♡ නුහුරු ඇරයුම් ♡

♡ නුහුරු ඇරයුම් ♡

09

« නවවන කොටස »

RL
උසස් ආදරයක් පවතින තැනක් , සෑමවිටම විශ්මයජනක හාස්කම් සහිතය.
- Willa Cather -


කලින් කොටසට



එතැන් සිට...


අද කවි බන තාලෙට එපා. වාද බයිල තාලෙට කියවමු...


ලකිය ගාව මයික් එකයි මම ගාව මයික් එකයි. දෙන්න මාරුවෙන් මාරුවට කියනව දැන්.


"සසල සිහින නිදි නැති තුන් රෑ පුරාම පෙනෙනා...

ආයුබොවන් ගුඩීවිනින් කියලා පිළිගනිනා..."


ඇවිල්ල ඉන්න සෙට් එකම අමතල පටන් ගත්ත announce කරන්න. ශනූගෙ තාත්තත් හිනාවක් මූණෙ දාගෙන එහෙම මමයි ලකියයි දිහා බලන් ඉන්නව. ලකිය පොවපු මගුල මොකක් උනත් තැපෑලෙන් සෙට් වෙන එකක්.


"වැඩිහිටි රුපියල් සීයයි පොඩි එවුන්ට පනහෙ දෙකයි...

ලොකු පොඩි භේදයක් මොකද සීයෙ ටිකට් අරගන්නයි..."


මුලින්ම ටිකට් එක ගත්තෙ අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් මහත්තය. මිනිහ නෝනත් එක්ක ඇවිල්ල තියෙන්නෙ. ඕක තමා එක පාරක් මට රෙඩ් කාඩ් වැද්දුවෙ ඉස්කෝලෙ. දෙන්නං පතෝල අද.


"ඔබ තුමන්ගෙ සැපත් වීම අපිට මහත් ගෞරවයකි...

කෝ සර් අද නිමාලි මිස් ඒක පුදුම හුටපටයකි..."


පිනාගෙයි නෝනගෙයි දෙන්නගෙම මූණ රබර් වෙලා ඔට්ටපාලු උනා. ප්‍රින්සිපල් සර් අපේ ඉස්කෝලෙ ඉන්න නිමාලි කියල මිස් කෙනෙක්ට බැල්ම දානව කියල අපි ඉස්සර ඉඳන් දන්න දෙයක්. කියාගන්න තැනක් නැතුව හිටියෙ.


ප්‍රින්සිපල් පළවෙනි ටිකට් දෙක අරන් ගියාට පස්සෙ අනිත් උනුත් පෝලිමේ ආව.


ඉස්කෝලෙ ලස්සන නංගිල ටිකකුත් ආව ටිකට් ගන්න.


"ඉඟ බඳ තාලෙට හොල්ලන රූ සපු හෙබි සොඳුරු ළඳුන්...

තව ටිකකින් ඇතුලට එයි , ඒ ඇහුනද යක්ක පුතුන්..."


සිග්නල් එක දුන්නෙ ඇතුලෙ ඉන්න යක්කු ටිකට. ලස්සන කෙල්ලෙක් ආවොත් ලොස් නැතුව ඇඟට පැනල අතපත ගාපං කියල කොල්ලො ටික කලින්ම කතා උනා. ශනූට තේරුනොත් එහෙම සීන් එක , එයාට යක්ශය වැහිල මේක දෙක කරයි.


"මලියා. 150යි බං තියෙන්නෙ. ලයිනක් ගහල දිහංකො"


පංතියෙ කොල්ලෙක් කෑල්ල එක්ක ඇවිල්ල. කලුවරේ මුන් මොන මගුලක් කරගනීද දන්නෑ ඇතුලෙ. යාලුව නිසා 50 ශේප් කරල යැව්ව.


ලකිය පළවෙනි පාරට කට ඇරියෙම උට කුඩු වෙන්න වැදිල ඉන්න වෙලාවෙ.


"මලියො අරුන් දෙන්නව මට නම් එච්චර ඇල්ලුවෙ නෑ...

කට්ට කලුවරේ මුන් මොනවා කරයිද දන්නෙත් නෑ..."


ඒක ඇහුන ගමන් ග්‍රස්වුන්ඩ් එකට ඇවිල්ල හිටපු උපාසක මිත්තනියොයි ඇන්ටිලයි බැලුව අපි දිහා වික්ශිප්ත දෑස් වලින්.


"නෑ නෑ මේ ඒම මුකුත් වෙන්නෑ බය වෙන්න එපා...

මූ කියනා දේවල් ගැන එච්චරටම හිතනු එපා..."


මයික් දෙකම ඕෆ් කරල ලකියට කතා කලා.


"අඩෝ. ලකී. උඹට වැඩී බං. කට වහන් ඉඳහන්. මම ශේප් කරල ගන්නං. උඹ බීට් එක දිහංකො. ඒ ඇති"


"ඕකෙ ලොකු බොසා. ඔයා කියන දෙයක් තමා ඉතින්"


ආපහු මයික් එක ඔන් කරල පටන් ගත්ත.


මුලින්ම ගිය ප්‍රින්සිපල් සර් දැන් තම එලියට එන්නෙ. මම හිතුවෙ නෝනව වඩාගෙන එන්න වෙයි කියල. ඒ උනාට නෝනා මිනිහව වත්තම් කරන් එලියට ආවෙ. එක්කො නෝනා ඩවුන් වෙන්නම ගහල. නැත්තං අපේ උන් ගාණට වැඩේ දීල.


ලකිය බකස් ගාල මයික් එක ඔන් කරන් ආපහු කියන්න පටන් ගත්ත.


"ගොපලු යකා බලනවනං පෝලිමකට එන්න...

යකාගෙ රංඩිංග එහෙම එපාලු අල්ලන්න..."


රංඩිංග නෙවේ යෝධයො රං කෙවිට


භුත මංදිරේ අමුඩයක් ගහන් ගොපලු යකාට ඇක්ට් කරන එකාට මේක ඇහුනම


මූ මරු කියෝනව. ගමේ මිනිස්සුන්ගෙන් ගුටි කාල මැරෙන්න වෙන්නෙ.


8ට කාලක් විතර තියෙද්දි ඈත තියාම දැක්ක ත්‍රීවිල් පහක් විතර පාර දිගේ පිට්ටනිය පැත්තට එනව. අරුන් ටිකවත්ද? කෝකටත් මීටරෙන් ඉන්න ඕනෙ.


"මල්ලි මේ පොඩි ළමයිට බලන්න පුලුවන් නේද. අවුලක් නෑනෙ"

ඇන්ටි කෙනෙක් දුවෙක් එක්ක ඇවිල්ල මගෙන් අහනව


මම


යකෝ දඩ කූඩාරම් ගහගෙන මෙතන පිට්ටනියක් මැද්දෙ කුණුහරප පෙන්නන්න අපිට පිස්සු කියල හිතුවද දන්නෑ.


"දුවල එක්ක යන්න එපා ඇන්ටි. යක්කු නැගල ඇත්තෙ දැන්. කරදර වෙයි. කල වයස හරි ගිය කෙනෙක් එක්ක එන්නකො"


ඇන්ටිත් වචනයක් වත් නොකිය නෝන්ඩිය කාගෙන ගියා.


අර ආපු ත්‍රීවිල් ටිකත් ග්‍රවුන්ඩ් එකේ කෙලවරේ නවත්තල දාල ආපු උන් ටික බැස්ස. ඈතට දැක්ක හැටියට නං සිරිල් අයිය තමා. මිනිස්සු ඉන්න නිසාද කොහෙද ඌ වැඩේ නවත්තන් එන්නැතුව එතනට වෙලා බලන් හිටිය.


"අඩෝ.... ලකිය. සිරිල් අයියල ඇවිල්ල. ඇතුලෙ කොල්ලො ටිකට නිව්ස් එක යවහන්. රෙඩි පිට ඉන්න කියල"


පුදපු ගමන් කාපි යකා කිව්ව වගේ ලකිය මයික් එක දාගත්ත.


"සිරිල් කියල එකෙක් ඇතේ ඕකට නං හෙටක් නැතේ...

වලි නං වලි ගහගන්නට රෙඩිවෙයල්ල යක්ක පුතේ..."


කෙලිය තාප්පෙටම. ඉන්න සෙනගත් බය වෙලා වටපිට බැලුව. සිරිලව දැක්ක ගමන් එකා දෙන්න කැපෙන්න ගත්ත. දැන් කොරන්න දෙයක් නෑ. කෝමත් කන්න වෙන එකේ නෝමල් එකේ කරන් යනව වැඩේ.


"ගරා යකයි රීරි යකයි ඇතුලෙ ඉන්නෙ උජාරුවේ...

මහසෝනගෙ දුනු බැහැලා ඒකයි ඌ දියාරුවේ..."


"මෝහිනීට ළමයෙක් දුන් වීර පුතුන් ඉන්න රටේ...

ටිකට් ටිකත් විකිනෙනවා හොඳ ගානට විටින් විටේ..."


"අඩෝ මලිය. ඕක ඕම නෙවේ බං කියන්නෙ. ඉඳහන් කියනකං"

කියල ලකිය මයික් එක දාගත්ත.


"මෝහිනියත් ගැහැණු කෙනෙක් උඹට අමතකයිද එයත්...

අපිට වගේමයි ආසාවල් ඇත බං උන්ගෙ සිතෙත්..."


ඔය දුන්නෙ පුන්නක්කු හෝදල අරගෙන.


නවයයි තිහ වෙනකොට වගේ සෙනග අඩු වෙන්න ගත්ත. 10ට කිට්ටු වෙලා අපිත් වැඩේ නැවැත්තුව. සිරිලයි බජාර් එකයිත් එතකොට තමා අපි ගාවට ආවෙ. ඌ ළඟටම ඇවිල්ල කතා කලේ කවුන්ටරේ හිටපු මට.


"මලිත් උඹද සංවිධායක"


"ඔ...ඔව් අයියෙ"


පුලුවන් ලබ්බක් කරපං කියල කලින් කිව්වට මම හොඳටම දන්නව අද නස්පුක් වෙන්නම කෑමක් තමා කියල.


"ලකියට කියල එව්වම අටට නවත්තපං කියල උඹද මහ pacaya වගේ මේක කරන් ගියේ"


"අ.... නැ... මෙ.... ඔ"


"දැන් දහයයි වෙලාවට නේ. සල්ලි ටික ගනින්කො. ශේප් කරල දාන්නං"


මුන් මගුලක් කියෝනව. ගුටි කන එක හොඳයි අමාරුවෙන් එකතු කරගත්තු ටික දෙනවට වඩා.


"අයියෙ ප්‍රශ්න ඕන්නෑ. සල්ලි එකතු කලේ අපිනෙ. ග්‍රවුන්ඩ් එක ඔයාල ගන්නව කියල සතියකට කලින් කියල තිබ්බ නං අපි වැඩේ කල් දානව. අද දවල් කිව්ව පලියට සතියක් තිස්සෙ කරපු දේ නවත්තන්න බෑනෙ"


භූත බංගලාවෙ ඇතුලෙ හිටපු යක්කු ටිකත් මට සප් එකට පිටිපස්සෙන් ඇවිල්ල හිටගත්ත පෝලිමට.


"ආ... උඹට එතකොට වලිද ඕනෙ. පොඩි එකා හිටපං පොඩි එකා වි......"


"ඒයි තමුසෙට කොහෙන් ආපු හයියක්ද"


ටසිරි වෙනව. ශනුකි බැස්ස ගේමට. අරුන් ටිකත් කන්පියුස්. ශනූව මේකට ගාවගන්න බෑ.


"අයියට අවුල තියෙන්නෙ මාත් එක්ක නං මාත් එක්ක ඒක විසඳගන්න. අනිත් අයට යන්න දෙන්න"


"පොඩි කෙල්ලො දාගෙන ද බං උඹල මේ වලියට එන්නෙ. ගමේ පොඩි උන් ඕනෙවට වඩා වැඩි පොඩ්ඩක්. අද පොඩි උන්ව හදල ගම්...."


සිරිලා මගෙ දිහා බලාගෙනම ඇස් ලොකු කරන් කියන්න හදපු එක නැවැත්තුව. ගැම්මක් තමා මූ මට බය වෙන්නැති.


පිටිපස්සෙන් පොඩියට හුස්ම ගන්නව වගේ ඇහුන නිසා ශේපට බැලුව පිටිපස්ස.


මල හත්තිලව්වයි!


ඩෙන්කි කාරය පිස්තෝලෙ අතින් අල්ලන් අත් දෙක බැඳගෙන හෙන ශාන්ත විදිහට අරුන් දිහා බලන් ඉන්නව. ඊට පිටිපස්සෙන් ශනූගෙ තාත්තගෙ සෙට් එක පෝලිමට අත් බැඳගෙන ඉන්නව. කැශුවල් ආපු උනුත් ආර්මර් ප්ලේට් දාගෙන සන්නද්ධ වෙලා හිටියෙ.


අඩෝ අඩෝ ගැම්මක් තමා දැන් නං.


සේනාවක් එක්ක ඉන්න මම


"තමුසෙල එක්ක ප්‍රශ්නයක් නෑ. තමුසෙල පැත්තකට වෙල ඉන්නව. එතකොට තමුසෙලට මුකුත් වෙන එකක් නෑ"

සිරිල ඩෙන්කියයි අනිත් උන් දිහායි බලන් කිව්ව.


ඩෙන්කි අයිය ඉස්සරටහට ඇවිදන් ගිහිල්ල සිරිලගෙ කරට අත දාල කණට කරල මොකක්ද කිව්ව කිව්වමයි සිරිල සැනික බජාර් එකත් අරගෙනම ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගියා.


වැඩේ ක්ලෝස්.


මතු සම්බන්ධයි.


Lesson 09

Report Page