Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 13-

True love, remembrance and respect

Epi 12


"ඔයා දන්නවද මම කොච්චර නොයිවසිල්ලෙන්ද ඉන්නෙ කියලා කැම්පස් ගිහින් ඇවිල්ලා අර ගහ යටට ඇවිත් නසීර් මාර වැඩේනෙ අද කියලා පටන් ගන්න කතා අහන්න. මේ සේරම දේවල් මට ලැබුනේ ඔයා හින්දා. ඔයා හිතුවෙ නැති උනාට ඔයා ලොකු ම ලොකු දෙයක් කරලා මට.."

....................................................................................

"ප්ලීස් පලා මේක මම වෙනුවෙන් කරන්න"

"හරි මම කරන්නම්"

"මම දැන් යන්නද"

"මේ හවස"

"ඔව්. මට මේක බර වැඩියි.ඉක්මනට විසදන්න ඕනෙ"

"යමු. මම බෝඩිම ගාවට එනකම් එන්නම්"


"පලා පරිස්සමෙන් යන්න හරිද"

"හරී..."

ඇත්තටම ප්‍රොෆිසර් ගැන බයවෙන්න දෙයක් නැහැ.එයා මාව අදුරනවනෙ.කොහොමද මම ඒක කියන්නේ

ම්ම්ම්ම් මෙහෙම කියමු හායි ප්‍රොෆිසර් මම පලා..අයියෝ කට් කට් මේ නසීර් මට පලා පලා කියලා මට මගෙ ඇත්ත නමත් අමතක වෙලා ගිහින්.

හරි ආයෙත්,

හායි ප්‍රොෆිසර්.මම උත්පලා. මට මේ ඩයරි එක බිම වැටිලා තිබිලා හම්බුනා. කට් කට්. එහෙමත් බෑනෙ. ඩයරි එකක් බිම තිබිලා හම්බෙන්න මේක කාසියක්ද කියලා ඇහුවොත් එහෙම. "අවුරුදු 10කට පසු වැලලී තිබූ භයානක අපරාධයක සාක්ෂි සහිත ඩයරියක් උත්පලා නම් කෙල්ලෙක් විසින් බිම වැටී තිබී අහුලා ගනියි" සැස් කොහොමද ඩේලි මේල් වගේ පත්තරේක හෙඩ්ලයින් එකේ සිංහල නමක් යද්දි.....


අනිත් එක මම කොහොමද මේක මගෙ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට සම්බන්ද කරන්නෙ.

මම එන පාරෙ තියෙනවා ලොකු පත විසාලා ගෙදරක්. ඒකෙ ඉන්නවා සුද්දියෙකුයි, සුද්දෙකුයි, සුද්දි පැටියෙකුයි, ඉතින් මීට දවස් දෙකකට විතර කලින් කැම්පස් ගිහින් එද්දි මම දැක්කා ඒ තුන් කට්ටුව එකතු වෙලා පූසෙක්ව වල දානවා කිඹුල් කඳුලු හෙල හෙල. 

ඇත්තම කිව්වොත්, මම ප්‍රොජෙක්ට් එකට මුකුත් ම හොයාගන්න බැරි උනොත් කරන්න හිටියෙ අර පූසට වද දීලා මරලා කියලා කේස් එකක් ෆයිල් කරලා ඒ පූස් ආත්මෙට සාධාරණයක් ඉශ්ඨ කරන්න.

නසීර් කිව්ව විදිහට මේක මගෙම සොයාගැනීමක් කියන්න වෙනවනෙ. එහෙම නම් කියන්න වෙන්නෙ ඒ ගෙදර හොයාගත්තෙත් මම ඊට පස්සෙ නසීර් ගැන හෙව්වා. එතකොට මේ ඩයරි එක හම්බුනා කියලා.

ඕවා හිත හිත මම බස් එකෙන් බහින තැනටම ඇවිත්..

"හේයි උත්පාල"එව්ව්ව්ව් උත්පාල නෙවෙයි ජෝතිපාල.කියන්න ආපු එකත් අමතක උනානෙ.එක එක දවසට එක එක නම්.

"හෙලෝ ප්‍රොෆිසර් හාවඩ්"

"එනිවේ..හැපි බර්ත්ඩේ"

"අහ් අද සර්ගෙ බර්ත්ඩේ එකද..හැපි බර්ත්ඩේ"

"මගෙ නෙවෙයි. ඔයාගෙනෙ අද බර්ත්ඩේ එක" අප්පටසිරි ඔව්නෙ. මට සේරම අවුල් වෙලා තියෙන්නෙ අද.

"සො..සොරි ප්‍රොෆිසර් හාවඩ්. තෑන්ක්ස්"

"ප්‍රොෆිසර් හාවඩ්. මට ඔයාගෙන් උදව් ඕනෙ. මගෙ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට"

"ඕකෙ...කොහොමද මම උදව් කරන්න ඕනෙ"

"මෙහෙයි. මේක ඔයා දන්න කෙනෙක් ගැන"

"මිස්ටර් නසීර්ක් අහමඩ් ස්ටෝපර් ගැන" ඒ නම ඇහුනා විතරයි පුටුවෙනුත් නැගිට්ටුනා ප්‍රොෆෙසව. ඔව් ඉතින් පුදුම හිතෙන්න ඇති අවුරුදු 10කට පස්සෙ මම මේ ආයෙ අවුස්සන්න හදන්නෙ මොකද්ද කියලා. එතන එච්චර දෙයක් වෙල තීද්දිත් මෙයාලා නිකං හිටිපු එක ගැන මට පුදුම තරහක් තියෙන්නෙ.

"එ..එයා ගැන මොකද්ද"

"මම ඒ කේස් එක ගැන ෆුල් රිසර්ච් එකක් කලා ප්‍රොෆෙසර්. මට පේන විදිහට එතන ඒ ඉන්වෙස්ටිගේෂන් එක කරපු අයට ගොඩක් තැන මගඇරිලා කියලයි"

"ඒ මිස්ටර්. නසීර්ක්ගෙ අම්මාගෙ මරනෙට වග කියන්න ඕනෙ මිස්ටර් නසීර්ක් නෙවෙයි. ඒක මර්ඩර් එකක් තුන්වෙනියෙක් විසින් කරපු"

"දරුවෝ මේ අහන්න, ඔය වගේ දේවල් කාටද කියන්න බැරි. මටත් කියන්න පුලුවන් නසීර්ක් මැරුවෙ ඔයා කියලා"

මම මේ වෙනකම් මගෙ තරහා, කේන්තිය උපරිමේටම පාලනය කරගෙන හිටියෙ. ඒ තවට් නම් බැහැ. සොරි නසීර්. මේ සර්කාරයා හැසිරෙන්නෙ එයාගෙ කිරි එක මම බිව්වා වගේ.

"සර් මේක හොදට අහගන්න. මම මෙතනට ආවෙ රචනාවක් ලියන්න නෙවෙයි. මම law කරන ස්ටුඩන්ට් කෙනෙක්. මම කිසිම දෙයක් හොයලා බලන්නෙ නැතුව ඔහේ හිතු මනාපෙට කියන්නෙ නැහැ. සොරි සර් මෙහෙම කියනවට ඒත්,

මිස්ටර් නසීර්ක් අපි අතරේ නැති වෙන්න පුලුවන්. ඒත් එයා කරපු සේවය නැති වෙලා නැහැ. එයාට මිනිස්සු කොහොම ලේබල් දුන්නත් මම වගේම සරුත් දන්නවා එයා අවංක ලෝයර් කෙනෙක් කියන්න. ප්ලීස් ඒ වගේ ගරු කරන්න ඕනෙ කෙනෙක්ට ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න."

"සොරි. ඒක මගෙ වැරැද්ද මම පිලිගන්නවා. ඔයා ළඟ මිස්ටර් නසීර්ක් හරි කියන්න සාක්ෂි තියෙනව ද"

"ඔව් සර්. මේ ඩයරි එක පොඩ්ඩක් කියවලා බලන්න"

"මෙන්න. මේ මගෙ නම්බර් එක. සර්ට මාව ඕනෙ උනොත් මට කෝල් එකක් දෙන්න. මේක මගෙ ෆයිනල් ප්‍රොජෙක්ට් එක"

ඩයරි එක දීලා මම එන්න ආවා. සර් කියවනකම් ඉන්න බැහැ. හොදටම රෑ වෙලා දැන්. මම හිතනවා අපේ විශ්වාසෙ සර් කඩකරන්නෙ නැතිවෙයි කියලා.

ඩයරි එක


 සදාදර 

Mrs.හෝම්ස්


කමෙන්ට්ස් ගොඩක් අඩු වෙලා. මම ලියන විදිහ අවුල් ද නැත්තම් කතාව බෝරින් වගේ ද





Report Page