Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 20-

True love, remembrance and respect


Epi 19


නසීර් අනේ එහෙම යන්න බැහැ එයාට.

මම කොච්චර වෙලා කොලේ බදාගෙන ඇඬුවද කියන්න මමවත් දන්නෙ නැහැ. මට කේන්තියි මම ගැනම.

මම ඒ කොළේ ඉරලා පොඩි කරලා දැම්මා. එයාට එහෙම යන්න බැහැ මම ඉන්නකම්.

ඒත් එයා හොල්මනක් මම මනුස්සයෙක්. මනුස්සයෙකුටයි හොමනකටයි එක ලෝකෙක ඉන්න බැයිද. මම තීරණයක් ගත්තා.


මොන තීරණේ ගත්තත් ඒක ක්‍රියාත්මක කරන්න කලින් මේ සීරුම් පාරවල් වලට බෙහෙත් ටිකක් දාගෙන ඉන්න ඕනෙ.

නසිර්ගෙ ලියුම ෆිල්ම් වල වගේ බදාගෙන අඩලා තුවාල වලට තීන්ත ගිහින්. හොදට ම දනවා.


මූණ සෝදගෙන ඇදුමක් දාගෙන. මම මමම උනා. මම ඇයි අඩන්නෙ.

එයා ගියෙ නිවාඩුවකට විතරයි. එයා ආපහු එනවනෙ.

මම ඊයෙ ටවුන් එකේදි දැක්කා පරණ පොත් විකුණන පරණ කඩයක්, මට හිතෙනවා මට උත්තරයක් ඒ කඩෙන් ලැබෙයි කියලා.


සාමාන්‍යයෙන් කවුරුත් හොයන්නෙ නැති, හැමතැනම ගන්නත් නැති පොත් ඒ කඩේ තියෙනවලු.

ඒ කඩේ ගැන යුනිවර්සිටි එකේ ලමයි අතර ගොඩක් මතවාද තියෙනවා.

මම මේ යන්න මම ජීවිතේට යන්න හිතාගෙන හිටපු ගමනක් නෙවෙයි. මම අහලා තියෙන විදිහට ඒ කඩේ සීයා හරි ම අමුතු, ගුප්ත කෙනෙක්ලු.


ඒත් නසීර්, එයා ඉන්නෙ ඔය හැම දේකටම වඩා ඉස්සරහින් මට.

කඩේ ඉස්සරහට ගිහාම ඉබේම කෙට ටිකක් ගිලුනා මට. නසීර්ගෙ ගෙදරට යන්නවත් මම මෙහෙම බය වෙලා නැහැ.


බයවෙන්න එපා පලා. හොද හුස්මක් අරන් දකුනු කකුල පෙරට තියලා දොර ඇරියා. ඇරියා නෙවෙයි ඇරුනා කිව්ව නම් හරි.

වයසකත් නැති තරුණත් නැති ඩයල් එකක් ඉන්නෙ. සීයෙකුත් නෙවෙයි අංකල්කාරයකුත් නෙවෙයි.

හරියට නිකං ස්නේප් වගේ.කලු දිග ලෝගුවක් ඇදගෙන. කිසි හිනාවක් නැහැ මූනෙ. මේ කඩේට එනවටම වෙනම කීයක් හරි දෙන්න ඕනෙ.

""ඇයි. මොකද්ද වෙන්න ඕනෙ"" කටහඬ නිකං මංතර කාරයෙක්ගෙ වගේ.

"මේ මේහ් මම පො..පොතක් ගන්න ආවෙ"

"" එන්න""


කතා කරද්දි ඇස් දිහා එක එල්ලෙ බලාගෙන කතා කරන්න කියලා තිබ්බට මේ පොරත් එක්ක එහෙම කතා කරන්න නම් මට ඉනිමගක නගින්න වෙනවා.

ඒ මදිවට ඇදුම. ඒ නිකං වේල් එකක් වගේ දිගයි. පොර යද්දි අර ඇදුම බිම අතුගාගෙන ම පස්සෙන් යනවා.

"" පොත හොයාගෙන කවුන්ටර් එකට එන්න""

" හරි"

පොර යද්දි අර වේල් එක පාගන්න කූර ආසාවක් ආවත්කවුද දන්නෙ පොර තරහා ගිහින් මාව ගෙම්බෙක් හරි හූනෙක් හරි කරලා දැම්මොත්, ඉතින් මම ඒ ලස්සන ආසාව මගෙ හිතේම තියාගත්තා.

"ම්ම්ම්ම්ම්"

නිකට අත තියාගෙන පොත් රාක්ක අස්සෙ කැරකෙද්දි අර ඩයල් එක මම දිහා බලන් උගුර පෑදුවෙ මම මෙතන ඇවිත් ජයමංගල ගථා කිව්ව ගානට.

මේ පොත අතර මම අතර මං උනා කිව්වොත් හරි,ඒ සේරම පොත් වලට තියෙන්නෙ පරන කහපාට පිටු,මම ආසම විදිහට.


මේ තියෙන්නෙ...


" කාලය හා සම්බන්ද මන්ත්‍ර"


මම හිමීට නම කියෙව්වා. පොත බරම බරයි. ඒත් මට හිතුනෙ මේක බර වෙන්නෙ මේක තියෙන අවුරුදු ගානක දූවිලි තට්ටුව හින්දා කියලා.

පොත අර මනුස්සයට දුන්නම කන්නාඩි කුට්ටම යටින් බොර පාට ඇස් එලියට දැම්මෙ. මම එයාගෙන් තම්පලා මිටියක් ඉල්ලුව වගේ.

""මේක මොකට ද""

තොට මොකටද ඒක කියලා අහන්න හිතුනත්, පොත දුන්නෙ නැති උනොත්.

"ප්‍රොජෙක්ට් එකකට" කියලා උත්තර දුන්නා.


පොත උස්සගෙන මම බෝඩිමට ආවෙ පතලක ඉන්න මනුස්සයෙක්ට පැලැටිනම් කෑල්ලක් හම්බුන ගානට.

කිරි එකක් හදාගන්න කුස්සියට ගිහාම මට ඉබේම බැලුනෙ අර ගහ දිහා. නසීර් හිටිය නම් මේ වෙද්දි එයා මගෙ මෝඩ කතාවකට හිනා වෙවී ඉදියි.


ඩේසි මලුත් සීතල දරාගන්න බැරුව පරවෙලා ගිහින්. මගෙ වාස් එකත් පාලුවට ගිහින්, ආයෙත් මගෙ ලෝකෙ පාලුව රජ කරන්න පටන් අරගෙන.

කිරි එක හදාගෙන. පොත පිහදාලා.දොරවල් වහලා ඇදට ගියේ, නසීර්ව හොයාගන්න ක්‍රමයක් හිතන්න.


මම මෙහෙම දේවල් දැක්කෙ ෆිල්ම් වල විතරයි, ඒකත් ෆැන්ටසියක් විදිහට.

ඒත් දැන් ඒවා විකාරයක් කියලා හිතපු මම ම ඒවා අත්හදා බලනවා.


පොතේ මැදක් විතර යද්දි මට එකක් හම්බුනා. ඒත් ඒක ටිකක් බය හිතෙන විදිහෙ වැඩක්.

"The wheel of the time"


ඒකෙ තියෙන විදිහටම රූපෙ මම ඇද පාමුල ඇන්දා. ඒකට රතු ඕනෙ කිව්ව හින්දා මට සන්තකේටම තිබ්බ රතු ලිප්ස්ටික් එක ඉවර උනා.

ඉටිපන්දම පත්තු කලා. ගෙදරම ලයිට් ඕෆ් කලා. මමත් සුදු ඇද ගත්තා.

පොත.....


මේක හරිද. අවසාන වතාවට මම මගෙන් ම ඇහුවා. හරි යන්න හරි වැරදෙන්න හරි මේක try කරන්න ඕනෙනෙ.

ආයෙමත් මම පොත කියෙව්වා. ඒකට අනුව කාලය ආපස්සට ගියාට මගෙ පැත්තෙන් මුකුත් හානියක් වෙන්නෙ නෑලු.

ඒකත් හොදයි නැත්තම් අවුරුදු 10 පස්සට යද්දි මාව ඉස්කෝලෙ යන හොටු කෙල්ලෙක් බවට පරිවර්තනය උනොත් මොන දෙයියන්ට කියන්න ද


දැන් මගෙ හාර්ට්බීට එන්න එන්නම වැඩි වෙනවා. ඒක හරියට නිකං මම හොදයි කියපු ෆිල්ම් අම්මලා එක්ක බලද්දි 18+ කෑල්ලක් යද්දි වගේ.

හරි හොද හුස්මක් ගත්තා.....


"අවුරෝරා, ඔටොමොස් හුවරොරා මිලිමම් ගෙරහෝරා එරවේරා...

එටමස් මිනිමෝරා බටුමෝජු ලිවේරා..?"


හරිද? ඔක්කොටම කලින් මාව අතගාලා බැලුවෙ කෑලි අඩුවෙන් ඇවිල්ලද කියලා.

මට මුකුත් උනේ නෑනෙ. මම ඉන්න තැනමයි ඉන්නෙත්.


එලියට ගිහින් බලමු, මේ මොකද දෙවියනේ මෙ. හොදට කොන්ක්‍රීට් කරලා තිබුනු දෙකේ දෙකේ පාර හිච්චන් වැලි පාරක් වෙලා.

හරි ඒකියන්නෙ ඒක වැඩ කරලා. මම ආපස්සට ඇවිත්....🥲🔥


නසීර්....

මම දුවගෙන ගියේ වත්ත මැද්දට. කැලේ නම් කිසිම වෙනසක් නැහැ. කවුරුත් මාත් එක්ක ප්‍රෑන්ක් එකක්වත් කරනව ද


" දෙවියනෙ.."

නසීර්ගෙ ගෙදර ලස්සන.......

මල් පිරිලා. එක එක මල්, ඒත් ඒ අතරින් වැඩිපුරම තියෙන්නෙ ඩේසි, ඒ කියන්නෙ එයාගෙ අම්මා.

පීක්...පීක්..


කවුද මේ. මෙතන පාරකුත් තිබ්බද. මම බලන් හිටියෙ ඒ කාර් එකේ කැත දිහා. මෙව්වනෙ බොලේ කාර්, ඒ දැක්කම BMW මොනාද කියලා හිතෙනවා.

කාර් එකෙන් ශාරුක් ඛාන් සීන් ඒකෙන් මුලින් ම සපත්තුව බිමට තියලා ස්ලෝ මෝෂන් බැහැපු ඩයල් එක දැක්කම නම් මගෙ කටත් ඇරුනා.

To be continuing


සදාදර

Mrs.හෝම්ස්


මට ඔයාලාට දුකක් දෙන්න හිතෙන්නෙ නැහැ අනේ. කල්පනා කරද්දි තමයි මතක් උනේ මම writer කෙනෙක් නේද කියලා.🥲

ඔයා මේ වෙනසක කැමති වෙයිද නම් දන්නෙ නැහැ ඔන්න.



Report Page