♡ නුහුරු ඇරයුම් ♡

♡ නුහුරු ඇරයුම් ♡

last

« අවසන් කොටස »

RL
අපට කවදාවත් ප්‍රමාණවත් නොවන දෙය සහ අපි කවදාවත් ප්‍රමාණවත්ව නොදෙන එකම දෙය ආදරයයි.
- Henry Miller -


කලින් කොටසට



එතැන් සිට...


ශනූගෙ තාත්තගෙ සෙට් එක නිසා යන්තං බේරුනා. ඩෙන්කි අයිය අරූට කිව්වෙ මොකක් උනත් දරුණුවටම ටෝකක් දීල තියෙනව.


මහන්සි පිටම මමයි ලකියයි ගෙදර ගියා. ශනූත් තාත්ත එක්ක කතා කරල බෝඩිමට යනව කිව්ව. ලකිය පොවපු මගුල නිසා ඔලුව පැලෙන්න වගේ. ඇඟ පත හෝදන් කෙලින්ම ඇඳට වැටුන ඉතින්.


පහුවදා උදේ නැගිටල මූණ කට හෝදන් ඇඳුමක් දාගෙන ශනූගෙ බෝඩිමට ගියා. උපේක්ශ ඇන්ටිව හම්බුනා ගේට්ටුව ළඟදිම. නෙතූ උදෙන්ම ගිහිල්ලලු. ඇන්ටිත් කොහෙද යනවලු දැන්.


"ශනූ තාම නිදි පුතේ. ඔය කාමරේ ඇති. ඊයෙ එයාගෙ තාත්තත් ආවනෙ."


"ආ ඔව් ඇන්ටි"


"ඔයාල කොහේ හරි යනවනං යතුර ඉස්සර පාපිස්ස යටින් තියල යන්න"

කියාගෙන එයා ගියා.


යකෝ වෙනදට ඇන්ටිගෙ සෙන්සර් වලට කොල්ලෙක්ගෙ මයිලක් අහු උනත් රෙද්ද උස්සන් එන්නෙ. අද මට අවුලක් නෑලු. ශනූගෙයි මගෙයි සම්බන්ධෙට තාත්ත අවුලක් නෑ කියල දැනගෙන ඇති සමහර විට.


බෝඩිමට ගිහින් ශනූගෙ කාමරේ ඇතුලට ආව. ශනූ රෙද්දකුත් පොරවන් නිදි හෝ ගාල. ඊයෙ වැඩ කරපු නිසා මහන්සි ඇති. මම ඇහැරවන්න ගියේ නෑ. එයාගෙ මේසෙ ගාව තිබ්බ පුටුවෙන් වාඩි වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටිය.


ශනූ නැගිට්ටෙ විනාඩි තිහකින් විතර. ශනූ නැගිට්ට ගමන් මාව දකින්නැතුවද කොහෙද පොරවන් හිටපු රෙද්ද අයින් කරල දැම්ම.


උඩුකයෙහි රෙදි ඉල්ලෙයි. යටට පොඩි කලිසමක් වගේ එකක් ඇඳන් හිටියෙ. නෙරල ආපු පපුවයි හංස පුඩු දෙකයි ඔක්කොම දැක්ක නිසා උන්හැටි තැන් අමතක උනා.


ශනූ ඈනුමක් එහෙම ඇරල මේසෙ දිහා බලනකොට තමා මම එයා දිහා පැණි හල හල බලන් ඉන්නව දැක්කෙ.


"ත.... ත.... තමුසෙ......... අසහනකාරය යනව එලියට......."

කියාගෙන බෙඩ්ශීට් එකෙන් පපුව වහගෙන ඇඳෙන් බිමට පැනල මාව කාමරෙන් එලියට තල්ලු කරල දොර වැහුව.


හෙ හෙ. කොහොමත් බඳින අපිට මොකටැයි කැටයම් කිව්වලු.


විනාඩියකින් විතර ශනූ ආපහු දොර ඇරියෙ ස්කිනි එකක් ඇඳගෙන.


"ලැජ්ජ නැද්ද මෝඩයො කෙල්ලොන්ගෙ කාමර වල රිංගන් ඉන්න. එක පාරක් අහු උනාම හැදිල කියල හිතුවෙ"


"මම හිතුවෙ මොනා හරි ඇඳගෙන නිදාගන්නව කියල. හී"


"ඉන්න මම ලෑස්ති වෙලා එන්නං" කියල මටත් ගස්සල ගියා වෙන මුකුත් නොකියම.


එක්කොට ගස්සාපං උකුල උකුල ළමැද සලා....


ශනූ මූණ කට හෝදන් ටිකක් කොට ගවුමකුත් ඇඳගෙන ආව. අද අපි ශනූලගෙ ගෙදර යනව කියලනෙ හිටියෙ. ශනූ එක්ක බස් හෝල්ට් එකේ ඉන්න ගමන් ශනූට කෝල් එකක් ආව.


"ගුඩ් මෝනින් ඩැඩී. මම මේ එන ගමන්"


එහා පැත්තෙ කෙනත් මොනාද මොනාද කිව්ව.


"අනේ වාහන එපා. මං බස් එකේ එන්නං. මම ටවුන් එකෙන් බැහැල කෝල් එකක් දෙන්නං. එතෙන්ට එවන්න එහෙනං වාහනයක්"


ඇත්තටම ශනූගෙ වැඩ හිතාගන්න බෑ මට. මට එහෙම තාත්ත කෙනෙක් හිටිය නං මම මෙලහට ලොකු සීන් එකේ ඉන්නෙ. උඩින් යන්නෙ. ඒ උනාට ශනූ තාම සාමාන්‍යය කෙල්ලෙක් වගේ ඉන්න හදන්නෙ.


ටිකකින් සෙනඟ පුරෝගෙන බස් එකකුත් ආව. ශනූ අස්සෙන් අස්සෙන් බස් එකේ මැදට ගියා. ගවුම කොට නිසා ඒකත් අතකින් පහලට ඇද ඇද ගියේ.


එයා මැදට ගිහින් ශීට් දෙකකින් අල්ලගෙන මටත් ඔලුවෙන් කතා කලා එන්න කියල. මම ශනූට පිටිපස්සෙ ඉඳන් එක අතක් එයාගෙ ඉන ගාවින් දාල ශීට් එකකින් අල්ලගෙන අනිත් අනිත් උඩ පොල්ල අල්ලගත්ත.


ශනූත් ගානක් නැතුවම මට හේත්තුව දාන් ආව. ගවුම තුනී නිසා හොඳට තේරෙනව ඉතින්. යකා නටනව ටෙන්ට් එක ගහගෙන. ශනූටත් තේරිලාද මංද තව ටිකක් පස්සට ඇවිල්ල තද උනා.


මමත් සුරලෝකෙකට පාවෙලා ගියා. මෙට්ටයක් ඇඟට තද වෙලා වගේ.


සූටි ආතල් එකක් අරන් අරන් අපි ටවුන් එකෙන් බැස්ස. ශනූගෙ තාත්ත වාහනයක් එවල තිබ්බ නිසා අපි ඒකෙ නැගලම ශනූලගෙ ගෙදරට ආව.


ශනූලගෙ ගෙදර කිව්වට මේක පාවිච්චි කරන්නෙ එයාගෙ තාත්ත ලංකාවෙ ඉන්න කාලෙට විතරලු. අනිත් දවස් වලට මේක වහල දාල තියෙන්නෙ. ශනූලගෙ මහ ගෙදර ටිකක් දුරලු.


තට්ටු තුනක දඩ ගෙයක්. මිනිස්සු හැමතැනම එලියෙ. ගාඩ්ල වෙන්නැති. ලේසි පාසු පොරකුත් නෙවේනෙ ඉතින් කෝමත්.


අපි වාහනෙන් බැස්ස ගමන් අපිව පිළිගන්න ඉස්සරහින් හිටන් ඉඳියෙ ඩෙන්කි කාරය. ඌ මට දාර රැවිල්ලක් රවල ශනුකිව හිනා වෙලා පිලිගත්ත.


"කාලෙකින් ආපහු ගෙදර එකට ඉන්නෙ"


ශනූගෙ තාත්ත හිනාවක් දාගෙනම එලියට ඇවිල්ල ශනූව තුරුල් කරන් මටත් හිනා උනා.


"ඇතුලට යමු. කන්න බොන්නත් තියෙනව." කියල ශනුකිට ඇතුලට යන්න ඇරිය.


ඩෙන්කි කාරය මගෙ ඉස්සරහට ඇවිල්ල මාව නැවැත්තුව.


"මලිත්. මට පොඩ්ඩක් පෞද්ගලිකව ඔයා එක්ක කතා කරන්න පුලුවන්ද"


ම්ම්ම්ම්ම් එන පොට සෙට් නෑ වගේ.


"පුලුවන් සර්. අවුලක් නෑ."


"අපි පොඩ්ඩක් garden එකට යමුකො. ඩෙන්කි, ශනුකි එක්ක ඉන්න. මලිත් මාත් එක්ක වැඩකට ආව කියන්න. අවුලක් නෑ කියන්න මුකුත්"


ඩෙන්කි ශනූගෙ තාත්තට ඔලුව නවල ඇතුලට ගියා. මම ශනූගෙ තාත්ත එක්ක එලියෙ තිබ්බ බංකුවක් ගාවට ගිහින් ඒකෙන් වාඩි උනා.


"මලිත් ඇත්තටම ශනුකිව බඳින්න උනත් කැමතිද?"


"ඔව් සර්"


"හම්ම්" කියල මිනිහ ලොකු හුස්මක් අරන් පහලට දැම්ම. ඊට පස්සෙ මං දිහා බලන් කතා කලා.


"මලිත් ට ශනුකි හැමදේම කිව්ව නේද. අපේ clan එක ගැන එහෙම"


"ඔව් සර්"


"හොඳයි. මම මේ කියන දේ ශනුකි දැන්ම දැනගන්න බෑ. තේරුනාද. මලිත් අපි එක්ක දිගටම ඉඳීවි කියල හිතල මම මේක කියන්නෙ. ශනුකි කියපු සමහර දේවල් වල නිවැරදි කිරීමක් මේක."


වැඩේ පොඩ්ඩක් ඕෆ් රෝඩ් යනව වgay.


"Sumiyoshi kai clan එක තාමත් තියෙනව. මම තාමත් ඒකෙ නායකය. මලිත්ට තේරුම් ගන්න ලේසි වෙන්න මම මුල ඉඳලම කියන්නම්"


හත්වලාමේ... කෙලිය wall එකටම.


"Sumiyoshi kai clan එක පටන් ගත්තෙ මගෙ තාත්ත. එයා ජපන් ජාතික මිලිටරි පොලිස් නිලධාරියෙක්. ජපානෙ ඒ කාලෙ තිබ්බ Irochi-Kyue කියල දරුණු පාතාල කල්ලියක්. නීතියටවත් බැරි උනා ඒ කල්ලිය පාලනය කරන්න. කොහොමහරි මගෙ තාත්තගෙ පවුලෙ අය සේරම ඒ කල්ලිය අතින් මැරුම් කාල. නීතියෙන් උදව්වක් උනෙත් නෑ. ඉතින් මගේ තාත්ත රස්සාවෙන් අයින් වෙලා එයාගෙම කියල අලුතෙන් කල්ලියක් හදාගත්ත. ඒකට තමා sumiyoshi kai clan කියල කියන්නෙ.


මගෙ තාත්ත කොහොමත් ටිකක් සැර කෙනෙක්. එයා clan එක හැදුවෙ Irochi-Kyue ලගෙන් පලි ගන්න මිසක් කාටවත් කරදර කරන්න නෙවෙයි. ඒ උනාට එයාට තේරුනා ලෝකෙ හැමතැනම වගේ මෙහෙම අපරාධ කල්ලි නිසා මිනිස්සු දුක් විඳිනව. ඒවට නීතියේ පිහිට ලැබෙන්නෙත් නෑ කියල. ඉතින් එයා mafia boss කෙනෙක් වගේ clan එක පාලනය කරගන්න ගමන් එක එක රටවල් වල කල්ලි ගැන විස්තර හොය හොය ඒ ඒ රටේ ආරක්ශක අංශ වලට දුන්න. ඒ නිසාම ගොඩක් කල්ලි නීතියට කොටු කරගන්න පුලුවන් උනා.


මගෙ තාත්තයි clan එකේ හැමෝමයි බොරුවට දාමරිකයො වගේ රඟපාන ගමන් අපරාධකාරයන්ව අහු කරල දුන්න හොරෙන්ම. ජපන් රජයත් හොරෙන්ම මගේ තාත්තට මේ වැඩ වලට උදව් කලා. ඒක හරියට under cover mission එකක් වගේ. අන්තිමට මගෙ තාත්ත clan එකේ බලය පාවිච්චි කරල Irochi-Kyue ලගෙ අන්තිම සාමාජිකය දක්වා සමූල ඝාතනය කලා. අන්න එදා ඉඳන් තමයි Sumiyoshi Kai ලෝකෙම ප්‍රසිද්ධ උනේ ලේ පිපාසිත mafia gang එකක් කියල. මොනව උනත් මගේ තාත්ත දිගටම හොර රහසේ අපරාධකාරයො එක්ක ගණුදෙනු කරල එයාලව අහු කරල දුන්න පොලිසියට එහෙම.


තාත්තගෙන් පස්සෙ මට මේ තනතුර හම්බුනා. clan එක ප්‍රසිද්ධ වෙලා තිබ්බෙ මිනීමරු කල්ලියක් කියල නිසා මට සිද්ධ උනා ලෝකෙට පේන්න clan එක විසුරුවන්න. ඒක විසුරුවල සකුරා household කියල වෙනම ව්‍යාපාර සමූහයක් පටන් ගත්ත.


ඒත් ඇත්තටම අපි තාම කරන්නෙ ලෝකෙ පුරාම විසිරිලා ඉන්න අපරාධකාරයො අල්ලගන්න එක. ලෝකෙ වටෙන්ම අපිට යහපත් මිනිස්සු එකතු වෙනව. පොලිස් නිලධාරින්. හමුදා සෙබලු. එක එක අය. Sumiyoshi kai තාමත් චිත්‍රයට යටින් තියෙනව. අපි ඒජන්සියක් වගේ. ශනුකිවත් දන්නෑ මේ ගැන. අපි කරන්නෙ හොඳ වැඩක් උනත් මම එයාගෙන් මේක හැංගුව එයාගෙ ළමා කාලෙ ගැන හිතල.


මගෙන් පස්සෙ මේ තැන අරගන්න ඉන්නෙ ඩෙන්කි. අපේ clan එක සම්පූර්ණෙන්ම විශ්වාසය මත ගොඩනැගුනු පවුලක් වගේ. ඩෙන්කි ගොඩක් කල් එතන ඉන්න එකක් නෑ. මම කැමතී මලිත් ඒ තනතුර බාර ගන්නවනං ඩෙන්කිගෙන් පස්සෙ."


ඇහ්. හුටා. ඉංග්‍රීසිවත් බැරි මම


"එ... මෙ.... සර් නෑ මේ.... මට ඕව බෑනෙ සර්. ගහගන්නවත් බෑනෙ"


"මම මලිත්ට හැමදේම උගන්නනම්. ශනුකිටත් මම කියන්න හිටියෙ හැමදේම. ඒත් මලිත් ගෙ අදහස දැනගන්න ඕනෙ නිසයි මං මෙහෙම ඇහුවෙ"


"සමාවෙන්න සර්. ඒක මට තනියම ගන්න පුලුවන් තීරණයක් නෙවෙයි. ශනූගෙ තීරණේ මගෙත් තීරණේ"


ශනුකි ඕකට කැමති වෙන එකක් නෑ. එයාට ඕනෙ නෝමල් ලයිෆ් එකක් නෙ.


එහෙම හිතුවට ශනූගෙ තාත්ත එයාට හැමදේම කියපු ගමන් ශනුකි එකපයින්ම කැමති උනා. මාවත් ඇදල ගත්ත. එයාට සාමාන්‍යය කෙනෙක් වගේ ඉඳල එපා වෙලාලු. මේ කම්මැලි life එකේ ඇති දෙයක් නෑලු.


සියල්ල කෙලවගත් මම


අන්තිමට මමත් Sumiyoshi clan එකේ සාමාජිකයෙක් උනා. නපුරට එරෙහිව සටන් කරන්න අලුත් ඒජන්ට් කෙනෙක් හැටියට මම බැඳුනෙ.


මගේ දෛවයෙන් මට ලැබුණු නුහුරු ඇරයුමද මේ...


නිමි...


පසුවදනට...


පොල්ලෙන් ගැහුව වගේ කතාව ඉවර කරපු නිසා, උනේ මොකක්ද කියල හිතාගන්න බැරුව ඉන්න පාඨකයො.

Report Page