Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 12-

True love, remembrance and respect

Epi 11


මම හිතන්නෙ මේ මගෙ අවස්ථාව, 

මම තීරණයක් ගත්තා.......

..............................................

මම එයාට උදව් කරන්න ඕනෙ. එයයි මගෙ යාලුවා. මට ගොඩක් අය හිටියට එයාට හැම දේකටම ඉන්නෙ මම විතරයි.

"නසීර්හ්හ්හ්"

කෝ මේයා, වෙනදට මම එක සැරයයි නම කියන්න ඕනෙ. 

"නසීර්හ්හ්හ් කොහෙද ඔයා"

"පලාහ්"

"නසීර් මේ ...මම උදව් කරන්න කැමතියි"

"ඒක මම දන්නවා" මොකා.... ඒ පාර හොදට ම හිනා වෙනවා

"ඒ කොහොමද "

"කොහොමහරි "

"හරි හරි...ඔයා දැන් ඉස්සර උනු දේවල් හිතන්න එපා. මට කියන්න මේක වෙලා කොච්චර කාලය ද"

"අදට හරියටම අවුරුදු 10ක්. "

"දෙවියනේ.......නසීර් "

"ම්ම්ම්"

"මට මේක පටන් ගත්ත තැනට යන්න ඕනෙ. ඔයාගෙ ගෙදරට"

"අද ම. ඔයාට හොදටම විශ්වාසද"

"ඔව් නසීර් ඔව්. "

"එන්න මාත් එක්ක. හැබැයි බය වෙන්න එපා. මම ඔයත් එක්ක ඕන වෙලාවක ඉන්නවා"

මොක්ක ඒ කිව්වෙ. ඒක හරිනම් මමනෙ එයාට කියන්න ඕනෙ.

"ඔයාට ගිහාම තේරෙයි මම මොකද්ද කිව්වෙ කියලා"


"න..නසීර්"

"ඒකනෙ කිව්වෙ. මේ මගෙ ෂර්ට් එක අල්ල ගන්න. බිම වීදුරු කටු ඇනෙයි. පරිස්සමෙන් අඩිය තියන්න"

"නසීර් ඔයාත් පරිස්සමෙන් අඩිය තියන්න"

"ඔයාට අමතක උනාද මම කවුද කියලා" දෙවියනේ එයා වීදුරු කටු උඩින් ගිහින් කකුලෙන් ම ඒවා අයින් කරලා මට පාර පාදලා දෙනවා. එයාගෙ කකුල කැපෙනවා ඒත් ලේ නැහැ. අනිත් එක මේ ගෙදර. මේකෙ තියෙන්නෙ භයානක පාටක් නෙවෙයි. පුදුම තරම් ලස්සන ගෙයක් අතෑරලා දාලා පාලුවට ගියපු පෙනුමක්. පුටු කැඩිලා, වීදුරු බිදිලා, බිත්ති දිරලා මේ සේරම එකතු වෙලා හරිම ලස්සන චිත්‍රයක් මැවෙන්නෙ. 


"නසීර් දන්නවද දෙයක්"

"මොකද්ද"

"මට මේ ගෙදර ඇතුලෙන් ඉන්නෙ පුස් ගඳ නෙවෙයි. නහය කඩාගෙන යන තරම් ලොකු ලැවැන්ඩර් සුවඳක්"

"මම ඒකට ආසයි"

"ඔයාට මගෙ කාමරේ පෙන්නන්නද"

"හා. "

උඩ තට්ටුවටම කාමර දෙකයි. පඩිපෙළ කැඩිලා තිබ්බත් අපි කොහොමහරි උඩට ආවා. මට හිතෙනවා නසිර් ඉන්නෙ එයාගෙ මේ ගෙදර ඇතුලේ තියෙන මතක වල කියලා. එයා පව්, ගොඩක් පව්.

"නසීර් මේ ඔයාගෙ මේසෙද"

නසීර් හැසිරෙන විදිහට මම හිතුවේ එයාගෙ මේසෙන් දකින්න ඇත්තේ පිරිසිදු, තැන්පත් පෙනුමක් කියලා. දැන් ඒ සේරම දිරලා උනත් මට කියන්න පුලුවන් එයාගෙ මේසෙට තියෙන්නෙ ලෝයර් කෙනෙක්ට ගැලපෙන හැම තැනම කොළ විසිරිනු ලස්සන තේජවන්ත පෙනුමක්.

"නසීර් මේ මේසෙ ලස්සනයි, ඒක අවුල් උනාට ඒකෙන් ලෝයර් කෙනෙක්ට තියෙන ප්‍රතාපවත් බව එහෙමපිටින් ම තියෙනවා. මම ඒ විදිහට ආසයි"

"දන්නව ද පලා..මම හිතුවේ ඔයා මේවා දැක්කහම ආපහු යයි කියලා මම හිතුවේ. ඒත් ඔයා හිතන පතන විදිහ හරිම වෙනස් අනිත් ගෑනු ළමයින් ට වඩා."

"හරි දැන් මට කියන්න අපිට සාක්ෂි හොයාගන්න වෙනවා"

"ඒවා සේරම තියෙනවා"

"අපිට තියෙන එකම සාක්ෂිය අම්මගෙ ඩයරි එක"

"එයා ඒකෙ සේරම ලියලා තියෙනවා"

"නසීර් එතකොට ඔයා"

"මේ අහන්න. මාව කවුරුත් මැරුවේ නැහැ. ඒක වැරදීමක්. මමයි ඒ වතුර එක බිව්වෙ"

"මට ඕනෙ මගෙ අම්ම උස් මහත් කලේ මිනිස්සු හිතනවා වගේ පුතෙක් නෙවෙයි කියලා උප්පු කරලා අම්මගෙ ආත්මෙට සැනසීමක් දෙන්න"

"නසීර්..අපිට ලෝයර් කෙනෙක් ඕනෙ. මම තාම ඉගෙන ගන්න කෙනෙක් විතරයිනෙ."

"ඒකට හොදම කෙනා මිස්ටර් හාවඩ්"

"මොකද්ද...ඔයා කියන්නෙ මේ මට උගන්නන කෙනා"

"ඔව් එයා තමයි මාව දැනටත් විශ්වාස කරන එකම කෙනා"

"හරි එහෙනම්...කෝ ඔය ඩයරි එක දෙන්න. මම දැන්ම ම එයාව හම්බෙන්න යන්නම්. එයා අද කැම්පස් එකේ ඉන්නවා. මම මුල ඉදන් ම විස්තරේ කියන්නම්"

"හේයි හේයි ඉන්න ඉන්න. ඔයා දැන් ඔහොම ගිහින් කිව්වොත් එහෙමෙ නඩු අහන එක පැත්තකින් තියලා ඔයාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නයි."

"ඒත් නසීර්"

"අහන්න. මාව පේන්නෙ ඔයාට ම විතරයි..ඔයාට ම. කවුරුත් ඔයා ඔය කියන එක විශ්වාස කරන්නෙ නැහැ පලා. මම මැරිලා දැන් අවුරුදු 10ක් ළමයෝ"

"නසීර් ප්ලීස් ඔය මැරුනා කියන වචනෙ කියන්න එපා. මට තාම ඒක පිළිගන්න බැහැ."

"හරි හරි මේ අහන්නකො දැන්. ඔයා මේක හැමෝමට කියන්න ඕනෙ ඔයා හොයාගත්ත දෙයක් වගේ. මේක තනිකරම ඔයාගෙ සොයාගැනීමක්"

"නසීර්හ් ඒත් මේ දේවල් සේරම කලේ ඔයානෙ"

"පලා...මම හොයාගත්තා තමයි. ඒත් මට එයාල ලඟට යන්න බැහැ. මට මේ වත්තෙන් එලියට යන්න බැහැ. ඔයා මේක ඔයාගෙ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට ගන්න"

"බැහැ නසීර් බැහැ. මේක මම කරන්නෙ ඔයා වෙනුවෙන්. මට මේක මගෙ ප්‍රොජෙක්ට් එකට ගන්න බැහැ. මම ඔයා වෙනුවෙන් මොනාද නසීර් කරලා තියෙන්නෙ. එහෙම එකේ ඔයා මට කියන්නෙ මේකත් මගෙ ම වැඩකට ගන්න කියලද"

"හේයි හේයි මේ අහන්න පලා...මම වෙනුවෙන් සේරම කලේ ඔයා. අවුරුදු 10කට පස්සෙ පලා මම හිනා උනේ ඔයා හින්දා...මල් වලට වටිනාකමක් දුන්නෙ ඔයා හින්දා...මේ මගෙ වටේ තියෙන හැම පුංචි දේකින් ම සතුටු වෙන්න පුලුවන් කියලා මම ඉගෙන ගත්තේ ඔයා හින්දා...

ඔයා ලගින් හැමවෙලාවකම එන්නෙ ලැවැන්ඩර් සුවඳ, මම අම්ම එක්ක ඉන්නවා වගේ දැනුනේ ඔයා හින්දා...

කොටින්ම කිව්වොත් මම මැරි. සොරි මම මේ ලෝකෙ නැති උනත් මම තාම ජීවත් වෙනවා කියලා දැනගත්තේ ඔයා හින්දා

මම ඔයා එන්න කලින් හිටියේ ජීවිතේ ම පරාද උනු කෙනෙක් විදිහට...අර ගහ ලඟදි ඔයාව මුලින් ම හම්බුනු විදිහ..දෙවෙනි දවසෙ ඔයා මාත් එක්ක කතා කලත් ඔයාගෙ ඇස් තිබුනෙ කැළෑ ඩේසි මලේ..අන්න එදා තමයි මම මගෙ අම්මව ඔයාගෙන් දකින්න ගත්තේ.

ඔයා අම්මලා එනවා කියලා බය වෙලා නසීර් මට මල් ගොඩාක් ඔනේ වාස් ගොඩකට කිව්ව විදිහ..ඊට පස්සෙ කැන්සර් එකක් කියලා බිම ඉදගෙන අඬපු විදිහ.

කැළෑ ඩේසි, ලැවැන්ඩර්, forget me not, මේ සේරම එකතු උනාම මට ඔයත් එක්ක ඉද්දි දැනෙන්නෙ කතන්දර පොතක ඉන්න කදුකර පොඩි ගෑනු ළමයෙක් එක්ක ඉන්නවා වගේ හැඟීමක්..මම ඒකට ආසයි.

ඔයාට පුලුවන් ඕනම කෙනෙක්ව ඔ‍යාට අයිති වෙනස් ම ලෝකෙකට ගෙනියන්න. මම ගොඩක් ආසයි ඒ ලෝකෙ ඉන්න.

ඔයා දන්නවද මම කොච්චර නොයිවසිල්ලෙන්ද ඉන්නෙ කියලා කැම්පස් ගිහින් ඇවිල්ලා අර ගහ යටට ඇවිත් නසීර් මාර වැඩේනෙ අද කියලා පටන් ගන්න කතා අහන්න. මේ සේරම දේවල් මට ලැබුනේ ඔයා හින්දා. ඔයා හිතුවෙ නැති උනාට ඔයා ලොකු ම ලොකු දෙයක් කරලා මට.."


-කදුකර ගෑනු ළමයෙක්-


සදාදර 

Mrs.හෝම්ස්


මේක මම තව කොටස් තුන හතරකින් ඉවර කරන්නම් නේද?


Report Page