Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

Episode 09

True love, remembrance and respect

Epi 08


"අවදි වන්න අවදි වන්න

දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නෙ..

හිතනවා වඩා කූර ලෝකෙක ඔබ ජීවත් වෙන්නේ..."


මදැයි සුන්දරව දවස පටන් ගන්න හැදුවා.

"ඇත්තටම නංගි ඔයා මට ඕක කියන්න මේ උදේ පාන්දර කෝල් කලේ"

"ඔව් ඉතින්, රෑ දොහලට ඔයාව ස්ප්‍රයිස් කරන්න අරං අපිනෙ අක්කෙ සම්ප්‍ර්යිස් උනේ" ඒක ඉතින් ප්‍රින්ටින් මිස්ටේක් එකක්නෙ.

"හැපි හෙලිකුටු ඩේ හොදේ..උම්මා උම්මා උම්මා......."

"එහෙමත් විශ් කරන රටක් දැක්කමයි"

"බොහෝම තුති ඔයාට..බායි බායි"

තට ටිකක් නිදාගෙනම මගෙ 24වෙනි වියට පා තබන්න ඕනෙ. හරිනෙ නසීර් මට අද උදේම එන්න කිව්වා නේද. නිදි මත ඉස්සරහා දොරින් පැනලා ගියා ස්ලීපින් ප්‍රින්ස් එක්ක.


වෙනසකටත් එක්ක අද ගවුම ඇදගෙන යන්න ඕනෙ. හැමදාම එක විදිහට ඉදලා බෑනෙ. ගවුමෙත් පොඩි ලුක් එකක් නැතුවම නෙවෙයි නේද. ඒත් ඉතින් සෙට් නෑ ගෝනියකට බැහැලා වගේ. මම එලියට අඩිය තියද්දිම නසීර් ඉන්නවා කැළෑ ඩේසි මැද්දට වෙලා අත් දෙක බැදගෙන. මෑන්ට පොඩ්ඩක් තරහා ගිහින්ද මන්දා..බලමු

"හේයි නසීර්.ගුඩ් මෝනින්..කොහොමද ඉතින්? අද කාළගුණේ එහෙම හොදයි නේද? අර බලන්නකෝ ඩේසි මල් ගොඩා....යි" 

"අපරාදෙ ඇයි මෙච්චර කලින් ආවෙ.තව ටිකක් වෙලා ඉදල ම එන්න තිබ්බෙ"

"මම නැගිට්ටා 6ට විතර ඒත මේ උයලා කද්දි පරක්කු උනා." ශික් මේ බඩජාරි බඩනම්, මම කිව්වෙ බොරුවක් කියන්න වගේ බඩ කෑ ගැහුවා. චාටර් දැන්නම්.

"පලා ආයෙ බොරුවක් කියද්දි බොරුවක් මැද්දට දාලා ඇත්ත දෙකක් දෙපැත්තට දාලා කියන්න"

"හරි හරි සොරි"

"හරි හරි දැන් ඕක අමතක කරන්න"

"අද දවස මම ඔයාට විශේෂ එකක් කරනවා..ඉවසීමෙන් බලාගෙන ඉන්න"

"අද දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් මෙය ඔබේ හිසෙහි පළදගන්න උත්තමාවියනි"

"නසීර්හ් අනේ ඒකහ්"

"ශ්...ශ් සතුට පස්සෙ භුක්ති විදින්න"

අනේ ඒක කැළෑ ඩේසි වලින් හදපු ඔටුන්නක්.ඒක හරිම ලස්සනයි.මගෙ ඔලුවෙ ගානටම ඒක හදලා තියෙන්නෙ, මම ඇදන් ආපු ගවුමත් එක්ක ඒක මාරම විදිහට ගැළපෙනවා.

"එසේනම්...ඔබගේ ජනතාවගේ සුබපැතුම් පිළිගන්න උත්තමාවියනී"

අනේ ඒ ඩේසි මල් පොකුරෙ ලොකූ. මේක හදන්න නම් පැය ගානක් යන්න ඇති.ඒක මට උස්ස ගන්නවත් බෑ.

"ඔන්න දැන් තමයි අපේ ගමන පටන් ගන්නෙ..එකක් කියන්නම් කොහෙද යන්නෙ කොහෙද යන්නෙ කියලා නම් අහන්න එපා හොද ද"

"ඕකේ"

හදපු කෙනාම මල් පොකුර ගත්තා.එයා යනවා මාත් එයා පස්සෙන් යනවා.වටපිටාව නම් හරිම ලස්සනයි .මම ඇත්තටම දැන් වන කුමාරිකාවක් වගේ පේනවා ඇති.මෙච්චර ඇතුලට මම මීට කලින් ඇවිල්ලා තිබ්බෙම නැහැ.මෙහෙ ඉදලා බෑ අප්පා, ආච්චිලා යන වන්දනා ගමනක් වගේ.

"මේහ් නසීර්"

"ම්ම්"

"අර අර ගෙදරක් නේද?"

"ඔව්.ලස්සනයිද"

"ඔව් ඒත් අතෑරලා දාපු එකක් වගේ."

"හ්ම්ම්"

"නසීර් අපි මේ කොහෙද යන්නෙ, තව ගොඩක් දුරද"

""

"නසීර්"

"ම්ම්ම්"

"මේ ගස් වලට සිංදු කියන්න පුලුවන් ද"

"ඔව්"

"මෙයාලා සිංදු කියන එකට තමයි අපි කියන්නෙ ගස් වල කොළ හුළගට හෙලවෙනවා කියලා"

"ඔයාට නොපෙනී ඉන්න පුලුවන් උනොත් ඔයා මොකද කරන්නෙ"

"පුදුමයි"

"ඔව් ඒක පුදුමයි තමයි"

"නෑ මම කිව්වෙ ඔයා ගැන"

"ඇයි මම ගැන පුදුම"

"පස්සෙ කියන්නම්"

"හා එහෙනම් ඒකත් අර එනවා කියල වෙලාවෙදිම කියන්නකෝ"

"ඒ වෙලාව එනවා. අද හවස"


අන්න ඒක තමයි මේ මාසෙ ඇතුලත මම අහපු හොදම වාක්‍ය. ඒක මොන වගේ වෙයිද, නසීර් කවුද, එයා මොකද කරන්නෙ.ඒ හැම දේකටම උත්තර ලැබෙයි ද?

"ඇස් වහගන්න"

"ඇහ්"

"මම කිව්වෙ ඇස් වහගන්න කියලා"

"මම හිතනවා මම කියනකම් ඔයා ඇස් අරින්නෙ නැති වෙයි කියලා පලා" ඇත්තටම මම හිතුවේ හොරෙන් බලන්න, මොකද මට ඉපදුනු දවසේ ඉදන්ම කරන්න ම බැරි වැඩක් තමයි ඇස් පියාගෙන ඉන්නෙ. ඒත් නසීර් ඒක අහිංසකව ඉල්ලීමක් වගේ කිව්වහම මට ඒක අහකදාන්න බැරි උනා.

"ඕකේ සර්. මේ විකාරෙ පැටලිලා මාව වැටුනොත් ඔයා තමයි"

"හරි හරි. මේ මගෙ ෂර්ට් එකේ කොන අල්ල ගන්න"

යනවා යනවා. මොනවා තියෙනවද දන්නෙ නැහැ.මාව කන්දකින් තල්ලු කරන්නද දන්නෙ නෑ හදන්නෙ. නැත්තම් කැලේ අතරමන් කරන්නද


"ඇස් අරි." එයා වාක්‍ය සම්පූර්ණ කරන්නත් කලින් මම ඇස් ඇරියා.

"Forget me not" මට කියවුනා. 

"නසීර්හ් අනේ කියන්නකෝ මේ ඒවා නේද"

"මට නම් මේක හීනයක්. ඒවා පොත් වල තියෙනවට වඩා ලස්සනයි"

එයාලව අල්ලන්න බෑ පව් කියලා හිතෙනවා. මගෙ ලොකු ඇඟිලි වලින් එයාලට රිදෙයි කියලා හිතෙනවා. පුංචි පුංචි නිල් පාට මල් ගොඩක්. මට මේක හීනයක් තාම ඒත් ඒක නිකම් හීනයක් නෙවෙයි. හැබැ උනු හීනයක්

"නසීර්.. මම මල් කිණිත්තක් කඩා ගන්නද. ඒත් එයාලට රිදෙයි ද"

"එයාලා ඔයා එකනම් බලාගෙන හිටියේ. එයාල ආසාවෙන් හිටියෙ කැළෑ ඩේසි වලට වගේම එයාලටත් ඔයාගෙ ඇස් වල තියෙන ආදරේ, කැමැත්ත බලාගන්න. එයාලා ඔයා අතට එන්නෙ සතුටින්."

"පලා..Happy birthday"

"අනේහ්හ්.. තැන්ක් යූ. මේක තමයි මට හම්බුනු හොදම තෑග්ග. ඔයා දන්නවද මම කොච්චර සතුටින්ද දැන් ඉන්නෙ කියලා"

"උපන් දිනයක් සමරන්න, කේක් එකක් ඕනෙම නැහැ."

Forget me not

"ඔයා දන්නවද පලා, මේ ගමටම forget me not තියෙන්නෙ මෙතන මේ පැලේ විතරයි"

"මම තාමත් ඒකට හේතුවක් දන්නෙ නැහැ."

"ඔයා හැමදාම කියන වෙලාව එනකම් මෙයාලත් ඉන්නවා ඇති."

"ම්ම් මට හිතුනෙත් එහෙම"


Stay Tuned

සදාදර 

Mrs.හෝම්ස්






Report Page