Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 22-

True love, remembrance and respect

Epi 21


නසීර්ට මම ගැන හරියටම මතකයක් නැති හින්දා මට බයයි එයාට මම කවුද කිව්වොත් එයා විශ්වාස කරන එකක් නැතිවෙයි කියලා, විශේෂයෙන් ම මේ එයාගෙ පණ්ඩිතකමත් එක්ක නම් කොහොමත් ම නැති වෙයි. මට මතක් උනේ අර පොත. ඒකෙ පිහිට තමයි ඉතින් නැවතත්, නසීර් එක්ක ඒ කතාකරපු පැය භාගෙට මගෙ ලේ ලීටර් 5ක් විතර පිච්චෙන්න ඇති. 

තව එක ට්‍රයි එකක් දීලා බලමු එක්කො, මගෙ ඔලුවට ආවෙ අර ගහ. ඒත් නසීර්ව එයාගෙ කාමරේ කියන ගුලෙන් එලියට ගන්නවා කියන්නෙ හරකෙක්ගෙන් බිත්තරයක් ඉල්ලනවා වගේ වැඩක්. 


"නසීර්ක්,මිස්ටර් නසීර්ක්...."

"ඇයි"

"අනේ බලන්නකෝ මගෙ ඇදුමක් අර ගහක රැදිලා. ඔයාට පොඩ්ඩක් ඉන්න පුලුවන් ද?"

"ඇයි දැන් මම ගිහාම ඇදුම ගහෙන් බිමට බහිනවද" 

මේ වෙලාවට තමයි ඉතින් මට, අර පොතට ගිනි තියලා ඒ ගින්නට ම පනින්න හිතෙන්නෙ

"නැහැ ඔයා ඉතින් උසයිනෙ"

""පුතූ. පව් ඔය ළමයා, ඔයාට ඒ ගහ ගලවන්න නෙවෙයිනෙ කිව්වෙ. පොඩ්ඩක් ගිහින් බලන්න""

හොදම වැඩේ රත්තරන් පුතා පිත්තලම වෙලා ගියා. මම නසීර්ට ඉස්සරහින් ගියාට මොකද මට ඇහෙන්නෙම කුලප්පු වෙච්ච ඇතෙක් මගෙ පිටිපස්සෙන් එනවා වගේ

"මොන ගහද දැන් ඔය"

"අර අතු ගොඩක් තියෙන්නෙ, කොළ පාට කොළ ගොඩක් තියෙන්නෙ. අන්න ඒක"

මොන ගහද අහන්නෙ නිකං මූ වන ජීවී දෙපාර්තුමේන්තුවෙ වගේනෙ.

"අහ් ඒකද, ඒ ගහ කැපිලා පේනවා නේද, අනිත් ගස් වලට තියෙන්නෙ නිල් පාට කොළනෙ"


"මේ තියෙන්නෙ ගහ, අර තියෙන්නෙ ඇදුම"

"මැඩම්ට මාව පේන්නෙ ජිරාෆ් කෙනෙක් වගේද. "

"හරි හරි මම ඔයාට අතින් ඇදුම අරන් දෙන්න කිව්වෙ නෑනෙ. ගහට නගින්න"

"ඇයි මාව වදුරෙක් හරි ඔරන්හොටන් කෙනෙක් වගේ පේනව ද"

"නෑ මගෙ ලේ ටික පුච්චන චිම්පන්සියෙක් විදිහට"

"මොකද්ද"

"නැහැ මුකුත් නැහැ. අපි ගල් ගහමු"

"හා දැන් ඉතින් ඒක විතරයිනෙ කරන්න තියෙන්නෙ"

"නසීර්හ් සොරි මිස්ටර් නසීර්ක් මේ ඔයාට මේ ගහ අමුතුයි වගේ දැනෙන්නෙ නැද්ද"

"මටත් ඒක හිතෙනවා, අච්චර ගස් පහුකරන් මේ ඇදුම මේ ගහේම රැදුනෙ කොහොමද කියලා"

"ඇයි දැන් එතකොට ඔයා හිතන්නෙ ගස්බඩගාලා මම ඕක ගහේ එල්ලුවා කියලද එතකොට"

"නෑ මම එහෙම කිව්වෙ නෑනෙ"


ගල් විල්බැරැක්කයක් විතර ගහලා ගහලා ඇදුම නම් පහලට ගත්තා, ඒත් ප්‍රශ්නෙ නසීර්. එයාට මතක් කරන්නෙ කොහොමද. තාම අර සර්වන්ට් ගෙදරට ඇවිල්ලත් නැහැ. මොනවා කරන්නත් ඉස්සරවෙලාව ඔලුවෙ තියෙන අං තට්ටුව ගලෝලා අයින් කරන්න ඕනෙ.

දෙවියනේ කැළෑ ඩේසි, කොහොමද මට ඒක අමතක උනේ. ඒකෙ නම් නසීර්ට මතක් වෙයි මම කවුද කියලා.

කැළෑ ඩේසි කඩන්න යන්න ඇදෙන් පැන්නත් පස්සෙයි මතක් උනේ වෙලාව කීයද කියලා,මේ මහ රෑ කැළෑ ඩේසි ගෙනිච්චොත් මාව අදුරගන්න එක කෙසේ වෙතත් මේ ගමෙන් ම ගහලා පන්නයි, ඒ තරම් ඉතින්...

අද මගෙ දෙවෙනි දවස, උදෙන් ම නැගිට්ටා අද නම්. මම මූණ සෝදගෙන එදා මගෙ උපන් දිනේ දවසේ කැළෑ ඩේසි වලට මැච් වෙන්න මම ඇදපු ගවුම ම මම ඇද ගත්තා. ඇත්තමයි හස්බන් කෙනෙකුටවත් මෙහෙම කැපකිරීම කරන වයිෆ කෙනෙක් නැතුව ඇති. 

කැළෑ ඩේසි මලක් කඩන ගානෙම මම හිතුවෙ නසීර්ක් පරන නසීර් වෙවා කියලා. කොහොමහරි මටත් වඩා ලොකු පොකුරක් කඩාගෙන ඒක දෙකට බෙදුවා, නැත්තම් ආන්ටි හිතයි මම එයාගෙ යක්ෂ පුතුට පැනි පෙරන්න එන ඇඹලිච්චියෙක් කියලා. 

"ගුඩ් මෝනින් ආන්ටී"

""වෙරි ගුඩ් මෝනින් දූ.""

"ආන්ටි මේ මල් ආන්ටිට"

""අනේහ් කොච්චර ලස්සනද. තෑන්ක්ස් පැටියෝ""

"මේක මිස්ටර් නසීර්ක්ට ආන්ටි, එයාට මේක දෙන්න"

""අයියෝ ඉතින් ඇයි මම දෙන්නෙ, ඔයාම ගිහින් දෙන්නකො""

ප්ලෑන් සක්සස්. හහ් මම මෙහෙම හිටියට කැලේම පිපිලා කැළේම පරවෙලා යන නිළි රැජිනක්.

To be continuing............

සදාදර

Mrs.හෝම්ස්


නසීර්ට පලා මතක් වෙන්නෙ මොනවගෙන් ද ඔයාලා හිතන විදිහට?

මේක හදවතටම කා වැදිච්ච රසිකයො විදිහට දෙන්න බලන්න පිළිතුරක්......


සොරි කෙනෙක් මගෙන් දිග එපියක් ඉල්ලලා තිබ්බා ඒත් මට අද දෙන්න වෙන්නෙ නැහැ, ඔයාල දන්නවද මම මේ මහා ගෝෂාකාරී පාටියක් මැද්දෙ ඉදන් මේ ටික ලිව්වෙත්. දෙන්න සමා ප්ලීස්!!!!!




Report Page