උන්මාදේ ッ

උන්මාදේ ッ

18

දහඅටවන කොටස

මතකනෙ. ශලනිගෙන් අකාරාදී විදිහට ගුටි කාල අපි ඒ සතියම වෙන් වෙලා හිටියනෙ. ඉතින් සති අග ට්‍රිප් එකට සෙට් උනා අන්තිමට. අපේ කලු අයියත් ආව ට්‍රිප් එකට. කලු අයියා.....


කලින් කොටසට




කලුව කියන්නෙ බං බෝඩිමේ ආරම්භක සාමාජිකයෙක්. ඌ අවුරුදු 17න් ජොබකට සෙට් වෙලා දැන් තිස් පස්වෙනි වියේ පසුවෙන තනිකඩ කොල්ලෙක්. කොලු තාත්තෙක් ඇත්තටම. මංගල කිංකිණි හැට හුටාමාරක්ම දැම්මත් කිසිම රෙස්පොන්ස් එකක් නෑ කාගෙන්වත්. බිකෝස් පොටෝ එකේ පේන්නෙත් දත් ටිකයි ඇස් දෙකේ ශ්වේත ඝන ස්තරයි විතරයි.


උඹලට දැනටම තේරිලා ඇති සීන් එක. උට කලුව කියන්නෙ ඇයි කියල. කලුවගෙ ඇත්ත නම නම්.... මට මතකත් නෑ කියහංකො. ආපු දවසෙ ඉඳන් උට කියන්නෙ කලු අයියා කියල. ඌ පට්ට කලුයි. කොච්චර කලුද කියනව නං ඒක කලු පාටේ උපත. කලු පාටටත් වඩා කලුයි ඌ.


ඉස්සර අපි සිගරට් එකක් එහෙම ගහන්න කියල හිතන් බෝඩිමෙන් එලියට ඇවිල්ල පාර දිගේ ඇවිදන් යනව කලුවර වැටුනට පස්සෙ. ඉතින් කලුවත් එනව අපි එක්ක. හැබැයි ඌ සිගරට් කොටේ කටන් ගහන් යනකොට , ඇවිලෙන පන්දමක් පාවෙනව වගේ පේන්නෙ. ඌ ඇවිල්ල වේශාන්තරණය නොම්මර එකට දක්වන මානව විශේෂයක මුල් පුරුකක්.


ඉතින් කලුවත් එනව සංක අයියා යන ඕනෙම තැනක. කලුවට ගෑණු ටෝක් වෙන්නැති නිසා , මෑන් සංක අයියව ටෝක් කරනවදෝ කියන සැකය දැන් ටික කාලෙක ඉඳන් අපිට තිබ්බත් , සංක අයියා ඒම නෑ බං කියන මතේ අපේ ඔලුවෙ තදටම කා වැදිල තිබ්බ නිසා ඒ අදහස අපි අතහැරගත්ත.


"මේ ඕයි. අදවත් කතා කරපං දැන් ආපු එකේ"


අපි සෙට් එක ප්ලැට්ෆෝම් එකේ බලන් ඉන්න ගමන් ඇම්ඩා මගෙ කනට කරල කිව්ව.


"මොකක්ද ඉතින් කතා කරන්නෙ. එයා මගෙ දිහා බැලුවෙවත් නෑනෙ බං"


"ඉතින් උඹ හිතන් ඉන්නෙ ඔහොම කැ@ වැඩක් කලාට පස්සෙ උඹ දිහා බලල උඹව පෙරහරක් දාල වඩම්මල පිලිගනී කියලද?. ගොන් ටෝක් නොදී ගිහින් කතා කරපං. සොරි කියපං"


"හම්ම්. කෝච්චියෙදි කියන්නං"


"කොහොම හරි ට්‍රිප් එක චාටර් නොකර උඹල දෙන්න යාලු වෙයන්. එච්චරයි"


"හා හා බං"


ඇම්ඩා මට ගර්ල්ෆ්‍රෙන්ඩ් ගයිඩ් එක පැහැදිලි කරන අතරෙ මෝලා සේපට ගෑණු ටික ගාවට වෙලා හේශනී නංගි එක්ක ටෝක් දානව.


වටේ පිටේ උන්ට හෙන ගැහුවත් කමක් නෑ ඌ තාම කෙල්ලො ටෝක් කරනව.


මම මෝලගෙයි හේශනි නංගිගෙයි ප්‍රොග්‍රෙස් එක බල බල ඉන්න අතරෙ ඇම්ඩා එක පාරටම මගෙ උරහිසෙන් අල්ලන් තල්ලු කරන් ගියා ශලනිල හිටපු තැනට.


කට උත්තර නෑ මට.


"ඕයි ඕයි ඇයි මේ. යකෝ අතෑරපං"


"තෝ දැන්ම මේක බේරුමක් කරගනින්. තෝ නැත්තං බෝඩිමේදිත් ඕක ඔහොමම ඇදන් යනව මෙතනත් ඔහොම්ම ඇදන් යයි"


"අනේ.. බං"


එපා කියද්දිම ඇම්ඩා මාව තල්ලු කරන් ගියා ශලනිගෙ ඉස්සරහටම. ගිහිල්ල ඌ ශලනිට කතා කලා.


"මෙන්න මුට මොකක්ද කියන්න තියෙනවලු. ඔයා දැන් කතා කලේ නැත්තං මූ කෝච්චියට පනිනනව කිව්ව. ඒ නිසා දෙයියන්ගෙ නාමෙන් කතා කරල බේරුමක් කරගන්න"


ඇම්ඩා තනිකරම ආරාධිත රංගනයක නිරත වෙනව. ඔස්කාර් හරි බොක්ස් ඔෆිස් හරි මේ ප්ලැට්ෆෝම් එකේ ඉඳල මේ ඇක්ටින් පාර දැක්ක නං ලොවෙත් ඊළඟ අවුරුද්දෙ විල් ස්මිත් නෙවේ අරූගෙ කණට ගහන්නෙ. අපේ ඇම්ඩා.


ශලනි , මම කෝච්චියට පනිනව කියපු කතාවටද කොහෙද පොඩ්ඩක් ගැස්සුනා. ශලනි තියා මමත් ගැස්සුනා ඒක ඇහුවම.


"ඔන්න උඹල කැමති දෙයක් කරගනින් එහෙනං. ට්‍රේන් එක 8.15ට එනවලු. ඊට කලින් කරන මගුලක් ඈ"

කියාගෙන ඇම්ඩා කැපුනා රශ්මි ගාවට.


ශලනි ඉස්සරහට ආවට කතා කරන්න පණත් නෑ වගේ. වෙලාවට එන්න කලින් වතුර කෝප්පයක් ගහල ආවෙ. නිකං ආව නං එහෙම විජලනය වෙලා මැරෙනව දාඩිය දාන විදිහට.


"මො..... මොකක්ද ඉතින් කියන්න තියෙන්නෙ"


මම මෙලෝ ලබ්බක් කියන්නැතුව කටපියන් ඉන්න නිසා , ශලනිම ඇහුව මගෙන්. ශලනි එදා මාත් එක්ක ඇරගත්ත දවසෙ එයාගෙ ඇස් වල තිබ්බ පූර්ණ කාලීන වෛරක්කාර ගතිය නං ගිහිල්ල. ඒ උනාට තාම කේන්තියෙන් වගේ.


"නැහැ... මේ.... සමාවෙන්න කියන්න ආවෙ.... එදා ඔයාට අරම කතා කලාට..."


මේ වගේ වෙලාවක උපායශීලි වෙන්න ඕනෙ. ප්‍රතිවාදියාට දැනෙන්න සලස්සන්න ඕනෙ අපි කොර වෙලා එයාලට යටත් වෙනව කියල. එතකොට තමා එයාල ඩිෆෙන්ස්ලස් විදිහට එන්නෙ අපිට ඇටෑක් කරන්න.


මොකද අදත් මම පොර ටෝක් දීගෙන ගියොත් ශලනි මෙතනම අපේ ආදරේ භූමදාන කරල කෝච්චියෙ නගී. මටයි ඇම්ඩටයි තමා හත්දවසෙ දානෙ දෙන්න වෙන්නෙ.


"හම්ම්. ඒත් මට තාම ඔයාව විශ්වාස කරන්න බෑ ගිම්හාන්"


"ම... මං දන්නව ඒක. ඒත් මේ.... මට ඔයාව එහෙම ලේසියෙන් හිතෙන් අයින් කරන්න බෑ.."


"ඇයි ඒ"


"ආදරේ කරන්න කියල හම්බුනු පළවෙනි කෙනා ඔයා. මාව එච්චර විශ්වාසෙන් බාරගත්තෙත් ඔයා. ඉතින් මට බෑ මොකක් උනත් ඔයාව හිතෙන් අයින් කරල දාල ඉන්න"


මම නියම සංස්කෘත ටිකක් ඇදලා ඇරියා.. කොහෙන් එනවද මංද මේව කටට.


"ආපහු ඔහොම වැඩ කරනවද ඔයා?"


"කවදාවත් නෑ. ඇත්තමයි. මම ඔලුවෙ අත තියල දිව්රන්නම්"


"ඔයා දැන් අර අක්ක එක්ක සම්බන්ධෙ නැවැත්තුවද ගිම්හාන්"


"හෙ...... නෑ හැබැයි. ඒ උනාට ඩොක්ටර් කිව්ව තත්වය යහපත් කියල. එයාල ඉක්මනට ට්‍රීට්මන්ට් ටික කරන්නම් කිව්ව."


"හම්ම්. එහෙනං ඊට පස්සෙ ඇවිත් මාත් එක්ක කතා කරන්න."


ආපහු කෙලියා. කොහෙන් ගියත් මිස් පයර් එකක් වදිනවමනෙ. ශික්. මුල් කාලෙ හොඳට කට්ට වැඩ කරපු නිසාද මංද ඒකට රිටන් එක හම්බෙන්නෙ දැන්.


"අනේ ශලනි. මම කියන්නෙ ඉතින් මට තව මෙහෙම ඉන්න බෑ කියල. මම දන්නව මම කලේ සහ කරන්නෙ වැරැද්දක් කියල. මට ඔයාව ඕන්නැත්තං මම තාම මේ ඔයා එක්ක කතා කරන්න හදන්නෑනෙ. ප්ලීස්. තේරුම් ගන්නකො"


"හම්ම්. මට ඒ අක්ක එක්ක කතා කරන්න පුලුවන්ද?"


ඔන්න ආපහු ආව අර කලින් පොට් එකටම. මෙන්න මචන් අනාගතේ තීරණය කරන තැන. ඔබට ඔප්ශන් දෙකක් තියෙනව. රුපියල් මිලියනයේ ප්‍රශ්නය.


"ම... මම කෝල් එකක් අරන් දෙන්නං ඔයාට. හානෙ"


"හම්ම්. දැන් දෙන්න"


"හරි මං දෙන්නං"


ශලනි එක්ක යාලු වෙන්න වෙන විකල්පයක් නැති නිසා මම තාරුකා අක්කට කෝල් එකක් අරන් ශලනිට දුන්න. හැබැයි මගෙ හිතේ සෑහෙන බයකුත් තිබ්බ. මොකද ශලනි දැන් තාරුකා අක්ක එක්ක ප්‍රශ්නයක් දාගත්තොත් එහෙම. තාරුකා අක්ක ඉන්නවයි කියපු කන්ඩිශන් එකේ හැටියට නං , ශලනි දැන් අවුලක් දැම්මොත් කන්ඩිශන් ඉල්ලෙයි.


"ආ මෙන්න.... ශලනි..."


"ම්ම්ම්ම්"


"අනේ ප්‍රශ්න හදාගන්න එපා හරිද. එයාට තියෙන ප්‍රශ්නෙ ගැන කිව්වනෙ මං"


"හා. කෝ දෙන්න" කියාගෙන ශලනි ෆෝන් එක ගත්ත.


රින්ග්ස් යනව වගේ.


"ඔයා එහාට වෙලා ඉන්න. මම කතා කරල ෆෝන් එක දෙන්නං"

ශලනි එක පාරටම කියපි මට.


මමත් මුකලන් බස්ස වගේ එතන බලන් ඉඳල වැඩක් නෑනෙ. ඉතින් මම ආපහු ඇම්ඩා ගාවට ගියා.


ඇම්ඩටත් කිව්ව සීන් එක. ශලනි කෝල් එක ගන්න දිහා අපි දෙන්නම වික්ශිප්ත දෑසින් බලන් ඉඳිය. තාරුකා අක්ක කෝල් එක අරන් වගේ. ශලනි කතා කරනව දැක්ක අපි.


දැන් ඉතින් ආපහු නැවැතුමක් නෑ. ශලනි අතේ තමා ඔක්කොම තීරණේ වෙන්නෙ.


විනාඩි හත අටක්ම කෝල් එක ගියා. හැබැයි ශලනිගෙ මූණෙන් ආවේගශීලි ගතියක්වත් , දරුණු ගතියක්වත් දැක්කෙ නෑ. එයා නෝමල් එකේ කතා බහ කලා මිසක් කටවත් වේගෙන් හෙල්ලුවෙ නෑ.


සමහරවිට ශලනි ශේපට ටෝක දානව ඇති නිස්කලංකව. එහෙමත් නැත්තං හිමීට බනිනව ඇති නොතේරෙන්න. මොන මගුල උනත් මම තමා අන්තිමට තැලෙන්නෙ. මොකද තව කේස් එකක් ගියොත් නං මගෙ සායම යනව ආත්මෙත් සුද්ධ කරගෙනම.


මෝලත් අපි ගාවට ආව හේශනි නංගි එක්ක කරපු ද්විපාර්ශ්වික සාකච්ඡාව ඉවර කරල. මම කටත් ඇරන් ශලනි දිහා බලන් ඉන්නව දැකල ඌ මට කතා කලා.


"ඕයි ගිමා. මොකෝ. ශලනි අක්කව ආපහු අලුතෙන් ටෝක් කරනවද උඹ?"


"තෝ හිටහං අනුන්ගෙ ටිංකිරි ගාන්නැතුව. පලයන් ගිහින් අර හේශනී නංගිට ස්ටේසම පෙන්නපං. ඔය කලුවර තැන් වල පෙන්නන්න ඒව තියෙනව ඕනෙ තරන්"


මෝලා කටවහගත්ත ඊට පස්සෙ. ඇයි බං ඉතින් , මම මේ දෙලෝ රත් වෙලා දේවාලෙ කඩාවැටනකං බලන් ඉන්නව. මුන් ඇවිල්ල මහ උක් කන කතා කියනව.


"ගිම්හාන්...."


මෝලට බැන බැන ඉන්න අතරෙ එකපාරටම ශලනි මට කතා කලා.


මම පට ගාල එයා ගාවට දුවන් ගියා. එයා මට ෆෝන් එක දික් කරල,

"ආ ගන්න. මම කතා කලා." කියල කිව්ව.


"මො....මොනවද කතා කලේ..?"


"මගෙ කොල්ලව අල්ලගන්න එපා කියල කිව්වෙ."


"අ....අනේ ශලනි... ඒත්...."


"මෝඩයො. මම හිතක් පපුවක් නැති කෙනෙක් නෙවෙයි. ඔයා කරපු වැරැද්ද ඒ අක්කගෙ හිත හදන්න එහෙ මෙහෙ ගිය එක නෙවෙයි. ඒක මට හොරෙන් කරන්න ගියපු එක"


ඈහ්....


"එතකොට ඔයාට ඒක කියල කරාට කමක් නෑද?"


"නෑ ඒත් බෑ. ඒත් ඔයා වැරදී. ඒ උනාට ඔයා මට නොකිය කරපු වැඩේ ගොඩක් වැරදී.."


වට්ද හෙල් ඊස් දැට්?


"හරි ඉතින් තාරුකා අක්ක මොකක්ද කිව්වෙ"


"ආපහු ඔයාට කෝල් කරන්නෑ කිව්ව. ඔයාගෙ ජීවිතේට එන්නෙත් නෑ කිව්ව ආපහු"


මොකක් හරි ගිනි කන්දක් සක්‍රීය වෙලා කියල ඉවෙන් වගේ මට තේරුනා. කෙල්ලො ඔය හෙන නිවිහැනහිල්ලෙ නිවිච්ච විදිහට කතා කරන්නෙ ලොවෙත් පරමාණුක වොට් දහදාහක විතර බෝම්බයක් ගහල තමයි.


"මම එයාට කෝල් එකක් ගත්තට කමක් නැද්ද?"


"ඕන්නං ගන්න ඉතින්. එයා මොලයක් නැති කෙල්ලෙක් නෙවෙයි. එයාට තේරෙනව හරි වැරැද්ද ඔයාට නැතිවට"


ශලනි එක එක ඒව මුනු මුනු ගෑවත් මම කෝල් එකක් ගත්ත කෝකටත් කියල.


කෝල් එක ගත්ත ගමන්ම වගේ ආන්ස්වර් කලා තාරුකා අක්ක.


"ආ නංගි කියන්න. මොකක් හරි ප්‍රශ්නයක්ද ආයි?"


ඈහ්. ශලනිට නංගි කියන්න තරන් මේ දෙන්න ෆිට් වෙලාද?


"ආ තාරූ... මම මේ ගිම්හාන් කතා කරන්නෙ"


"ආහ් ගිම්හාන්... අනේ සොරී.. මම හිතුවෙ නංගි කියල. ඇයි ගිම්හාන්"


"අනේ ඔය දෙන්න ප්‍රශ්නයක් දාගත්තෙ නෑනෙ"


"අනේ නෑ නෑ. එයා මට ඔක්කොම කිව්ව. ඔයාට ගැහුව කියලත් කිව්ව. මට ඕන්නෑ ගිම්හාන් මම නිසා ඔයාගෙ ජීවිතේට අවැඩක් වෙනව බලන්න. ඒ නිසා මම ඔයාගෙන් ඈත් වෙනව. ඒකට කමක් නෑනෙ"


"තාරූ... ඒත්... ඔයාට ප්‍රශ්නක් නැති වෙයිද. ඩොක්ටර් මට හැමදේම කිව්ව. අනේ ඒකයි මම ඔයා එක්ක හිටියෙත්..."


"ආදරයක් නැති උනාම දැනෙන වේදනාව ඔයාටත් දැනෙන්න ඇති නේද ගිම්හාන්. පහු උන සතිය පුරාම. ඔයා ඔය නංගිව තාම අඳුනගෙන මාසයක් වත් ගියේ නැතුවට ඔය දෙන්න ගොඩක් ළං වෙලා. දෙන්නම ඉන්නෙ වේදනාවෙන් කියල මට නං හිතෙන්නෙ. ඉතින් ගිම්හාන් ඒක තමයි ආදරයෙන් පැරදුනාම හිතට එන හැඟීම. ආදරේට වඩා හරි පිරිසිදුයි ඒ වේදනාව. හැබැයි භයානකයි. මම මගෙ ජිවිතේම දුන්නා එක්කෙනෙක්ට ගිම්හාන්. ඔයාමයි ඒ. හැසිරීමත් , කටහඬත් , හැමදේම ඔයාමයි. එයා මට නොසෑහෙන්න ආදරේ කලා. මම අදටත් පිළිගන්න දෙයක් ඒක. ඒත් මොකක් හරි දෙයක් නිසා එයා මගෙන් වෙන් උනා. මම එහෙම උනේ ඇයි කියල උත්තරයක් හොයනව තාම. ඔයාව දැක්ක දවසෙම මම ආත්මාර්ථකාමී උනා. මට මේ කිසි දෙයක් නොතේරෙන කමක් නෙවේ. මම ඒ පුද්ගලයට ආදරේ කරන එකට ලෝභ උනා. ඔයා එක්ක කන්න ගිය දවසෙ තමා මම කාලෙකින් සතුටු උන එකම දවස.

ඒත් අද ඔයා වෙනුවෙන් බලන් ඉන්න කෙනා මට කෝල් එකක් අරන් කිව්වම , ඒ ගැන මට ලැජ්ජා හිතුන. මොකක්ද මම මේ කලේ කියල හිතුන. ඔයා හොඳ කෙනෙක් ගිම්හාන්. මට ඕන්නෑ වෙන කාටවත් ආදරේ වේදනාව ලබා දෙන්න. ඔයා ආදරේ විඳින්න ඕනෙ කෙනෙක්. ආදරේ නිසා විඳවන්න ඕනෙ කෙනෙක් නෙවෙයි. ඔයා ඒක ලස්සනට විඳින්න. හානෙ... දැන් හිත නරක් කරන් ඉන්න එහෙම නෑ හරිද"


තාරුකා අක්කගෙ වදනට මට නිකං ඇඬෙන්න වගේ ආව. ඒ උනාට ඕවට අඬන්න ගිහිල්ල ශලනි හිතුවොත් එහෙම මම මේ එයා යන නිසා අඬනව කියල , ආපහු මෙතන ෆේස් ටු ෆේස් කොම්බැට් ෆයිට් එකක් පටන් ගනීවි. ගෑණු එහෙමයි. එල්ලෙන්න තියෙන්නෙ අස්ව කෙන්දක නං , ඒකෙ එල්ලෙනව ආයි පිරිමියව නැති භංගස්ථාන කරල දාන්නම.


"හ... හා අක්කේ..... සම්බන්ධයක් නැති උනත් මම ඕනෙ වෙලාවක ඉන්නව. මට කෝල් එකක් දෙන්න."


"මම දන්නව ගිම්හාන්. ඔයාල ට්‍රිප් එකක් යන්න නේ ඉන්නෙ. දැන් ඒකට යන්න. නංගි එක්ක හොඳින් කතා කරන්න. එයා ඔයාට ගොඩක් ලෝභයි වගේ. ඒ වගේ කෙනෙක්ව ජීවිතෙන් අයින් කරගන්න එපා. තෙරුවන් සරණයි ගිම්හාන්"


"අක්කත් පරිස්සමට ඉන්න එහෙනං. කෝල් එකක් දෙන්න. තෙරුවන් සරණයි අක්කෙ"


ශලනි එයාට කිව්වෙ මොකක්ද කියල නං මම දන්නෑ. හැබැයි තාරුකා අක්ක හරි ට්‍රැක් එකකට වැටිල කියල නං තේරුනා. යකෝ ඩොකාටවත් කරන්න බැරි උන දේ ශලනි කරලද?


"හරිද දැන්. මම කියපු දේ පිලිගන්න බෑනෙ. මාව ශුවර් නැති එකට කමක් නෑ. ආපහු ඔහොම කරන්න එපා"


කොල් එක කට් කරල කල්පනා කරන අතරෙ ශලනි මගෙ පිටිපස්සෙන් ඇවිල්ල මගෙ කණට කරල කිව්ව.


මම ඉක්මනට හැරිල ශලනිගෙ ඉන වටේටයි ඔලුව වටේටයි අත් දෙක දාල එයාව තුරුල් කරන් ඉම්බා.


"මෝඩයෝ.... එහාට වෙනවා... මේ ස්ටේශන් එකේ ඉන්නේ..."


එයා මාව එහාට කරන්න හැදුවත් මම එයාව තද කරගෙනම හිටිය. සතියක් තිස්සෙ මේ වැළඳගැනීම මට මග ඇරිල තිබ්බෙ.


"ඒයි ඒයි. මෙතන මොකක් හරි ප්‍රශ්නයක්ද?. ඔය මිස් හොඳින්ද?"


ආදරණීය වෙලාගැනීම අවසන් උනේ හැඩිදැඩි සද්දන්ත පිරිමියෙක් ඇවිල්ල මගෙ උරහිසෙන් අල්ලල කතා කරපු නිසා.


"ආ නෑ නෑ ප්‍රශ්නයක් නෑ."


මම උඩ බලන් උගෙ මූණට ඒම් කරන් කිව්ව.


"තමුන්ගෙන් මම මුකුත් ඇහුවෙ නෑ. ඔය මිස්ට ප්‍රශ්නයක්ද මොකක් හරි?"

කියාගෙන ඌ ශලනි දිහාට හැරුන.


"නැ අයියෙ. ප්‍රශ්නයක් නෑ. මේ මගෙ බී එෆ්"

කියල ශලනි මගෙ අතක් අල්ලගෙන වෙලාගත්ත.


එතකොටයි දැක්කෙ අපේ ඒ ආදරණීය වැළඳගැනීම නිසා ස්ටේශන් එකම අපි දිහා බලන් ඉන්නව කියල. වැඩේ අල කරගෙන කියල මීටර් උනේ , ඇන්ටිලයි අක්කලයි , දුක අහන අයියලයි මං දිහා ස්ත්‍රී දූශකයෙක් දිහා බලනව වගේ ලුක් එකකින් බලන් ඉන්නව දැක්ක නිසා. අර හැඩිදැඩි ඩයල් එකත් මං දිහා මාරක බැල්මක් හෙලල එතනින් අයින් උනා. හරියට නිකං ටට්යානගෙ පුතා ජෙට්යානා , M14 වර්ගයේ මිසයිලයක් මගෙ මූණට ඒම් කලා වගේ ඒ බැල්ම. ඉස්කෝලෙ කාලෙවත් ක්ශුද්‍ර පරිමාණ වලියකට ගියෙ නැති මම , මේ ඉන්න ගලිවරය එක්ක කොහේ ගහගන්නද?


"මොනාද මෝඩයො කරන්නෙ. බලනව දැන් හැමෝම අපි දිහා බලනව"


"හරි හරි සොරි ඉතින්"


"සොරි නෙවෙයි මෝඩයො. දැන් පොඩ්ඩක් කූල් එකේ ඉන්නව. මගෙන් එහාට යන්න එපා. කවුරුහරි අල්ලන් ගහයි නැත්තං"


"ම්ම්ම්ම් ශලනි......."


"මොකද?"


"යාලුද දැන් මාත් එක්ක"


"අපෝ නෑ. යාලු වෙන්නෙ ලබන සතියෙ. දැන් ඔන්න ඔහොම ඉන්නව මෝඩය වගේ කියවන්නැතුව පොඩ්ඩක්"


මේ වෙලාවට තමා බෙල්ලෙ ගලක් බැදගෙන වස කුප්පියක් අතේ තියාගෙන බත් පිගානක් ගිලලා දාන්න හිතෙන්නෙ. ඇයි යකෝ.


ඈතින් කෝච්චියක් එනවත් ඇහුන.


එතකොටම ස්පීකර් වලින් බුවෙක් කතා කරන්න ගත්ත. නිකං දෙමළ මිනිහෙක් අමාරුවෙන් සිංහල ගැටගහන් කියනව වගේ තේරුනේ.


"නිවේදනයයි! පළවෙනි වේදිකාවට දැන් පැමිණෙන දුම්රිය දුම්රියක් නොවේ!"


ස්ටේශන් එකම හොල්මන් ඒක අහල. එකා එකා මූණ බලාගත්ත.


ඔන්න එතකොටම ආපහු පාරක් වෙන එකෙක් කතා කරන්න ගත්ත.


"සමාවෙන්න. පළවෙනි වේදිකාවට දැන් පැමිණෙන දුම්රිය ධාවනය නොවන දුම්රියකි!"


දැන්නෙ සීන් එක මීටර් උනේ. අර දෙමළ බුවාට කියාගන්න ඕනෙ වෙලා තියෙන්නෙ මේක. ඒ උනාට ඌ ගැටගහන් කිව්වෙ වෙන කුණුහරපයක්.


අටයි කාලට එනව කියපු කෝච්චියත් දෙයියන්ගෙ පිහිටෙන් නවයයි තිහ වෙනකොට ආව ස්ටේශන් එකට. මමයි මෝලයි ඇම්ඩයි කලුවයි වෙට්ටු දාල ගිහිල්ල දෙවෙනි පංතියෙ සීට් අල්ලගන්න ගියා. ඒ උනාට අපිට අල්ලගන්න පුලුවන් උනේ ඩබල් සීට් හතරයි. සංක අයියයි , කලුවයි , මේනකා අක්කයි , හේශනී නංගියි , චතුමි අක්කයි , රශ්මියි , ශලනිවයි ඒ ටිකේ වාඩි කරවල අපි හතර දෙනා ආව ෆුට් බෝඩ් එක ගාවට. ඇවිල්ල එතනින් බිම වාඩි උනා. තව ට්‍රිප් එකක් යන කොල්ලො ටිකකුත් හිටිය එතන.


මතු සම්බන්ධයි...

Report Page