විරාග හෝරාව
09~ නවවන කොටස ~

මතකනෙ ඉතින්. ආයතනෙ තෑගි ප්‍රධානෝත්සවයට අපිට කැපිල්ල ආපු නිසා අපි දරුණු ප්ලෑනක් ගැහුව. කිව්වෙ නෑනෙ ප්ලෑන් එක කලින්. දැන් බලන්නකො.
එතැන් සිට...
ශෙහානය පටන් ගත්ත රබන් ගහන්න. මමත් මයික් එක හදාගෙන සෙට් උනා.
"ආයුබොවන් මෙතැන සිටින ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන්...
කොම්පැනියේ ගොසිප් හොඳට තියෙනව අද නේද නුවන්..."
නුවන් කියන්නෙ අපේ කම්පැනි එකේ ඉන්න පත්තරේ. හැම කුණු ගොඩක්ම අවුස්සන පට්ට චීත්තයක්.
"ඉතිහාසයෙ ප්‍රථම වරට විමර්ශනෙන් රංගනයක්...
හොර වැඩ කැත වැඩ ගොන් වැඩ ඔක්කොම එලි වෙන දවසක්"
ප්ලෑන් එක මේකයි අපේ. විමර්ශන අංශෙ හැටියට කම්පැනි එකේම වෙන හොර වැඩ අවැඩ සේරම අද හැමෝම ඉන්න තැන හෙන ගහනව වගේ කියනව. සැර බාල කරන්නයි ආතල් එකක් දෙන්නයි නිසා අපි තොරණ් කවි තාලෙට කියන්නෙ රබානකුත් ගගහ.
"ආයතනයෙ ලොක්කන් දෙන්නෙක් ඉන්නව අද මෙතැනා...
සුනිල් බොසයි පද්මි මිසුයි ඔබ ගැන මේ ගුණ වරුනා..."
"පද්මි මිස්ගෙ කාමරේට සුනිල් බොසා සැපත් වෙනව...
පැයක් විතර සර සර හඬ කාමරෙ ඇතුලෙන් ඇහෙනව"
ඒක කිව්ව විතරයි හෝල් එකම සයිලන්ට් උනා. හෙඩ් ඔෆිස් එකේ ඉන්න උන් මේව දන්නෑ. අපේ උන් දැනගත්තත් කටවල් හොල්ලන්නෑ බය නිසා.
"රසෝ මිස්ගෙ පුන්චි පුතා ලැමිනේටින් මැශිම කැඩුව...
ඒ වැරැද්ද අර අසරණ අබේ මාම පිට පැටෙව්ව"
රසෝ මිස් ඉස්සරහම පේලියෙ හිටියෙ. දෙපැත්තෙ හිටපු හෙඩ් ඔෆිස් එකේ සර්ල දෙන්න කණ්නාඩියත් පාත් කරල එහෙම බැලුව මිස් දිහා. මිස්ගෙ පොඩි එකා දවසක් ලැමිනේටින් මැශිමට බිබී හිටපු බීම එක වත් කලා. ඒක එයාලගෙම බ්‍රාන්ච් එකේ ඉන්න අබේ මාම පිටින් යවල සේප් උනා.
මගෙ කවි ටික සෙට් වෙන්නැති නිසාද මංද ශේහානය මට රබාන දීල ඌ මයික් එක අරන් කියන්න ගත්ත.
"ට්‍රාන්ස්පෝට් එකේ ඉන්න පරණ පොරක් ගුණතිලකය...
සල්ලි වලට ඕනෙ දෙයක් කරයි ඕකා ගං කබරය..."
"මාස තුනක විතර තිස්සෙ බඩු තොග ටික මිසින් උනා...
ගුණතිලකගෙ මැජික් නිසා ආයතනෙට පාඩු උනා..."
ශෙහානය මට වඩා බය සැක නැතුව කෙලල අරිනව. ගුණතිලකය කම්පැනි ස්ටොක් වෙනස් කර කර ඌ විකුණල සල්ලි ගන්නව.
"ආයතනෙන් හම්බෙන ඒ ලොකු කප් එක ගන්න...
කීර්තී සර් ගහපු ගේම් පට්ටයි දැනගන්න..."
"පරිපාලන අංශෙ ඉන්න කීර්ති සර් ගැම්ම බොසා...
බොරු වාර්ත හද හද ලොක්කට දුන්නලු කොලය වසා..."
කීර්ති ලොක්ක කලේ වෙනමම වැඩක්. මිනිහ ජීවිතේට වෙච්ච නැති සිද්දි ගැන ලොක්කට රිපෝට් හද හද යැව්ව ලකුණු දාගන්න.
"එලොවත් නැති මෙලොවත් නැති මිනිහෙකි අර සුමුදු මාම...
බී අකුරයි ඩී අකුරයි පැටලෙන එක වෙනව තාම..."
"මිනිහගෙ ගොන් මරි මොංගල් බූරු හිවල් වැඩක් නිසා...
තව ඩිංගෙන් කෙලවෙනවා කම්පැනියේ නමට බොසා..."
ශෙහානය ගානට කියන් යන නිසා මම දිගටම උට දුන්න.
අපි එක එකා ගැන කිය කිය එන නිසාද කොහෙද දෙවනි පේලියෙ හිටපු රත්නෙ සර් නැගිටල යන්න හැදුව. මිනිහ කරන්නෙම ගොන් වැඩ නිසා හැමෝම මිනිහට කිව්වෙ මෝලා කියල.
ශෙහානයට තට්ටුවක් දාල මිනිහව පෙන්නුව මං.
"කොහෙද යන්නෙ රත්නෙ සර්.. අහමුද රස කතා ටිකක්...
රත්නෙ සර්ගෙ ගොන් වැඩ ටික දන්නව ඇති මෙතන හුඟක්..."
"එක පාරක් ඔෆිස් එකේ ගින්නක් ඇති උන වෙලාවෙ...
මේ යෝධය ඒකට පොල්තෙල් දැම්මලු හත්වලාමෙ..."
"ආදරේට අපි මිනිහට කියනව මෝලා...
ඌගෙ පුතත් මේ වගේම ඌ ස්මෝලා...(small)"
අපේ බොසා මේව අහ අහ ඉස්සරහටම වෙලා හිනා වෙනව. බොසාට මේව වෙන කොහෙන්වත් ආරංචි වෙන්නෑ මෙහෙම ඇහුවොත් මිසක්. හෙඩ් ඔෆිස් එකේ සෙට් එකත් ඉන්න නිසා උනුත් දැනගන්නවනෙ දැන්.
"රියදුරු මහතුන් පස් දෙන දවල් තිස්සෙ කාමරේ...
දුමක් දදා කයිය ගහනවා සිනහා සාගරේ..."
"දුම මදිලූ කපිල මාම පන්දහකට බෝතලේ...
අරන් ඇවිත් පස් දෙනාම කෙලිනව රැකියා කැලේ..."
ඩ්‍රයිවර්ල සෙට් එකම දවල් තිස්සෙ බීගෙන දඟලනව. ඉතින් ලොරිය එලවන්නත් පිටින් එකෙක්ව හයර් කරන්න ඕනෙ.
"ගත සිසිලන හිත නලවන අයේශ මිස් ගේ කැටයම්...
නයි නැටවෙන ඇස් හෙල්ලෙන නුසුදුසු ඇගෙ නොමන ඇඳුම්"
අයේශ මිස් කියන්නෙ මෙලෝ වැඩක් නැතුව දවසම බිල්ඩිම පුරා තැන් තැන් වල ඉඳන් පොටෝ ගහන එක්කෙනෙක්. ඉතින් ඇඳන් එන්නෙත් ඔෆිස් එකකට සුදුසු ඇඳුම් නෙවේ.
ශෙහානය ඊළඟ එක කියන්නත් කලින්ම announce කරන එකා ඇවිල්ල කිව්ව දැන් නවත්තන්න කියල. බොසාට කතා කරන්න ඕනෙලු අපිට.
ඉතින් මමයි ශෙහානයයි ඕඩියන්ස් එකට සමුදීල බහිනකොට ලොකු ලොකු ලොක්කො ඇරෙන්න හරියට වැඩේ කරන පොඩි පොඩි සේවකයො ටික මහ හයියෙන් විසිල් ගගහ සප් එක දුන්න අපිට.
ස්ටේජ් එකෙන් බැහැපු ගමන් බොසා අපිවත් එක්කන් බොසාගෙ ඔෆිස් එකට ගියා.
"උඹලත් මරු වැඩ බං කරන්නෙ. රෙදිත් නෑ අරුන්ට"
"ජොබ් එක සර් කලේ ඉතින්"
"නියමයි ඉශාර. තවත් මොනා බලාපොරොත්තු වෙන්නද ඉතින් උඹලගෙන්. උදව්වක් ඕනෙ මට දැන්"
"කියන්න සර්"
"කම්පැනියෙ ඒ වෙන හැම දේම ෆුල් රිපෝට් එකක් හදල මට එවන්න. මේක ඇතුලෙ පොඩ්ඩක් wrong side යන කීප දෙනෙක් ඉන්නව. දැන් මට හොඳටම තහවුරුයි ඒක. ඉශාරට පුලුවන් ද ඒ දේ කරන්න"
"අපේ ජොබ් එකනෙ සර්. අනිද්දට රිපෝට් එක ලැබෙන්න සලස්සන්නං"
"බොහොම හොඳයි. දැන් මූණ කට හෝදන් එන්න හෝල් එකට. මටත් දෙන්න දෙයක් තියෙනව ඔයාලට."
බොසාගෙ රූම් එකෙන් ඇවිල්ල මමයි ශෙහානයයි කයියක් ගහගෙනම අපේ ඔෆිස් එකට ආව. අනිත් හතර දෙනත් ඇවිල්ල.
සෙනූ මාව දැක්ක ගමන් මං ළඟට ඇවිල්ල කෝට් එක ගලවල එයාගෙ වතුර බෝතලේ දුන්න.
"කට්ටියම දැං යන්. ලොක්ක එන්න කිව්ව හෝල් එකට අපිට."
"අයියෙ.... නෑ මේ සර්..."
"ම්ම්ම්ම්ම්"
"අ... අයියට පු... පුලුවන්ද මට උදව්වක් කරන්න."
"කියන්න සෙනූ"
"ම... මගෙ යා... යාලුවෙක්ට රස්සාවක් හොයනව. අ... අයියට පුලුවන් ද එයාට උදව් කරන්න"
"ආ මං හොයල දෙන්නං සෙනූ. එන්න දැන් යං හෝල් එකට"
සේනුවත් එක්කන් මම අනිත් අයත් එක්ක මේන් හෝල් එකට ආව. award ceremony එක පටන්.
කුසලාන බෙදාගෙන බෙදාගෙන ගිහිල්ල අන්තිමට ආයතනයේ හොඳම අංශයට nominate වෙච්ච ටික කිව්ව. විමර්ශන අංශෙත් තිබ්බ. අපේ බොසා තමා කුසලානෙ තියන් හිටියෙ.
announce කරන එකත් කතා කලා ඊට පස්සෙ.
"අවසන් වසර දෙක තුළ ආයතනයේ මදක් පසුබෑමට ලක් උන අංශයක්. විවිධ අක්‍රමිකතා නිසා ආයතනයෙන්ම ඈත් උන අංශයක්. ඒ උනත්... නව තරුණ සවියක් නිසා මෙවර ආයතනික වාර්ශික උලෙලේ මේ වසරේ හොඳම අංශය ලෙසට සම්මාන ලබන්නේ ඉශාර ජයකොඩි විසින් මෙහෙයවනු ලබන ආයතනික විමර්ශන අංශයයි......."
අත්පුඩි විසිල් මැද්දෙ මාවත් පස්සට දාල ශෙහානය carry ය වගේ ස්ටේජ් එකට නැග්ග. අනිත් අයත් නැග්ගට පස්සෙ මම ගිහිල්ල කුසලානෙත් අරන් පොටෝ එකටත් හිනාව දැම්ම.
පොටෝ එක ගහපු ගමන් ශෙහානය උගෙ අප්පගෙ බූදලේ වගේ කුසලානෙ අරන් හෝල් එකටම පේන්න උස්ස උස්ස දැඟලුව.
හෝල් එකෙන් එලියට ඇවිල්ල ඔෆිස් එකට යන ගමන් මීටර් උනා සෙනූ කලින් කියපු දේ.
"අහ්... මේ සෙනූ... අර කවුද ඉන්නව කිව්වෙ."
"අ... අයියෙ"
"අර රස්සාවක් හොයල දෙන්න පුලුවන්ද ඇහුවෙ. මොන වගේ ඩයල් එකක්ද. සෙනූගෙ නෑදෑයෙක්ද. නැත්තං යාලුවෙක්ද"
සෙනූ මං දිහා අසරන වෙලා වගේ මූණ රතු කරන් බලන් හිටිය. ඇස් දෙකේ කඳුලුත් පිරෙන්න වගේ.
"අ.... අයියෙ. ඒ..... ම.... මගෙ.. කලින්..... බෝයි....ෆ්රෙ"
සෙනූ ඒක කියල ඉවර වෙන්නත් කලින් මගෙ අත ගියේ සෙනූගෙ කම්මුලට.
චටාස්.....
සෙනුදිගෙ කතාව ඊළඟ කොටසින්....
මතු සම්බන්ධයි...