Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 04-

True love, remembrance and respect

Epi 03

ටිං ටිං ටිංං

ආෂ්ෂ්..... ශික් කවුද යකෝ උදේ පාන්දර මැරෙන්න හදන්නෙ. මදැයි නිවාඩු දවසෙ ටිකක් දවල් වෙනකම් නිදාගන්න හිටියා.

"Puthe oya thama nidida. mamai nangiyi Sherwood enna train ekata nagga."

නිදිමතත් වාෂ්පම වෙලා ගියා.

 අම්මලා එනවලු ඒක සතුටුවෙන්න කාරණයක් උනත් මට අද නම් ඇඬෙන කාරනයක්. දැන් බෝඩිම තියෙන විදිහ දැක්කොත් එහෙම අදම මාව දරුකමෙනුත් එලවලා දායි.

අයියෝහ්...

කුස්සියේ කබඩ් වල තියෙන්නෙ නූඩ්ල්ස් විතරයි. ගිය සැරේ අම්මලා එනකොට ගෙනාපු එලවලු කුණු වෙලා. සාලෙ වාස් එකේ මල් පරවෙලා. ටීවි එකේ මකුණා දැල් බැදලා ලමයින්ගෙ වෙඩිනුත් අරන්. පඩිපෙලේ ඉදලා උඩ තට්ටුවට යනකම් ම මගෙ නෝට්ස් කොල. කාමරේ බිත්තිය අයිනෙ මගෙ රෙදි නත්තල් ගහ. මගෙ ශීතකරනයේ තියෙන්නෙ කිරි විතරයි.

 හරි හරි. ෂර්ලොක් හෝම්ස් කියනවා වගේ කලබල වෙන්න එපා මිත්‍ර්‍යා.

ඒත් කලබල නොවී කොහොමද. තාම ටවුන් එකේ කඩවල් ඇරලා නැතුව ඇති. මුලින් ම ගේ අස් කරලා ඊට පස්සේ ටවුන් ගියා නම් හරි. 

මට ලොකුම වෙලාවක් ගත උනේ කාමරේ අස් කරන්න. කොහොමහරි මම 12 වෙද්දි සේරම වගේ අස් කලා.තව මොනාද මට කරන්න ඉතුරු. කෑළෑ ඩේසි ගේන්න යන්න ඕනෙ.අද එයාලට මගෙ කාමරේ විතරක් නෙවෙයි, මුලු ගෙදරම හැඩ කරන්න තියෙනවා.

 ඩේලි මලක් කඩන ගානෙ මට හිතෙන්නෙම මම එයාලගෙ පවුල් වලින් එයාලව ඈත් කරනවා කියලා.ඒත් මේ මල් කිසිම එකකට දිගුකල් පැවැත්මක් නෑනෙ.

දැන් අවුරුදු දෙකක් ම මගෙ බෝඩිම හැඩ කලේ කැළෑ ඩේසි, අද මට වෙනසක් කරන්න හිතෙනවා. අනිවාරෙන් ම අම්මලත් ඒ වෙනසට කැමති වෙයි. නසීර් ඊයෙ මට කිව්වා කැලේ ඇතුලේ පාට පාට මල් ගොමු ගොඩක් තියෙනවා කියලා. මේ කැළේ එයාලගෙ නම් බයවෙන්න දේකුත් නැති එකේ ටිකක් ඉස්සරහට ගිහින් බලමු. 

"තම්පලා" මම හොදටම බය උනා. ඒත් ඒ කටහඬේ අයිතිකාරයා අදුරගන්න මට මහ වෙලාවක් ගියේ නැහැ.

"නසීර්"

"මොකෝ අද මේ පැත්තේ" එයාගෙ ඇස් වල හරියනම් තියෙන්න ඕනෙ පුදුමයක්. ඒත් ඒ වෙනුවට එයා අහන්නෙ ඇස් වලිනුත් එක්ක හිනා වෙවී.

"මට මල් ඕනෙ වාස් ගොඩකට..පාට පාට මල් ගොඩාක්"

"මම ඔයාව බලාපොරොත්තුවෙන් හිටියෙ, මම දන්නවා ඔයා මල් වලට කොච්චර ආසද කියන්න ඒත් මෙච්චර ඉක්මනට බලාපොරොත්තු උනේ නැහැ."

"හරි වැඩේනෙ නසීර් අපෙ අම්මලා එනවලු අද.බෝඩිම නිකං පිස්සන් කොටුවක් වගේ"

"හරි හරි මට වැඩේ තේරුනා. එන්න මගෙ පස්සෙන්" මම මෙයත් එක්ක යන එක හරි ද? ඒත් නසීර් හොද කෙනෙක් කියලා මට විශ්වාසයි. අනේ මන්දා මම පිරිමි ලමයෙක් එක්ක මෙච්චරම ළඟින් ආශ්‍රේ කරපු පළවෙනි පාර ඒත් මේ විශ්වාසෙ කොහොම ඇති උනාද කියන එක නම් මට උත්තර නැති ප්‍රශ්නයක්.

"නසීර්"

"ම්ම්ම්"

"ගොඩක් දුර යන්න බෑ හරිද මම ටවුන් යන්නත් ඕනෙ"

"හ්ම්ම්. තව ටිකයි"


"ඔන්න මැඩම් අපි ඔබගේ ගමනාන්තයට ආවා."

"නසීර් මෙච්චර ලස්සනක්"

"ඔයා තාම මේ කැළේ හරියට දැකලා නැතුව"

මල් ගොමුවක්

"ඔයා දන්නව ද මේ නිල් පාට මල් වල නම"

"ඒවට කියන්නෙ බ්ලූ බෙල් කියලා"

"අද ආවට මෙතනට තනියම එහෙම එන්න එපා. ඔයාව අතරමන් වෙයි හොද ද"

"හ්ම්ම්"


"ඇති වෙන්න කඩාගත්තද"

"ඕ...."

"නසීර් ඔයාගෙ අම්මා මොකද කරන්නෙ"

"ඔයා ඒක හරිම වෙලා ..."

"ඔයා ඒක හරිම වෙලාවට දැනගනියි. මේ ඒ වෙලාව නෙවෙයි..එහෙමනෙ"

"ඔව් ඔව් 😅"

"ඔන්න මල් වැඩෙත් හරි. තව මගෙන් ඔයාට වෙන්න ඕනෙ උදව්වක් තියෙනවද පලා"

"ම්ම්ම් අහ් ඔව්නෙ"

"සාමාන්‍යෙන් ඔයාලගෙ ගෙදර තියෙන එළවලු මොනා ද. මම කියන්නෙ ගෙදරක තියෙන එළවලු වර්ග"

" ඒ මොනවට ද"

ලැජ්ජාව පැත්තකින් තියලා ඇහුවා මම. මොකද ගිය සැරේ එළවලු ගන්න ගිහින් මම ගෙදර ගෙනල්ලා තියෙන එලවලු වර්ග මෑණිතොමෝ දන්නෙත් නැති ඒවා. මේ සැරෙත් එහෙම උනොත් නම් අතේ මාට්ටු.

" ඔයාට වැඩක් නෑනෙ ඒක. ප්‍රශ්නෙට උත්තර දෙන්නකො"

"ම්ම්ම් කැරට්, බෝන්චි, ඔබෙජීන්, රොකට්, බ්‍රොකොලි වගේ ඒවා තමයි"

"හරි තෑන්ක්ස්"

"යමු දැන්. මම ඔයාව අර ගහ ලඟාට ඇරලවන්නම්"


"නසීර් එහෙනම් මම ගිහින් එන්නම්. ඔයා අද මට ලොකුම ලොකු උදව්වක් කලේ"

"ඕක මොකද්ද."

"අහ් ඒක නෙවෙයි අර කබඩ් වල පුරෝගෙන ඉන්න නූඩ්ල්ස් පැකට් ටික මතක් කරලා හංගන්න. නැත්තම් එළවලු ගෙනාපු එකෙන් වැඩක් නැති වෙයි. අර එහා කෙලවරේ තියෙන ඇපල් ගහෙන් මම ගෙඩි ටිකක් කඩලා අර ගහ ලගින් තියන්නම්. ඒ ටික ගිහින් ඇවිත් මතක් කරලා ගන්න. දැන් යන්න බායි"

නසීර් කොහොමද නූඩ්ල්ස් කතාව දන්නෙ. ඇත්තටම එයා මතක් කරපු එක හොදයි. නූඩ්ල්ස් ටික හංගන්න ඕනෙ.

හරි නසීර් කිව්ව විදිහට ම බඩු ටික ගත්තා. මම හිතනවා මිරිස් කුඩු එක එහෙම කල් ඉකුත් වෙලා නැතුව ඇති කියලා. පාර දිගේ එද්දි මිනිස්සුත් හැරි හැරි බලනවා. බැලුවෙ නැත්තම් තමා පුදුමේ මොකද වෙනදට නූඩ්ල්ස් පැකට් එකක් අරන් ගෙදර යන මම අද අතින් කටින් බඩු එල්ලගෙනනෙ.

මල් මික්ස් කරලා මල් පොකුරු පහක් හැදුවා. ලැවැන්ඩර්, කැළෑ ඩේසි, බ්ලූ බෙල්, ලිලී, පොපි මල්, අයිරිස්,ඩැෆඩිල් මේවා එකතු උනාම පුදුම ලස්සනක් තියෙන්නෙ. අපි මල් පොකුරක් කඩෙන් අරගෙන වාස් එකට දානවට වඩා ඒ මල් අපිම කඩලා අපිම මල් පොකුරු හැදුවහම අමුතුම හැඟීමක් ඉන්නෙ. ඒවගෙ සුවද තාමත් මගෙ ඇදුම් වල තියෙනවා වගේ. 

කොච්චර මල් මික්ස් කරලා හැදුවත් මගෙ කාමරේ හැඩ කරන්න පුලුවන් උනේ ඩේසි වලටම විතරයි. ඩේසි වල තියෙන්නෙ අහිංසක,චාම් ලස්සනක්.

අද මට හිතුනු දෙයක් තමයි. මල් අයිති ගස් වලට, පරිසරයට ඒත් ඒ මල් ඇත්තටම ආදරේ කරන කෙනෙක් අතට ගියාම ඒකෙ වටිනාකම සිය දහස් ගුනේකින් වැඩි වෙනවා.

මම මෙහෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි. මල් කියන්නෙ රෝස වලටම විතරක් නෙවෙයි. හැම මලම එක වගේ සුවඳ නැහැ, ලස්සනත් නැහැ ඒත් ඒක වෙනස් වෙන්නෙ අපි ඒ මල දකින විදිහ අනුව.

My room


 Stay Tuned

සදාදර

Mrs.හෝම්ස්


බෝනස් දෙන නොදෙන එක තීරණය වෙන්නෙ ඔයාලගෙ කමෙන්ට්ස් මත හොද ද ළමයි.

Report Page