ECLIPSE

ECLIPSE







https://telegra.ph/ECLIPSE-08-29-47



- අවසන් කොටස-




අවුරුද්දක්ම ගෙවිල ගියේ හරූගෙයි මගෙයි ආදරේ තව තවත් ශක්තිමත් කරලා



දැන් හරූත් මම වගේ වෙලා..එයා ගැන එයාටත් වඩා හොදට මම දන්නව වගේ එයා දැන් මට වඩා හොදට මාව දන්නව



අපි දෙන්නගෙම ජීවිත මුලු ලෝකෙටම හොරෙන් හරි ලස්සනට ගෙවිල ගියේ ඉදල හිටල ජෙක්ස් පස්සෙන් ඇවිල්ල කරන කරදර විතරක් මගෙ ජීවිතේ ප්‍රශ්න කියල තියෙද්දි



මට ඒක හරූට කියන්න බෑ..මොකද බැරිවෙලා හරි හරූ ඒ මිනිහ එක්ක පැටලුනොත් බැරිවෙලා හරි ඒක එලියට ගියොත් හරූ පබ්ලික් ෆිගර් එකක් හින්ද එයාට ප්‍රශ්න එන්න පුලුවන්



දුකම හිතෙන සීන් එක තමයි තව මාසෙකින් eclipse ලා හමුදා සේවයට යනව



කොරියාවෙ පිරිමි අයට හමුදා සේවය අනිවාර්යයි...ප්‍රසිද්ද තරු වුනා කියල වෙනසක් නෑ eclipse ලත් හමුදා සේවයට යන්න ඕනි...


චේසර්ස්ලා හැමෝම දුකින් ඉන්නෙ..මොකද මාස 21 ක් විතර ට්‍රේනින් යන්න ඕනි එයාලා...ඒ කියන්නෙ තව අවුරුදු දෙකකට අපිට අලුතෙන් සින්දුවක් අහන්න , එයාලව දකින්න ලැබෙන්නෙ නෑ...



අවුරුදු 2 ක් කොහොම ඉවසන්නද මන්දා අප්පා...ඒත් මොනා කරන්නද



හරූ ඊයෙ තමයි කොන්ඩෙ කැපුවෙ...අවුරුදු 5 ක ඉදන් එයාල එක්ක ඉන්න හරූගෙ ස්ටයිලිස්ට්ටයි හරූගෙ මැනේජර් වෙන හනා අක්කටයි දෙන්නටම ඇඩුනා හරූව දැකල...හනා අක්කව පුදුම ගේමල් දීල මමයි හරූයි නලවගත්තෙ...



Eclipse ලගෙයි එයාලගෙ ස්ටාෆ් එකේ අයයි එක්ක පුදුම බැදීමක් තියෙන්නෙ



මන් ගැන හරූගෙ ලගම ස්ටාෆ් එකේ කීප දෙනෙක් දන්නව...අනිත් හැමෝටම අපි දෙන්න රහසක් ඉතින්



කොන්ඩෙ කපපු එක මේ යකා හිතන් ඉන්නෙ නහය කැපුව වගේ...



කොයි වෙලෙත් ඔලුව අල්ලනව...හමුදාවට යද්දි එහම තමා ඉතින්..තට්ටෙ ගාන්න වෙනව...මටත් රවනව හරියට මන් බලෙන් කැපුව වගේ



Eclipse ලගෙන් jinwoo තමයි මුලින්ම යන්නෙ

ඊට පස්සෙ kai යි cyan යි

අන්තිමට හරූයි lee යි...



හරූ එක්කම lee ඉන්න නිසා මට බයක් නෑ



මොකද මේ මනුස්සයව උදේට ඇහැරවගන්න පුදුම ගේමක් දෙන්න ඕනි



Eclipse ලා අවුරුදු 7 ක්ම එකට ජීවත් වුනේ නිසා lee ට හරූගෙ හැසිරීම පුරුදු නිසා ගානක් නෑ

නැත්තන් දවසක් යන්න කලිම් හමුදාවෙන් එලවයි මේකව වෙන කවුරුහරි උදේට ඇහැරවන්න ගියොත්



මගේ පැටව් ටිකත් ලබන මාසෙ එක්සෑම් ලියනව..දැන්නම් මුලු ක්ලාස් එකම හොදයි...කැම්පස් යන්න පුලුවන් මට්ටමේ හැමෝම ඉන්නව



සෝජුවට ඕනි ඩොක්ටර් කෙනෙක් වෙන්න...කොල්ලට ඒකට පොටෙන්ශල් එකත් තියෙනව.. කවද හරි මගේ මල්ලි බබා ඩොක්ටර් කෙනෙක් කියල මතක් වෙද්දි මාර සතුටක් එන්නෙ


ඒ අස්සෙ කෝල් එකක්


" හෙලෝ "



ශික්...කට් කරලම දැම්මා...අර මිනිහගෙන් කෝල් ආපු 15 වෙනි නම්බර් එකත් බ්ලොක් කරල දැම්මා



ඒත් එක්කම ටෙක්ස්ට් එකක් තවත් අලුත් නම්බර් එකකින්



" උබ මන් කියන දේ අහන්නෙම නෑ නේද මිස් හන් සෝහු..මුලු ලෝකෙටම හොරෙන් ලෝකෙ ඉන්න ප්‍රසිද්දම මිනිහවත් උබ දැලේ දාගත්තා එහෙනම්..බලන් හිටපන් ඌට වෙන දේ..අද රෑට නිව්ස් බලන්න එහෙනම් මයි බෙබි "



මේ මොන කරදරයක් ද..දැන්නම් බයත් හිතෙනව...මගෙ හිතටත් හරි නෑ වගේ...



හරූ අද eclipse ලා එක්ක eclipse house එකට ගියේ පාටියක් කියල...


මන් කෝල් ගත්ත එකදිගට..ෆෝන් එක වැඩ නෑ..


බයයි දෙයියනේ...කොහෙද මගෙ රත්තරනේ ඉන්නෙ..


හනා අක්කටත් ගත්තම එයා කිව්වෙ කම්පැනි එකේ තිබ්බ මීටින් එක ඉවරවෙලා හරූ කෙලින්ම eclipse හවුස් එකට ගියෙ කියල



Lee...එයාට අරන් බලමු



" හෙලෝ ආක්ශි කියන්නෙ "



" අයියෙ...හරූ...සෝහු ඉ...ඉන්නවද "



" තාම ආවෙ නෑනෙ බන් "



" එයා 2 ට විතරනෙ ආවා කිව්වෙ අයියෙ දැන් 3 යිනෙ..එයා හරිනම් එන්න ඕනිනෙ...එයාගෙ ෆෝන් එකත් වැඩ නෑ අද මගෙ හිතට අවුලක් වගේ දැනෙනව අනේ මට බයයිනෙ අයියෙ..පොඩ්ඩක් බලන්නකො "



" ඔව් හැබැයි..බී එකෙ ඉදන් කෙලින්ම ආවනන් පැය බාගයක් යන්නෑ ..මන් බලන්නම් හොයල...බය වෙන්න එපා ආක්ශි සෝහුවට මොකුත් වෙන්නෑ "



" හරි...හරි...lee...මට ඉක්මනට ගන්න හොදේ "



මට මතක් වෙන්නෙම ජෙක්ස්ගෙ මැසේජ් එක...නෑ නෑ ආක්ශි හරූට මොකුත් වෙන්නෑ බය නොවී ඉදහම්...lee හොයල බලන්නම් කිව්වනේ...



ටික වෙලාවකින් මට ඇහුනෙ ගෙදර බෙල් එක වදිනව



දුවල දුවල ගිහින් දොර ඇරියා



සෝජුන්...කවදාවත් නැතුව සෝජුන් කලබලෙන් වගේ



" මල්ලි..ඇයි..ඇයි...මේ..මල්ලි...කතා කරනව්කෝ...අක්කව බය කරන්න එපා "



" අක්කා..මන් කියන දේ අහල කලබල වෙන්න බෑ.."



" ම්..මො...මොක..මොකක්ද "



" අයියා .."



" ඔව් අයියා..අයියට මොකද...අයියා..කියපන් යකෝ..මගෙ හරූ හොදින් ඉන්නවනෙ "



" අයියගෙ වාහනේ හප්පලා කවුරුහරි...එයා දැන් හොස්පිටල් එකේ "



කකුල් දෙක පන නෑ වගේ දැනෙද්දි මන් එහෙම්ම බිම ඇදගෙන වැටුනා



තව විනාඩි කීපයක් යද්දි මම හිටියෙ හොස්පිටල් එකේ...තාම මීඩියා වලට නිව්ස් එක ගිහිල්ල නැති නිසා කරදරයක් නැතුව හොස්පිටල් එක අස්සට එන්න මට පුලුවන් වුනා



හරූට ලොකු අවුලක් නෑ...වාසනාවට හරූ ඉදල තියෙන්නෙ ඩ්‍රයිවින් සීට් එකේ...කාර් එක හප්පල තියෙන්නෙ පිටිපස්සෙන්...හරූගෙ බොඩිගාඩ් icu එකේ...



ඒත් තාම හරූට සිහිය ඇවිල්ල නෑ



මගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙනව හෝ ගාලා...මගේ පන ටිකනේ දෙයියනේ...රිදෙනවද දන්නෑ එයාට



ඇහැරෙන්නකො හරූ...නැගිටල මාත් එක්ක රන්ඩු කරන්නකෝ...

හොස්පිටල් එකේ ඉස්සරහ තියෙන ජේසු පිලිමෙ ගාවට මන් ඇවිදගෙන ගියා



අත් දෙකත් එකතු කරගෙන දනින් වැටුන

පලවෙනි වතාවට...ජීවිතේ පලවෙනි වතාවට මන් ඔබවහන්සේගෙන් දෙයක් ඉල්ලන්නේ

ජේසුනි...මම මගෙ ජීවිතේටම පව් වැඩක් කරල නැහැ...මම ඔබවහන්සේගෙන් කවදාවත් මොනවත් ඉල්ලලත් නැහැ...මම අද දනින් වැටිල ඉල්ලනව...එයාට කරදරයක් වෙන්න දෙන්න එපා...එයාව බේරල දෙන්න...මම ඔබවහන්සේගෙන් ඉල්ලන්නෙ ඒ දේ විතරයි...එයාව බේරල දෙන්න



ඔලුව බිම ගහගෙන මම ඇඩුවා ..හොස්පිටල් එකේ යන එන මිනිස්සු අනුකම්පාවෙන් මන් දිහා බලනව



" අක්කා..."



සෝජුන්...ඉක්මනට මම නැගිට්ටා...



" එයාට සිහිය ආවා අක්කා "


ඒත් එක්කම මම පුලුවන් තරම් වේගෙන් දුවගෙන ගියෙ හොස්පිටල් වෝඩ් එක දිහාවට..බැන්ඩේජ් කරපු ඔලුවත් යන්තම් උස්සගෙන එයා හැමෝම එක්ක් කතාව


" මගේ හරූ.... " දුවගෙන දුවගෙන ගිහින් මන් එයාව බදාගත්තෙ අඩ අඩාමයි



ඒත් තත්පරයක් යන්න කලින් මාව එයාගෙන් ඈතට විසි වුනා



" අයියා..තමුසෙට පිස්සුද යකො මේකිව තල්ලු කරන්න " බිම වැටෙන්න ගිය මාව සෝජුන් අල්ලගමන් අහද්දි



" කවුද බන් මේ කෙල්ල "



මල්ලි දිහායි Eclipse ල දිහා බලන් එයා එහෙම අහනව



" හරූ...මේ වගේ වෙලාවක විහිලු කරන්න හොද නෑ..ඔයා දන්නවනේ මන් ගැන "



" හරූ කියන්නෙ කවුද...සොරි මිස් මන් ඔයාව දන්නෙ නෑනෙ ..කරුනාකරල මෙතනින් යනවද අපිට බාදා නොකර යන්න පුලුවන්ද...පිට අයට මෙතනට එන්න බෑ "



එයා හරිම පොලයිට් විදිහට මගෙන් එහෙම අහන්නෙ



අහ්...මන් බැලුව හැමෝම දිහා...eclipse ලා..සෝජු...හරූගෙ අම්මයි තාත්තයි...හනා අක්කයි...mr bang යි...



මේ හැමෝම මන් දිහා බලන් ඉන්නව...හරූගෙ ඇස් පිලිකුලෙන් වගේ මන් දිහා බලද්දි හරූගෙ අම්මයි තාත්තයි පුදුම වෙලා ඉද්දි eclipse ලයි සෝජුනුයි හනා අක්කයි අසරන බැල්මකින් මන් දිහා බලන්



මන් හිනාවුනා..මටම හිනාවුනා...මගෙ හරූට මාව අමතකයිලු..ලීසු ලීසු...මගෙ චූටි නෝනා ගාගෙන මගේ අවදානෙ ගන්න හැමවෙලේම මගෙ වටේ කැරකෙන එයා අහනව මන් කවුද කියල



අසිහියෙන් වගේ මම දොරත් ඇරන් එලියට ආවෙ



" මිස්..."



ඩොක්ටර්...ඒත් එක්කම eclipse ලයි සෝජුනුයි හරූගෙ අම්මයි තාත්තයිත් එලියට ආවා



" ඩොක්ටර්...අයියට හැමදේම මතකයි...අපිව වුනත් මතකයි..මේ ඉන්නෙ එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ...අයියට මෙයාව විතරක් අමතක වුනේ කොහොමද ඩොක්ටර් "


අනුකම්පාවෙන් ඩොක්ටර් මන් දිහා බැලුවා



" මට කනගාටුයි දරුවො ඔයා ඉන්න තත්වෙ ගැන..තමන් පන වගේ ආදරේ කරන කෙනා ' ඔයා කවුද ' කියල අහනකොට ඔයාට දැනෙන වේදනාව මට හිතාගන්න පුලුවන්



ඇක්සිඩන්ට් එක නිසා එයාට ඔයාව විතරක් අමතක වීම වෛද්‍ය විද්‍යාවේදී සිද්ද වෙන්න පුළුවන් දෙයක්. මේකට කියන්නේ 'සිස්ටමටයිස්ඩ් ඇම්නීසියා' (Systematized Amnesia) කියලා.



මොළයේ මතකය ගබඩා කරන කොටසට වෙච්ච හානිය නිසා, ඇක්සිඩන්ට් එක වෙන්න කලින් ගෙවුණු අන්තිම මාස කිහිපයක මතකය විතරක් එයාගෙන් මැකිලා ගිහින් වෙන්න පුළුවන්. ඔයාව එයාට හම්බුනේ ඒ කාල සීමාව ඇතුළත නිසා, එයාට ඔයාව විතරක් අමතකයි. හැබැයි පැරණි යාළුවොයි, අම්මවයි මතකයි.



අනිත් දේ, ඇක්සිඩන්ට් එක වෙන වෙලාවේ ඔයා ගැන ඇතිවෙච්ච දැඩි බය හෝ කම්පනය නිසා, මොළය තමන්ව ආරක්ෂා කරගන්න 'ඔයා' කියන මතකය තාවකාලිකව හංගලා තියෙන්නේ..



" එතකොට ඩොක්ටර් අයියට අක්කව කවදාවත් මතක් වෙන එකක් නැද්ද "



" මෙහෙමයි දරුවො.. අනතුරෙන් එයාගේ මොළයේ මතකය ගබඩා කරන සෛලවලට බරපතල හානි වෙලා තියෙන්නේ. වෛද්‍ය විද්‍යාවේදී අපිට මේ වගේ තත්ත්වයකදී සියයට සීයක් ස්ථිර අනාවැකියක් කියන්න බැහැ.



දැන් එයා ඉන්නේ unpredictable තත්ත්වයක. සමහර විට... කවදා හරි දවසක මොළයේ සෛල අලුත්වැඩියා වුණොත්, නැත්නම් ඒ වගේම තදබල මානසික කම්පනයක් ආයෙත් ඇති වුණොත් එයාට ඔයාව එකපාරම මතක් වෙන්න පුලුවන්



හැබැයි ඒ වගේම තවත් පැත්තක් තියෙනවා. ඒ හානිය ස්ථිර එකක් නම්, ඔයා මොන දේ කළත්, ජීවිත කාලෙටම එයාට ඔයාව කවදාවත්ම මතක් නොවී තියෙන්නත් පුළුවන්.



ඒ නිසා දැනට අපිට කරන්න තියෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. එයාට බලපෑම් කරන්න එපා. හැමදේම කාලයට ඉඩ දීලා, ඔයා එයාගේ ළඟින් ඉන්න "



මගෙ ඔලුවත් අතගාගෙන ඩොක්ටර් ගියා



එතකොට අපේ කතාව මෙතනින් ඉවරයිද හරූ...එහෙම වෙන්න පුලුවන්ද...ඔයා බොරුවට රගපානව නේද හරූ...මාව තරහ ගස්සන්න බොරුවක්නෙ කරන්නෙ


දොරත් ඇරගෙන මන් ආයෙම ගියා එයා ගාවට..බලෙන්ම මගේ තොල් වලින් ඒ තොල් වලින් මන් අල්ලගත්තෙ එයා මගෙන් ගැලවෙන්න දගලනකොට



මගෙ උරහිසෙන් අල්ලල එයා ආයෙම මාව තල්ලු කලා



" පිස්සුද ගෑනියේ..කවුද උබ...උබ චේසර් කෙනෙක්ද...කවුරු වුනත් මට වැඩක් නෑ ආයෙම මගෙ ඇස් දෙකට පේන්න එන්න එපා.."



" හරූ මේ මම..මම දෙයියනේ ඔයාගෙ ලීසු..."



" මොන ලීසුද...මේ මිස්...මම දැන් හොදින් කිව්වා...උබල වගේ saesang ල ගැන මම හොදට දන්නවා...කෝ මගෙ බොඩිගාඩ්ලා ප්ලීස් මෙයාව මෙතනින් අරන් යන්න "



" ඒත් සර්..."



" කිව්වම කිව්ව දේ කරපන් මිනිහෝ "



" I'm sorry miss akshi .." එහෙම කියන ගමන් හරූගෙ බොඩිගාඩ් මාව දොරෙන් එලියට ගෙනිච්චා



--------------------------------------------------------------------



එතනින් එහා මට හරූව බලන්න වුනේ නෑ..ඩොක්ටර් කිව්වෙ එයාට බලෙන් මතක් කරන්න ගියොත් ඒක එයාගෙ ජීවිතේට අවදානම් කියල



ඉතින් මන් යන්නෙ කොහොමද දෙයියනේ



මාසයක්ම ගෙවිල ගියේ මාව කාමරේටම සීමා කරල



ෆෝන් එකට නොටිෆිකේශන් දෙකක්



හරූගෙයි lee ගෙයි military එකට යන්න කලින් අන්තිම මොහොත



නෑ මට බලන්න හයියක් නෑ



ඒත් එක්කම මැසේජ් එකක්..lee ගෙන්



" මන් ඌව බලාගන්නම් ආක්ශි...උබේ හරූව උබට කොහොම හරි අපි ආයෙ ගෙනල්ල දෙනව...අවුරුදු දෙකක් ඉවසන් ඉදපන් නංගි "



අවුරුදු 2 ක්...හරූව කිසි කෙනෙක්ට දකින්න හම්බෙන්නැ...ඉතින් මන් ගැන කොහෙ මතක් වෙන්නද



අඩුම එයාට මාව මතක් වෙන්නවත් මන් එය ලගින් ඉන්න ඕනි...ඒත් අවුරුදු 2 ක් යනකන් එයාව කාටවත් දකින්න හම්බෙන්නෑ



මගෙ ගැන පොඩිම හරි හිරවෙච්ච මතකයක් තියෙනවනම් ඒකත් මැකිල යයි ඒ අවුරුදු දෙකට




යූටියුබ් ලයිව් එකෙන් පේන ඒ රූපෙ හැමෝටම සමු දීලා අවුරුදු 2කින් ආයෙ එනව කියන පොරොන්දුව දීලා වාහනේට නැගලා ටික ටික නොපෙනී යන ඒ රූපෙ දිහා මන් බලන් හිටියෙ මගෙ සිහියත් ටිකෙන් ටික ඈතට යනව වගේ දැනෙද්දි





එතකොට අපේ කතාව ඉවරයිද හරූ

මේක ද මගෙ දෛවය

මන් ආදරේ කරන අය මට නැතිවෙන්නෙ

ඒකද මගෙ දෛවය













අවසානයි !!!











--------------------------------------------------------------------






Eclipse එක්ක මෙච්චර කල් හිටපු හැමෝටම තැන්ක්‍යූ

හැමෝගෙන්ම කමෙන්ට් එකක් මන් බලාපොරොත්තු වෙනව






එහෙනම්






Eclipse season 2 එකෙන් අපි නැවත ආයෙ හමුවෙමු














Report Page