උන්මාදේ ッ
16දහසය වන කොටස

මතකනෙ. තාරුකා අක්ක එක්ක ඩොකාව හම්බෙන්න ආවට පස්සෙ මාර සිද්දියක් උනානෙ. ඩොකා මට පොටෝ එකක් පෙන්නුව. මට හීන් දාඩිය දැම්ම ඒක දැක්කම.
ඒ පොටෝ එකේ හිටියෙ මම නෙවෙයි කියල සැක හැර දැනගන්න මම දෙතුන් පාරක්ම ඒ දිහා බැලුව. ඒ හිටියෙ මම නෙවෙයි කියල හොයාගත්තෙ , පොටෝ එකේ හිටපු ඩයල් එක ඇඳන් හිටපු වැදගත් ඇඳුම් ටික නිසා.
ඒ පොටෝ එකේ හිටියෙ මම වගේම බුවෙක්. මූණ නං මට වඩා චුට්ටක් විතර දිගයි. ඒ උනාට ෆේස් කට් එක එකමයි. ඇරපු අතක් නෑ.
අම්මට කෝල් එකක් දීල අහන්න ඕනෙ ඉස්සර කාලෙ සම්තින් සම්තින් කේස් එකක්වත් ගිහින් ද කියල.
ඇයි යකෝ ලෝකෙ එක වගේ උන් හත් දෙනෙක් ඉන්නව කියල දැනන් හිටියට කවුද හිතුවෙ මෙහෙම එකෙක් මූණටම හම්බෙලා , අහක ගිය කිරිටොයියා කෑල්ලක් මගෙ කරේ සෙට් වෙයි කියල.
"මිස්ටර් ගිම්හාන්. ඔයාට තේරෙනව ඇති දැන් තත්වය පොඩ්ඩක්"
"මෙ... මෙයා මම වගේමනෙ ඩොක්ටර්"
"ඔව්. ඔය ඉන්නෙ මිස්ටර් හශාන් දිසානායක. තාරුකා මිස් අවුරුදු හයක් තිස්සෙ යාලුවෙලා හිටපු පිරිමි ළමය"
"එතකොට තාරුකා අක්ක හිතන් ඉන්නෙ මම , මේ ඩයල් එක කියලද?"
"නැහැ. මම කියන්නං තාරුකා මිස්ට උන දේ කෙටියෙන්. එතකොට මිස්ටර් ගිම්හාන්ට මේ තත්වෙ ගැන හොඳ අවබෝධයක් ලැබෙයි"
"ඕකේ ඩොක්ටර්"
"තාරුකා කියන්නෙ වැදගත් පවුලක ළමයෙක්. උසස් පෙළ සමත් වෙලා කැම්පස් ගිය කාලෙ , ඒ කැම්පස් එකේ හිටපු පිරිමි ළමයෙක් තමයි හශාන් කියන්නෙ. මෙ දෙන්නගෙ දැනහැඳිනුම ගොඩක් දුර ගිහිල්ල අන්තිමට මේ දෙන්න ආදරවන්තයන් උනා.
අවුරුදු හයක් ඒ සම්බන්ධෙ කිසිම ප්‍රශ්නයක් නැතුව ගලාගෙන ආවත් , මොකක් හරි අවාසනාවකට තාරුකාට බරපතල ප්‍රශ්නයක් ඇති උනා."
"ඒ මොකක්ද ඩොක්ටර්"
"තාරුකා , හශාන් එක්ක විවාහ වෙන්න හිටියෙ ලබන මාසෙ. එයාල විවාහ ගිවිසගත්තට පස්සෙ , දෙන්නම කෝකටත් කියල වෛද්‍ය පරීක්ශණයක් කරගෙන. අන්න එතනදි තමයි දැනගෙන තියෙන්නෙ හශාන්ට මුකුත් ප්‍රශ්නයක් නැතත් , තාරුකාට ප්‍රශ්න ගොඩක් තිබිල කියල. තාරුකාගෙ පැලෝපීය නාලවල අවහිරතාවන් වගේම ගර්භාශ අසාමාන්‍යතා තිබිල. ඒ වගේ දේවල් නිසා වෛද්‍යවරු කියල තියෙන්නෙ තාරුකාට ළමයෙක් හදන්න පුලුවන් චාන්ස් එක 3%ක් වගේ අඩු ප්‍රතිශතයක්ලු"
"අනේ... දෙයියනේ..."
"ඉතින් එතන ඉඳන් තමයි ප්‍රශ්නය වැඩි උනේ. මුලින්ම හශාන්ලගෙ දෙමාපියන්ගෙන් මේ විවාහයට විරුද්ධ වෙලා. ඒත් ටික කාලෙකින්ම හශානුත් විවාහයට විරුද්ධ උනා. මම දන්නෑ අවුරුදු හයක් ආදරෙන් හිටපු කෙනෙක් එහෙම එකපාටම වෙනස් උනේ කොහොමද කියල නං. ඒ උනාට හශාන් අන්තිමට මැරේජ් එක දාල වෙන් උනා.
හශාන්ටයි එයාගෙ පවුලෙ අයටයි ඒ ප්‍රශ්න එතනින් ඉවර උනත් තාරුකාට ප්‍රශ්න පටන් ගත්ත විතරයි. තාරුකාගෙ අම්මයි තාත්තයි ඒ සිද්ධියට කම්පනය වෙලා හෘදයාබාධයකින් නැති උනා. තාරුකාට ඉතුරු උන එකම සම්බන්ධය ඒ දෙන්න. ඒ දෙන්නත් ගියාට පස්සෙ තාරුකාට දැනුන හැඟීම් ගැන ඇත්තටම මටවත් කියන්න තේරෙන්නෑ."
තාරුකා අක්ක ගැන මට ඒ වෙලාව පුදුම දුකක් ඇති උනේ. හරියට මගෙ හිත ඇතුලෙන් හිලක් හැදිල වගේ වේදනාවක් ආවෙ මට.
"ඉතින් ඩොක්ටර් ඊට පස්සෙ මොකද උනේ?"
"තාරුකා දහතුන් වතාවක් සූසයිඩ් කරගන්න හැදුව. ඒකෙන් දෙපාරක් ඇත්තටම තාරුකා නූලෙන් බේරුනේ. එක පාරක් එයා එයාගෙ බඩට පිහියෙන් ඇනගත්ත. ඒ බඩ නිසා තමා එයාට හැමදේම නැති උනේ කියල. ඒ පාර අසාධ්‍ය උන නිසා තමා තාරුකාව මට යොමු කලේ. මමයි තවත් මානසික වෛද්‍යවරු හතර දෙනෙකුයි එකතු වෙලා තමා තාරුකාව සන්සුන් කලේ. අපිට එයාව මෝහනය කරල යම් යම් අදහස් එයගෙ හිතට කාවද්දන්නත් සිද්ධ උනා."
"ඩො... ඩොක්ටර්. ඉතින් ඇයි තාරුකා අක්ක මාත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න හදන්නෙ?"
"හරිම සරලයි. ඔයා මිස්ටර් හශාන්ගෙ ඔරිජිනල් කොපි එකක් වගේ. ඔයා කතා කරන විදිහ උනත් , මිස්ටර් හශාන්ට හුඟක් සමාන ඇති. ඉතින් ඔයාව දැක්ක ගමන් තාරුකා හිතුව , එයාගෙ සිහින කුමාරය ආපහු එයා ගාවට ආව කියල. එයාගෙ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියල"
"ඒත් ඩොක්ටර්..."
"ඔව් මම දන්නව. මිස්ටර් ගිම්හාන්ට මම එක දෙයක් කියන්නං. තාරුකාවත් දන්නැති. තාරුකාට තියෙනව මානසික අවපාතනයක්. ඒක ඇති උනේ එයා මුහුණ දීපු සිදුවීම් නිසා වෙච්ච කම්පනයෙන් කියල අපි හිතන් ඉන්නව. තත්වය දරුණු උනොත් තාරුකා ඇත්තටම මොනව කරගනීද , මොනව කරයිද කියල මම දන්නෑ. අපිට සිද්ධ වෙනව එහෙම උනොත් එයාව ඉහළ වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන්න. හැබැයි සාමාන්‍ය විදිහට නෙවෙයි. අනිත් අයත් එක්කම එකට"
මගෙ හිතට මහා බයක් දැනෙන්න ගත්ත ඩොක්ටර් ඒක කියපු විදිහට.
"එ... ඒ කියන්නෙ ඩොක්ටර් නිකං පිස්සන් කොටුව...."
"ඔව් මිස්ටර් ගිම්හාන්."
"අනේ ඩොක්ටර්"
"මම දන්නව. අපි ඒ තැනට යන්නැතුව ඉන්න ගොඩක් උත්සාහ කරනව. මට දැනෙනව අන්තිමේදි අපිට අවස්ථාවක් ලැබුන කියල තාරුකාව හොඳ කරන්න."
"ඒ කිව්වෙ ඩොක්ටර්"
"මම දැන් තාරුකාට බේත් කරන්නෙ මාස දෙකකට ආසන්න කාලයක් තිස්සෙ. අද තමා මම පළවෙනි පාරට තාරුකාගෙ මූණෙ උද්‍යෝගයක් දැක්කෙ. මම අනුමාන කරනව , එහෙම උනේ ගිම්හාන් නිසා කියල"
"ඉතින් ඩොක්ටර් එයා මාව දන්නෙවත් නෑනෙ. මමත් එයාව දන්නෑනෙ"
"ගිම්හාන් මීට කලින් කාට හරි ආදරේ කරල තියෙනවද?"
"කලින් නං නෑ ඩොක්ටර්. ඇයි ඒ?"
"ඒ කියන්නෙ ගිම්හාන්ට තාම තේරෙන්නැතුව ඇති ආදරේ කරපු කෙනෙක් දාල යනකොට දැනෙන වේදනාව. මම දකින්නෙ තාරුකා ඒ හේතුව නිසා උමතු උනා කියල."
"ඩොක්ටර් ඇයි මට කතා කරන්න ඕනෙ කිව්වෙ"
"ගිම්හාන්ට ප්‍රශ්නයක් නෙවෙයි නං තාරුකා එක්කම දිගටම සම්බන්ධයක් පවත්වාගෙන යන්න පුලුවන්ද අහන්න. මම බල කරනව නෙවෙයි. මේක සම්පූර්ණෙන්ම ගිම්හාන්ගෙ තීරණය. මම කිසිසේත්ම ගිම්හාන්ට බලපෑමක් කරනව නෙවෙයි"
"නැ... නෑ ඩොක්ටර්. මට ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් මම වෙන කෙනෙක් එක්ක දැනටම යාලු වෙලානෙ ඉන්නෙ. මට නං බෑ ඩොක්ටර් ඒක එහෙම එකපාර නවත්තල දාන්න. මම එහෙම මිනිහෙක් නෙවෙයි. ඩොක්ටර්ට තේරෙනව ඇතිනෙ"
"හරි හරි. මට තේරෙනව. ඒත් මම තාරුකා වෙනුවෙන් ගිම්හාන් ගෙන් පොඩි ඉල්ලීමක් කරන්නද?"
"ආ අවුලක් නෑ ඩොක්ටර්. කියන්න"
"මට මාසයක් කල් දෙන්න. මම තාරුකාව මේ තත්වෙන් මුදාගන්නම්. එතකං ගිම්හාන්ට පුලුවන් නං , තාරුකා එක්ක මේ තියෙන සම්බන්ධෙ දිගටම පවත්වාගෙන යන්න. මොකද තාරුකා දැන් කූල් ඩවුන් වෙලා ඉන්නෙ නිසා අපිට යමක් කරන්න පුලුවන්"
ඩොකා මේ නොකියා කියන්නෙ ඩබල් ගේම් ගහපං කියලද?. වෛද්‍ය නිර්දේශ වලට දැන් ඒවත් කියනවද?. යකෝ දන්නව නං නර්සින් හරි ගිහිල්ල හොස්පිට්ල් එකකට සෙට් වෙනව.
"ඒ කියන්නෙ ඩොක්ටර් මට තාරුකා අක්ක එක්ක එතකං ඉන්න කියලද?"
"ඔව් ගිම්හාන්. මම ඒක අහන්න සුදුසු නැති ඉල්ලීමක්. ඒ උනාට ගිම්හාන් යාලු වෙලා ඉන්න ගෑණු ළමය එක්කත් කතා කරල , තාරුකා වෙනුවෙන් ඒ දේ කරන්න."
"මම කල්පනා කරල බලන්නං ඩොක්ටර්"
"හරි ගිම්හාන්. එහෙනං මෙන්න මගෙ නම්බර් එක. ගිම්හාන්ගෙ තීරණේ අපි බාරගන්නව. ඒ ගැන සැකයක් තියාගන්න එපා. මම මෙහෙම ඉල්ලුවෙ , තාරුකාව ඉක්මනට හොඳ කරන්න වෙන ක්‍රමයක් අපිට නැති නිසා. මේ අපේ එකම අවස්ථාව වෙන්න පුලුවන්."
"හරි ඩොක්ටර්. මම කෝල් එකක් දෙන්නං එහෙනං."
"ඕකේ ගිම්හාන්. හෑව් අ නයිස් ඩේ!"
ඩොකාට කට් එක දාල මම කාමරෙන් එලියට ආව. තාරුකා අක්ක එතන ඉස්සරහ තිබ්බ පුටු පේලියෙ ඉඳන් දොර දිහා බලන් හිටියෙ. මම එලියට එනව දැකපු ගමන් තාරුකා අක්ක මං ගාවට ආව.
"ඩොක්ටර් මොකෝ කිව්වෙ"
"ආ මුකුත් නෑ. මේ නිව් ගිනියා වල ගිනිකන්දක් සක්‍රීය වෙලාලු. අපි මේ එතන භූගෝලීය විහිදුම ගැන පොඩ්ඩක් සාකච්ඡා කලා."
ඔය කිව්වෙ ට්‍රැක්ටරෙයි ඉරයි වගේ කතාවක්. මෙලෝ පදනමක් තියෙන කතාවක් නෙවේනෙ.
තාරුකා අක්ක ඇස් ලොකු කරල හිනා වෙලා මගෙ අතක් අරන් , එයා එයාගෙ අතින් මගෙ අත වෙලාගත්ත.
"එච්චර දෙයක් කතා උනාද. හරි හරි ඒකට කමක් නෑ. අපි කන්න යමුද කොහේ හරි"
"ම්ම්ම්ම් ඔයාට ඕනි නං යමු තාරු"
ආතල් වැඩි කමට යමු කිව්වට , ඔය කොයි දීපංකරේ හරි ශලනි ඉඳල එයාට අහු උනොත් නං ශලනිගෙන් සමුරායි කෑමක් කන්න වෙන්නෙ.
"අපි යමු එහෙනං ඩයිනමෝ එකට"
"ඈහ්. මම එච්චර සල්ලි නං ගෙනාවෙ නෑ හැබැයි"
"හරි මෝඩයො. මම ගෙවන්නං ඉතින්"
"හෙ හෙ. එහෙනං ශැංග්‍රීලා එකට හරි යමු."
"මැට්ටා...."
තාරුකා අක්කට සල්ලි නං තියෙනව. හැබැයි කරන ජොබ් එකක් නං දන්නෑ.
අපි දෙන්නම කාර් එකට නැගල ඩයිනමෝ එකට එන්න පිටත් උනා. ඒ අතරෙ මට හිතුන තාරුකා අක්ක ගැන පොඩ්ඩක් හොයල දැනගන්න.
"මේ තාරූ..."
"ම්ම්ම්ම්"
"ඔයාගෙ ජොබ් එක මොකක්ද?"
"මම ඔය පොඩි පොඩි දේවල් කරන්නෙ ගිම්හාන්"
"ඒ කිව්වෙ"
"වෙබ් ඩිසයිනින් , ග්‍රැපික්ස් ඩිසයිනින් , ආට් වර්ක් වගේ ඒව කරනව. තව මම ෆ්‍රීලාන්ස් රයිටර් කෙනෙක්. ඉඳල හිටල චිත්‍ර ඇඳල එක්සිබිශන් වලට දෙනව. කලාතුරකින් ඔන්ලයින් මොඩරේශන් කරනව"
තාරුකා අක්ක කිව්වෙ පොඩි පොඩි දේවල් කරනව කියලද බං?. මංද මටත් මුලින් ඇහුනෙ එහෙම.
"හෙ හෙ. සමහර ඒව නං මම දන්නෙත් නෑ"
"ඒකනෙ ඔයා මගෙ කියුට් පැටියා වෙලා ඉන්නෙ"
කියල තාරුකා අක්ක මගෙ කම්මුලෙන් අල්ලල මිරිකුව හිමීට.
තාරුකා අක්ක ඇත්තටම හිතන් ඉන්නෙ මම අර හශාන් කියන එකා කියල. එයාට ඕන්නෑ මගෙ ආදරේ. එයාට ඕනෙ මට ආදරේ කරන්න විතරයි. මගෙන් ආපහු වෙන් නොවී ඉන්න.
ඩයිනමෝ එක ගාවින් නවත්තල අපි දෙන්න ඇතුලට ආව. ඒ එනකොටත් තාරුකා අක්ක මගෙ අතින් අල්ලන් ආවෙ හිනා වෙලා. කඩේ කවුන්ටරේ ගාව ඇන්ටි කෙනෙක් ළමයෙක් එක්ක ඉන්නව දැකපු නිසා මම තරූ අක්කගෙන් පොඩ්ඩක් එහාට උනා.
ඔය තමන්ගෙ ළමයි එක්ක එහෙ මෙහෙ යනකොට අම්මලට හරියට කේන්ති යනව. තද වෙනව නිකං මිරිස් කරල වේලල මිරිස් ගහ අමුවෙන් කෑව වගේ.
තද වෙන එක ගැන මතක් කරපු නිසා මම සීන් එකක් කියන්නං මට වෙච්ච. මීට ටික කාලෙකට උඩදි මේක උනේ.
ඔන්න මම කඩේකට ගිහිල්ල බඩු අරන් බිල ගෙවන්න පෝලිමේ ඉන්න ගමන් හිටියෙ. මට ඉස්සරහින් හිටියෙ ළමයෙක් එක්ක අම්ම කෙනෙක්. ළමයෙක් කිව්වට ඌ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල හොයාගන්න විදිහක් නෑ. ඉස්සරහ බලන් හිටියෙ. නිල් පාට ශර්ට් එකක් ඇඳල සපත්තු දාල අර කෙල්ලො දාන ජාතියෙ දිග කොණ්ඩයක් තියෙන කැප් එකක් දාන් හිටියෙ.
මුගෙ අතේ තිබ්බ මොකක්ද සෙල්ලම් බඩුවක්. ඩයිනෝසරයෙක් වගේ මතක.
ඉතින් පෝලිමේ ඉස්සරහට යන අතරෙ මේ පොඩි එකා ඒක වට්ටගත්ත.
මම අර අම්මට කතා කරල,
"අක්කෙ මේ ඔයාගෙ දුව සෙල්ලම් බඩුව වට්ටගත්ත." කියල කිව්ව.
ඒ ගෑණි මගෙ දිහා බැලුවෙ හරියට මම පොඩි එකාට අතවර කරල ඒ ගෑණිව දූශනේ කරන්න හැදුව වගේ ලුක් එකකින්. එහෙම මං දිහා බලල මේ ගෑණි කන්න වගේ කතා කලා.
"දුව?. මම හිතන්නෙ ඔහෙට ඇස් පේන්නෑ. මේ මගෙ පුතා. මේ නිල් පාට ශර්ට් එකක් ඇඳන් ඉන්නෙ. නිල් අඳින්නෙ පිරිමි. තමුසෙ ඒකවත් දන්නැද්ද. ඇස් දෙකට පෙනි පෙනි මගෙ ළමයට දුව දුව කියන්න"
මමත් කන්පියුස්. මොන මගුලක්ද මේ. පුතෙක්ට දුව කිව්ව කියල ඔච්චර නටන්න දෙයක් නෑනෙ.
හොඳම වැඩේ කියන්නෙ ඒ ගෑණි ඇඳන් හිටියෙත් නිල් පාට බ්ලවුස් එකක්. එහෙම ඇඳගෙන මට කියනව නිල් අඳින්නෙ පිරිමිලු.
වදන් පදන් අමත පදං සදං බදං සුළඟ හමන් වෙන්න කියල මම ගානට ටෝක දුන්න.
"අනේ සමාවෙන්න අයියේ... මම දැක්කෙ නෑ පුතාව. පිය පුතු දෙපළගෙන්ම මම සමාව ඉල්ලනව"
ඕකට ඒ ගෑණිට යක්සාවසේස උනා. හෑන්ඩ් බෑග් එකත් ඔහෙක් කරගෙන මාත් එක්ක වලියටම ආව. but මට බය වෙන්න දෙයක් නෑ. මම ඇඳන් හිටියෙ රෝස පාට ශර්ට් එකක්. මිනිහෙක්ට බෑ ගෑනු කෙනෙක්ට අතක් උස්සන්න. ඒ නිසාම එදා බේරුනා. හදිස්සියෙවත් මම නිල් පාට ශර්ට් එකක් ඇඳන් ගියා නං එදා , අනිවා වලියක් යනවම තමයි.
තාරුකා අක්කම කෑම එකක් ඕඩර් කලා. ඊට පස්සෙ අපි දෙන්න ඇවිල්ල ඇතුලෙන් වාඩි උනා. ඩයිනමෝ එකේ ටේබල් වටේට තියෙන පුටු හෙන උසයි බං. නිකං බොක්ස් වගේ. ආයෙ ඕනෙ සුකුරුත්තමක් කරතෑකි. පේන්නෑ එලියට. හැබැයි මේසෙට යටින් අහුවෙන ඒව විතරයි. සේපට නින්ජා ආතල් එකක් නං ගත්තෑකි.
ඒ අස්සෙ ඒකෙ ටීවි එකේ දාල ඇනිමල් ප්ලැනට් එකේ ඩොකියුමන්ටරි සීන් එකක්. චීටා කෙනෙක් ගෝනෙක් පස්සෙ දුවනව දිවිල්ලක් , ගෝනාත් කෙලගෙන යනව කපීර් එන්ජිමකට එතනෝල් දාල දුවනව වගේ.
ඔහොම දුවල දුවල අන්තිමට ගෝනාට වංගුවක් ගන්න මිස් වෙලා ඩෝං ගාල ගිහිල්ල වදිනව ගහක ඔලුව. චීට දුවන් ආවෙ ගෝනාව අල්ලන්න උනාට , මේ සීන් එක දැකල චීටා බකස් ගාල නැවතිලා බලන් හිටිය ගෝනා දිහා. මම හිතන්නෙ චීටා එලවපු එකෙක් කෙලගෙන ගිහිල්ල කොහේ හරි වැදුනමද කොහෙද.
ගහේ වැදුන පාරට අන්ද මංද උන ගෝනා , මෙන්න එක පාරටම නැගිටල අං තට්ටුවත් දික් කරන් , චීටා පස්සෙ එලවන්න ගත්ත කියහංකො. වැදුන පාරට ගෝනාට අමතක වෙලා මම හිතන්නෙ සැවානා භූමි වල ආහාර දාමයක අනුපිළිවෙල.
ඒක බලන්න ගියොත් මෙච්චර කල් පරිසරය ගැන ඉගෙනගත්තු ඔක්කොම බොරුවක් වෙනව. ගෝන්නු චීටා පස්සෙ එලවනව , ඉබ්බෙක් ටවර් එකක් උඩට නැගල , ඇලිගේටරයෙක් අල හාරගෙන කනව. සොබාදහමේ ප්‍රතිවිරුද්ධ දේවල් පෙන්නන්නෙ.
"තාරූ..."
"ම්ම්ම්ම්ම්ම්"
"ඔයා අර ෆ්‍රීලාන්ස් ද මොකක්ද රයිටර් කෙනෙක් කිව්ව නේද?"
"ඔව් ඉතින්..."
"ඒ කියන්නෙ ඔයා කතා ලියනවද?"
"එහෙමමත් නෙවෙයි. ඒකෙදි මම වෙන කෙනෙක් වෙනුවෙන් ලියල දීමක් වෙන්නෙ. කතාත් ලියන්න පුලුවන්. සාමාන්‍යයෙන් ලියන්නෙ ඊ-පේපර්ස් වලට ආටිකල් වගේ දේවල්."
"ආ හරි හරි"
"මොකෝ එක පාරටම"
"නිකං... මම ඔය ෆ්‍රීලාන්ස් ගැන අහල තිබ්බට දන්නෑ ඒකෙ මොනාද කරන්නෙ කියල"
"මගෙ කියුට් පැටියා මුකුත් දන්නෑනෙ"
කියාගෙන තාරුකා අක්ක ආපහු මගෙ කම්මුල මිරිකුව.
ඔහොම කතා බහ කරන අතරෙ අපේ කෑම එකයි බීම දෙකයි ගෙනල්ල දුන්න ටේබල් එකට. මම හිතුවෙ කෑම දෙකක් ඕඩර් කලා කියල. ඒ උනාට තාරුකා අක්ක එක කෑම එකයි අරගෙන තියෙන්නෙ.
මම හැන්ද අරන් ලෑස්ති වෙනකොටම තාරුකා අක්ක මාව නැවැත්තුව.
"කෝ ඉන්න මම කවන්නං. හානෙ"
"ඉතින් හැන්දෙන්නෙ කන්නෙ"
"නෑ මම අතින් කවන්නං.අනේ... හානේ..."
"ම්ම්ම්ම් හා එහෙනං. තාරු කැමති දෙයක් තමා"
"හොඳ පැටියා"
තාරුකා අක්කට ඇත්තටම ගානක් නෑ මම එයාට ආදරේ කරනවද , මම එයා ගැන හිතනවද , මට එයාව වටිනවද ඒ මුකුත්ම ගැන. එයාට ඕනෙ සරලවම මාව ළඟින් තියාගෙන මට ආදරේ කරන්න. සමහරවිට ඇත්ත ආදරේ ඒක වෙන්නැති. අනිත් කෙනා තමන්ට කොහොම සැලකුවත් , තමන් දිගටම එයාලට හදවතින්ම ආදරේ කරනව ඇති.
තාරුකා අක්ක කෑම එක අනල මට කවන්න ගත්ත. මමත් පොඩි එකා වගේ කට ඇරල ඒක කටට දාගත්ත.
"ගිම්හාන්....."
"ම්ම්ම්ම්ම්ම්ම්ම්"
"ආපහු මාව දාල යන්නෑ නේද?"
මොන හත්තිලව්වක් ද ඒ. මම එක පාරක් දාල ගියාද බං?. ආ නෑ නෑ... අර හශානය ගැන වෙන්නැති මේ කියවන්නෙ. ඩොකාට සප් එක දෙන්න ඕනෙ ඉක්මනට තාරුකා අක්කව හොඳ අතට ගන්න. ඒ නිසා ශේපෙ ටෝක් දාල , කූල් එකේ තියාගන්න ඕනි.
"නෑ තාරූ... බය වෙන්න එපා..."
වැඩිය හිතන්නැතුව කියපු ඒ පොඩි වාක්‍යට තාරුකා අක්ක සෑහෙන සතුටු උනා.
"මම දන්නවා.... නිකං ඇහුවෙ.... කෝ ආ... කියන්න"
"ආ........"
තාරුකා අක්ක මගෙ කටට බත් ටික දානකොට සුරුස් ගාල පොඩ්ඩක් හැලුන මගෙ කලිසම උඩට.
"ඉන්න මම ගන්නම්..." කියාගෙන තාරුකා අක්ක මගෙ කලිසම උඩ තිබ්බ බත් ඇට ටික ගත්තා.
කෙල්ලෙක් මෙහෙම වෙලාවක කකුල් දෙක අතගාන කොට උඹලට හිතෙන්නෙ මොකක් වෙයි කියලද?. මෙලෝ ආසාවක් නැති ගස් ලබ්බෙක්ට නං මුකුත් වෙන්නෑ. ඒ උනාට පිරිමිකම ඉහටත් උඩින් තිබ්බ මගෙ යකා නං කෙලින් උනා.
තාරුකා අක්ක බත් ටික එහාට කර කර සිප් එක ගාවටම ඇවිල්ල සිප් එක උඩිනුත් අල්ලල බත් ඇට ටික එහාට කලා.
නකල්ස් කන්ද වගේ ඉස්සිලා එතන. තාරුකා අක්ක ඇස් ලොකු කරන් හිනාවක් දාන් ඒ දිහා බලල,
"මේ මොකද මැට්ටො" කියල ඇහුව.
"හෙ හෙ... පොඩ්ඩක් ඉතින් රයිස් අප් උනා. හේ....."
මතු සම්බන්ධයි...