විරාග හෝරාව
08~ අටවන කොටස ~

මතකනෙ. සෙනූ එක්ක බීච් ගිහිල්ල හෝටලෙන් රෑටත් කාල අපි ගෙදර ආව. සෙනූයි මමයි පොටෝ එකකුත් ගහල fb දැම්ම.
එතැන් සිට...
"හො හෝ.... නයිස් කපල් පොටෝ යස්ටර්ඩේ...."
බ්‍රාන්ච් එක ඇතුලට එනකොටම ශෙහානය කෑ ගහගෙන ආව මමයි සෙනුයි ලඟට.
"මම කිව්වනෙ ඉස්සා. කෙල්ලො කැමති ඒ වගේ කෙලින් වැඩ කරල බය සැක නැතුව තමන්ගෙ සම්බන්ධෙ ලෝකෙටම පෙන්නන කොල්ලොන්ට"
"තමුසෙගෙන් නං ආපහු උපදෙස් ගන්නෑ මං. ඒ නිසා දැන් ගිහින් වැඩ කරහං"
ඊයෙ fb දාපු පොටෝ එක නිසා අපේ ඩිපාට්මන්ට් එකම වගේ මමයි සෙනුයි ගැන දැනගෙන. සුභ පැතුම් අනං මනං සෑහෙන ආව උදේ බිල්ඩිමට එනකොටම.
"අඩෝ අඩෝ ඒක.... ඕයි ඕයි"
වැඩ කර කර ඉන්න ගමන් ඔෆිස් එක පැත්තෙන් මහ හයියෙන් කෑගහනව ඇහුන නිසා වීදුරුවෙන් එලිය බලනකොට දැක්කෙ ශෙහානය ටීවි එකේ මොකක්ද ෆිල්ම් එකක් බලනව හෝ ගාල. අනිත් සෙට් එකත් කට ඇරන් බලන් ඉන්නව.
මමත් වැඩ කර කර හිටපු ෆයිල් එක අරන් කාමරෙන් එලියට ඇවිල්ල සෙනූගෙ මේසෙන් වාඩි වෙලා ටීවි එක දිහා බැලුව.
"හම්මට සිරි ඉස්සා. මං හිතුව බනී කියල. වැඩ කරන ගමන් බලමු. එලනෙ"
ශෙහානය මගෙන් අවුලක් නෑ වගේ පෙනුන නිසාද කොහෙද කියල ඇරිය.
"බනින්නෑ. වැඩත් කරහං"
සෙට් එකම ෆිල්ම් එකත් බල බල වැඩ කලා. ලොක්කගෙන් අපිට ප්‍රසංශාත් හම්බුනා විමර්ශන අංශෙ වැඩ ටික සෑහෙන හොඳට කරන් යනවට. ඊළඟ පාර company award ceremony එකට විමර්ශන අංශෙ 1st place ගස්සවන්න ඕනි නිසා මටත් තිබ්බ අපේ උන්ට නීති දාල තදට ඉන්න. ඒ උනාට මෙතන ඉන්න උන්ට වැඩ කරන තැන අපායක් කරන්න ඕන්නෑනෙ බොරුවට. ඒ නිසයි මම පුලුවන් උපරිම නිදහස දීල වැඩ කරවන්නෙ.
ලන්ච් එකට කට්ටියම කන්න යන්න ලෑස්ති වෙනකොට ශෙහානය උගෙ මේසෙ උඩට නැගල අපිට කතා කලා.
"මා ප්‍රිය මිතුර මිතුරියනි රසික රසිකාවියනි. හැමෝම දන්නව ඇති ලබන සතියෙ අපේ කම්පැනි එකේ වාර්ශික ප්‍රසංගයට සමගාමීව ත්‍යාග ප්‍රධානෝත්සවයක් තියෙනව. අන්න ඒකට අපේ අංශෙන් ඉදිරිපත් කරන දේ ගැන කතා කරගන්න ඕනි නිසා අපි අද ලන්ච් එක ගන්නෙ වෙනමම තැනක. කවුද එන්නෙ මාත් එක්ක වැඩේට සෙට් වෙන්න"
කියල ශෙහානය අත උඩ දාන් බලන් හිටිය කට්ටිය අත් උස්සනකං.
හැමෝම අත උස්සන්නැතුව අසරණ වෙලා වගේ මගෙ දිහා බලන් හිටිය නිසා මම අත ඉස්සුව. මං උස්සපු ගමන් අනිත් පස් දෙනත් අත් ඉස්සුව.
"බොහොම හොඳ තීරණයක් ලොක්ක. අපි ප්ලෑන් කරන්න ඕනෙ මීට කලින් කිසිම කෙනෙක් නොකරපු දෙයක්. මගෙ අයිඩියා එකක් තියෙනව. හැබැයි ඒකට අවශ්‍ය වෙනව හොඳ කවි ලියන්න දන්න කෙනෙක් , කවි කියන්න දන්න කෙනෙක් , රබානක් ගහන්න දන්න කෙනෙක් , චිත්‍ර අඳින්න දන්න කෙනෙක් සහ අපි අපේ කොටස ඉදිරිපත් කරනකං අපිට ලයිට් එක අල්ලන්න පුලුවන් එකෙක්"
ශෙහානයට මේ සැරේ තදටම මොකක් හරි ඉදිරිපත් කරන්න ඕනෙ වෙලා වගේ. ඌ කලින් හිටපු බ්‍රාන්ච් වල එවුන්ව සෙට් කරගන්න හැදුවත් සෙට් වෙලා නෑ. මේ සැරේ ඉන්න කීප දෙනා ශේප් නිසා මේ පාර ඌ ලෙසටම රංගනයක් දාන්න යන්නෙ.
ශෙහානය අපිවත් එක්කන් ළඟ තියෙන කඩේකට ගියා දවල්ට කන්න.
ශෙහානය උගෙ සම්පූර්ණ ප්ලෑන් එකම දවල්ට කන ගමන් කිව්ව අපිට. ඒකෙ අඩු පාඩු අනං මනං අපිත් හද හද ෆුල් ප්ලෑන් එකක් ගැහුව.
බැක්ග්‍රවුන්ඩ් ආට් අනං මනං සෙනූ අඳිනව කිව්ව. මොකද සෙනූට ඒව පුලුවන් නිසා. මෙතුනිත් උදව් කරනව කිව්ව ඒකට. මමයි ශෙහානයයි තමා ස්ටේජ් එකේ අපේ ඇක්ට් එක දාන්නෙ. අනිත් දෙන්න ලයිට් බැලන්ස් කරන්න තියෙන්නෙ.
"එහෙනං හරිනෙ. ඉස්සයි මමයි හොඳ ලිරික්ස් ටිකක් ලියල ගේමට එන්ටර් වෙන්නං. උඹල සෙට් එක අනිත් වැඩ ටික බලාගනින්"
"ශෙහානය මේ. උඹට ශුවර්ද වැඩේ චාටර් නැති වෙයි කියල."
"ඉස්සො මේ. මම ඇවිල්ල බං පිටරට marvel company එකට සමකාලීනව ලංකාවෙ වැඩ දාපු එකෙක්"
"ඒ කියන්නෙ marvel එකෙන් එහෙ ෆිල්ම් ගහනකොට උඹත් මෙහෙ ෆිල්ම් ගැහුවද"
"නෑ නෑ උන් එහෙ ෆිල්ම් ගහනකොට මම මෙහෙ රස්සා හොය හොය ඇවිද්ද. ඒක නෙවේ කතා කරන්න ඕනෙ දැන්. වැඩේ ගැන බලහන්. නෝනත් එක්ක කතා කරල බැක්ග්‍රවුන්ඩ් එක සෙට් කරහන්. මම යනව ලොක්කට කියන්න අපේ නමත් දාන්න කියල"
කියාගෙන ශෙහානය යන්න ගියා.
ලබන සතියට කලින් හදාගන්න ඕනෙ නිසා ඩෙකරේශන් ටික අද ඉඳන් හදන්න පටන් ගන්න කට්ටිය කතා උනා.
"ඉශාර. අපේ ගෙදර එන්න සෙනුදිත් එක්ක. එහෙ ඉඩ තියෙනවනෙ."
මෙතුනි මට කිව්ව.
"අහ් හරි මෙතුනි. මම බඩු ටිකත් අරන් එන්නං එහෙනං. කට්ටියම යං ඔෆිස් එකට. ඕෆ් එක දාල ශෙහානය එක්ක කතා කරගන්න අනිත් අය."
ආපහු කට්ටියම ඔෆිස් එකට ඇවිල්ල වැඩ කලා. හතරට ඕෆ් එක දාල සෙනූ එක්ක බයික් එක ගාවට එනකොට සෙනූ කතා කලා මට.
"ස... සර්. මම තනියම අඳින්නං. කල් තියෙනවනෙ"
"මෙතුනි එක්ක වැඩ කරන්න බෑද. ම්ම්ම්ම්"
"එ... එහෙම එකක් නෑ.... මේ.... මං"
"කෙල්ලට ඊරිසියා හිතිලද මොකද මේ" කියල මම සෙනූගෙ කම්මුලෙන් අල්ලල හෙල්ලුව.
"අනේ මෙතන එපා"
"මේ අහන්නකො. මෙතුනි කන්නෑ ඔයාව. අපි බඩු ටිකත් අරන් යං දැන්. ඔයා කියන්නකො ඕනෙ කරන දේවල් ටික."
"හැබැයි මෙතුනි අක්ක එක්ක ඕනෙවට වඩා කයිය දාන් යන්න එපා හරිද"
"ම්ම්ම්ම්ම්ම් බලමුකො"
සෙනූ අකමැත්තෙන් වගේ ගස්සල බයික් එකට නැග්ග. බෝඩ් ටික මෙතුනි අරන් යන්නං කියපු නිසා අපිට සෙට් උනේ පින්සල් තීන්ත අනං මනං ටික.
බයිසිකලේ ස්ටාට් කරන්නත් කලින් ශෙහානය දුවන් ආව අපි ළඟට.
"අඩෝ ඉස්සා. පොඩි අවුලක් ගියානෙ බං"
"මොකක්ද බං"
"මං ලොක්කට කිව්ව අපිත් මේ පාර ඇක්ට් එකක් දානව කියල."
"ඉතින්"
"වෙන වෙන බ්‍රාන්ච් වල උන් කේස් ඇදල මුලින්ම. විමර්ශන අංශෙයි ප්‍රවාහන අංශෙයි දෙකේම ඉන්නෙ සුදුසුකම් නැති උන් කියල අපිට උත්සවේට එන්න දෙන්නත් එපා කියල"
"මල මගුලක්නෙ ඕයි ඒක. ලොක්ක ඉතින් එන්න එපා කිව්වද අපිට"
"නෑ නෑ ලොක්ක උඹ නිසාම අපිට එන්න කිව්ව. ඇක්ට් එකකුත් දාන්න කිව්ව ඕන්නං."
මට මුලින්ම හිතුන කම්පැනි එකෙන් මට විරෝධයක් ආවෙ නැති උනාට හිත යටින් එකෙක් දෙන්නෙක් අකමැති ඇති කියල. ඒත් දැන් බලනකොට තත්වෙ දරුණුයි. මම කම්පැනි එකට බැඳිල තාම අවුරුදු තුනක් නිසා ගොඩක් අය හිතන්නෙ මම මෙතෙන්ට සුදුසු නෑ කියල. උන් එන්නෙ එහෙමනං එහෙම යමන් අපිත්.
"ශෙහාන්. උඹේ ප්ලෑන් එක කැන්සල් කරනව මං"
"අඩෝ.... එපා බං"
"ඉඳහංකො. උඹේ ප්ලෑන් එක සෙට් වෙන්නෑ. අනිත් ටික ඔක්කොම කරල බේස් එක වෙනස් කරනව. අපි වෙනම දෙයක් ගැන කියමු. වෙන බ්‍රාන්ච් වලින් විමර්ශන අංශෙට කැපිල්ල නං , අපිට කැපිල්ල නං , මේක විසඳන්නෙ දරුණු විදිහට. මගේ විදිහට"
ශෙහානයයි සෙනූයි දෙන්නම පොඩ්ඩක් ගැස්සුනා ඒක කිව්වම.
"මෙ... ඉස්සො මේ... ඒක එච්චර දෙයක් නෙවේ බං. අතෑරල දහං. අපි පොඩි ඇක්ට් එකක් කරමු. අවුලක් නෑ.... නෙ."
"මම කිව්වනෙ. මේක කරන්නෙ මගේ විදිහට"
ශෙහානය ලොකු හුස්මක් අරන් කතා කලා. මට නෙවේ සෙනූට.
"සෙනුදි. අද පොඩ්ඩක් කට පරිස්සමින් පුලුවන් තරන් ඈත් වෙලා හිටහං. මම දෙන අවවාදයක් කියල හිතහංකො"
"ඒ ලබ්බවල් ඕන්නෑ. ශෙහාන්. උඹ දැන් ගෙදර පලයන්. මම හවසට කෝල් එකක් අරන් කියන්නං. අනිත් අයටත් කියහං"
ශෙහානයට සමුදීල මමයි සෙනූයි බුක්ශොප් එකකින් පින්සල් අනං මනං සේරම ගත්ත. ඒ වෙලාවෙම සෙනූ මාත් එක්ක කතා බහ නොකර අතින් විතරක් අල්ලන් හිටිය.
"අ... අයියෙ. ඔයා මොකක්ද දැන් කරන්නෙ. ශෙහාන් අයිය කියපු එක නෙවේද"
"නෑ"
"හම්ම්"
"මොකද මේ. බය වෙලා වගේ"
"අයියට තරහ ගිහින් නේද අයියෙ. මං පොඩ්ඩක් එහයින් ඉන්නං. නැත්තං අයියට මං නිසා තව තරහ යයි"
ඉන්නෙ කඩේක කියලවත් බලන්නැතුව මම සෙනූගෙ අතින් ඇදල අරන් සෙනූගෙ කම්මුලට කිස් එකක් දුන්න.
"මං ඔයත් එක්ක තරහ නෑ වස්තුව. එන්න දැන් මේ ටික අරන් යං අපි"
සෙනූ එක්ක මෙතුනිගෙ ගෙදර ගිහිල්ල මම කිව්ව අඳින්න ඕනෙ විදිහ ගැන. පහුවදා ඉඳන්ම වැඩේ පටන් ගන්නං කිව්ව කට්ටිය. ශෙහානයයි මමයිත් කියන්න ඕනෙ ටික ලියාගෙන එහෙම වැඩේට එන්ටර් උනා.
ශෙහානය කලින් ගැස්සුනාට ඌ දැන් මට වඩා ආතල් එකේ වැඩේට සෙට් වෙනව. උටත් මල ඇති අපි සුදුසුකම් නැති උන් කියපු එකට.
ඔහොම ඔහොම ගිහිල්ල අන්තිමට උත්සවේ දවසටත් ආව. අපිට සෙට් උනේ award දෙන්න කලින් තියෙන අන්තිම ඇක්ට් එකට. ශෙහානයයි මමයි කෝට් එකත් ගහගෙන ස්ටේජ් එකට ලෑන්ඩ් කලා ගැම්මට රබානකුත් අරගෙන.
announce කරන එකත් කැටයම් දාල ඉතිහාසයේ ප්‍රථම වරට ආයතනයේ විමර්ශන අංශෙන් ඉදිරිපත් කරන පළවෙනි ඇක්ට් එක කියල කිව්ව.
මම ස්ටේජ් එක ඉස්සරහට ගිහිල්ල මුලින්ම හැඳින්වීමක් කලා.
"හැමෝටම සුභ සන්ද්‍යාවක්.... අද අපි අරන් ආවෙ වෙනස්ම වැඩක්. අපේ මේ අංගයේ නම තමයි 'කොම්පැණි ගොසිප්'"
එකෙක් දෙන්නෙක් හෝල් එකේ හිනා වෙනව ඇහුන තැනින් තැන. ඇඬෙන්නම දෙන්නං ඕකුන්ට කියල හිතාගෙන ශෙහානයට ස්ටාට් කරහන් කිව්ව.
මතු සම්බන්ධයි...