ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-27-5
-විසිහයවෙනි කොටස-
මන් බයවුනේ නෑ කිව්වොත් බොරු
ඒත් මගෙ කටින් හ්ම් සද්දයක්වත් පිටවුනේ නෑ...යක්කු සීයක් ආවත් මගෙ නහය වැඩනෙ
මේ සුවද මට පුරුදුයි දැන්
යන්තන් අත එහාට කරගෙන එයාගෙ පැත්ත හැරිල එයාව බදාගත්තා මන්
ඔව් මට දැනෙනව දැන් යස්ස පැටිය කන්ෆියුස් වුනා කියල
" කොහොමද මන් කියල දන්නෙ "
" සුවදින් "
" මන් පර්ෆියුම් ගහල නෑනෙ "
" පර්ෆියුම් එකක් ගැන නෙමෙයි අනේ කිව්වෙ...ඔයාගෙ සුවදින් "
" ඒ කීව්වෙ"
" ශ්...හෙමින් කතා කරනව මෝඩයො...අයියට ඇහුනොත් ඔහේව මරයි
මම කියන්නෙ ඔයා හවස මාව අදුරගත්තා කිව්වෙ ඒ කොහොමද ..මන් පර්ෆියුම් ගහල තිබ්බෙ නෑනෙ "
" සුවදින් "
" ඉතින් මාත් ඔයාව අදුරගත්තෙ එහෙමයි...ඔයා ගාව විතරක් එන අමුතු සුවදක් තියෙයි "
ඒ පාර හිකිහිකිය..ඇන්නා එකක් බඩට...
" හෙමීට කතා කරනව හරූ...දැන් කියනව කොහොමද මගෙ කාමරේට ආවෙ "
මාවත් ඇදන් කලුවරේම මගෙ රූම් එක බැල්කනි එකට ඕපන් වෙන දොරෙන් එලියට ආවා
" මෙතනින් පැනල ආවෙ "
හෙන වීරකමක් වගේ කියන ලස්සන...හරූගෙ ගෙදර බැල්කනි එකයි අපේ ගෙදර මගෙ කාමරේ එකයි වෙන් වෙලා තියෙන්නෙ මීටරයක් වගේ පරතරේකින්
මේ යස්සය ඒතනින් පැනල ඇවිල්ල තියෙන්නෙ
" ඒත් හරූ දශමයක් එහෙ මෙහෙ වුනොත්...අපි ඉන්නෙ තට්ටු 32 කට උඩින් කියන එක අමතක කරන්න එපා "
" පිස්සුද ඕයි...මේ මන් එහෙම වැටෙනවද..කොල්ලා වැඩ්ඩා "
" ඒ වුනාට හරූ "
" දැන් තමුසෙමනෙ දවසක් මගෙන් ඇහුවෙ රෑට රෑට කොට්ටයක් වෙන්න බැරිද කියල...මට නින්ද යන්නෑ ලීසු තමුසෙවමයි මතක් වෙන්නෙ...ඉතින් බැල්කනියෙන් පැන්නා ..ආවා..සරලයි "
" එතකොට දැන් නිදාගන්නද ආවෙ "
" ඕ..."
ගානක් නැතුව කියන හැටි අම්මප...ඒ පාර මගෙ ඇදට පැනල අයිස් ක්රීම් එක කනව...මන් ශේප් එකේ කොන්ඩෙ කඩාගෙන ඉස්සරහින් දාගත්තා...ගෑනු ලමයින්ටනම් සීන් එක තේරෙයි
" after we collied නේද මේ"
" ම්ම්ම් "
" මොකද බන් බය වෙලා...මන් තමුසෙව කන්නෙ නෑ..මෙන්න මෙහෙ එනව මේක බලන්න "
මාවත් අල්ලගෙන වාඩි කරවල ඇද වියනට හේත්තු කරල ෆිල්ම් එක බලන්න ලෑස්තිය
එයාගෙ උරහිසට ඔලුව තියාගෙන එයා කවන අයිස් ක්රීම් කටක් ගානෙ කනගමන් මමත් ෆිල්ම් එක අස්සෙ අතරමං වෙලා හිටියෙ
මෙන්න යකෝ ආයෙමත් රොමෑන්ටික් සීන් එකක්...ඒ දෙන්න කිස් කරන එක දැක්කම මටත් නිකන් කිචි කිචි වගේ...හත්දෙයියනේ ඇති යකෝ නවත්තපියව්...මම තනියෙන් බැලුවනම් හිනාවෙවී බලනව...ඒත් මෙතන හරූත් ඉන්න නිසා මට හරි අමුතු හැගීමක් දැනෙන්නෙ
Ac එක අස්සෙත් දාඩියයි වගේ නිකන්
තොලත් හපාගෙනම මන් ශේප් එකේ එයා දිහා බැලුවා...ඒ වෙද්දිත් එයා මන් දිහා බලන් ඉන්නෙ...
අයිස් ක්රීම් එකේ සීතලට රතු වෙලා තියෙන මගෙ තොල් දිහා
මට දැනෙන්නෙ එයා මට ටික ටික ලං වෙනව වගේ...ඒක පේන්නෙ නෑ..ඒත් තත්පරෙන් තත්පරේ එයාගෙයි මගෙයි අතර තියෙන පරතරේ අඩු වෙනව
මේ වෙලාවෙ මගෙ හදවත කොච්චර වේගෙන් ගැහෙනවද කියන එක මටවත් හිතාගන්න බැරි තරම්...එයාත් නොසන්සුන්...ඒක මට තේරෙනව...ඒ හුස්ම සද්දෙ මගෙ ලගටම දැනෙන්න දැනෙන්න මම ඊටත් වඩා නොසන්සුන්
ඒ දෙතොල් මගේ තොල් ලගටම ආවට පස්සෙ මට දැනුනෙ නිකන් මාව ගල් වෙලා ගිහින් වගේ...ඊලග තප්පරේම මට හිතන්නවත් නොදී ඒ තොල් මගේ තොල් අස්සේ හරිම මෘදුව ගෑවුනා
ජීවිතේ පලවෙනිම වතාවට මට මේ වගේ හැගීමක් දැනෙන්නෙ...
ඒ මදිවට එයාගෙ යටි තොලේ දකුනු පැත්තෙ තියෙන ලිප් පියර්සිං එක මගේ තොල් උඩ තද වෙද්දි මෙච්චර වෙලා හිරකරගෙන හිටපු මගේ හැගීම් තවදුරටත් මට හිරකරන් ඉන්න බැරිවුනා
ඒ බෙල්ල වටේ අතදාලා මමත් ඒ තොල් සිපගන්න ගත්තෙ එයා මාව ඒ ඇගටම හේත්තු කරගද්දි
එයාගෙන් එන රස්නෙයි මගෙන් එන රස්නෙයි එකතු වෙලා ඒක උනුසුම් හාදුවක් වෙද්දි ඒ යටි තොල් වල තියෙන ලෝහ කූර සීතල ගතියක් එක්ක මගේ තොල් වල මෘදුව දැවටෙද්දි මාව හිරිවැටිලා යනව වගේ
විනාඩියක් දෙකක්..නෑ පැය බාගයක් විතර අපි දෙන්නා අපේ ලෝකෙ හිර වෙලා හිටියෙ
--------------------------------------------------------------------
මට දැන් ලැජ්ජයිත් වගේ...මහා උරග දැවැන්තය වගේ හිටියට හරූටත් ලැජ්ජයිද මන්දා...
මන් ශේප් එකේ එයාගෙන් ඈත් වුනා...ලැප් එක ඕෆ් කරල මේසෙන් තියල එද්දිත් ඒ ඇස් මගේ වතේමයි
කොහෙද බලන්නෙ...
හුටා....ඉක්මනට අල්මාරිය ඇරල ගනකම ටීශර්ට් එකක් ඇදගෙන කොන්ඩෙත් ආයෙම ඉස්සරහට දාගත්තා
දැන් බලහන්කො හහ්
" මොනවද බලන්නෙ ආ "
" එලියෙ දාගෙන ඉන්නෙ බලන්න ඕනි නිසා වෙන්න ඇතිනෙ "
" කවුද මනුස්සයො එලියෙ දාගෙන හිටියෙ...තමුසෙනෙ මෙතන ගෑනු ලමයින්ගෙ රූම් වලට කඩා පැනල මෙතන..ආයෙ මන් දිහා ඕන්නැති විදිහට බැලුවොත් බලාගමු "
" මට ඕන්නම් මන් බලනව "
ගැහුව එකක් කොට්ටෙන්...කොහෙද..ඊට වඩා තඩි කොට්ට ප්රහාරයක් මට වැදුනා
" හරූ......මන් තෝව කනවාආආආආආ "
විනාඩි එකහමාරක දීර්ග කොට්ට ෆයිට් එකකින් පස්සෙ මන් පරාජය බාරගත්තා
විනාඩියකට කලින් මෙතන ගැරඩි දෙන්න වගේ වෙලිලා හිටිය නේද...
බලහන් දැන් රන්ඩු වෙනව...
මොනාවුනත් හරූ ඕනිවට වඩා රොමෑන්ටික් වැඩියි...මේ මනුස්සයගෙ එක බැල්මකට පුලුවන් මාව අවුස්සන්න...මම හිතාන හිටියෙ බෝයිෆ්රෙන්ඩ් කෙනෙක් හම්බුන දවසට මම ටොප් වෙලා බෝයිෆ්රෙන්ඩ්ව බොටම් කරන්න...
මේ මනුස්සය එක්ක මට සදාකාලිකව බොටම් වෙන්න වෙන්නෙ...
කඩවුලේ...
" ඊලග දවසෙ මාව කිස් කරනවනම් ඔය ලිප් පියර්සිං එක ගලවල එනව හොදේ "
" ආ ඒ කියන්නෙ ආයෙ කිස් කරනකන් බලන් ඉන්නෙ...ඕහ් ලීසූ...මන් කැමතියි ඔයාගෙ ඩිරෙක්ට් කතා කරන "
" කටවහගන්නව...ඉන්නවකො මමත් ලිප් පියර්සිං එකක් දාගෙන එන්නම් ඊලග දවසෙ..එතකොට තමුසෙට තේරෙයි සීතලට ඒක වදිනකොට දැනෙන හැටි "
ඒ පාර හිනාවෙනව...
දුන්නා ආයෙම කොට්ට පාරක්
" ඔයා...පියර්සිං කරන්න....හහහා "
" ඇයි මොකද මම කනත් පියර්සිං කරනව නහයත් කරනව ටැටූ එකකුත් ගහනව හිතාගෙන ඉන්නෙ මට බෑ කියලද "
ආයෙ ගෙඹි හිනාවක්...නවත්තපියව්...අඩොව්...
" මේ මදුරුවෙක් අත කනකොට ඌට ගහල ඊට පස්සෙ ගහපු පාරට අත රිදෙනව කියල අඩන එකී ටැටූ ගහන්න අඩෝ අඩෝ මෙව්වනෙ බන් ජෝක් "
ශිකේ...මේ මොන විලි ලැජ්ජාවක්ද..ශේප් එකේ කතාව මාරු කරන්න ඕනි
" මෙහ්..අහනවකො "
" මේ ෆස්ට් ටයිම් ද "
" මොකක්ද "
" මේ...මේ..උම්මා එක "
ආයෙ ගෙඹි හිනාවක්
" නැතුව "
" එතකොට අර කෙල්ලෙක් හිටියෙ "
" ඒ මේ ඉස්කෝලෙ කාලෙ යන එකක්නෙ ඕයි "
" එතකොට ඒකිව කිස් කරල නෑ "
" නෑ "
" බොරු කියන්න එපා හරූ "
" බොරු නෙමෙයි "
" ආහ්...එතකොට දකුනු කම්මුලට විතරයිද...අර ෆොටෝ එකේ තියෙන්නෙ "
සද්ද නෑ
" කියනවාහ්..මන් වටේ ගියපු අය බාරගන්න කැමති නෑ ඒකයි "
" තමුසෙ මටද වටේ ගියා කිව්වෙ "
කොට්ටෙකින් දමල ඇරියා සාන්ත..නහයෙමයි වැදුනෙ...දෙන්නම් උබර්ට...
" නෑ නෑ මන් කිව්වෙ අර ඉස්කෝලෙ යනකාලෙ ඉගෙන ගන්නැතුව ලව් කරන්න ගියපු එකෙක් ඉන්නෙ..අන්න එයාගෙ සුදාම්මි දකුනු කම්මුල කිස් කරන ෆොටෝ එකක් ඉන්ටනෙට් එකේ තියෙන්නෙ ඒකයි "
" කම්මුලක් කිස් කලා කියල කොහොමද ඕයි වටේ ගියා වෙන්නෙ "
" එහෙම තමයි "
මගෙ වතුර බෝතලේයි කබඩ් එක ඇරල ලේන්සුවකුයි ගත්තා මන්..ලේන්සුව වතුරෙන් පොගවලා පිහදැම්මා දකුනු කම්මුල රතු වෙන්නම
ඉරිසියයි යකෝව් ඉරිසියයි...ඔය අවෝඩ් ශෝ වලදි වෙස්ටන් ආටිස්ට්ලා හම්බුනාම බදාගන්න ඒව ඒවට ඉරිසියා නෑ මන්..මට ඉරිසියා මේ මිනිහට කලින් ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඉදියා කියන එකටයි ඒකි දකුනු කම්මුල කිස් කරන ෆොටෝ එකක් ඉන්ටනෙට් එකේ තියෙන එකටයි
අනේ සුදු මහත්තයගෙ සුදු කම්මුල රතු වෙලා...උම්මෙකුත් දුන්නා ඒකට
" හරිද දැන්"
හිනාවෙවී අහනව
" ඕ...ශුවර්නෙ වෙන කොහෙවත් කිස් කරල නෑ කියල ...
මන් බලාපොරොත්තු වුනේ නොඉදුල් කොල්ලෙක්ව...ඔයාගෙ දකුනු කම්මුල විතරක් නිසා සමාව දීල බාරගන්නව මන්
තේරුනානෙහ් "
ඒ පාර බනී හිනාවක්
" තේරුනා මැඩම් මෙන්න මෙහෙ එනව නිදාගන්න "
" මාත් එක්ක "
" නැතුව "
" අයිය බැරි වෙලා හරි ආවොත්...මන් සමහරදාට හීනෙන් බය වෙනව නිසා දොර ලොක් කරන්නෑ...අයිය ඇවිල්ල ඔලුව අතගාද්දි තමා නින්ද යන්නෙ "
" මන් ඉන්නවනෙ ලීසු...අද ඉදන් හීනෙන් බය වෙන්නෑ ඔයා..හරිද "
" හ්ම් "
" ඉන්න මන් දත් මැදල එන්නම්..ඔයා මැද්දද "
" ඕ "
දත් ටිකත් මැදල එද්දි මෙන්න මේකා නිදි...මෙයා එක්ක නිදාගන්න කිව්වට මට එහෙම පුරුදුත් නෑ
හා පැටිය වගේ මායම් දාල අහන නිසා බෑ කියන්නත් බෑ
කොන්ඩෙත් ගොතාගෙන ලයිට් එකත් ඕෆ් කරගෙන මන් ඇදේ කොනේම ඇලවුනා
යකූ බිමට වැටෙයිද දන්නෑ
තත්පරයක් යන්න කලින් මහා උරග දැවැන්තයෙක්ගෙ එක අතකට අහු වෙච්ච මගේ සරීර කූඩුව ඇද අයිනෙ ඉදන් ගුවන් ගත වෙලා බිත්තිය පැත්තට පතබෑවුනා
යකොව්...කිසිම ගේමක් නැතුවනෙ මාව ඉස්සුවෙ මේකා..
හරියන්නෑ..හිටපන්කො මන් හෙට ඉදන් අලි මස් කාලා ලොකු වෙලා තවුසෙව උස්සල පොලේ ගහනව හරූ
ශේප් එකේ බිත්තිය මුල්ලටම යන්න හදද්දි ආයෙත් මහා උරග දැවැන්තයෙක්ගෙ පූර්ව ගාත්රයකින් මාව ඇදිල ගියා
දැන් මන් ඒ පපුවෙ
එහාට යනවාහ්...මට මෙහෙම නිදාගෙන පුරුදු නෑ
" දගලන්නැතුව නිදාගනින් ලීසු..නැත්තන් විසි කරනව බිමට "
යකෝ මගෙ කාමරේටම කඩා පැනල මගෙ ඇදේ නිදාගෙන මටම පාට් දාන්න එනව මේකා
මගෙ ඇස් ඉස්සරහම තියෙන්නෙ එයාගෙ බෙල්ල...පුදුම සුවදක් අප්පා මෙයාගෙ තියෙන්නෙ...මට කන්නමයි හිතෙන්නෙ...
තව ටිකක් ලං වෙලා බෙල්ල පැත්තට මූන ගෙනියද්දිම ආයෙ කෑගහනව
" ඕන්නැති වැඩ කරල මාව අවුස්සගත්තොත් ලේසි වෙන්නෑ ලීසු "
එච්චරයි මිත්රවරුනි.එතනින් එහාට මන් හෙල්ලුනේවත් නෑ..ඒ පපුවට තුරුල් වෙලා අද වෙච්ච දේවල් කල්පනා කර කර ඉදල මට නින්ද ගියෙ නොදැනිම