Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 17-

True love, remembrance and respect

Epi 16


හොද හුස්මක් ගන්න....දැන් යන්න. මට මේක පුලුවන්

දැන් මගෙ වෙලාව අර හිර කූඩුව වගේ තියෙන එකට නගින්න තියෙන. අපි හොයා ගත්ත ඒවා හැමෝම ඉස්සරහා එලියට එද්දි හැමෝගෙම මූනු වල පුදුමයක් වෙනුවට තියෙන්නෙ දුකක්.

මම දන්නවා මේක ලෝකයක් බලනවා කියන්න. නසීර් ගැන හැමෝගෙම හිතේ තියෙන වෛරය මට අයින් කරන්න ඕනෙ. මේ කේස් එක ලංකාවෙදි වගේ මාස ගානක් ඇදෙයිද දන්නෙ නැහැ. ඒත් එහෙම වෙන්නෙ නැතිවෙයි කියලයි මගෙ හිත කියන්නෙ. 

"ඔයා ඇයි මේක තෝර ගත්තේ...ඔයා කොහොමද මිස්ටර් නසීර්ක් ගැන දන්නෙ"

හරිනෙ ෆීලින් ඕසම් විත් නිරිතදිග මෝසම් කිව්වලු. එක පාරකට එක ප්‍රශ්නයක් අහන්න ප්ලීස්. මට හිතෙන්නෙම දැන් මම මේ වේදිකාව වගේ එකෙන් බිමට පතබෑවෙයි කියලා.


"ඇත්තම ම ස්වාමීණී, මම යුනිවර්සිටි යන්න නැවතිලා ඉන්න බෝඩිම තියෙන්නෙ මිස්ටර් නසීර්ක්ගෙ වත්ත පාමුල. මුලදි මම ඒ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ. මම හිතුවේ ඒක රජයට අයිති කැළයක් කියලා."

"හරි මට සම්පූර්ණ කතාව දැනගන්න ඕනෙ"

පොඩ්ඩක් ඉවසන්න ස්වාමීණී....මැද්දෙන් ඇඩ් දාන්නෙ නැතුව. කොහෙද ඉතින් කලබලේනෙ ඔයාලගෙ.

"ඔව් මම කියන්නම්...එක හවසක මට ඇහුනා බලු පැටියෙක් කෑ ගහන සද්දෙ. එක දිගටම එයා කෑ ගහන හින්දා මම කැළේ ඇතුලට බලන්න ගියා.

මට එදා බලු පැටියව ඔයා ගන්න බැරි උනා. මම අතරමන් උනා කැළේ එතකොට තමයි මේ ගෙදර දැක්කෙ.

වැස්ස හින්දම වෙන කරන්න දෙයක් නැති හින්දයි මම ඒ ගෙදරට ගියා. ඒ ගෙදර ඇතුලෙදි මට බයක් හිතුනෙ නැහැ. මම උඩ තට්ටුවෙ තිබ්බ කාමරේකට ගියා, ඒකෙ තිබ්බ සේරම ලෝයර් කෙනෙක්ට අයිති පොත් පත්, දිරලා උනත් මට ඒක පැහැදිලිවම පෙනුනා. "


"මට තිබ්බ කුතුහයල හින්දම මම තව හෙව්වා. එතකොට තමයි මේ ඩයරි එක හම්බුනේ, ඊට පස්සෙ තමයි මම මේ ගෙදර කාගෙද මේ ගෙදර උනේ මොකද්ද කියලා හොයන්න පටන් ගත්තෙ."

මම බොරුව උනත් නසීර්ට පින් සිද්ද වෙන්න ඇත්ත විදිහට අතින් පයින් ඇකෂන් දදා කිව්වා. හැමෝගෙම මූණු වලින් සැකයක් පෙනුනෙ නැහැ. ඒකෙන් හැමෝම සෑහීමකට පත් උනා කිව්වොත් හරි.

දැන් නම් තොලකටත් එක්ක වේලිලා වගේ. හැමෝම අර ඩයරි එක බලනවා, තව කට්ටියක් කලින් මේ කේස් එකට අයිති ෆයිල්ස් බලනවා. එකම කාලගෝට්ටියයි, ඒත් පුදුම තරම් නිශ්ශබ්බදයි. ඒ නිශ්ශබ්බතාවය බින්දේ ප්‍රොෆිසර්ගෙ හඩින්

"ස්වාමීණී"

හැමෝගෙම අවදානට ප්‍රොෆිසර්ට යොමු උනා. මෙයා දැන් මොකද්ද කරන්න හදන්නෙ. එයා මම කිව්වෙ බොරු කියලවත් කියන්නද දන්නෙ නැහැ යන්නෙ.

"මමත් මේකට සාක්ෂි දෙන්න කැමතියි"

මොන සාක්ෂිද දෙන්න හදන්නෙ. අපි දැන් නම් පැරදුනොත් පැරදෙන්නෙ සාක්ෂි වැඩි වෙලා. හොදවෙලාවට ාපි කරන්නෙ පරන යට ගියපු එකක් ආයෙමත් හාරා අවුස්සන එක හින්දා කවුරුත් අපිට විරිද්ධව කතා කරන්න නැහැ.

"ඔව් ඔබට අවස්තාව හිමිවෙනවා"

දැන් නම් මගෙ ඇස් දෙකට කදුලු උනනවා වගේ. මගෙ සේරම මහන්සිය ප්‍රොෆිසර් හින්දා වතුරෙ යයිද. මම අර නෙක්ලස් එක තදට ගුලි කර ගත්තා. ප්‍රොෆිසර් මම දිහා බලලා කලබල වෙන්න එපා වගේ ඇගෙව්වා, ඒත් ඇයි.

"මම ඔයාල හැමෝම දන්න විදිහට මිස්ටර් නසීර්ක් යටතේ කලින් වැඩකරපු කෙනෙක්, එයාගෙ ගෝලයෙක් කිව්වොත් තවත් නිවැරදියි.

මම මෙතන ඉන්නෙත් මිස්ටර් නසීර්ක් හින්දා. මේ කේස් එක මුලින්ම මේ උසාවිය ඇතුලේ කතා කරද්දි මම හිටියෙ කිසිම දෙයක් අහදා ගන්න බැරුව.

ඒත් මගෙ හිත කිව්වෙම මිස්ටර් නසීර්ක් වගේ අවංක මිනිහෙක්ට එහෙම දෙයක් කරන්න බැහැ කියලා. මම එයාගෙ අම්මව ලගින් ම ආශ්‍රේ කරපු කෙනෙක්."


දෙවියනේ මට මොනවද මේ ඇහෙන්නෙ. එච්චර විශ්වාස කලානම් ඇයි නසීර්ව මිනීමරුවෙක් කරනකම් කටවහගෙන හිටියෙ. 

"එක රෑක මිස්‍ටර් නසීර්ක් අපේ ගෙදර ආවා. විශ්වාස කරන්න එයා මම ලග දනින් වැටිලා ඇඩුවා. හරියට නිකං පොඩි දරුවෙක් වගේ එයාගෙ අම්මව ආයෙ ගෙනත් දෙන්න කියලා."

නසීර්..මට දැනෙනවා මගෙ කම්මුල් දිගේ රස්නෙට කදුලු ගලාගෙන යනවා ඉවරයක් නැතුව කියලා.

නසීර් ගැන දන්නෙ නැති කෙනෙකුට මේක ෆැන්ටසි කතාවක් වගේ දැනෙනවා ඇති. ඒත් මම වගේ එයාව දන්න කෙනෙකුට දැනෙන හැගීම.

මට උසාවිය උනත්, කදුලු නවත්තන්න ඕනෙ උනේ නැහැ. 


 "මිස්ටර් නසීර්ක් මගෙන් ව...වතුර වීදුරුවක් ඉල්ලුවා. මම දුන්නා. එ...එයා ඒක බීලා ගෙදර ගියා"

ප්‍රොෆිසර්ගෙ ඇස් වල කදුලු. මෙතන මොකක් හරි මමවත් නසීර්වත් දන්නෙ නැති දෙයක් තියෙනවා. 


"මම එහෙම වෙනවා කියලා දන්නවා නම් කීයටවත් එ...ඒක කරන්නෙහ්..නැහැ ස්වාමීණී. එදා මිස්ටර් නසීර්ක් එන්න ක කලින් එයාගෙ තා..ත්තා අපේ ගෙදර ආවා.

එයා මට පොඩි පෙති දෙකක් දුන්නා. ඒකෙ ති තිබිලා තියෙන්නෙ විසක්. ඒත් එ එයා මට කිව්වෙ. මිස්ටර් න නසීර්ක් මේ දවස් වල ගොඩක් අවුලෙන් ඉන්නෙ මේ එයාගෙ බෙහෙත්. ඒක කො..කොහොමහරි එයාට බොන්න දෙ...දෙන්න කියලා"


මොනවද මේ ප්‍රොෆිසර් කියන්නෙ. එ.තකොට එහෙනම්, නසීර්ගෙ අම්ම මැරුනු විසමයි ඒකෙ තියෙන්නත් ඕනෙ.

නසීර් එදා ගෙදර ඇවිත් බිව්වෙත් ඒ විස වතුර නම්, ඒක එයාගෙ ඇගට ඕනවට වඩා ගිහින්, දෙපාරක් ම...ඒ.තකොටහ් ඒක හින්දයි නසීර් මැරුනෙ. තාත්තා කෙනෙක් තමන්ගෙම පුතාට මෙහෙම දෙයක් කරන්නෙ කොහොමද.

නසීර් ප්‍රොෆිසර් හාවඩ් ලගට ගියේ එයාට ඉන්න එකම විස්වාස කෙනා එයා හින්දා...ඒත් ප්‍රොෆිසර්හ්..මොනව කලේ. නසීර් අදටත් එයාව ඕනවටත් වඩා විශ්වාස කරනවා.


"මට මේක අදහාගන්න බැරි උනා. මිස් උත්පලා මම ගාවට ඇවිත් අර ඩයරි එක දුන්නට පස්සෙ. මට පරන මතක ආයෙ අවුස්සන්න ඕනෙ උනෙ නැහැ. මට මිස්ටර් නසීර්ක් වෙනුවෙන් කතා කරන්න ශක්තියක් තිබුනෙ නැහැ. 

මේ සේරම මට දරාගන්න බැරි හින්දයි මම සේරම නවත්තලා උගන්නන්න ගියේ..ඒත් මට තවත් මේක හංගගගෙන ඉදලා වැඩක් නැහැ."


"ප්‍රොෆිසර් ඔයයි නසීර්ගෙ මරනෙට වග කියන්න ඕනෙ. එයාහ්..එයා ඔයා ගාවට එදා ආවෙ, එයාට තිබුනු විශ්වාසෙ හින්දාහ්...ඒත් ඔයා මොකද්ද කලේහ්"

මම කෑ ගැහුවා. මට මම ඉන්න තැන අමතක උනා. මෙච්චර බොරුවක්....මෙච්චර බොරුවක් එයා කොහොමද කලේ අපිට. ඒකයි එයා මුලින් ම මේකට අකමැති උනේ.

"උත්පලා මට සමාවෙන්න"

යුක්තිය ඉටු වෙයි ද


To be continuing...

සදාදර,

Mrs. හෝම්ස්


මම ඇත්තටම ඔය ලෝයර්, උසාවි සීන් කෝන් වැඩිය දන්නෙ නැහැ හොද ද. හිතුනු විදිහට ලිව්වා.






Report Page