Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 18-

True love, remembrance and respect


Epi 17


සොරි කිව්වහම සේරම හරි යනව ද. නසිර්....නසීර් එයා ආපහු එනවද. 

"විවේක කාලය"

මේ බ්‍රේක් එකේදි එයාල තීරනේකට එයි. මට ප්‍රොෆිසර්ත් එක්ක කතා කරන්න තරම් මානසික මට්ටමක් නැහැ. ප්‍රොෆිසර් මට මොනවහරි කියන්න හැදුවත් මම මඟ ඇරලා, එළියට ආවා.

මට දැන් ඕනෙ කවුරුවත් නැති හුදෙකලා තැනකට යන්න. මේ උසාවිය නසීර්ගෙ නම් අනිවාර්‍යෙන් ම ඒ වගේ තැනක් තියෙන්න ඕනෙ, මොකද මම නසීර් ගැන හොදටම දන්නවා.


මම හරි. ලොකු ගහක් යට ලස්සන ගල් බංකුවක්. ඒ ගහ මායි නසීරුයි මුලින් ම හම්බුනු තැන තිබුනු එක වගේ. 

මට තේරෙන්නෙ නැහැ මොකද්ද මම කරන්න ඕනෙ කියලා. නසීර් මේක දන්නවා නම්. 

""මිස්""

"ඔව්" ව‍යසක සීයා කෙනෙක්. මෙතන බලාකියා ගන්න කෙනා වගේ. එයාව දැක්කහම අපේ සීයව මතක් උනා. මම මගෙ ප්‍රශ්න අමතක කරලා එයත් එක්ක හිනා උනා.

""මිස් නේද උත්පාලා කියන්නෙ"" උච්චාරණය විදිහට නම් එයා ඉතාලි ජාතිකයෙක් වගේ.

"ඔව් ඒ මම තමයි"

"එන්න මෙතනින් ඉදගන්න"

""බොහොම ස්තූතියි""

""මම දැක්කා අද මිස්ව උසාවියෙදි. මිස් කරන්නෙ මම එදා ඉදලම දෙවියන්ගෙන් ඉල්ලපු ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරන එක""

"මිස්ටර් නසීර්ක් සම්බන්දව ද"

""ඔව්. මාව මෙතනට ගත්තෙත් ඒ මහත්තයා තමයි මිස් උත්පාලා""

"මට පලා කියන්න"

"ඒක නෙවෙයි, ඔයා නසීර්ව දන්නව ද"

""ඔව්. හොදටම දන්නවා""

"මට මේ මුකුත් විශ්වාස කරන්න බැහැ..."

""මම තොම්සන්. මට ටොම් කියන්න""

"ටොම්"

""මටත් බැහැ මිස් පාලා""

""මිස් පළවෙනි වතාවට ද මෙහෙම කේස් එකක් හැන්ඩ්ල් ක‍රන්නෙ""

"ඔව්. මම තාම ඉගෙන ගන්න කෙනෙක්"

"" මිස්ට කමක් නැත්තම් මම දෙයක් කියන්න ද""

"කියන්න"

""දැන් අවුරුදු 11ට කලින් නසීර්ක් මහත්තයත් මෙතන මිස් වගේම ඉදගෙන ලොකු කල්පනාවක හිටියෙ.

මිස් දන්නව ද, මෙතන වැඩ කරපු ලෝයර් කෙනෙක් ලොකු වංචාවක් කරලා, අනිත් හැමෝම එයා වැරදියි මෙතන වැඩ කරන්න සුදුසු නෑ කිව්වට, නසීර්ක් මහත්තයා එයාට සමාව දුන්නා. ඒ මහත්තයා මට එදා දෙයක් කිව්වා""

"මොකද්ද"

""එයා කිව්වා, හැමවෙලේම අපේ කෝණෙන් බලන්නෙ නැතුව, ප්‍රශ්නයක් විසදද්දි අනිත් කෙනාගෙ කෝණෙනුත් ඒ ප්‍රශ්නෙ දිහා බලන්න කියලා. සාමාන්‍ය මිනිහෙක්ගෙයි, ලෝයර් කෙනෙකුගෙයි වෙනස් වෙන්නෙ අන්න ඒ හේතුවෙන් ලු.

නසීර්ක් මහත්තයා තරම් ගුන ගරුක කෙනෙක් මේ වෙනකම් මේ උසාවියෙ මම දැකලා නැහැ""

""මම යන්නම් මිස්. සුභ දවසක්""

ඒ සීයා මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා යන්න ගියා. ඇත්තටම එයා කිව්ව දේ ඇත්ත කියලා මටත් හිතුනා. අපි ලෝයර් කෙනෙක් ළගට යන්නෙ එයා වෙනස් ම කෝණෙකින් ඒක දකියි, කියලා තියෙන විශ්වාසෙටනෙ. 


එහෙම බලපුහම ප්‍රොෆිසර් හාව්ඩ්ගෙත් වැරැද්දක් නැහැ කියලා මට හිතුනා. එයාට ඕනෙ උනේ නසීර්ට සහනයක් වෙන්න, උදව්වක් වෙන්න. ඒකෙන් නසීර්ට මේ වගේ දෙයක් වෙනවා කියලා එයා දන්නවා නම් ඒක කීයටවත් එයා කරන්නෙ නැහැනෙ.

මම ප්‍රොෆිසර්ව මග ඇරපු එක වැරදියි. එයාට වැරැද්ද පිලිගන්නෙ නැතුව ඉන්න තිබුනනෙ, ඒත් එයා එහෙම කලේ නෑනෙ.

මම හිතන්නෙ නැහැ මෙතන ඉන්න කවුරුත් මම මේ දකින කෝණෙන් මේක බලයි කියලා. මේ වෙලාවෙ ප්‍රොෆිසර්ට ඉන්න එකම කෙනා මම, ඇරත් මට මේක කරන්න උදව් කරපු කෙනා එයා.

මම ප්‍රොෆිසර්ව හෙව්වත් මට හොයා ගන්න බැරි උනා. ඒත් එක්කම බෙල් එක ගැහුවා.


ප්‍රොෆිසර් හාවඩ් මම දිහා බලද්දි ම මම හිනා උනා හදවතින් ම. එයා පව්, ඒත් එක්කම එයාගෙ අදුරු වෙලා තිබුනු මූණ එලිය වැටිලා සි‍යුම් හිනාවක් ආවා. මම ප්‍රොෆිසර්ට බය වෙන්න එපා කියලා ඇස් වලින් ඇගෙව්වා.

මම හෙට වෙන්න කලින් කොහොමහ‍රි මේ නූල් බෝලෙ පැටලුම අරින්න ඕනෙ, එදා නසීර්ට මම පොරොන්දු උනේ නත්තල් දවසට කලින් මම මේ හැමදේම විසදනවා කියලා. ඉතින් හෙට නත්තල්.

"නැවතත් අපි පටන් ගමු, අපි කැමතියි ජූරියේ අවසාන තීරණය නිකුත් කරන්න කලින්, මිස්ටර් හාවඩ් තොම්සන් සම්බන්දව කේස් එක කතා කරන්න. ඔබලාගෙන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙන ලෝයර් කවුද"


"මම කැමතියි"

ඔව්. මම ඒකට කැමතියි, මේක කරන්න ඕනෙ මමමයි. හැමෝගෙම මූණු වල තියෙන්නෙ පුදුමයක්. එහෙම නොවුනොත් තමයි පුදුම ඉතින්, මම නසීර් වෙනුවෙනුත් ඉදිරිපත් වෙලා දැන් ප්‍රොෆිසර් වෙනුවෙනුත් ඉදිපත් වෙනවා. ඒත් මට විශ්වාසයි නසීර් හිටියා නම් එයා කරන්නෙත් මේක.

"හොදයි එහෙනම්. ඔබ ඇයි මිස්ටර් හාවස් වෙනුවෙන් පෙනී සිටින්නෙ"

"ස්වාමීණී මම දන්නවා මෙතන ඉන්න හැමෝටමත් තියෙන්නෙ ඒ ප්‍රශ්නෙ කියලා. ඒ වගේම හැමෝම කියන්නෙ මේ මිස්ටර් හාවඩ් මිනීමරුවෙක් කියලා, ඒත් මම ඒකට විරුද්ධයි."

"හේතුව"

"අපි හැමෝම බැලුවෙ මිස්ටර් නසීර්ගෙ කෝනෙන්, ඒත් අපි කවුරුත් මිස්ටර් හාවඩ්ගෙ කෝනෙන් බැලුවෙ නෑ නේද?. එයා එදා ඒ පෙති ටික වතුර එකට දාලා දෙන්නෙ එයාගෙ ගුරුවරයට පොඩි හරි සහනයක් වෙන්න හිතාගෙන.

එයා ඒකෙන් මිස්ටර් නසීර්ක්ව මරන්න තැත් කරන්නෙ නැහැ සහ එයා හිතන්නෙ ඒ තියෙන්නෙ බෙහෙත් පෙති කියලා."

" අනිත් කාර්ණාව, ඒක දෙන්නෙ මිස්ටර් නසීර්ගෙ තාත්තා ඉතින් එතන මම හිටියටත් මටවත් කිසිම සැකයක් හිතෙන්නෙ නැති වෙයි. මිස්ටර් හාවඩ් අද ඇත්ත පාපොච්චාරනය කලා ඒකත් අවුරුදු 10කට පස්සෙ, එයා දන්නවා අනිවාර්‍යෙන් ම මේකෙන් පස්සෙ එයාට දඩුවම් ලැබෙනවා කියලා"

"හොදයි, ඔබ කියූ දේවල් සියල්ලම නිවැරදියි."

"ස්වාමීනී, මම අවසාන වශයෙන් කියන්න කැමතියි, මිස්ටර් නසීර්ක් මැරුනෙ මිස්ටර් හාවඩ් දුන්නු බෙහෙත් නිසාම නෙවෙයි."

හැමෝගෙම මූණු වල තියෙන්නෙ නොයිවසිල්ලක්, ප්‍රොෆිසර්ගෙ මූණෙ තියෙනෙත් පුදුමයක්. 

"එසේනම්"

"ඇත්තටම, ඒ පෙති අපි පාවිච්චි කරන්නෙ සර්ප විස නසන්න, ඒක අපි හැමෝම දන්න කාර්ණයක්, මිස්ටර් නසීර්ක් එදා ආපහු ගෙදර යනවා, ඒ කරලා එයා වතුර බොනවා, ඒ වීදුරුවෙ තියෙන්නෙත් මිස්ටර් නසීර්ගෙ ඇගේ තියෙන ප්‍රමාණය හා සමාන ම විසක්, මිස්ටර් නසීර්ක් මැරෙන්නෙ ඒ විස ප්‍රමාණය වැඩි වෙලා.

කෙටියෙන් ම කිව්වොත්, ඒ පෙති දෙකක් බිව්වා කියලා මිනිහෙක් මැරෙන්නෙ නැහැ. ඇගේ තියෙන ශක්තිය අඩ පන කරනවා විතරයි. එහෙම මැරෙන්න නම් කාලයක් ම ඒ විස ඒ ඇගට ලැබෙන්න ඕනෙ, හරියමට මිස්ටර් නසීර්ගෙ අම්මට උනා වගේ. "

"මිස් උත්පලා, ඔබ මේක ඔප්පු කරන්නෙ කොහොම ද"

"ස්වාමීණී ඒක ඔබට පැහැදිලිව බලාගන්න පුලුවන්, ඒ බෙහෙත් පෙති එක මාත්‍රාවක තියෙන්නෙ විස මිලිග්‍රෑම් 2 වගේ ප්‍රමාණයක්, ඒත් මිස්ටර් නසීර්ගෙ වෛදාය වාර්තාවෙ තියෙනවා පැහැදිලිවම මිලිග්‍රෑම් 8ක් කියලා. මිස්ටර් නසීර්ක්ගෙ අම්මගෙ වාර්තාවටත් වඩා වැඩී ඒක."

මට හිතා ගන්න බැරි මට පේන දේවල් ඇයි මෙතන ඉන්න අනිත් අයට පේන්නෙ නැත්තේ කියලා. ආයෙත් ජූරිය වෙනම කාමරයකට ගියා. ඒත් එක්කම මිනිස්සුන්ට තියෙන එකම ටොපික් එකත් මම කියලා මට එහෙන් මෙහෙන් ඇහෙනවා. ප්‍රොෆිසර්ත් ඉන්නවා පුටුවකට වෙලා බිම බලාගෙන. 

"ප්‍රොෆිසර් හාවඩ්"

"උත්පාල, මට ඔයා ගැන ආඩම්බයි." ඒ ඇස් වල කදුලු, ඒත් ඒ සතුටු කදුලු.

"මම ඔයාගෙන් හොද, අවංක පුංචි ලෝයර් නෝනා කෙනෙක් දකිනවා" ප්‍රොෆිසර් කියන්නෙ මගෙ ඔලුව අත ගගා. ඊට පස්සෙ අපි දෙන්නා අතරම තිබ්බේ නිහැඩියාවක්. මොනවා වෙයිද මට හිතා ගන්නත් බැහැ. 

තාම දවල්ට කාලත් නැහැ, නසීර් මතක් කරලා කෑම එකක් අරන් යන්න කිව්වට මම පඩිකමට ආවනෙ. දැන් වෙලාවත් පහයි ගානක්, වෙලාව යන්න යන්න මිනිස්සු අඩු වෙයි කියලා හිතුවට එන්න එන්නම උනේ මිනිස්සු වැඩි උනු එක. හැමෝම ඉන්නෙ ජූරියෙ තීරනය එනකම්.


"අපි ජූරියේ අවසාන තීරණය දැනුම් දෙන්න කැමතියි"

දෙවියනේ....මොනවා වෙයි ද. මම ඇස් දෙක පියාගෙන නසීගෙ මාලේ අතේ ගුලි කරගත්තා. ඒත් එක්ක ම ප්‍රොෆිසර් හාවඩ් මගෙ අතට හිමීට තට්ටු කරලා රහසින් කිව්වෙ හැමදේම හොදට සිද්ද වෙයි කියලා...........


"මේ නඩුව මෙතනින් අවලංගු වන අතරම, මිස්ටර් නසීර්ක් අහමඩ් ස්ටෝපර් සියලුම චෝදනා වලින් නිදහස් වේ. ඒ අතරම මිස්ටර් හාවඩ් තොම්සන් යන පුද්ගලයන්ව ද නිදොස් කොට නිදහස් වේ"

"ඔබට අපගේ සුභ පැතුම් මිස් උත්පලා. ඔයා මේ නඩුව ජයග්‍රහනය කලා"

දෙවියනේ......මීට පැය කීපයකට කලින් දුකට අඬපු මම දැන් ප්‍රොෆිසර්ව බදාගෙන සතුටට අඬනවා. මට මේක විශ්වාස කරන්නත් බැහැ. අපි දිනුවා නසීර්....අපි දිනුවා, ඔයා දිනුවා.

ඒත් ඒක්කම මම දැක්කේ අර සීයා අත් දෙක පපුව හරහට බැදගෙන ජනේලයකින් බලාගෙන ඉන්නවා. මම හිනා උනා කදුලු අතරින් ම.

To be continuing...


සදාද‍ර

Mrs. හෝම්ස්


බෝනස් ඕනෙද.........








Report Page