Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 08-

True love, remembrance and respect

Epi 07


හැමදාම ඇතුළට වෙලා කිරි එක බොන මම අද කාමරේ ජනේලෙ උඩට ආවා. මොකද මේක හැමදාම උපන්දිනේ දවසට කලින් දවසෙ කරන හින්දා. ගිය අවුරුද්දෙ අද වගේ දවසක මේ වගේ හවසක මෙතන හිටියෙ නංගියි මමයි, එයා කිරි බොන්නෙ නැති හින්දා මග් එකට වතුරා දාගෙන බොනවා. අපි මෙතන ඉදගෙන අවුරුද්ද පුරා ඇනකොටා ගත්ත ඒවා මතක් කර කර මතකය අලුත් කරගන්නවා. ඒකත් අමුතුම ෆීලින් එකක්.

හෙට මගෙ උපන්දිනේ. 24ක් දැන් මට, ගෙදර අය නැතුව මේ වගේ දවසක් ගත කරන පලවෙනි වතාව. 

දැන් ඕවා අමතක කරන්න උත්පලා...ඔයාට පොඩි දේත් ඇති නේද සතුටු වෙන්න. කෝ ඒ කෙල්ල. ඒ කෙල්ල ඉන්නවා ඒත දැන් හරි අමුතුයි. 


නසීර් කියන දේවල් ඇහුවහම එක අතකට හිතෙනවා එයා එහෙම ගුප්ත වෙන එක සාධාරණයි කියලා. මට තාම හිතා ගන්න බැහැ එයාට තියෙන ප්‍රශ්නෙ මොකද්ද කියලා..බොන්න ඕනෙ ප්‍රශ්න මෙව්වා

නසීර්ක්, එයාව මුලින්ම මම දැක්කේ එලවගන්න බැරුව, මගෙ නිදහස නැති භංගස්ථාන කරන්න ආපු වදකාරයෙක් විදිහට. ඒ වදකාරයා දැන් මට ඉන්න හොදම සහ එකම මිත්‍ර පාරනෙ වෙලා. කාලයට කරන්න බැරි දෙයක් නැහැ.

"ආවුච්.."

මේ මොකද්ද හහ් ඇපල් ගෙඩියක්. කවුද යකෝ මට ඇපල් ගෙඩියකින් ගැහුවේ. ආයෙත් අහලා නසීර් ඇරෙන්න වෙන කවුද ඉතින්

"නසීර් ර්"

ඒ පාර තව ඇපල් ගෙඩියක් අතේ තියාගෙන ඉන්නවා සිරිමත් වගේ දත් සෙට් එක දාගෙන.

"ඇත්තමයි දැන් මේක මට ගැහුවෙ මම මැරිලද බලන්න කියලා කිව්වොත් මම අර කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරනවා හරිද නසීර්"

ඒ පාර දෙකට නැවිලා හිනා වෙනවා. අනේ මන්දා

"නසීර් මේ ඔතන වන්නම් නටන්න ගිහින් මගෙ ඩේසි ටික පොඩි කරන්න එපා"

"සොරි මැඩම්. මේ...හෙට උදේම අර අපේ ගහ ලඟට එනවද"

" හරි මම එන්නම්. හෙට මට නිවාඩු"

"මම ගිහින් එන්නම් එහෙනම්. හෙට හම්බෙමු"

අත වැනුවට පස්සෙ මල්ගාල අස්සෙන් උඩ පැන පැන යනවා. කැළෑ ඩේසි මුලු ග්‍රවුන්ඩ් එකම අයිති කරගෙන හින්දා මම වගේ පොඩි කෙනෙක් අස්සෙන් අස්සෙන් ගියාද නසීර්ට යන්න බැහැ.

ට්‍රීං ට්‍රීං ...

"හෙලෝ.."

"ආ හෙලෝ මේ අර කරවල කඩෙ ලම්සන නම්ගියද කතා කරන්නෙ" 

"සොරි එහෙම කෙනෙක් දන්නෙ නැහැ"

මොන පිස්සෙක් ද මන්දා මොනා උනත් පොර ලංකාවෙ වගේ.


ශිට් ආයෙමත්

"හෙලෝ.."

"නම්ගි කරවල වේලන්නෙ ඔයාද. ඒවා හරිම සිනිදුයිනෙ මල් පෙති වගේ" මොන කරවලද මන්දා. මාගෙ මොලෙත් කරවල වෙනවා මූ හින්දා

"නම්ගියා බල්ලා බැදලද ගෙදර"

"නෑ ඇයි තමුසේ බඳින්නද අහන්නෙ. ආතල් නොදී තියපන් මිනිහෝ ෆෝන් එක" ඇයි යකෝ 

.........

ට්‍රීං ට්‍රීං ආෂ් මේ මහ රෑ ඒ පාර කවුද. වෙන කවුද අර කරවලා වෙන්න ඇති. ඉදපන් තොට මම 

"පිස්සුද මනුස්සයෝ මහ රෑ ආතල් දෙන්නෙ. පව් නොදී නිදාගනින්. මේ ෂ‍ර්වුඩ් නැතුව මන්නාරම නෙවෙයි. තෝ ආයෙ මට කෝල් කරලා කරවල ගැන කිව්වොත් දැනගනින් මම තෝව හොයාගෙන ඇවිත් කරවල කරලා විකුනනවා. තිරිසනා"

"ලොකූහ්හ්හ්"

"අ අ අම්මේ" ඉවරයි. ඔය කලේ විනාසයි. කරවලයව ඊයෙම බ්ලොක් කලානෙ මම. මගෙත් මොලේ අම්මලා මොනා හිතුවද දන්නෙ නැහැ.

" ඒ අඩෝ සහෝදරී..මොකෝ සීන් එක law කරලා පාර්ට් ටයිම් කරවල කඩයක්වත් දැම්මද"

අම්මෝ හොදම සප්‍රයිස් එක ඒක. මම අම්මලා ඉස්සරහා ඔහොම කුණුහරප කියලා නැහැ කොච්චර උනත්.

මම රඟපෑවෙ තාත්තා අම්මා කලවැද්දෙක් පෙන්නලා මේ ඉන්නෙ සිංහයෙක් කිව්වත් පිලිගන්න සයිස් එකේ සුහච කීකරු ලොකු දූ චරිතෙ. දැන් ඉතින් රෙද්දක් ඇදගෙන ගෙදර යන්නෙ කොහොමද. කමක් නෑ රෙදි බැයිනම් කොල අතු ඇදගෙන හරි යනවා.

Sleepy

Stay Tuned

සදාදර

Mrs.හෝම්ස්










Report Page