විරාග හෝරාව

විරාග හෝරාව

07

~ හත්වන කොටස ~

RL
මතකනෙ ඉතින්. මෙතුනි එක්ක තිබ්බ සම්බන්ධෙ සෙනූට කිව්වට පස්සෙ සෙනූ සෑහෙන අප්සට් උනා. ඉතින් ශෙහානයගෙ නංගිගෙ පාටියෙදි පොඩි පොඩි සිදුවීම් වෙලා අන්තිමට අපි දෙන්න කලින්ටත් වඩා ලං උනා.


කලින් කොටසට



එතැන් සිට...


"අයියේ අපි නාමුනේද පොඩ්ඩක් ඉතින්"


"හා හා මේ. ඒව බෑ. ඇවිදල එමු. මට පීනන්නත් බෑ"


"ඉතින් මට පුලුවන් නෙ අනේ...."


සෙනූ ගවුමකුත් නැතුව යට ඇඳුම් පිටින්ම දැන් මාත් එක්ක කුස්සියෙ උයනව. ඔක්කොම දැකපු එකේ මේව මොනාද ඉතින්.


"අනේ මම ගවුමක් දාගන්නද අයියෙ. මෙහෙම අවුල් අප්පා"


"ම්ම්ම්ම්ම්. මාත් ගලවන්නං එහෙනං"


"අනේ... එපා මෝඩයො. මම මේ ලැජ්ජාවෙන් ඉන්නව. ඔයා තව විකාර කරනව. අනේ ඇත්තටම ඇහුවෙ. නාමුද අපි."


"නාමු නාමු. මේ මැට්ටි ඉතින් මම මොනා කිව්වත් අහන්නෑනෙ"

කියල මම සෙනූව උස්සල කුස්සියෙ මේසෙ උඩින් තිබ්බ. තියල සෙනූගෙ කකුල් දෙක ඈත් කරන් මැද්දට ඇවිල්ල නලලට කිස් එකක් දුන්න.


"සෙනූ..."


"ම්ම්ම්ම්ම්"


"අපි දෙන්නම මෙහෙන් ඉමුද දිගටම"


සෙනූ ඇස් දෙක ලොකු කරන් මගෙ දිහා බැලුව.


"ඒත් අයියෙ අයියට ගෙදර තරන් මෙහෙ සැප පහසුකම් නෑනෙ"


"ඉතින් ඊට වඩා සැප පහසුකමක් ඉන්නෙ මේ"


සෙනූ කකුල් දෙක මගෙ ඉන වටේ දාගෙන පටලගෙන මගෙ ඇඟේ එල්ලුනා. මම එහෙම්ම සෙනූගෙ බඩ දෙපැත්තෙන් අත් දෙක දාල උස්සල වඩාගත්ත. සෙනූත් මගෙ කර වටේ අත් දෙක දාගත්ත.


සෙනූ එයාගෙ නලල මගෙ නලලට තියාගෙන නහය මගෙ නහයෙ ගාවන්න ගත්ත.


"අයියට කමක් නැත්තං ඉන්න අයියෙ. මම අහන්නැතුව හිටියෙ අයිය මං නිසා කරදර වෙන්න ඕන්නැති නිසා"


"කරදරයක් නෑ මෝඩි. මම ගිහිල්ල ඇඳුම් ටික අරං එන්නං අද. ඊට පස්සෙ අපි බීච් ගිහින් ඇවිදල නාල එමු. හානෙ."


"හා මගෙ අයියෙ"


සෙනූ ඒක කියල අත් දෙක අරන් මගෙ මූණෙන් අල්ලන් උස්සල මාව කිස් කලා.


මොනා හරි පිච්චෙන සුවඳක් ආපු නිසා අපි දෙන්නම කිස් කරන එක නවත්තල ලිප දිහා බැලුව.


"අනේ අයියෙ ගෑස් එක ඕෆ් කරන්නෝ..." කියාගෙන සෙනූ දඟලන්න ගත්තු නිසා මම සැනික සෙනූවත් වඩාගෙනම ගිහිල්ල ගෑස් ලිප ඕෆ් කලා.


"අයියෝ මේ මෝඩය එක්ක නං උයන්න බෑ. බලන්නකො ඉතින්. බිත්තරේ කලු වෙලා"


"අලුත් එකක් හදමූ....."


"කෝ බිමින් තියන්න මාව. අයිය ගෙදෙට්ට ගිහින් එන්න. මම කෑම ලෑස්ති කරල තියන්න. අයිය ඕන්නං කාල එන්න."


"ම්ම්ම්ම් බෑ... කවන්න ඕනෙ"


සෙනූ මං දිහා බලල හුරතල් හිනාවක් දාල නහයට තට්ටුවක් දැම්ම.


"අයියෙ. අම්මලට කියන්නෙ මොකක්ද දැන්. මං ගැන කියනවද"


"ඔව්. මං කියනව අද. එයාල අවුලක් නෑ"


සෙනූ මගෙ ඔලුව අතගාල කණට කරල කෙඳිරුව.

"අයියෙ යටට ඇඳුමක් ඇඳගන්න. නිකංම කලිසම අඳින්න එපා."


සීන් එක මීටර් නැති නිසා පහල බලනකොට ටෙන්ට් එක වැදිල.


එහෙම්ම සැනික සෙනූව බිමින් තියල කකුල් දෙක පූට්ටු කරන් කාමරේට ගිහිල්ල ලෑස්ති උනා. යන්න වාහනයක් නැති නිසා බස් එකේම ඇද්ද ගෙදෙට්ට.


අම්මලටත් සීන් එක කියල ඇඳුම් ටිකත් බෑග් එකට දාගෙන බයික් එකේ ආව ආපහු. කෙල්ලෙක්ගෙ ගෙදර නවතින්න යනව කියපු නිසා ගෙදර මිනිස්සු පොඩ්ඩක් බය උනා. ඒ උනාට මීට කලින් කෙල්ලෙක්ට හරියට ෆේස් කරලවත් නෑ කියල දන්න නිසාද කොහෙද ඒගොල්ලො මගලොකුවට ගනන් ගත්තෙ නෑ.


සෙනූත් මාරම සතුටින් මගෙ ඇඳුම් ටික බෑග් එකෙන් අරන් එයාගෙ අල්මාරියෙ කෑල්ලකට ඇහිරුව ලස්සනට. ගේ පොඩි උනාට කෙල්ලගෙ අල්මාරිය නං අක්කරයක් විතර තියෙනව.


හවස තුන වෙනකොට සෙනූ සායකුයි ඒකට යටින් කොට කලිසමකුයි ටී එකකුයි ඇඳගෙන ලෑස්ති උනා. නෑවට පස්සෙ අඳින ඇඳුම් ටිකත් බෑග් එකකට දාගත්ත.


ශෙහානයගෙන් ඔෆිස් එකේ වැඩ ටිකත් ශේපට යනවද කියල අහල සෙනූ එක්ක බීච් එකට යන්න පිටත් උනා.


විනාඩි හතලිහකින් විතර බීච් එකට ඇවිල්ල හොටෙල් සයිඩ් එකේ තියෙන පොඩි වෙරළ තීරුවක් සෙට් උන නිසා මමයි සෙනුයි එතනට ගියා. සෙනගත් අඩුයි. තැන් තැන් වල තව කපල් ඉන්නව. ශේප් පොට් එකක්.


සෙනූට මුහුදෙ නටන්න තිබ්බ ආසාව නිසා කතා බහ කරන්නවත් උනේ නෑ සාය ගලවල එයාගෙ ශෝට් එක පිටින් දුවන් ගිහිල්ල පැන්න මුහුදට. පීනන්නවත් බැරි මම ගල් ටීක් වෙලා බලන් හිටිය සෙනූ දිහා.


මටත් කතා කරපු නිසා මමත් ශර්ට් එක ගලවල දාල ශෝට පිටින් ගියා.


පැය දෙකකට විතර පස්සෙ කලුවර වැටීගෙන එන නිසා අමාරුවෙන් සෙනූව මුහුදෙන් ගොඩට ඇදන් ඇවිල්ල හෝටලේට ආව.


ඊට පස්සෙ අපි කවුන්ටරේට සල්ලිත් ගෙවල කෑම එකකුත් ඕඩර් කරල නාගන්න ගියා.


"අයියේ.... අනේ තව පොඩ්ඩක් ඉමුකෝ...."


"මෙහෙ එනව මැට්ටි. ලෙඩ උනාට පස්සෙ ඔය ආතල් නෑ."


"ඔයා නං හරිම නරකයි."


"ඔව් ඔව් නරකයි තමා" කියල මම සෙනූගෙ කනෙන් අල්ලල හෙලෙව්ව.


"ඌයිහ්"


"මේ වොශ් එකක් දාන් එන්න ගිහිල්ල ඉක්මනට. කන්න ඕනෙ. බඩගිනී"


සෙනූ ටවල් එකත් ඇඳන් අඩියක් ඉස්සරහට තියල ආපහු මට කතා කලා.


"අ.... අපි දෙන්නම යමුකො ඉතින්. වෙලාව ඉතුරුනෙ"


සෙනූ ඒක කියල අත් දෙක පටලවගෙන බිම බලන් හිටිය. මමත් හිනා වෙලා ටවල් එක අරන් සෙනූගෙ අතින් ඇදන් වොශ් රූම් එකට ගියා.


සෙනූ එක්ක එකටම ශවර් එක යටට ඇවිල්ල අපි දෙන්න තුරුල් වෙලා වොශ් දැම්ම.


#නොවැළක්විය හැකි හේතුවක් නිසා එතනින් එහා සීන් ටික විස්තර කල නොහැක#


වොශ් එකත් දාගෙන සෙනූ අරන් ආපු tide frock එකත් ඇඳගෙනම අපේ ටේබල් එකට ගියා. සෙනූ මීට කලින් හෝටලේක මෙහෙම කාල නෑලු. කාල ඉවර වෙලා අපි දෙන්නම වෙරල ගාව තියෙන බංකුවකින් ඉඳගත්ත. කලුවර වැටිල හුළඟත් එක්ක මාර ෆීලින් එකක් ආවෙ.


"සෙනූ... පොටෝ එකක් ගහමුද"


"අහ්. අනේ අයියෙ කාටවත් පෙන්නන්න එපා හොඳද. ඔයාට හිනා වෙයි"


"ඒ මොකටද මට හිනා වෙන්නෙ"


"නෑ මේ..... ක්ලාක් කෙල්ලෙක් එක්ක යාලු වෙලා කිව්වම... අයියට හරි නෑනෙ අයියෙ"


මම සෙනූව මගෙ ඔඩොක්කුවට අරන් බඩෙන් අල්ලගෙන මට තද කරගත්ත.


"කවුරුත් නෙවේ මගෙ ජීවිතේ තීරණ ගන්නෙ. අනික ඔයා දැන් accountant කෙනෙක්. ක්ලාක් කෙනෙක් උනත් ඒක මගෙ තීරණේ. දැන් හිනා වෙන්න. අපි පොටෝ එකක් ගම්මු"


සෙනූ මං දිහා අඬන්න වගේ බලන් ඉඳල පොටෝ එකට මාවත් තුරුල් කරන් හිනා උනා.


එහෙම්ම හෝටලේ ලොකේශන් ටැග් කරල ලොකු සීන් වගේ පේන්න දැම්ම fb එකට.


දාල විනාඩි දෙකක් යන්න කලින් අප්පච්චිගෙන් comment එකක් ආව. කමෙන්ට් එක දැක්කම වහ කන්න හිතුන. ස්ටිකර් එකක්.


අප්පච්චි දැන් රස්සාවට යන්නැති නිසා දවසම කරන්නෙ ගෙදර සාලෙ සෝෆ එකට වෙලා ෆේස්බුක් එකේ මහ සද්දෙන් චීන්නු මාලු අල්ලන ඒවයි කොමඩි වීඩියොයි බල බල හිනා වෙන එකයි.


"අ.... අයියෙ"


"ම්ම්ම්ම්ම්"


"අ.... අර අතන දෙන්න අර මො.... මොකක්ද කරන්නෙ" කියල සෙනූ අපිට බංකු තුනක් එහයින් හිටපු කපල් එකක් පෙන්නුව.


එතන ලයිට් එකක් නැති නිසා උන් පොඩ්ඩක් කලුවරේ වගේ හිටියෙ. කොල්ලගෙ අතෙන් බාගයක් පේන්නැති නිසයි කෙල්ල දඟලන නිසයි හොඳට බැලුවම සීන් එක මීටර් උනේ.


"අ... අයියටත් ඕනි නං....."


"කටවහගන්න සෙනූ. මම ඔයාට ආදරේ කරන්නෙ ආතල් ගන්න නෙවේ. එහෙම ගන්න ඕනි නං මම මේ දෙනෝදාහක් ඉන්න තැනක ඔයාට අපහාස වෙන විදිහට ගන්නෑ. ඒ නිසා කට වහගන්න."


"එ... ඒත් අයියෙ මම දැ... දැනටමත් ගෑණිය..."


"ඉතින්. මට මොකෝ. ගෑනියෙක් උනත් කෙල්ලෙක් උනත් ඔයා මගෙ ගෑණුළමය. කටවහන් ඉන්න සෙනූ. ඔයත් ඕනෙවට වඩා හිතනව"


සෙනූ මගෙ අතින් අල්ලං මට තව තුරුල් වෙලා මුහුද දිහා බලන් හිටිය.


"අයියෙ"


"ම්ම්ම්ම්ම්"


"සමාවෙන්න මට"


"ඒ මොකටද"


"ඔයාව තරහ ගස්සනවට"


සෙනූ ඒක කියපු ගමන් අර තිබ්බ කේන්තිය නැත්තටම නැති උනා.


සෙනූ එක්ක ටිකක් වෙලා එතන තුරුල් වෙලා ඉඳල අපි ගෙදර ආව.


දැන් මමත් සෙනූ එක්කම ඉන්න නිසා මේක මගෙත් ගෙදර. සෙනූ හෙන කාලෙකින් මෙහෙම එලියට ගිහිල්ල සතුටු උන නිසා අද වෙනදට වඩා ගැම්මෙන් හිටියෙ.


"සෙනූ එන්න ඇඳට. හෙට ඔෆිස් යන්න ඕනෙ. ඉක්මනට නිදාගන්න දැන්"


"එනව අයියේ. දත් මැදන් එන්නං. ඔයා මැද්දද"


"මෙහෙ රෑටත් දත් මදිනවද?"


"මොකක්" කියාගෙන සෙනූ දත් බුරුසුවත් කටේ ගහන් ඇවිල්ල මගෙ කනෙන් අල්ලල ඇඳෙන් බිමට දැම්ම.


"සෙනූ මේ මොකෝ"


"මෙහෙ ඉන්නව නං රෑට දත් මදින්න. නැත්තං එලියෙ නිදාගන්න පුලුවන්"


ගෙදෙට්ට වෙලා සැපේ ඉන්නැතුව මෙහෙට ආපු මම


ආදරය හරි අමාරුයි බං දරාගන්න.


මතු සම්බන්ධයි...

Report Page