Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 23-

True love, remembrance and respect

Epi 22


මම ගියෙ නසීර්ගෙ කාමරේට කාමරේට යන්න උනත් මට වැඩි දු‍රක් යන්න උනේ නැහැ. නසීර් මොකද්දෝ මන්දා ෆයිල් එකක ඔලුව ඔබන් පඩිපෙළ බහින ගමන්. ෆයිල් එකේ සිහියෙන් ඇවිත් කකුලක් පැටලිලා පඩිපෙලෙන් බිමට රෝල් උනා නම් තමයි සැප. 

"මිස්ටර් නසීර්ක්"

මම දිහා බලලා කැළෑ ඩේසි පොකුර දිහා බලලා, ඉස්සර මාත් එක්ක ඉද්දි වගේ ඇස් හීනි කරලා හිනා වෙන්න ගිහින් ඒක හංගගත්තා කියලා මට නම් හිතුනෙ. ඒත් එයාගෙ මූණෙන් පෙනුනෙ හතරැස් වෙච්ච පෙනුමක්, මම නිකං ගොම් බෙට්ටක් දික් කරා වගේනෙ බලන් ඉන්නෙ.

"ඇයි"

"ගුඩ් මෝනින්. මේක ඔයාට"

"මෝනින්. මල් එකට තෑන්ක්ස්"

ගුඩ් කෑල්ලට මොකද දන්නෙ නැහැ උනේ. මල් එකත් උදුරගෙන වගේ එළියට ගියේ මගෙ මූණ හතරැස් වෙලා යද්දි, මම දැන් මොකද කරන්නෙ. ඩේසි වලටත් ඒක කරන්න බැරි උනා. දැන් නම් හිතෙනවා මම මේ කරන්නෙ වැඩකට නැති වැඩක්ද කියලත්...


ආන්ටි තේ බොන්න ඉන්න කියද්දි මම පස්සෙ බොමු කියලා බෝඩිමට ආවෙ මට ඇත්තටම කිරි එකක් රහ කර කර බොන්න මූඩ් එකක් නැති හින්දා. මම දැන් ඕක බොන්න ගියොත් කටත් පුච්චගෙන තමයි නවතින්නෙ.

මම ඉස්සර නිවෙන තැන අර ගහ උනත් අද එතනට ගියොත් මාව නිවෙනවා වෙනුවට ඇවිලිලා අලු වෙලාම යයි. මම ඒක හින්දා ටවුන් එකට ආවා. 

ටවුන් එක හාත්පසින් ම වෙනස්. මිනිස්සු අදින පලදින එක පවා. කතාකරන විදිහත් දැන් කාලෙට වඩා ගොඩක් පැහැදිලියි. ටවුන් එකේ ඉන්න මිනිස්සුත් එක්ක මාව සසැදුවොත් එහෙම මම නිකං වෙඩින් එකකට චීත්තෙයි හැට්ටෙයි ඇදගෙන ගිහින් වගේ එකක්.


පාර දෙපැත්ත බල බල යද්දි මට දැනුනා මම දිහා කවුරුහරි බලන් ඉන්නවා වගේ, ඒ පාර මොන මරාලයක්ද දන්නෙ නැහැ කඩන් වැටෙන්න යන්නෙ. ඒක අමතක කරලා රවුමක් ගහලා ගෙදර යන්න එද්දි මම දැක්කෙ අර අති භයානක පොත් කඩේ.

විශ්වාස කරන්න ඒක ඒ විදිහමයි, කිසි වෙනසක් නැහැ. අර ඩයල් එක කොහෙහරි යන්න කොහෙද කඩේ වහන ගමන්.

පොර ඉතින් මාව කවුද කියන එක දන්නෙ නැති හින්දා මම එයාව කෙයා කරන්නෙ නැතුව යන්න ගියා ඒත්,

""අර ප්‍රොජෙක්ට් එක කරලා ඉවරද""

මගෙ කකුල් දෙකත් එක්කම පන නැතුව ගියා. එයා කොහොමද ඒක දන්නෙ, මේ මම අවුරුදු 10ක් පස්සටනෙ ආවෙ. 

"මේ මේ ඔ..ඔයා"

""ඔයාගෙ මූණෙන් නම් ඔයාට ඕන දේ වෙලා නැති පාටක් පේන්නෙ""

"......"

මම මොනා කියන්නද. එ..එතකොට එයා මම ආපස්සට ආවා කියලා දන්නවා. මට මේ වෙන කිසි දෙයක් විශ්වාස කරන්න බැහැ.

""එන්න මා එක්ක""

මට වෙන කරන්න දේකුත් නැති හින්දා, මම දන්න එකම කෙනාත් දැන් මාව දන්නෙ නැති හින්දා. ඕන දෙයක් වෙන්න කියලා එයත් එක්ක ම ගියා මම.

එයා මට ඉස්සරහින් යන හින්දා මට ඉර අව්වෙන් කිසිම බලපෑමක් මට නැහැ. 

එයා ගිහින් ගිහින් නැවතුනේ ටවුන් එකෙන් හුදකලා වෙලා තියෙන ගෙදරක් ළඟ. ඒකේ ගේට්ටුවෙන් ම මලකඩ කිලෝ 10ක් විතර ගන්න පුලුවන්. ගාර්ඩන් එකේ මල් තිබ්බත් ඒ සේරම මල් වර්ග අදුරු පාට ඒවා ගෙදරත් ලොකු විශේෂයක් නැහැ, ඒත් ඒක පොඩ්ඩක් විතර මායාකාර, භයානක පුනුමක් තියෙන්නෙ.

මට පැනලා දුවන්න හිතුනත්, දැන් මම ඒකට පරක්කු වැඩියි. 

""ඔයා ඇතුලට ගියොත් බය වෙයි. මගෙ සාලේ ෂර්ලොක් හෝම්ස්ට දෙවෙනි නැහැ.""


ෂර්ලොක් හෝම්ස් කියන නම ඇහුන ගමන් ම මගෙ බය වාෂ්ප වෙලා ගියා. ෂර්ලොක් හෝම්ස් කියන්නෙ තනිකරම ඇඩික්ෂන් එකක් මට, එයා ඇත්ත ලෝකෙ හිටියා නම් කියලා මට හිතෙන්නෙ ම නැති තරම්. මොකද මගෙ ලොකේ එයා පොතකට විතරක් ම සීමා උනු චරිතයක් නෙවෙයි.

"එහෙනම් මට අනිවාර්‍යෙන් ම යන්න ඕනෙ."

එයාගෙ මූනෙ තිබ්බ අදුරු ගතිය නැති වෙලා, කට පුරා මාත් එක්ක හිනා උනා.

""මම වගේම ෂර්ලොක් හෝම්ස් රසිකයෙක් වගෙයි එහෙනම්""

මම කලේ හිනා උනු එක. ෂර්ලොක් හෝම්ස් කියන නමෙන් ම මගෙ මූඩ් එක ෆික්ස් උනා.

"දෙවියනේ..."

දොර ඇරපු ගමන් ඇතුලට යන්නත් කලින් එයාගෙ අත යටින් එබිලා බලපු මගෙන් පිට උනේ මම හිතන්නත් කලින්. එයා ගෙදරට එන්නත් කලින් ම මම ඇතුළට ගියා, නෙවෙයි යැවුනා.

ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරෙට මම ගිහින් තියෙන හින්දම මම දන්නවා ඒකෙ තියෙන්නෙ හෝම්ටම ආවේනික අපිළිවෙල ලස්සනක් කියලා.

මම ඒ අපිළිවෙලට මාරම ආස කරන කෙනෙක්, ගෑනු ළමයෙක් උනු මගෙ කාමරේ අච්චර අපිළිවෙල වෙන්නත් හේතුව උනේ ඒක. මේ සාලෙ නම් නතිකරම පිස්සුවක්.

සාලෙ පිරිලා තියෙන්නෙම එක එක ඇස් වශී වෙන විදිහෙ ලස්සන එක එක තරමෙ කෑලි බෑලි, පොත් පත්, බඩු මුට්ටු ගොඩකින්. අම්මලා දැක්කොත් නම් මේක විකාරයක් කියයි, ඒත් මට නම් මේක තනිකරම හීනයක් වගේ.

""ඔයා දැන් මෙතන පැයක් වෙනවා.""

මම සිහියට ආවෙ ස්නේප්ගෙ කටහඬින්, වෙලාව යනවා මට දැනුනෙම නැහැ. එතන හිටපු වෙලාවෙ මට නසීර්ව, අම්මලව, මේ හැමදේම අමතක වෙලා තිබුනෙ. මට මෙහෙන් කාමරයක් ගන්න තිබ්බා නම්.


අපි ගියේ එළියට, පිටිපස්ස පැත්තෙන්. එතන ලොකු ගහක්, අතු වටේටම බෙදුනු. ඒ ගහේ අතු වල බෝතල් එල්ලලා. මේ ගෙදර හැම දේකම අමුතු ලස්සනක් තියෙනවා. 

""මෙන්න මේ තේ එක බොන්න""

""ඔයාට මම ගැන දැනගන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා වගේ""

"ඔව්. මට ඇයි අර ගහේ බෝතල් එල්ලලා තියෙන්නෙ"

""නිකං""

"නැහැ නිකං වෙන්න බැහැ. ඔයාගෙ මේ හැමදේම අමුතුයි, ඒවා හරිම මායාකාරීයි කියලා මට හිතෙන්නෙ. ඔයා වගේ කෙනෙකුට කරන හැම දේකටම තේරුමක් තියෙනවා"

""ම්ම්ම් ඒකත් ඇත්ත""

""ඔය තියෙන්නෙ මගෙ වයස""

"මොකද්ද"

මම නැගිටලා යන්න හැදුවේ බෝතල් ගනන් කරන්න. ඒ මම තිබ්බ අඩිය පිටිපස්සට තිබ්බෙ,

""මට මේ අවුරුද්දෙ ඔයාගෙ උපන්දිනේ දවසට 200""

"එහෙම වෙන්න බැහැනෙ"


"ඔයා කවුද"

""ඒක ඔයාට සංකීර්ණ වැඩියි, දැනට හිතන්න ඔයා වගේ අයට මඟ පෙන්නන කෙනෙක් කියලා""

"පොඩ්ඩක් ඉන්න"

"ඔයාගෙ උපන් දිනෙත් මගෙ දවසෙම ද"

""ඔව්. ඔයාගෙ දවස විශේෂයි, ඒක මතක තියාගන්න""

"එතකොට මමත් විශේෂද"

එයා කලේ හිනා උනු එක විතරයි. දැන්න නම් ඔලුවක් තියෙනවා කියලා මට දැනෙනවා, ඔලුව පැලෙන්න වගේ. බොන්න ඕනෙ ප්‍රශ්න මෙව්වා.

"'දැන් ඔයා ගෙදර යන්න. එකක් මතක තියාගන්න"'

"මොකද්ද"

'"ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නෙ ඔයත් එක්කමයි"'

ප්‍රශ්න අඩු කරගෙන රිලැක්ස් වෙන්න කියලා ටවුන් එකට ආවට මම ආපහු යන්නෙ ඕනවටත් වඩා ප්‍රශ්න ගොඩක් කරේ තියාගෙන.

වැඩිය කලුවර වෙලා නොතිබුනත් පාරවල් වල තියෙන ලයිට් වල කහ පාට කන එළිය මීදුවත් එක්ක එකතුවෙලා අමුතුම චිත්‍රයක් හවස මැවිලා තියෙන්නෙ, ඒ මදිවට එහෙන් මෙහෙන් වැටෙන වැහි පොද


This Vibe

To be continuing............

සදාදර

Mrs.හෝම්ස්





Report Page