Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

Episode 05

True love, remembrance and respect

Epi 04

ටක් ටක්......

"අක්කේ අක්කේ මා පෙම්බර එක කුස උපන් සහෝදරියේ....ඔබගේ නැගණිය ආවෝ."

බුදු අම්මෝහ්! එක පාරට හෙන හැහුවා වගේ. අතේ තිබ්බ කිරි එකත් හැලුනා. අපරාදෙ. කට ලඟට ලං කලා විතරයි. අනේ මන්දා මේ නගාත් 


"අම්මේ එන්න ඇතුළට"

"ඔයා ඔහොම දොර හරහට හිටියහම අපිට ඔයාගෙ ඇඟ හරහා විනිවිද යන්න ද කියන්නෙ අක්කෙ."

මේ නංගි නම්. මම හොදින් ද කියලවත් ඇහුවෙ නැහැ. ආපු ගමන් පටන් ගත්තා එයාගෙ කිංකිණි හඬ මේ ෂර්වූඩ් ගමේ ම පතුරවන්න.


"අම්මේ ඔයාල ඇඟ එහෙම සෝදගෙන එන්නකො මම කිරි හදන්නම්"

කිරි එකෙන් ම මම මගෙ සුවච කීකරු ලොකු දුව චරිතය රඟපාන්න පටන් ගත්තා. කොහොමහරි මේ සති අංතය ඇතුලත මගෙ ලොකු දූ චරිතය වෙනුවෙන් ලකුණු ටිකක් රැස් කරගන්න ඕනෙ. ආයෙ ඉතින් ගෙදර ගියපු වෙලේ ඉදලා මගෙ ගුණ වර්ණනා කරයි තව මාසගානක් යනකම්.


තාත්තා ඇවිල්ලා නැහැ. පව් වැඩ ඇති. නංන්ගිටත් කැම්පස් පටන් ගන්න හින්දා තාත්තා ලොකූ බයකින් ඉන්නේ අපිට දෙන්නටම කැම්පස් වලට දෙන්න සල්ලි මදිවෙයි කියලා. අපි හතරදෙනාම ජොබ් කරනවා ඒත් මගෙ කැම්පස් එකේ රෑන්කින් එක හොද හින්දා සල්ලි ටිකක් වැඩියෙන් දෙන්න වෙනවා.

 "අම්මේ..අම්මේ..මේ බලන්නකො ගෑනු ළමයෙක්ගෙ අල්මාරියෙ හැටි"

ඔය තියෙන්නෙ මම මෙ බැලුවා ඇයි පරක්කු කියලා.ශික් මෙච්චර අස් කරලත් අල්මාරියට ඔබලා තිබ්බ රෙදි ටික නවන්න අමතක උනානෙ. 

නංගි මාව බලන්න එන එකේ යටි අරමුනු වෙන්නෙ මගෙ ඇදයක් හොයාගෙන ඒක අම්මගෙ කනට දාලා ලකුණු ටිකක් එකතු කරගන්න එක. මගෙ අදින්න බැරි ඇඳුම් මංකොල්ලකාගෙන යන එක, මගෙ කොට්ට යට පාපිසි අස්සෙ එහෙම තියෙන පොකට් මනී වලට විදින එක, වැලන්ටයින් එකට මට හම්බුනු චොක්ලට් ටිකට විදින එක වගේ දේවල්. 


"පුතේ මේ අහන්නකෝ..මේ පාර ඔයාගෙ එකට අපිට එන්න බැරි වෙයි වගේ පුතේ. මගෙ නිවාඩු ටික office එකෙන් approve කරන්නෙ නැහැ."

"කමක් නැහැ අම්මෙ. හැමදාම ඕගොල්ලෝ ආවනෙ. මේ පාර කමක් නෑ. වෙනසකටත් එක්ක. ඔයාලා හිතලා එන්නෙ නැතුව ඉන්නෙ නැහැනෙ."


ජනේලේ වහන්න ගිහාම මට බැලුනෙ අපේ ගහ දිහා. නසීර් කොච්චර හිනා වෙලා හිටියත් මට හිතෙනවා එයා හිත ඇතුලෙන් මොකක් හරි ලොකු දේකට විදවනවා කියලා. ඒක හොදට ම පේනවා එයාගෙ මූණෙ ඉරියව් වෙනස් වෙන විදිහෙන්. එක සැරේටම මට අහන්න බෑනෙ මොකද්ද කියලා. මම යාලුවෙක් විදිහට ඇහුවට එයා මාව යාලුවෙක් විදිහට පිලිගත්තෙ නැති උනොත්. නිකං ඉල්ලං කන්න ඕනෙ නෑනෙ. 

මට හිතෙනවා මම නොදන්න මොකක් හරිම දෙයක් නසීර් සම්බන්ඳව තියෙනවා කියලා.නංගි මගෙ හොදම යාලුවා, අම්මට නොකියන හැම රහසක් ම මට බය නැතුව නංගිට කියන්න පුලුවන්. 

කොච්චර මාත් එක්ක මරාගන්න ආවත් නංගිට මොකක් හරි දෙයක් මේක රහසක් කියලා කිව්වොත් එහෙම අම්මා බැනලා නෙවෙයි කපලා මූදෙ දැම්මත් කියන්නෙ නැහැ.

"ඒ අඩෝ සහෝදරී..මේ ගවුම මට ගානනෙ. ලස්සනයි නෙහ්" 

මගෙ මනෝපාරට සහරාන් බෝම්බයක් කෙලලා ඇරියා වගේ මාව පොළවටම පතිත කරන්න නංගිගෙ ඒ වාක්‍ය සමත් උනා. මට සන්තකේටම තියෙන ගවුම දෙයියනේ. ටැග් එක කඩලත් නැහැ තව. 

"අනේ නංගි ගලවන්න ඕක. දෙනවා ඕක මෙහාට, ඔයාගෙ ඔය සද්දන්ත සරීරෙ ඔය පොඩි ගවුම් කෑල්ලට දරාගන්න බැහැ."

"අම්මේ මේ නංගි බලන්නකෝ මගෙ ගවුම ඉරන්න හදනවා...හ්"

" නෑ අම්මේ මේ අක්කා"

" ආව් ආව් අනේ අක්කේ ගහන්න එපා" 

මේ නංගිලා කියන සෙට් එක නම් නම් මහ සාපයක් ඇත්තමයි. මම ගහන්න තියා හිටපු ඉරියව්වෙන් අඩියක් එහාට තිබ්බෙ නැහැ. මම ගැහුවලු කාට කියන්න ද ඉතින්. මමත් මෙහෙම හිටියට සුපිරි නිලිය.

එතන හිටපු විදිහටම ඉඳ ගත්තා බිම. ලඟ තියෙන බඩු මුට්ටු ටික සද්ද කලා. උගුර පෑදුවා. කාලෙකින් රඟපෑවෙ නැති හින්දා ට්‍රයල් එකක් කලා. 

"ඈහ්හ්හ්"

ඔය තියෙන්නෙ ටකරමකට ගල් ගහනවා වගේ. 1,2 3 ඇක්ෂන්

" අනේහ් ආහ් ආහ් අනේ නංගිහ් ගහන්න එපා. ආහ් අම්මෝහ් ආව්ව්ව්...අම්මේ අම්මේ"

ඇක්ටින් නම් ඇක්ටින් නංගිගෙ මූණ බලන්න ලස්සනයි. දැන් ෂැපද......?

අම්මටසිරි මෑනිතොමෝ දොර පිටිපස්සෙ.. හැන්ද එක අතක කොස්ස අනිත් අතේ. අද හරි අපි දෙන්නටම නගාට මෑනියන්ව පේන්නෙ නැහැ. 

" මා සහෝදරී දුවපාන්න්න්"

"ඉන්නවා දෙන්නම. ආපු ගමන් පටන් ගත්තද මම සේමට නාට්‍ය මුළ ඉදලම බලාගෙන හිටියේ. අද දෙනවා මම...ඉන්නවා ඔහොම..ලොකූහ්"

අපි දෙන්නම ඇදට ගියේ රසම රස කොසු පාරවල් කීපයක් ම අනුභව කලාට පස්සෙ

"ස්ස්ස්ස් ස්ස් අක්කේ ඒ අක්කෙ"

"ම්හ් ම්ම් ඇයීහ්"

"නැගිටිනවකො වදේ. මට බඩගිනියි"

"මට කියන්නෙ. බෙදාගෙන කන්න"

" යන්කෝ අනේ යන්කෝ මගෙ හෝද අක්කනෙ"

"යමු යමු"

"අක්කෙ ඔයා මොනාහරි ඩ්‍රින්ක් එකක් ගත්ත ද, ඔය කුස්සිය නෙවෙයි ටොයිලට් එක"

ඇත්තමයි මට මේ වෙලාවට තමයි හොද හොද වචන උර ගනන් කටට එන්නෙ. පාන්දර 2 කතා කරලා බඩගිනියිලු. මාව පේන්නෙ සයිවර් කඩයක් වගේ ද දන්නෙ නැහැ ඇයි යකෝ.

"මුකුත් නැද්ද අක්කේ අරන් තියපුවා හංගපුවා එහෙම"

වෙන කවුරුහරි අහන් හිටියා නම් එහෙම හිතන්නෙ මම මහ බේබද්දියෙක් කියලා. හංගපුවා හංගපුවා ගාන්නෙ මම නිකං මේ ගේ ඇතුලේ කසිප්පු පෙරපු ගානටනෙ.

"ඉන්න පොඩ්ඩක්"

මම මගෙ නූඩ්ල්ස් හංගපු තැනින් දෙකක් අරන් උණු වතුර දැම්මා

"නංගි මේහ්..මේ නූඩ්ල්ස් ගැන අම්මා දැනගත්තොත් එහෙම මම මරලා හංගනවා හරි ද"

Cooking

Stay Tuned

සදාදර 

Mrs.හෝම්ස්

ඔයාලට හිතුනු දෙයක් වචන වලට පෙරලගෙන යන්න......



Report Page