Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 06-

True love, remembrance and respect

Epi 05


"හරි. ඔයා කතා කරලා බලන්න ශේප් එකේ. ඔහොම ගුප්ත විදිහට ඉන්න අය හොදට දන්නවා තමන්ගෙ හිත ඇතුලේ තියෙන හැඟීම පිටට පෙන්නන්නෙ නැතුව ඉන්න. එයා ප්‍රශ්නෙක නම් ඉන්නෙ හොද යාලුවෙක් වෙන්න බලන්න.ඒත් අතේ දුරින්. එයා කොල්ලෙක් කියන එක මතක තියා ගන්න. "

නසීර් ගැන නංගිගෙ අදහස උනේ ඒක. එයා ගුප්තයි කියන්නෙ එයා අනිත් පිරිමි ළමයි එක්ක බලද්දි හරි වෙනස්, විශේෂයෙන් ම අපි දෙන්නම ඉන්නෙ එංගලන්තේ ඉතින් ඒ වෙනස මට ලොකුවටම දැනෙනවා පිරිමි ළමයි ආශ්‍රේ කරලා පළපුරුද්දක් නැති උනත්.


අම්මයි නංගියි ගෙදර ගියාට පස්සෙ බෝඩිම ම පාලුවට ගිහින්. හැම වෙලාවෙම මගෙ බෝඩිම නිශ්ශබ්දතාවය අගයන හින්දා අම්මලගෙ කටහඬවල් මට තාමත් පැහැදිලිව අහන්න පුලුවන්. එයාලගෙ සුවඳ හැම තැනම. එහෙම දැනෙන්නෙ මට තියෙන්නෙ සිග්නේචර් පර්ෆුම් එකක් හින්දා වෙන්න ඇති.

හැමෝම මගෙ පර්ෆුම් එක හරිම සරාගීයි කියලා දකිද්දි නසීර් හැම වෙලාවෙම කියන්නෙ මගෙ ලගින් එන්නෙ ලැවැන්ඩර් යායක අතර වෙනවා වගේ හැගීමක්ලු.එයාට අනුව මම බෝඩිමෙන් එලියට බහිද්දි එයාට සුවද දැනෙනවලු.


 නසීර්ව දැක්කෙත් නැහැ දවස් දෙකකින් ම. අද කලින් ම යන්න ඕනෙ. අම්මලා ඇවිත් ගිහාම ආපහු පුරුදු රටාවට හුරු වෙන්න කොහොමත් මම දවස් දෙකක් විතර ගන්නවනෙ. ඒත් මම විශ්වාස කරනවා නසීර් ඉන්න හින්දා මට පරන රටාවට ඉක්මනට එන්න පුලුවන් වෙ‍යි කියලා.

"අනෙහ් දෙවියනේ...මේ ලේ"

මට මතක් උනේ නසීර්ව විතරයි. මම මේ ගමෙන් දන්නෙ එයාව විතරනෙ. අද සදුදා හින්දා වැඩට ගිහින් ඇතිද දන්නෙ නැහැ. ඒත් අම්මා හරි ගෙදර ඇතිනෙ. නසීර් කියන විදිහට මගෙ හිතේ එයා ගැන මැවිලා තියෙන්නෙ අහිංසක, ලස්සන ගෑනු කෙනෙක්. එයා ඇත්තටම එහෙම ම ඇති කියලා මම හිත්නවා. 

වෙනදට මම කැළේට යද්දි හම්බෙන කැළෑ ඩේසි මල් මග ඇරලා අඩිය තියන්නෙ. 

ඒත් අද කොච්චර එයාලව මගඇරලා යන්න ගියත් මගෙ හිතේ තියෙන කලබල ගතිය හින්දා අද මට දෙන්නෙක්ව පෑගුනා. මට මහා වරදකාරි හැඟීමක් දැනෙනවා. මට ඕනෙ උනේ නැහැ මම කොච්චර කලබලෙන්, බයවෙලා හිටියත් ඒ දුක එයාලගෙන් පිට කරන්න.


"නසීර්ර්‍ ර් ර්...අහ්." ඒපාර ඔලුවත් රිදෙනවා.නහයෙන් ලේ එන එක නැවතිලා වගේ දැන් නම් ඒත් මුලු ඔලුවම පුපුරන්න වගේ. අනේ නසීර් ඔයා කොහෙද

"නසීර්..නසීර් ර් ර් ..."

"උත්පලා"

"නසිර්..අනෙහ්හ්"

"මොකද මේ අඬන්නෙ. මොකද උනේ"

"මටහ්..ඉහි" 

"මේ අහන්න ඉස්සල්ලම ඔය අඬන එක නතර කරගන්න. ඔයාගෙ භාෂාවෙන් කිව්වොත් ඔයා වගේ ජීවියෙක්ට මේ ඇස් වලින් වතුර වගේ ගලන ඒවා සෙට් නැහැ "

"මට ඉස්.සරවෙලාමහ් අඩන්න දෙන්නහ්"

"හරි අඬන්න එහෙනම්. මම ඉන්නම් අඬලා ඉවර වෙනකම්"

නසීර් කියන පමාවට මම එතනම බිම ඉදගත්තා. නසීරුත් මගෙ ඉස්සරහින් ම ඉදගෙන මම දිහා බලාගෙන ඉන්නවා. මට තේරෙනවා එයා ඉන්නෙ නොයිවසිල්ලෙන් ඒත් මට දැන් ඔනේ අඩන්න. කදුලු ඉවර වෙනකම් ම මම ඇඩුවා, ඉකි ගගහා ඇඩුවා. තව කදුලු එන්නෙ නැහැ ඒත් ඉකි ගැහෙනවා.

"අඩලා ඉවරද... දැන් කියන්න මේ ජීවියට මෙහෙම හොටු පෙරාගෙන ඉකි ගගහා අඬන්න තරම් උනේ මොකද්ද කියලා"

"නසීර්හ්..මට කැන්සර් එකක් හ්" එයාගෙ ඇස් ගැස්සුනා. මම හිතන්නෙ දැන් මගෙ කටින් පිට උනේ කොහොමවත් ම එයා බලාපොරොත්තු නොවුනු දෙයක්.ඒක එයාගෙ ඇස් වලින් මම දැක්කා...

SO sadd



Stay Tuned

Mrs.හෝම්ස්

සොරි පරක්කු උනාට එක දිගට බෝනස් දෙන්න ගිහින් මගෙ ගබඩාවෙ තිබ්බ episodes ටික ඉවර උනානෙ. ඉතින් සෝ සොරි...

ඔයාල ආස නිදහසේ ගලාගෙන යන කතාවෙ අරමුණ විතරක් අවදානය දෙක කතා වලට ද, භීෂනේ වැඩි පැත්තට යන කතා වලට ද නැත්තම් දැන් මේ කතාව කලින් episodes 05දි ගලාගෙන ආපු විදිහට ද?

මට කල්පනා කර කර ඉද්දි හිතෙන්නෙම එක්කෙනෙක්ව මරන්න, නැත්තම් කොටස් 10කින් 09කින් ඉවර කරන්න වගේ කූර අදහස්මයි අප්පා.🙂



Report Page