උන්මාදේ ッ

උන්මාදේ ッ

15

පහළොස්වන කොටස

මතකනෙ. මෝලගෙ කේස් එකේ විමර්ශනෙන් පස්සෙ අපිට ශලනිව හම්බුනා. එයා ඇහුවනෙ එකපාරටම මම ගෑණු කෙනෙක් එක්ක කාර් එකේ නැගල කොහෙද ගියෙ කියල.....


කලින් කොටසට




"ආහ් මේ.... නෑ ශලනි... අර ඔෆිස් එකේ මිස් කෙනෙක්ගෙ පීසී එකක් අවුල් ගිහිල්ල. ඒකයි. ඒක බලන්න මාව එක්කන් ගියා"


"එහෙනං කමක් නෑ. මම හිතුව මම ගිය ගමන් වෙන හුචැක්කුවක් දාගෙන කියල"


"පිස්සුද අනේ. එහෙම කරනවද මං"


එක පාර දෙකක් රන් කරන ගමන් මෙහෙම බොරු කියන එකෙත් සැඟවුනු ආතල් එකක් තියෙනව. ඒකනෙ මිනිස්සු එහෙම කරන්නෙ.


ශලනිගෙ ටොන් දෙකහමාරක් විතර බර බෑග් එක මමයි මෝලයි කරේ තියන් ගියා තුන් වෙනි තට්ටුවට. බෑග් එක කරේ තියන්, පිට කොන්ද කටේ එල්ලන් ගියේ.


ඒක ශලනිගෙ කාමරේ ගාවින් තියල මෝලා උඩට ගියා බුස් ගාල. ආපහු වැඩක් සෙට් වෙයි කියන බයටද කොහෙද.


"ඉතින් දැන්ම යනවද?... මාත් එන්න ඕනෙද?"


"නෑ ගිම්හාන්. ඔෆිස් එකෙන් මෙතනට එවන්නං කිව්ව වාහනයක්. සෝ ඉට්ස් ඕකේ."


"හරි හරි. මොකක් හරි ඕනෙ උනොත් කියන්න එහෙනං ඈ."


"හරී. මම පහළට යනව ඈ මේක ඇතුලට දාල. පරිස්සමට ඉන්න.."

කියල ශලනි මගෙ කම්මුලට කිස් එකක් දුන්න.


"ඔයත් පරිස්සමට ඉන්න එහෙනං. මම යනවා උඩට. ආපහු කීයට වගේද එන්නෙ"


"හවස් වෙයි ගිම්හාන්."


"හරී. ගන්න එන්න ඕන්නං කියන්න ඈ"


"හරි ගිම්හාන්"


ශලනිට කතා කරල ඉවර වෙලා මම උඩට ආව. එන අතරෙත් අර අමුතු වරදකාරී හැඟීම මෝදු වෙලා තිබ්බෙ තවත්. ඒ උනාට ශලනිගෙ කිස් එකෙන් පස්සෙ ඒ හැඟීම යටපත් වෙලා මට තවත් ඒ වගේ දේවල් වලට ආසාවක් ආව. ශලනි දැන් යනවනෙ ඉතින්. ඔන්න ඔහේ තාරුකා අක්ක එක්ක පාටියට යනවද?.....


තරුණ කාලෙට අපිට කිසිම වගතුවක් නෑ , අපි ගන්න ක්ශණික තීරණ වල ප්‍රථිඵල මොන වගේ වෙයිද කියල. ඉතින් මමත් වැඩිය හිතන්නැතුවම කාමරේ ඉස්සරහ බැල්කනිය ගාවට ඇවිල්ල තාරුකා අක්කට කෝල් එකක් ගත්ත.


එයා නං පට ගාල ආන්ස්වර් කලා.


"කියන්න ගිම්හාන්..."


නම්බරේ සේව් කරන් ඉන්නවද කොහෙද.


"ආහ් මේ තාරූ. මට අද යන්න පුලුවන් වෙයි. විනාඩි තිහකින් විතර මාව ගන්න එනවද?. කීයටද යන්නෙ පාටියට.?"


"අනේ..... හරී මම එන්නං. පාටිය නං තියෙන්නෙ ටිකක් දවල් වෙලා.... මම එන්නං... ලස්සනට ශර්ට් එකක් ඇඳගන්න. හානෙ. ලොකුවට සැරසෙන්න ඕන්නෑ. පොඩි පාටියක්."


"හරි හරී..."


තාරුකා අක්කගෙන් ලැබුණු කිස් එකේ පහසයි , එයාගෙ ඇඟ ස්පර්ශ වෙනකොට මට දැනුන අමුතු ආසාවයි නිසා මම ශලනිට කරන්න යන වැරැද්ද ගැන අබමල් රේනුවක තරම්වත් මට හිතුන්නෑ.


කොල්ලො උනාම කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන. කෙල්ලො ටෝක් කරන්නෝන ලව් කරන්නෝන සුලු වැරදි කරන්නෝන.


මම කාමරේට එනකොට මෝලා ඌ හොයාගත්තු ඒව ගැන අනිත් ඩබලට කියන ගමන් හිටියෙ. නාලකය නිකං ඩොක්ටර් ජෝන් වොට්සන් , හෝම්ස් කියන කතාවක් අහන ලයින් එකේ ඒක අහන්නෙ.


තරුකා අක්ක ගැන මම මුන්ට මුකුත්ම කිව්වෙ නෑ තාම. මොකද මම ඒක දිවයින පත්තරෙයි , සිරස නිව්ස් ෆස්ට් වලට දාන එකයි සැපයි මුන්ට කියනවට වඩා.


මේ බෝඩිමේ තොරතුරු සන්නිවේදනය හෙනම අක්‍රමවත්. එක පාරක් අපිට අල්ලපු කාමරේ සංක අයියා එයාගෙ නංගිගෙ උපන්දිනේට දෙන්න කියල හෙන පත ටෙඩි බෙයාර් කෙනෙක් ගෙනාව. ඒක දැක්කෙ අපේ කාමරේ උනුයි පහළම හිටපු ගෑනු දෙතුන් දෙනෙකුයි විතරයි. ඒ උනාට ඊළඟ දවසෙ නිව්ස් එක යන්නෙ සංක අයියා රෑ මැද්දෙ ගණිකාවක් එක්කන් ඇවිල්ල කාමරේ ජිලි ජිලිස් දැම්ම කියල.


එහෙව් බෝඩිමක මුන්ට කිව්වොත් මම දැන් වෙන කෙල්ලෙක් එක්ක පාටියකට යනව කියල , හෙට නිව්ස් එකක් යයි මම ළමයි ඉන්න තාත්ත කෙනෙක් කියල.


ඒ නිසා මම සද්ද වහල හෙමින් හෙමින් ලෑස්ති වෙලා , වැඩකට ඔෆිස් යනව කියාගෙන පහළට ආව.


බෝඩිම ගාවින්ම කාර් එකේ නැග්ගොත් ශලනිගෙ ඔත්තුකාරය මේකත් එයාට කියනව.


ඒ නිස මම හන්දිය ගාවට ගිහින් පාරෙ බලන් හිටිය. ටිකකින් මම දැක්ක තාරුකා අක්ක එනව කාර් එකේ ඈත තියාම. එයා නිකං නයිට් රයිඩර් ඔටෝ පයිලට් මොඩ් දාගෙන වෙන කාර් එකක් චේස් කරනව වගේ එන්නෙ.


කාර් එක ඇවිල්ල නැවැත්තුවම මම දොර ඇරන් ඉස්සරහ සීට් එකෙන් වාඩි උනා. පාටියකට යනව කිව්වට තාරුකා අක්ක ඇඳන් හිටියෙ නෝමල් ලෙගීන්ස් එකකුයි බ්ලවුස් එකකුයි. සික මෝල් වෙලා ඉන්න වෙලාවක මෙයා ඇඟට හිර උන එකක් ඇඳන් ඇවිල්ල මාව ස්ත්‍රී දූශකයෙක් කරගන්න හදන්නෙ ඉතින් ඔය.


"මොකෝ මේ පාටියකට යනව නෙවෙයිද?"


"යනවා.... අපි ගෙදර ගිහින් එමූ. තව වෙලා තියෙනව. ඩොක්..... ආ නෑ මේ පාටිය පටන් ගන්නෙ 1ට."


"හරි හරි"


තාරුකා අක්ක කියන්න ආපු එක නං කිව්වෙ නෑ කියල මට මීටර් උනා. ඒ උනාට මම කටපියන් හිටිය.


තාරුකා අක්ක එයාගෙ ගෙදරට මාව එක්කන් යනකංම මගෙ ඇහැ තිබ්බෙ තාරුකා අක්කගෙ තුම්මුල්ලෙ. මල හත්තිලව්වක් වෙන්නෙ දැන් නං. ටෙන්ට් එකත් වැදිල. මේ වගේ අවස්ථා සෙට් උනාම තමා සිරිමත් ලත් රේප් සීන් වලට බහින්නෙ. කකුල් දෙක මැද්දෙ ගානට පිම්බිලා....


හෝව් හෝව්... ආපහු කතාවට.


තාරුකා අක්ක , කාර් එක එයාලගෙ වත්තට දාල බැස්ස කාර් එකෙන්.


ඔන්න ඒ ගමන නං ශුක්‍ර ජනනය ඇණහිටිය. උනුත් තාරුකා අක්කගෙ බොඩිය දිහා බලන් ඉන්නව.


මම තාරුකා අක්කගෙ ඇඟ දිහා හිවල් බැල්මක් දාන් බලපු නිසාද මංද තාරුකා අක්ක හිනා වෙලා මට කතා කලා


"මොනාද ඔච්චර බලන්නෙ. කාර් එකේ එනකනුත් කකුල් දෙක දිහා බලන් ආවෙ"'


"අ... නැ නෑ මේ. ලස්සනයි අද ඔයා ඒකයි."


"මෝඩ කොල්ලා. එන්න ගෙට"


ලෙගීන් එකට පිම්බිලා පේන එන්ජිම....


මේ වෙලාවට තමා හිතෙන්නෙ මෝටර් මිකෑනික් කෙනෙක් උනා නං , එන්ජිම අතගාල බලල , වතුර ඇදල දාන්න තිබ්බ කියල.


මනෝ පාර සැරටම දාගෙන මම ගේ ඇතුලට අඩිය තිබ්බ ගමන්ම වගේ තාරුකා අක්ක මගෙ කරේ එල්ලුනා ඇවිල්ල.


"මෙ... මේ ඇයි තාරූ..."


"බලන් හිටියෙ මොකෝ.... ආස හිතුනද?"


"හෙ හෙ.... ඔ.. ඔව් ඉතින්. ලස්සනයිනෙ. එ... ඒකයි"


"ඉතින් එහෙනං ගන්නකො මාව"


"ඒ කිව්වෙ?"


ලව් එකක් තියා හොඳට සවුන්ඩ් එක්ක කාශ්ඨාරෝහක වැලක් වත් බලපු නැති මම මේ වගේ සරාගී වදන් ගැන කොහේ දැනගන්නද?


"ඒකවත් තේරෙන්නැද්ද අනේ. ඒකට කමක් නෑ.. එන්නකො දැන්"

කියාගෙන තාරුකා අක්ක මගෙ මූණට ලං උනා.


ශනූ දීපු කිස් එක හොඳටම මදි වෙලා හිටපු මාව ඒ වෙලාවෙ ඉඳන්ම ඇවිස්සිලානෙ හිටියෙ.


මමත් තාරුකා අක්කට විරුද්ධ උනේ නෑ ඒ නිසා.


එයා මගෙ තොල් දෙක ඊයෙ වගේම උරාබොන්න ගත්තෙ රෝස මලකින් බඹරෙක් පැණි බොනව වගේ. ඒ වෙලාවෙ මට ශනූගෙ හාදුවෙ රස අමතක උනේ ඇයි කියන එක මම දන්නෑ. මම ඒ වෙලාවෙ ජීවත් උනේ තාරුකා අක්කගෙ තොල් පෙති අස්සෙයි, එයාගෙ එහාට මෙහාට යන දිව අස්සෙයි.


මගෙ තොල් දෙක උරාබොන ගමන්ම තාරුකා අක්ක රහසින් වගේ මට කෙඳිරුව.


"ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්.... අපි කාමරේට යමුද?"


"ම්ම්ම්ම්ම් හම්ම්ම්ම්...."


කරන්නෙ වැරැද්දක් බව දැන දැනත් මගෙන් කිසිම විරුද්ධත්වය ඒකට එල්ල උනේ නෑ. ඒ වෙනුවට මගෙ හිතට ආවෙ අමුතු උද්‍යෝගයක්. කාම පිපාසයක්...


තාරුකා අක්කව කිස් කරන ගමන්ම අපි දෙන්න බිත්ති වල හැපි හැපි එයාගෙ කාමරේට ගියා. මම ගියෙ නෑ. එයා මාව ඇදන් ගියා.


පෙරේතය ඇඟට වැහුනම මම දන්නෑනෙ මම මොනා කරනවද කියල.


ඒක රෝස පාට ගාපු සිරාම girlish කාමරයක්. හෙන ලස්සන බැක්ග්‍රවුන්ඩ් එක මේ වගේ අසභ්‍ය වැඩකට.


තාරුකා අක්ක මගෙ කරේ එල්ලිලා හිටියත් මම එයාගෙ ඉන වටේ අත දාන් හිටියෙ. ඒ උනාට මගෙ ආසාවන් එන්න එන්නම වැඩි උන නිසා මම අත හිමීට පහලට අරන් ගියා.


තාරුකා අක්ක මගෙ බෙල්ල වටේ දාන් හිටපු අත දෙක පහලට අරන් එයාම මගෙ අත් දෙකෙන් අල්ලල ඉතුරු ටික පහලට කලා.


කිලෝ තුන හමාරක දොදොල් කෝස් එකකට අත ගැහුව වගේ....


මාර සනීපයක් ඒක.... තොල් වලින් ලැබෙන රසට අමතරව තාරුකා අක්කගෙ දොදොලට අත තියල හීනියට මිරිකුවම....නල්ල සුහම් එප්පඩියා...


අපි දෙන්න එහෙම්ම ගිහින් කාමරේ ඇඳට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි තාරුකා අක්කට කෝල් එකක් ආව.


ජලගත වී මඩගත වෙන්න හිතෙන්නෙ ආතල් එකේ උච්ඡම අවස්ථාවෙ , මේ වගේ බාධාවන් එනකොට.


එයා ඉක්මනට මගෙ ඇඟෙන් අයින් වෙලා කෝල් එක ගන්න ගියා.


ඔන්න එතකොට තමා මම පියවි සිහියට ආවෙ.


හොඳ වෙලාවට අද මම ROMEO යටිතලයක් ගහන් ආවෙ. ඒක මට හම්බුනේ උපන්දිනේට. ඇම්ඩගෙනුයි උන්ගෙ බ්‍රාන්ච් එකේ උන්ගෙනුයි. උඹලට කියන්න ඒකෙ price tag දැක්කම මට උණසන්නිපාතෙට ආව. රුපියල් 7,999යි. ඉතුරු රුපියල හම්බුනාලු. කොච්චර බ්‍රෑන්ඩඩ්ද කියනව නං 7 day return warranty එකකුත් හම්බුනා. ගැම්මක් තමා. ඒකෙ රෙද්ද හොඳ නිසා තමා දිශ්ඨි දන්ඩ ඒක ඇතුලෙම තියාගන්න පුලුවන් උනේ. වෙනදට අඳින , කොටුවෙ පේමන්ට් එකෙන් පහම සීයට ගත්තු එකක් ඇඳන් ආව නං අද තාරු අක්කට උල තියල තමා යන්න වෙන්නෙ.


තාරුකා අක්කට ආපු කෝල් එක බරපතල එකක් වගේ නිකං. එයා කෝල් එකේ හිටිය ටිකක් වෙලා. ආපහු ආවෙ මූණෙ ලැජ්ජාශීලි හිනාවකුත් දාගෙන.


"කවුද අක්කෙ."


"නෑ නෑ පාටිය තියෙන තැනින්. අනේ අක්ක කියන්න එපා කිව්වනෙ."


"සොරි සොරී... තරූ..."


"හී.... අපි පොඩ්ඩක් ඕවර් ගියා නේද...."


"ම්ම්ම්ම් ඒකනෙ. මටත් පස්සෙ මීටර් උනේ"


"ආසද ඉතින් ඒකට...."


මෙහෙම වෙලාවට කිව්වොත් අපෝ නෑ... ඒක නං ඊයා හලෝ කියල , පිරිමියෙක් වේවා ගැහැණියෙක් වේවා මොකෙක් උනත් ගහපං කණ් අඩි පුපුරන්නම.


"ම්ම්ම්ම් ඔව්ව්. දැන් පාටියට යනවද?"


"ආ ඔව් ඔව්. දැන් යමු අපි. මම ලෑස්ති වෙලා එන්නං ඉක්මනට"


"හරී..."


තාරුකා අක්කට ශේපක් දාල ලෑස්‍ති වෙනව බලන්න යන්නත් තිබ්බ. ඒ උනාට මෝල් ගතිය බැස්සට පස්සෙනෙ මතක් වෙන්නෙ අනිත් හැඟීම්. ශලනි නිසා මගෙ හිතේ ආපහු මාරම වරදකාරී හැඟීමකුයි බයකුයි ඇතිවෙන්න ගත්ත.


ඒ උනාට ඉතින් දැන් දමල ගහල යන්නද. ඔන්න ඔහේ හිටිය පුටුවක් උඩට වෙලා වාඩි වෙලා.


විනාඩි හත අටකින් තාරුකා අක්ක එලියට ආවෙ නෝමල් ඩෙනිමකුයි බ්ලවුස් එකකුයි ඇඳගෙන. පාටියකට යන ලයින් එකක් නං තිබ්බෙ නෑ.


ගෑණුන්ගෙ ඇඳුම් තේරීම් ගැන කවදාවත් ප්‍රශ්න කරන්න එපා. බිකෝස් ගෑණු අය අඳුමක් තෝරනකොට , ඒ ඇඳුමෙ අන්තිම නූල් පොට දක්වා පරිපූර්ණ විශ්ලේෂණයක් කරල තමා ඇඳුමක් තෝරගන්නෙ.


හෙන ගැහුව වගේ මුලින්ම අතට අහුවෙන ඇඳුම ඇඳගෙන ඔස්කාර් සම්මාන උලෙලට උනත් යන පිරිමි හැටියට , අපිට මෙලෝ අයිතියක් නෑ අච්චර විශ්ලේෂණාත්මකව ඇඳුම් තෝරන ගෑණු අයගෙන් , එයාලගෙ තේරීම ගැන ප්‍රශ්න කරන්න.


"හරිද තාරූ... යමුද අපි?"


"ආ යමූ... ඉන්න මට ගන්න දේවල් ටිකක් තියෙනව"

කියල එයා ආපහු කාමරේට ගියා.


තාරුකා අක්ක ආපහු ආවෙ මොකක්ද මංද ෆයිල් එකක් අරන්.


"යමු එහෙනං. නගින්නකො කාර් එකට. ඔයාට එලවන්න ඕනෙ නං ගන්න. ආ යතුර"


මම තක්බීර් උනා. ආසාවටවත් පොඩි කාලෙ අඩු ගානෙ අස්සය ගෝන් ටික් ටික් ටික් වත් කරල නැති මට කාර් එකක යතුරක් භාරගන්න පුලුවන්ද. ජිවිත බරගානකට වගකියන්න වෙන වැඩක් මේක.


"නැ... නෑ තාරු එලවන්නකො. අවුලක් නෑ. හරි නෑනෙ මම එලවන එක නේද?"


"මොකෝ බයගුල්ලා... තාම drive කරන්න දන්නෑ කියල නං කියන්න එපා හරිද?"


"හේ හේ. i know drive. cover drive & google drive"


"මැට්ටා... ඒකට කමක් නෑ මම එක්කන් යන්නංකො"


ඔය තියෙන්නෙ ටෝක්ස් බං දොඹෙන් යන්න.


දැන් ආපහු ශලනිව අමතක වෙන සීන් එකක ඉන්නෙ.


එනව පේනවා ශලනී යනව පේනව...

මතකෙට එනව පේනව... අමතක වෙනව පේනවා...

සමරු පොතේ පිටු ගැලවී ශලනි දුවනවා...

සොඳුරු සිහින හිතේ මැවී හඳ පුපුරනවා...


හඳ පුපුරනවා.... හාව දුවනවා...

හාව දුවනවා.... හාවගෙ අම්.....


හෝව් හෝව්.... ආපහු ට්‍රැක පැන්නා..


තාරුකා අක්ක එක්ක කාර් එක ගාවට ගිහිල්ල මම එහා පැත්තෙන් වාඩි උනා. තාරුකා අක්ක මාව මේ එක්කන් යන්නෙ පාටියකට නෙවෙයි කියන එක නං මම හොඳාකාරවම දන්නව. බිකෝස් ගෑණු කෙනෙක් පාටිවලට යනකොට සපුර ගන්න මූලික අවශ්‍යතා හෝ ආභරණ කිසිම දෙයක් තාරුකා අක්ක ගාව නෑ.


මම වැඩිය ඕක ගැන අහන්නැතුව සේපට කයිය ගගහ ගියා.


යන පැත්තක් මට හිතාගන්න බැරි උනා. කින්සි පාරෙ ඇවිල්ල hospital හංදියෙන් වමට කපල යනකොට නං , මේ මොන මගුලෙ යනවද කියල ඇත්තටම මට අදහසක් තිබ්බෙ නෑ.


තාරුකා අක්ක පාටියකට යන එක කෙසේ වෙතත් කාර් එක ඇවිල්ල නැවැත්තුවෙ නං general hospital එක ගාවින්.


"මේ කොහෙද තාරූ..."


තාරුකා අක්ක බය වෙලා වගේ ස්ටීරින් වීල් එක දිහාම බලාගෙන හිටිය ඇස් දෙක ලොකු කරන්. එයා අමාරුවෙන් වගේ ගොත ගගහ මොකක් හරි කියන්න හැදුව.


"ම්ම්ම්ම් මේ....."


"හරි හරි ඒකට කමක් නෑ. මම මුකුත් කියන්නෑ. අපි පාටියකට යන්නෑ කියල මම දැනන් හිටියෙ. ඒත් ඇයි මේ ඉස්පිරිතාලෙ ගාවට ආවෙ."


"ම.. මගෙ ඩොක්ටර්ට ඔයාව හම්බෙන්න ඕනෙ කිව්ව. ඔයා ඒක කිව්වට එන්නැති වෙයි කියල මම බොරු කිව්වෙ. අ... අනේ මට සමාවෙන්න ගිම්හාන්. ඔයා එනව නෙද ඩොක්ටර්ව හම්බෙන්න."


"අයියෝ. ඕක කලින්ම කිව්ව නං ඉවරනෙ. එහෙම අවුලක් නෑ"


"ගොඩක් තෑන්ක් යූ ගිම්හාන්"


තාරුකා අක්ක එක්ක බැහැල අපි හොස්පිට්ල් එක ඇතුලට ගියා. තාරුකා අක්ක රිසෙප්ශන් එක ගාවට ගිහින් මොනාද කතා කරල ටෝකන් එකක් ඉල්ලන් ආවෙ.


ඉතින් මම තාරුකා අක්ක පස්සෙන්ම ගියා ඩොක්ටර්ව හම්බෙන්න.


තාරුකා අක්ක නැවතුන දොරේ ගහල තිබ්බ වාක්‍ය ටික නං මට එච්චර ඇල්ලුවෙ නෑ. ඇල්ලුවෙම නෑ ඉතින්.


Consultant psychiatrist

Dr. Vindya Abewikramasinghe.


රනිල් වික්‍රමසිංහගෙ පරම්පරාවෙ අතු ශාකාවක කෙනෙක්වත්ද?


දොර ගාව හිටපු නර්ස් නෝනා නං තාරුකා අක්කව හොඳට අඳුරනව වගේ එයාට හිනාවක් දාල එහෙම අර ටෝකන් එක ඉල්ලගත්ත.


ටිකකින් අපේ වාරෙ ආපු නිසා තාරුකා අක්ක මට පොඩ්ඩක් ඉන්න කියල ඇතුලට ගියා.


සමහරවිට එයාට තනියම එන්න බය වෙන්නැති. මාව එක්කන් ආවෙ ඒකටනෙ. වරදක් නෑ ඉතින්. කාටහරි උදව්වක් කරන එකෙන් මටත් හොඳක් වෙනවනෙ.


අර නර්ස් නෝනා දිහා ලාවට රබර් ඇහැ දාගෙන , ඒ නෝනගෙ කප් සයිස් එකයි , අනං මනං බල බල ඉන්නකොට තාරුකා අක්ක එලියට ආව කාමරෙන්. කාමරේ දොර ගාව ඉඳන්ම එයා මට අත වනල කතා කලා.


"මොකක් හරි අවුලක්ද තාරු?"


"නෑ නෑ ඩොක්ටර්ට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙලු"


"මාත් එක්ක? ඒ මොනවද?"


"මම දන්නෑ. පුලුවන් නං කතා කරනවද?"


"ආ හරි හරි"


තාරුකා අක්ක එතනින් ගියාට පස්සෙ මම ඇතුලට ගිහින් ඩොක්ටර් ගාව ඉස්සරහින් හිටගත්ත.


"වාඩිවෙන්න... මේ මිස්ටර් ගිම්හාන් නේද?"


"ආහ් ඔව් ඩොක්ටර්. මට එන්න කිව්වෙ?"


"මට ගිම්හාන් එක්ක පොඩි දෙයක් ගැන කතා කරගන්න පුලුවන්ද?"


"ආ පුලුවන් ඩොක්ට. කියන්න"


"මිස්ටර් ගිම්හාන් , තාරුකාව දන්නෙ කොයි කාලෙ ඉඳන්ද? මේ සම්බන්ධෙ ඇති උනේ කොහොමද? ඔයාල දෙන්න අතරෙ එහෙම විශේෂ දෙයක් තිබුනද කලින් ඉඳන්"


"ඇත්තම කියනව නං ඩොක්ටර් මම තාරුකා අක්කගෙ නමේ අනිත් කෑල්ලවත් දන්නෑ. කොටින්ම මම තාරුකා අක්කව අඳුරන්නෙත් නෑ. මම දන්නෑ ඇයි කියල තාරුකා අක්ක මාත් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තෙ. එයා කිව්ව මට කැමතී කියල. මාත් හා කිව්ව"


"හම්ම්. මම හිතන විදිහට ගිම්හාන්ට මේ වෙන කිසිම දෙයක් ගැන අවබොධයක් නැතුව ඇති නේද?"


ඩොකා හරියටම කිව්ව කියහංකො. පොල්ලෙන් ගහල රෝලෙන් තැලුව වගේ මේ වෙන දේවල්. මෙලෝ මගුලක් තේරෙන්නෑ.


"ඔ... ඔව් ඩොක්ටර්. මට හිතාගන්න නං අමාරුයි. මම තාරුකා අක්කව දන්නෙත් නෑ. එයා මාව එක්කන් ආව ඩොකටර්ව හම්බෙන්න"


"හරි හරි. මිස්ටර් ගිම්හාන් දන්නවද , තාරුකාගෙ සම්බන්ධයක් ළඟකදි බ්‍රේක් උනා කියල. ඒ වගේම එයා මව්පදවියක් ලබන්න බැරි කෙනෙක් කියල හොයාගෙන කියල"


"ඔව් ඩොක්ටර්. ඒව නං මම දන්නව."


"බොහොම හොඳයි. මෙන්න මේ පොටෝ එකේ ඉන්නෙ , තාරුකා කලින් යාලුවෙලා හිටපු පිරිමි ළමය. නිකං දැකල පුරුදු කෙනෙක්ද බලන්න?"


ඩොක්ටර් එහෙම කියල එයා ෆයිල් එකක් ඇතුලෙ තිබ්බ පොටෝ එකක් අරන් මට පෙන්නුව.


පොටෝ එක දැක්කම මට හීන් දාඩිය දාන්න පටන් ගත්ත.


"දෙයියන්ට ඔප්පු වෙච්චාවේ!"


මතු සම්බන්ධයි...

Report Page