Forget me not...

Forget me not...

@Mrs. හෝම්ස්

-Episode 01 -

True love, remembrance and respect


Register Code : 001588

අම්මෝ ඇති යන්තං බෝඩිම පේන මානෙට ආවා. මගේ ම ගෙදර නෙවෙයි උනත් මට මේ දැනෙන හැඟීමට නමක් දෙන්න මම දන්නෙ නැහැ ඇත්තටම. එංගලන්තෙත් මෙච්චර රස්නෙයි කියලා මම අද දන්නෙ. මම නිකං පාර දිගේ ආවෙත් සහරා කාන්තාරෙ ඉදලා ආවා වගේ හැඟීමකින්. කවුරුත් දැක්කද දන්නෙ නැහැ.


හහ් ඉතින් මට මොකද දැකපුදෙන්,

මට කියලා අදුරන අවුරුත් මෙහෙ නෑනෙ. බෝඩිම ඇතුලට ගිහාම දැනෙන්නෙ සිකුරු ඉදලා නෙප්චූන් ගියා වගේ හැඟීමක්...දැන් තමයි මාගෙ ස්ලීපින් ප්‍රින්ස් එක්ක ඩේට් එකක් යන වෙලාව.

ටයිම් එක නම් හවස 1 පසුවී විනාඩි 2යි, ඔන්නෙහෙ කමක් නැහැ පැය භාගෙක ඇලට් එකක් දැම්මා කියලා ලෝක විනාසේ වෙන්නෙ නෑනෙ. 


"අනේ එපා...හ් "

ශික් පට්ට චාටර් හීනයක්. දෙවියනේ ඒ හීනය හීනයක් ම වේවා ඒස්වාහ් පුහ් :

කාලා වරෙන්කො ඔය කරලා තියෙන්නෙ පැය භාගෙ ඇලට් එක පැය 3ක් වෙලා. කමක් නැහැ ඉතින් හූ කෙයාර්ස් අනේ. 


"මාගෙ පෙම්බර සැමියාණනි ඔබ කොහි සැගව සිටින්නේ ද "

"අඩෝ සැමිය තෝ කොහෙද යකෝ"

ඔහ් හෝ සොයා ගත්තා සොයා ගත්තා

"ෂර්ලොක් හෝම්ස්" අයිම් මිසිස් හෝම්ස්,වන් ඇන්ඩ් ඔන්ලි වයිෆ් පොඩ්ඩ ඔෆ් ෂර්ලොක් හෝම්ස්

ඇත්තටම මට මේ ෂර්ලොක් හෝම්ස් කියවන එකේ ඇතිවීමක් නැද්ද? මම මගෙන් ම අහන ප්‍රස්නයක්. ඇත්තටම නැහැ. මම දැන් නම් චන්දන මෙන්ඩිස්ටත් වඩා මේ පොත් ගැන දන්නවා. අපෙ මෑණීතොමෝට අනුව මම මේ කාලෙ යුනි වැඩ වලට යෙදෙව්වනම් මම මේ වෙද්දි කෝටිපතිනියක් අනිවා.

හරි...... අපි දැන් යන්නෙ මගෙ සීක්‍රට් ප්ලේස් එකට. ඒක ගැන කිව්වොත් ඒක ගහක්. හෝව් හෝව් මම පිස්සියෙක් නෙවෙයි හරීහ්...

මගෙ බෝඩිම පිටිපස්සෙ තියෙන්නෙ ලොකුම ලොකු පත විසාල ග්‍රවුන්ඩ් එකක් ඒකෙ කෙලවරක තමයි මගෙ ප්ලේස් එක පිහිටා තියෙන්නෙ. පත විසාල කිව්වා කියලා හිතන්න එපා මම යුනි යන්න කියලා අති දුශ්කර ඩොටේකට ඇවිත් හවසට වන වදින්න යනවා කියලා. ඒක තියෙන්නෙ බෝඩිම පේන දුරින්.

ඔන්න අපි කතාවෙන් කතාවෙන් එතනටත් ඇවිත්.

පත විසාල රුක්ශ රාජයා



මම මෙතනට ඉන්නෙ පොත් කියවන්න බට් යටි අරමුණ වෙන්නෙ ඇලට් එකක් දාන එක.

හොද හුස්මක් ගන්න දැන් එය පහත දමන්න. දැන් ඇස් දෙන ගම් ගාලා ඇලෙව්වා වගේ වහගන්න. 

හරි මම කවුද ඇත්තටම? ඒක මමත් තාම හොයන ගමන් ඉන්නෙ...

මම උත්පලා. 

මෙච්චර හද්ද පිටිසර ගමකට ආවෙ එංගලන්තේ තියෙන හොදම කැම්පස් එක මෙහෙ හින්දා. අම්මලා යන්න එපා අරකයි මේකයි කිව්වත් බෝඩිම් ඇන්ටිගෙ බටර් තලියට පින් සිද්ද වෙන්න මට තනියම ඉන්න වාසනාව ලැබුනා.

මට එංගලන්තෙට ආපු දවසේ ඉදන් යාලුවෝ හිටියා, ඒත් ඒ ගොල්ලෝ මාස ගානින් කල් ඉකුත් වෙනවා. ලංකාවෙදි ඉස්කෝලෙ ටොයිලට් එකටවත් තනියම ගියපු නැති මට තනියම බෝඩිමක ඉන්නත් උනා. 

දැන් නම් මේ ජීවිතේට හුරු වෙලා. දැන් මම මේ බෝඩිමේ අවුරුදු දෙකයි ගානක් වෙනවා. 

මගෙ රූපය ගැන කිව්වොත් එහෙම,

කොණ්ඩෙත් කලුයි, ඇසුත් කලුයි, ඇහි බැමිත් කලුයි, ඇස් පිහාටුත් කලුයි.

මෙහෙ වික්ටෝරියා රැජිනගෙ කාලෙ ඉදලම එන පිලිගැනීමක් තමයි ඔක්කොම කලු කියන එක. මොකද මෙහෙ අයට සේරම කලු නෑනෙ. එක්කෝ ඇස් නිල්, කොල, දුඹුරු වගේ පාට.කොණ්ඩෙත් එහෙමනෙ. කැම්පස් එකේ කලු ඇස්, කලු කොන්ඩේ තියෙන අයට මමයි තව චීන කෙල්ලෙකුයි විතරයි.

බට් අවාසනාවක මහත !

අර චීන්නු ස්තූතියි කියන්නෙ දෙකට තුනට නැවිලානෙ, ඉතින් එක දවසක් ඒකි මුලු හෝල් එක මැද්දෙම දෙකට තුනට නැවිලා ආචාර කරන්න ගිහින් ඒකිගෙ බොරු කොන්ඩේ ගැලවිලා බිම වැටුනා. එයැයිගෙ ඇත්ත කොන්ඩේ කෝපි පාට. ඉතින් මුලු යුනිවර්සිටි එකේම කලු කොන්ඩයක් සහිත කලු ඇස් දෙකක් හිමි කෙනෙකුට ඉන්නෙ මම විතරයි.

එයාලා මාව වර්නනා කරද්දි තමයි පළවෙනි වතාවට "මමත් ලස්සන කෙල්ලෙක්" කියලා මට හිතුනෙ.

"ආවුච්හ්....අහ්"

අම්මෝහ් සුලු දිය පහවෙන්න වගේ. කවුද යකෝ මේ උත්පලාට ටොක්කක් අනින්න තරම් හයියක් තිබ්බෙ.

මමත් හාහා පුරා කියලා නියම දවසෙ තමයි ඇස් පියාගෙන මනෝ පාරක් ගහන්න හැදුවෙ.කවුද දන්නෙ නැහැ. එක ඇහැක් ඇරලා තත්ත්වය සාමකාමීද කියලා බැලුවනම් හරි මුලින් ම........


Stay Tuned ...................

සදාදර 

Mrs.හෝම්ස්





Report Page