Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 11-

True love, remembrance and respect

Epi 10



"නසීර් කැන් අයි හග් යූ ෆො අ මෝමන්ට්....අයි වොන්න ක්‍රයි"

"එන්න"

............................................

හිනා වෙන හිත් අස්සෙ කවුරුත් දන්නෙ නැති  වේදනාවක් හැංගිලා තියෙන්න පුළුවන්....

ඔව් එහෙම වෙන්න පුලුවන් හරියට නසීර් වගේ.එයත් එක්ක බලද්දි මගෙ ප්‍රශ්න මොනාද කියලා හිතෙනවා.

"පලා ඔයාට ඊළඟ ටික අහන්න ඕනෙද"


"ඔව් ඔව්. සොරි"

" ඉතින් එදා මට හිතාගන්න බැරි උනා මම මොනාද කරන්න ඕනෙ කියලා.මම එදා උදේ වෙනකම් ම කලේ අම්මගෙ උකුලේ ඔලුව තියාගෙන අඬපු එක. මට කවුරුත් යාලුවො හිටියෙ නැහැ පලා. එදා ඔයාට මම කිව්වා වගේ ඔයා තමයි මට හම්බුන එකම හොදම යාලුවා. ඔයාම හිතන්න මගෙ ජීවිතේම උනේ මගෙ අම්මා, මට හිටපු එකම කෙනත් එයා. මම හැමදේම කලේ එයා වෙනුවෙන් එහෙම කෙනා එකපාරටම මාව දාලා ගිහාම. 

එදා උදේම වෙනදා වගේ ම කිරි ගේන කෙනා ආවා. මම හිටියෙ පිස්සෙක් වගේ, එයා පොලීසියට කෝල් කලා. කොච්චර හෙව්වත් අම්මා මාව දාලා ගියේ කොහොමද කියන්න එයාලට හොයාගන්න බැරි උනා. අංතිමට අර මිනිහගෙ කට උත්තරෙත් එක්ක නිගමනය උනේ මම මගෙ අම්මව මැරුවා කියලා.


පලා... මම කොහොමද පලා මගෙ අම්මව මරන්නෙ. මම ඒ වචනෙටත් වෛර කරනවා. මට මගෙ අම්මා වෙනුවෙන් සාධාරණේ ඉශ්ට කරන්න බැරි උනා. මම මේ ගමේ ගෙයක් ගෙයක් ගානෙ ගිහින් කිව්වා ඒත් ඒ කවුරුවත් මාව ගෙටවත් ගත්තෙ නැහැ...අංතිමට මට මාවම එපා උනා. මම හොද ලෝයර් කෙනෙක් උනත් මම කොහොමද සාක්ෂි නැතුව නඩුවක් කතා කරන්නෙ. මම එක දවසක් හාමතේ ඇවිත් කන්න දෙයක් නැති පාර මේසයක් උඩ තිබ්බ වතුර එකක් බිව්වා. මට එච්චරයි මතක.."


"එච්චරයි මතක කියන්නෙ" මම ගැස්සිලා වගේ බැලුවේ නසීර් දිහා ඒ වෙද්දි එයා අහිංසක හිනාවකින් මම දිහා බලාගෙන

"එදා මම බීලා තියෙන්නෙත් ඊට මාසෙකට කලින් අම්මා බිව්වා වතුර එකමයි, ඒකේ තිබිලා තියෙන්නෙ වස"

"න..නසීර්"

"ඔව් පලා මෙහෙම මම හිටියට මාව පේන්නෙ දැනෙන්නෙ ඔයාට ම විතරයි"

"බය වෙන්න එපා.ඔයාට අනතුරක් කරන්න මට ඕනෙ නැහැ. "

"පලා මම යනවා. මට පොඩ්ඩක් තනියම ඉන්න ඕනෙ. ඔයා හොදට හිතලා බලලා උත්තරයක් දෙන්න. මම ඔයාට බලකරන්නෙ නැහැ."


මට තේරෙන්නෙ නැහැ මොනවා කියන්නද කියලා. එයා යන්න ගියා. මෙච්චර දෙයක් කොහොමද එයා හිත ඇතුළේ හංගගෙන මම ඉස්සරා හිනා වෙලා හිටියෙ. මෙච්චර ලොකු දෙයක් මේ කැළේ වෙලත් කොහොමද මේ ඩේසි කිසිම දෙයක් නොවුන ගානට ඉන්නෙ. මට මං ගැනම තරහයි. ලෝකෙ කොච්චර දරුණුද නසීර් වගේ ආදරණීය කෙනෙක්ට අර වගේ ලේබල් එකක් ගහන්නෙ. එයා කොච්චර නිවුණු කෙනෙක් ද


පොඩි දේටත් තරහා ගන්න කොල්ලෝ මොකක් හරි ආවේගයක් ආවහම ලග තියෙන බඩු පොලොවෙ ගහලා හරි ඒ දුක තුනී කරගන්නවා. ඒත් ඒ අතර නසීර් වගේ අය.

එයා මේ වෙනකම් ම කලේ එයාගෙ කිසි දෙයක් මට දැනගන්න නොදී මට එයාව ඕන උනු හැම වෙලාවෙම එයා මමත් එක්ක හිටියා, පුලුවන් තමයි මාව සතුටින් තිබ්බා, එයා මේවා ඉගෙන ගන්න ඇත්තේ එයාගෙ අම්මගෙන්. ඒ අම්මා කොච්චර වාසනාවතයිද මේ වගේ පුතෙක් ලබන්න. 


එයාගෙ අම්ම තමයි හේතුව නසීර් ලැවැන්ඩර් සුවද මෙච්චර කැමති වෙන්න, කැළෑ ඩේසි වලට මෙච්චර ආදරේ කරන්න. එයා ඒවට කොච්චර ආදරෙයිද කියලා එයාගෙ දිලිසෙන ඇස් වලින් පේනවා. මම හරිනම්, නසීර් එයාගෙ අම්මව මගෙන් දැක්කා. ඒකයි එයා මාත් එක්ක මෙච්චර එකතු.

එතකොට එයා ආත්මයක් ද, එයාට කොච්චර දුක හිතෙන්න ඇතිද මම අම්මලත් එක්ක ඉද්දි. එයාගෙ ගෙදර දැන් හොදටම කැළෑවට ගිහින්, එයාට ඒක දකිද්දි මොනවා හිතෙන්න ඇතිද, 

මට ඕනෙ මොන දෙයක් උනත් ඒක මගෙ හිතර බර වැඩී නම් කාත් එක්ක හරි බෙදාගන්න, මම නසීර් එක්ක කොච්චර දේවල් කියවලා ඇතිද එයා කවදාවත් මට මුකුත් කිව්වෙ නැහැ, වදයක් කිව්වෙත් නැහැ, මාව මඟ ඇරියෙත් නැහැ ඒ හැම වෙලාවකදිම ඇස් වලිනුත් එක්ක හිනා වෙවී කියන දේ අහගෙන හිටියා එයා....


මම හිතන්නෙ මේ මගෙ අවස්ථාව, 

මම තීරණයක් ගත්තා.......




සදාදර 

Mrs.හෝම්ස්



කොහොමද? කතාව යන විදිහ අවුල් වගේ ද


Report Page