උන්මාදේ ッ
17දහහත්වන කොටස

ඩොකාගෙන් සීන් එක දැනගත්තට පස්සෙ , මමයි තාරුකා අක්කයි කන්න ගියා. එතනදි පොඩියට , සම්තින් සම්තින් පාරක් ගියා.
"ඉතින් මම මුකුත් කලේ නෑනෙ"
"ඕව ඕම තමා තාරු. මාර සෙන්සිටිව් ස්පොට්ස්නෙ"
"මෝඩය"
තාරුකා අක්ක එක්ක කෑම එක කාල ඉවර උනාට පස්සෙ අපි දෙන්න නැගිට්ට. බිල ගෙවන්න කවුන්ටරේ ගාවට යනකොට , කවුන්ටරේ ගාව පොඩි කොල්ලෙක් , තරුණ අම්ම කෙනෙක් එක්ක ඉන්නව දැකල තාරුකා අක්ක ඌ ළඟට ගියා. පොඩි එකා මොකක්ද මංද කනව හෝ ගාල.
තාරුකා අක්ක අර පොඩි එකා ගාව නැවිල,
"ආනේ.... පුන්චි කොලු පැටියෙක්.... ඔයා ඉක්මනට ලොකු වෙන්නකෝ...." කියල උගෙ ඔලුව අතගෑව.
තාරුකා අක්ක පොඩි කොල්ලන්ට හෙන ආසයි වගේ. ම්ම්ම්ම්ම්.. මාවත් දැලේ දාගත්තනෙ.
පොඩි එකාගෙ අම්ම , තාරුකා අක්ක දිහා බලල හිනා වෙලා ඇතුලට ගියා ඌවත් අරන්. තාරුකා අක්කත් බිල් එක ගෙවල මගෙ අතින් අල්ලන් එලියට ආව.
උඹලට කියන්න බං , දැන් තරුකා අක්ක අර කොල්ලා ගාවට ගිහින් උගෙ ඔලුව අතගාල , ඉක්මනට ලොකු වෙන්න කියල සීන් දැම්මනෙ. තාරුකා අක්ක ඌව දැකලවත් නෑ මීට කලින්. උඹල හිතල බලහන් නිකමට වගේ , මම ඔහොම අඳුරන්නැති පොඩි කෙල්ලෙක් ගාවට ගිහිල්ල , 'ආනේ බබා ඉක්මනට ලොකු වෙන්නකෝ' කිව්වොත් එතන මොන වගේ සිටුවේශන් එකක් ඇතිවෙයිද කියල. ලොවෙත් ඒ කෙල්ලගෙ අම්ම ළමා අපචාර අංකෙට කෝල් එකක් දාල කියනව.
"දැන් කොහෙද යන්නෙ ගිම්හාන්"
"ම්ම්ම් මට නං යන්න තැනක් නෑ තාරූ.. හෙට ඔෆිස් නෙ. අද එහෙ මෙහෙ ගිහිල්ලත් බෑ"
"එහෙනං මම ඔයාව බෝඩිමට ඇරලවන්නං."
"හා තාරූ..."
"ගිම්හාන්...."
"ම්ම්ම්ම්ම්ම්"
"ඔයාට ඕනි නං මගෙ ගෙදර ඉන්න. හානෙ.. බෝඩිම කරදරයි වගේ නං"
පිස්සු උක් කනවනෙ ඉතින්. ශලනිගෙන් බේරිලා තාරුකා අක්කව හැන්ඩ්ල් කරන්නෙ යුධමය ගේමක් ගහල. මෙයා මේ බින්න බහින්න කතා කරනව.
"අහ්... මේ... නෑ අක්කෙ. ඒකට කමක් නෑ. බෝඩිම ලේසී"
"ඔයාගෙ කැමත්තක්"
තාරුකා අක්ක කාර් එකෙන්ම මාව ගෙනල්ල දැම්ම බෝඩිම ගාව හන්දියට. මම හන්දියෙන් බැස්සෙ , ශලනි අටවල තියෙන කැමරා කාච වලට අහු නොවී මේ රොබරිය දෙන්න හිතාගෙන.
"හෙට ඔෆිස් නේද ගිම්හාන්"
මම කාර් එකෙන් බැස්සට පස්සෙ තාරුකා අක්ක මට කතා කලා.
"ඔව්නෙ තාරු. ආපහු සතියම යන්න වෙනව"
"හම්ම්... පුලුවන් වෙලාවක කෝල් එකක්වත් දෙන්න හානෙ."
"ම්ම්ම් හරී. මම කෝල් එකක් දෙන්නං"
"හොඳ කොල්ල මගෙ. මම ගිහින් එන්නං..."
"හරි තාරූ.. පරිස්සමට යන්න එහෙනං"
"හරී...."
තාරුකා අක්කටත් කතා කරල ඉවර වෙලා මම බෝඩිම දිහාට එන්න ගත්ත. තාරුකා අක්ක ගියාට පස්සෙ ඩොකා දීපු කාඩ් එකත් අරගෙන ඩොකාගෙ නම්බරේට කෝල් එකක් ගත්ත මං උත්තරේ කියන්න.
ඩොකා නං කිව්වෙ යාලු වෙලා ඉන්න ගෑණු ළමයත් එක්කත් කතා කරගන්න කියලනෙ. ඒ උනාට ශලනිට ඕව කියන්න ගිහිල්ල කුළුඳුල් පෙමට කනකොකා හැඬලුවොත් එහෙම. ඒ නිසාම මම තීරණේ කලා තාරුකා අක්ක එක්ක ඉන්න ටිකක් කල්. හොරෙන් වැඩේ කරන් යන්න පුලුවන්නෙ. මානව හිතෛශී මෙහෙහුමක්නෙ අනික. නැතුව මේ කිසිම ලිංගික ආසාවකට හෝ , වෙනත් ආකර්ශණයක් නිසා කරන දෙයක් නෙවේ. සංශුද්ධ වශයෙන්ම තාරුකා අක්කගෙ ලෙඩේ හොඳ කරගන්න ගහන ගේමක්. මේ වෑයම එක පාර ට්‍රැක් දෙකක යන්න නෙවේ.
(#කපටි හිනාව)
රින්ග්ස් නං යනව. නෝ ආන්ස්වර්.
තත්පර කීපෙකින් එහා පැත්තෙන් ඩොක්ටර් කතා කලා.
"හෙලෝ. ඩොක්ටර් වින්ද්‍යා ස්පීකින් හියර්."
"ආ ඩොක්ටර්. මම මේ දැන් ආවෙ අර ගිම්හාන් කියල කෙනෙක්.තාරුකා..."
"ආහ්. ගිම්හාන් කියන්න. මොකක් හරි ප්‍රශ්නයක් උනාද?"
"නෑ නෑ ඩොක්ටර්. මම කෝල් එක ගත්තෙ , ශුවර් එකටම ඩොක්ටර්ට පුලුවන්ද කියල අහන්න තාරුකා අක්කව හොඳ කරන්න"
"අපිට 70%ක් විතර විශ්වාසයක් තියෙනව ගිම්හාන්. මොකද තාරුකා අද ඉඳපු මූඩ් එක තමා අපිට අවශ්‍යම කරල තිබ්බෙ."
"එහෙනං ඩොක්ටර් මම තාරුකා අක්ක එක්ක ඉන්නං ටිකක් කල්. මම දන්නෑ අන්තිමේ මොනා වෙයිද කියල නං. ඒ උනාට ඉතින් එයාට හොඳක් වෙනව නං මම ඒ වැඩේ කරන්නං"
"ගොඩක් අගය කරනව ගිම්හාන්. ඔයා යාලු වෙලා ඉන්න කෙනා එක්කත් කතා කරගන්න අනිවාර්යෙන්ම මේ ගැන. මොකද පසුවට ප්‍රශ්න ආවොත් එහෙම"
"හරි ඩොක්ටර් මම ඒක බලන්න. ඩොක්ටර් ඔතන වැඩ ටික බලාගන්නකො එහෙනං. මට කරන්න තියෙන දෙයක් තියේ නං දන්වන්න මට"
"ඕකේ ගිම්හාන්"
"හරි ඩොක්ටර්"
ඩොකා නං තාමත් කියන්නෙ ශලනිට මේ ගැන කියන්න කියල. ඒ උනාට ඩොකා දන්නෑනෙ අහම්බෙන් හම්බුනු පොට්ට චාන්ස් එකකට ශලනිව ටෝක් උනා කියල. ඒක නං නැති කරගෙන නං බෑ මහත්තයො.
තට්ටු පහේ කන්ද තරණය කරල කාමරේට එනකොට නාලකයයි , ඇම්ඩයි හිටියෙ නෑ කාමරේ. මෝලා විතරක් කාමරේ ඉඳල මම දොර අරිනකොටම වගේ කලිසම අස්සට මොකක් හරි දාගන්නව දැක්ක ලාවට.
ඌ හෙඩ්ෆෝන් එහෙම ගහන් හිටියෙ ලැප් එකත් ඔන් කරන්. ඉතුරු ටික තෝරා බේරා ගැනීම ඔබට බාරය.
"කෝ බං අරුන් දෙන්න"
"නාලකය නං කඩේට ගියා. ඇම්ඩා ගියා රශ්මිව හොයන්න. උඹටත් එන්න කිව්ව පොඩ්ඩක්"
"මාව මොකටද රශ්මිව හොයන්න. පුද්ගලයන් සොයා ගැනීමේ දෙපාර්තමේන්තුවට යන්න කියපංකො. ඒකටත් මගෙ අස්සෙම ලබු බහින්න එන්නෙ."
"ඒ ලබ්බක් මං දන්නෑ. අන්න උඹ ආවොත් එන්න කියපං කියල පහලට ගියා"
"හා හා"
එක්කො මුන් තුන් වෙනි තට්ටුව ගාවින් නෝට් එකක් ගහල තියන්න ඕනෙ. එතකොට මම තට්ටු දෙකක් නැගල බහින්න ඕන්නෑනෙ නිකරුනේ. අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ මේ.
ශලනිගෙ කාමරේ ගාවට ගිහිල්ල දොරට තට්ටු කලා මං.
දොර ඇරියෙ නං ඇම්ඩා. මාව දැකල ඌ කන්පියුස් සින් එකක් දැම්ම.
"උඹ මට එන්න කිව්වද?. මෝලා කිව්ව මට කතා කලා කියල"
"මම උඹට නං එන්න කිව්වෙ නෑ. සංක අයියා ආවොත් එයාට එන්න කියල කිව්වෙ. කමක් නෑ උඹත් වරෙන්කො ඇතුලට. හැමෝම කතාකරගමු."
"මොකක්ද සීන් එක. පාටියක්වත්ද?"
"නෑ බං බෝඩිමේ ඇනුවල් ට්‍රිප් එක."
"හම්මටසිරි. එල එල මාවත් ගනින්".
අමතක උනානෙ. අපේ බෝඩිමේ උන් සෙට් වෙලා සති අන්තෙ දවසක් දාගෙන හැම අවුරුද්දෙම යනව ට්‍රිප් එකක්. හැම පාරම වගේ මේ පාරත් සංක අයියා තමා නායකය වගේ වැඩ කරන්නෙ.
රශ්මිලගෙ කාමරේ තව අය හිටිය. මේනකා අක්කයි , රශ්මියි , චතුමි අක්කයි , තව හේශනී කියල නංගි කෙනෙකුයි ඇම්ඩයි මමයි. ට්‍රිප් එකට ඕනෙ කෙනෙක්ට යන්න පුලුවන් උනත් ට්‍රිප් එක හැමදාම ගියේ අපේ සෙට් එකේ කීප දෙනා විතරයි.
මමත් ඇවිල්ල ටිකකින් සංක අයියා දොරට තට්ටු කරල ඇතුලට ආව. ආපු ගමන් මෑන් පටන් ගත්ත කතාව.
"හරි එහෙනං. මේ අය විතරක් ඇති ඕගනයිසින් වැඩ වලට. යන්න තැනක් මම තීරණය කලා. විරුද්ධත්වයක් තියෙනව නං දැන්ම කියන්න. මේ පාර අපි යන්නෙ නිල් දිය පොකුණ බලන්න."
අපේ උන් මූණට මූණ බලාගත්ත. ඒ මොන මගුලෙද ඒ.
"ඒ කොහෙද අයියෙ ඒ"
රශ්මි , සංක අයියගෙන් ඇහුව.
"ඒක ඇවිල්ල පොලව යට තියෙන උල්පතක්. පොකුණක් වගේ. හොඳ ත්‍රිල් එකක් ගත්තෑකි. බන්ඩාරවෙල තියෙන්නෙ. සිකුරාද රෑට බදුල්ල නයිට් ට්‍රේන් එකේ ගිහිල්ල එහෙ රිසෝට් එකක් බුක් කරන් , රෑට කෑම්පින් ගහල , ඉරිදට එන්න ඕනෙ."
මෙලෝ හත්තිලව්වක් නොදන්නව උනත් සංක අයිය වැඩක් කිව්වොත් ඒක නිකං රත්තරන් පෙම් පුරාණේ වෙන්නම කරන බව දන්න නිසා අපි එකඟ උනා.
අපි සෙට් එක ට්‍රිප් එක යන රූට් එක කතා කරන් බජට් එක හදල අනං මනං කරන අතරෙ දොර කඩාගෙන වගේ ඇරුන එක පාරටම.
කාමරේ ඉඳපු ඔක්කොම වගේ උඩ ගිහින් බිම වැටුන , ගැස්සුන පාරට.
ඒ ශලනි!
කාමරේ වෙන උන් ගොඩක් හිටියත් එයා කෙලින්ම බැලුවෙ මම දිහා. ඒ ඇස් වල තිබ්බෙ නං "තෝව මම අද මරාගෙන කනව" වගේ බැල්මක්.
ඒ අස්සෙ උඩ ඉඳන් මෝලත් කෑගහගෙන එනව ඇහුන අපිට.
"අනේ ශලනි අක්කෙ. මේ එහෙම දෙයක් නෑ. සිරා කියන්නෙ. ඔන්න ගිමා.... ශලනි අක්ක එනෝ උඹට ගහන්න."
ඒ ඇහුන දේට නං මගෙ විතරක් නෙවේ කාමරේ හිටපු හැමෝගෙම හිත් සසල වෙලා නිසසල වෙන්නැති.
ශලනි අතේ තිබ්බ හෑන්ඩ් බෑග් එක ඇඳක් උඩට විසි කරල දාල මං දිහාට ආව.
"ආ ශලනි. ඇයි මේ තරා ගිහින් වගේ නිකං"
මම අහපු දේ ගානකටවත් ගන්නැතුව මං ළඟට ආපු ශලනි , මගෙ කණ හරහට කෙලියා පාරක් , රොනාල්ඩෝ බේස් බෝලෙට ගහනව වගේ.
හෙ හෙ. හෙන පිරිසක් මැද ගෑණියෙක්ගෙන් ගුටි කෑවේ. කණත් රිදෙනව. නරක ශලනි.
හේ මෙරේ... හම් සෆර්... උජුකුදා ඉන්ද්‍රසා....
"තමුසෙට ලැජ්ජාවක් නැද්ද ගිම්හාන්. ඈ... එක එකා එක්ක ඇස් පනාපිට රවුම් ගහන්න"
ශලනි ගිගුම් දෙනව කාමරේ හෙල්ලෙන ගානට.
අපේ උන් මීක් සද්දයක් නෑ.
ශලනිට කොහෙන් හරි ආරංචි වෙලා වගේ තාරුකා අක්කගෙ සීන් එක. මේ වගේ අවස්ථාවල තමයි මාර්කටින් පිළිබද පශ්චාත් උපාධිය ඕන වෙන්නේ. ශේපට ලව් එක මාකට් කරල ඇපේ තියනව.
"ශ... ශලනි... ඇයි මොකක්ද උනේ ඉතින්. හේ හේ. හිමින් කියන්න. මේ කට්ටියත් ඉන්නවනෙ. හරි නෑනෙ."
"හිමින් කියන්න. තමුන්ගෙ කෙරුවාව ඔක්කොමල දැනගන්න ඕනෙ"
ශලනිට නං මල පැනල නස්තාර වෙන්නම. මාකටින් පාර දාල වැඩක් නෑ. දැන් මම මගේ බලයන් එකතු කරගන්න ඕනෙ ශලනිගෙන් බේරෙන්න.
මහා මන්දිරයේ ආනුභාවයෙන්... මා හට බලය ලබා දෙනු මැනවී...
චටාස්......
Another shot by ශලනි.... what a beauty.... 112m longs... This is what sri lanka need right now... And they need 12 runs off 4 balls. can they do it?
ඒ ගහපු පාරට නං , කෝටරක වල තිබ්බ ශ්ලේෂ්මල පටලත් පුපුරල ගියා.
තව මුන් ඉස්සරහ පජාත වෙන්නැතුව නැගිටල , මම ශලනිගෙ අතකින් ඇදගෙන එලියට ආව දොරත් වහගෙන.
"අනේ ඇයි මේ... මොකක්ද උනේ කියන්නකො"
"අතාරිනව අත. මදැයි පිරිමියෙක්ව විශ්වාස කලා. හිටියෙ නං දෙකට ගැනගන්න බෑ වගේ. ෆෝම් වෙන්නැති මම කතා කලාම. දැන් ඒකනෙ වටේටම අල්ලගෙන යන්නෙ නේ"
ශලනිගෙ තැන්පත් mode එක inactive ද මංද. දැන් නං ලොවෙත් aggressive mode එකකින් ඉන්නෙ. තව ටිකකින් මට හොඳ කඩප්පුලි කතා ටිකක් අහන්න වෙන ලයින් එකක් යන්නෙ.
"හරි හරි ඇයි මේ මට බනින්නෙ කියන්නකො"
"බනින්නෙද?. බනින්නෙ මම යනකං ඉඳල කොහෙවත් යන ගෑණු එක්ක කන්න බොන යන නිසා. අනික නිකනුත් නෙවේ. අත් වැල් පටලගෙන හිටියෙ. අම්මප මම ඒ වෙලාවෙම ගහන්න ආවෙ. කොහෙද. අර ගෑණි ඔහේවත් කාර් එකේ දාගෙන ආවනෙ."
ශලනි කොහෙදි හරි දැකල මම තාරුකා අක්ක එක්ක අත් අල්ලන් යනව.
මටත් හොඳ වැඩේ. puce අමාරුවනෙ ඉතින්. වෙන වැඩ නැතුවට තව කෑලි ටෝක් කරන්න ගියා.
"අනේ ශලනි. ඔයා හිතන ජාතියෙ දෙයක් මෙතන නෑ. මම කියන්නංකො විස්තරේ"
"තව මොන බොරු කියයිද ගිම්හාන් ඔයා. මම හිතුවෙ ඔයා අහිංසක කෙනෙක් කියල. දැක්ක දවසෙම හිත ගියේ ඒකයි. ඒත් දැන්නෙ මට පේන්නෙ ඇත්ත මිනිහව"
"අනේ ඉතින්. මම කියන කතාව අහන්නකො. ඕන්නං ඩොක්ටර්ට කොල් එකකුත් අරන් දෙන්නං. එයාගෙන් අහන්න."
"මොන ඩොක්ටර්ද?"
"මම කියන දේ පොඩ්ඩක් අහනවද?"
"හම්ම්."
"මේ බැල්කනියට යමුකො"
ශලනිව බැල්කනියට එක්කන් ගියේ කාමරේ ඉඳපු සක්කිලි ටික දොර දිගේ බඩගගා අපේ කන්වසේශන් එක අහනව කියල හොඳටම තේරුන නිසා.
"මේ අහන්නකො මම කියන දේ"
ශලනි පොඩ්ඩක් ටෙම්ප් ඩවුන් උන නිසා මම පළවෙනි දවසෙ , ඒ කියන්නෙ ඇම්ඩගෙ ෆෝන් එක නැති උන දවසෙ ඉඳන්ම , ශලනිට කතාව කියාගෙන ගියා. එයා හෙන සාවධානෙන් අහන් හිටියත් අවස්ථාව ලැබුනු ගමන් මගෙ හක්ක තලන්න වගේ අත මිට මොලවන් හිටියෙ.
තාරුකා අක්ක ගැනයි , එයාගෙ ප්‍රශ්නෙ ගැනයි , ඩොකා මට දීපු ජොබ් එකයි ඔක්කොම මම තාරුකා අක්කට කිව්ව.
එයා පොඩ්ඩ පොඩ්ඩ කූල් උන නිසා මම තාරුකා අක්කව කිස් කලා කියලත් කිව්ව.
හැබැයි ඒක කිව්වෙ නං ශලනිගෙන් තව කනේ පාරක් කන්න ඇප කැප වෙලා. හිතුව වගේම ඉරාකෙට බැලස්ටික මිසයිල ගහනව වගේ කණ පුරෝලා වැදුන. ශලනිගෙ අත හීනි නිසා කිස් කනව.
"තව මොනා හරි කියන්න තියෙනවද?"
මම ඔක්කොම කියල ඉවර වෙනකං ඉඳල ශලනි ඇහුව.
"හම්ම්"
"මොකක්ද"
"මම තාම ඔයාට විතරයි ආදරේ"
"බොරුවට ආදරේ පාවල දෙන්න එපා ගිම්හාන්. ආදරේ කරන කෙනෙක් කීයටවත් වෙන ගෑණියෙක්ගෙ අතින් අල්ලන් එහෙ මෙහෙ රවුම් ගහන්න යයි කියල හිතනවද ? මොන තත්වෙ හිටියත්?"
කට උත්තර නෑ ඉතින්. මම බිම බලාගෙනම හිටිය මුකුත් නොකිය.
"කතා කරන්න ඉතින් ගිම්හාන්"
"මට සමාවෙන්න. මම හිතුවෙ නෑ ඒක එච්චර දෙයක් කියල"
"ඕහ්.... ඒක එහෙම හිතන්න ඕනෙ දෙයක් නෙවෙයි. සාමාන්‍ය දැනීම."
"දැන් ඔයා කියන්නෙ මට තාරුකා අක්කගෙන් වෙන් වෙන්න කියලද?"
"නැතුව. අඳුරන්නෙත් නැත්තං , දන්නෙත් නැත්තං , ඔය කියනව වගේ එහෙම ආදරේකුත් නැත්තං අයින් වෙන්න එයාගෙන්"
"හම්ම්"
"ඔයා කැමති දෙයක් කරන්න ගිම්හාන්. ඔයා මගෙ විශ්වාසෙ බිංදුවටම අඩු කලා. මම එක පාරකුත් රැවටුනා. මම හිතුව ඔයා වෙනස් ඇති කියල. ඒත්.... ඔක්කොමල එකයි වගේ පේන විදිහට"
"අනේ ඉතින්... සමාවෙන්න මට"
"නැහැ ඔයා එක්කො මාව තෝරගන්න. නැත්තං ඔය කියන තාරුකාද කාවද තෝරගන්න. නෑ නෑ... මට නම්බරේ දෙනව"
"කාගෙද"
"අර රවුම් ගහපු කෙල්ලගෙ. නම්බරේ දෙනව."
"ඒයි. පිස්සු හැදිලද. මම මෙච්චර වෙලා කිව්වෙ එයාට ප්‍රශ්නයක් තියෙනව කියල. මේක ජීවිතයක් සම්බන්ධ දෙයක්. ඔයා දැන් එයාට කෝල් කරල බනින්න ගත්තොත් ඒ කෙල්ල මොනා කරගනීද දන්නෑ"
"ආ එහෙමද මහත්තය. හිතුන මට. අඩු ගානෙ දැන්වත් ලැජ්ජාවක් තියාගෙන කියපු දේ කරන්න ඕනෙ. ඒත් ලැජ්ජ නෑ තව නලවනව. ගිම්හාන්. මේ සම්බන්ධෙ ඉවරයි කියල හිතාගන්න"
"මොකක්?"
"ඇහුන්නැද්ද. මේක ඉවරයි!"
"මනුස්සමක් නැද්ද ඔයාට ඉතින්. ඒ කෙල්ල ප්‍රශ්නෙක ඉන්නෙ. ඒකයි මම මෙහෙම කරන්නෙ. නැතුව ඔයාට වැරැද්දක් කරන්න නෙවෙයි"
"බලු වැඩේ කරල දැන් ඒක වහන්නත් එනවද...."
කියාගෙන ශලනිගෙ අත මගෙ මූණ දිහාට ආව ආපහු පාරක්.
හැබැයි මේ පාර නං මගෙත් ඉවසීම ලෙල්ලටම හිඳිල තිබ්බෙ.
ශලනිගෙ වේගෙන් ආපු අත මූණෙ ගෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි මම අල්ලගත්ත. අල්ලල වේගෙන් පහලට කලා.
"තමුසෙට ලව් කලේ ගුටි කන්න නෙවෙයි මං. තමුසෙට මාව ඔච්චරටම ශුවර් නැත්තං යනව ඉතින්. මට අර කෙල්ලගෙ තත්වෙ දැන දැන ඒකිව පිස්සෙක් කරන්න බෑ. මට මීට වඩා කතා කරන්න දෙයක් නෑ"
ශලනි තරහින් එයාගෙ අත ගස්සල ගත්තත් , එයාගෙ ඇස් වල කඳුලක් උනනව කියල ලාවට දැක්ක මම. ඒත් ඒක දිහා නොබල මම කෙලින්ම උඩට නැග්ග.
කාමරේට ඇවිත් එහෙම්ම මූණ කොට්ටෙකට ඔබාගෙන නිදාගත්ත ඇඳට වෙලා.
උඹල අහල නැද්ද කතාවක්,
ආදරය ගෑවුණාද... එතන කදුළු ගංගාවකි...
ආදරය ඈත් උනාද... එතන මහ හිස්තැනකි...
ආදරේ කියන්නෙ හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ...
මෙච්චර වෙලා ගොන් ආතල් දීල දීල මූ එකපාරටම දාර්ශනික ටෝක් දෙන්න පටන් ගත්තෙ ඇයි කියල හිතනව ඇති උඹල.
මේකයි.... අද කොටස ඉවර කරන්න වචන ගාන මදි. ඉතින් බයිල ටිකක් ගහන්න වෙනව ඒක කවර් කරන්න.
_____________________
රශ්මි , මට පහුවෙලා කිව්ව , වෙලා තියෙන දේ. ශලනියි එයාගෙ ඔෆිස් එකේ අයයි දවල්ට කන්න එලියට ඇවිල්ල. ඒ එනකොට ඩයිනමෝ එක ගාවදි තාරුකා අක්ක මගෙ අතින් අල්ලන් ඉන්නව දැකල. ශලනි එවෙලෙම වාහනෙන් බැහැල එන්න හදලත් , මම ඊට කලින් එතනින් ගිහින්.
ඉතින් බෝඩිමම ගිනි තියපු , ශලනිගෙයි මගෙයි වලියෙන් පස්සෙ අපි දෙන්නම ආපහු මූණට මූණ බලන්නවත් ගියෙ නෑ. මට ඉවසගන්නම බැරුව එයාට මැසේජ් එකක් දැම්මත් එයා වචනෙන් දෙකෙන් රිප්ලයි කරල නිකං හිටිය.
තාරුකා අක්කට මේ මුකුත්ම කිව්වෙ නෑ මං. එයාට තවත් ප්‍රශ්න හදන්න ඕන්නැති නිසා. ඒ උනාට මට තාරුකා අක්ක ගැන කලින් තිබ්බ ආසාව නැති උනා. ඒකත් මට එක වැඩක් විතරක් උනා. සමහරවිට ඒ මම ශලනිට සිරාවටම ලව් කරපු නිසා වෙන්නැති. හැබැයි ශලනි කියනව වගේ මම සිරාවටම ලව් කරලත් නෑ. මම දන්නෑ මම කාටද ලව් කලේ , ඇයි ලව් කලේ කියල. හැබැයි මම දැන් පඹ ගාලක පැටලිලා ඉන්නෙ.
පිරිමින්ට මනුස්සකම , යහපත්කම මතක් වෙන්නෙ වෙනත් ගෑණියෙක් ඉස්සරහම විතරයි කියල කතාවක් තියෙනවනෙ. ඒකෙ පොඩි ඇත්තකුත් තියෙනව. මොකද කොල්ලෙක් ඒ තත්වෙ ඉඳියනං , උගෙ මයිලක් මායිම් කරන්නෑනෙ අපි. කෙල්ලෙක්ම ඉන්න ඕනෙ.
සතියක්ම ගෙවිල ගියා ශලනි එක්ක තරහ වෙලා. තාරුකා අක්ක කෝල් කලාම එහෙන් මෙහෙන් ගහල දාල කතා කලා මිසක් මම වැඩිය චාටුවට ගියෙ නෑ. එයා දිගටම ඩොක්ටර් හම්බෙන්න ගියා කියපු නිසා මම බලාපොරොත්තු පිට හිටියෙ ඉක්මනට මේ මගුල ඉවරයක් කරල ආපහු ශලනි එක්ක යාලු වෙන්න.
මතට තිත.... ආ නෑ නෑ... විරහවට තිත තියන්න වගේ අපේ ඇනුවල් ට්‍රිප් එක සෙට් උනා සති අගට. මම නං යන්නෑ කියල තීරණයක් ගත්ත කලින්ම. ඒ උනාට ශලනි යනව කියල ආරංචිය ආවට පස්සෙ මමත් ලෑස්ති උනා. මොකද ශලනිව ආපහු යාලු කරගන්න හොඳම චාන්ස් එකක් නිසා මේක.
සිකුරාද හවස හත වෙනකොටම අපි කොටුව ස්ටේශන් එකට ආව කෝච්චියෙ නගින්න. මමයි , ඇම්ඩයි , මෝලයි , නාලකයයි , ශලනියි , රශ්මියි , චතුමි අක්කයි , මේනකා අක්කයි , සංක අයියයි , හේශනී නංගියි , කලුව කියල බුවෙකුයි.
ආ කලුව ගැන මම උඹලට කිව්.....
වචන ගාන හරි. ඊළඟ එකෙන් බලමු.
මතු සම්බන්ධයි...