♡ නුහුරු ඇරයුම් ♡
05« පස්වන කොටස »

"ඔබ ඔවුන්ගේ සතුටේ කොටසක් නොවුණත්, ඔබට අවශ්‍ය වන්නේ එම පුද්ගලයා සතුටින් සිටීම පමණක් වන විට , එය ආදරය නම් වේ"
- Julia Roberts -
එතැන් සිට...
එදා බස් එකේදි ශනුකිගෙ අතින් අල්ලල ආරම්භ උන අපේ අමුතු සම්බන්ධෙ අන්තිමට මාස දෙකක් යන්නත් කලින් ආදරයකට පෙරලුනා.
අවුරුදු තුනක් තිස්සෙ මගෙ හිතේ නෙතූට වෙන් කරපු ඉඩ , ටික ටික ශනුකි පවර ගත්ත. ශනුකි ගැන මම ඉස්සර හිතන් හිටපු ගොඩක් දේවල් මනස්ගාත කියන එකත් මට තේරුනා.
ශනුකි තරම් හිත පිරිසිදු කෙල්ලෙක් ඇත්තටම මම දැකල නෑ වෙන කොහෙවත්. උරුමයෙන්ම තියෙන කට සැර ගතියයි , නිර්භය ගතියයි නිසා කෙල්ලෙක් විදිහට ආදරණීය නොවුනත් ජීවිත සහකරුවෙක් විදිහට ඕනෙවටත් වඩා වටින දේවල් ශනුකි ළඟ තිබ්බ.
මගෙත් කැත පුරුදු ගොඩක්ම වගේ ඒ මාස දෙක ඇතුලත නැවතුනා. මම හැදෙන නිසා ලකියත් ඉබේම පොඩ්ඩ පොඩ්ඩ ඒවගෙන් ඈත් උනා. ශනුකි මට ළං උන දවසෙ ඉඳන් , මගෙ අතින් අතෑරිල තිබ්බ මගෙ ජීවිතේ ආපහු ටිකෙන් ටික මගෙ ළඟට ආව.
සල්ලි කොච්චර තිබ්බත් ශනුකි කවදාවත් කාටවත් පෙන්නන්න ගියෙ නෑ. සාමාන්‍ය කෙල්ලෙක් වගේම මාත් එක්ක බස් එකේ ගිහිල්ල පොඩි කඩේකින් කාල සාමාන්‍යය ජීවිතයක් ගෙව්ව.
"බුදු අම්මෝ මෙන්න පොළඟෙක්...... මලියෝ..... අම්මේ... තාත්තේ..... මම නැතෝ.... පොළඟ ගැහුවෝ..."
වත්ත කෙලවරෙන් යටිගිරියෙන් කෑ ගහන සද්දෙ ඇහිල මම ගැස්සිලා ගියා. ලකියගෙ කටහඬ ආවෙ.
පිටිපස්සෙ දොරත් ඇරන් මම පට ගාල දිව්ව සද්දෙ ආපු පැත්තට. මම යනකොට ලකිය බිම වාඩි වෙලා කකුල අල්ලන් කෑ ගහනව.
"අඩෝ මලියා.... ගැහුවා..... පොළඟ බං. දාර සයිස් බං. අඩි හතරක් විතර දිගයි බං"
"ශුවර්ද පොළඟ කියල. කොහෙටද ගියේ ඌ"
"ශුවර් නං ශුවර්. දුඹුරු පාටට දැක්ක කලු පුල්ලි එක්ක. මූ නිකං එකෙක් නෙවේ බං. සුපිරි පොළඟෙක්. පිට දිගේ කටු කටුත් තිබ්බ"
පොළඟෙක් ගෙ? පිට දිගේ කටු කටු?

ලකියගෙ කකුලෙ හෙන පොඩි හීරීම් පාරවල් දෙකක් තියෙනව. අඩි හතරක් දිග පොළඟෙක් ගැහුව නං දත් පාරවල් දෙක මෙහෙම එක ළඟ වදින්න බෑනෙ.
ඉතින් පොඩ්ඩක් සර්ච් පාර දානකොට හම්බුනා ඒ ඌ කියපු සුපිරි පොළඟව.
මූ නිදිකුම්බ ගාල අස්සෙ ඇවිදිනකොට නිදිකුම්බ කටු දෙකකට කකුල් හීරිලා. ඒ ළඟ හිටපු දුඹුරු පාට කටුස්සව මූ දැකල තියෙන්නෙ පොළඟෙක් කියල.
ලකිය මත්ද්‍රව්‍ය වලින් ඈත් උනාට පස්සෙ පිස්සුමයි කෙලින්නෙ. ළඟදි දවසක වැලේ වනල තිබ්බ රෙද්දක් දැකල මහසෝනයි කියාගෙන දිව්ව මහ දවාලෙ.
ඌවත් නැගිට්ටුවල සීන් එක පැහැදිලි කරල මම ශෝටකුත් ගහන් බස් හෝල්ට් එකට ආව.
ශනුකිට කෝස් එක ඉවර වෙන වෙලාවට මම දැන් එතන ඉඳන් එයා එක්ක එන්නෙ. ශනුකි පස්සෙ එන කොල්ලොන්ට මාර ප්‍රහේලිකාවක් ඇයි ශනුකි මාත් එක්ක යාලු උනේ කියල. උන්ට තියා මටත් ප්‍රහේලිකාවක්.
ශනුකිට ඒක ඉවර වෙන්න විනාඩි දහයකට විතර කලින් ඇවිල්ල මම ඒ බිල්ඩිම පහල බංකුවක ඉඳන් හිටිය.
ඒක ඉවර වෙලා කට්ටිය එනකොට ශනුකිත් ආව මැද්දෙන් මැද්දෙන්. ඇවිල්ල මගෙ අතිනුත් අල්ලන් පාරට ආව.
"මලිත්. ලබන සතියෙ මොකක් හරි තියෙනවද ග්‍රවුන්ඩ් එකේ"
පාරෙන් නැවතිලා ශනුකි මගෙන් ඇහුව.
"ආ ඔව්. අර භූත ගුහාවක් ගහනවනෙ. ඉස්කෝලෙ අපේ බැජ් එකෙන් කරන්නෙ."
"මට කියන්න එපැයි මෝඩයො. මේ ළමයෙක් කියනකං මම දන්නෙත් නෑ"
"ඔයා වැඩිය ඕවට යන්නෑනෙ ඉතින්"
"ඒ කලින්නෙ මෝඩයො. ඔයා යනවනං මම යනව දැන්"
ශනුකි මෝඩය මෝඩයො කියන සැරේට මගෙ හිත

ඉස්කෝලෙන් අවුට් උන අපේ බැජ් එකෙන් මේ පාර අපි භූත මන්දිරයක් දාන්න ඉන්නෙ. අදහස මගෙ එකක්. ඒ හම්බෙන සල්ලි ඔක්කෝම ඉස්කෝලෙ හරහා යවනව පිළිකා රෝහලට. වරදක් නෑනෙ ඉතින්.
ගැන්සියෙ ලොක්ක හැටියට මම තමා මූලික වෙලා ඕක කරන්නෙ. දැන් ශනුකිත් ඉන්න නිසා වැඩේ තව ලේසි වෙයි. මොකද මිනිස්සුන්ව හසුරවන්න මට වඩා එයාට පුලුවන්.
හවස් වෙලා පිට්ටනියට සෙට් වෙන්න කියල අපේ කොල්ලො ටිකටයි කෙල්ලො ටිකටයි මැසේජ් එක යවල මමයි ශනුකියිත් ආව හතර විතර වෙනකොට. ශනුකිව in charge කරල මම ඒ සීන් එකෙන් discharge උනා.
පිට්ටනිය කිව්වට මේක ඉස්සර අපේ ගෙවල් ළඟ තේ වත්තක්. පිට්ටනියක්මත් නෙවේ. කාන්තාරෙ වගේ දැන්.
සෙට් එකම ග්‍රවුන්ඩ් බැස්සට පස්සෙ ප්ලෑන් ඔක්කොම ශනුකිට කිව්ව එක එක්කෙනා ඇවිල්ල. ශනුකිත් ඒ එකින් එක අහගෙන ඒවගෙ වැරදි අඩුපාඩු පෙන්නල , අලුත් අදහස් එහෙම උන්ට කියල දුන්න.
වැඩේ සංවිධානය කරල ආතල් එකේ උන් දිහා බලන් ඉන්න මම

"මලිත්. හෙටම වැඩ පටන් ගන්න කියමු කට්ටියට. එතකොට හරි. කෝස් එක දවසට මම එන්නං හවසට. ඔයා දවල්ට මේ වැඩ ටික බලාගන්න"
ශනුකි මට කිව්ව.
"ඕකේ මැඩම්"
"අනිත් එක තමයි ඔය කෙල්ලො එක්ක වැඩිය උකුලු මුකුලු බෑ. බලාගෙන හිටියෙ මම"
හෙ හෙ.
"නෑ නෑ මම මේ වැඩේ ගැන ඒගොල්ලො එක්ක කතා කලේ"
"හා හා. දැන් යමු ගෙදර. මෙතන ඉන්න ඕන්නෑ මීට වඩා"
කියල මගෙ අතින් ඇදන් ආව.
බෝඩිම ගාවදි තමා ආපහු මගෙ අත අතෑරියෙ.
"මලිත්.."
"කියන්න ශෙනූ"
"හෙට ඩැඩී කෝල් කරනව. ඔයා එක්කත් කතා කරන්න ඕනෙලු පොඩ්ඩක්"
මල හත්තිලව්වයි.
"ඒ මේ මට ඉංග්‍රීසි බෑනෙ. තාත්ත රට නේද ඉන්නව කිව්වෙ"
"ඉංග්‍රීසි ඕන්නෑ මෝඩයො. එයාට සිංහල පුලුවන්. පොඩ්ඩක් මනුස්සයෙක් වගේ කතා කරන්න. මම කැමති නෑ ඔයාට එයා කතා කරනවට. ඔයා තාම එයා ගැන හරියට දන්නෑ. ඒ උනාට කවදහරි කතා කරන්න වෙනවනෙ. ඒකයි"
"තාත්ත නපුරුද ගොඩක්. බයකට නෙවේ. මේ....."
"නපුරු නෑ. එයා හොඳයි. ඕව හිතන්න එපා දැන්. රෑට කාල නිදාගන්න."
කියල ශනුකි මගෙ කම්මුලට කිස් එකකුත් දීල ගියා.
මමත් කකුක් දෙක වෙවුල වෙවුල ගෙදෙට්ට ඇවිල්ල ගැහි ගැහිම කාල නිදාගත්ත. මල කෙලියක් වෙන්න වගේ යන්නෙ.
පහුවෙනිද ශනූට කෝස් එක නැති නිසා අපි දෙන්නම ග්‍රවුන්ඩ් බැස්ස.
කොල්ලො ආම්පන්න අරන් ඇවිල්ල උදේම වැඩ පටන් අරන්. ශනුකිත් උන්ව මෙහෙයවන අතරෙ මම කල්පනා කලා දැන් ශනුකිගෙ තාත්තට මොනවද කියන්නෙ කියල. ගොඩේ කොල්ලෙක් කියල පෙන්නුවොත් ලොවෙත් බඩු බනිස්. මොකද ඉහළ පැලැන්තියෙ දෙමව්පියො අපි වගේ උන්ට කැමති නෑනෙ.
ෆෝන් එක අරන් හෙව්ව විනාඩි 30න් ඉංග්‍රීසි පුරුදු කරන වීඩියෝ තියෙනවද කියල. ඒව බැලුවොත් සින්හලත් බැරි වෙන සීන් එකක් තියෙන්නෙ.
"මලියෝ.... ගොක් කොල ටික වියපංකො. අරකි දමල ගහල ගියා"
ලකිය කෑ ගහනව ඒ පාර.
ගොක්කොළ වියන්න දුන්නෙ පංතියෙ කෙල්ලෙක්ට. ඒකි carry සීන් එකේ හිටියෙ. ඒකිට විතරක් ඒ වැඩේ පුලුවන් කියල හිතල. ඉතින් මුන් එක එක ඒව කිය කිය හිටියෙ ඊයෙ ඉඳන්ම. දැන් දමල ගහල ගිහිල්ලලු.
ඒ වැඩේ භාර අරන් කර කර ඉන්න ගමන් ශනුකි කතා කලා.
"මලිත් මලිත් එන්න ඉක්මනට"
"මොකක් හරි උනාද"
"මුකුත් උන්නෑ මෝඩයො ඩැඩී කතා කරනව."
ම්ම්ම්ම්ම්ම් යසයි
ෆෝන් එක කන ගාවට අරන් අමාරුවෙන් වචන දෙකක් එලියට දාගත්ත.
"හෙ.... හෙලෝ සර්"
"hello.... are you malith"
"sir yes sir. me is malith"
ශනුකි ඩලස් ගාල ෆෝන් එක උදුරල අරන් අනිත් පැත්තෙ එක්කෙනාට බැනගෙන බැනගෙන ගියා.
"ඩැඩී ඊයෙ රෑ මං සුද්ද සිංහලෙන් කිව්ව කොල්ලව සමච්චලේට ගන්න එපා කියල. සිංහලෙන් කතා කරන්න බැරි නං නොකර ඉන්න. ප්ලීස්"
අනේ... මේ මෝඩයට එච්චර ආදරයක්
ආපහු ශනුකි ෆෝන් එක දුන්නම අමුතු ගට් එකක් ආව හිතට.
"සමාවෙන්න ඕනෙ. පුරුද්දට කියවුනේ. පුතා මලිත් නේද"
"ඔ.... ඔව් සර්."
"සර් කියන්න ඕන්නෑ ළමයො. අන්කල් කියන්නකො. දෝණි මට කිව්ව ඔය ළමය ගැන ඉස්සරම. අර ඉස්කෝලෙ වෙච්ච සිද්දියකදි පුතා එයාට උදව් කරපුව එහෙම."
"ආ ඔව් අන්කල්. ඒ මම තමා අන්කල්"
මිනිහට හිනා ගියා. මම බය වෙලා වගේ ටෝක දෙන එකටද කොහෙද.
"මම ලබන සතියෙ ලංකාවට එනව පුතා. එතකොට හම්බෙලා කතා කරමු"
ශනූගෙ තාත්ත ලංකාවට එනව කියපු එක ඇහුන ගමන් ශනුකි ආපහු ෆෝන් එක උදුරල කතා කලා.
"මේ ඩැඩී. එනවනං ඔයා විතරක් එන්න. මුලු gang එකම ගෙනල්ල ඔයාගෙ බලේ පෙන්නන්න ඕන්නෑ. මෙහෙ ඔයාට against එකට කවුරුත් නෑ. මම තියනව. good bye. take care"
කියල කෝල් එක කට් කලා.
gang එකක්? බලේ? මෙහෙ against එකට කවුරුත් නෑ?
මොකක් හරි නරක දෙයක් වෙන්න වගේ යන්නෙ. i feel it
"ශෙ.... ශෙනූ.... ඔයාගෙ තාත්තගෙ ර.... රස්සාව මොකක්ද?"
ඇත්තටම හිතාගන්න බැරුව මම ඇහුව.
ඒක ඇහුව විතරයි ශෙනුකි මාවත් ඇදන් ග්‍රවුන්ඩ් එක කෙලවරට ඇවිල්ල වටපිට බලල කතා කලා.
"හොඳට අහගන්න. මම මේ කියන දේ ඔයාගෙ කටින් ආපහු පිටවෙන්න බෑ. මලිත්. විහිලුවක් නෙවෙයි මේක. ඔයා දැන් කොහොමත් දැනගන්නවනෙ ඉස්සරහට. ඒ නිසා මම දැන්ම කියන්නම්"
සීරියස් කේස් එකක් කරගහන්න වෙයි වgay

මතු සම්බන්ධයි...
Lesson 05
