ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-27-4
- විසිපස්වෙනි කොටස-
" ඇයි "
" ඇයි අහන්නෙ.මන් ඊයෙ එද්දි මෙහෙම නෙමෙයිනෙ තිබ්බෙ දවසින් කොහොමද මේක වෙනස් වුනේ...අනික කලින් තිබ්බෙ ඔයා කැමති විදිහටනෙ..ඇයි ඔයා ඒක වෙනස් කලේ...මට මොකුත් තේරෙන්නෑ "
මට ඇඩෙනව ඒ පාර
" මන් ආසවුනාට වැඩක් නෑනෙ කවදහරි මගෙ චූටි වයිෆුයි බබාලා 5 දෙනයි කැමති වෙන්න එපැයි අපේ ගෙදරට "
අමුතු හිනාවක් දාන් එයා කියනව
ඔහොම හිටපන්..ලමයි 5 ස් දෙනෙක්...අහ්..නෑ ..අපි ඒක ගැන පස්සෙ කතා කරමුකො
" ඒත් හරූ...ඔයා කොහොමද දන්නෙ මම..."
" මට සමාවෙයන් ලීසු...උබ මන් ගැන මට වඩා දන්නව වුනත් මන් තමුසෙ ගැන තාම හරියට දන්නෙ නෑ...මට ටික කාලයක් දෙන්න...හැමදේම හරියයි "
" එත් හරූ...ඔයා ඔහොම "
" ශ්...." මගෙ තොල් වලට ඇගිල්ලක් තියල එයා මගෙ පැත්තට බර වුනා
" මේ අහන්න ලීසු...මට දෙයක් පොරොන්දු වෙන්න...මම නිසා ඔයා වෙනස් වෙන්න බෑ...ඒ කියන්නෙ ඔයා මෙච්චර කල් හිටපු විදිහටම ඉන්න ඕනි...
ඔයා හිතන් ඉන්නෙ මට ඔයාව මදි කියලනම් ඒක සම්පූර්න වැරදියි...මන් එදත් ආදරේ අදත් ආදරේ ඒ පරන කෙල්ලටමයි...මගෙ හිත ගියෙ ඒ කෙල්ලට කියල ඔයා කොහොමද අමතක කලේ ලීසු..ඔයා මන් නිසා ඔයාව වෙනස් කරගන්න එපා ප්ලීස් මම එච්චරමයි ඉල්ලන්නෙ..
හරිනම් ඔයා නෙමෙයි බය වෙන්න ඕනි මමයි ලීසු...මටයි බය මම ඔයාට හොද මදි කියල...ඔයා ඕනිවටත් වඩා මට පර්ෆෙක්ට්..ඒක දැනගෙන ජීවත් වෙන්න ප්ලීස්
අපි දෙන්න ගැන එලියට ගිය දවසට ඔයාට ගොඩක් දේවල් වලට මූන දෙන්න වෙයි...ඒත් ඔයා ඔයාගෙ විදිහ වෙනස් කරන්න ඕනි නෑ...ඔයා ඉන්න විදිහටම ඉන්න...ලෝකෙන් මොන ප්‍රශ්න ආවත් ඒ හැම එකකදිම මන් උබ ඉස්සරහින් හිටගන්නව ලීසු...
මන් ප්‍රොමිස් වෙන්නම්...ඔයාගෙ නෝමල් ලයිෆ් එකට මම eclipse ලගෙ හන් සෝහු කියන එක affect වෙන්න නොදෙන්න මම පුලුවන් තරම් ට්‍රයි කරන්නම්...
මේ හැමදේම දරාගෙන මාත් එක්ක මේ ගමන යන්න එනවද.....බේබි ගර්ල්......"
මන් එයා දිහාම බලන් හිටියා...ඒ ඇස් දිහා...මම මීට කලින් ආදරේ කරල නෑ...මට ඕනිවුනේ ජීවිත කාලෙම එක්කෙනෙක්ට විතරක් ගැබුරින් ආදරේ කරන්න...
ඒත් මට ගැලපෙන ටයිප් එකේ කෙනෙක්,කොටින්ම කියනවනම් මගේ male version එක ...මට අවුරුදු 22 වෙනකන් හම්බුනේ නෑ...කොයි තරම් කොල්ලො පස්සෙන් ආවත් මන් කැමති වුනේ නැත්තෙ ඒකයි..
එතකොට එයා හරූ ද...අපේ අයියයි සෝජුනුයි ඇරුනම මාව හොදටම තේරුම් ගන්න පුලුවන් අනිත් කෙනා හරූ වෙන්න පුලුවන් ද ?
ඒත් හරූ සෙලිබ්‍රිටි කෙනෙක්....සාමාන්යෙන් සෙලිබ්‍රිටිලා ඇදුම් මාරු කරනව වගේ පාට්නර්ස්ලා මාරු කරන්නෙ...
මට ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද හරූ ????
ඒ ඇස් වල කිසිම වෙනසක් නෑ...මාස දෙක හමාරකට කලින් මට ආදරෙයි කියපු දවසෙ වගේමයි තාමත් ඒ ඇස් වලින් මම දිහා බලන්නෙ
ඒ ඇස් වලට බොරුවක් කරන්න හීනෙකින්වත් පුලුවන් වෙයි කියල මම හිතන්නෑ.
ඉතින් මන් ඇයි බෑ කියන්නෙ
මන් ඔලුව වැනුවා...
ආයෙම සැරයක් මගෙ ශරීර කූඩුව චොප්ප වෙන්න තරම් හග් එකක්
ඒ අස්සෙ මගෙ බඩ කෑ ගහනව
අම්මප මේ පනු පැටව් ටිකත් ඕනි නැති වෙලාවටමනෙ දගලන්නෙ
හරූටත් ඇහිලද කොහෙදෝ...වස ලැජ්ජාව....
" බඩගිනිද "
" හුම් "
කොහෙද මන් අද හිටියෙ ශෙත්ගෙ රෙස්ටුරන්ට් එකට ගිහිල්ල ඒකම කාල එන්නනෙ..මේ මනුස්පය මාව ඇදන් ආවනෙ ඊට කලින්
" මන් හදන්නම් මොනා හරි එතකන් ෆ්‍රිජ් එකෙන් මොනව හරි අරන් බොන්න "
" හා...."
එයා නැගිටල කිචන් එකට යද්දි මාත් ඒ පස්සෙන්ම ගියා
මන් පැන්ට්‍රිය උඩට වෙලා බනානා මිල්ක් එකක් බිබී ඉද්දි හරූ උයනවා...
සම්ග්යෝප්සල් හදන්නෙ...ඒ කියන්නෙ ග්‍රිල් කරපු පෝක් බෙලි..ලෙටස් කොලවල ඔතල මොනාද සෝස් ජාතියක් එක්ක කන්නෙ..කොරියාවෙ ප්‍රසිද්ද කෑමක් වගේම හරූගෙ ෆේවරිට්,මගෙත් ආසම කෑමක්
බුදාම්මේ එලවලු කපන හැටි...අර චෙෆ්ලා ඉන්නෙ අන්න ඒ වගේ වේගෙන් කපාගෙන කපාගෙන යන්නෙ..මටවත් බෑ සාන්ත ඒ වගේ එලවලු කපන්න
මට හිතෙන්නෙම අර ෆිල්ම් වල වගේ පිටිපස්සෙන් ගිහින් බදාගන්නමයි...බෑ බෑ...ඕනිවට වඩා ආදරේ පෙන්නුවොත් මේ මිනිහ උඩ යයි...
" හරූ..."
" ම්ම් "
" මම සම්ග්යෝප්සල් එකක් වුනත් ඔයා මට ආදරෙයිද "
ඒ පාර හිනාවෙනව...හිනාව නෙමෙයි කියපන් මිනිහෝ...
" නැතුව "
" එතකොට ඔයා මාව කනවද "
" ඔව් "
" අනේ තරහයි දුශ්ටයා...එතකොට කියනවා මාවයි සම්ග්යෝප්සල් එකකුයි දීල එකක් තෝරගන්න වුනොත් මොකක්ද තෝරගන්නෙ "
" ම්ම්ම්ම්ම්...දෙකම "
" බෑ ...එකක් කියනව "
" දෙකම "
" බෑ...එකක් කියනවා....."
" දෙකම "
පෙනේද තියෙන දුස්ටකම...
තව විනාඩි 5 ක් යද්දි මම හිටියේ කෑම මේසෙ වාඩිවෙලා මගෙ ඉස්සරහ දිලිසි දිලිසි දුම් දාන සම්ග්යෝප්සල් එකට රවන ගමන්
" කෑම එකට රවන්නෙ නැතුව කනව ලීසු " එහෙම කියල ලේටස් කොලේක ඔතපු පෝක් කෑල්ලක් දික් කරන් ඉන්නව
කවනවද...අනේ ඉතින් මගෙ හා පැටියා...මන් ඉතින් කට ඇරියා
" ලොකුවට කට අරිනව ඕයි කුරුල්ලෙක් වගේ ඉන්නැතුව"
හා පැටියා ලෙෆ්ට්...අම්මප මේ යකාට බෑනෙ මට ආදරෙන් කතා කරන්න
" ඊට වඩා බෑ මනුස්සයෝ ...ඔය අලි කෑල්ල ඔයා කාල මට පොඩි එකක් කවනවකො"
" ඊට වඩා කට අරින්න බෑද...අවුලක් නෑ අපි ටික ටික පුරුදු වෙමුකො.. "
සීරියස් ලුක් එකක් දාන් මගෙ දිහා බලල එහෙම කියපි
" ඒ කිව්වෙ "
ඒ පාර හිනාවෙනව...
" මොකක්ද අනේ "
" මොකුත් නෑ "
" තරහයි දුශ්ටයා "
රන්ඩු වෙවීමාපි දෙන්නම කෑවා...මට වැඩිය කන්න බෑ අප්පා
" තව එකයි "
" ඇති අනේ"
" එකයි "
" බෑ කිව්වනේ "
" මේක කෑවොත් ට්වික්ස් එකක් දෙනවා "
හම්මටසිරි යකෝ..මගෙ ආසම චොක්ලට් එක..මෙයා කොහොමද ඒක දන්නෙ...
කන්න බෑ කියල මෙච්චර වෙලා යුද්ද කරපු මන් ශේප් එකේ කට ඇරියා...මහ බලු හිනාවක් දාන් මෑන්ස් ඉතුරු පෝක්බෙලි කෑලි 3 ම දාලා තඩි කටක් මගෙ කටේ එබුවා
"එකයි යකෝ කවනව කිව්වෙ...හරූ.....දෙන්නම් උබර්ට..."
වචන පිටවෙන්නෙත් නෑ යකෝ කටින්...කොහොමහරි විනාඩි දෙකක් විතර ඒක හපන්නම වෙලා ගියා මට
හපල හපල යන්තම් ගිලල හොද දෙකක් කියන්න හැරෙද්දිම මගෙ අතේ ට්වික්ස් එකක්
නැවතත් අපි සාමකාමී වෙමු
කාපු ටික බඩට බහිනකන් අපි දෙන්න කියෝ කියෝ ඉදල ගෙදර යන්න ආවා...දවසක් යන්න කලින් ගේ වෙනස් කලේ කොහොමද ඇහුවට මේකා කියන්නෙම නෑනෙ
--------------------------------------------------------------------
ගෙදර ඇවිල්ලා මන් එහෙම්ම වොශ් එකක් දාගෙන ලෑස්ති වුනේ රෑට උයන්න...හරූනම් අද jinwoo යි lee යි එක්ක ඩිනර් ගන්නව කිව්වෙ කොහෙද රෙස්ටුරන්ට් එකක...
තනියෙන් කන්න හම්බෙන්නෑ ඉතින් මොකාහරි වීඩියෝ කරල දානවමයි කොහෙ ගියත්
අයියත් ගෙදර ආවට පස්සෙ අයියට තේ එකකුත් හදල දීලම මන් ආවෙ උයන්න
මන් මාසෙකින් විතර බත් කෑවෙ නැද්ද කොහෙද...
ඉතින් අද බත් උයන්නේ.......
අපෙ අයියට කොහෙන්ද කොරියන් යාලුවෙක්ගෙන් වැටකොලු වගයක් හම්බෙලා..ලංකාවෙ කඩවලවත් වැටකොලු තිබ්බෙ නෑ අඩේ...කොරියන් අයට කොහෙන්ද මන්දා...
මන්නම් වැටකොලු කන්නෙ නෑ..ඒත් අයිය කනවනෙ...සුදු අක්කිට කෝල් එකක් දාගෙනම එයාගෙන් වැටකොලු උයන විදිහ ආහගෙන ඒ විදිහට හැදුවා..
සා වෑව්..ඔය තියෙන්නෙ ලස්සනට
දැන් මන් මොනාද කන්නෙ කියපන්කෝ...
ම්ම්ම්ම්......මාලු බැදලා සම්බෝලයක් හැදුවනම් හරි
ෆ්‍රිජ් එකෙන් මාලුවො දෙන්නෙක් අරන් අයියට කතා කලා
" අයියා..........."
" ඇයි බන් "
" මේ මාලු හෝදලා "
මට බැන බැනම එනව ඒ පාර...හී..හී...මන් මාලු සුද්ද කරන්න දන්නෑ අනේ..ඒක නිකන් මට අවුල් අවුල් වගේ..ඉතින් මාලු උයනවනම් ඒ වැඩේ කරන්නෙ අයිය තමයි..
අයියා මාලු ටික හදන අතරෙ මම මාලුවට ගාන්න ඉගුරු සුදුලූනු තලලා මිරිස්කුඩු තුනපහ ගම්මිරිස් එහෙම දාලා පොඩි මික්සර් එකක් හදාගත්තා...
" දහයකට ගහන්න කටනම් තියෙනව...මාලුවෙක් සුද්ද කරගන්න බෑ....බදින එකාට බුදු සරනයි "
" අනේ යනව යන්න...මන් බදින්නෙ මටත් වඩා හොදට උයන්න පුලුවන් කෙනෙක්ව "
ඒ පාර වැඩෙත් නවත්තල මන් දිහා බලන් ඉන්නව
" චූටි...සෝහු ගැන...උබ ගත්ත තීරනේ හරි කියල උබට හොදටම විශ්වාසද චූටි
ඌ හොද එකා කියල මන් දන්නව...
ඌ කවදාවත් උබට වැරැද්දක් කරන්නෑ
උබට කියන්න ඒ කොල්ලො 5 දෙනා තරම් නිහතමානී සෙලිබ්රිටිල මන් දැකලම නෑ බන්
අපේ කම්පැනි එකේ මේ අලුතෙන් ට්‍රේන් වෙන උනුත් අඩි 10 ක් උඩින් යන්නෙ
ඒත් මුන් මාර වෙනස් බන්
මන් උන්ගෙ එකෙක් වුනානම් මටවත් ඒ තරම් නිහතමානීව ඉන්න බැරිවෙයි
ඉතින් සෝහු ගැන මට අවිශ්වාසයක් නෑ බන්
ඒත් මට බය මේ සමාජෙ ගැන
සෝහු වගේ කෙනෙක්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙලා ජීවත් වෙන්න ලේසි වෙන්නෑ චූටි
උබට හොදටම ශුවර්ද උබට ඒ දේවල් දරාගෙන ඉන්න පුලුවන් කියල "
අයියගෙ මූනෙන් එයාට මගෙ අනාගතේ ගැන තියෙන බය පේනවා....
" මම ගත්තු තීරන වෙනස් කරන කෙනෙක් නෙමෙයි කියල ඔයා දන්නවනෙ අයියා...මන් දුර්වල කෙල්ලෙක් නෙමෙයි..මට පුලුවන් "
------------------------------------------------------------------
අයියත් එක්කම ඕපදූප කියව කියව කෑම කාලා honey cheese trap අයිස්ක්‍රීම් බාස්කට් එකක් ෆ්‍රිජ් එකෙන් අරගෙන මන් ආවෙ කාමරේට
ලයිට් එකත් ඕෆ් කරල ලැප් එක ඔන් කලේ after we collied බලන්න...රොමෑන්ටික් ෆිල්ම් එකක්...මාරම ලස්සනයි...පොඩි ලමයින්ට බලන්න හොද නැති ටිකකුත් තියෙයි හැබැයි හී හී...මන් බාගයක් බැලුව මේ ලගදි...ඉතුරු බාගෙ බලන්න තමයි අද හදන්නෙ
මේ අයිස්ක්‍රීම් එක මාර රසයි අප්පා
ලංකාවෙ ඉතින් චොක්ලට් වැනිලා ෆෘට් ඇන්ඩ් නට් විතරයිනෙ හැමෝගෙම ජීවිතේ
ඊට වඩා රස අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් ඕනි තරම් තියෙයි ලොකෙ
මේක ගත්තොත් මස්කර්පෝන් චීස් අයිස්ක්‍රීම් වලට ආමන්ඩ් කෑලියි මී පැනි සිරපුයි දාලා හදන අයිස් ක්‍රීම් එකක්
අයිස්ක්‍රම් එකත් කන ගමන් ෆිල්ම් එක බලද්දි මට දැනුනෙ කාමරේ ලගින් මොකක් හරි චායාවක් යනව වගේ
මන් හෙල්ලෙන්නෙවත් නැතුව එකවිදිහටම හිටියා
ඔව් මට අඩි සද්දයක් ඇහෙනව මන් ලගින්
හොල්මන් කියල දෙයක් නෑ බය වෙන්න එපා ආක්ශි...
හෙමීට මන් අඩි සද්දෙ ඇහෙන දිහාවට හැරුනා
ඒත් එක්කම සීතල අත්දෙකක් මගෙ කට තදින් වැහුවා
" අනේ අයියා ..................."