♡ නුහුරු ඇරයුම් ♡
06« හයවන කොටස »

අපි වැඩිපුරම ජීවත් වෙන්නෙ අපි ආදරය කරන විටයි
- Jhon Updike -
එතැන් සිට...
ශනූගෙ තාත්තගෙ රස්සාව ඇහුවම ශනූ සෑහෙන කලබල උනා. මීට කලින් එයා මෙච්චර සීරියස් කතා කරනව මම දැකලම නෑ.
"මලිත්. ඔයා දන්නවද ඉස්සර ටෝකියෝ වල 1960 ගනන් වල තිබ්බ 'Sumiyoshi kai' කියල clan එකක්. clan එකකට වඩා ඒක ඒ කාලෙ ප්‍රසිද්ධ වෙලා තිබ්බෙ mafia gang එකක් කියල. ඔයා අහල තියෙනවද ඒ ගැන"
හෙ හෙ. clan එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන්නැති මම

මම නෑ කියල ඔලුව වැනුව.
"හරි ඒකෙ පුදුමයක් නෑ. ඒ clan එකේ ආරම්භක නායකය තමයි මගෙ සීය"
මල මගුලයි. මොකක්ද ඒ කීව හරුපෙ.
"මගෙ සීය ගොඩක් දරුණු කෙනෙක්. එයා ජපන් ජාතිකයෙක්මයි. ලංකාවට ආපු වෙලාවක තමා ආච්චිව අඳුරගෙන තියෙන්නෙ. සීයගෙන් පස්සෙ clan එක භාරගත්තෙ මගෙ තාත්ත. මුල් කාලෙ එයත් සීයගෙ අඩිපාරෙම ගිහිල්ල. මුලින් ලෝකෙ හැමරටකින්ම වගේ 15,000 කට වඩා මිනිස්සු මේ clan එකේ ඉඳල තියෙනව. පස්සෙ ඒව පොඩි පොඩි groups වලට බෙදිල ඒ ඒ රටවල් වල අනුශාඛා විදිහට හැදිල. ඩැඩී තමා main clan එකේ ප්‍රධානිය. පස්සෙ එයාටම තේරිලා මිනිස්සුන්ට රිද්දල වැඩක් නෑ කියල. දැන් එයා ඒ බලේ පාවිච්චි කරන්නෙ මිනිස්සුන්ට උදව් කරන්න. 'Sumiyoshi kai' කියල clan එකක් දැන් නැහැ ජපානෙ. තාත්ත ඒක නැති කරල 'සකුරා household' කියල වෙනම ව්‍යාපාර සමූහයක් පටන් ගත්ත. ඒත් කලින් clan එකේ අයම තමා මේකෙත් ඉන්නෙ. මම gang එක කිව්වෙ ඒකයි. ටයිකෝට් දාගත්තට ඒ ඉන්නෙ පරණ අයමයි. දැන් එයාල සාමාන්‍ය ව්‍යාපාරිකයො."
mafia boss කෙනෙක්ගෙ දුවෙක්වද යකෝ ටෝක් කරල තියෙන්නෙ මෙච්චර කල්. පොඩ්ඩ ගැස්සුනොත් who car ගන්න තමා වෙන්නෙ.
"එ... එතකොට එ.. එයා ලංකාවට එ... එන්නෙ ම... මාව.... මර...."
"මෝඩ කතා කියන්න එපා මලිත්. එහෙම දෙයක් නෙවෙයි. එයා ලංකාවට එන්නෙ ඔයාව හම්බෙන්න විතරයි. ඉස්සර හිටපු දරුණු අය නෑලු. දැන් බය නොවී ඉන්න. මේ ගැන ඔයා කාටවත්ම කියන්න බෑ. මම කලින්ම කිව්වෙ ඔයා ඉස්සරහට කොහොමත් මේක දැනගන්න නිසා. එන්න දැන් වැඩ කරන්න යං"
බය නොවී වැඩ කරන්නෙ කෝමද කියහංකො. ඉස්කෝලෙ සිඟිති වලියක් ගියත් මම ගැහි ගැහි ගහගන්න යන්නෙ. දැන් මේ අන්තර්ජාතික මැර කල්ලියක දුවෙක්ව ටෝක් කරල ඒ තාත්ත එනවලු මාව හම්බෙන්න.
පැනල ගියා නං හරි. ඒ උනාට මම අහල තියෙනව ඕවගෙ ඉන්නවලු assassins ල. උන් කොයි ලෝකෙන් හරි මාව හොයාගෙන ඉවරයක් කරල දාවි.
ශනුකි කතා කරන විදිහ , හිතන විදිහ , හැසිරෙන විදිහ අනං මනං බැලුවම නං සිරාවටම mafia boss කෙනෙක්ගෙ දුවෙක් වගේ තමා. ඇයි යකෝ මට මේක කලින් මීටර් නොවුනෙ. ඒත් ඇයි ශනුකි මේ පොඩි ගමක ඉන්නෙ.
"මලිත්..."
මම හිත හිත ඉන්නව දැකල ශෙනුකි මට කතා කලා.
"කි... කියන්න ශනූ"
"ඒක කිව්වට පස්සෙ දැන් ඔයාට මාව පේන්නෙ කලින් හිටපු ශෙනුකි වගේ නෙවේද. ඔයාට මාත් එක්ක ඉන්න බයයි නං ඔයා යන්න මලිත්. මම මුකුත් කියන්නෑ ඔයාට. ඇත්ත දැනගත්තට පස්සෙ මාත් එක්ක හිටපු ගොඩක් අය යන්න ගියා. ඒකයි මං කාටවත් මේ කිසිදෙයක් නොකිය හිටියෙ"
ශනුකි බිම බලාගෙනම කිව්ව.
"එ... එහෙම එ.. එකක් නෑ. මේ එකපාර දරාගන්න අමාරුයි... මේ ඒකයි"
"හම්ම්"
ශනුකි ආපහු හැරිල යන්න හැදුව. මම සැනික අඩියක් ඉස්සරහට තියල එයාගෙ අතින් අල්ලගෙන මං ළඟට ඇදල ගත්ත.
"ශනූ....."
ශනුකිත් මං ළඟට ඇදිල ඇවිල්ල පපුවෙ වැදිල පපුවට අත් දෙක තියන් බිම බලන් හිටිය.
"ජීවත් වෙලා ඉන්නකං මම ඔයා එක්ක ඉන්නව. ඇත්තටම මගෙ ජීවිතේ ආපහු මට දුන්නෙ ඔයානෙ. මාස දෙකක් වගේ පොඩි කාලයක් තමා අපි දෙන්න යාලු වෙලා හිටියෙ. ඒ උනාට මට මේ මාස දෙකේ තමා හරියට ජීවත් වෙන්න හම්බුනේ. ඒ නිසා තාත්ත ඇවිල්ල මට බඩු පැකට් නොකරන තාක් කල් මම ඔයා එක්ක ඉන්නව."
"මෝඩය. එහෙම කරන්නෑ ඩැඩී"
"එහෙම කලත්. වෙඩි වරුසා ඇද හැලුනත් මිය නොයෙන ප්‍රේමෙට මගේ"
"අනේ මෝඩයො මේ. ඔය බම්බු කිය කිය ඉන්නව. ඩැඩීව දැක්කම වෙඩි වරුසා පෙනෙයි"
සිටුවේශන් එකේ හැටියට රුසියානු බෝඩරේ ගාවට ගිහිල්ල අලි වෙඩිල්ලක් දාල සරම කරේ තියන් දිව්ව වගේ කේස් එකක් මේක.
එදා හවස් වෙනකංම අපි වැඩ කලා. මම වැඩිය ශනූගෙ තාත්ත ගැන හිතන්නැතුව හිටිය. එයා දැන් වෙනස් වෙලාලුලෙ. ඉතින් නෝමල් තාත්ත කෙනෙක් වගේ ඇති.
ග්‍රවුන්ඩ් එකේ වැඩ ඉවර කරල දාල ආපහු ගෙවල් වලට එනකොට කලුවර වෙලා. ශනූ එක්ක ගෙවල් ගාවටම අතින් අල්ලන් ආව.
"මලිත්. දැන් මෝඩය වගේ අරක ගැන හිතන්න එපා හරිද. සාමාන්‍ය තාත්ත කෙනෙක් වගේ කියල හිතන්නකො"
කියල ශනූ මගෙ කම්මුලට කිස් එකක් දෙන්න මූණ ලං කලා.
මම ශනූගෙ නිකටෙන් අල්ලල නවත්තල ශනූගෙ තොල් දෙකට කිස් එකක් දුන්න.
ශනූගෙයි මගෙයි පළවෙනි ලිප් කිස් එක ඒ. ශනූගෙ ඇස් දෙක බාගෙට අඩවන් වෙලා ගිහිල්ල දැනටම. එයත් විරෝධයක් නැතුවම මගෙ තොල් දෙක පිළිගත්ත.
ශනූ මගෙ පිට වටේ අත් දෙක දාගෙන මට තව තුරුල් වෙලා කිස් කලා මාව. ශනූගෙ තොල් වලින් අමුතු රසක් දැනුන මට. ඒ රසට තව තව ආසාවෙන් මම එයාගෙ තොල් වටේම දිවෙන් රසබැලුව.
"අඩෝ හෙන රොමෑන්ටික් නේ බං. මේ වගේ හවසක"
ශනූයි මායි ගැස්සිලා පිටිපස්ස බලනකොට ලකිය තාප්පෙ උඩ ඉඳගෙන අපි දිහා බලන් ඉන්නව පැණි හල හල

"මේ ගැන කාටහරි කියල තිබ්බොත් තෝ ඉවරයි කියල හිතාගනින්"
කියල ලකියට තර්ජනය කරල මටත් ගස්සල ශනූ බෝඩිම පැත්තට ගියා.
"උඹටත් එන්න වෙන වෙලාවක් ඇත්තෙම නෑ නේ බං ලකියො"
"ඉතින් මම මෙතන නෑ වගේ හිතාගෙන උඹලට වැඩේ කරගන්නනෙ තිබ්බෙ"
"ඇයි දැන් උඹ මේ හවස තාප්පෙ උඩට වෙලා"
"උදව්වක් ඉල්ලගන්න ආවෙ"
"කියහං"
"අර අපේ නැන්දගෙ පොඩි එකාට ඉස්කෝලෙන් ජනකතාවක් අනුසාරයෙන් අලුත් කතාවක් ලියන් එන්න කියල. උන් දන්නෑලු ඕව. ඉතින් මට කිව්ව. මම දන්නෙත් නෑනෙ. උඹ දන්නවනෙ ඕව. ලියල දිහංකො එකක්"
ලකිය ආවොත් මොකක් හරි කරුමයක් එක්ක තමා ඉතින්.
"හා හා රෑ වෙලා දෙන්නං"
ලකියත් එක්ක ගෙට ගිහිල්ල කාල බීල ඇඟත් හෝදගෙනම පටන් ගත්ත ජනකතාවක් ලියන්න.
මහ ලොකු සීන් නං දන්නෑ. ඒ උනාට ඉබ්බ අහසින් ගිය හැටි ගැන කතාව නං දන්නව. ඒක අනුසාරයෙන් අලුත් කතාවක් ලිව්ව ඉතින්. උදේ ඉඳන්ම වැඩ කරල තෙහෙට්ටු ගතියයි මහන්සියයි නිසා ඒ වැඩේ බාගෙට කරල අතෑරල මම නිදාගත්ත.
පහුවදා උදේ ඇහැරිලා ඒක සම්පූර්ණ කරල ලකියට දුන්න. ඌත් ආතක් පාතක් නැතුව ඒක කියවන්නෙවත් නැතුව උදේම ගියා උන්ගෙ නැන්දලට දීල එන්න.
ශනූත් අද කෝස් එකට යන නිසා මම තනියම ග්‍රවුන්ඩ් එකට ගියා. කොල්ලො ටිකත් 9ට විතර ආව. ලකියත් නැන්දලගෙ ගෙදර ගිහින් ආව මොකක් හරි හදිසි කේස් එකක් කියන්න වගේ.
"මලියො. අද හංදියෙ කඩේ නං වහල බං තිබ්බෙ. දවල්ට කන්න ගන්න විදිහක් නෑ. අපේ අම්මත් ටවුන් ගියා. ගෙදරින් කෑම දෙන්න විදිහකුත් නෑ. මොකෝ කරන්නෙ."
ලකියගෙ අම්ම ගෙදර නැති දවස් වලට ඉස්සර මම තමා රයිස් එකක් ගහල හොද්දක් දෙකක් හදන්නෙ. මොකද ලකියගෙ තාත්ත කුස්සිය පැත්ත පලාතෙ එන්නෑ. මිනිහ තේ එකටත් තුනපහ දාන ජාතියෙ එකෙක්. ඒ උනාට මෙච්චර සෙටාර් එකකට කන්න දෙන්න තරන් උයන්න මමවත් දන්නෑ.
සැනික ශනූට කෝල් එකක් ගැහුව එයාගෙන් වත් විදේශ සහනාධාරයක් ගන්න පුලුවන් ද බලන්න.
කෝල් එක ආන්ස්වර් කරනකොට ශනූ කාත් එක්ක හරි හෙන කයියක හිටියෙ.
"කියන්න මලිත්. මොකක් හරි අවුලක්ද"
"ආ නෑ ශනූ මේ.... අර හංදියෙ කඩේ වහලලු. ඉතින් අද කට්ටියට කෑම ගන්න විදිහක් නෑ. මම ගෙදර යන්න කියන්නද අද. නැත්තං නොකා නොබී තියාගන්න බෑනෙ"
"ඕන්නෑ මෝඩයො. මම කෑම පාර්සල් ටිකක් ඩිලිවරි කරන්න ඕඩරයක් දාන්නං. කී දෙනෙක් ඉන්නවද"
"දැන් නං 20ක් විතර ඉන්නව"
"25කට කෑම එවන්නං. වැඩ ටික කරගන්න. මං හවස එන්නං. තව ටිකකින් බ්‍රේක් එක ඉවරයි. මෝඩය වගේ ඔහොම එකපාරටම කෝල් කරන්න එපා මැට්ටො"
"හෙ හේ"
"මං තියනවා. පරිස්සමට. love you. උම්මාහ්"
අඩ්ඩෙහ්. උම්ම එකකුත් දුන්න. මාත් ලව් යූ අනං මනං කියල ලකියටත් නිව්ස් එක කිව්ව.
දවල් වෙලා වෑන් එකකින් බුවාල දෙන්නෙක් ඇවිල්ල බත් පාර්සල් ටිකක් දීල ගියා. මේ කෑම ටිකට නං අමර ගානක් සෙට් වෙන්නැති. ශනූටත් සල්ලිනෙ ඉතින්.
සෙට් එකම භූත ගුහාවෙ ඇටවුම හදල වහලෙ ගහල බිත්ති ගහල ඒ වැඩ ටික කලා. කෙල්ලො ටික තමා ඔය කැටයම් වැඩ අනං මනං කලේ.
හවස් වෙලා ශනූත් ආව. එයාට වැඩේ භාර දීල මම ලිඳ ගාවට ගියා මූණ කට හෝදගන්න කියල. ලකිය ආපහු පාරක් බෙරිහන් දීගෙන මාව හොයන් කැලේ කඩාගෙන දුවන් ආව.
"ඈ බොල carry who can no. මොකක්ද පගෝ අර පොඩි එකාට ලියල දීපු ජනකතාව. අන්න නැන්දලව ඉස්කෝලෙට ගෙන්නල බැනල යවල උගෙ වාග් මාලාව මීට වඩා සංවර කරගනින් කියල"
හෙ හේ

"ඉතින් කතාවක් ලියල යැව්වෙ මං. ඒක පොඩි එකෙක් ලිව්ව වගේම ලස්සනට තියේ"
"මේක කොහෙද යකෝ පොඩි එකෙක් ලියපු ජනකතාවක් වගේ පේන්නෙ"
මතු සම්බන්ධයි...
Lesson 06
