විරාග හෝරාව

විරාග හෝරාව

11

~ එකොළොස්වෙනි කොටස ~

RL
මතකනෙ. සෙනූට ගහපු නිසා ඊයෙ අපි දෙන්න අතර පොඩි අවුලක් ගියා. ඒත් ගෙදර ගිහිල්ල පළවෙනි පාරට අපි දෙන්න එකතු උනා. ශෙහානය ඒ අස්සෙ කතා කලා උගෙ අලුත් කෑල්ල එක්ක ඩේට් එකකට යන්න


කලින් කොටසට



එතැන් සිට...


"ඉක්මනට එනව මෝඩියෙ. පහටත් කිට්ටුයි"


"ඉන්න අනේ ඉතින්. පිහිදාගෙන එන්නං....."


ශෙහානයයි උගෙ කෑල්ලයි එක්ක ඩේට් එකකට යන්න මමයි සෙනූයි ලෑස්ති උනා ඔෆිස් ඇරිල ගෙදර ආපු ගමන්. සෙනූ වොශ් දාන්න ගියාම හැටපැයක් යනව ඉතින්.


සෙනූ වොශ් දාන් ඉවර වෙලා ටවල් එකත් ඇඳගෙන කාමරේට ආව.


"ටවල් එක ඇයි මේ"


"මම ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලෙක් හරිද"


සෙනූ ඒක කියපු ගමන් මං ටවල් එක කඩල අතට අරන් රාක්කෙට විසි කලා.


"ඒයි...."


"මෙහෙ එනව ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලව ඉඹින්න"

කියල මම සෙනූව ඇදල අරන් බෙල්ලට කිස් එකක් දුන්න.


"ලෑස්ති වෙමූ..... ගෙදර ආවට පස්සෙ.. හානෙ...."


සෙනූ ඒක කියද්දි සෙනූගෙ ඇස් දිලිසුන විදිහට සෙනූත් ඉවසිල්ලක් නැතුව වගේ ඉන්නෙ. ඊයෙ හවස ඉඳන් නිදාගන්නකං හරියට වැඩ තිබ්බ අපි දෙන්නට ඉතින්.


සෙනූ ඇන්දෙ ටිකක් කොට mini frock එකක්. මමනෙ දැන් එයාට ඇඳුම් තෝරන්නෙ. ඉතින් ටිකක් කොටට තමා එයාට අඳින්න වෙන්නෙ.


පහයි කාල වෙනකොටම වගේ ශෙහානය ආව දේවින්දි මිස් එක්ක ගෙදෙට්ට. ශෙහානයයි දේවින්දි මිසුයි හැසිරුනේ නිකං කාලයක් තිස්සෙ ලව් කරපු ජෝඩුවක් වගේ. මටයි සෙනූටයිත් හිතා ගන්න බැරි උනා කොහොමද මේක උනේ කියල.


"හො හෝ. මේ ඉන්නෙ ෆේමස් කපල් එක. දෙව් මේ ඉන්නෙ ඉශාර. මගෙ ලොක්ක. මේ ඉන්නෙ සෙනුදි. සෙනුදි , ඉශාර මේ ඉන්නෙ දේවින්දි"


එකම කම්පැනියෙ තුන් දෙනාව එකිනෙකාට හඳුන්වල දෙන ශෙහානය දිහා බලන් ඉන්න මමයි සෙනූයි දේවින්දි මිසුයි.


"එහෙනං යමු. මමයි දෙව්යි තැනක් බැලුව. එතනට යන්න කලින් ශොපින් පාරකුත් දාමු ඕන්නං"


සෙනූයි දේවින්දි මිසුයි දෙන්නම ශොපින් කියපු ගමන් උඩ පනින්න ගත්ත.


මමත් පර්ස් එකේ තිබ්බ දාහෙ කොල හයට සුභ ගමන් කියාගෙනම කාර් එකට නැග්ග.


කාර් එක එලෙව්වෙ දේවින්දි මිස්. ශෙහානය එක්ක මිස් මෙච්චර ළං උනේ ඇයි කියන එක එලවන විදිහෙන්ම තේරුනා මට.


දේවින්දි මිස් පාරෙ යන්නෙ ශෙහානය කාලයක් ත්‍රීව වීල් එකේ ගියා වගේ. ඌ සමහර තැන් වල ඉස්සර කරන්න රෝද දෙකෙන් ගිය වෙලාවලුත් තිබ්බ. ඒ දෙන්න ඉස්සරහ ආතල් ගන්න අතරෙ මමයි සෙනුයි අතින් අල්ලගත්තෙ අපි දෙන්න මාරක ගමනක් යනව කියල හිතාගෙන.


ඕෆ් රෝඩ් රයිඩ් එකෙන් පස්සෙ ඇඳුම් අනං මනං අරන් රටේ නැති මගුල් වලට වියදම් කරල අන්තිමට රෙස්ටුරන්ට් එකකට ආව. කන බොන සීන් වලදි ශෙහානය එක්ක එනව කියන්නෙ ඇප නැති වෙන වැඩක්. ඒත් ඌ ගානෙ නිසා අපිට අවුලක් උනේ නෑ.


දේවින්දියි සෙනුයි කතා කර කර ඉන්න අතරෙ මම ශෙහානයව එලියට එක්කන් ආව.


"මොකෝ බං ඉස්ස. උඹ අද දවසම බය වෙලා වගේ නිකං"


"පොඩි දෙයක් කියන්න තියෙනව මට"


"කියහං ඉතින්"


මම මගෙ කලිසම් සාක්කුවට අත දාල ඒකෙ තිබ්බ පොඩි පෙට්ටිය අරන් ශෙහානයට ඇරල පෙන්නුවා.


"අඩෝ...... යමං. මම ඕඩියන්ස් එක හදල දෙන්නං"


"මෙ.... බෑ කියයිද බං. තාම මාස දෙකක්වත් නෑ"


"බෑ කියන්නෑ බං. උඹ අහපංකො. උඹල දෙන්න තරං ගැලපෙන ජෝඩුවක් දැක්කෙම නෑ මං"


ශෙහානය මොරාල් එක නග්ගන්නද මංද දඩ ටෝක් ටිකක් කියාගෙන කියාගෙන ගියා.


ඌ එක්ක ආපහු අපේ ටේබල් එකට ආවට පස්සෙ මිනිහ උගෙ වීදුරු කෝප්පෙ අරන් නැගිටල ගෑරැප්පුවෙන් ඒකට තට්ටු කලා.


රෙස්ටුරන්ට් එකේ තව දෙතුන් දෙනයි හිටියෙත්. වේටර්ල දෙනයි ඒ සෙට් එකයි අපි දිහා බැලුව.


"ඉස්සා. අහපං" කියල ශෙහානය වාඩි උනා.


සෙනූට තාම මීටර් නෑ.


"මොකක්ද අයියෙ. අනේ මටත් කියන්නකො"


මම පුටුවෙන් නැගිටල මේසෙ වටෙන් ගිහිල්ල සෙනූ ගාව එක කකුලක් දණ ගහල පාත් උනා. සාක්කුවට අත දාන්නත් කලින්ම ශෙහානය උගෙ ෆෝන් එක අරන් රෙකෝඩ් කරන්න පටන් ගත්ත.


කලින් මෙතුනි ගාව උන වැඩේ වෙයිද කියන සැකෙත් එක්කම මම සාක්කුවෙන් ඒ පොඩි පෙට්ටිය අරන් සෙනූ ට පේන්නම ඇරිය.


"සෙ...... සෙනුදි මාරවිල. ඔ...."


වාක්‍ය කියන්නත් කලින්ම සෙනූ කඳුලු පිරීගෙන එන ඇස් වලින් මං දිහා බලන් මට අත දික් කරල ඔලුව පහලට කරල 'ඔව්' කිව්ව.


මමත් පෙට්ටිය ඇතුලෙ තිබ්බ මුද්ද අරන් සෙනූගෙ ඇඟිල්ලට දානකොට එතන හිටපු කීප දෙනා පොඩියට අත්පුඩි පාරක් ගැහුව.


මම නැගිට්ටට පස්සෙ සෙනූ මගෙ පපුවට තුරුල් උනේ අපි දෙන්නම එකතු උනා කියන හැඟීම මට දීගෙනම.


දේවින්දි මිසුයි ශෙහානයයි එක්ක එතන කතා කර කර ඉඳල අන්තිමට අපි ගෙදර ආව.


"එහෙනං ජෝඩුවටම සුභම වේවා" කියාගෙන ශෙහානය දේවින්දි මිස් එක්ක ආපහු ගියා.


"අ.... අයියෙ"


"ම්ම්ම්ම්ම්ම්ම්ම්"


සෙනූ පොඩි කෙල්ලෙක් වගේ හුරතල් හිනාවක් දාගෙන මගෙ ඇඟේ එල්ලිලා ඉන්නව.


"අම්මලට කිව්වද අයියෙ"


"මම ඊයෙ රෑ අම්මට කිව්ව"


සෙනූ මගෙ අත අතෑරල මගෙ කර වටේ අත් දෙක දාගෙන ඉස්සුන නිසා මම සෙනූව එහෙම්ම වඩාගත්ත.


"අයියව මම බලාගන්නං අයියෙ. අයියට මුකුත් වෙන්න දෙන්නෑ මං"

කියල සෙනූ මාව කිස් කලා.


සෙනූයි මායි නාල කරල ඇඳට ආවම සෙනූ මට එයාගෙ ෆෝන් එක පෙන්නල,

"අර මෝඩයගෙ වැඩ" කිව්ව.


ෆෝන් එක අරන් බැලුවම මූ ටයිටැනික් සිංදුවට එඩිට් කරල යුග දිවි එළඹුණ අලුත් ජෝඩුව කියල කැප්ශන් එකක් දාල.


දැන් ඉතින් ගිලිල්ලක් තමා තියෙන්නෙ ටයිටැනික් වගේ.


සැකේට comment ටික බල බල යනකොට හොයපු comment එක හම්බුනා.


අප්පච්චි අද මැසේජ් එකකුත් එක්කම ස්ටිකරයක් දාල.


'බැන්දම තේරෙයි ලොකු මහත්තයට කුස්සියෙ රඟේ'


අම්ම දැක්ක නං එහෙම මේක, අප්පච්චිට අපේ ගෙදරිනුත් යන්න වෙනව.


"අන්කල් මරු නේ අයියෙ"


"අන්කල් නෙවේනෙ දැන්"


සෙනූ කට අතින් වහන් හිනා උනා.


"සෙනූ. මගෙ හිතේ ලොකූ ප්‍රශ්නයක් තියෙනව දැන් ටික වෙලාවක ඉඳල."


"ඒ මොක්කද අයියෙ"


"අපි දැන් හනිමූන් එකේ මොකෝ කරන්නෙ. අලුත් දෙයක් නෑනෙ"


සෙනූ


මතු සම්බන්ධයි...

Report Page