උන්මාදේ ッ

උන්මාදේ ッ

14

දහහතර වන කොටස

මතකනෙ. මෝල එක්ක ලිලීව හම්බෙන්න ගියාම පොඩි කේස් එකක් ගියානෙ. එදිරිගෙ ශාපය මෝලට වැදුනනෙ...


කලින් කොටසට




එදිරිගෙ ශාපය කියන්නෙ අපේ බෝඩිමේ පුරාවෘත්තයක්. ඒක කොච්චර භයානකද කියනව නං , එදිරිගෙ ශාපයට අහු උන පිරිමියෙක් ඊට පස්සෙ ජීවිත කාලෙම සමාජෙන් වෙන් වෙලා ඉන්න සිද්ධ වෙනව.


උඹලට මම කියන්නං මේ එදිරිගෙ ශාපයේ නිධාන කතාව.


මේ බෝඩිම හදල , බෝඩිමක් විදිහට පවත්වාගෙන යන මුල් කාලෙ , මේකට ඇවිල්ල තියෙනව එදිරිසිංහ කියල ට්‍රැක් බුවෙක්.


ඉස්සරත් මේකෙ ගෑණු පිරිමි දෙගොල්ලොන්ටම නවාතැන් පහසුකම් දුන්නට ගෑණු අය වැඩිය ඉඳල නෑ. මොකද ඒ කාලෙ ගෑණු හෙන සීන් එකේ නෙ හිටියෙ. පිරිමි එක්ක කතා කරන්නෑ , පිරිමි ඉන්න තැනක ඉන්නෑ. හෙන ලොකු සීන්.


ඉතින් බං , ඒ කාලෙ පිරිමි අපිට වඩා අසහනේකින් හිටිය කියල අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ උඹලට. මේ කියන එදිරිසිංහත් එහෙමම තමා.


කොහොම කොහොම හරි මේ එදිරිසිංහ කියන හාදයා අහල පහල තිබ්බ බෝඩිමක කෙල්ලෙක් ටෝක් කරගෙන. හරියට අපේ මේ මෝලා වගේ.


ඒ කාලෙ එදිරිසිංහ කියන එකාට ෆෝන් අනං මනං තිබිල නෑ. ඔක්කොම පොඩි පොඩි කොළ කෑලි වල තමා හුවමාරු වෙන්නෙ. දවසක් මේ එදිරිසිංහගෙ නමට පොඩි චිට් එකක් ඇවිල්ල. ඒ ඌ ටෝක් කරපු අර බෝඩිමේ කෙල්ලගෙන්.


චිට් එකේ තිබිල තියෙන්නෙ 'රෑට එන්න මගෙ කාමරේට. අහවල් කාමරේ මම ඉන්නෙ. ලයිට් ඕෆ් කරල තියෙන්නෙ' කියල.


එදිරිසිංහ ඉතින් මැරුන්නැති එක විතරයි. කොල්ලෙක්ට මේම චිට් එනව නං උන් කෙල්ලොන්ට පණ ඇරල ලව් කරයි.


ඉතින් රෑ කලුවර වැටුනට පස්සෙ එදිරිසිංහ කාරය හොරෙන්ම බෝඩිම ගාවට ඇවිල්ල අර කියපු කාමරේට ඇතුල් වෙලා ජනේලෙන්. ඉතින් එදිරිසිංහයි අර කෙල්ලයි හොඳ සුදියක් දාල කලුවරේම. දෙන්නම අහවල් ඒව රිලීස් කලාට පස්සෙ ඔන්න කෙල්ල ගිහිල්ල ලයිට් එක දාල.


එතකොට තමා එදිරිසිංහට හික් ගෑවිලා තියෙන්නෙ.


ඒ ඉඳල තියෙන්නේ උගෙ කෑල්ල නෙවේ. වෙන ඇන්ටි කෙනෙක්. කලුවරේ නිසා මුකුත් නොපෙනුනාට ඉතින් ගෑණු ඔක්කොටම තියෙන්නෙ එකම ලිංගික අවයවයනෙ. එදිරිසිංහ හිතුව මේ විදින්නෙ කෙල්ලටමයි කියල. කොහොම හොයන්නද ඉතින්.


අර ඇන්ටි , එදිරිසිංහයි ඒ බෝඩිමේ කෙල්ලගෙයි සම්බන්ධෙ දැනගෙන ඉඳල. ඒ නිසා ඇන්ටිගෙ ආශාවන් සපුර ගන්න එදිරිසිංහව පාවිච්චි කරල. ලියුමක් ලියල , "වරෙන් උක් කමු" කියල කොල්ලෙක්ට ඇරියම , ඌ ඔය ලියුම analyse කරල බලනවද. නෑනෙ.

එදයින් පස්සෙ එදිරිසිංහ කාත් එක්කවත් කතා කරන්නැති සමාජෙන් වෙන් උන එකෙක් වෙලා. උට මානසික පීඩනේ අධික වෙලා අන්තිමට ඩොකෙක් ගෙන් බේත් අරන්. එදිරිසිංහ කියන්නෙ සිරිමත් වගේ එකෙක් කියල තමා බෝඩිමේ පුරාවෘත වල කියවෙන්නෙ. ඒ නිසා ඌ ඒ කරපු වැරදි වැඩේ ගැන ගොඩක් හිතල.


ඉතින් ඒක අපි සලකන්නෙ එදිරිසිංහට වැදුන ශාපයක් කියල. ඒක තමා එදිරිගෙ ශාපය කියල පරම්පරා ගානක් කට වහරින් පැවතගෙන එන්නෙ.


"ඒ බං මෝලා , මං දිහා බලපං. ඕයි. ඒ ගැන හිතන්න එපා. ගානක් දීල තට්ටු කලා කියල හිතපං"


"මට වැඩක් නෑ යකෝ ඒ හිටියෙ ආච්චියෙක් උනත්. ඔක්කොටම තියෙන්නෙ එකම පිත්තමනෙ. මට තියෙන අවුල ලිලී මාත් එක්ක සෙට් උන්නෑද කියන එක. මම කෝල් කලෙත් අර පට්ට පාරට්ටිටමද කියන එක"


හාල් නොතිබ්බට අපිත් හොඳ මෝල් කාරයො කිව්වලු.


මූ මාර කතාවක් කියන්නෙ.


"හරි හරි බං. කරුමෙ ආවම කන බත් ඇටෙත් ගල් වෙනවලුනෙ. දැන් යමන්. හිමින් සැරේ මේ ගැන විමර්ශනයක් කරමු."


මෝලයි මමයි හොර තක්කඩියො දෙන්නෙක් වගේ සේපට බෝඩිමට රිංගුව. අපි එනකොටත් නාලකයයි ඇම්ඩයි ඇහැරිලා හිටියෙ. උන් දෙන්න අපි ආපු ගමන් අපේ කරේ නැගගෙන විස්තර අහන්න පටන් ගත්ත.


"අඩෝ අඩෝ. මොකෝ උනේ. ෆුල් ශෝ එක සවිස්තරාත්මකව කියපං. කියහංකො. ගිමා...මොකෝ උනේ"


"ඉඳහන් ඉඳහන් මේ සූට් එක මාරු කරගන්නකං"


කොල්ලො හෙන ආසයි බං අනිත් කොල්ලො ඉස්සරහ , තමන් තමන්ගෙ කෙල්ල එක්ක කරපුව කියන්න. හිටි ගමන් කෙප්ප කබර කෙලල අරින උන් නැතුවම නෙවේ. උන් කියන ටොන් පච වලට අපායත් පදිරී. ඒ උනාට පොදුවේ කොල්ලො ඒ වැඩේ කරනව.


ඒ කියන්නෙ ලිංගිකත්වයේ පරතෙරටම ගියපු ඒව එහෙම නෙවේ. කෙල්ල තමන්ගෙ අතින් ඇල්ලුව , මූණෙන් ඇල්ලුව , අතන ඇල්ලුව මෙතන ඇල්ලුව උම්ම දුන්නා , වගේ එක එක ඒව කොල්ලො හෙන උජාරුවෙන් කියන්නෙ. අනිත් උනුත් හෙන ආසයි කට ඇරන් ඒව අහන් ඉන්න.


මෝලා සුට් එක ගලවල එහෙම ලෑස්ති උනා කතාව කියන්න. ඌ කියපු කතාව අමුවෙන්ම කියල ඇරියොත් කතාව පොඩ්ඩක් 18+ වෙනව නේ.


(මෙච්චර වෙලා දැම්මෙ 18+ ඒව නෙවෙයිද paco කියල මගෙන් අහන්න එපා දැන්)


අපිත් රෙඩි උනා ඇඳවල් උඩින් වාඩි වෙලා. මෝලා පුටුවෙන් ඉඳගත්ත. අපි එහෙනං කවියකින් බලමු ඌ කියන දේ.


ගියපු ගමන් හෙමිහිට කොඳුරා කනට...

නිරුවත් වෙලා පෙරලුන වෙලිලා ඇඳට...

හාදුව උනත් රෑ සඳ මෝරන කලට...

අපිට දැනෙයි ඒ ෆීලින් එක හෙනට...


මූණ දැක්කෙ නෑ but එය ගානක් නෑ...

කොහොම උනත් ආතල් එකෙ අඩුවක් නෑ...

කලුවරේම hill හොයලා පුරුදුත් නෑ...

මොනව නැතත් දාල එන්න හිතකුත් නෑ...


කකුල ගාව ඇති හංදිය හම්බ උනා...

කැලේ කපල එලි පෙහෙලිය තිතට සනා...

දිෂ්ඨි දණ්ඩ හෙමි හෙමිහිට ඇතුල් උනා...

ඇරිය ඇරිල්ලක් හනුමා දර පලනා...


නිතරම පදින වාහන මම දැකල ඇතී...

මෙච්චර පැදපු වාහන දැකලා නොමැතී...

කලුවට තිබුණු දොර පලු දෙක සුපිරි ගතී...

ඒක මාර හැඟුමක් බං සුවය රතී...


කරුමෙ තමා හිර ගතියට තිබ්බෙ නැතී...

එකවර පහ හයක් ඇතුලට දැමුව හැකී...

මෙන්න සයිස් මරියානා ගැඹුර ඇතී...

එවරස්ට් කඳු මුදුනත් දැන් එයට මදී...


හිටි අඩියේ දැම්ම බල්බ් එකෙ එලියෙන්...

දැක්කා මම ඇගෙ සිරුරම විමසිලියෙන්...

මූණ කචල් ඇඟ හුරතල් ටයිප් එකෙන්...

ලිලී නෙවේ ඒ හිටියේ සිලිසිලියෙන්...


මුලු කාමරේම විනාඩි දෙක තුනකට නිශ්ශබ්ද උනා.


ඇම්ඩා තමා මුලින්ම කට ඇරියෙ.


"එ.... එතකොට..... ඔ... ඔය අර... එදිරි...."


ඇම්ඩා ඒක කියන්නත් කලින් මෝලා කතා කලා.


"හම්ම්. එදිරිගෙ ශාපය තමා මගෙ කර පිටට පැටවුනේ. මට නං ප්‍රශ්නයක් නෑ බං කවුරු උනත්. මොකද හැමෝටම තියෙන්නෙ එකම ටිකනෙ. ඒ උනාට මම අර පණ දාගෙන කෝල් කලෙත් ලිලීට නෙවෙයිද කියල මට බය."


නාලකය මහ හයියෙන් හිනා වෙන්න ගත්ත එක පාරටම.


"ඈ යකෝ මම වගේ හිටිය නං ඩේලි ගිහිල්ල සනසවල එනව."


"තෝ ඉතින් අමු අසහනකාරයනෙ"


මමත් මැද්දෙන් පැන්න කතාවට,

"හරි හරි අපි ඕක ගැන ෆුල් ෆන්ක්ශනල් පරීක්ශණයක් කරමුකො. ලිලී ඇත්තටම උඹට කැමතිද? , අර ගෑනිට කොහෙන්ද උඹේ නම්බරේ , ඒකි ඇයි උඹව ගෙන්නගත්තෙ , මේ ඔක්කොටම උත්තර හොයාගමු හෙට"


"හම්ම්"


"දැන් නිදාගනිල්ල එහෙනං. මට නං මහන්සී බං. උදේ ඉඳන්ම එහෙ මෙහෙ"


"ආ බං ගිමා. තෑන්ක්ස් ඈ රශ්මිට කතා කලාට බනින්නැතුව. එයා කිව්ව නවත්තන්නං කියල"

ඇම්ඩා සේපට මං ගාවට ඇවිල්ල කිව්ව කලබල ඉවර උනාට පස්සෙ.


"ආහ්. ඒක අමතකත් වෙලා තිබ්බෙ. හරි හරි එහෙනං එච්චරයි. උඹල සතුටින් හිටපං. සතුට ඔය වගේ ඒවගෙන් ගන්න බෑ. උඹලම හදාගන්න ඕනෙ"


"හරි හරි බං තෑන්ක්ස් ඈ. සොරි මමත් පාවිච්චි කලාට"


"හම්ම්. දැන් නිදාගනින් බං"


"එලෝ. ගුඩ් නයිට් සෙටාර් එකටම"


"ගුඩ් නයිට්"


නාලකය උගෙ අර දිගාරින මෙට්ට ගැජට් එක දාගෙන නිදාගත්ත.


හෙන සිදුවීම් දාමයක් උනා අද දවසට. තාරුකා අක්ක එහෙන් එල්ලිලා. මම දන්නෙත් නෑ එයාව. මෙහෙන් මෝලට එදිරිගෙ ශාපෙ වැදුන. සීන් ගොඩක් ඕයි.


ඕව ගැන හිත හිතම මට නින්ද ගියා.


පහුවදා මට කතා කලේ ඇම්ඩා. ඒ මගෙ ෆෝන් එක රින් වෙන නිසා.


"ඕයි. ගිමා. උඹට කෝල් එකක් බං. ඇහැරියන්. අපිටවත් නිදාගන්න නෑ ඕයි"


උදෙන්ම ඇහැරෙනකොට මාරක අදහස් එන්නෙ හිතට. ඒ උනාට ඒව යටපත් කරගෙන මම නැගිටල ෆෝන් එක ගත්ත.


ඒ තාරුකා අක්ක!


අදත් දවසම ලෙප්ට් වෙන්න වගේ යන්නෙ.


"හෙලෝ තාරූ. ගුඩ්මෝනින්. කියන්න."


"ගුඩ්මෝනින් ගිම්හාන්. මේ අද මම යනව පොඩි පාටි එකකට. ඔයාත් එනවද. තනියම යන්න කම්මැලී වගේ. අද වැඩ නෑ නේද?"


හරියට හරි. උදෙන්ම කණ කොකා හැඬලුව වගේ ඔය ආවෙ ගානට තැනට කෙලවිලා නන්නත්තාර වෙලා යන්නම.


"අද නං එච්චර ශුවර් නෑ තරූ.. ඔෆිස් එකේ පොඩී.... වැඩක්"


"ආහ් එහෙමද. ඉට්ස් ඕකේ. වැඩක් තියෙනව නං කරගන්න. මට තනියම යන්න බෑ වගේ අනේ. හරි හරි මම තියනව එහෙනං..."


"හරි එහෙනං. මම එන්න බලන්නං. ශුවර් නෑ ඒකයි."


"හරි හරි ඒකට කමක් නෑ. මං තියනවා බායී......"


"හරී.... බායී..."


ඒක නිකං සක්‍රීය උන ගිනිකන්දක කට ගාවට ඇවිල්ල බල්ටි ගහනව වගේ සීන් එකක්. නූලෙන් බේරුනේ.


ෆෝන් එකත් තියල ආපහු ඇඳෙන් ඇල උනා උනාමයි ඇහැරුනේ දහයට විතර. නාලකයයි ඇම්ඩයි මැච් එකක් බලනව ලැප් එකේ. මෝලා පේන්න හිටපු නැති නිසා මම නාලකයගෙන් ඇහුව ඌ කෝ කියල.


"ඒ බං මෝලා කෝ"


"ආන් අර ලිලීලගෙ බෝඩිමට ගියා හඳුනාගැනීමේ පෙරට්ටුවක් කරන්න ඕනෙ කියල"


හෑ....


"හම්මටසිරි. ඌ විමර්ශනය තනියම පටන් ගත්තද. හරි හරි මාත් ගිහින් එන්නං. ආඳා කිට් එකත් දෙන්න ඕනෙ ගායක අයියට"


"එල එල. අභ්‍යන්තර ගැටුම් ආවොත් සෙනික ඩයල් කරහන් නම්බරේට. බෝඩිමම පිරිවරාගෙන එන්නං ගේමක් නං"


නාලකයට තියෙන්නෙ මාර විප්ලවකාරී අදහස්. ඌ ඕව සම්බන්ධව සැරටම මනෝ පාර ගහන ඩයල් එකක්.


මම බාතෲම් එකට ගිහිල්ල මූණ කට හෝදන් ශෝටයි බාට දෙකයි අත් කපපු කමිසෙයි ඇඳගත්ත. මොකද විමර්ශන කටයුතු වලට පොඩ්ඩක් වෙස් වලාගන්න ඕනෙනෙ.


ඒ ගමන්ම ආඳා කිට් දෙකත් අරගෙන මම ගායක අයියගෙ කාමරේ ගාවට ගිහින් තට්ටු කලා. ඇතුලෙ එක එක සද්ද නං ඇහෙනව. හැබැයි මූ දොර අරින පාටක් නෑ.


"ගායක අයියේ.. මම ගිම්හාන්..."


"ඉඳාන් ඉඳාන් එනවෝ..."


යන්තන් සන්තන් පදං කියල ගායක අයියා ටිකකින් දොර ඇරියා සරම හදාගන්න ගමන්. මිනිහ දොර ඇරපු ගමන් හේතුඵල දහම වගේ කට උත්තර බැන්දා.


"සොරි බං පොඩි වැඩක් හිටියෙ"


"ඔව් ඔව් තේරුනා වැඩක කියල. මේ සූට් දෙක අයියේ"


"ආ හරි හරි. කොහොමද අලුත් එක. කොම්ෆටබල් නේ"


"ආයේ සුපිරී ඈ"


"එල එල. ආපහු ඕනෙ උනොත් කියහං"


"හරි අයියෙ බොහොම ස්තූතී ඈ"


"එනිටයිම් මලයා"


ගායක අයියගෙ ඇඳ උඩ තිබ්බ ලේඩීස් යටඇඳුම දිහා , දොර අස්සෙන් බලාගෙන මම පහලට ආව.


ඇවිල්ල කෙලින්ම හන්දිය ගාවට විද්දා මෝල ඉන්නවද බලන්න. ඌ විමර්ශනය කරනව කියල , තැප්‍රොබේන් කියන රටේ පොලිසිය , අර හාවගෙ පරීක්ශනේ කලා වගේද දන්නෑ වැඩ කරන්නෙ.


ආ උඹල දන්නෑ නේ තැප්‍රොබේන් පොලිසියෙ හාවගෙ මෙහෙයුම. ඉඳහන්කො කියන්නං.


ඔන්න දැන් ලෝකෙ හැම රටකම වගේ ඉන්න හොඳම පොලිස් කණ්ඩායම් කීපය ඇමරිකාවට ගෙන්නනව. ඒ අතරින් සුපිරිම පොලිස් කණ්ඩායමයක් තියෙන රට හොයන්න. ඉතින් බ්‍රිතාන්‍යයේ පොලිස් ටීම් එකක් , ඇමරිකාවෙ පොලිස් ටීම් එකක් වගේ ලෝකෙ ප්‍රභලම රටවල් වල පොලිස් ටීම් අතරෙ ඔන්න ලංකාවෙනුත් මේ කම්පෙටිශන් එකට ටීම් එකක් යවනව. මේ ටීම් වල අයට දෙන්නෙ එකම එක වැඩයි.


තරඟය සංවිධානය කරන අය මේ ටීම් වල අයට සුදු පාට හාවෙක් පෙන්නල කියනව,

"මෙන්න මේ හාවව අපි දැන් කැලේට මුදාහරිනව. ඔයාල මේ හාවව හොයාගන්න ඕනෙ. මුලින්ම මේ හාවව හොයාගෙන ආපහු මෙතනට අරන් එන ටීම් එක ලෝකෙ හොඳම පොලිස් ටීම් එක වෙනව" කියල.


ඉතින් තරඟෙ පටන් ගත්ත. හාවව කැලේට මුදාහැරියා. ලොකු ලොකු රටවල් සැරටම බැහැල ගේමට. සමහරු හෙලිකොප්ටර් , GPS තාක්ශණය , ට්‍රැකර් ඩිවයිස් වගේ නවීන තාක්ශණික මෙවලම් එක්ක ගේමට බැස්සෙ.


ලංකාවෙන් ගිය ටීම් එකත් ඔන්න කැලේ අස්සට රිංගල ගියා හාවව හොයන්න.


මෙන්න පැය දෙකකට විතර පස්සෙ කැලෙන් මුලින්ම එලියට එන්නෙ ලංකාවෙ ටීම් එක.


තරඟයේ විනිශ්චය කාරයො අන්දමන්ද උනා. අවම බලය පාවිච්චි කරල අහසට වෙඩි තිබ්බම පිටට උණ්ඩෙ ඇවිල්ල වදින රටක මිනිස්සු කොහොමද මෙච්චර ඉක්මනට මේ හාවව හොයාගත්තෙ කියල.


හැබැයි මේ පොලිස් ටීම් එක ගාව හාවෙක් නං හිටියෙ නෑ. ටොම්බා සයිස් වලහෙක් නං අල්ලන් ඇවිල්ල තිබ්බ චේන් දාල. වලහගෙ මූණ දැක්කම නං පෙනුනෙ නිකං ඌ නැව් ගානට ගුටි කාල ඉන්නව වගේ.


ඉතින් අර සංවිධායකයො ටික මේ පොලිස් ටීම් එකට කතා කලා.


"කෝ දැන් හාව. ඔයාල හාවව හොයාගත්තද?"


අපේ ටීම් එකත් සංවිධායකවරුන්ට අර පත වලහව පෙන්නල කියනව,

"ඔව් සර්. මේ ඉන්නෙ හාව. අපි අල්ලගත්ත. මේ ඉන්නෙ හාවම තමා" කියල.


සංවිධායකවරු ටික හොල්මන් උනා.


"මේ වලහෙක්නෙ ඕයි. මේ හාවෙක් නෙවේනෙ. කෝ හාවා"


මේක ඇහුන ගමන් අර වලහ , සංවිධායකවරුන්ට කතා කරල කියනව ,

"අනේ සර් මම තමා හාව. මම හාවා" කියල.


කතාවෙ තේරුම තාම තේරුන්නැති උන් ඉන්නව නං අහගනින් මෙන්න මේක.


ලංකාවෙ පොලිසිය යම්කිසි අපරාධකාරයෙක් අල්ලගන්න යනව නං , අපේ පොලිසිය අනුගමනය කරන්නෙ බොහොම සරල පියවර කීපයක්. මොකෙක් හරි මිනිහෙක්ව අල්ලගෙන උට නෙලල නෙලල කියනව වැරැද්ද භාරගනින් කියල. අර මිනිහත් බයටම තමන් වැරැද්ද කලා කියල පාපොච්චාරණය කරනව. ඉතින් ඇත්ත අපරාධකාරය එලියෙ ඉන්නකොට වෙන මිනිහෙක් ඒ වෙනුවට ඇතුලට යනව.


අපේ බාප්ප ඉස්සර නිතරම කියන කතාවක් තමා , තාත්තා පොලිසියෙ නං තාත්තවවත් විශ්වාස කරන්න එපා කියන එක.


ඔය මෙතඩ් එකට අපි කියන්නෙ තැප්‍රොබේන් පොලිසියෙ හාවගෙ මෙහෙයුම කියල. හරිම ලේසී.


මම හන්දිය ගාවට යනකොටත් මෝලා අර ලිලීලගෙ බෝඩිම පැත්තෙ ඉඳන් මගෙ දිහාට එන ගමන් හිටියෙ. ඌ එනකං ඉඳල මම කතා කලා උට.


"මොකෝ සීන් එක. හරිද. සිද්දිය උනේ කොහොමද කියල හොයාගත්තද?"


"හම්ම්"


"කියහංකො ඉතින්"


"මම ලිලීට දීපු කොල කෑල්ල එයා අතින් වැටිල. ලිලී කිව්ව මට. ඉතින් මම හිතන්නෙ අර ගෑණි ඒක අහුලගෙන මට ශොට් එක දුන්නා. ඒ ගෑණි කලිනුත් ඔහොම මිනිහෙක්ව බෝඩිමට ගෙන්නගෙන සීන් එකක් ගිහිල්ල."


"අප්පටසිරි. දරුණු වැඩකට නේ අපි අත ගහල තියෙන්නෙ"


"වැඩක් නෑ කතා කරල. යමන් බං. බඩගිනී කන්න ඕනෙ"


"යමං යමං"


මෝලයි මමයි පයින් බෝඩිම පාර දිගේ බෝඩිමට එන අතරෙ පිටිපස්සෙන් බයිසිකල් හෝන් සද්දයක් ඇහුන.


මෝලා නං ගනන් ගන්නැතුවම ඉස්සරහ බලන් ගියත් මම පිටිපස්ස හැරිල බැලුව.


හම්මටසිරි සඳේ... මල්කාන්ති ළිඳේ කිමිදේ කිව්වලු.


ශලනි එයාගෙ තාත්ත එක්ක අර පෞරාණික බයික් එකේ එනව දඩාර බෑග් එකකුත් පිටේ බැඳගෙන. එයාල බෝඩිම ගාවට යන්නැතුව අපි ගාවින් නැවැත්තුව. ශලනිගෙ තාත්ත නං හෙන හොඳ බුවෙක්. මාත් එක්ක උනත් ලොස් නැතුව හිනා වෙනව.


මමම කදේ දාන්න පටන් ගත්ත ලකුණු ටිකකුත් දාගන්න හිතාගෙන.


"ඇයි කියන්නෙවත් නැතුව එක පාටම ආවෙ. සඳුදටනෙ සාමාන්‍යයෙන් එන්නෙ"


ශලනි ඇඳන් ඇවිල්ල තිබ්බෙ ලා නිල් පාට ඩෙනිමකුයි තද නිල් බ්ල්වුස් එකකුයි. ආයෙ ඉතින් කැරට් අලේ පොලිතින් කවරෙකින් එතුව වගේ හොඳ ටයිඩ් එකට තිබ්බෙ. ඇඟේ හැඩේ ගානට කැපිල පේනව. එයා බයික් එකෙන් බැහැල හෙල්මට් එක ගලවන ගමන් මට කතා කලා


"නෑ ගිම්හාන්. අද මට පොඩි ගමනක් යන්න තියෙනව. ඒකයි ආවෙ. මේ බෑග් එක පොඩ්ඩක් ගන්නවද."


මම බෑග් එක අරන් උරහිසෙන් එල්ලගත්ත.


බෑග් එක ඇතුලෙ ඝනත්වයෙන් අධික රසදිය පුරවන් එනවද මංද යකාගෙ බරක් තිබ්බෙ. බයික් එකේ මේ බෑග් එක කරේ එල්ලන් ආව කියන්නෙ , ඒක කොන්දක් නෙවේ. කොඳු ගෙනාපු නැව හදන කොම්පැණියෙ නැව් හදන එකෙක්.


"කෝල් එකක් වත් දෙන්න තිබ්බනෙ"


"හදිස්සියෙම ආවෙ ගිම්හාන්."


ශලනි එහෙම කියල එතනම පාත් වෙලා තාත්තට වැන්ද. ශලනිගෙ තාත්ත මටත් 'ගිහින් එන්නං' කියල , හෝන් එක ගහගෙන ආපහු හැරිල ගියා.


"මොකක්ද ඔච්චර හදිස්සිය?"


"හෙට උදේම අපිට බ්‍රාන්ච් ඔෆිස් එකක ඉන්වෙස්ටිගේශන් එකක් කරන්න වෙලා. ඉතින් අද කට්ටියට එන්න කිව්ව මීටින් එකකට."


"ආහ්. එතකොට දැන් ඔයා ඔෆිස් යනවද අද"


"ඔව්නෙ. කෝ දෙන්න බෑග් එක මම ගන්නං"


"නෑ නෑ මම ගෙනිහින් දෙන්නං"


ශලනි ආපු එකට සතුටු හිතුනත් මගෙ හිතේ මීට කලින් ආපු නැති අමුතු , හිතට ගොඩක් බර හැඟීමක් එන්න පටන් අරන් තිබ්බෙ.


"ආ මේ ගිම්හාන්. ඊයෙ උදේ කොහෙද ගෑණු කෙනෙක් එක්ක කාර් එකක ගියා කිව්වෙ."


ශලනි කට උල් කරල අහපු විදිහට මට හික් ගෑවුනා. මොකාද මේක මෙහේ විකාශනේ කරපු අපතයා.. කවුරු හරි හොද ගින්නක් දීලා තියෙනවා.. නැත්නම් මෙහෙම සහලෝලා දුම් දාන්නෙ නෑ..


මතු සම්බන්ධයි...

Report Page