Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 02-

True love, remembrance and respect

Epi 01

මමත් හාහා පුරා කියලා නියම දවසෙ තමයි ඇස් පියාගෙන මනෝ පාරක් ගහන්න හැදුවෙ.කවුද දන්නෙ නැහැ. එක ඇහැක් ඇරලා තත්ත්වය සාමකාමීද කියලා බැලුවනම් හරි මුලින් ම........

"බුදු අම්මොහ්" මේ මොකෙද්ද මේහ්

"පිස්සුද මනුස්සයො ටොකු අනින්නෙ." සොරි වෙන්න ඕනෙ බට් කැලේ මාරු උනා කියලා කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැ.ඉතින් මටත් රට මාරු උනා කියලා සිංහල අමතක නැහැ.

"ඔයාට ගොඩක් රිදෙනවද ? මම හිතුවෙ ඔයා මැරිලා කියලා"

මූ සිංහල බුවෙක් එහෙනම් නේද. වෙන විදිහක් තිබ්බෙම නැද්ද දන්නෙ නැහැ බලන්න.

"සොරි අයිම් රියලි සොරි"

"මම මෙතනින් වාඩි උනාට කමක් නැද්ද"

මූ යකෝ උත්තර දෙන්නත් කලින් වාඩි උනා. මේ ගහ ආච්චිගෙ කියලද දන්නෑ පොර හිතාගෙන ඉන්නෙ.


"පොඩ්ඩක් ඉන්න. ඔයා සිංහල නේද"

"අනේ නෑ මම නයිජීරියන්" මෙච්චර වෙලා සිංහලෙන් කතා කරලා දැන් අහනවා සිංහලද කියලා. අනේ මන්දා ඉතින්.

" නම මොකද්ද?"

" උත්පලා "

" මොකක් තම්පලා"

ඇත්තමයි මේ වෙලාවට තමයි තම්පලා මිටියකින් මුගෙ මූන සමතලා වෙන්න දෙන්න හිතෙන්නෙ.

" මම නසීර්ක් අහමඩ් ස්ටෝපර්"

" කේකුයි ලුනුමිරිසුයි කොලකැඳයි වගේ"

"මොකක් හරි කිව්ව ද"

"නැහ් මේ හරි ලස්සන නමක්"

" පලා, සොරි සොරි උත්පලා.. ඔයා මොකද මෙතන කරන්නෙ."

" මම ද මම මේ රෙදි ටික හෝදන්න කියලා ආවෙ." කතා කරන්න දෙයක් නැත්තම් කට වහගෙන ඉන්න ඕනෙ, මෝඩකම ප්‍රදර්ශනේ කරන්නෙ නැතුව ඇයි අප්පා.

"😒😒"

"යුනි ද ?"

"ඔව්. එජ් හිල් යුනිවර්සිටි" අනිත් ප්‍රශ්නෙ යුනිවර්සිටි එකේ නම කියලා ඉවෙන් වගේ තේරෙද්දි අහන්න ඉන්න ඊළඟ ප්‍රශ්නෙටත් උත්තරේ එකපාරින් ම දුන්නා.

" Law ද කරන්නෙ."

" නෑනෙ. මම අර යුනිවර්සිටි එක ළඟ තියෙන පෙට්ටි කඩේ වඩේ විකුනනව"

ඇයි අප්පා ඒකෙ මෙච්චර Law වලටම ප්‍රසිද්ධ යුනිවසිටි එකට යන්නෙ කියලා කිව්වහම law ද කරන්නෙ අහනවා.

අමුතු ම ජීවියෙක්.ශික් කොහෙන් පාත් උනා ද මන්දන්නෙ නැහැ. මගෙ වයිබ් එක එහෙම් පිටින් ම චකබ්ලාස් කරලා දැම්මා.

එතන රැදෙන්න මූඩ් එකක් නැති පාර මට ඕනෙ උනේ ආයෙත් බෝඩිමට යන්න. 

" මම යනවා. බායි "

"හේයි හේයි... යනවා නෙවෙයි ගිහින් එන්නම් කියන්න."

"🙂🙂"

"මම ගිහින් එන්නම්"

එකපාරට ම මට අම්මව මතක් උනා. එයා තමයි මට මුලින් ම ගිහින් එන්නම් කියන්න පුරුදු කරපු කෙනා. අයියෝ අයියෝ මම මොකද මේ දුක් වෙන්නෙ. මම පැනලා ආවෙ නෑනෙ, ඉගෙන ගන්නනෙ ආවෙ. 

රෑ නවයට විතර උණු වතුරෙන් ඇඟ සෝදන එක වෙනම ම වයිබ් එකක්, සම්පූර්ණයෙන් ම දුමෙන් පිරුනු බාත් රූම් එකක දොර ඇරගෙන එද්දි,කිසිම සද්දයක් බද්දයක් නැති ගෙදරක්.... ඒ වයිබ් එක සම්පූර්ණ වෙන්න නම් උණු කිරි කෝප්පයක් තියෙන්න ම ඕනෙ. අනිත් අයට කෝපි උනාට මට කිරි. මගෙ ජීවිතෙත් හරි කිරිත් හරි. කොච්චර බිව්වත් එපා වෙන්නෙ නැහැ. 

මෑණිතොමෝ හරිම බයෙන් කල් ගෙවන්නෙ මම මේ ජීවිතේ මඟදි මැරුනොත් එහෙම ගව ලෙනක පෙරේතයෙක් වෙලා ඉපදෙයි කියලා.

Milky Vibe


ම්ම්ම් රෑට කන්නෙ මොනාද?? අනේ මන්දා 

බලමු තියෙන්නෙ මොනාද කියලා මගෙ ආහාර ගබඩාවෙ.

නූඩ්ල්ස්, නූඩ්ල්ස්, නූඩ්ල්ස් එහෙබැලුවත් නූඩ්ල්ස් මෙහෙ බැලුවත් නූඩ්ල්ස්....මම මේවා විතරද ගෙනාවෙ ඊයෙ. කමක් නැහැ මේවම අදත් කමු.......


Stay Tuned

සදාදර 

Mrs.හෝම්ස්



Report Page