♡ නුහුරු ඇරයුම් ♡

♡ නුහුරු ඇරයුම් ♡

03

« තුන්වන කොටස »

RL
"ආශාවන් ලෝකයේ සෑම තැනම පැතිරෙමින් පවතී. නමුත් ආදරය එය ආරක්ශිත තැනක් බවට පත් කරයි"
- Ice T -


කලින් කොටසට



එතැන් සිට...


පහුවදා නැගිට්ටෙ මැරිල වගේ. ඕනෙවට එපාවට මැදපු නැති ශර්ට් එකකුත් ගහන් ශෝටකුත් දාන් බස් හෝල්ට් එකට ආව. ශනුකිගෙ ලොකු සීන් උනත් ඒකි මොකක් හරි කරපං කිව්වොත් මම කරනව. ඒ තරන් බයයි.


9ට විනාඩියක් වගේ තියෙද්දි ශනුකිත් ආව රිදී පාට කැටයම් දාපු බෑග් එකකුත් අරන් පොශ් ලයින් එකේ.


"ඉඳකින්. යකෝ හෙන ගහල වගේනෙ උදේ පාන්දර. ඩෙනිමක් වත් දාගනින්කො පිස්ස වගේ එන්නැතුව"


මම


"මම දන්නෑ ඉතින්. කතා කරන්නනෙ එන්න කිව්වෙ"


"හා හා. මේ රුපියල් පනහක් මාරු තියේ නං කාඩ් එකක් ගනින්කො"


"හෙ හේ පර්ස් එක ගෙනාවෙ නෑ"


ශනුකි


"තමුසෙත් අනේ මංද ඕයි. ෆෝන් එක පොඩ්ඩක් දෙනව කෝල් එකක් ගන්න ඕනෙ"


ඊළඟට ෆෝන් එකේ සල්ලි නෑ කියන්න ඉන්න මම


"මේ....."


"ෆෝන් එකෙත් සල්ලි නෑ කියපං දැන්"


"හේ.."


"තමුසෙට කෙල්ලෙක් තියා බල්ලෙක්වත් කැමති වෙන්නැත්තෙ ඔන්න ඕකයි. ලෝන් එකක්වත් දාගන්න විදිහක් නැද්ද"


ලෝන් එකකුත් දාල මාස ගානකින් සල්ලි දැම්මෙ නැති නිසා sim එක සස්පෙන්ඩ් වෙන්න යන්නෙ කියල ඊළඟට කියන්න ඉන්න මම


"ආ ඕන්නෑ ඕන්නෑ. කාඩ් එකක් තියෙනව"


ශනුකි හෑන්ඩ් බෑග් එක ඇදල ගත්තු කාඩ් එක හූරල ෆෝන් එකට සල්ලි දාගෙන කාටද කෝල් එකක් ගත්ත. මොබයිල් ෆෝන් කිව්වට ඒක ටොම්බා සයිස්. නිකං ලෑන්ඩ් ෆෝන් එකක් ගල් රෝලෙන් තලල අරන් හැදුව වගේ.


"මේ රිශී. මම එනව දැන්. අනිත් අයත් එනව නේද."


අනිත් පැත්තෙ කෙනා මොනාද මොනාද කිව්ව.


"ආ හරි හරි. මම අර කියපු boy වත් එක්කන් එනව එහෙනං. love yaa"


පොශ් කෙල්ලොන්ගෙ භාශාව මීටර් නෑ මට තාම. බිකෝස් අපි ගොඩේ කොල්ලො.


"මේ යාලුවො ටිකක් හම්බෙන්න යන්නෙ. වෙන කොල්ලො නං නැති වෙයි. අවුලක් නෑනෙ. එන්න බෑ නං එන්න එපා. තමුසෙ අද ගෙදර ඉඳියොත් අදත් බීල බීල කොහේ හරි වැටෙයි කියල හිතල අරන් යන්නෙ. කන්න බොන්නත් තියෙයි"


අවුලක්ම නෑ.


ටිකකින් බස් එකක් ආව. නවය පහු වෙලා නිසා සෙනඟ නෑ. ඉතින් මම පිටිපස්සෙ ශීට් එකෙන් වාඩි උනා ජනේලෙ ගාවින්. ශනුකිත් මට එහාපැත්තෙන් වාඩි උනා.


"නෙතූ පස්සෙ ඔච්චර යන්නෙ ඇයි. නෙතූ ඔහේ එක්ක වචන විස්සකට වඩා කතා කරලවත් තිබ්බෙ නෑනෙ කලින්."


"එහෙම නෙවේ ඉතින්. කතා කරන්නම ඕන්නෑ පස්සෙන් එන්න"


"අනේ උඹලගෙ රොමෑන්ටික් වදන් තියාගනින්"


මම ශනූ දිහා බලල කතා කලා.


"ඇයි දැන් උඹ මට උදව් කරන්නෙ. උඹට මාව ගොඩයෙක් වගේ පේන්නැද්ද. උඹ හෙන සල්ලිකාරය නෙ"


ශනුකිට හිනා ගියා ඒක කිව්වම.


"ඇයි මොකෝ උඹ හිතන් ඉන්නෙ දුප්පත් කෙල්ලො මාර හොඳයි. උන් තමා අහිංසකම. සල්ලි තියෙන කෙල්ලො හෙන දුශ්ඨයි. උන් වාසියටම එල්ලෙන්න හදනව කියලද. ගොඩේ මිනිහෙක් වෙන්නෙ සල්ලි තියෙනවද වත්කම් තියෙනවද නැද්ද අනුව නෙවේ. තමුසෙල ඔය කෙල්ලොන්ගෙ පසුබිම බලල කැටගරි වලට දාන ගොන් වැඩ නිසා. නෙතූ කියන්නෙ ඉස්කෝලෙ පහසුකම් ගාස්තු ගෙවන්නවත් සල්ලි නැති එකියක්. අර කොල්ලගෙ සල්ලි තමා මේකි වියදම් කරන්නෙ"


ශනුකි ඒක කිව්වට පස්සෙ තමා මට තේරුනේ මම සිරාවටම මෙලෝ දෙයක් දන්නෑ කියල උන් ගැන.


කොහෙන් හරි ඔලුවට දාපු අදහසක් නිසා අපි මිනිස්සුන්ව කැගටරි වලට බෙදන්නෙ ඒ ඒ අයගෙ බාහිර පසුබිම බලල. එතනදි අපි කොච්චර වැරදීද කියල අපිවත් දන්නෑ.


"මේ.. ඊළඟ හෝල්ට් එකෙන් බහිනව"


ශනුකිත් එක්ක බස් එකෙන් බැහැල ටිකක් වෙලා ඉන්නකොට කාර් එකක් නැවැත්තුව ඇවිල්ල. ශනුකිත් හායි හූයි බබී මගුල් ටිකක් ගහල මාවත් නග්ගගත්ත කාර් එකට.


කාර් එක එලවන් ආවෙ අක්ක කෙනෙක්. කිරි ටොයියා කඳ ඉතින්. කොට ටයිඩ් සායකුත් ඇඳන් ඇවිල්ල කකුල් දෙක එලියෙ. මම වටපිට බලන ගමන් ඕකටත් ඇහැ කරකව කරකව ඇවිල්ල කාර් එක නැවැත්තුවම බැස්ස.


කාර් එක නැවැත්තුවෙ දඩ තාප්පයක් ගාව.


"මේ දැන් ගොනා වගේ ඉන්න එපා ඈ. බොන්න තිබ්බොත් බිහං. හැබැයි බේබද්ද වගේ එපා"


ශනුකි ඒක කිව්වම අර අක්කත් හිනා වෙලා මට කතා කලා.


"බොන මූණක් පේන්නෑනෙ. පොඩ්ඩක් බිව්වත් වැඩි වෙනව ඇති."


"අම්මේ ඔව් ඔව්. බෝතලේ අමුවෙන් කටේ තියන් ගහන්නෙ මූ"


ශනුකිගෙ වර්ණනාවෙන් පස්සෙ මගේ personality එක ලෙප්ට්.


personality කියන්නෙ තත්වයද ගැම්මද කියල දන්නැති මම


ශනුකියි මාවත් ඇදගෙන අර අක්ක පිටිපස්සෙන් ගිහින් ගෙදරකට ගොඩ උනා. තට්ටු දෙකේ නෝමල් ලොකු ගෙයක්. තව කෙල්ලො දෙන්නෙක් හිටිය. අක්කල වගේ පෙනුමෙන් නං.


"හලෝ රිශී..... හලෝ චනූ... බ්ලා බ්ලා බ්ලා....."


කෙල්ලො දෙන්නෙක් කාලෙකින් හම්බුනාම වක්කඩට බෝම්බයක් ගැහුව වගේනෙ. කච කචේ කියවල ඉවර වෙලා මාව අඳුන්නල දුන්න.


"රිශී.... චනූ... මේ ඉන්නෙ මම අර කියපු බෝයි. මලිත් මේ ඉන්නෙ රිශිතා. මේ චනුදි. අපිට වඩා අවුරුද්දක් බාලයි"


මල හත්තිලව්වයි. නංගිලද යකෝ මේ. ඇන්ටිල වගේනෙ.


මම සාක්කුවට අතකුත් දාන් රියල් ජෙන්ටල්මන් වගේ හිනාවකින් සංග්‍රහ කලා.


ඒගොල්ලො කතා බහ කරගන්නකං මං සෝෆ එකෙන් වාඩි වෙලා හිටිය. මුන් කෑගහනව ඇතුලෙ දෝංකාරෙ දෙනව.


ටිකකින් ශනුකි ඇවිල්ල මට එන්න කියල ඔලුව වැනුව. මං එයා ළඟට ගියා.


"කනවනං කාල බොනවනං බීල ඔය ඉස්සරහ කාමරෙන් ඉන්න. නිදාගන්නව නං ඇඳෙන් ඉන්න. හවස් වෙලා යන්නෙ මම. දැන්ම යන්න ඕන්නං අක්කට කියන්නං ගෙදෙට්ට ගිහින් දාන්න කියල"


"නෑ අවුලක් නෑ මං ඉන්නං. ගෙදර ගිහින් කරන්න දේකුත් නෑනෙ"


"good boy"


නෝටි උනත් මන්චි නයිස් කිව්වලු.


කෑම මේසෙ දැක්කම මම ගත්තු තීරණේ 100%ක් නිවැරදී කියල ඔප්පු උනා. ශනුකි ඇවිල්ල ඩිකැන්ටරේ ඇරල පෙන්නුවම මම ගත්ත තීරණේ 200%ක් නිවැරදී කියල ඔප්පු උනා. බඩ පැලෙන්න කාල කාල රතු ලේබල් එකකුයි කෝප්පෙකුයි අරන් මම අර කිව්ව කාමරේට ගිහින් හිතේ හැටියට ගැහුව ටීවි එකත් බල බල.


ටිකකින් නිදිමතක් ආපු නිසා එහෙම්ම ඇඳට වැටුන වැටුනමයි ආපහු ඇහැරෙනකංම ඇහැරුන්නෑ කියහංකො.


ආපහු ඇහැරෙද්දි ඇඟම රිදෙන්න ගත්ත පොල්ලෙන් ගැහුව වගේ. බඩු වැඩිද මංද. ඇහැරුනාට සිහිය ලෙප්ට්. හීනෙන් වගේ තේරුනා කවුරු හරි මගෙ ඔලුව අතගානව කියල.


"උඹ තාම ඇහුවෙ නැද්ද ඉතින්"


කටහඬක් ඇහෙනව පිටිපස්සෙන්. මගෙ ඔලුව අතගාන කෙනා කතා කලා ඊට පස්සෙ.


"එහෙම අහතෑකිද බං අක්කෙ. අනික මට නං බෑ නිදහසේ ඉන්න තියෙන කාලෙ නීති වලට කොටු වෙලා ඉන්න."


"ඉතින් මූ එහෙම එකෙක් නෙවේ කියල උඹමනෙ කිව්වෙ. උඹ කිව්වෙ මූ උඹට පට්ට බයයි කියල"


"ඒක තමා මට බැරි. එතකොට මම නිකං control කරනව වගේනෙ"


එතකොටම දොරට තට්ටු කරල තව කෙනෙක් කතා කලා.


"අපි එන්නද ශනූ අක්කෙ"


"වරෙන් බං. උඹලගෙ ගෙදර මගෙන් අහන්න ඕන්නෑ"


හතර දෙනාම කාමරේ ඉන්නව වගේ. ශනුකි මගෙ ඔලුව ඔඩොක්කුවෙන් තියන් මගෙ ඔලුව අතගානව. අර අක්ක ඇඳේ අනිත් පැත්තෙ ඉඳන් ඉන්නව. නංගිල දෙන්න දැන් ඇතුලට ආවෙ. මම ඇහැරිලා උනත් සනීපෙට ඔලුව අතගාන නිසා එහෙම්ම ඉඳිය.


"අයිය පව් නේ අක්කෙ"


"හම්ම්. තාම ලෝකෙ ගැන හරි හැටි තේරුමක් නෑ. ආතල් එකේ කල්ලි ගැහිල හිටියට තාම තියෙන්නෙ පොඩි එකෙක්ගෙ මානසිකත්වයක්. නෙතූ කතා කලාට පස්සෙ ඊයෙ මූණ වෙනස් උන හැටියට මට බය හිතුන මොකක් හරි කරගනීවත්ද කියල"


"අක්කගෙ හිත ගිය පොඩි එකානෙ ඉතින්"

කියල අර නංගිල දෙන්න හිනා වෙන්න ගත්ත.


"කටවහන් හිටින් බං"


"ශනූ. මම නං කියන්නෙ කොල්ලට කියහං කියල. තව නාස්ති වෙන්න නොදී හදාගනින්. මූ උඹ කියන එක අහනවනෙ."


"හම්ම්. බලමුකො ඉස්සරහට. දැන් මේකව ඇහැරවගන්න එපැයි."


"ඇහැරවන්න ඕන්නෑ. තව ටිකකින් යන්න. නංගි ඉන්නකො ඔහොම්ම පොඩ්ඩක් වෙලා. ඕන්නං අද රෑ මෙහෙන් ඉන්න. අපේ අම්මලත් අද එන්නෑ"

කියාගෙන අර අක්ක අනිත් නංගිල දෙන්නවත් අරන් මාවයි ශනුකිවයි කාමරෙන් තියල ගියා.


ශනුකි මගෙ කොණ්ඩෙ අස්සෙන් අත දාල කොණ්ඩෙ පැත්තට පැත්තට පීරන්න ගත්ත. අනිත් අතින් මගෙ කම්මුලකින් අල්ල ඔලුව තව උඩට ගත්ත.


වෙරිත් බහිනව ඒ ඔලුව අතගාන විදිහට.


"මේ ඕයි නැගිටල නං ඉන්නෙ අයින් වෙනව"


හුටා. ශනුකි දැනගෙනවත්ද. මම ඇස් දෙක ශේපට ඇරල ශනුකිගෙ මූණ දිහා බලල හිනා උනා.


"කෝමද දැනගත්තෙ"


"කූඩාරම ගහගෙන කියල දැක්කට පස්සෙ" කියල මගෙ කලිසම දිහාට ඔලුව දික් කලා.


මල කෙලියයි. ටෙන්ට් එක වැදිල ඒ ටිකට. මම සැනික දඩි පඩි ගාල නැගිටල ඉඳගත්ත ඇඳෙන්. ඔලුව ඒත් පොඩ්ඩක් කැරකෙනව වගේ. ශනුකිත් නැගිට්ට ඇඳෙන්.


"ගෙදර යනවද දැන්. යන්න පුලුවන්ද ඔහොම. ඕන්නං ඉමු මෙහෙන් අද. කෝල් එකක් දාල ලකීට කියන්න. ගෙදර ගිහින් කරන්න වැඩකුත් නෑනෙ"


මෙහෙ ඉඳියොත් රෑටත් කාල තව පොඩ්ඩක් කාලක්‍රියා කරතෑකි ඉතින්.


"ඉන්නව නං ඉමු"


"වැනෙන උත්තර දෙන්න එපා ඕයි. ඉමුද එහෙනං. මටත් අද බෝඩිමට යන්න තරන් මූඩ් එකක් නෑ"


මම හා කියන්න ඔලුව වැනුව.


"ශ.... ශනුකි...."


"ඕ කියන්න..."


"ඇ..... ඇයි අර අක්ක කිව්වෙ මාව හ... හදාගන්න කියල. ම... මට මොකක්ද කියන්න තියෙනව කිව්වෙ"


ශනුකි බිම බලං ලොකු හුස්මක් අරන් පහල දාල ඇඳෙන් වාඩි උනා ආපහු.


ඊට පස්සෙ ශනුකි මං දිහා බලල කතා කලා.


"මතකද මම ඒලෙවල් වලට ඉස්කෝලෙට ආපු දවසෙ මට වෙච්ච දේ....."


මතු සම්බන්ධයි.



Lesson 03

Report Page