♡ නුහුරු ඇරයුම් ♡
04« හතරවන කොටස »

"ඔබ යමක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටීම ආදරයට සම්බන්ධ නොවේ. ඔබ සියල්ල ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටීම ආදරයයි."
- Katharine Hepburn -
එතැන් සිට...
"ඉතින් එදා ඔහේ මට ෆෝන් එකත් ගෙනත් දීල වැරැද්දත් බාර අරන් මාව බේරුවට පස්සෙ මම ඔහේ ගැන පොඩ්ඩක් හෙව්ව."
"ඒ කියන්නෙ පස්සෙන් ආව වගේද"
වැඩේ ෆීලින් ඕසම් වෙන්න යන්නෙ. නිරිත දිග මෝසම් වෙලා නවතීද දන්නෑ.
"අනේ මම ඔය ආදර මගුල් නං දන්නෑ. මම එහෙම හැඟීම් පිරුණ කෙල්ලෙක් නෙවෙයි. මට ඕනෙ happy එකේ ඉන්න. මම කිව්වෙ මම තමුසෙ ගැන හෙව්ව කියල. මම අනිත් කොල්ලො දිහා බලනවට වඩා වෙනස් විදිහට ඔහේ දිහා බැලුවෙ"
ඔව්. ලව් සීන් නං වෙන්න බෑ. තාම කතා කරන්නෙ නිකං මැර සීන් එකේ වගේ.
"මට කියන්න තියෙනව කිව්වෙ මොකක්ද ඉතින්"
"තමුසෙ මට කැමතීද කියල අහන එක"
මම

අඩෝ එහෙම ස්ටයිල් එකකුත් තියේද බං අහන්න. මම හිතුවෙ අඩාගෙන වැලපීගෙන විතරයි යාලුවෙන්න අහන්නෙ කියල.
"එ....එහෙම එක සැරේ... ක.... කරන්න පුලුවන්... දේවල් නෙවේ ඕව"
"තමුසෙ මට කැමතීනෙ ඉතින්. එදා මගෙ කබඩ් එකේ රිංගන් මගෙ ඇඳුම් අතගගා හිටියෙ"
head shot !
"ඒ ඒ අඩේ එහෙම මගුලක් නෙවේ. මම pen එක ගන්න ආවෙ. මාට්ටු වෙයි කියල කබඩ් එකට රිංගුවෙ. අතට සිනිදුවට අහුවෙන්නෙ මොනාද බලන්න ගත්තෙ. එතකොටම දොර ඇරියෙනෙ කබඩ් එකේ"
ශනුකිට හිනා ගියා ඒක කිව්වම.
"සිනිදුවට අහු වෙලා තියෙන්නෙ. හා හා ඒව පස්සෙ බලමුකො. වොශ් එකක් දාගෙන එනව. මෙහෙ ඇඳුම් ඇති"
කියාගෙන ශනුකි එලියට ගියා.
නෙතූ පස්සෙ අවුරුදු තුනක් මැරුණ වෙලේ මෙයා එක්ක යාලු උනා නං සිරාවටම මම හැදිල. ඒ උනාට මල මෝහිනී වගේ කෙල්ලෙක් එක්ක ලව් කරන්නවත් පුලුවන්ද. දෙලොවක් අතර තනි උනා පෙන්ස්.
නෙතූගෙන් reject උනාට පස්සෙ ඊයෙ හිතට දැනුන අඩුව අද නෑ කියල මට පස්සෙ මීටර් උනා. ඒ ශෙනුකි නිසාවත්ද?.....
අනේ කාල බීල හිටින් තවත් මගුල් කියවනව මං.
ශෙනුකි මට බාත් රූම් එකත් පෙන්නල ඇඳගන්න ශෝටකුයි කමිසෙකුයිත් දීල ගියා. ළිඳෙන් කට්ට හීතලේ නාපු මට මේ ටයිල් පොලවෙ උණුවතුර නානකොට නිකං කිතිකැවෙනව වගේ.
නාල කරල ඉවර වෙලා එලියට ආවම ශෙනුකි කතා කලා කෑම කන්න.
"කෑම ටේබල් එකට ඇරල තියෙන්නෙ. ගොනා වගේ කන්නැතුව හිමීට කාපිය. පොඩ්ඩක් වැදගත් විදිහට"
ගස් ගල් උඩ කෑම කන මම

මේකි හිතන් ඉන්නෙ මම මේ පරිණාමයේ අතු ශාඛාවක් කියලද. ඇයි යකෝ. කෑම මේසෙක කන්න ඕනෙ විදිහ මට කියල දෙන්න එන්නෙ.
ලොකු ටෝක් දුන්නට කන්න ගියාම තමා හික් ගෑවුනේ. කට්ටිය හැඳි ගෑරුප්පු අල්ලං කෑම බෙදාගන්නව.
හෙහේ... හැඳි ගෑරුප්පු වලින් ද කන්නෙ.... ගෙදරදි නං අතින් කෑවෙ.... ගෑරුප්පුව අල්ලන්නෙ වමතින්ද...
"ඕවගෙන් කන්න ඕන්නෑ. අතින් කන්න. මාත් අතින් කන්නං"
ශෙනුකි , මම කොර වෙලා කියල දැනගෙනද කොහෙද මට කියල එයත් අතින් කෑව. ආපහු මෙහෙම කෑමක් හම්බෙන්නැති නිසා පුලුවන් තරන් adjust කර කර ගිලල ඇරිය අතට අහු උන ටික.
මම විතරයි හරක වගේ කාගෙන කාගෙන ගියේ කියල පස්සෙ මීටර් උනේ. කොරන්න දෙයක් නෑ.
කාල ඉවර වෙලා අර අක්කයි නංගිල දෙන්නයි එක්ක ශනුකි කතා කර කර ඉන්න අතරෙ මම ආපහු අර කාමරේට ගිහින් ඇඳට වැටුන.
මෙහෙම ගෙදරක ඉන්න හම්බෙනව කියන්නෙ ඉතින් සැප තමා. ලකියගෙ ගෙදර ශවර් එකටත් හෙන ගහල ගිහිල්ලනෙ.
"නිදාගන්නවද දැන්ම"
ශනුකි දොර ගාව ඉඳන් මගෙන් අහනව.
"නිදාගන්න බැලුවෙ. උදේම යනව නේද. මට හෙට ටවුමට පොඩ්ඩක් යන්න තියෙනව"
"හා හා. 8ට වගේ ගියාම ඇතිනෙ"
"ඇති ඇති"
"එහෙනං නිදාගන්න. මං එන්නං ටිකකින්"
කියාගෙන ශනුකි ලයිට් එකත් ඕෆ් කරල ගියා.
'මම එන්නං ටිකකින්'?. ශනුකිත් මාත් එක්ක නිදාගන්නද එන්නෙ ඒ පාර. මල කෙලියයි. අම්බ්රෙල්ලා පවුඩර් වෙන්න යන්නෙ. (umbrella powder)
නිදාගන්න හැදුවට නින්ද යන්නෙත් නෑ. ශනුකිත් මාත් එක්ක නිදාගනීද කියල හිත හිත හිටියෙ.
පැය කාලකට විතර පස්සෙ ශනුකි ගවුමක් වගේ එකක් ඇඳන් කාමරේට ඇවිල්ල ලයිට් එක දැම්ම. මම ඇස් ඇරගෙන මනෝ පාර ගහනව දැකලද කොහෙද කතා කලා මට.
"නිදි නැද්ද තාම. මොකෝ මං එනව කිව්වම බය උනාද"
ලොරි ටෝක් දුන්නට කෙල්ලෙක් එක්ක නිදාගන්න එක සීරියස් වැඩක් කියල දන්න මම

"බය නෙවේ ඉතින්. දන්නැද්ද. මම දැන් නිදාගන්නෙ ඉස්සරහ සෝෆ එකේද නැත්තං ඇඳ යටද"
"බයිල ගහන්නැතුව ඔන්න ඔහොම ඉන්නව"
කියල ශනුකි ලයිට් එක ඕෆ් කරල ඇඳට ආව.
මම ගල් ටීක් වෙලා බෙඩ් ශීට් එක ඇඟට තද කරන් ඇඳේ කෙලවරටම වෙලා ශනුකිට ඉඩ දුන්න.
ශනුකිත් එහාට මෙහාට වෙලා ගානට සෙට් වෙලා බෙඩ් ශීට් එකෙන් ඇද්ද එයාටත් පොරවගන්න. බෙඩ්ශීට් එකට පැටලිලා හිටපු මාවත් ඒත් එක්කම හුචෑස් ගාල ඇදිල ගිහින් ශෙනුකිගෙ ඇඟ උඩට ගොඩ උනා.
"මොකක්ද මනුස්සයො කරන්නෙ. ඇඟ දිගේ බඩගාන්නෙ. යකෝ කැමතිද ඇහුවම මූ පවුල් කන්න එනවනෙ"
කියාගෙන ශෙනූකි කෑගහන්න ගත්ත.
"ඒ ඒ කෑගහන්න එපා. බෙඩ්ශීට් එකට පැටලුනා"
ශනුකිත් ගස්සල දාල අනිත් පැත්ත බලන් නිදාගත්ත. මමත් එහාට වෙලා නිදාගත්ත.
පහුවදා උදෙන්ම ලෑස්ති වෙලා අර අක්ක අපිව ටවුන් එකටම ගෙනිහින් දැම්මෙ. දඩ කාර් එකකින් ටවුම මැද්දෙ සෙස්සි කෙල්ලෙක් එක්ක බැස්සම එන ගැම්ම කෝමද.
"වැඩේ කරන් එන්න ඉක්මනට. මම බස් එකෙන් ඉන්නං"
"ඕකේ මැඩම්"
කියාගෙන මම සූං ගාල ඇද්ද ළඟ තිබ්බ පෙට්ටි කඩේට.
ගෙදර තිබ්බ අමුද්‍රව්‍ය ඔක්කොම ඉවර වෙලා. ඉතින් විටක් හරි අරගෙන ශේප් වෙන්න එපැයි. මේ දවස් වල මහ ලොකුවට සල්ලියකුත් නෑ.
විට මුලකුත් අරන් ඒක සාක්කුවට ඔබාගෙන ගිහිල්ල බස් එකට නැග්ග.
ශනුකි ඉඳන් හිටියෙ lovers zone එකේ. ඒ කියන්නෙ අර පිටිපස්සෙන ශීට් එකේ කෙලවරවල් දෙක.
"මොනාද ගත්තෙ. කෝ මුකුත් නෑනෙ"
ඉඳගන්නත් කලින් ප්‍රශ්න අහන්න පටන් ගත්ත.
"නෑ නෑ මේ වෙන දෙයක්"
"සාක්කුවෙ මොනාද තියෙන්නෙ පිම්බිලා. ගන්නව බලන්න එලියට"
"හෙ හේ මුකුත් නෑ ඉති...."
එච්චරයි කියාගන්න හම්බුනේ ශනුකි අත පස්සට ඇදල දැම්ම සාක්කුව ඇතුලට. විට මුලත් අතින් අල්ලන්ම ඇදල ගත්ත එලියට.
"ආ මේ තියෙන්නෙ. ශෝක් වැඩේ. ආපහු මේ ජරාව කන්නෑ"
කියල ශනුකි ඒක ජනේලෙන් එලියට විසි කලා.
බනිනවද හිනාවෙනවද කියල හිතාගන්න බැරුව අසරණ වෙලා බලන් හිටිය මං. යකෝ ආතල් එකක් ගන්න තිබ්බ එකත් විසි කරල දැම්මනෙ එලියට.
පිරිමි ගට් එක අරන් ලොකුවට ලයින් එකක් අල්ලන්න හදනකොටම ශෙනුකි මගෙ අතින් අල්ලගත්ත.
"මම ඔයා බලාපොරොත්තු වෙන ජාතියෙ ආදරණීය කෙල්ලෙක් නොවෙන්න පුලුවන්. ඒ උනාට පිරිමියෙක්ට කියල හිත ගියේ ඔයාට විතරයි. ඒ නිසා ප්ලීස්. මම ඉන්න තැන් වල ඕව මුකුත් කරන්න එපා. මට බෑ ඔයා විනාස වෙනව බලන් ඉන්න"
කලින් ශනුකිගෙ කටේම තිබ්බ උඹ , අඩෝ , අනං මනං gangster වදන් ටික ලෙප්ට්.
ශෙනුකි සිරාවටම ඒක බොක්කෙන්ම හිතිල කිව්ව දෙයක් වගේ දැනුනෙ මට. ඉතින් අර පිරිමි ගට් එක අරන් කියන්න හදපුව cut කරල දාල ශෙනුකිගෙ අතින් අල්ලන් ඇඟිලි පටලවල මුකුත් උන්නෑ වගේ අනිත් පැත්ත බලන් හිටිය.
ශෙනුකිත් තව ටිකක් අත තද කරල අල්ලන් ජනේලෙට ඔලුව තියාගත්තෙ මූණෙ ලාවට හිනාවක් දාගෙන.
බස් එකේ එන ගමන් අපි දෙන්න ආපහු කතා කලේ නෑ. අත් දෙක අල්ලගෙන වටපිට බල බල ආව.
ශෙනුකිත් එක්ක බස් හෝල්ට් එකෙන් බැස්සෙ නිකං affair එකක start එකක් අරන් වගේ. ශනුකිවත් මමවත් මීට කලින් ලව් කරල නෑනෙ. ඉතින් මේ මොන අදියරයද කියල අපි දෙන්නම දැනන් හිටියෙ නෑ.
"ම... මම යනව ශනුකි"
ශනුකි ගාව කලින් තිබ්බ slef confidence එක පොඩ්ඩක් ගිහිල්ල වගේ කටේ සද්දෙ අඩු වෙලා.
"පරිස්සමට යන්න මලිත්. හෙට හම්බෙමු"
තාම හරියට මට situation එක තේරුන්නෑ. ඒත්..... ප්‍රථම ආදරයද මේ......?
මතු සම්බන්ධයි.
Lesson 04
