උන්මාදේ ッ
11එකොළොස්වන කොටස

මතකනෙ. හොඳ කතා වටයක් ගිහින් පස්සෙ අපි නිදාගත්ත එහෙ මෙහෙ වැටිලා. සුට්ටයි ගැහුවෙ කට්ටිය.
හතර දෙනාම පහුවදා උදේ ඇහැරුනේ නිකං උතුරු කොරියාවෙන් අත්හදා බලන්න යවපු බැලස්ටික් මිසයිලෙකට අහු උනා වගේ ලයින් එකෙ.
ඒ තරමට ඇඟට අමාරුයි. මෝලයි නාලකයි මටත් කලින් ඇහැරිලා පස්පංගුව එකක් තම්බ තම්බ හිටියෙ.
"අඩෝ වැඩී නේ බං ඊයෙ. මගෙ ඇඟ රිදෙනව බං"
මෝලා මං ඇහැරෙනව දැකල මට කිව්ව.
"ඔව් බං. නිකං කකුල් එහෙම ලොරියකට යට කරන් ගිහින් වගේ."
"ඒ උනාට ඒක ආතල් බං. කයියකුත් ගහගෙනම සැපේ ගැහුව"
නාලකයත් සෙට් උනා.
"කෝ ඇම්ඩා"
ඇම්ඩා ඇඳේ හිටපු නැති නිසා මම මෝලගෙන් ඇහුව.
"ඔන්න ඇහැරුන ගමන් ගියා රශ්මිව හම්බෙන්න යන්න ඕනෙ කියල. උඹ ඊයෙ උගෙන් ඇහුවද සීන් එක"
"ඌම කිව්ව බං. රශ්මි ඇපල් පෙති ගන්නවලු. අද මම කතා කරන්න ඉන්නෙ කෝමත්"
"ඒක හොඳයි"
මෝලයි නාලකයයි ඒක තම්බන අතරෙ මම මගෙ ෆෝන් එකේ ඩේට ඔන් කලා.
වික්ටෝරියා ජලාශෙ වේල්ල කැඩුන වගේ හෝ ගාල ශලනිගෙන් මැසේජ් එනව. මාව ඩිම් උනා. මම කිව්වනෙ එයාට රෑට එනං කියල. බීපු නිසා මට ඒකත් අමතක වෙලා ගියා.
එහෙම්ම කාමරෙන් එලියට ඇවිත් බැල්කනියට බැහැල ශලනිට කෝල් එකක් ගත්ත.
විනාඩියකින් විතර ශලනි ආන්ස්වර් කලා.
එයා නං කතා කලේම නිකං මල පැනගෙන වගේ.
"ආ ලොකු මහත්තය ගුඩ් මෝනින්. ඊයෙ රෑ වෙනකං වැඩ කරන්නැති නේ."
"ආ ශලනි ගුඩ් මොනින්. අනේ සොරී... මට අමතක උනානෙ"
"ඇත්තද?. එහෙම අමතක වෙනව නං ඉතින් මම කෝල් කරන එක මැසේජ් කරන එක වධයක් වගේ ඇති ඔයාට නේද."
තාම ලව් එකක එක්සීපිරියන්ස් නැති නිසා මට පුදුම හිතුන. ඒක මේ තරන් සීරියස් දෙයක්ද?.
"හරි හරි සොරී..... ඔයා පරිස්සමට ඉන්නව නේද?"
"ඔව් ඔව්. ඔයාල ඊයෙ රෑට කෑව නේද. පරිස්සමට ඉන්නවනෙ ඔයත්"
"ම්ම්ම්ම් ඔව්ව්. ශලනි. මේ..."
"ම්ම්ම්ම්ම්"
"තරහද....."
"ඔව්. හෙට තමා යාලු වෙන්නෙ ආපහු"
මම කෙල්ලන්ගෙ ආසම මේ හුරතල් දඟකාර කමට. සමහර කෙල්ලො ඉන්නෙ බං නිකං හෙන පිරිමිකමක් ආදේශ කරගෙන ගැහුවොත් ගැහුවා සීන් එකේ. උන්ව හොඳයි යුක්රේනේ ගැහැණු පාබල හමුදාවට යවන්න. එහෙම නෙවේනෙ බං. කෙල්ලෙක් උනාම හුරතලේට දඟකාර විදිහට ඉන්න එපැයි. මම කියන්නෙ පාන් පිටි වගේ එවුන් නෙවේ. නිකං පාන් පිටි උණුවතුරට දැම්මම වගේ කෙල්ලො ගැන.
ශලනිත් දැන් කතා කරන විදිහට හෙන ආස හිතෙනව.
"ම්ම්ම්ම් හා හා හෙට යාලු වෙන්නකො එහෙනං. ඒක නෙවෙයි. මම රශ්මි එක්ක අරක කතා කරගන්නද?"
"අනේ ප්‍රශ්න හදාගන්න එපා ගිම්හාන් හරිද?"
"හරි හරි ඒක අවුලක් නෑ. ඇම්ඩා ඊයෙ රෑ කිව්ව මට. රශ්මි ඇඩික්ට් වෙලා නෙවේලු. නිකං ජොලියට වගේ කරන දෙයක්ලු. ඒ නිසා අවුලක් යන එකක් නෑ"
"ම්ම්ම්ම් හා එහෙනං. කරන දෙයක් පරිස්සමට. හානෙ. අද රශ්මි විතරයි ඇත්තෙ. එහෙම උනොත් එයා එක්ක කතා කරන්න"
"හරි මැඩම්. මැඩම් එහෙනං දවල්ට හබුන් කාල පරිස්සමට ඉන්න. අද රෑට මම එන්නම් කෝම හරි. හානෙ"
"ම්ම්ම්ම් හා.... එන්න ඕනෙ හැබැයි. නැත්තං දෙනව දෙකක් ඩුං... ගාල"
"හරී"
ශලනි එක්ක පොඩ්ඩක් වෙලා මල් කඩල මම මූණ කට හෝදගන්න ගියා. මූණත් හෝදන් ඇඳුමක් එහෙම ඇඳගෙන බැස්ස පහලට උදෙන්ම පුනරුත්ථාපන කඳවුර දාන්න.
මම ශලනිලගෙ කාමරේ ගාවට ගිහිල්ල දොරට තට්ටු කලා.
හිතුව වගේම දොර ඇරියෙ රශ්මි.
"ආහ්. ගිම්හාන්. ඇයි උදෙන්ම"
"ඇම්ඩා ආවද?"
"ඔව් එයා ඇවිල්ල ගියා උදේ."
"කොහෙද ගියේ?"
"කන්න ගේන්න යනව කියල කිව්ව. මොකක් හරි ප්‍රශ්නයක්ද ගිම්හාන්"
"නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි. මට ඔයත් එක්ක පොඩ්ඩක් ප්‍රයිවට් කතා කරන්න පුලුවන්ද?. විනාඩි පහකට විතරයි"
"ආ කියන්න ගිම්හාන්"
"මෙතන නෙවේ. පොඩ්ඩක් එලියට යමුද?"
"ඉන්න මම ඇඳුමක් දාගෙන එන්නං"
රශ්මි ඇතුලට ගිහින් ආපහු ආවෙ ත්‍රී ක්වාට කලිසමක් ඇඳගෙන. කකුල් දෙක එහෙම පිම්බිලා පේනව හොඳට.
මොන වැදගත් වැඩේට ආවත් ඕව දැක්ක ගමන් වැඩේ ලෙප්ට් නෙ බං.
මම රශ්මි එක්කම බෝඩිමෙන් එලියට ඇවිල්ල පාර දිගේ ඇවිදන් ආව. ටිකක් දුර ඇවිල්ල රශ්මිම කතා කලා මට.
"ගිම්හාන්. මොකක්ද කතා කරන්න තියෙනව කිව්වෙ?"
"ඇයි එදා ඇම්ඩව ක්ලබ් එකට එක්කන් ගියේ"
"ආහ්"
"ඌ සාමාන්‍යයෙන් ඕවගෙ යන එකෙක් නෙවේ. ඒකයි. ඔයානෙ එක්කන් ගියේ"
"ඔ.... ඔව්. ඉතින් නිකං ගියේ අපි දෙන්න."
මම ඇවිදින එක නතර කරල රශ්මි ඉස්සරහට ආව. ඇවිල්ල එයාගෙ මූණටම කතා කලා.
"මට අයිතියක් නෑ ඔයාගෙ වැඩ වලට ඇඟිලි ගහන්න. හැබැයි රශ්මි ඔයා ඇම්ඩට ඇපල් පෙති දීපු එක නං මම කීයටවත් අනුමත කරන්නෑ. ඒ වගේම ඔයා ඒව පාවිච්චි කරන එකත් මම අනුමත කරන්නෑ. මට ඕන්නං පුලුවන් දැන් උනත් ඔයාව පොලිසියට භාර දෙන්න. දැනුත් ඇතිනෙ ළඟ. ඒ නිසා මම ඔයාට උපරිම හොඳින් කියන්නෙ. ඇම්ඩව ඕවට ගාවගන්න එපා. ඔයත් හැදෙන්න. ඕන්නං බියර් එකක් බොන්න. මට ඒකට කමක් නෑ. ඒ උනාට ඔය වගේ අනවශ්‍ය වැඩවලට මීට පස්සෙ ඇම්ඩව ගාවගන්න එපා. ඌ අසිහියෙන් එදා ෆෝන් එකත් නැති කරගෙන. හදිස්සියෙ පර්ස් එකක් එහෙම නැති උනා නං , ඌ ලෝක අමාරුවක වැටෙන්නෙ."
"ගිම්හාන්.... ම... මම.... මට.."
"නෑ මම මේ ඔයාට අවවාද කරනව නෙවෙයි. ඒක ඔයාගෙ අයිතියක්. ඔයාගෙ ජීවිතේ ගැන මට තීරණයක් ගන්න බෑ. හැබැයි ශලනි උනත් ඔයා ගැන ඕනෙවට වඩා විශ්වාස කරනව. හැමෝම හිතන් ඉන්නෙ ඔයා හෙන හොඳ කෙනෙක් කියල. ඒ නිසාම එයාල මේ ගැන දැනගත්තත් ඔයාට විරුද්ධව වචනයක් කියන්නෑ. ඔයා ඔයාගෙ ගෞරවය නැති කරගන්න එපා දිගටම මේව කරල. එක්කො ඕව විසි කරල ඔයත් ඕවගෙන් මිදෙන්න. නැත්තං ඇම්ඩටවත් පාඩුවෙ ඉන්න දෙන්න කලින් විදිහට. ඔයා මුකුත් කියන්න අවශ්‍ය නෑ. මට මේ ටික කියන්නයි ඕනෙ උනේ. මම ගිහින් එන්නං"
කියාගෙන , මම එතනින් කැපුනා. මගෙ අම්මෝ. දාර්ශනික ටෝක්ස් දෙනකොට හෙන සංවිධානයකින් කියන්න ඕනෙ. පොඩ්ඩක් ගැස්සුනොත් ඉවරයි.
රශ්මිට දීපු අවවාද අනුශාසනාව ගැන හිත හිත මම තට්ටු දෙකක් නගිනකොටම මට කෝල් එකක් ආව. සේව් නැති නම්බරයක්. ඒ උනාට මොකක්දෝ හේතුවකට ඒ නම්බරේ නිකං මතකයි මතකයි වගේ. කෝකටත් කියල ආන්ස්වර් කලා.
"හෙලෝ. ගිම්හාන් කතා කරන්නෙ"
"ආහ් ගිම්හාන්. මාව මතකද දන්නෑ. අර ෆෝන් එකක් වැටිල තිබිලා....."
"ආහ් මිස්. කියන්න මිස්"
"මිස් මිස් කියන්න ඕන්නෑ ළමයො. මම පොඩි උදව්වක් ඉල්ලගන්න කතා කලේ"
"අනේ කියන්න මිස්. මිස්ට ණය ගෙවන්නත් බැරි උනානෙ"
"මේ අපේ ගෙදර කම්පියුටර් එකට සීඩී දැම්මට ඒව පෙන්නන්නෑනෙ. ඔයා පීසී ඔපරේටර් කෙනෙක් කිව්ව නේද. මට ඒකට කරන්න දෙයක් කියන්න පුලුවන්ද?"
"මට මෙහෙම ඉඳල නං නිශ්චිතවම කියන්න බෑ මිස්. බලන්නම වෙනව ඒ සම්බන්ධ දෙයක් නං. මම එන්නද මිස් , පීසී එක බලන්න. මිස්ගෙ ගෙවල් කොයි හරියෙද තියෙන්නෙ."
"ආහ්. it's ok ගිම්හාන්. ගිම්හාන්ට අද වැඩත් ඇතිනෙ"
"ආ නෑ නෑ මිස්. මම අද free. මම එන්නං බලන්න. මිස්ට ප්‍රති උපකාරයක් කරන්නැතුවත් බෑනෙ."
"මම එහෙනං එන්නද ගිම්හාන්ව අරගන්න. රයිඩ් එකක් දෙන්නම් මං. බොරුවට ට්‍රාන්ස්පෝට් වලට වියදම් කරන්න ඕන්නෑනෙ"
"ආ හරි මිස්. දැන් උනත් මට නං පුලුවන්. අර එදා ආපු තැනම තමයි"
"හරි ගිම්හාන් මම එන්නං"
මිස් එනව කිව්වට පස්සෙ මම කෝල් එක කට් කරගෙනම උඩට ගියා. මෝලයි නාලකයයි පස්පංගුව වත් කරන් බොන ගමන් හිටියෙ. මටත් කෝප්පෙකට වත් කරල. ඇම්ඩ උදේට කන්න ගේන්න ගිය නිව්ස් එකත් උන් දෙන්නට දීල පස්පංගුව එකත් ගහල මම ලෑස්ති උනා.
නැති උනේ වෙන කාගෙවත් ෆෝන් එකක්. ඒකට රිටන් එක හම්බෙන්නෙ අපිට. ඇම්ඩගෙයි රශ්මිගෙයි දානමය පුන්‍යකර්මයේ කොටස් තමා මේ අපේ පිටින් යන්නෙ.
වැදගත් විදිහට ඇඳ පැලඳගෙන මගෙ ආම්පන්න සෙට් එකත් අරන් පහළට බැස්ස ආපහු. පැය කාලකින් විතර අර මිස් කාර් එකෙන් ආව බෝඩිම ඉස්සරහට.
"ගුඩ් මෝනින් ගිම්හාන්."
ඒ මිස් ශටර් එක පාත් කරලම කිව්ව. හෙන සිරියාවයි ඉතින් උදෙන්ම කාර් එකක ආපු ලස්සන බෝල මිස් කෙනෙක්ගෙන් ගුඩ් මෝනින් කියල අහගන්න එක. එක්කො ඇම්ඩ ෆෝන් එක නැති කරගත්ත එකත් හොඳයි කියල ලාවට ලාවට හිතුන මට.
"ගුඩ් මෝනින් මිස්."
"නගින්න ගිම්හාන්"
"හරි මිස්"
මම පිටිපස්සෙ දොර අරින්න හදනකොට ඒ මිස් මට කතා කරල ඉස්සරහින් වාඩි වෙන්න කිව්ව. කොල්ලෙක් උනත් ඉතින් ලැජ්ජා නහර තාම තියෙනවනෙ. මම පූසා වගේ සේපෙ වාඩි උනා ඉස්සරහින්. වාඩි උනාම තමා ඒ මිස්ගෙ ඇඟ හරියටම දැක්කෙ.
ඒක නිකං සීගිරියෙ බිත්තිවල කොටල ඉන්න නේකඩ් අක්ක කෙනෙක්ට නිල් පාට ගවුමක් අන්දල වගේ. ඒ මිස් ඇඳන් හිටියෙ ලා නිල් පාට පොඩි ගවුමක්.
අද උදේම කාන්තා රූප දැක්ක වැඩී පොඩ්ඩක්.
"ගිම්හාන් වැඩ කරන්නෙ ප්‍රයිවට් තැනකද?"
"නෑ මිස් මං ගවර්මන්ට් එකේ"
"මිස් මිස් කියන්න එපා ළමයො. තාරුකා කියන්නකො."
"ආහ්. ඒකට කමක් නෑ මිස්"
"ගිම්හාන්ගෙ වයස කීයද?"
"මට විසි හතරයි මිස්"
"ඉතින් ඒකනෙ. මටත් විසිපහයි තාම මිස් කෑල්ල ඕන්නෑ. අක්ක කියන්නකො එහෙනං"
වා නං වා , පෝ නං පෝ , කම්මග්ගෝ චිකාගෝ කියල ඉතින් අක්ක කියන්න තියෙන්නෙ.
"හ... හරි අක්කෙ"
"now that's better"
"yes yes very butter"
තාරුකා අක්ක කිව්වට ඉතින් ඉහළ පැලැන්තියෙ නෝනා කෙනෙක් නිසා මට නං මිස් කියන්නමයි හිතෙන්නෙ. ඒ උනාට ඉල්ලන් puce මාමයිට් ගාගන්න ඕන්නෑනෙ. අක්ක කියලම කතා කරනව.
අපි කාර් එකෙන් ගියේ හෙන නිශ්ශබ්ද පැත්තකට. ලොකු ලොකු පවුල් වල ගෙවල් පේලියක් වගේ නිකං. කාර් එක ඇවිල්ල එකපාටම ගේට්ටුවකින් ඇතුලට දාල නැවැත්තුව. තට්ටු දෙකේ පොඩි සරල ගෙයක්. බංගලාවක් නං නෙවේ.
"බහින්න ගිම්හාන්."
"හරි අක්කේ"
බැස්සම තමා නියම රඟේ දැක්කෙ. තාරුකා අක්ක ශලනිටත් වඩා ටිකක් කොටයි. ඒ උනාට ගවුමට දෙපැත්තම උල් වෙලා පේනව නිකං පිම්බුනු පපඩම් වගේ. සත්තයි අහු උනොත් හපනව හවූ ගාල.
තාරුකා අක්ක මාවත් එක්කන් ගේ ඇතුලෙ කාමරේකට ගියා. හෙන පිළිවෙලට තිබ්බ කාමරයක්. කම්පියුටර් එකකුත් තිබ්බ මේසයක් උඩ. තාරුකා අක්ක ඒක පෙන්නල මට කතා කලා.
"මෙන්න මේක ගිම්හාන්. පොඩ්ඩක් බලන්නකො. ගානක් කියන්න පස්සෙ"
"අනේ සල්ලි එපා අක්කෙ. මම මේ උදව්වට උදව්වක් කරන්න ආවෙ."
"හරි හරි ඒව බලමුකො. මං ගිම්හාන්ට බොන්න මොනා හරි ගේන්නද?"
"ආ හා අක්කෙ"
තාරුකා අක්ක කාමරෙන් එලියට ගියා ඊට පස්සෙ. මමත් මගෙ ආම්පන්න ටික ලෑස්ති කරන් රුසියාව එක්ක ගේමට යන යුක්රේන හමුදා භටයෙක් වගේ ගැම්මට පීසි එක ගාවින් වාඩි උනා. සීඩි දාන ස්ලොට් එක චෙක් කරල ඉන්න එපැයි මුලින්. ඉතින් මම එතන පරීක්ශා කරන්න ගත්ත.
ඉස්සර යුරෝපේ උඩප්පුව කියන ගමේ හිටපු දොරලොක් හෝම්ස් කියල ගත් කතුවරයෙක් කියල තියෙනව , නිතරම නිරීක්ෂණ මගින් නිගමන වලට එළඹෙන්න කියල.
මමත් ඒ තියරි එකම තමා ෆලෝ කරන්නෙ.
ඒ උනාට හෙව්ව හෙව්ව අවුලක් නං පෙනුන්නෑ මුකුත්. මම පීසි එක බලන අතරෙ තාරුකා අක්කත් ආව බීම එකක් අරගෙන.
"මේක බීල ඉන්න ගිම්හාන්"
"ආහ් බොහොම ස්තූතී අක්කෙ"
"වැරැද්දක් හම්බුනාද ඉතින්. මට නං තේරෙන්නෑ ඕව."
"තාම නං නෑ. ගලවල බලන්න වෙන්නෙ."
"ම්ම්ම්ම්ම් බලන්නකො. පුලුවන් දෙයක් කරන්න."
මම හිතුවෙ තාරුකා අක්ක මට වැඩේ කරගන්න දීල එතනින් කැපෙයි කියල. ඒ උනාට එයා එතනම තිබ්බ පුටුවක් උඩින් වාඩි වෙලා කකුලක් උඩ කකුලක් දාගත්ත.
හොරෙන් බැලුවත් කෙලින් බැලුවත් ඇස් කොනෙන් බැලුවත් පේන්නෙම තාරුකා අල්ලගෙ කකුල් දෙක. ගවුමට වැහිල නොතිබ්බ හරිය දකිනකොට නං හිතත් ගැස්සිලා යනව.
මේ ශෝ එක රසවිඳින්න සැලැස්සුවට ඇම්ඩට පින් දිදී මම පීසි එක ගැලෙව්ව. ඒ අතරින් පතර තාරුකා අක්ක එක්කත් කදේ දැම්ම.
ඔය කෙල්ලෙක් ඉන්නව කිව්ව පලියට , ඒ කොල්ලොන්ගෙ ලිංගික ආකර්ශණය නැති වෙලා , තමන්ගෙ කෙල්ල හැර අනිත් හැම කෙල්ලම නිකංම ස්කන්ධයක් විතරක් පේනව වගේ බණ කතා නෑ බං හොඳේ. එකම දේ , හිත හොඳ කොල්ලො , වෙන කෙල්ලො දිහා කොච්චර බැල්මට් එක දැම්මත් තමන්ගෙ කෙල්ල වෙනුවෙන් ඒව ගැන අදහස අතහැරගන්නව.
සෝ මමත් ඉතින් හිත හොඳ කොල්ලෙක් නිසා තාරුකා අක්කගෙ යටි කය විතරක් හිතින් රසවිඳිමින් හිටියා.
"අර එදා උදේ කාර් එකේ ආවෙ අක්කගෙ දුවද?"
මම එදා දැක්කනෙ කාර් එකේ වෙන කෙල්ලෙක් ඉන්නව. කුතුහලය නිසාම අහල දැම්ම.
"අපෝ නෑ මල්ලි. ඒ මගෙ පුන්චිගෙ දුව. එයාව එදා මම ගෙදර තියාගත්තෙ ඒකයි"
"ආ ඒක මිසක්. මම බැලුව ඒත් අක්ක වගේ තරුණ කෙනෙක්ට එච්චර ලොකු දුවෙක් ඉන්නෙ කෝමද කියල"
තාරුකා අක්කගෙ මූණ පිනිජම්බු වගේ රතු උනා ඒක ඇහුවම.
"ගිම්හාන් බැඳලද?"
"අපෝ නෑ අක්කෙ. තාම හිතලවත් නෑ"
"ලස්සන ගෑණු ළමයෙක් ඇති එහෙනං නේ"
මෙන්න මෙහෙම වෙලාවක බං...... කොල්ලොන්ට කියන්නෙ , තනිකඩයා ultra pro max වගේ හිටපං. මම දන්නෑ මට මතක නෑ ලයින් එකේ. බිකෝස් එතකොට තමා කෙල්ලෙක් උනත් ඕනෙවට වඩා ෆිට් වෙන්නෙ. නැත්තං යාලුකමට වත් කෙල්ලෙක් හොයාගන්න වෙන්නෑ උඹලට.
"එහෙමමත් නෑ ඉතින්"
"මොකක්?. මම හිතුව ඔහොම හුරුබුහුටි කොල්ලෙක්ට කෙල්ලො පිස්සු වැටිල ඇති කියල"
අඩෝ අඩෝ අම්මවත් ඕම කියල නෑ බං. දැන් නං ඉමෝශනල් ඩැමේජ් වෙන්න යන්නෙ.
"හෙ හෙ. අක්ක බැඳලද?"
"මම යාලු වෙලා ඉඳපු කෙනා ගියා ගිම්හාන්."
"ආහ්. සොරි අක්කෙ"
"ඒකට කමක් නෑ"
පොඩ්ඩක් මිස්පයර් එකක් වැදුන. ඕන්නැති ලබ්බවල්නෙ මමත් අහන්නෙ. සික්.
ඕන්නැති ලබ්බවල් කියනකොට මතක් උනේ. ඉස්සර අපේ ඉස්කෝලෙ ඩයල් එකක් හිටිය ආදිත්‍ය කියල. අපි උට ආදරේට කියන්නෙ ආදියා කියල. හෙනම බොක්කෙ ෆිට් එකක්. හැබැයි අමු ට්‍රැක් කාරය.
දවසක් මූ උදේ ඉස්කෝලෙට එනව මූණ පුරා බැන්ඩේජ් දාගෙන , නිකං හෝමෝ සේපියන් කෙනෙක් කොකස් නුසිෆෙරා වංශෙන් හක්ක තලාගත්ත වගේ.
අපි ඉතින් ඇහුව මොකෝ උනේ කියල. මූ කිව්වෙම නෑ. කොල්ලො කොච්චර ඇහුවත් මූ ඒ ගැන කටක් හෙල්ලුවෙ නෑ. අපිත් අදහස අතාරින්න හදනකොටම දවසක් මුගෙ අම්ම ආව ඉස්කෝලෙට. එදා අපි ඒ ඇන්ටිගෙන් ඇහුව සීන් එක. ඇන්ටිත් ලුණු ඇඹුල් ඇතුවම කිව්ව වෙච්ච දේ.
ආදියා එදා බැන්ඩේජ් දාන් ආපු දවසෙ උදේම ගිහිල්ල කිරි දොවන්න කියල හිතාගෙන. ඉතින් මූ ස්ටූල් එකත් තියල , භාජනෙත් සතාගෙ තන බුරුල්ල ගාවින් තියල වැඩේ පටන් අරන්. මූ දැන් එලදෙනගෙ තන බුරුල්ල අදිනවලු අදිනවලු , මිරිකනවලු , අතගානවලු දෙලොවක් නැතුව. අර සතාටත් සික මෝල් වෙලා කෙඳිරි ගානවලු. කෙලින්ම සත්ව දූශණයක් කරල කිරි ටික ගන්න. ඒ උනාට කිරි ඇවිල්ලම නෑ.
කේස් එක මොකද කියල බලන්න මිනිහ එලදෙනගෙ යටට පාත් වෙලා බලල. බැලින්නං මෙන්න ඒ එළදෙනට තන බුරුල්ලක් නෑ. හැබැයි හරක්ට තියෙන ජාතියෙ දණ්ඩක් නං තියෙනව. මූ එච්චර වෙලා ඇදල තියෙන්නෙ ඒකෙන්. ආදියා කලබල වෙච්ච පාර අර හරකත් කලබල වෙලා එක පාටම දුවන්න අරන්. මූ ඉතින් හරකගෙ යටට පාත් වෙලානෙ හිටියෙ. හරක මුගෙ මූණ උඩින්ම දක්කන් ගිහිල්ල. මූණ ලෙප්ට්.
එදා ඉඳන් අපි උනත් ඌ ගාව ඉන්නකොට අත් දෙකෙන් අපේ කලිසම මැද වහන් ඉන්නෙ. හදිස්සියෙ ඕකට මෝල් උන වෙලාවක මූ අපේ ඒව මිරිකල , අතගාල කිරි දොවන්න ගත්තොත් එහෙම.
"ලෙඩේ අහු උනාද ගිම්හාන්"
වැඩේ අස්සෙ තාරුකා අක්කත් කතා කරනව.
"ඒ වගේ අක්කෙ. සීඩී ස්ලොට් එක ගාව වයර් එකක් ලූස් මෙතන"
"ම්ම්ම්ම්ම්ම්ම්ම්"
තාරුකා අක්ක නිකං ඕනෙවට වඩා දැන් මං දිහා බලන ලයින් එකක් පේන්නෙ මට.
අර ලූස් වෙච්ච වයර් කෑල්ලත් පාස්සල දාල මම පීසි එක ආපහු එසෙම්බල් කලා. ඒ කරල පීසි එක ඔන් කරල සීඩි එකකුත් දාල බැලුව. සීඩි එක නිකං 'අනේ ඒක දිගයිනෙ අයියෙ' කියපු නංගි කෙනෙක්ගෙ බ්ලා බ්ලා බ්ලා ඇතුලට යනව වගේ හීන් සීරුවෙ කිඳා බැස්ස පීසි එක ඇතුලට.
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්. මෝල තද උන වෙලාවට ඕවත් ලිංගික උත්තේජන බං.
"හරි අක්කෙ එහෙනං. දැන් වැඩ"
"අනේ ගොඩක් ස්තූතී ගිම්හාන්. ගානක් කියනවද?"
"අනේ එපා එපා. අක්කට උදව්වක් විදිහට කරල දුන්නෙ මේක"
"ම්ම්ම්ම්ම්ම්ම් එහෙනං....."
කියල තාරුකා අක්ක එයාගෙ ඇඟිල්ල තොල් දෙක උඩ තියන් හිටිය ටිකක් වෙලා.
එක පාරටම තාරුකා අක්ක මං ගාවට ඇවිල්ල මගෙ මූණ ගාවට ඉස්සිලා කිස් කලා මාව.
තාරුකා අක්ක කිස් කිරීම සම්බන්ධව කොච්චර එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ද කියනව නං , ඒ කිස් කිරිල්ලට මාව පාවෙලා ගියා වගේ උනා.
මට ඒ ගැන කිසිම විරුද්ධත්වයක් හිතුන්නෑ. තාරුකා අක්කගෙ රසබර තොල් දෙක අස්සෙ මම තනිවෙලා හිටියෙ.
විනාඩියකින් විතර අපේ තොල් එකිනෙකින් ලෙහුන.
එතකොට තමා මම පියවි සිහියට ආවෙ.
මම ඉක්මනට අඩියක් පස්සට ඇවිල්ල තාරුකා අක්කගෙ මූණ දිහා බලල කතා කරල.
"අ.... අක්කෙ එ...ඒ මොකක්ද?"
මතු සම්බන්ධයි...