උන්මාදේ ッ

උන්මාදේ ッ

12

දොළොස්වන කොටස

මතකනෙ. තාරුකා අක්කගෙ පීසී එක හදන්න ගිහිල්ල එතන පොඩි ජිංකි ජිකා කේස් එකක් ගියානෙ.


කලින් කොටසට




"අ... අක්කෙ.... ඒ.... ඇයි....?"


"සොරි ගිම්හාන්. අයිම් රියලි සොරි. මට කන්ට්‍රෝල් නැති උනා"


"නෑ නෑ ඒකට කමක් නැ. අක්ක මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ"


"හම්ම්"


තාරුකා අක්ක බිම බලාගෙන හිටපු විදිහට මට දුකත් හිතුන. මොනා උනත් අපේම ප්‍රියයන් අපේ ප්‍රථම රාජකාරිය කරගන්න ඕනෙ කියනවනෙ. ශඩ් භාශා නිපුණත්වයෙන් යුතු මම මේ වගේ අවස්ථාවක ගානට වදනක් කෙලල ඇරියෙ නැත්තං ඒක මගෙ තත්වෙට හරි නෑ.


"කැමති නං මට කියන්න අක්කෙ. හිත නිදහස් වෙයිනෙ. එතකොට"


"හම්ම්"


මම තාරුකා අක්ක ගාවට ගිහිල්ල එයාගෙ උරහිසෙන් අල්ලල , එයා ඉඳන් හිටපු පුටුවෙන්ම වාඩි කලා. ඒ කරල මමත් කම්පියුටර් මේසෙ ගාව තිබ්බ පුටුව ඇදල අරන් එයා ඉස්සරහින් තියල ඒකෙන් වාඩි උනා.


"මම අහන්නං අක්කෙ. කියන්න ඕනෙ දෙයක්. මං මුකුත් හිතන්නෑ"


"ඒක.... මෙ... මේ....."


"මම බල කරනව නෙවෙයි අක්කෙ. කැමැති නං කියන්න. නැත්තං ඕන්නෑ. හරිනෙ"


"හම්ම්. මට ළමයි හදන්න බෑ ගිම්හාන්"


did not see that coming!


"ඈහ්. ඒ කිව්වෙ"


"මම යාලුවෙලා ඉඳපු කෙනා මාව දාල ගියේ ඒ නිසා. මට ළමයි හදන්න බෑ. මට ඒ සුදුසුකම උපතින්ම පිහිටල නෑ ගිම්හාන්. අපි දෙන්න ඒක දැනගත්ත ගමන් එයා මාව දාල ගියා. මම ගොඩක් අමාරුවෙන් හිටියෙ එයා මාව අතෑරපු දවසෙ ඉඳන්. ඒත් එදා මම ඔයාව දැක්ක දවසෙ මම ඔයාට ගොඩක් ආස උනා. ඔයාගෙ හුරතල් මූණට මම ගොඩක් ආස උනා ගිම්හාන්. මට සමාවෙන්න මේකට. ඔයාට හිතෙයි මම වේ@ ගෑණියෙක් කියල. ඒත් එදා උදේ ඔයාව දැක්ක වෙලේ ඉඳල මට ඉස්පාසුවක් නැතුව හිටියෙ. ඔයා මට එයාවම මතක් කරනව ආපහු ආපහු"


කට උත්තර නැති වෙන්නම දෛවයේ සරදම් වදිනව කියන්නෙ මෙන්න මේ වගේ ඒවට තමා.


"ඒකට කමක් නෑ අක්කෙ. ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවයනෙ ඉතින්."


"ගිම්හාන් මාත් එක්ක තරහද?"


"අනේ නෑ අක්කෙ. එහෙම හිතන්න එපා"


"එහෙනං ගිම්හාන් මට කැමතිද?"


"ආහ්.... මේ......"


"හම්ම්. මම දන්නව. ඒකට කමක් නෑ. ගොඩක් ස්තූතී මාත් එක්ක කතා කලාට ගිම්හාන්. මට වෙන කවුරුත් නැතුව හිටියෙ. මම දන්නව ඔයාව මම දන්නෙත් නෑ කියල. ඒ උනාට අනේ මංද. මට ඔයා ගැන අදහසක් ආව. ඒකයි මම එහෙම කිව්වෙ."


මේ වගේ වෙලාවක නං සාමාන්‍ය පිරිමියෙක් , මොන තත්වෙක හිටියත් , දුක අහන අයියා කෙනෙක් බවට කන්වර්ට් වෙලා ගැහැණු අයගෙ දුක අහන්න ඉදිරිපත් වෙනව. මමත් ඉතින් සාමාන්‍යය පිරිමියෙක්නෙ. මම මොකෝ වෙනම ගයිඩ් එකකට යන්නෙ.


මම තාරුකා අක්ක ගාවට ගිහිල්ල එයාගෙ අත්දෙක දෙපැත්තෙන් අල්ලල ඉස්සුව.


"ඒකට කමක් නෑ අක්කෙ. මම ඉන්නවනෙ අක්කට"


කියල මම තාරුකා අක්කව මගෙ ඇඟට තද කරගත්ත. එයත් කිසිම විරුද්ධත්වයක් නැතුව මගෙ පපුවට මූණ ඔබාගෙන මගෙ පිට වටේට අත් දෙක යවල හිමීට පිට හූරන්න ගත්ත.


විනාඩි දෙක තුනක්ම අපි දෙන්න තුරුල් වෙලා හිටිය.


මම මේ කරන්නෙ ශලනිට ලොකු වැරැද්දක් කියල දැන දැනත් මගෙ හිත යටින් අමුතු උද්‍යෝගයක් ඇවිල්ල තිබ්බෙ. මොකද සිරි ලංකාවාසියෙක් හැටියට වැරදි වැඩක් , නීතිවිරෝධී දේවල් , කාටහරි අවැඩක් වෙන දේවල් කරන එක අපි හෙන වීරකම් කරලනෙ සලකන්නෙ.


"ගිම්හාන් උදේට කාලද ආවෙ."


"නෑ අක්කෙ. අක්ක කතා කරපු ගමන්ම ලෑස්ති වෙලා ආවෙ"


"අනේ.... කමුද අපි එහෙනං. මම උදේට පැස්ටා හැදුවා. ගෙනත් දෙන්නද?"


"ම්ම්ම්ම් හා අක්කෙ... බඩගින්නෙ හිටියෙ"


"අක්ක කෑල්ල නැතුව කතා කරන්න බැරිද. හරි දුරයි වගේ එතකොට"


"ආහ්. හරි හරි. මේ තාරුකා."


"ම්ම්ම්ම්ම්ම්"


"මම කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ දැනටම. මට ඇත්තටම සමාවෙන්න ඒකට. ඒ උනාට මට එයාට වැරැද්දක් කරන්න බෑනෙ. ඔයාට තේරෙනව ඇතිනෙ"


තාරුකා අක්කගෙ මූණ ආපහු මැල උනා ඒක ඇහුවම. ඒ උනාට එයා නෝමල් එකේ කතා කලා.


"ඒකට කමක් නෑ ගිම්හාන්. මට ආදරේ කරන්න ඕන්නෑ. මගෙ ආදරේ භාරගන්නකො. හානෙ"


"ම්ම්ම්ම් එහෙම කරන්නං මං. ඔයා මගෙ අක්ක වගේ ඉන්නකො එහෙනං"


"මෝඩයා" කියල තාරුකා අක්ක මගෙ නහයට තට්ටුවක් දාල කාමරෙන් එලියට ගියා මටත් එන්න කියල.


ළඟකදි මට මන්තර ගුරුමක් වත් වැඩ කරලද. එක පාටම කෙල්ලොන්ට මං ගැන හිතෙන්නෙ එහෙම. ඒ උනාට ඉස්කෝලෙ කාලෙ නං කෙල්ලො හිතන් හිටියෙ මාත් එක්ක යාලු උනොත් උන්ට වස් වදිනව කියල.


පිණි වැටුනට සුදු නෙලුමට බර වැඩි වෙන්නෑ...

කවුරු උනත් මගෙ හිතෙ ආදරෙ අඩු වෙන්නෑ...

කීය උනත් භාරගනිමි එපා කියන්නෑ...

හැකියාවට රැකියාවක් තාම ලැබුනෙ නෑ...


ලස්සන සිංදුවක්. උඹලත් අහපල්ල.


මම තාරුකා අක්කගෙ පිටිපස්සෙන් ඇවිදන් ගියා. ගේ හෙන සිම්පල්. හැබැයි හෙන ලස්සනයි. තාරුකා අක්කගෙ රස්සාවක් වත් මම දන්නෑනෙ තාම මේ ආදරේ භාරගන්න එකඟ උනාට.


"ගිම්හාන් වාඩි වෙන්න. මම බෙදල දෙන්නං. සෝස් ටිකක් දාන්නද?"


"පොඩ්ඩක් දාන්නකො" කියන ගමන් මම එයා පෙන්නපු පුටුවෙන් වාඩි උනා.


පැස්ටා කිව්වට නිකං පී වී සී පයිප්ප කෑලි කපල දාල වගේ. ටොම්බා සයිස්.


"ගිම්හාන්ලගෙ ගෙවල් කොහෙද?"


"අපේ මහ ගෙවල් හොරණ හරියෙ. මගගෙවල් කිව්වට ඉතින් පොඩි ගෙවල්."


තාරුකා අක්ක හිනාවෙලාම කතා කලා.


"හරි හරි. අද වැඩ මුකුත් තියෙනවද ගිම්හාන්"


"අද නං නෑ. අද ෆ්‍රී දවස"


තාරුකා අක්ක බිම බලාගෙන ඇස් උඩින් මම දිහා හොරෙන් වගේ බලල,

"එහෙනං පොඩ්ඩක් මෙහෙන් ඉන්නවද. තනියම ඉන්න කම්මැලී" කියල කිව්ව.


උඹලගෙ මූණෙ හිනාවක් ගියා නේ something something happening වෙන්න යන්නෙ කියල හිතන්.

##බලමු බලමු. ඒ හරියට යද්දි මං ඉන්න මූඩ් එක අනුව තමා ලියවෙන්නෙ.


"ආ අවුලක් නෑ අක්කෙ"


"ඔය ඉතින් ආපහු අක්කලු."


"ආ සොරි සොරි තාරූ"


"ම්ම්ම්ම්ම් එහෙම ශෝයි"


තහනම් ගහේ ගෙඩි කන එක ගැන චරිත සර්ගෙ ලස්සන සින්දුවක් තියෙන්නෙ. හර්ශගෙ කටහඬින්. ඒකත් අහපං.


ටොම්බා සයිස් පැස්ටා වලට ගෑරුප්පුවෙන් අයින්න ඕනෙ නිකං කුකුළේගඟ වේල්ල කඩනව වගේ. හපන්නත් මාර ගේමක් දෙන්න ඕනෙ. මේව ඔරිජිනල් පැස්ටා. හොඳ හයියට තියෙන්නෙ ඒකයි. ලංකාවෙ නිකංම පාන් පිටි දාල හදන මගුල නිකං , බත් ගුලි කරල කන ලයින් එකේනෙ.


කොට්ටම්බා ගෙඩි තලල කනව වගේ අමාරුවෙන් තාරුකා අක්ක බෙදල දීපු පැස්ටා ටිකත් කාල නැගිට්ට මම.


තාරුකා අක්ක මම කනකංම මං දිහා බලන් හිටිය. සිරාවටම නූලක් වත් පැනලද දන්නෑ. එක්කො මගෙ කේන්දරේ දෝශයක් මොකක් හරි. මට අවුරුදු තිහ වෙනකං ඒරාශ්ඨක අපලලු. කෙල්ලෙක් තියා බල්ලෙක්වත් ටෝක් වෙන්නෑ කියල තිබ්බෙ.


"ඕක තියන්න මම හෝදන්නං. බඩගිනි නං තව කන්න බෙදාගෙන"


මම කාල ඉවරයි කියල දැක්කම තාරුකා අක්ක පුටුවෙන් නැගිටින ගමන් කිව්ව.


බඩගින්න නං තියෙනව , ඒ උනාට කට රිදෙනව කියල කියන්න හදලත් නවත්තගත්ත. ඕම ගොන් ආතල් දීල තමා ඉස්කෝලෙ කාලෙ කෙල්ලො මගෙ මූණවත් බැලුවෙ නැත්තෙ.


"ඇති තරූ. බඩ පිරුනා"


"කෝ එහෙනං දෙන්න. මම හෝදන්නං. ඔයා සාලෙන් ඉන්න. මම එන්නං"


"හරී."


තාරුකා අක්කට පිඟානත් භාර දීල මම සාලෙට ඇවිල්ල සෝෆා එකෙන් වාඩි උනා. ටීවි එකක් නං තියෙනව සාලෙ, අඟල් හැට හතරද කොහෙද. ටීවි එකෙ බැහැගෙන බලතෑකි.


ටිකකින් තාරුකා අක්කත් ආව සාලෙට.


"මොනා හරි බලමු. හදිස්සි නෑනෙ යන්න"


"අපෝ නෑ නෑ. මේ වෙලාවට මුකුත් යනවද?"


"ඉංග්‍රීසි ෆිල්ම් එකක් නං හම්බුනා. 'ශටර්' කියල. ඒක බලමුද. හොල්මන් කතාවක්ලු. මාත් බලන්න විදිහක් නැතුව හිටියෙ"


"ආ බලමු බලමු හොල්මන් නං නතින්"


##මේක ලියන මම පෞද්ගලිකව හොල්මන් කියන සබ්ජෙක්ට් එකේ පීචං වෙච්ච පොරක්. මෑත කාලෙ තමා මම බය නැතුව හොල්මන් ෆිල්ම් එකක් උනත් ඇස් දෙකයි කන් දෙකයි වහගන්නැතුව බලන්න පුරුදු උනේ


තාරුකා අක්ක ටීවි එක පල්ලෙහා තිබ්බ සෙටප් එක ගාවට ගිහින් දණගහගෙන සීඩි එක දැම්ම. එයා දණගහන් ඉනෙන් පාත් උනාම නං මම කාපුව ඇතුලෙන් රිජෙක්ට් කරන්න ගත්ත. තාරුකා අක්කගෙ ගවුම ඉස්සුනානෙ චුට්ටක්.


නොදන්න ගෙදරක නොදන්න ගෑණියෙක් එක්ක ඉන්න වෙලාවක , මෙහෙම පොඩි පොඩි ආතල් හම්බෙනකොට කොල්ලෙක් හැටියට අපි අසරණ වෙන විදිහ කෙල්ලො දන්නෑ බං.


අසරණ උන විදිහ ගැන කියනකොට තව සීන් එකක් මතක් උනානෙ. හදිස්සි නෑනෙ ඒකත් අහල කතාවට යමු.


උඹල දැන් ඔක්කොමල හිතන් ඉන්නෙ බස් වල එහෙම අතවර වලට ලක් වෙන්නෙ කෙල්ලො , ඇන්ටිල විතරයි කියලද?


අපෝ නෑ නෑ. කොල්ලෙක් උනත් අතවරයකට ලක් වෙන්න පුලුවන්. ඒක කියන්න ලැජ්ජ වෙන්න ඕනෙ දෙයක් නෙවෙයි. කොල්ලෙක් උනා කියල එහෙම නොවී තියෙන්නෙත් නෑ.


සීන් එකක් කියන්නංකො මම ඉස්කෝලෙ යන කාලෙ.

##මෙය රචකයාගේ සත්‍ය කතාවක් නොව , කතාවේ චරිතය කියන මනඃකල්පිත කතාවක් බව කරුණාවෙන් සලකන්න.


ඔන්න මම ඉස්සර ඒලෙවල් වලට පංති යන කාලෙ බස් එක තමා අපේ එකම ට්‍රාන්ස්පෝට් ඔප්ශන් එක. මොකද තාත්තගෙ රුපියල් පනස්දාහෙ පරණ බයික් එකේ යනවට වඩා ලක්ශ ගානක් වටින බස් එකේ ගිහින් බහින එක නම්බුකාරයි කියල මම ඒ කාලෙ සැලකුව.


ඉතින් අපේ පාරෙ බස් යන්නෙ විනාඩි 40න් හතලිහ. හැබැයි සෙනගත් ඉන්නව නිකං වෙසක් බලන්න යනව වගේ. මෙලෝ වැඩක් නැති උනුත් නිකං බස් එකේ එහෙ මෙහෙ යනව ආතල් එකට. ඔය හේතුව නිසා අපේ පාරෙ බස් නිතරම බ්ලූමැන්ඩල් කුණුකන්දට ගහපු බීඩි කොටේ වගේ පැක් වෙලා යන්නෙ.


මේ සීන් එක උනෙත් එහෙම දවසක. වෙනද වගේම මම ටවුන් එකෙන් බස් එකේ නැග්ග. මම ෆුට් බෝඩ් වල බැහැල යන ජාතියෙ පට්ට පිරිමියෙක් නං නෙවේ. මම බස් එක මැදට යනව නැග්ග ගමන්. මොකද බොරු පිරිමිකමට වඩා මම මගෙ ආරක්ශාව ගැන හිතනව. ඉතින් එදත් අමාරුවෙන් අමාරුවෙන් සෙනග මැද්දෙන් ඇවිල්ල මම බස් එකේ මැදට සෙට් උනා.


මගක් දුර ඔහොම එනකොට මට දැන් තේරෙනව පිටිපස්සෙන් මොකා හරි මගෙ පස්සට ටච් එකක් දෙනව කියල. මම ඕක වැඩිය ගනන් ගන්නැතුව සේපෙ ආව. ඒ උනාට අර අතගාන එකා එන්න එන්නම තද කර කර ගේම දෙනව මට. මම හැරිල බැලුව ලාවට පිටිපස්සෙ. මැදි වයසෙ පොරක්. කෙල්ලෙක් වගේ නං කමක් නෑ කියමුකො. ඒ උනාට සීන් එකට එන්න හදන්නෙ පිරිමි එකෙක්නෙ.


දැන් උඹල හිතයි මම උට බැනල කෑ ගහල බස් එකේ අනිත් උන්ටත් කියල ඒ මිනිහව දොට්ට දැම්ම කියල.


අන්න උඹලට වැරදුන තැන. ඔහොම පොට් එකකදි කොල්ලො හෙන අසරණයි බං. දැන් නිකමට හිතපං පිරිමියෙක් ඇවිල්ල ගෑණියෙක්ගෙ ඇඟ අත ගානව කියල. ඒ ගෑණි එක පාරක් කෑගහපු ගමන් වටේ පිටේ සේරමල එකතු වෙලා අර මිනිහට ගහල දොට්ට දාල , අන්තිමට උට අතපය කරේ එල්ලන් යන්න වෙන්නෙ.


හැබැයි පුතෝ කොල්ලෙක්ට ඕම උනොත් , උට කිසිම ඔප්ශන් එකක් නෑ ඒකෙන් ගැලවෙන්න. බස් එකේ කෑගැහුවොත් එහෙම , 'එකෙක් මගෙ පස්ස මිරිකනව කියල' , බස් එකේ අනිත් උනුත් "ආව් ආව්.... ශල ලල ලා" කියයි.


ඒ වගේ වෙලාවකට කොල්ලො හෙනම අසරණයි. කොච්චර අසරණද කියනව නං , ඒ වෙලාවට කොල්ලෙක්ට ඉතුරු වෙන්නෙ එකම එක ඔප්ශන් එකක් විතරයි. හැබැයි බේරෙන්න නෙවේ.


ඉතින් මමත් ඒ එකම එක ඔප්ශන් එක ක්‍රියාත්මක කලා. මම නිකං මගෙ පුca නෙවෙයි වගේ දීගෙනම ආව කට පියාගෙන. that'all. මම අතවරයකට ලක් උනා. කරන්න දෙයක් නෑ. උට ඕනෙ pucac කරගනින් කියල මම දීගෙන ආව.


අසරණකම ඉතිරිලා යනව. දැන් මෙතනත් වෙන්නෙ ඒ වගේ දෙයක්. තාරුකා අක්ක නං වන වන එහෙන් මෙහෙන් ශෝ එක දාල චිල් එකේ හිටියට මං දෙලෝ රත් වෙලා.


"බලමුද එහෙනං"


"ආහ් බ... බලමු බලමු"


තාරුකා අක්කත් ඇවිල්ල සෝෆා එකෙ මං ගාවින්ම වාඩි වෙලා කකුල් දෙකත් උඩට ගත්ත. දැන් නං නිකං ලිංගික ක්‍රියාදාමයකට ආසන්නතම අවස්ථාවක ඉන්නෙ.


ෆිල්ම් එක හොල්මන් උනාට හිතේ දුවන්නෙ අසහනකාරී හැඟීම්. ෆිල්ම් එකේ හොල්මනට හිටියෙ කෙල්ලෙක්. ඒකිගෙත් පපුවටයි , පිටිපස්සටයි කියහංකො ඇහැ යන්නෙ. කෝමත් ෆිල්ම් එකේ main actress ට වඩා නං හොල්මනගෙ කඳ සුපිරී.


ඔය ඉංග්‍රීසි හොල්මන් ෆිල්ම් වල ඉන්නෙ බං මහ පුදුම මිනිස්සු. හොල්මනක් ඉන්නව කියල දැන දැනත් ඒ රෙද්දවල් අස්සෙම රිංගන්න යනව. අම්මප මම උනා නං දමල ගහල යනව යන්න ආයෙ පැත්තෙවත් එන්නෑ.


ෆිල්ම් එක බලන් යන අතරෙ එක පාටම හොල්මන මතුවෙන සින් එකක් ආව.


තාරුකා අක්කගෙ උකුල උඩ තියන් හිටපු අත් දෙක එක පාටම මගෙ උරහිස ගාවට ඇවිල්ල මාව තද කරගත්ත. හොල්මනට නෙවේ මාව ගැස්සුනේ. තාරුකා අක්කගෙ රියැක්ශන් එකට. තාරුකා අක්ක එයාගෙ අත් දෙක එහෙම්ම තියාගෙන තව ටිකක් මං ළඟට ආව.


"ගිම්හාන්..."


"ම්ම්ම්ම්ම්ම්"


"බය නැද්ද අනේ..."


"ඔයාට බයයිද?"


"ඔව්නේ"


මහා හෙල වීර පුරුසය වගේ මම මගෙ අතක් තාරුකා අක්කගෙ බෙල්ල වටෙන් දාල මං ගාවට තව ටිකක් තද කරගත්ත. අසික්කිත අදහසකින් නෙවේ. එයා බයයි කිව්ව නිසා.


තාරුකා අක්ක ගාව හෙන රස්නෙයි. නිකං අර කෙල්ලො ඇවිස්සුනාම ඇඟ රත් වෙන්නෙ ලාවට. අන්න ඒ වගේ. තැටිය රත් උන වෙලාවෙ රොටියත් පුච්චගත්ත නං ගොඩේ ගොඩ.


"තාරු...."


"ම්ම්ම්ම්ම්"


"ඇයි මං ගැන ආසාවක් හිතුනෙ. මාව දැකලවත් තිබ්බෙ නෑනෙ ඔයා මීට කලින්"


"මම දන්නෑ ගිම්හාන්. මට එදා උදේ ඉඳන් ඉන්නම බැරි උනා. ඔයාව දකින්නම ඕනෙ උනා."


"හෙ හෙ. පතාගෙන ආපු ආදරයක්ද දන්නෑ"


"වෙන්නැති"

කියල තාරු අක්ක මගෙ මූණ ගාවට ඇවිල්ල කම්මුලට කිස් එකක් දුන්න.


සිරාවටම මේක හෙන දැවෙන ප්‍රශ්නයක්. ඇයි මෙයාට එක පාරටම මං ගැන හිතක් පහළ උනේ. අනික නිකං ආසාවකුත් නෙවේනෙ. දාර ලව් එකක්නෙ හිතේ තියෙන්නෙ එයාගෙ.


ෆිල්ම් එක ඉවර වෙනකංම තාරුකා අක්ක මට තද වෙලා හිටිය. මමත් ඉතින් එයාව තද කරන් හිටිය. මොනා නැතත් අපි ඔක්කොම මිනිස්සුනෙ බං. හැමෝටම ආදරේ කරන්න ඕනෙ.

(විහිලුවට කිව්වෙ. හැමෝටම ආදරේ කරන්න ගිහිල්ල උඹලගෙ එෆෙයාර්ස් වලට ශොට් එක හම්බුනාම මට නං දොස් කියන්න එපා)


"තාරූ.... මම ගිහින් එන්නද එහෙනං"


බැරිම තැන තටමල තටමල ඇහුව මං. ඇයි බං වැඩකුත් නෑ. කරන්නෙත් වැරදි වැඩක්. මගෙ හෘද ස්පන්දන වේගෙත් වැඩි වෙලා මෙහෙට පය ගහපු වෙලාවෙ ඉඳන්. ධමනි බිත්ති සංකූචනය වෙලා මෙතන හෘදයාබාධයක් ඒම හැදුනොත් ඇපත් නෑ. පොඩියට ඇතරොස්ක්ලෙරෝසිස් තත්වෙකුත් එනව එනව වගේ නිකං.


"අනේ..... අද ෆ්‍රී කිව්වෙ ඉතින්"


"නෑ.... මේ.... මම කිව්වෙ. මම කෙනෙක් එක්ක යාලු...."


මම ඒක කියන්නත් කලින්ම තාරුකා අක්ක මගෙ තොල් දෙක උඩින් එයගෙ ඇඟිල්ලක් තියල මාව නැවැත්තුව.


"හරි එහෙනං. බඩු ටික ලෑස්ති කරගන්නකො.. මම ගිහින් දාන්නං. හානෙ"


"ආ අවුලක් නෑ. මම බස් එකේ යන්නං. මට පොඩි ගමනක් යන්නත් තියෙනව දැන්"


පට්ට කෙබරයක් අතෑරල ඇරිය. මට යන්න තරන් මගුලක් නෑ. මෙහෙන් ඉක්මනට ගැලවෙන්න එපැයි.


"එහෙනං මම පාර ගාවට ගිහින් දාන්නං"


"ආහ් හා තාරූ. ලොකු උදව්වක්"


මම මගෙ ආම්පන්න ටිකත් ලෑස්ති කරන් තාරුකා අක්කගෙ කාර් එකට නැග්ග. එයා මාව මේන් රෝඩ් එක ගාවටම ගෙනල්ල බැස්සුව. මම බහින්න කලිනුත් මගෙ කම්මුලට කිස් එකක් දීල බැස්සුවෙ මාව.


එයාට බායි කියල මම බස් හෝල්ට් එකට ඇවිල්ල බලන් හිටිය බස් එකක් එනකං.


දෙයියන්ගෙ පිහිටෙන් ඉක්මනට බස් එකකුත් ආව. ඉඳගන්න සීට් එකකුත් තිබ්බ නිසා මම ජනේලයක් අයිනෙන් වාඩි උනා ගිහිල්ල.


කොටුව පැත්තට යන නිසාද මංද බස් එකේ සෙනග එන්න එන්නම වැඩි උනා. ඒ අස්සෙ මට එහා පැත්තෙන් වාඩි උන පොර එතන පොඩි උන්ට day care එකක් දාගෙන. බස් එකට නගින නගින පොඩි එකාව ඌ උගෙ උකුලටයි , කකුල් දෙක අස්සටයි අරගන්නව. ඒ කාලකන්නිය මගෙ කරෙත් ගැහුව පොඩි එකෙක්ව. කොල්ලෙක් නං කමක් නෑ. මේ බයිල අස්සෙ සුදු කෙල්ලෙක්ව මගෙ කකුලක් උඩින් තිබ්බ.


(දැන් උඹල බනින්න එපා මේක ලියන එකා මහා ජරා යකෙක් කියල ඈ.)


එහා පැත්තෙ එකාගෙ ඩේ කෙයාර් එකට සම්බන්ධ වෙලා බෝඩිම ගාවටම ඇවිල්ල බැස්ස මං. එතනින් බැහැල සක්වල තරණය කරනව වගේ තට්ටු පහක් නැගල උඩට ගියාම අපේ කාමරේ තව මගුලක්.


"යකෝ ගිමා කොහෙද ගියේ පගෝ. ටිකට් එකක් ඇදිල තියෙන්නෙ මෝලට"


නාලකය කෑ ගහන්න ගත්ත පිස්සෙක් වගේ මම කාමරේට ආපු ගමන්.


"මොකෝ මොකෝ සීන් එක"


මෝල ඒ වෙනකොටත් කෝල් එකක් හිටියෙ කාත් එක්කද. ඇම්ඩා උගෙ සප් එකට කෝල් එක අහන ගමන් මෝලට උපදෙස් දෙනව හස්ත සංඥාවලින්. නාලකය ඔත්තු බලනව. කෙලින්ම CIA හෙඩ් ක්වාටස් වල වගේ රොබරියක් යන්නෙ මෙතන.


"මෝලා අර ටෝක් කරපු කෙල්ල... අද ටෝක් උනා.... රෑට එන්න කිව්ව...."


"මොනවා....?"


මතු සම්බන්ධයි...

Report Page