♡ නුහුරු ඇරයුම් ♡
07« හත්වන කොටස »

ආදරය යනු එකම ආත්මයක් , සිරුරු දෙකකට වෙන් වීමකි.
- Aristotle -
එතැන් සිට...
ඒ දවස් ටිකේම අපි පාඩුවෙ භූත මන්දිරේ වැඩ ටික කරන් ගියා. ශනුකිගෙ leadership එක අපේ ලෙවල් එකට වඩා සෑහෙන ඉස්සරහින් තිබ්බෙ. හිතුවට වඩා වැඩේ සාර්ථක උනා ඉතින්. මොකද පිරිස් බලේ ගානට මැනේජ් කරගෙන ශනුකි ගේම ඇද්ද.
එකම අවුල ත්‍රෛලෝක විජේපත්‍ර ගහල වගේ ඉන්න කොල්ලො ටිකට මෙලෝ කලා හැකියාවක් තියා සාමාන්‍ය දැනුමවත් නැති එක.
භූත මන්දිරේ ඉස්සරහ රෝස පාටින් පාට කරල ඇතුලෙ මල් පෝච්චි ඉඳන් ගෙනත් තියල පිළිවෙලට ලස්සන වෙන්න කියල. අඩු ගානෙ භූත මන්දිරයක් කියන එකේ තේරුමවත් දන්නැති උන් ඉන්නෙ.
භූත මන්දිරයක් කිව්වට ඒකත් දාර සයිස් මාලිගාවක් වගේ. ඇතුලෙ එක එක යකාට වෙනම showroom හදල යන්න path එකක් හදල ලස්සනට කරල. අපේ උන් ඒක වැඩියෙන් ලස්සන කරන්න ගිහිල්ල තමා වැඩේ ගැස්සුනේ.
ගමටම announcement එක දීල ඉස්කෝලෙ ගුරු ප්‍රජාවටත් ආරාධනා කරල එහෙම වැඩේට හොඳ promote පාරක් දැම්ම. සිද්දිය ඔහොම වෙන අතරෙ මම බයෙන් හිටපු දවසත් ළං උනා.
උදේම ඇහැරුනේ ශනුකිගෙන් ආපු කෝල් එකකට.
"කියන්න ශනූ"
"මෝඩයො ඉක්මනට එනව බස් හෝල්ට් එකට. ඇඳුමක් දාන් මූණ කට හෝදන් එන්න. මාත් එන්නං. ටවුන් එකට යන්න ඕනෙ"
"මොකක්ද හදිස්සිය ඉතින්"
"කිව්වම අහල එනව" කියල ෆෝන් එක තිබ්බ එයා.
මම පිරිමිය උනාට පඹය වගේ ඉන්නෙ ගෞරවේට මිසක් බයකට එහෙම නෙවේ ඈ. දත් තිස් දෙකෙන් ඉස්සර දත් දොළහ විතර එහෙන් මෙහෙන් ගහල දාල මැදගෙන , ශනුකිම අරන් දීපු ඩෙනිමකුයි ශර්ට් එකකුයි ඇඳන් බැස්ස පාරට.
ශනූ ඒ වෙද්දිත් බස් හෝල්ට් එකට ඇවිල්ල.
"ඇයි උදේම එන්න කිව්වෙ. අද කෝස් එකට යන්නැද්ද"
"අද යන්නෑ. ඔයාට අලුත් සූට් එකක් ගන්න ඕනෙ. ඩැඩී එහෙන් ෆ්ලයිට් එකේ නගිනවලු අද. හෙට එනවලු. මම කිව්ව ### හොටෙල් එකේ මීට් වෙමු කියල. ඒකට ඔහොම පිස්ස වගේ යන්න බෑ"
"මො... මොකක්?"
ඩැඩී එනව පෙන්ස්. මම ඩෙඩ්.

ශනූ එක්ක බස් එකෙන් ටවුමට ගිහිල්ල අපි ගියා ටේලර් එකකට. ඒකෙ ඔය කෝට් අනං මනං තමා තිබ්බෙ. ඕව rent කරන්නත් ගිනි ගනන්ලු.
"ඔයා කොහොමද ආස. tuxedo ද නැත්තං normal jeans එකකට casual outfit එකක්ද"
ශනුකි කෝට් අතපත ගාන ගමන් ඇහුව.
"කලිසමකුයි කමිසෙකුයි මදිද ඉතින්. හෙ"
"මෝඩයො. දන්නෙවත් නැද්ද ඒව ගැන"
"නෑ ඉතින්"
"මෙහෙ එනව"
කියාගෙන මාවත් ඇදගෙනම ගියා ඒකෙ වැඩ කරන එකෙක් ගාවට. ඌ එක්ක මොනාද මොනාද කඩ්ඩ ටෝක් ටිකක් දාල අපි බලන් හිටිය. මිනිහ ටේප් එකක් අරන් ඇවිල්ල මාව මැනගෙන මැනගෙන ගිහිල්ල කලිසම් පැක් කීපෙකුයි තව කෝට් තුනකුයි එක එක ස්ටයිල් වලින් අරන් ආව. ඒ ටික ශනූට දික් කරල ඌ කතා කලා.
"fit on rooms 2nd floor එකේ මැඩම්. එතන කෙනෙක්ට කියන්න තව parts ඕන්නං. මැඩම් එන්න අවශ්‍ය නෑ"
උට thank you කියල ශනූ මාත් එක්ක දෙවනි තට්ටුවට ආව.
fit on room කිව්වට ඒක ඇතුලට ගිහින් දවස් දෙක තුනක් කුලියට ඉන්නත් පුලුවන්. මාර කැටයම් ඇතුලෙ.
මටත් කලින් ශනුකි ඒ දොර ඇරන් ඇතුලට ගිහින් මාව ඇදල ගත්ත.
"ඒ ඒ ඔයා එලියෙන් ඉන්න. මම ඇඳන් එන්නං ඉක්මනට"
"ඒකට වෙලාවක් නෑ" කියාගෙනම ශනුකි දොර වහල ලොක් කලා. ඒක ලොක් කරල කෝට් ටික එතන කොකු පේලියෙ එල්ලල කලිසමක් අතට අරන් මට කතා කලා.
"කෝ ඔය කලිසම ගලවන්න"
මම

"ඒ මේ එහෙම බැහැ ඉතින්. ඔයා එලියෙන් ඉන්නකො. අනේ. හරිනෑනෙ."
"විකාර කරන්න වෙලාවක් නෑ මලිත්. ඕක ඉක්මනට ගලවනවද මම ඇවිල්ල ගලවන්නද"
ඒ පාර නං මම surrender උනා. කකුල් දෙක පූට්ටු කරන් කලිසම සේපට ගලවල බිම බලන් හිටිය. ශනුකි ගානක් නැතුව මට කලිසම් එකින් එක දික් කරල මම ඇඳගන්නකං බලන් හිටිය. ඇන්දට පස්සෙ එහෙට මෙහෙට හරවල බල බල කලිසම් තේරුව.
කෝට් තුනත් අන්දවල බලල එයාම එකක් තෝරගත්ත.
ඒ තෝරගත්ත කලිසමයි කෝට් එකයි අරන් අර වැඩ කරන එකාට දීල මැශිමන්ට් වලට එජස්ට් කරන්න කිව්ව.
ඉස්කෝලෙ කොල්ලො ඉස්සරහවත් කලිසමක් ගලවල මාරු කරල තිබ්බෙ නැති මට මේක පොඩ්ඩක් දරාගන්න අමාරුයි. ඒ නිසා මම ශනුකි දිහා බැලුවෙත් නෑ වැඩිය. එයාට නං අදාලම නෑ වගේ සීන් එකක් තිබ්බෙ.
ටේලර් එකෙන් එලියට ඇවිල්ල තාත්තට දෙන්න ගිෆ්ට් එකකුයි අනං මනං අරගෙන ඉවර වෙනකොට පැය තුනහමාරක් විතර ගිහින්.
ගෑණුන්ට ශොපින් කිව්වම කන්න බොන්නවත් ඕන්නෑනෙ.
ආපහු ටේලර් එකට එනකොට 1ට විතර ඇති. උන් ඒ කලිසමයි කෝට් එකයි මගෙ මිනුමට හදල. ලොකු ගාණක් නිසා සැනික කරල දීල. ශනුකිත් ලොස් නැතුව වියදම් කරනව ඉතින්.
ආපහු ගෙදර එන්න බස් එකට ගොඩ උනේ හොඳ පණ ගිහිල්ල.
"ඇඳුම හරි දැන්. ඕක අන්දවන්නත් මම එන්න ඕන්නෑනෙ"
"නෑ නෑ මට පුලුවන්"
"හම්ම්. හෙට උදේ 8 විතර වෙනකොට කෝකටත් ලෑස්ති වෙලා ඉන්න. මම කිව්ව වාහනයක් එවන්න කියල."
"හ... හරි හරි"
ශනුකි මගෙ අතින් අල්ලන් මගෙ දිහා බලල කතා කලා.
"ඔයාට මේක වදයක් වගේද මලිත්"
"එ... එහෙම එකක් නෑ. මම මේ මීට කලින් ඔහොම ඇඳලම නෑ"
"ඇඳුම් ගැන නෙවේ මෝඩයො අහන්නෙ"
"එහෙනං"
"මාත් එක්ක තියෙන සම්බන්ධෙ. ඔයාට නිකං නිදහසක් නෑ වගේද"
"නිදහසක් තිබ්බත් මට වෙන කරන්න වැඩක් නෑනෙ ඉතින්. එහෙම මුකුත් නෑ. අනික ඔයා ඉන්නවනෙ දැන්. මොකටද නිදහසක්"
"good boy" කියල ශනුකි මගෙ නලලට උම්ම එකක් දුන්න.
ම්ම්ම්ම්

බස් එකෙන් බැහැල ශනුකි බෝඩිමට ගියා. එයාටත් මහන්සි ඇති. මමත් කෝට් එකයි කලිසමයි දාපු කවර් එකත් අරන් ගෙදර ආව. ලකියටත් කිව්ව සීන් එක. ඌ නං සිරාම පාතාලෙට බහින ලයින් එකේ හිටියෙ ශනූගෙ තාත්ත ගැන කියපු ගමන්.
දැන් ඉතින් නැවත හැරවුමක් නෑ. එනහැටියට මූණ දෙන්න තමා තියෙන්නෙ.
පහුවදා උදේ 6ට විතර ලකිය මාව ඇහැරෙව්ව.
"ඇහැරියන් පගෝ. 8 වෙනකොට ලෑස්ති වෙන්න ඕනෙ. මූණ හෝදන් වරෙන්. මම ජෙල් එකකුයි සෙන්ට් එකකුයි උස්සන් ආව නැන්දලගෙ දිහැයින්"
මටත් නැති කැක්කුමක් මුට තියෙන්නෙ.
ලිඳ ගාවට ගිහින් මූණ කට හෝදන් ඇවිල්ල ශනූ අරන් දීපු කලු කලිසම ඇඳගත්ත. නිකං මටම මහල වගේ. උන් මැශිමන්ට් අරන් හදන්නැති. ලකිය උගෙ ඉස්කෝලෙ සපත්තු දෙක පොලිශ් කරල දුන්න මට. ඒක මගෙ එකට වඩා අලුත් පාට නිසා වෙන්නැති. ලකිය ඉස්කෝලෙට ඇඳපු අත්දිග සුදු ශර්ට් එකේ බැජ් එක ගලවල එතනට මොකක්ද පින් එකකුත් ගහල ඌ. ඒකත් ඇඳගත්ත පස්සෙ ලකිය පටන් ගත්ත මගෙ කොණ්ඩෙ හදන්න.
කොණ්ඩෙ උස්සල පීරල ජෙල් ගාල අනං මනං කරල ශේප් ලුක් එකක් හදල ගත්ත. අර අරන් ආපු සෙන්ට් බෝතලෙන් මාව නාවල මට කෝට් එක ඇඳගන්න උදව් කලා.
"ඔන්න දැන් හරි ඈ. mafia boss නෙවේ ව්ලැඩ්මියර් පුටින් උනත් උඹ වගේ එකෙක්ට දුව දෙනව ලොවෙත් ආයෙ."
"තෑන්ක්ස් බං ඈ"
"තැන්ක්ස් එපා. සහෝදරයට උදව් කලේ. ගැම්මට ඉඳහන් බොසා"
එතකොටම ශනුකි කෝල් කරල කිව්ව බෝඩිම ගාවට එන්න කියල. ශනුකි ඇඳන් හිටියෙ තද රතු දිලිසෙන දිග ඇඟට තද උන ගවුමක්. දණහිසට පොඩ්ඩක් උඩට එනකංම පලල. සෙස්සි ලුක් එකක් තිබ්බෙ ඉතින්.
ශනුකිත් මාව දැකල ගැස්සුනා. ලකිය මට වෙනස්ම ලුක් එකක් දුන්නනෙ. ශනූ කටේ හිනාවක් දාගෙනම කතා කලා මට.
"ඔය ඉන්නෙ හැන්ඩිය වගේ. කවුද කොණ්ඩෙ හැදුවෙ ලකීද"
"ඔව් ඌ ඔන්න ඔය මොනාද මොනාද කරල ගත්ත"
"හොඳයි හොඳයි. මේ දැන් වාහනයක් එයි. හෝටලේ වෙනම area එකක් බුක් කලා කිව්ව. වෙන කවුරුත් නෑ ඒ නිසා. මලිත් මොන දේ උනත් ඔයා එයාට නැවෙන්න යන්න එපා. ඔයා කැමති නැති දේවල් වලට එකඟ වෙන්නත් එපා"
හෙන සීරියස් වැඩක් ඉතින්. මම ශනුකි කියන හැමදේටම ඔලුව වන වන ඉන්නකොට අර එනවයි කියපු වාහනේ ආව. කලු බෙන්ස් එකක්. ශනුකි ඒ එලවන එකාව අඳුරනවද කොහෙද. කයියක් ගහගෙනම ආව හෝටලේ ගාවට.
පතරංග හෝටලයක්. අපිට වෙන් කරල තිබ්බෙ vip පොට් එකක් ද කොහෙද.
ශනුකි පුටුවෙන් ඉඳගන්නත් කලින් මම ගිහින් පුටුවෙන් වාඩි වෙලා මේසෙ උඩ තිබ්බ වතුර එක බීගෙන බීගෙන ගියා බයටම. ශනුකි හිනා වෙලා මගෙ පුටුව මේසෙට ළං කරල එයත් ගිහින් වාඩි උනා. සාමාන්‍යයෙන් ඕකෙ අනිත් පැත්තලු වෙන්නෙ.
විනාඩි විස්සකින් විතර අර අපේ වාහනේ එලවපු බුවා ඇවිල්ල ශනුකිට කිව්ව තාත්ත ආව කියල.
ටිකකින් එකපාටම දොර ඇරගෙන හෙන සෙට් එකක් ඇතුලට ආව. ශනුකි උන්ව අඳුරන නිසාද මංද එයාට ගානක් නෑ. මම අමරෙට බය උනා උන්ව දැක්කම. කටේ තිබ්බ වතුර ටිකත් ලෙප්ට්.
ඒ සෙට් එක
මතු සම්බන්ධයි...
Lesson 07
