනා කරනවද කියල පේන්නෑ. කහ පාට ශර්ට් එකක් හෙල්ලෙනව විතරයි පේන්නෙ.


ඉතින් මම ගිහිල්ල අපේ උන්ට නිව්ස් එක දුන්න. නිව්ස් එක දීපු ගමන් මෝලා ලයිටරේකුයි සිගා පෙට්ටියකුයි අරන් ලෑස්ති උනා.


අපි හතර දෙනා දොර ගාව සුවඳ දුම් පූජාව පටන් ගන්නව කියල ඉවෙන් වගේ තේරිලාද මංද , අපිට එහා පැත්තෙ හිටපු කොල්ලො ටික අපිව වෝනින් එකක් දුන්න.


"අයියෙ අයියෙ. යනගමන් ඔතන ගහන්න එපා. පිටිපස්සට දුම යනව. මිනිස්සු කේස් අදී. ස්ටේසන් වලින් නැවැත්තුවම ගහන්න"


"හම්මටසිරි ඒමත් කේස් එකක්ද?"


"ඔව් ඔව්. නුවරින් නවත්තල තියෙනවනෙ විනාඩි තුන හතරක්. එතකොට අදින්න"


ඒ කොල්ලො ටිකටත් ස්තූතී කරල අපි නුවර ස්ටේශන් එකෙන් නවත්තනකං බලන් හිටිය.


නුවර ඉඳන් වටගොඩ හරියට එනකංම අපි හතර දෙනා දුම් පූජාව කලා , නවත්තන නවත්තන හැම ස්ටේශන් එකේම. අර කොල්ලො ටිකත් එක්කත් ශෙයාර් කරගෙන පාඩුවෙ ගගහ ආව. ඒ උනාට වැඩේ චොර වුනේ රදැල්ල ස්ටේශන් එකෙන් නවත්තපු වෙලාවෙ.


මේකයි උනේ.


මම කෝච්චිය නැවැත්තුවට පස්සෙ , ඒකෙන් බැහැල කැහි කොටේ කටේ තියාගෙනම , එක්දාස් නවසිය ගනන් වල ෆිල්ම් වල හිටපු වීරය වගේ දුම ඇද ඇද හිටිය.


මගෙ පණ්ඩිතකමයි මෝඩකමයි එකට ප්‍රතික්‍රියා කරලද මංද මම සිගරට් කොටේ ඇද ඇදම ස්ටේසන් එකේ තිබ්බ ටැප් එක ගාවට ඇවිදන් ගියා ඉස්සරහට.


මට මීටර් උනේ නෑ , ශලනිල ඉඳපු පෙට්ටිය පහු කරන් මම මේ යන්නෙ කියල. ඉතින් පොර වගේ ඇවිල්ල සිගරට් කොටේ ඇදල ෆිල්ටර් කෑල්ල බිම දාල පාගල මූණ හෝදන් කෝච්චිය දිහා බැලුව.


ශලනි ඇස් දෙක ලොකු කරගෙන ජනේලෙන් මං දිහා බලන් ඉන්නව.


එතකොටත් පරිසරේ අවට හීතල වෙලා තිබ්බෙ. ඒ උනාට ශලනිගෙ බැල්ම නිසා මගෙ ඇඟේ අභ්‍යන්තර උශ්ණත්ව අඩු වෙලා ඇඟ තවත් හීතල උනා ලෙසටම.


මම පට ගාල ආපහු දොර ගාවට ගිහිල්ල කෝච්චි පෙට්ටියට නැගල මෝලට කතා කලා


"ඕයි ඕයි. ශලනිට මාට්ටු. ඉක්මනට බඩු ටික හංගපං. ඕව පේන්න තියන්න එපා. දැන් එයි තව ටිකකින්."


"උඹ මහ තිරිසන් සතෙක්නෙ ඕයි. ආතල් එකේ ආපු එක."


"ඒව පස්සෙ බලමු යකෝ. දැන් ඕව හංගපන් ඉක්මනට"


මම මෝලට සීන් එක කියන අතරෙ ශලනිගෙන් කෝල් එකක් ආව. බයෙන් බයෙන් වගේ ඒක ආන්ස්වර් කලේ මං.


"හෙ.... හෙලෝ ශලනි..."


"වහාම එනව මං ගාවට. හැක්ස් කාල අනං මනං නෙවේ. මේ දැන්... මේ දැන්ම තමුන් මං ඉන්න තැනට එනව."

කියල බකස් ගාල ෆෝන් එක තිබ්බ.


මටත් හොඳ ටොනික් මූඩියක් ආපහු සෙට් වෙන්න තමා යන්නෙ කියල හිතන් , මේ තුන් ලෝකෙ ඉන්න අහිංසකම, පිරිසිදුම සත්වයා වගේ මම ශලනි ගාවට ගියා. එයා පිටිපස්ස බලං හිටියෙ සීට් එකේ වාඩි වෙලා.


මම ශලනි ගාවට ගියාට පස්සෙ ශලනි මගෙ කමිසෙන් අල්ලල , ඇදල ගත්ත ළඟට.


"කෝ පාත් වෙනව"


"අ.... අනේ... මිනිස්සුත් ඉන්නව"


"කිව්වම පාත් වෙනව ගිම්හාන්..."


නිකං ඩැහි අඬුවට අහු උන ලූණු බිබික්කම වගේ මං දැන්.


ශලනි සැර කරපු නිසා එයා ගාවට මූණ පාත් කලා මං.


"පිඹින්න දැන්"


"ඒ කිව්වෙ?"


"බබෙක් වෙන්න එපා ගිම්හාන් දැන්. පිඹින්න... මේ දැන්ම.."


මම පූහ්හ්හ් ගාල පොඩියට හුළං පාරක් පිම්බා එයාගෙ මූණට.


"කීයක් ගහලද ඉන්නෙ ඔය?. එකක් නං වෙන්න බෑ. මෙච්චර ගඳක් එන්නෙ නෑනෙ නැත්තං. ඇත්ත කියන්න කීයක් ගැහුවද?"


"හෙ හෙ. දෙක තුනක් වගේ තමා ඉතින්"


"බොරු නං කියන්න එපා. හය හතක් වත් ගැහුව නේද කියනව"


ශලනි කොහොමද යකෝ එච්චර ඒව දැනගත්තෙ මේ එක හුළං පාරෙන්.


"ඔ... ඔව් මම හිතන්නෙ"


"තමුන්ටත් ඕනෙ තාරුකා අක්කට උනා වගේ ඕව පණ නැති කරගෙන ජීවත් වෙන්නද?. ළමයි එහෙම ඕන්නැද්ද?. ඒකද මේ ආතල් ගන්නව කියල ඕව කරන්නෙ"


ශලනි මට බනින දිහා චතුමි අක්ක හිනා වෙවී බලන් ඉන්නව. අල්ලපු සීට් වල උනුත් මං දිහා බලන් ඉන්නව.


කොර පීපල් මම එතන.


"දැන් යනව. ආපහු කටේ තියන්නෑ. සැරින් සැරේ ඇවිල්ල පිඹින්න ඕනෙ. හරිද"


"හ... හා ශලනි"


එයා වෙන මුකුත්ම නොකිය ඊට පස්සෙ අහක බලාගත්ත. මමත් ඉතින් , වටේ පිටේ මම බැනුම් අහනව බලන් හිටපු උන්ට කින්ඩි හිනාවක් දාල , ආපහු දොර ගාවට ගිහින් වාඩි උනා. වාඩි වෙලා අපේ උන්ටත් කිව්ව සිද්දිය.


රශ්මි නං ඔය කේස් දාන්නැති නිසා ඇම්ඩට ගානක් නෑ.


එතනින් පස්සෙ ඒ ආතල් ඉවරයි. නාලකය නං නිදි. ඌව දොරෙන් එහාට කරල අල්ලගෙන අපි තුන් දෙනා පිස්සු කියව කියව ආව.


පැය කාලකින් විතර මගෙත් ඇස් පියවෙන්න වගේ ආව. ඇම්ඩයි මෝලයි පස් මහ බැලුම් ගැන ආචාර්ය මට්ටමේ කථිකාවක් කරනව එලිය බලාගෙන.


ටිකකින් මම ගැස්සිලා ගියේ මගෙ උරහිසට කවුරු හරි තට්ටු කරනව ඇහිල.


මං ඇස් දෙක ඇරල උඩ බැලුව. ඒ ශලනි. එයා මං ගාවට පාත් වෙලා කතා කලා.


"නිදිමතද? ම්ම්ම්ම්"


"ටිකක් විතර. අවුලක් නෑ. ඔයා වාඩි වෙන්න ගිහිල්ල."


"මං සීට් එක දුන්න අම්ම කෙනෙක්ට. හිටගෙන ආවෙ නුවර ඉඳන්ම"


"ආහ්. ඔයා වාඩි වෙන්නෙ කොහෙන්ද දැන්?"


"මෙතනින් ඉන්නං කමක් නෑනෙ"


"ආ පොඩ්ඩක් ඉන්න"

කියල මම නාලකයව අල්ල එහාට ඇදල දැම්මා.


බිකෝස් තමන්ගෙ කෑල්ලට ප්‍රමුඛතාව දෙන එක තමා නියම චීත්තෙක ලක්ශණය.


එතන ඉඩ හම්බුනාම ශලනි මං ගාවින් වාඩි උනා බිමින්.


"නිදිමත නං ඔලුව තියන් නිදාගන්න"


"කමක් නෑද?"


"දෙනෝදාහක් මැද මාව බදාගෙන විකාරයක් කරපු මිනිහද මේ අහන්නෙ කමක් නෑද කියල. ආ... කෝ එන්න ඔලුව තියාගන්න"

කියල ශලනි මගෙ ඔලුව අරන් එයාගෙ ඔඩොක්කුවෙන් තියාගත්ත.


පුලුන් කොට්ට පරාදයි ඒ ගලට. නෑ මේ... මම කිව්වෙ කලවට.


මම අතකුත් අරන් එයාගෙ කකුල උඩින් තියාගෙන කකුල් දෙකත් ළං කරන් ඇස් දෙක පියාගත්ත.


තමන් ආදරේ කරන කෙල්ලගෙ උකුල උඩින් ඔලුව තියාගෙන , ඒ රස්නෙ විඳින ගමන් , ඒ සුවඳ විඳින ගමන් , හෙමීට පැද්දෙන කෝච්චියක නිදාගන්නව කියන්නෙ , ඒක වෙනම ලෙවල් එකක් බං. එතකොට මුලු ලෝකෙම නැති උනත් , තමන්ට ඕනෙ කරන දේ තියෙනව කියල හිතෙනව. එතකොට දැනෙන්නෙ නිකං මම රජ කෙනෙක් වගේ. මගෙ වස්තුව මං ළඟ තියෙනව වගේ.


ශලනි මගෙ කොණ්ඩෙ අස්සෙන් එයාගෙ ඇඟිලි යවල හෙමීට අතගාන්න ගත්ත නිසා ටික වෙලාවකින්ම මට නින්ද ගියා.


ආදරේ....


ආදරේ ගැන එක එක අය විවිධ අර්ථකතන කරනව. ආදරේ කියන්නෙ ආසාවක් විතරලු , ආදරේ කියන්නෙ හිස් දෙයක්ලු , ආදරේ කියන්නෙ පුදුම දෙයක්ලු , ආදරේ කියන්නෙ පිවිතුරු දෙයක්ලු. වර්තමානයේ හුඟක් ලොකු ආන්දෝලාත්මක මාතෘකාවක් ආදරේ කියන්නෙ.


ඒ වගේම සමහරු ආදරේ කියන දේට වන්දනා කරනව. ඒත් එක්කම සමහරු ආදරේ කියන දේ මිත්‍යාවක් , ආදරේ කියන්නෙ පිළිකුල් සහගහ දෙයක් , ආදරේ කියන්නෙ අනවශ්‍ය දෙයක් හැටියට සලකනව.


මම විශ්වාස කරන විදිහට නං ඇත්තටම ආදරයක් , උපදින හෝ මැරෙන නිශ්චිත වෙලාවක් නෑ. ඒ වගේම ආදරේට සීමාවක් නෑ. ආදරේට ආගමක් , ජාතියක් , කුලයක් , භේදයක් නෑ. ආදරේ කියන්නෙ කිසිසේත්ම හෝමෝන ක්‍රියාවලියක අතුරුඵලයක් නෙවෙයි. ආදරේ කියන්නෙ අමුතු හැඟීමක්. මිනිහෙක්ව ජීවත් කරවන්න පුලුවන් ජාතියෙ හැඟීමක්.


අන්න ඒ හැඟීම මම අද විඳිනව ශලනි නිසා. එයා මට ගැහුවට , බැන්නට , සැර කලාට , ඒ ඔක්කොගෙන්ම මට තේරුම් යන්නෙ ආදරය.


කොච්චර වෙලා නින්ද ගියාද කියල නං දන්නෑ. ඒත් මට ඇහැරුනා හිමින් හිමින්.


"ඉතින් එතකොට මෙයා කොහොම කෙනෙක්ද?"


ඇස් දෙක තාම පියවිලා තිබුනත් මට ලාවට වගේ ඇහෙනව ශලනි කතා කරනව කියල.


"අපෝ මු තමා අඩුවෙන්ම ගහන්නෙ. තාම කෝප්පයක් ගහන්න බෑ. එතනම දානව ආපහු. මූ හෙන හොඳ එකා අක්කෙ ඔහොම හිටියට"


ඒ මෝලගෙ කටහඬ. ඒ කියන්නෙ ශලනි කතා කරන්නෙ අපේ උන් එක්ක කියන එක ඔලුවට ආපු ගමන් මගෙ ඇස් ඇරුන.


මොකද මුන්ට තව ටිකක් වෙලා බතල හිටවන්න දුන්නොත් මුන් මගෙ පට්අන්දරේම දිග අරී මෙතන. එතකොට බතල තම්බල කන්න තමා වෙන්නෙ. මුන්ගෙ පුස් පාට් නිසා අන්තිමට මටනෙ පරිප්පුව සෙට් වෙන්නෙ.


"ආ ඇහැරුනාද කුමාරය. දැන් ළඟයි"


මම ඇස් දෙක ඇරපු ගමන් ශලනි මං දිහා බැලුව.


"කොහෙද ඉන්නෙ දැන්"

කියාගෙන මම නැගිට්ට.


"අමිශ්ක කිව්ව දැන් හපුතලේ ස්ටේශම හරියෙලු"


"ආ එහෙනං තව පැයකින් වගේ යයි"


"ඔව්ව්"


මෝලයි නාලකයයි දෙන්න එහා පැත්තෙන් හේත්තුවෙලා ඉන්නව. ඇම්ඩා අනිත් පැත්තෙ දොර ගාව රශ්මි එක්ක කයිය ගහනව බිම වාඩි වෙලා තුරුල් වෙලා. රශ්මිත් කාටහරි සීට් එක දීල ඇවිල්ල වගේ.


කෝච්චිය හපුතලෙන් නවත්තනකොට පහයි කාලට විතර ඇති. ශලනි එයාගෙ බෝතලේකුත් අරන් එලියට ගියා වතුර පුරවගන්න. දැන් නං පට්ටම හීතලයි. මමත් බැහැල පම්ප් එකක් දාන්න ස්ටේශන් එකේ තිබ්බ ටකරන් ලැට් එක ඇතුලට ගියා. ඇම්ඩත් ආව මට පිටිපස්සෙන්. ඌ මාත් එක්කම ඇවිල්ල මට කතා කලා.


"හීතලයි නේ බං"


"ඔව් බං. ජර්සිය ගහමු දැන් ගිහිල්ල"


"ඔව්. මේ ඒක නෙවේ"


"ම්ම්ම්ම්"


"තෝ ආපහු ශලනිට මොකක් හරි ධාතු වැඩක් කරල තිබ්බොත් ඒකිට කලින් මම උඹට ගහනව හරිද?"


"මොකෝ එකපාරටම"


"තෝ ගොලුබෙල්ල වගේ සෙවල හල හල නිදාගන්නකොට ඒකි ලේන්සුවකින් ඔක්කොම කුණු කෙල අතගගා පිහිදැම්ම. උඹේ මූනට හුළං වැදෙයි කියල ඒකි ඒකිගෙ උඹව කවර් කරගෙනමයි හිටියෙ. අනික පහුගිය සතියෙම ඒකි කාමරේට වෙලා අඬල. තෝ ආතල් එකේ ඉන්න අතරෙ"


"අඩෝ සිරාවටමද කියන්නෙ?"


"නැතුව මට පශ්චාත් භාගෙ අමාරුවක් නෑ එච්චර සීදේවි කෙල්ලෙග් ගැන බොරු කියන්නෙ. තෝ ආපහු අර වගේ වැඩක් කරල අහුවෙයන්කො"


"නෑ නෑ බං. පිස්සුද."


"අන්න එහෙම වරෙන්"


ඇම්ඩගෙ කතාවෙන් පස්සෙ නං මටම මං ගැන කලකිරුන. මෙච්චර මං ගැන හිතන කෙල්ලෙක්ටනෙ මම අර වගේ අමන වැඩක් කරන්න ගියෙ කියල. කෝච්චියට නැගල , කෝච්චිය ආපහු අද්දන අතරෙ මම ශලනිව මගෙ කකුල් දෙක මැදට අරන් තද කරගත්ත....


එයත් මට තුරුල් උන නිසා මම එයාගෙ බෙල්ල පිටිපස්සට මූණ ඔබාගෙන හිටිය එයාව තුරුල් කරගන්න ගමන්.


බිකෝස් හීතලයි. ජැකට් එක ගන්න බෑග් අදින්න බෑ.


මතු සම්බන්ධයි...

Report Page