උන්මාදේ ッ
13දහතුන් වන කොටස

මතකනෙ. තාරුකා අක්කලගෙ ගෙදර ඉඳන් ආපහු බෝඩිම් කාමරේට ආපු ගමන් අමුතු කතාවක් ඇහුනනෙ. මෝලට කෙල්ලෙක් කැමැත්ත දීල රෑට එන්නත් කියල!
"මොකක්ද යකෝ ඒ ඇවටියල් කතාව?"
නාලකය කියපු දේ අදහගන්න බැරුව වගේ මම මෝල දිහා හැරිල ඇහුව. ඌයි ඇම්ඩයි තාම කෝල් එක ට්‍රේස් කරනව. නාලකය මාව කාමරෙන් එලියට එක්කන් ඇවිල්ල බැල්කනියට ආව.
"කෑගහන්න එපා. උට වැඩේ කරගන්න දිහංකො. මම කියන්නං සීන් එක"
"කියපං කියපං. යකෝ අපිටත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනව."
"හරි හරි බං. මේ අහංකො. මෝලා මීට කාලෙකට උඩදි ඔය එහා පැත්තෙ හංදිය ගාව කෙල්ලෙක් ටෝක් කලා. උඹල නං දන්නව කිව්ව. මූ මටත් හෝටලේදි කතාව කියල තියෙනව"
නාලකය කිව්වම මතක් උනේ. අපේ බෝඩිම හරියෙම තව ලේඩීස් බෝඩිමක් තියෙනව. අපේ එකේ ගෑණු පිරිමි දෙගොල්ලොම ඉන්න නිසා අපේ එකට බහින්නෙ පරණ කොරියන් වාහන විතරනෙ.
හැබැයි අර බෝඩිමට එහෙම නෑ. ඉන්න තරමක් සුපිරිම ජපන් බොඩි ටික තමා ඒකෙ ඉන්නෙ. ආයෙ පොශ් නං පොශ් , රොමෑන්ටික් නං රොමෑන්ටික් , නේකඩ් නං නේකඩ් , Sec c නං Sec c ඕනෙ එකක්. අපේ මේ ලබ්බෙ හිටියෙ හත්තිලව්වට ගහපු කලාබරේ වගේ ගෑණු ටිකක්නෙ. අවලස්සන ලස්සන , කලු සුදු මගුලක් ගැන නෙවේ කියන්නෙ. ගෑනියෙක් උනාම ගෑනු ගති තියෙන්න එපැයි. ශලනි තමා යන්තන් බෝඩිමේ ගෑනුන්ගෙ තත්වෙ බේරගත්තෙ.
ඉතින් ඔය හේතුව උඩ , අපේ බෝඩිමේ කොල්ලො ඉස්සර , අර ලේඩීස් බෝඩිමෙන් තමා ගොදුරු හෙව්වෙ. මෝලත් ඒ අතරින් එකෙක්. මෝලා සැරටම ටෝක් කරපු කෑල්ලක් හිටිය ලිලී කියල. හෙන හොඳ කෙල්ලෙක්. හෙන දක්ශයි. ඔය රේඩියෝ සීන් වලට හඬකවන්න හිටන් යනව.
නාලකය කිව්වෙ ඒ කෙල්ල ගැන වෙන්න ඕනෙ. මම ඉතින් නාලකයගෙන් ඇහුව ඒ ගැන.
"උඹ ඔය කියන්නෙ ලිලී කියල කෙල්ලෙක්ද?"
"අන්න හරි. ඔය ආවෙ ගැම්මට නම. ආන්න ඒකි අද උදේ මුට මැසේජ් එකක් දැම්ම උත්තරයක් දීල"
"ඉතින් කවද්ද මූ ඇහුවෙ ඒකිගෙන්. මූ කිව්වෙත් නෑනෙ?"
"අහල නං දැන් සතියක් විතරලු. මෝලා බස් එකෙන් බැහැල ඔතනින් පයින් ආපු දවසක මූ නම්බරේ දීල"
"මූව මරන්න එපැයි යකෝ"
"ඔව් ඔව්. දැන් ඉතින් සෙට්. අද රෑට පුලුවන් නං එන්නලු. එයා ඉන්නෙ කෙලවරේම කාමරේක නිසා ප්‍රශ්නයක් නැල්ලු. එයාගෙ දෙපැත්තෙ කාමර වලත් මේ දවස් දෙකේ කවුරුත් නෑලු"
"මරුනෙ යකෝ. පතිවෘර්තාවෙ ඒ තරන් බල්ලට ගිහිල්ලද තියෙන්නෙ. කාමර වලට ගෙන්නගන්න තරන්"
"ඒව නං මම දන්නෑ. කෝමත් උඹට තමා යන්න වෙන්නෙ උගෙ තනියට"
ඔය ආවෙ තැනට.. මෙච්චර වෙලා රෙදි අපුල්ල අපුල්ල ඉදලා.. දැන් වනන්න තමයි තියෙන්නෙ වැලක් හොයලා.. මුන් මේ ඒකට තමා මෙච්චර වෙලා කර ඇදල තියෙන්නෙ.
"මම අහවල් මගුලටද යන්නෙ. ගෑනු ලැට් යනව වගේනෙ ඕයි. මම ගිහින් දොර වහල අල්ලගන්නද?"
"නෑ නෑ ඌට පොඩි කික් එකක් එන්නෙ එතකොටනෙ. අනික උඹෙත් මහ ලොකු කැතක් නෑනෙ"
ගහප් පරයට හොම්බ කට සමතලා වෙන්න. කොල්ලො උනත් , මොකා හරි මූණට කිව්වොත් "ඔයා කැතයිනෙ" කියල , අපිට බෙල්ල විකාගෙන මැරෙන්න හිතෙනව ඕයි. කවදාවත් කොල්ලෙක්ට කියන්න එපා කැතයි කියල. ඒ වගේම කවදාවත් කෙල්ලෙක්ට උන්ගෙ අඩුපාඩුවක් පෙන්නල දෙන්න එපා. එහෙම කලාම උන් හිතන්නෙ අපි උන්ව පාච්චල් කරනව කියල.
නාලකයගෙ ටෝකෙන් පස්සෙ මම සරෙන්ඩර්. මෝලා කෝල් එකේ ඉන්නකං මම කලිසම මාරු කරල ශෝටකට බැස්ස. එහෙම්ම බාතෲම් එකට ගිහිල්ල මූණ කට හෝදගෙන ආව.
ඇම්ඩා පාන් ගෙනල්ල තිබ්බ පරිප්පු හොද්දක් එක්ක. මම නං පත පැස්ටා හැලියක් කොටාබාලනෙ ආවෙ. ඉතින් පාන් කන්න උවමනාවක් උන්නෑ.
මෝල කෝල් එක කට් කලාට පස්සෙ අපි තුන් දෙනාම ඌ ගාවට සෙට් උනා විස්තරේ අහන්න.
"ඔන්න දැන් අපිට කියල මැරුන් කන්නැතුව කියපං සවිස්තරාත්මක විස්තරේ. ඇලපිල්ලක්වත් අඩු වෙන්න බෑ හරිද?"
මෝලා ෆෝන් එකත් ඇඳ උඩින් තියල ලොකු හුස්මක් අරන් පටන් ගත්ත කතාව.
"උඹල දන්නවනෙ මම අර හංදිය ගාව බෝඩිමෙන් වනිතාවක් ටෝක් කලා කියල ඉස්සර. ඒ උනාට පස්සෙ අතෑරල දැම්මනෙ. ලිලී කියල කෙල්ලෙක්."
අපි තුන් දෙනාම ඔලුව වනල ඒක දන්නව කියල ඇඟෙව්ව.
"හරි ඉතින් ආන්න ඒ කෙල්ල තමා මේ. ගිය සතියෙ හවසක , ආ උඹල එදා වැස්සෙ තෙමීගෙන ආවෙ. ශලනි බෝඩිමට ආපු දවසෙ මේ සීන් එක උනේ. මම බස් එකෙන් බැහැල එන්න හදනකොටම තමා වැස්ස පටන් ගත්තෙ. ඉතින් දුවල දුවල එතන බෝඩිම ගාව තියෙන ගහක් යටට ආව මං."
"ඉතින් ඉතින්"
"ඉතින් කියන්නෙ මම එතන දුගී දුප්පත් අසරණය වගේ ඉන්නව දැකල ලිලීයි තව කෙල්ලෙකුයි ඇවිල්ල මට කුඩයක් දික් කලා. මම කිව්ව ඉතින් කුඩේ පස්සෙ දෙන්න වෙන්නෙ කියල. එයාල හා කිව්ව"
මූ මොකක්ද මේ කියන්නෙ. මූ මේ කිව්වෙ ටෝක් කරපු කතාවක් ගැන නෙවේනෙ. මූ මේ කිව්වෙ වැස්සෙ තෙමිල ඇවිල්ල කෙල්ලෙක් මුට පිහිට උන කතාවක්නෙ.
"ඈ බොල ගොන් ඔටු ලබ්බො. තෝ ඔය මොකක්ද කියන්නෙ. අපි අහන්නෙ උඹ ලිලීව ටෝක් කලේ කෝමද කියල"
"ආ මම කුඩේ දෙන්න ගිය වෙලාවෙ එයාට නම්බරේ කොලේක ලියල දීල ආව. එයා ඉතින් ලාවට මැසේජ් කලා. මම අද උදේ ඇහුව. එයා කැමතී කිව්ව. මම හිතුවෙ උඹල ඇහුවෙ අර කුඩේ සීන් එක ගැන කියල. අද එයාට නිකං අසනීපයි වගේ බං. කටහඬත් පොඩ්ඩක් වෙනස් වෙලා"
ඕකිගෙ කුඩ අපිට පු@ ගහන්නද බං.
"හා හා දැන් එතකොට උඹ අද රෑට එහෙ පනිනවද?"
"ඔව් ඉතින්. ලිලී නං කිව්ව අවුලක් නෑ එන්න කියල. නිකං කතා කර කර ඉමුලු"
"හා හා යමන්කො බලන්න"
දැන් ඉතින් අද රෑට මිශන් ඉම්පොසිබල් රොබරියක් දෙන්න තියෙනවනෙ. කෙලින්ම නින්ජා වේපනයිසර් වගේ ස්ටෙල්ත් මෝඩ් දාගෙන වැඩේ කරන්න වෙන්නෙ.
දවල්ටත් අපි ඇම්ඩව යවල බත් දෙකක් ගෙනල්ල කෑව. උදේ ඉතුරු උන පානුයි , උණු උණුවෙ බතුයි කියන්නෙ නිකං සර්වත්‍ර කුලකයක් වගේ මාරම ගැලපීමක්.
හවස් වෙනකොටම මෝලා ලෑස්ති උනා නාගෙන එහෙම. නාලකය ගාව තියෙනව බං කෙල්ලො පිස්සු වට්ටන සෙන්ට් එකක්. ඌ ඒකට කියන්නේ ලේඩීස් කිලර් කියල. කෙල්ලො තියා කොල්ලොත් පිස්සු වැටෙනව තමයි. කලන්තෙට වගේ එනව ඒකෙ සැරට. මෝලා නං නෑවා ඒ සෙන්ට් එක. නාලකය මටත් ගහන්න හැදුව.
"මට ගහන්න අහවල් රෙද්දටද යකෝ. මම නෙවේනෙ ලිලී එක්ක බුදියන්න යන්නෙ. උඹ හිතුවෙ මේක තුන් කොන් වැඩක් කියලද"
"හෙ හෙ. එපා නං එපා කියන්න එපැයි. හා ඉතින්. තරායි මං"
නන්නාරි නරේ නරිර නරෝ......නරේ නරේ රෝ......
ශෝක් සිංදුව බං. කියන දෙයක් නං තේරෙන්නෑ. ඒ උනාට සිංදුව මරු.
අටයි කාල වෙද්දිම රෑට කාපං කියල ඇම්ඩ ගෙනල්ල දීපු කොත්තුවක් කාල මමයි මෝලයි අපේ ස්පෙශල් කිට් එක අරගන්න යන්න ලෑස්ති උනා. නාලකයයි ඇම්ඩයි අපිට හදවතින්ම සුභ පැතුවා. මේ වගේ වැඩකට ඒ කිට් එක ඕනෙමයි. අපි ඒකට කියන්නෙ "ආඳා සූට් එක" කියල.
මතක් කරපු නිසා මම කියන්නං මේ සංකල්පය අපේ බෝඩිමට හඳුන්වා දුන්නෙ කවුද කියල.
අපේ බෝඩිමේ හතරවෙනි තට්ටුවෙ , ඒ කියන්නෙ අපිට පහළ තට්ටුවෙ ඉන්නව ගායක කියල අයිය කෙනෙක්. නම ගායක උනාට උට සිල් පදයක්වත් ලස්සනට කියාගන්න බෑ. ඒ තරන් ස්‍රැති පැනපු බුවෙක්.
ඉතින් මේ ගායක යගෙ මහා කැත පුරුද්දක් තියෙනව. තාම ඒක හොඳ වෙලා නෑ. ඌ හෙන ආසයි ගෑණුන්ගෙ යට ඇඳුම් උස්සන්න. ඒව උස්සල කරන කියන දේවල් ඉතින් ශිෂ්‍යත්වෙ ලියන පොඩි එකෙක් උනත් දන්නවනෙ. හැබැයි බෝඩිමේ කොල්ලො කවුරුත් ඌව නවත්තන්නෑ.
තත්පර පහක් දෙන්නං. ඇයි කියපං ගායකය කරන්නෙ කැත වැඩක් කියල දැන දැනත් , කොල්ලො එකෙක්වත් ඌව නවත්තන්නැත්තෙ..
5....
4....
3....
2....
1....
කාලය අවසානයි.
සමහරුන්ට නං නිකංම මීටර් වෙන්නැති ඇයි අපි ඌව නවත්තන්නැත්තෙ කියල.
මේකයි සීන් එක. කොළඹ ඇවිල්ල , උදේ හවස ගෑණුන්ගෙ වැහුන තැන් මතක් කරන් මනෝ පාර ගහන අහිංසක පිරිමි ප්‍රජාවක් හැටියට , ගායකය ඒ උස්සන යට ඇඳුම් අපි දැක්කෙ නිධාන වගේ. නිකං ඉන්දියානා ජෝන්ස් ගිහිල්ල වැඩ කිඩ දාල අර ගුහාව අස්සෙන් රත්තරන් ඔලුව අරන් ආව වගේ.
ගායකයගෙ හිත හොඳ නිසා ඌ කට්ට කාල උස්සන යට ඇඳුම් අපිට නොමිලේම ලබා දුන්න. කිසිම එකෙක් ඒව ජරා කරන්නෑ. ෆුල් ක්ලීන් ප්‍රොසෙස් එකක් යන්නෙ. හැබැයි ගායකය ඔය අහල පහල බෝඩිම් වල උන්ට නං ඒව විකුණනව. රුපියල් දහයට විස්සට නෙවේ. දවස් දෙකක් තියාගන්නවට රුපියල් 600ක් ගන්නව. කොල්ලො ටිකගෙ මද කිපුනට පස්සෙ ගායකය ආපහු අර දුක් වේදනා විඳගෙනම ගිහිල්ල යට ඇඳුම අදාළ වැලේ එල්ලල එනව.
බිකෝස් ලන්කට් එකක් උනත් මේ කාලෙ ගිනි ගනන්නෙ. අනික මේ පැත්තෙ ඉන්න පොශ් ලේඩීස්ල අඳින්නෙත් ලේස් ඒව. නැතුව ඔය අපි අඳින කරවෙච්ච පපඩම් වගේ ඒව නෙවේ. හෙන ගනන් ඇති ඒ නිසා.
ඉතින් ගායකය කොච්චර බුද්ධිමත් තරුණ නව නිපැයුම්කාරයෙක්ද කියනව නං , මිනිහ මේ වැඩේට උචිතම ආකාරයට අලුත් ඇඳුම් වර්ගයක් හැදුව. අන්න ඒක තමා "ආඳා සූට් එක". "ආඳා සූට් එකේ" දැනට පේටන්ට් බලපත්‍රය තියෙන්නෙ ගායකයගෙ නමට. ඒ වගේම ඉදිරියේදී හොඳ ෆිනිශ්ඩ් ප්‍රොඩක්ට් එකක් හැටියට මාකට් එකට දාන්නත් ලෑස්තී මිනිහ. තරුණ ව්‍යවසායකයො බන්ග්.
මෙන්න මේකයි මේ සූට් එකේ විශේෂත්වය.
දැන් හිතපං සාමාන්‍ය රේන් කෝට් එකක් නං ඒක වතුර වැටිල නැති වෙලාවට ලිස්සන්නෑනෙ එච්චර. ඒ කියන්නෙ හොඳට බදල අල්ලගන්න පුලුවන්නෙ.
හැබැයි ගායක අයියා හදපු මේ "ආඳා සූට් එක" එහෙම නෑ. මිනිහ රේන් කෝට් එකක් අරන් ඒක වටේටම පට්ට සිල්ක් රෙද්දකින් ආවරණය කරල තියෙන්නෙ. අත සුරුස් ගාල ලිස්සල යනව. ඒ විතරක් නෙවේ. මේ සූට් එක ඇන්දම ඇතුලෙ ඉන්න එකාගෙ හැඩරුව පවා වෙනස් වෙලා පේන්නෙ. සහ මුලු බොඩියම කවර් වෙනව. ඒ වගේම ආඳා සූට් එකේ ඩිසයින් එක නිසා රෑට එහෙම ඒක පේන්නෙ යකෙක් වගේ. ඒ නිසා , විශේෂයෙන්ම ගෑණු අයගෙන් වෙන බාධක අඩුයි. අනිත් කාරණේ තමා ආඳා සූට් එක ඇඳන් ඉන්න වෙලාවක ඕනෙ ම අඳුරු තැනක ලේසියෙන් හැංගෙන්න පුලුවන්. කාටවත් පේන්නෙ එහෙම නෑ. වැදගත්ම දේ මේ සූට් එක ශොක් පෲෆ්. ඒ කියන්නෙ කොච්චර ගුටි කෑවත් දැනෙන්නෑ. දැන් උඹල හිතයි ඕව වැඩක් නෑනෙ දුවන්න පුලුවන් නං කියල.
නෑ නෑ. මේ කොළඹ දුවල බේරෙන එක අමාරු වැඩක් නෙවේ කරන්න බැරි වැඩක්. ඉතින් හොඳම සහ ගොඩක් වෙලාවට එකම ඔප්ශන් එක තමා මග හරින එක. මේව ඇවිල්ල පුරාණ යුධමය වාර්තා කියවල අපි හොයාගත්තුව. උඹල දන්න pacac නෑ බං ඒ ගැන.
මමයි මෝලයි පහළ තට්ටුවට බැහැල කෙලින්ම ගියා ගායක අයියලගෙ කාමරේට. ඒ කාමරේ තව ඉන්නව ප්‍රගීත් කියල පොරක්. ඌ තමා ගායක අයියගෙ පර්සනල් ඇසිස්ටන්.
දොරට තට්ටු කරල අත ගන්නත් කලින්ම දොර ඇරුනා. දොර ගාව හිටියෙ ගායක අයියා.
ඌට පරචිත්ත ව්ඥ්නානෙ හොදටම තියෙනව වගේ.
"මොකෝ බං"
"ආ අයියෙ මේ. අර ආඳා සූට් දෙකක් පොඩ්ඩක් කුලියට ගන්න බැරි වෙයිද?"
ගායකයට කට කොනින් හිනාවක් ගියා.
"ඒ මොකෝ"
"අපේ මේ මෝලා අද කන්‍යා භාවයකට තට්ටු කරන්න යනව අර හංදියෙ බෝඩිමේ. පොඩ්ඩක් ඩේන්ජරස් වැඩක්නෙ. හදිස්සියෙ ගැස්සිලා නරකාදී අකාරාදී විදිහට ගුටි කන්න උනොත්"
"කීයක් ඕනෙද. අලුත් වර්ශන් එකක් ආව. තාම ටෙස්ට් කලේ නං නැ. උඹලට ඕන්නං ඒකයි පරණ එකකුයි දෙන්නං"
"මොනාද අයියෙ අලුත් වර්ශන් එකේ අලුත් ෆීචර්ස්"
ගායකය ඇතුලට ගිහිල්ල සූට් දෙකකුයි පොතකුයි අරන් ආව. ඇවිල්ල පොත දිග ඇරල කියෙව්ව.
"කලින් ඒවගෙ ඔක්කොම තියෙනව. අර සිල්ක් එක අපි තව පොඩ්ඩක් ලිහිසි ගතිය වැඩි කලා. දැන් හදිස්සියෙ වතුර වැටුනත් ප්‍රශ්නයක් නෑ. වෝටර් පෲෆ් ගාඩ් එකක් ඇතුලෙන් දාල තියෙන්නෙ. තව අපි ඇඩ් කලා ෆේස් කවර් එකක්. දැන් බොරුවට රෙදි කෑලි බැඳගන්න ඕන්නෑ. කිට් එකටම එනව ඒකත්"
හම්මටසිරි වෙනව.
"ආ අපි ටෙස්ට් කරල දෙන්නං අයියෙ. කීයක් විතර වෙයිද පැය තුනකට වගේ"
"අද සල්ලි එපා. උඹල ටෙස්ට් කරල දෙනවනෙ. හැබැයි පුතෝ කිට් එකේ දෝශයක් නිසා උඹල පොලිසි ගියොත් මම නං නෑ"
"හරි හරි. එහෙනං ගොඩක් ස්තූතී අයියෙ ඈ"
ගායක අයියට ස්තූතී පාරක් දාගෙන අපි බෝඩිමෙන්ම කිට් දෙක ගහගත්ත. නෝමල් බැලුවට පේන්නෙ නිකං ජැකට් දෙකක් ඇඳන් ඉන්නව වගේ.
කිට් එකත් ගහගෙන රෑ හීතලේම පාර දිහේ හන්දිය ගාවට ඇවිදන් ගියා. මෝලා සැරින් සැරේ ෆෝන් එක බලනව. උට නොටිෆිකේශන් එනවද කියල.
අදාළ ගෑණු බෝඩිම පේන මානෙකට ආවට පස්සෙ අපි කවර් වෙලා හිටිය. මෝල උගෙ ෆෝන් එකෙන් මැසේජ් එක යැව්ව ලිලීට අපි ඇවිල්ල ඉන්නෙ කියල. දැන් ඉතින් ලිලීගෙන් රිප්ලයි එනකං බලන් ඉන්නත් එපැයි. විනාඩි හය හතකින් ලිලීගෙන් රිප්ලයි එකක් ආව.
'ආ පොඩ්ඩක් ඉන්න. ඔයාල පිටිපස්සෙ තාප්පෙන් පැනල එන්න. ලයිට් දාපු කෙලවරේම කාමරේට කාමර දෙකක් එහායින් ඉන්නෙ මං. ලයිට් දාන්නෑ හොඳද. ඔයා පරිස්සමට එන්න'
'හරී. මම ඇවිල්ල ජනේලෙට හිමින් තට්ටු කරන්නං.'
'හරී...'
මෝලා මං දිහා බලල ඔලුව එක පාරක් පහළට පාත් කලා. ඒ තමා අපේ රොබරියට ලෑස්ති වෙයන් කියන සිග්නල් එක. මම තමා අර අලුත් වර්ශන් එකේ "ආඳා සූට් එක" ඇඳන් හිටියෙ. මෝලා නිකංම ලේන්සුවක් බැඳන් හිටියෙ.
මම ෆේස් කවර් එකත් දාගෙන මගෙ ෆෝන් එකයි මෝලගෙ ෆෝන් එකයි දෙකම දාගත්ත ආඳා සූට් එකේ ඇතුලෙ සාක්කුවකට.
පස්සෙ අපි දෙන්න හිමින් හිමින් කවර් වෙවී බෝඩිමේ තාප්පෙ අයිනෙන් පිටිපස්සට ඇවිල්ල ඩලස් ගාල පැන්න එහා පැත්තට.සෙනසුරාද රෑට සාමාන්‍යයෙන් මිනිස්සු නෑ පාරෙ මේ හරියෙ. ඉතින් කාටවත් මීටර් නොවී පැනගත්ත.
බෝඩිම් වත්තට පැනපු ගමන් අපි බැලුව ලයිට් දාපු කාමරේ දිහා. ලිලී කිව්ව වගේම කෙලවරේම කාමරේක ලයිට් දාල. ඊට කාමර දෙකක් එහා පැත්තෙ කාමරේ තමා ලිලී ඉන්නව ඇත්තෙ.
"මචන් මෙතනින් හිටපං. ජනේලෙ ඇරියම උඹ ජනේලෙ ගාවට වෙලා පාත් වෙලා හිටහන්. කේස් වගේ නං ජනේලෙට තුන් පාරක් තට්ටු කරපං"
මෝලා මගෙ කණට කොඳුරල කිව්ව.
මමත් ඔලුව නවල ඒකට එකඟ උනා.
මෝලා හිමීට පාත් වෙලා ලිලී ඉන්නවයි කියපු ජනේලෙ ගාවට ගිහින් ජනේලෙට තට්ටුවක් දැම්ම. තට්ටුව දාපු සැනින්ම වගේ ජනේලෙ ඇරුනා. ඉතින් මෝලා වටපිට බලල සේපට සද්ද බද්ද නැති වෙන්න ජනේලෙන් ඇතුලට ගිය ගමන්ම ජනේලෙ සට ගාල වැහුනා. ජනේලෙ වහනකොට ඒ එලියට ආපු අත නං ලිලීගෙ අතට වඩා පොඩ්ඩක් මහතයි වගේ මම දැක්කෙ. මොකද මම කලින් ලීලීව දැකල තියෙනවනෙ.
පටන් ගැන්ම දුශ්කරයි හෙට දවස ලස්සනයි කියල හිතන් ඕනෙ මගුලක් වෙච්චාවෙ කියල මමත් හිමීට හිමීට ජනේලෙ ගාවට ගිහිල්ල ඩිප්ස් පොසිශන් ඩවුන් වැටුනා. දැන් ඈත ඉඳන් මාව පේන්නෙ කොටයක් වගේ.
විනාඩි දෙකක් යන්නත් කලින්ම ඇතුලෙ යම් සිදුවීමක් වෙනව කියල තේරුනා මට. ඇඳක් කිරි කිරි ගාන සද්දෙයි. මුමුණගන්න සද්දෙයි. කලිසම් සිපර් සුරුස් ගාල ඇරෙන වැහෙන සද්දෙයි.
නිකං වවුල් තිප්පොල වගේ.
පැය භාගයක් විතරම මම කට්ට හීතලේ ලිලීගෙ කාමරේ ගාව සැතපිලා හිටිය. මූ එන පාටක් නෑ. මට කතා කරන දෙයක් නං ඇහෙන්නෑ. බ්ලග් බ්ලග් ගාන සද්දයි , ඌහ් කියන ඒවයි ඇහෙන්න. ම්ම්ම්ම්ම්ම් හොඳට කතා කරනව වgay.
යන්තන් සන්තන් පදං කියල නවයයි කාලට විතර ලිලීගෙ කාමරේ ලයිට් එක ඔන් උනා.
හැබැයි ඊට පස්සෙ ආපු සද්දෙ නං එච්චර ඇල්ලුවෙ නෑ මට. ලයිට් එක ඔන් උන ගමන්ම කාමරේ ඇතුලෙන් ආවෙ පිරිමියෙක් "අහ්...." කියල හූල්ලන සද්දයක්.
එතකොටම ජනේලෙ ආපහු ඇරුනා. මම එහාට ගිහිල්ල මෝලට ඉඩ දුන්නා. මෝලා කතාවක් බහක් නැතුවම හිමීට ජනේලෙන් පැනල මට මූණෙන් සන් කලා යමන් කියල.
කලුවරේ හිටියත් කාමරේ ලයිට් එලියට දිලිසුන මෝලගේ මූණේ තිබ්බෙ සුදුමැලි උන පෙනුමක්. නිකං හරියට හොල්මනක් දැකල වගේ. උගෙ මූණෙ කිසි හැඟීමක් තිබ්බෙ නෑ.
අපි දෙන්න සද්ද බද්ද නැතුවම තාප්පෙන් පනිනකං ඉඳල මම ඇහුව සීන් එක.
"මොකෝ බං නිකං බය වෙලා වගේ. ලිලී උඹට ප්‍රපෝසල් කලාවත්ද?"
මෝලා මගෙ උරහිසෙන් අල්ලල නැවැත්තුව. නවත්තල මගෙ මූණ දිහා බලල මට කතා කලා.
"ඒ හිටියෙ ලිලී නෙවෙයි"
"එහෙනං?"
මොකක්ද හත්තිලව්වෙ ඒ කතාව.
"ඒ එදිරිගෙ ශාපය."
"මො.... මොකක්. එදිරිගෙ ශාපය... තා... තාමත්...."
ඒ පාර නං මගෙ ඇඟත් හිරි වැටිල ගියා.
මතු සම්බන්ධයි...