Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 10-

True love, remembrance and respect

Epi 09


කෝ අප්පා මෙයා. එයාව හොයාගෙන කැළේ ඇතුළට යන්නත් හිතෙනවා. ඒත් මට නසීරුයි මායි මුලින් ම හම්බුනු තැන මේ, කැළෑ ඩේසි මැද්දෙ, ඉතින් මට හිතෙනවා එයාලටත් මේ දේවල් මට වගේම දැනගන්න අයිතියක් ඇති කියලා. 

12.30 යි වෙලාව. කෝ අප්පා මම කතාව අහද්දි කන්න කියලා ගෙනාපු පොප් කෝන් ටිකත් එක දෙක කටට යනවා. මෙහෙම ගියොත් නසීර් එන්න කලින් ම මේකෙ අඩිය බලන්න පුලුවන් වෙයි මට.

අම්මෝ ඔන්න එහෙන් මෙහෙන් කොළ පොඩි වෙන සද්දෙ ඇහෙනවා ඇතුළෙන්. එයා තමයි ඒ. 

"පලාහ්" මේ මොකද මේ මම ඇදුමක් හලලද ඇදගෙන ඇවිත් තියෙන්නෙ. ඇයි නසීර් මම දිහා ඇස් ලාර්ජ් සයිස් කරන් බලාගෙන ඉන්නෙ.

"නසීර් ඇයි ඔයා ඔහොම මම දිහා බලාගෙන ඉන්නෙ"

"ඔයා අද කලින්"

අහ් ඒකද මේ. ඒක නම් ඉතින් පුදුම වෙන්න කාරයනයක් තමයි. නසීර් අද කතාව කියනවා කියපු වෙලේ ඉදන් මේ වෙනකම් මම කාලෙ ගෙවා ගන්න කරපු දේවල් මමනෙ දන්නෙ.

"මම කිව්වෙ කතාවක් කියන්න එන්න කියලනෙ"

"ඔව් ඉතින්"

"එතකොට මේ පොප් කෝන් මොකටද"

" ඒ මට කන්න, ඔයා කතාව කියද්දි. ඔයාටත් ඕනෙ නම් දෙන්නම් ඉතිම්"

පොප් කෝන් ගන්න කියද්දි තොලත් හපාගෙන කැළේ දිහා බලාගෙන හිනා වෙනවා. මම මොකුත් හිනා වෙන්න තරම් දෙයක් කිව්වද මේ මනුස්සයට.

"හරි හරි මට එපා ඔයාගෙ පොප්කෝන් ටික"

"ඔයාගෙ මූණ ඇද වෙලා තියෙන හැටි දැක්කහම උගුරෙන් පහලට යන්නෙ නැහැ" එයා මගෙ කට දෙක වෙන එක දැකලද එතකොට.

නසීර්ට ලොකු දක්ශතාවයක් තියෙනවා. එයාට පුලුවන් එකම විදිහට ඉදගෙන පැය ගානක් උනත් ඉන්න.

අද උදේ හිටපු කෙනා නෙවෙයි දැන් ඉන්නෙ. වෙනස්ම කෙනෙක්. වෙනදට එයා එන හැම වතාවකම ඩේසි මලක් ගේනවා. ඒක කැළෑ ඩේසි නෙවෙයි.ඊට වඩා ලොකුයි. ඒක ගෙනල්ලා මේ ගහ යටින් තියනවා.

ඇයි එහෙම මලක් තියන්නෙ කියලා මට දැනගන්න ඕනෙ ඒත් එයාගෙන් ඒ දේවල් අකමැත්තෙන් අහලා මට දැනගන්න ඕනෙ උනේ නැහැ. එයාටම කියන්න හිතුනු වෙලාවට එයාගෙ විස්තර එකක් දෙකක් කියනවා. වෙනදට නසීර්ගෙ මූණ හරිම සැහැල්ලුයි, ඒත් අද හරිම කලබලයි.

අද එයාගෙ අත පාලුයි. වෙනදට කරන්නෙ ඉදගත්ත ගමන් ම මාත් එක්ක එක එක විකාර කතා කරන එක, ඒත් අද එයාගෙ හිත කොහෙදෝ දුරක තියෙන්නෙ.

"පලා"

"නසීර් මේ අහන්න. මම ඔයාට ඔයාගෙ ඔය හිතේ තියෙන එක කියන්න කියලා බල කරන්නෙ නැහැ. ඔයා අකමැති නම් වෙන දවසක කියන්න"

"නැහැ. එහෙම නෙවෙයි. මට මේක තවත් හිතේ තියාගෙන ඉන්න ඕනෙ නැහැ. "

"ඒත් මට බයයි"

"නසීර් මේ මගෙන් කුණුහරප අහගන්න එපා ඔයා හරිද?"

"හරි හරි කියන්නම්"

මනුස්සයෙක්ට මෙච්චර ඉක්මනට මූණෙ ඉරියව් වෙනස් කරන්න පුලුවන් කියලා මම අද නසීගෙන් දැනගත්තේ. එයා ඉන්නෙ ඇස් පියාගෙන ඒත් එයාගෙ ඉරියව් හරි ඉක්මනට වෙනස් වෙනවා. පුදුමයක්, දුකක්, සතුටක්

"පලා ඔයා දන්නව ද?"

මම දන්නවා නම් තොගෙන් අහනවද මනුස්සයෝ කියලා අහන්න හදලත් නිකං හිටියා. එයාගෙ අද මූඩ් එක හොදටම අවුල්.

"මම පුංචි කාලෙ, මට ලස්සන පුංචි පවුලක් තිබ්බා. මගෙ තාත්තා ලෝයර් කෙනෙක්. මේ වත්ත, සේරම තිබ්බේ අම්මගෙ නමට. අම්මයි තාත්තයි ඉස්සර රණ්ඩු උනත් මට වැඩිය ගාණක් තිබුනෙ නැහැ. 

ඔයා දන්නවද පලා...මම ලොකු වෙද්දි මම දැන ගත්ත දේ, එයා ලෝයර් කෙනෙක් උනාට එයා මහ පහත් මිනිහෙක්. එයා ගොඩක් නරක වැඩ කරලා. ඒවා මම ඔයාට කියන්නෙ නැහැ, මොකද ඔයාගෙ සිතුවිලි හරිම ලස්සනයි, මගෙ අම්මගෙ වගේ. මට ඕනෙ නැහැ ඔයාට ඒවා කියලා ඔයා ඒ ගැන හිතනවටවත්"

"මම වගේම අම්මත් තාත්තා ගැන ගොඩක් දේවල් දැනගත්තා. මගෙ අම්මා පව් පලා.

එයා තාත්තව ඩිවෝස් කලා. ඒ කරලා මේ කැළේට ආවා. අද ඔයා කැළේ මැද දැකපු ගෙදර තමයි අපි හිටියෙ. මම ලෝ ඉගෙන ගෙන ලෝයර් කෙනෙක් උනා. 

මගෙ හීනෙ උනේ දක්ශ ලෙච්චරර් කෙනෙක් වෙන්න. ඒත් අම්මට ඕනෙ උනේ මම ලෝයර් කෙනෙක් වෙලා අර තාත්තා අනාත් කරලා දාපු, හැමෝටම පිහිට වෙනවා දකින්න. අංතිමට මම ඒක කලා. මම හැමෝටම උදව් කලා."

"ඔයා දන්නව ද මම ලොකු උසාවියක් හැදුවා. ඔහොම ටික කාලයක් ගියා. අම්මට මම වැඩට ගිහාම මේ කැළේ තනියම ඉන්න බැරි හින්දා මම වැඩට කෙනෙක් ගත්තා. අහිංසක ගෑනු කෙනෙක්. ඒ අහිංසක කියන්නෙ වෙස් මූණක් කියලා මට තේරුම් ගන්න කල් ගියා පලා. 

එයා අපේ තාත්තාගෙ දෙවෙනි කසාදෙ වයිෆ්. මම මුලින් ම ගොනෙක් වගේ හැසිරුනේ නැත්තම් මගෙ අම්මා තාමත් ජීවතුන් අතර. මට එක දවසක් නඩු 5ක් විතර විසඳන්න තිබුනා. වෙනදට ගෙදරට මම 10 විතර වෙද්දි යනවා. එදා ඒ මූසල දවසේ මම ගෙදර ගියේ පාන්දර 2ක් පහු වෙලා. 

ඔයා දන්නවද වෙනදටත් මාසෙකට සැරයක් විතර එහෙම පරක්කු වෙන දවස් තියෙනවා, ඒ හැම දවසකම අම්මා සාලෙට වෙලා ඇහැරගෙන ඉන්නවා.

මට තියෙන එකම සතුට ගෙදර ගියපු ගමන් අම්මගෙ උකුලෙන් ඔලුව තියාගෙන එදා දවසෙ මම උදව් කරපු අය ගැන අම්මට කියන එක. එයා එතකොට මගෙ ඔලුව අත ගගා හිනා වෙවී අහන් ඉන්නවා. ඒත් අර දවසේ මම යද්දි ගෙදර ගේට්ටුවත් ඇරලා දාලා, ලයිට් එකක්වත් නැහැ.

පලා මම දන්නෙ නැහැ මට ඒ දැනුනු හැඟීම විස්තර කරන්න. 

මම දන්නෙ නැහැ, මම කාරෙකේ දොරවත් වැහුවද කියන්න. මම ගෙදර ඇතුළට ගිහින් බලද්දි ....

මගෙ අම්මාහ්...පලා මගෙ අම්මා"

"නසීර්"

"ඉන්න මට පුලුවන්. මට මේක ඔයාට කියන්න ඕනෙ"

"ඇතුළට ගිහින් බලද්දි මගෙ අම්මා හැමදාම ඉන්න පුටුවේ ඉන්නවා. ඒත් ඒත්..එයා හුස්ම ගන්නෙ නැහැ. පලා එයා අංතිම මොහොත වෙනකම් ම මම එනකම් බලන් ඉදලා. එයාගෙ අතේ හැමදාම මගෙ ඔලුවට දාන ලැවැන්ඩර් ඔයිල් එක"

"නසීර්හ් ඔයා ළඟ ලේන්සුවක් තියෙනවද. මගෙ හොටුහ් එනවනෙ"

"මේක ගන්න"

"නසීර් කැන් අයි හග් යූ ෆො අ මෝමන්ට්....අයි වොන්න ක්‍රයි"

"එන්න"

Nothing to say





සදාදර 

Mrs.හෝම්ස්


මම මේක ඉක්මනට අදින්නෙ නැතුව ඉවර කරන්න හිතුවා. හොදයි නේද ඒ අදහස

Report Page