♡ නුහුරු ඇරයුම් ♡
08« අටවන කොටස »

ආදරය යනු පුෂ්පයක් වැනිය. ඔබ එයට වැඩීමට ඉඩ සැලසිය යුතුය.
- John Lennon -
එතැන් සිට...
ඒ ආපු සෙට් එකේ ඉස්සරහින්ම හිටපු ඩයල් එක කණ්නාඩි දාන කොණ්ඩෙ සුදු කරපු සුදු පොරක්. ශනූ ඌව දැක්ක ගමන් හිනා වෙලා අත වනල කතා කලා.
"ඩෙන්කි අයියේ..... කාලෙකින් අනේ"
ඌත් අර මැර සීන් එකෙන් අයින් වෙලා නෝමල් මූඩ් එකක් දාන් අපි ළඟට ආව.
"මැඩම් සෑහෙන ලොකු වෙලානෙ" කියල ඌ ශනූට ඔලුව පාත් කලා.
"මලිත් මේ ඉන්නෙ ඩෙන්කි අයිය. එයා තමා මාව පොඩි කාලෙ බලාගත්තෙ. තාම එහෙමයි ඉතින්. මෙයා ජපානෙ ඉපදුනාට සිංහල හොඳටම පුලුවන්. මෙයාගෙන් බේරෙන්න තමා මම බෝඩිමට ආවෙ. නැත්තං හැමතිස්සෙම නැට්ට වගේ පස්සෙන් එනව"
ශනූ මට ඌව අඳුන්නල දුන්න.
මමත් පුටුවෙන් නැගිටල මිනිහට අතට අත දුන්න. ඌ මගෙ අත තලන්න වගේ මිරිකල, පට්ට බොරු හිනාවක් දාල කණ්නාඩිය උස්සගත්ත.
"හලෝ ඩාලිං"
දොර පැත්තෙන් ආපු සද්දෙ ඇහිල අපි තුන් දෙනාම බැලුව ඒ දිහා.
පොඩ්ඩක් වයසක පාට සුදු කෝට් එකක් දාගත්තු ඩයල් එක එනව වටෙන්ම බොඩිගාඩ්ල පිරිවරාගෙන. ශනූ දුවගෙන ගිහිල්ල මෑන්ව බදාගත්ත.
"මේ මලිත් වෙන්න ඇති" මිනිහ මං දිහා බලන් කිව්ව.
"ඔ... ඔව් සර්. nice to meet you"
"nice to meet you too son. so how........."
එතනින් එහා මිනිහ කියපුව තේරුන්නෑ. ශනූ එක්ක එහෙම කතා බහ කරල පස්සෙ අර ආපු සේනාවට යන්න කිව්ව එලියට. මමයි ශනූයි ශනූගෙ තාත්තයි විතරයි ඉතුරු උනේ.
"ඉතින් මලිත්. ශනුකි කිව්ව මට සෑහෙන දේවල්. හෙන තදයෙක්ලු නේ ඉස්කෝලෙ. මොකෝ කියන්නෙ මේ ආපු අය එක්ක රණ්ඩු කරල දිනන්න පුලුවන්ද"
හෙ හේ. එක්කො මම ගෙදර යන්නං දැන්. කලන්තෙ වගේ. අද හරි රස්නෙයි.

"අනේ ඩැඩී කොල්ල බය වෙලා ඉන්නෙ දැනටම. බොරුවට අවුස්සන්න එපා"
ශනූ මට බැකප් එක දෙනව ඒ පැත්තෙන්.
"සොරි සොරි just a joke. ok"
මම

ශනූගෙ තාත්ත ආගිය විස්තරයි මම ගැනයි අනං මනං සෑහෙන වෙලා කතා කලා. ලන්ච් එක ගන්න ගමනුත් ශනූගෙයි තාත්තගෙයි කච කචේ තමා. එක පාටම කතා කර කර හිටපු සබ්ජෙක්ට් එක වෙනස් වෙලා කතාව මගෙ පැත්තට ආව.
"ශනුකි කිව්ව මලිත්ව බඳින්න දෙනව නං එයා කැමතී කියල. මලිත් කැමතිද ඉතින් ඒකට"
අඩේ ශනූ එච්චර දුර හිතලද.
"ඔ...ඔව් සර්"
හදිස්සියෙවත් නෑ කිව්වොත් කට කරේ තියන් ගෙදර යන්න වෙන්නෙ.
"හම්ම්. හැබැයි විවාහය කියන්නෙ නං මේ නිකං affair එකක් නෙවෙයි. දෙන්නම හිතල කතා කරල තීරණයක් ගන්න. මම බාධා කරන්නෑ. ඔයාලගෙ කැමැත්ත"
"හ... හරි සර්"
"සර් කියන්න එපා ළමයො. "
මම මිනිහට කින්ඩි හිනාවක් දාල වතුර එකක් වත් කරන් බිව්ව. ශනුකි කවදාවත් නැතුව අද හිනා වෙවී කතා බහ කරනව හොඳට. ශනූගෙ තාත්තත් මම හිතපු තරන් නරක මනුස්සයෙක් නෙවේ වගේ. අර ඩෙන්කි කියන කණ්නාඩි පොළඟ නං පොළඟෙක්ම තමා. ඇරගන්නමයි එන්නෙ.
ලන්ච් එක අරන් ඉවර වෙලා ශනූයි තාත්තයි සැහෙන ඒව කතා කර කර හිටිය. මමත් මැද්දෙන් මැද්දෙන් පැනල ඔව් නෑ කිය කිය ශේප් එකේ defense එක දාන් ටෝක දුන්න.
ටිකකින් ශනූ පුටුවෙන් නැගිටල excuse me කියල වොශ් රූම් පැත්තට ගියා.
ශනූගෙ තාත්තත් කෝල් එකක් ඇවිල්ල එතනින් නැගිටල ගියා අර ඩෙන්කි කියන එකාව ඇතුලට එවල. ඌ නං ශනූව ආරක්ශා කරන්න බොක්ක උනත් දෙන සීන් එකේ හිටියෙ. උගෙ රස්සාව වෙන්නැති.
මිනිහ අපි හිටපු ටේබල් එක ගාවට ඇවිල්ල උගෙ කෝට් එක අස්සෙන් දඩාස් ගාල දිලිසෙන කලු පිස්ටල් එකක් අරන් ටේබල් එක උඩින් තියල ඔලුව පාත් කරල මං දිහා බැලුව.
"ඔහේ ගැන මම මුකුත් දන්නෑ. හැබැයි ඔහේ මැඩම්ට පුන්චි හීරීමක් හරි කරල තිබ්බොත් හරි මැඩම්ගෙ හිත පොඩ්ඩක්ම හරි රිදවල තිබ්බොත් මම තමුසෙ පස්සෙන් ඇවිල්ල මොන ලෝකෙන් හරි තමුසෙව හොයාගෙන එනව. තමුසෙ මැඩම් එක්ක ඉන්නෙ සල්ලි වලට නං මේ කරන්නෙ බොරුවක් නං....."
උට එච්චරයි කියාගන්න හම්බුනෙ. පිටිපස්සෙ සැර කටහඬක් ආව.
"ඩෙන්කි.... ගන්නව ඕව අහකට. මේක public place එකක්. ඔය ඉන්නෙ සාමාන්‍ය ළමයෙක්"
ශනූගෙ තාත්ත දරුණු මූඩ් එකකින් අරූට කිව්ව.
ඌත් තුවක්කුව අරන් ආපහු කෝට් එක අස්සට දාගෙන ඇහැ කොනින් මං දිහා බලන් රවල එලියට ගියා.
"ඒ ගැන කණගාටුයි. ශනුකිගෙ පොඩි කාලෙ ඉඳන්ම අයිය වගේ හිටියෙ ඔය ඩෙන්කි කොලුව තමා. තාමත් පොඩි කාලෙ වගේම ආරක්ශා කරන්න හදන්නෙ"
"ඒකට කමක් නෑ සර්"

"ශනුකි ඔය ළමයට කියන්නැතිනෙ අපේ ඉතිහාසෙ ගැන. එච්චර හොඳ එකක් නං නෙවේ"
කියාගෙන මෑන් පුටුවෙන් වාඩි උනා කෝට් එක ගලවල.
"කි.... කිව්ව සර්"
"ඉතින් ඔය ළමය ශනුකි එක්ක සම්බන්ධකමක් තියාගන්න බය නැද්ද"
"බ... බයයි සර්... ඒ... උනාට ආදරෙයිනෙ"
මිනිහට හිනා ගියා ඒක කිව්වම.
"අන්න හරි බං. එහෙම තමා ඉන්න ඕනෙ"
"තාත්තල පුතාල යාලුද ඉතින් දැන්" කියාගෙන ශනුකිත් ඇවිල්ල අපිට join උනා.
කතාවෙන් කතාවෙන්ම මම ශනූගෙ තාත්ත එක්ක ගොඩක් හිතවත් උනා. ශනූගෙ තාත්ත කියපු හැටියට එයත් මම වගේලු පොඩි කාලෙ. මං දිහා බැලුවට එයාට එයාගෙ තරුණ කාලෙ මතක් වෙනවලු.
"දුව එන්නැද්ද ගෙදර. අදත් බෝඩිමට යනවද"
"ඔව් ඩැඩී. හෙට අපේ වැඩක් තියෙනව. ඒකට මම ඉන්නම ඕනෙ. ඒක ඉවර වෙලා තමා එන්න වෙන්නෙ."
ශනුකි සමාජෙ එක්ක වැඩ කරනව කියල ඇහුනම ශනූගෙ තාත්ත ගොඩක් සතුටු උනා. මටත් ප්‍රසංශා කලා ශනුකිව ඕවට ඇදල ගත්තට.
කොටින්ම කිව්වොත් මිනිහ පට්ට හොඳයි. හැබැයි මල පැන්නොත් පැන්නම තමා. ඒ වගේ ඩයල් එකක්.
අනිද්දට ශනුකියි මමයි දෙන්නම එයාලගෙ මහ ගෙදර යන්න පොරොන්දු වෙලා අපි අර ආපු වාහනෙන්ම හවස ගෙදර ආව. ශනූගෙ තාත්තත් හෙට එනව කිව්ව භූත ගුහාව බලන්න. සේනාව පිරිවරාගෙන ආවොත් නං ටිකට් ටිකට ගේම දෙතැකි.
ශනූත් පාර ගාවින් මට කිස් එකක් දීල බෝඩිමට ගියේ මාර ගැම්මකින්.
මම නං ගෙදර ආවෙ ලෙල්ල හුටන් වෙන්නම බය වෙලා කොර වෙලා. අර ඩෙන්කි කාරයගෙ තුවක්කුව මතක් උනාම බොක්ක කූල් වෙලා යනව.
වෙච්ච දේවල් ටික ලකියටත් කියල එදා අපි නිදාගත්තෙ ශනූගෙයි මගෙයි සම්බන්ධෙ තවත් ශක්තිමත් කරගෙන. ශනූගෙ තාත්ත නං ෆුල් access දුන්න මටයි ශනුකිගෙයි සම්බන්ධෙට.
(මේක ලියන මගේ පෞද්ගලික මතයත් ඔහොම උනා නං මරු කියල. මොකද මෑන්ට මාව පේන්න බෑ. හරි වදේ ඉතින්)
පහුවදා උදෙන්ම මමයි ලකියයි ශනූයි තුන් දෙනාම ගියා ග්‍රවුන්ඩ් එකට. භූත මන්දිරේ ඕපන් කරන්නෙ නං හවස හතට විතර. ඒ උනාට සෙට් එකගෙ costume හදල මේකප් දාල අනං මනං වැඩ කරගන්න එපැයි.
හැමෝමල එනකං ඉඳල ශනූ ඒ හැමෝටම පට්ට ස්පීච් එකක් දුන්න මොරාල් අප් වෙන විදිහෙ. යක්කුන්ට ඉන්න උන්ට මේකප් කොස්ටියුම් අරගෙන හවස 2ට මෙතනට සෙට් වෙන්න කියල උන්ව යවල අපි එතන වැඩ ටික කලා.
දවල් වෙලා ලකිය බීම බෝතල් තුනකුත් ගෙනල්ල දරුණු නිව්ස් දෙකකුත් කිව්ව.
"අඩෝ මලිය. ප්‍රශ්න දෙකක් පැනනැගිල තියෙනව"
"මොකක්ද බං"
"චුලක්ශණ ය ඊයෙ රෑ කොස් ගහකින් වැටිල කොන්ද කැඩිල අද එන්න විදිහක් නෑලු. අනිද්දටලු ටිකට් කපන්නෙ. announce කරන්න එකෙක් හොයාගන්න කිව්වයි කියල උන්ගෙ අම්ම මට මගදි හම්බෙලා කිව්ව"
බොරුව පොඩ්ඩක් තාත්වික මදි නේ.

announcement වැඩ වලට දැම්මෙ පංතියෙ ඉන්න චීත්ත කොල්ලෙක්. වැඩ නෝන්ඩි උනාට මිනිහට හොඳට සින්දු කියන්න පුලුවන්. අන්තිමට ඌත් කැපිල. කොස් ගහක තියා මූ දවල්ට තුත්තිරි ගහක් වත් පාගන් යන්නෑ.
"ඒක මම හරි කරන්නං. අනිත් නිව්ස් එක මොකක්ද"
"හංදියෙ සිරිලා අද රෑට ග්‍රවුන්ඩ් එකේ බාබකිව් එකක් දානවලු උන්ගෙ බජාර් එකත් එක්ක. අපිට 8 වෙන්න කලින් මෙතනින් කැපියන් කිව්ව. නැත්තං හැමෝටම ප්‍රශ්න වෙයි කිව්ව"
"බම්බු ගහගන්න කියහං. උන් නෙවේනෙ මෙතන මැරුනෙ අපිනෙ. පුලුවන් දෙයක් කරන්න කියහං"
අපි වැඩක් කරන්න ගත්තොත් තමා ගමටම puce අමාරුව හැදෙන්නෙ.
කට්ටිය කියපු වෙලාවටත් කලින් ඇවිල්ල ඇඳුම් ඇඳගෙන එහෙම අදාල ස්පොට් වලට සෙට් උනා. ගැම්මක් තමා. ලකිය කොහෙන්ද මංද රබානක් අරන් ඇවිල්ල ඒකත් තියන් ටිකට් කඩන මේසෙ ගාවින් වාඩි උනා.
කලුවර වැටෙනකොටම සෙනඟ පිරෙන්න ගත්තු නිසා අපි 6.45 වෙනකොටම වැඩේ පටන් ගත්ත. ශනූගෙ තාත්තත් වැඩේ පටන් ගන්නකොටම වගේ ආව හෙන සෙටාර් එකක් පිරිවරාගෙන වාහන දහයකින් විතර.
වාහන ටික ග්‍රවුන්ඩ් එක කෙලවරේ පාක් කරල සෙට් එක බැස්ස එලියට. කෝට් කාරයො නං හතර දෙනෙක් වගේ හිටියෙ. අනිත් උන් කැශුවල්. අර ඩෙන්කි කාරයත් බැහැපු ගමන් කාන්දම වගේ ඇදිල ගියා ශනූ ගාවට. ඌ නං කණ්නාඩි පොළඟම තමා. ශනූගෙ ඇඟේ කවුරු හරි වැදුනත් උගෙ අත යනව කෝට් එක අස්සට. භීශණේ තමා.
දැන් අර බජාර් එක ගැනත් හෙවිල්ලෙන් ඉන්න එපැයි ඉතින්. එන හැටියක් බලමු. වැඩේට කලින්ම ලකිය මට මොනාද මංද පෙව්ව ටිකක් සැර ජාතියක්. වැදීගෙන එනකොටම ලකිය කතා කලා.
"මලියා පටන් ගනින්. හොඳ වදනක් දාල එහෙම. අවුලක් නෑනෙ. මම බීට් එක දෙන්නං ගානට ටෙම්පො අඩු කරල"
"ගොන් ආතල් ගන්නැතුව හරියට ගහපං ඕක. ශනූගෙ තාත්තත් ඇවිල්ල ඉන්නව"
"ඕකේ ලොකු බොසා"
ලකිය සිලි සිලි එක හොල්ලල එහෙම චිකුම් බුං බුං ගාල පටන් ගත්ත.
"හැමෝටම සුභ සන්ද්‍යාවක් වේවා......"
මතු සම්බන්ධයි...
Lesson 08
