Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

Episode 24 (End of the story)

True love, remembrance and respect

Epi 23

"අම්මොහ්...ආව් අම්මා"

වතුර වලකින් පනිනවා කියලා පැන්නට මහා ශබ්දකුත් සමග මාව ඇදෙන් බිමට පතබෑවුනෙ. එතොකොට ඒක හීනයක්ද, අර ස්නේප් කාරයා, අවුරුදු 200, ඒ සේරම හීනයක් ද. එතොකොට මම ටවුන් එකට ගිහිල්ලත් නැද්ද. මම නසීර් මල් පොකුර උදුරගෙන ගියාට පස්සෙ ඇදටනෙ ආවෙ. සැක් මොනා උනත් පට්ට හීනෙ. 

"ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නෙ ඔයත් එක්කමයි" මම ස්නේප් කියපු දේ ආපහු මිමිනුවා. ඒක ඇත්තද බොරුද. දවල් එකයි වෙලාව, නසීර් එන්නෙත් රෑ වෙලා. කේ ඩ්‍රාමා එකක් බලන්න ලැප් එක ඔන් කරගත්තා, මම හිතන්නේ මේ වෙද්දි එකයි එකයි කියලා මම එපිසෝඩ් 20ක් විතර බැලුවා.

මම පොත් කියවන්නෙත් මේ වගේම තමයි. එක පිටුවයි කියවන්නෙ කියලා අම්මට කියලා පොත් ගනන් කියවන අවස්ථාද නැතුවම නොවෙයි.

මගේ මනෝ ලෝකෙන් බිමට පතබෑවුනේ පොල් කඩනවා වගේ සැරින් සැරේ ඇහෙන සද්දෙන්, ඒත් මෙහෙ කොහෙද පොල් ගස්. මම හිමීට හෙඩ්සෙට් එක ගැලෙව්වා.

පොල් නෙවෙයි දෙයියනේ කවුරුහරි කුලප්පුවෙච්ච මී හරකෙක් දොරට තඩි බානවා මගෙ.

ලයිට් බිල්, වතුර බිල් මම ගිය මාසෙත් ගෙව්වනෙ, කිසිම දෙයක් ඕඩර් කලෙත් නැහැ. මට වෙන්නෙම ඔය වගේ අකරතැබ්බ හින්දා මම ඉතාම පරීක්ෂාකාරීව දවස ගෙවන්න. 

හොරෙක් ද දන්නෙ නැහැ, ඒත් හොරු දොරට තඩි බාලා හොරකමේ එන්නෙ නෑනෙ, ඒත් මම ඉන්නෙ අවුරුදු 10ක් අතීතෙනෙ, ඒ කලේ එහෙමද දන්නෙ නැහැ. ඕන එකක් වෙච්චදෙන් කියලා මම ගන්න ගියේ ඇදපොල්ලක් බට් අවාසනාවක මහත,

මෙහෙ එහෙම පොලු වෙනම ගන්න බැහැ ඇද පිටින් ම උස්සගෙන යන්න වෙන්නෙ, ඊට පස්සෙ ගත්තේ ගෑරුප්පුවක්, ඇනලා මරනවා මොකා උනත්.

බෙන්ටෙන් එකේ වගේ බිත්ති වලට මුවා වෙලා දොර ලගට කිට්ටු කලා. එක සැරේටම අගුල කරකවලා මුවා වෙන්න ගියත් මොකෙද්දො මන්දා එකෙක් මාවත් පෙරලගෙන බිමට වැටුනා.

"එක්ස්කියුස් මී, වට්ද හෙල් මෑන්"

ඒත් මට එන්නෙ නහය කඩාගෙන යන තරම් ලැවැන්ඩර් සුවඳ. මට මේ සුවඳ හොදටම හුරුයි, ඒ සුවද මම දන්නවා,

"නසීර්. අහකට යනවා මනුස්සයෝ මාව චප්ප කරලා මරන්නද ඕනෙ"

"සොරි සොරි"

හොරි හොරි කියලා මගෙ අතත් පාගලා නැගිට්ටෙ.පිස්සෙක්ද මන්දා. කොන්දත් අල්ලගෙන නැගිට්ටට පස්සෙ ආයෙත් චුරු පනින්නම බදා ගත්තා.

"නසීර් ර් ර්...හුම්ම් හුම්ම"

"සොරි පලා...සොරි ඇත්තටම"

"පොඩ්ඩක් ඉන්න...නසීර්"

එයා නසීර්, මාත් එක්ක හිටපු නසීර් ආයෙමත් ඇවිල්ලා. එයාට පුරුදු ආමන්ත්‍රනේ ඇහුනා විතරයි, ඉස්සර වගේම ඇස් හීනි වෙන, කම්මුල් රතු වෙන විදිහට හිනා වෙන්න ගත්තා. මට මේක අදහා ගන්නවත් බෑ.

"න නසීර්, ඔයා කොහොමද"

"මේකෙන්"

එයා එහෙම කරලා පෙන්නුවෙ එයා මට එදා උසාවියට යන්න කලින් දුන්නු නෙක්ලස් එක,

"නෙක්ලස් එකහ්?"

"නැහැ"

"Forget me not"

දෙවියනේ.............මට ඒක කොහොමද අමතක උනේ.

"මම ගෙට එන්නද"

"තව අමුතුවෙන් එන්න දෙයක් නැහැ, එන්න "

"පලා මට මේක අදහාගන්නත් බැහැ,"

"ඔයාට කොහෙන්ද ඕක, ඕක මගෙ බෙල්ලෙනෙ තිබ්බෙ"

"අර ඔයා උදේ දුන්නු කැළෑ ඩේසි පොකුරේ පැටලිලා තිබුනෙ"

"නසීර් ඔයා දුශ්ටයි, නපුරුයි, පණ්ඩිතයි"

"මම ඔයාට එදා කැළේදි කිව්වෙ, ඔයයි මම අම්මට පස්සෙ ආශ්‍රේ කරපු එකම කෙනා, මට එකම සහ හොදම යාලුවා කියලා"

"හ්ම්ම්"

"ඔයා මැරෙන්නෙ නැහැ දැන්, ඔයාට ජීවත් වෙන්න පුලුවන්"

"ඔයා කොහොමද මේවා කලේ පලා, මට එකින් එක මතක් වෙන්න ගත්තහම මට හිතුනා, අර බිම ඉදගෙන හොටු පෙර පෙර අඬපු පොඩි කෙල්ලමද මේ කියලා"

"ඔයා තාම මගෙ වැඩ දන්නෙ නැහැ නසීර්, මෙහෙම හිටියට කෙල්ල දස්සයා"

"අම්මෝ ඔව් මම දන්නවා ඒක නම්"


"පලා මට ඇත්ත කියන්න, ඔයා මේ දේවල් කොහොමද කලේ"

"පොඩ්ඩක් ඔහොම්මම ඉන්න හොදද, මම ඉක්මනට එන්නම්"

මම කාමරේට ඇවිල්ලා ගත්තේ අර තඩි පොත, ඒත් මේකට මල් තියලා වැන්දත් පාඩු නැහැ.

"මම මේ සේරම කලේ මේකෙන්"

ඒ පොත දැක්කා විතරයි, නසීර්ගෙ මූණ සත පහ වගේ වෙලා ගියා, පුදුමයක් තියෙන්නෙ එයාගෙ මූණ පුරාම. මම බලාපොරොත්තු උනේ නම් එහෙම රෙඇක්ෂන් එකක් නෙවෙයි. 

"ඔයාට මේක කොහෙන්ද"

මම අර නසීර්ගෙ ලියුම කියවපු තැන ඉදල මේ වෙනකම් ම නසීර්ට කිව්වා.

"ඔයා දන්නවද මේ පොත් අයිති වෙලා තිබුනෙ මම චූටි කාලෙ මේ ගමේ හිටපු බලවත් ම පවුලට"

"කොහොමද ඔයා දන්නෙ"

"ඔය පොතේ පිටිපස්සෙ කලු පාටින් ඇදපු මහ විකාර සළකුණක් ඇති, මේ බලන්න. Black rose "

"හ්ම්ම්, ඉතින්"

"මේකෙන් එක එක ඒවා කරන්න පුලුවන් කිව්වට මම දැක්කෙ නැහැ මේ පොතෙන් කවුරුත්ම වැඩ ගන්නවා,"

"ඉතින් මම කලේ"

"ඒකට විශේෂ බලයක් තියෙන්න ඕනෙ, නිකංම නිකං කෙනෙක්ට මුකුත් ම කරන්න බැහැ"

"තව එයාට තියෙන අවශ්‍යතාවයත් ගොඩක් බලවත් වෙන්න ඕනෙ"

"එහෙනම් සතුටු වෙන්න ඔයාට ඉන්නෙ එසේ මෙසේ යාලුවෙක් නෙවෙයි"

"ඔව් ඔව්"

එදා ඒ විදිහට අපි ආයෙත් අපේ යාලුකම් අලුත් කරගත්තා, අපි නසීර්ගෙ ප්‍රශ්න සේරම විසදුවා, කෙටියෙන් ම කිව්වොත් ඉතිහාසය වෙනස් කලා....

නසීර්ගෙ දෛවය වෙනස් කලා, ආයෙත් මම කාලය හරහා ආවා, එදානම් මගෙ රතු ලිප්ස්ටික් එක ඉවර හින්දා නසීර්ගෙ තීන්ත බෝතලයක් හොයා ගත්තා.


-2006.01.01-

"අද අලුත් දවසක, අලුත් හවසක්'

හෙද ඉදලා මමයි, නසීරුයි දෙන්නම උසාවියේ වැඩට යනවා....

කැළෑ ඩේසිත් ආයෙමත් පිපෙන්න පටන් අරන්, මම මෙහෙට ආපු මුල් කාලෙ වගේම..

නසීර්ගෙ අම්මා දැන් මගෙ ඔලුවටත් ලැවැන්ඩර් ඔයිල් දානවා, නසීර්ට වගේම...

දැන් මමත් නසීර්ගෙ ගෝලයෙක්, ප්‍රොෆිසර් හාවඩ් වගේම...."


ඉස්සරහට මම බිසී වෙයි, මේ මම මේකෙ ලියන අංතිම දවස, අපිට එකතු වෙලා කරන්න වැඩ ගොඩක් තියෙනවා. නසීර් දවසක් මගෙ ඩයරිය උසාවියෙ ගිහි උදුනට දාන්න හැදුවා, එයා කියන්නෙ නම් මේ රහස කාටවත් කියන්න එපා කියලා, ඒත් ඉතින් එහෙම බෑනෙ.

නසීර්ට පින් සිද්ද වෙන්න දැන් හැමෝම මාව දන්නෙ පලා විදිහට, පලා අර ෆයිල් එක කොහෙද, පලා අර කේස් එක මොකද උනේ, පලා මෙතන ෆයිල් එකක් නැහැ, කෙටියෙන් ම කිව්වොත්, නසීර් හිතන් ඉන්නෙ එයාගෙ කෙස් ගහක් අඩු උනත් ඒක ගත්තෙ මම කියලා.....

අවසාන වශයෙන් කියන්න ඕනෙ,

"Forget me not"

Pala and Nazeer

..............................................................................................................................


ඩයරිය ඉවර කරලා තිබුනෙ එහෙම, එත් පලා කියන කෙනා කවදාවත් දිනයක් දාලා තිබුනෙ නැහැ, අවසාන දවසේ ඇරෙන්න. 

මමත් මේ බෝඩිමට ආවෙ එජ් හිල් යුනිවර්සිටි එකටම යන්න තමයි, ආපු පළවෙනි දවසෙම අහම්බයකින් මම මේ ඩයරිය දැක්කෙ, ඒත් මට තවත් නම් අහම්බයක් වෙන්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ, මොකද පලා ඩයරි ඇදලා තියෙනවා වගේම නෙක්ලස් එකක් මට මගෙ 18වෙනි උපන්දිනේට තිබ්බ බීච් පාටියෙදි බිම තිබිලා හම්බුනා. 

ඒකෙ අමුතුම ආකර්ශනයක් තියෙනවා කියලා මට දැනිච්ච හින්දම ඒකෙ අයිතිකාරයෙක් හොයන්න මට හිතුනෙ නැහැ, මම ඒක මම ලගම තියාගත්තා. මේ ලෝකෙ මායාව කියලා දෙයක් නැත්තම් මේ ඩයරියෙ තියෙන්නෙ මොනා ගැනද? මේකෙ තියෙන පොත කොහෙද එතකොට, නසීර්ගෙ ගෙදර..

පලා මම ද, පලා මම නම් නසීර් කවුද

ඩයරිය ලියලා තියෙන්නෙ දැනට අවුරුදු 26කට කලින්..


"පලා, නසීර් හරිම ආදරණීය චරිත දෙකක්, මට හිතෙන්නෙ ම එයාලව forget me not ආපහු සැරයක් එකතු කරයි කියලා."


-අවසානයක් නොවන අවසානයක්-

  නිමි.


අභිරහස් ගොන්නක් මැද

හිනා වෙන ඇස් දෙකක්,

මහා වන රොදක් මැද 

තනිවුණු ගෙදරක්,

මවට යුක්තිය ඉටු කිරීමට

වෙර දරන දරුවෙක්,

තනිකම මැද හිත හයිය 

කරගත් තරුණියක්,


මේ සියල්ලම මැදි කරගත්

මල් කිණිත්තක්,

-Forget me not-

True love, remembrance and respect


Comments එන්න එන්නම අඩු උනා වගේ දැණුනා මට,

මම මේක ආයෙ ලියන්නෙ නැහැ කියලා දාලා, ඔයාලගෙන් බලෙන් comments ගන්න මට ඕනෙ නැහැ, එහෙම දාන comments 10කට වඩා කැමැත්තෙන් දාන එක comment එකත් මට වටිනවා. මාත් එක්ක කොටස් 24ක් පුරාවටම හිටිය ඔයාලට මාගේ හදපිරි මෙව්වා එක, කතාව මම එකකින් ඉවර කලේ, මට හිතුනා මම මේ කතාව ෆැන්ටසියක් කලා වැඩිද මන්දා කියලා ඒකයි.

අනිත් එක, Open end ඉවර කලේ ඕනෙ නම් තව කොටසක් පටන් ගන්න හිතාගෙන.

මට ඕනෙ උනේ එක්කෙනෙක්ගෙන් හරි මේක "වෙනස් කතාවක්" කියලා අහගන්න, මම හිතන්නෙ මම ඒක කලා. ඔයාලා මගෙ කතාවට වචනයක් දුන්නා,"Addiction".

ඒකට මම ගොඩක් ආසයි.

ඉතින් ආයෙමත්, ඔයාල මට ලොකුම ලොකු හයියක් උනා, කතාවෙ end එක මෙහෙම නෙවෙයි තිබ්බෙ, ඒත් මම ඒක ඔයාලා වෙනුවෙන් වෙනස් කලා.

මම හිතනවා පලා & නසීර් ඔයාලගෙ හදවත් වල ආදරණීය චරිත විදිහට තැන්පත් වෙන්න ඇති කියලා.

පසු වදනක් ඕනෙ ද?


සදාදර

Mrs.හෝම්ස්



  

Report Page