Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 19-

True love, remembrance and respect

Epi 18


මම උසාවියෙන් හැමෝගෙම ප්‍රශංසා මැද අර සීයටත් කතා කරලා ප්‍රොෆිසර් එක්ක එළියට ආවෙ හීනෙන් වගේ. මට තාමත් හිතාගන්න බැහැ නසීර් අවුරුදු ගානක් විදවපු ඒ අදුර අපි එක දවසින් නැති කලා කිව්වහම. ඉක්මනට නසීර්ට මේක කියන්න ඕනෙ මට.

ඒත් ඔක්කෝටම කලින් හෙට ක්‍රිස්මස් ඉතින් මට හිතුනා නසීර්ට තෑග්ගක් ගන්න, අපි දෙන්නටම.

මම ඒකට ටවුන් යද්දි ප්‍රොෆිසර්ත් මාත් එක්කම එකතු උනේ, එයාගෙ ළමයින්ටත් තෑගි ගන්න ඕනෙ කියලා. මම නසීර්ට චාම් බ්‍රේස්ලට් එකක් අරගන්න ගමන් ම මට රතු ගවුමක් ගත්තා, මම මේ අවුරුදු ගානටම ගවුම පලවෙනි ගවුම මේක. මටත් හිතාගන්න බෑ මේ මම ම ද කියලා. 


බෝඩිමට ගියපු ගමන් ම කලේ ප්‍රොෆිසර්ගෙ කාරෙක ආපහු යන්නත් කලින් පිටිපස්සෙ දොර ඇරලා වත්තට පැනගත්ත එක. පැන්න පාර කොච්චර වේගවත්ද කිව්වොත් පැන්නට වඩා ඉක්මනට බිමට පතබෑ උනා. මේ ග්‍රවුන්ඩ් එක පුරාම හාවන්ගෙ අධිරාජ්‍ය තියෙනවා කියලා මට අමතක උනානෙ.

ඊට පස්සෙ ඉතින් පැන පැන යන එක පැත්තකින් තියලා වෙනදා ලැසි ගමනි ම නසීර්ව හොයාගෙන ගියා. ඒත් වැඩිදුරක් යන්න කලින් නසීර් මම ලගට ආවා.

"පලා ඇයි ඔයා බිම බඩගෑවෙ"

"නැහැ මෙහෙමයි. මම මේ පොළෝ මාතාවට ගරු කරන්නෙ අපෙ අම්මට වගේ. ඉතින් මම හැමදාම එළියට එන්නෙ එයාට කිස් එකක් දීලා. අදත් ඉතින් ඒක මම කලේ"

"අහ් එහෙමද මම ඒත් හිතුවා ගෙදර ලයිට් දාන්නත් කලින් කඩාගෙන බිදගෙන එන්න ඇවිත් එක පාරටම අපායෙ ගියා වගේ ඔයා නොපෙනී ගිහාම" 


කියන කැත විතරක් කටේ කොනකින් හිනා වෙවී. මට ඒක කරන්න බෑනෙ. මම හිනා වෙද්දි මුලු කටම ඇරෙනවා. කෝ අප්පා මේ නසීර් අද දවස කොහොමද කියලා අහන්නෙ නෑනෙ. මම මේ දෑස් දල්වන් ඉන්නෙ ඒක අහනකම්.

"නසීර් මේ ඔයාට දැනගන්න ඕනේ නැද්ද"

"මොකද්ද"

"මොකද්ද කියන්නෙ මනුස්සයෝ...අද මම මේ ගියෙ මොකට ද කියලා මතකද" ඇයි අප්පා මගෙ මූඩ් එකම වාෂ්ප වෙලා ගියා.

"සොරි සොරි පලා කාම් ඩවුන්"

"කාම් ඩවුන් නෙවෙයි මෙතනින් ඔයාව ඩවුන්ද පල්ලම් කරන්න හිතෙන්නෙ ඔය වගේ වෙලාවට නසීර්"

"මම දින්නා.. ඔයා දැන් නිදහස්. දන්නව ද නසී..හ්"


"හුම්ම්..හුම්ම ගන්න බෑ "

"සොරි පලා..රියලි සොරි. ඔයා හොදින් ද"

බුදු අම්මොහ් නසීර්ට උත්තරයක් දෙන්න කලින් මම කලේ දෙකට නැවිලා පෙනහලු දෙක පිරෙන්න හුස්ම ගත්ත එක. පෙනහලු තියා අක්මාවවත් ඉතුරු වෙලා තිබ්බොත් ලොකු දෙයක්. එක පාරටම නසීර් මාව බදාගත්තේ අපෙ අම්මා උදේට පොල් මිරිකන සයිස් එකට. බොකු බඩවැලුත් ඇබරිලා ගියා මගෙ.

"ප්ලීස් නසීර් ආයෙ හග් කරද්දි පොඩ්ඩක් මානුශීය වෙන්න"

"සොරි සොරි"

"ඒක නෙවෙයි. මම කියන්න කලින් ඔයා කොහොමද ඒක දන්නෙ."

"ඔයා අර ප්‍රොෆිසර් යන්නත් කලින් දුවගෙන ආපු විදිහෙන් මම දැනගත්තා"

"පලා ඇත්තටම මම දන්නෙ නැහැ ඔයාට කොහොම තෑන්ක් කරන්න කියලා"

"නසීර් යාලුවො කවදාවත් තැන්ක්ස් කරන්නෙ නැහැ"

"දන්නවද පලා ඔයා තමයි මගෙ අම්මගෙ ආත්මෙට ඇත්තටම සැනසීම අරන් දුන්නෙ. නිකං අම්මගෙ කොතේ රෙස්ට් ඉන් පීස් කියලා ලොකු අකුරෙන් ගහලා තිබ්බට ඒ වචන ඇත්තක් කලේ ඔයා"

එයා අඬනවා. කදුලු පේන්නෙ නැති උනත් හඳ එළියට එයාගෙ උරිස් ගැස්සෙන විදිහෙන් කියන්න පුලුවන්.

"මට මේක තාමත් විශ්වාස කරන්න අමාරුයි පලා"

ඒ පාර හයියෙන් හිනා වෙනවා. මම ඔලුවටත් අත තියලා බැලුවා නසීර් හොදින්ද කියලා. පව් එයා....කොච්චර පීඩනේකද ඉදලා තියෙන්නෙ.

"නසීර් හෙට ක්‍රිස්මස්. මම ඔයාගෙ පොරොන්දුව ඉෂ්ට කලා"

"හ්ම්ම්ම්. මම දැනගෙන හිටියා ඔයාට මේක පුලුවන් කියලා"

"දැන් මම නිදහස්" එයා එදා මම අත් දික් කරලා කැරකුණු විදිහටම ග්‍රවුන්ඩ් එකේ කැරකෙනවා. පොඩි ළමයෙක් වගේ. ඒ පාර හදිස්සියෙන් ම මොකක් හරි මතක් උනා වගේ මම දිහා බැලුවා.

"පලා එන්න මාත් එක්ක. ඔයාට මම දෙයක් ප්‍රොමිස් උනා"


"ඔන්න හොදට බලාගන්න හරිද" ඔව් එයා ගහක් හරහා යන්න හදන්නෙ. ලොකු ගහක් හරහා. එතන වටේ පිටේ ගස් නැති හින්දා මට එයාව හොදට පේනවා. 

"දෙවියනේ" එයා ඒක නිකං හරිම සැහැල්ලුවෙන් කලේ. එයා එක පැත්තකින් ගිහින් අනිත් පැත්තෙන් එලියට ආවා.

"අනේ නසීර්..ඒක ශෝයි.අනේ මටත්"

"අපි ට්‍රයි එකක් දෙමු. මගෙ අත අල්ල ගන්න"

ඇයි එයාට පුලුවන් නම් මට බැරි. නසීර් මුලින් ම ගියාට පස්සෙ මම දුවගෙන දුවගෙන ඇවිත් ඇස් පියාගත්තා. මට ඒ හැගීම විදින්න ඕනෙ.

"ආව්ව්ව්ව්ව්...අම්මාහ්හ්හ්හ්"

"පලා ඔයා හොදින්ද. මම කිව්වෙ මම පස්සෙන් එන්න කියලා මිසක් පුලුවන් උපරිමෙන් ම දුවගෙන එන්න කියල ද" 

නසීර් නම් ශෝක් එකට ගහ මැද්දෙන් ගියා. මට බැරි උනා. ඒ වැදුනු පාරට තාමත් පේන්නෙ මම ඉස්සරහා නසීර්ලා දෙන්නෙක් ඉන්නවා වගේ. මොලෙත් එක්කම හෙල්ලුනාද කොහෙද. කමක් නැහැ එක්කෝ එහෙම වෙලා හරි මේ වගේ ගොන් වැඩ නොකරන්න මොලේ පෑදුනොත් ඇති.

"පලා කෝ අත දෙන්න. "

"යමු අතනට. තාම රිදෙනව ද"

"කෝ එන්න බලන්න"

"පලා..ඔයානම් මේ බලන්න නලලත් සීරිලා, නහයෙනුත් ලේ එනවා"

නසීර් කියන ඒවට මට උත්තර දෙන්නත් බැහැ වගේ. මගෙ ඉස්සරහා දත් ටික ටිකක් පිටිපස්සට ඇවිත් වගේ. නසීර්ගෙ අතින් අල්ලගෙන හිටියට මම තාම ඇස් ඇරියෙ නැහැ. ඒත් නහයෙන් ලේ එනවා කියද්දි නම් වේදනාව මැද්දෙන් උනත් මට හිනා ගියා. 

"ඇයි හිනා වෙන්නෙ. මතකද එදා කැන්සර් එක"

"පලා දැන් හිමීට ඇස් අරින්න."

"කෝ අඬනව ද ඔය, ගොඩක් රිදෙනව ද"

"අනේ මට ගහ ඇතුලෙන් යන්න ඕනෙහ් ඔයා වගේහ්"

"පලා මෙච්චර නහයෙන් කටින් ලේ එන්න පාරක් වැදිලා තීද්දිත් ඔයාට ඕකද මතක් උනේ"

"ඉතින් අනේ"

"දැන් එකොළහටත් කිට්ටුයි පලා. දැන් ගෙදර යන්න. දැන් ගිහින් ආයෙ රෑ දොලහට මෙරි ක්‍රිස්මස් කියාගෙන එහෙම ආයෙ එන්න එපා හරිද. හෙට උදේ හරියටම 9ට අර ගහ ලගට එන්න. 9ට හරිද 6ත් නෙවෙයි 10ත් නෙවෙයි"

"හ්ම්ම්ම්"

"එන්න යමු දැන්"

"පලා"

"ඇයි නසීර්"

"මට ඔයාව හග් කරන්න පුලුවන් ද"

"එන්න"

"පලා මේ අහන්න. ඉස්සරහට ප්‍රශ්න එයි. ලෝයර් කෙනෙක්ට ප්‍රශ්න සාමාන්‍යයි ඒත් ඒවාට වැටෙන්න එපා. ඔයා දැන් ඔයාගෙ ගමන පටන් අරන් ඉවරයි, ආයෙ හැරෙන්න බැහැ. ඔයා නඩු, ප්‍රශ්න උසාවියට විතරක් සීමා කරන්න. ගෙදරට ඔයා ඔයාම වෙන්න. ජීවිතේ ඔයා මේ ඉන්නවා වගේ හැමමොහොතක් ම සැහැල්ලුවෙන් ඉන්න. ඔයා තනි වෙලා නැහැ. ඔයා වෙනුවෙන් ගොඩක් අය ඉන්නවා හරිද.."

"හ්ම්ම්"

"කවදා හරි දවසක හොද පුංචි ලෝයර් නෝනා කෙනෙක් වෙන්න. මම නවත්තපු තැනින් ඔයා පටන් ගන්න ඕනෙ පලා"

"හ්ම්ම්"

"රිදෙනව ද"

"ටිකක්"

"දැන් ගෙදර යන්න. පරිස්සමෙන් වැඩ ටික කරගන්න. ගුඩ් නයිට්"

"ගුඩ් නයිට්"


මම ගැස්සිලා වගේ ඇහැරුනේ දෙයක් මතක් උනු නිසා...වෙලාව 9.30..නැහැ නැහැ එහෙම වෙන්න බැහැ නසීර් ඔයාට යනන් බැහැ.

මූනවත් සෝදන්නෙ නැතුව ඇදෙන් පැනලා දුවගෙන ගියේ ගහ ලගට. අනේ මම හිතපු එක වෙන්න නම් එපා...............

"නසීර්හ්හ්..නසීර්හ්හ්හ්...ඔයා කොහෙද"

මම හිතපු එක හරි එයා ගිහින්. ඇයි මම මෙච්චර මෝඩ උනේ. මම ඊයෙ එයා අර කියපුවා අනේහ් දෙවියනේ, නැහැ නසීර් ඔ‍යාට යන්න බැහැ. අනේහ්

මගෙ සීරුනු තුවාල පාරවල් දිගේ රස්නෙට කදුලු ගලද්දි ඒවා කැක්කුම් දුන්නත් මට කදුලු පිහදාන්න ඕනෙ උනේ නැහැ.

මම හිටියෙ අද ක්‍රිස්මස් සමරන්නෙ නසීර් එක්ක. ගහ යට කැළෑ ඩේසි මල් පොකුරක් එක්ක මොකක්ද මන්දා පාර්සලය. මම ඒක ලිහුවා. ලියුමකුයි එන්විලොප් එකකුයි. 

මම ගහ යට ඉදගෙන ලියුම දිගෑරියා.....

 

"ආදරණීය පලා,

මම දන්නවා ඔයා පරක්කුයි අදත්. මේක ඔයාට ලැබෙද්දි මම ඔයත් එක්ක නැති වෙයි..

ඉස්සලාම කියන්න ඕනෙ මම ෆයිල් ගනන් නඩු ලියලා තිබ්බට මෙහෙම ලියුම් ලියලා නැහැ. මම දන්න විදිහට ලියන්නම්. 

පලා, මේ අහන්නකො මම ආසයි දිගටම ඔයාත් එක්ක ඔයාගෙ හොදම යාලුවා විදිහට දිගටම ඉන්න, ඒත් කෝ මට ඔයාගෙ ලෝකෙ ඉන්න අයිතියක්. මම ජීවත්වෙන කෙනෙක් නෙවෙයි පලා. ඔයා ඒක අහන්න අකමැති උනත් ඒකනෙ ඇත්ත.

මම ඊයෙ යන්න කලින් ඔයාට කියන්න ඕනෙ උනත් මට ඔයාගෙ මූඩ් එක කන්න ඕනෙ උනේ නැහැ ඇරත් මම දන්නවා මම ඒක කිව්වනම් ඔයා මාව කාමරේක ගැටගහලා හරි තියාගන්නවා කියලා. 

ඔයාට හිනා ගියා..මම හරි නේද

ඔයාට ගොඩක් පින් පලා. මම අවුරුදු 10ක් දුක් වින්දා.


මම දන්නවා ඔයා මුලින් ම අතට ගත්තේ මේ ලියුම කියන්න. ඔය අනිත් එන්විලොප් එකේ තියෙන දේත් බලන්න. ඒත් එක්ක ම මේ ගහ එහා පැත්ත බලන්න. එතන ඔය රෙදි මල්ලෙ තියෙන්නෙ මගෙ අලු ටික. ඒක මම ඔයාට දෙනවා. 

පලා ඒත්, මාව කොහෙවත් පිට තැනකට ගෙනියන්න එපා. මම ආසයි මේ කැළේම ඉන්න. මම ඔයාව කවදාවත් අමතක කරන්නෙ නැහැ. ප්‍රොමිස්....

පලා ඔයාට අඬන්න බැහැ, මම ඔයාගෙ යාලුවා වෙන්න කලින් ඔයා මම කියලා කෙනෙක් ගැන දැනගෙන හිටියෙ නෑනෙ. අනිත් එක ඔයාට මතක් කරලා හිනා වෙන්න ඕන තරම් මතක තියෙනවා. 

 

හැමදාම ඔය වගේ සැහැල්ලුවෙන් ඉන්න,

සදාදර,

නසීර්"

නසීර්ගෙ ලස්සන වැල් අකුරින් ලියලා තිබුනෙ එහෙම, එයා එයා කොහොමද එහෙම ගියේ. දුශ්ටයා, නපුරාහ්

මම දෙවෙනියට අර එන්විලොප් එක දිගෑරියා. දෙවියනෙ...

"Forget me not"

මට කියවුනා. ඒකෙ forget me not මල් ඇට. ඒත් ඒකම පොඩි කොල කෑල්ලක්

" මම ඔයාව කවදාවත් අමතක වෙන්නෙ නැහැ.

                ප්‍රොමිස්"

"මේ මල් වලට දැන් එදා මම කිව්ව කාලෙ ඇවිත් තියෙන්නෙ පලා"


To be continuing....

සදාදර 

Mrs.හෝම්ස්

මම ඊයෙ ඔයාලගෙ comments කියෙව්වෙ ආසාවෙන්. මම දිග comments කියවන්න ආසයි, ඒත් දිග comments එන්න පටන් ගත්තෙ කතාව ඉවර වෙන්න ලන් වෙද්දි. මටත් දුකයි. 

හෙට අවසාන කොටසින් හම්බෙමු.





Report Page