ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-27-3
- විසිහතරවෙනි කොටස -
" ඔය දෙන්න දන්නවද වම් සෝජු,දකුනු සෝජු...
මම ලංකාවෙ කෙනෙක්...අවුරුදු 17 ක් වෙනකන්ම මම ලංකාවෙ හිටියෙ
අනික මම හිටියෙ ගමක...
අපේ තාත්ති තමයි ගමේ ඉස්කෝලෙ ප්රින්සිපල් සර්...එතකොට මගේ අම්මි ඩොක්ටර් කෙනෙක්...මුලු ගමටම ඉන්න එකම ඩොක්ටර්...
මුලු ගමේම ගෞරවේ දිනාගෙන හැමෝගෙම ආදරේ දිනාගෙන වැදගත් පවුලක් විදිහට අපි 4 දෙනා ජීවත් වුනේ
අම්මියි ,තාත්තියි,අයියයි,මමයි
ඒක හරි ලස්සන ජීවිතයක් සෝජු...
හවසට සෙට් එකත් එක්කම ග්රවුන්ඩ් එකේ ක්රිකට් ගහනවා...දොලේ පැනල පීනන්න යනවා..උබල අඩුම දොලක් කියල එකක් දැකලවත් නෑනෙ සෝජු...
ඔයාලගෙ රටේ මිනිස්සු අතරෙ පවුල කියල බැදීම් අඩුයි..ඒකට අපේ රටේ එහෙම නෙමෙයි බන්...
අම්මියි තාත්තියි නැතිවුනාට පස්සෙ අයියයි මමයි කොරියාවට ආවෙ සේරම විකුනල දාලා...අපි ලංකාවෙ හිටියනම් ගොඩක් කට්ට කන්න වෙනව හොදට ජීවත් වෙන්න
ඒ වගේ රටක ගමක ඉදන් බිල්ඩින් වලින් විතරක් පිරුනු කොරියාවට ඇවිල්ලා කාත් කවුරුත් නැතුව අයියයි මමයි ජීව්තේ අලුතින් පටන් ගත්තෙ
මුල් කාලෙ අපි දෙන්න දවසට වේලක් හරි දෙකක් හරි කෑවෙ..ටික ටික තමයි අපි දියුනු වුනේ
දැන් අපි හොදට කාලා බීල හොද ජීව්තයක් ගත කරනව..අපිට සල්ලි තියෙනව ....ඒත් සෝජු මම තාමත් සාමාන්ය මනුස්සයෙක්
එකපාරට කොහෙදෝ ඉදන් හරූ මගෙ ජිවිතේට ආවා
එයා මට ආදරෙයි...මමත් එයාට ආදරෙයි...ඒත් මන් එයාගෙ ෆෑන් කෙනෙක්...සාමාන්ය ලවර්ස්ලා දෙන්නෙක් වගේ නෙමෙයි...මට එයා එක්ක ඉද්දි ජීවිතේ ගොඩක් දේවල් වලට මූන දෙන්න වෙයි..
මට කියල එයා වෙනුවෙන් තියෙන්නෙ මගෙ ආදරේ විතරයි බන්
හරූ කියන්නෙ මම කවදාවත් ඇස් දෙකට දකින්නවත් පුලුවන් වෙයි කියල නොහිතපු ඈත අහසෙ හිටපු තරුවක්...එකපාරට ඒ තරුව මන් ගාවට කඩන් වැටුනා
ඒක මට හීනයක් වගේ බන්...තාමත් සමහර වෙලාවට මට විශ්වාස කරගන්න බෑ මේ ලෝකෙ ජනප්රියම මනුස්සයගෙ ගර්ල්ෆ්රෙන්ඩ් මම කියල...
උබ දන්නවද අද උදේ එයා මාව එයාගෙ ගෙදරට එක්කන් ගියා....ෆෑන් කෙනෙක් විදිහට මන් ඒ ගෙදර ගැන අහල විතරයි තිබ්බෙ...එහෙම හිටපු මම එකපාර එහෙම දේවල් දැක්කම මට හරි අමුතුයි බන්...හරූ එක්ක ගත කරන විනාඩියක් ගානෙ මට අපි දෙන්න අතරෙ තියන පරතරේ දැනෙනව...
මුලු ගෙදරම තනිකර මාෆියා ලුක් එකක්...මන් එහෙම ආස නෑ බන් මගෙ ඔලුව රිදෙන්න ගත්තා හරූ මාව ගේ වටේ එක්කන් යද්දි...ඒත් හා පැටියෙක් වගේ මූනෙ හිනාවක් පුරෝගෙන ලීසු මේ බලන්න..ලීසු මේ තියෙනෙ ජිම් එක...ලීසු මේ තියෙන්නෙ ක්ලෝසෙට් එක...කිය කිය හරිම සතුටින් එයා මාව එක්කන් ගියෙ...ඒ මූන දිහා බලාගෙන මන් කොහොම කියන්නද බන් මගෙ හිතට ඒව බර වැඩියි කියල
හරූ එක්ක බලද්දි මට මන් ගැන සෑහීමක් නෑ සෝජු...මට හිතෙන්නෙම මන් හරූට හොද මදි කියල...
මම හිතනව මම ලස්සනයි කියල...ඒත් ලෝකෙම ඉන්න ලස්සනම කෙල්ල මම නෙමෙයිනේ සෝජු...
හරූ ගැනයි මන් ගැනයි ලෝකෙ දැනගත්ත දවසට මිනිස්සු මොනව කියයිද කියල මට බයයි සෝජු...මට මන් ගැන දුකක් නෑ...මට බය මන් නිසා හරූට අපහසුතාවයක් වෙයි කියල
අනිත් කෙල්ලො වගේ ෆැශන් කරන්න,පැය 24 ම මේකප් එල්ලගෙන ඉන්න මන් ආස නෑ බන්
මම ලංකාවෙ සතුටින් ජීවත් වුනා..අම්මියි තාත්තියි නැතිවුනා..අයියයි මමයි කොරියාවට ආවා...මගෙ එකම සැනසීම වුනේ eclipse ලයි හරූයි..චේසර් කෙනෙක් විදිහට මම සතුටින් හිටියා..ඒත් එකපාරට හරූ මගෙ ජීවිතේට ආවා..මම හීනෙන් වත් ඇත්තටම දකින්න පුලුවන් වෙයි කියල හිතපු නැති කෙනෙක් මගෙ ජීවිතේට ඇවිල්ලා ...ඒකත් මගෙ ආදරේ විදිහට..මගෙ හිතට මේව බර වැඩියි දෙයියනේ...
ඒත් මන් එයාට ආදරෙයි සෝජුවෝ..මන් උත්සාහ කරනව මේ දේවල් වලට පුරුදු වෙන්න...ඒත් මට කාලයක් යයි..
මන් ආස නෑ කවුරුත් ඉස්සරහ අඩන්න..කවුරුත් ඉස්සරහ මම දුර්වලයි කියල පෙන්නන්න...ඒත් හරූ ඉස්සරහ මම සෑහෙන දුර්වලයෙක් වගේ මට දැනෙනව...
මම "eclipse ලගෙ main vocalist හන් සෝහුගෙ එකම ආදරේ " කියන එක මගෙ ඔලුවට මහ බරක් සෝජු
මන් ඒත් එයාව අතාරින්නෑ එයා මාව අතාරින දවස වෙනකන්...ඇත්තට මූන දෙන්න මන් කොහොම හරි පුරුදු වෙනව සෝජු...ඒත් මට බය මගෙන් හරූට වැරැද්දක් වෙයි කියල "
අඩන ගමන් මම මෙච්චර වෙලා හිතේ හිර කරන් හිටපු සේරම ටික කෑ ගහල කිය කිය ඇඩුවා
පුදුම සැහැල්ලුවක් දැන් දැනෙන්නෙ...නිදිමතයි අප්පා...නිදාගත්තනම් හරි...
" ඕයි සෝජු...මට දෝ මතා...යීඊඊඊඊඊඊ....මන් නිදි එහෙනම්...ගුන බුස ජපුර..."
--------------------------------------------------------------------
තද ඔලුවෙ කැක්කුමක් එක්ක ඇහැරිලා බිම බඩගාගෙන මේසෙට අත දාලා ෆෝන් එක අරන් වෙලාව බලද්දි 7 යි....
මල හුට්ටප්පරයයි ...8 වෙද්දි ඉස්කෝලෙ යන්නත් ඕනි
පටස් ගාලා විනාඩි 10 න් වොශ් දාලා අතට අහු වෙච්ච ගවුමකුත් ඇදගෙන මන් බස් එකට දිව්වා...කැත ලස්සන බලන්නවත් අයියා ගෙදරද බලන්නවත් වුනේ නෑ
බස් එකට නැගල මන් කල්පනා කරන්න ගත්තෙ...යකෝ මන් ඊයෙ බිව්ව නේද...හන් ගග පැත්තට ගියා මතකයි...
එතකොට මන් හන් ගගට පැන්නද
අඩෝ මන් මැරිලද
එතකොට මන් දැන් හොල්මනක්
හත්දෙයියනේ.....
නූගා..නාරුල් මාගාදෝ
නාවුයි ගල්ගි රුල්ගන් දෝ
ඉන්සෙන් හන් බන්ගිරාගෝ
ලෙට්ස් ගෝ
ලෙට්ස් ගෝ ගෝ ගෝ ගෝ
මගෙ සීට් එකට ඉස්සරහ හිටපු කෙල්ල බිම වැටෙනව තව ඩිංගෙන්
බෝම්බයක් ගැහුව වගේ ෆෝන් එකක් රින්ග් වෙනව
Eclipse ලගෙ jump සෝන්ග් එක..පරන එකක්...පරන චේසර්ස්ලා විතරයි ඒකෙ ආතල් එක දන්නෙ
මට හිනා..
ඒ අස්සෙ එකෙක් දෙකෙක් මන් දිහා බලනව...
ඇයි යකෝව්...
හුටා...ෆෝන් එක රින්ග් වෙන්නෙ මගෙ නේද...එතකොට මන් මැරිල නැද්ද....
" හෙලෝ අයියා"
" උබ වැඩට ගියාද චූටි...ඊයෙ මන් එද්දි රෑ වෙලා..උබ නිදි නිසා කතා කලේ නෑ "
" ආ ඔව් අයියා...මන් ශේත් වත් හම්බෙලා එන්නෙ එද්දි පරක්කු වෙයි "
එතකොට අයිය නෙමෙයිද මාව ගෙදර එක්කන් ආවෙ...
අනේ මන්ද කොහොම හරි ගෙදර ඇවිල්ලනෙ...
හරූ කුමාරය මොනා කරනවද දන්නෑ...
" Good morning my සංගුලුබුංකට්ටෝ "කියල මැසේජ් එකක් දාලා ඩේටා ඕෆ් කලා
හහ්...දැන් ගූගල් සර්ච් කරයිනෙ සංගුලුබුංකට්ටා කියන්නෙ මොකක්ද කියල
යන්තන් 8.10 වෙද්දි ඉස්කෝලෙට එන්න පුලුවන් වුනා..හරියන්නෑ මන් කාර් එකක් ගන්න ඕනි...
පලවෙනි පීරියඩ් එක මගෙ පන්තියට තිබ්බෙ..සෝජුවා ආපු වෙලේ ඉදන් මට රවනව...මුට මොනා වෙලාද
බෙල් එක ගහුවට පස්සෙ මන් යන්න නැගිට්ටා
" හන් සෝජුන්..essay කොල ටික එකතු කරගෙන මට ගෙනල්ල දෙන්න "
" ඕකේ මිස් ඇන්ඩර්සන් "
මුගෙ ගෑස් බලපන්කො..මල සමයන්...ඒ අස්සෙ බඩගිනිත් එක්ක...ඉන්ටවල් එකේම කනව අප්පා...මට දෙවෙනි පීරියඩ් එක ඕෆ්...ඒ වුනාට පේපර් එකක් හදන්න තියෙයි
ස්ටාෆ් රූම් එකට ගිහිල්ලා මගෙ ඩෙස්ක් එකට වෙලා බලන් හිටියා ...හිටියා...කෝ මූ
ආ ඔය එන්නෙ...උදේම ස්ටාෆ් රූම් එකට හදක් පායල වගේ මේකගෙ ලස්සන
ආපු ගමන් මගෙ දිහාට කිරි පැකට් එකකුයි ක්රීම් බනිස් එකකුයි විසි කලා..යකෝ ඒක විසි කරපු කැත...මන් ශේප් එකේ වටපිට බැලුව..වෙලාවට කවුරුත් දැකල නෑ...
මේකා කොහොමද දන්නෙ මන් බඩගින්නෙ හිටියෙ කියල
" ඔච්චර මොලේ වෙහෙසන්න එපා...තමුසෙ හැරෙද්දි මට තේරෙනව මිස් ඇන්ඩර්සන් "
මට රව රව එහෙම කියපි..දුස්ටකම..අයියත් එකයි මල්ලිත් එකයි
" මොකද මට රවන්නෙ කියනවකෝ "
" මට ඕනි හින්දා...මන් යනව "
ලමයින්ගෙ essay කොල ටිකත් මේසෙ උඩට පතබාලා මෑන් ගස්සගෙන ගියා
යකෝව්...පොඩි උන්ගෙ රෙස්පට් බලන්නත් උනානෙ ආක්ශියෝ උබට
මන් ඉතින් සෝජුවට බැන බැන essay ටික ගත්තා ඒක බලලම ඉවර කරල පේපර් එකේ වැඩ පටන් ගන්නව කියල
ඒ අස්සෙ ෆෝන් එක මේසෙ උඩ ඇබරෙනව...කෝල් එකක්...වෙලාවට ඉස්කෝලෙදි ෆෝන් එක වයිබ්රේට් දාල තියෙන්නෙ...නැත්තන් මගෙ රින්ගින් ටෝන් එක ඇහුනම උඩ යයි අනිත් අය
Boyfriend ❤️
දෙයියනේ හරූ...පලවෙනි වතාවට මට කෝල් කරන්නෙ...බයයි යකූ....දාඩියත් දාලා ඒ මදිවට...ගැම්ම ගනින් ආක්ශි..ලැජ්ජ නැද්ද බන් කෝල් එකකට බය වෙන්න
" හෙ..හෙ...හෙල්..ලෝ "
" ඉස්කෝලෙ ඇරෙන්නෙ කීයටද කියනවාහ් "
බලහන් ගත්ත ගමන් ගහගන්න වගේ කතාව...පොඩ්ඩක් ආදරෙන් හෙලෝ කියපන්කෝ
" ඇයි ඉස්කෝලෙ ඇරෙන වෙලාව දන්නැද්ද "
" නෑ " ඒ පාර හිනාවෙනව
" ඇයි නොදන්නේ...ඒ කාලෙ ඉස්කෝලෙ ගියානෙ...ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙකුත් හිටියේ...ඒ කෙල්ල දකුනු කම්මුල කිස් කරන ෆොටෝ එකකුත් ඉන්ටනෙට් එකේ ශෙයා වුනේ...හිතන් ඉන්නෙ මන් දන්නෑ කියලද..."
" ආහ්...එතකොට ඒකද එදා එක කම්මුලකට විතරක් කිස් එකක් දීල දිව්වෙ අනිකට නොදී "
" ඔව්...අනික කවුද දන්නේ වෙන වෙන කොහේ කිස් කරල තියේද කියල ... එහෙම වුනොත් නම් ම.."
" මන් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ගන්න එන්නම් "
එච්චරයි...ෆෝන් එක තිබ්බා...යකූ ඉස්සෙල්ලා මල්ලිගෙ ගෑස් බැලුවා...දැන් අයියගෙ...දැක්ක නේද කතාව මගෑරපු හැටි...හරි මන් අල්ලගන්නම්කෝ...තවුසෙ ලෝක පූජිත හරූ උතුමානන් වුනාට මට වැඩක් නෑ තවුසෙ මගෙ මිනිහනේ මිස්ට හන් සෝහු...
4.10 ට ඉස්කෝලෙ ඇරිච්ච ගමන් පටගාලා ඔෆිස් එකට දුවලා මගේ වටිනාම වටිනා අති විශේශ මටම විතරක් ආවේනික පූජනීය වූ ආක්ශීස් මහපට ඇගිල්ලාස්ගේ ෆින්ගර්ප්රින්ට් එකත් තියලා මන් සනික දුවන් ආවෙ එලියට
කොයි මේ මිනිහා..
ඔලුව කරක කරක බලද්දි මට පේනව kawasaki ninja H2R එකක ඉදන් මුලු ඇගම වැහෙන්න කලු පාටින් ඇදලා මාස්ක් එකක් දාගෙන කැප් එකකුත් දාගෙන ෆෝන් ඔබ ඔබ ඉන්න මහා උරග දැවැන්තයෙක්ව
වෙලාවට මේ මෙයාගෙ වාහන කලෙක්ශන් එකෙන් එකක් නෙමෙයි...මේ මනුස්පය කොහෙන්ද යකෝ හිතෙන හිතෙන වෙලේට වාහන හොයාගන්නෙ මෙහෙම
මන් ගියා ලගට...ඔබ ඔබ හිටපු ෆෝන් එක සාක්කුවට දාගෙන හෙල්මට් එක අතට ගත්තා
හෑ........මන් ආව කියල කොහොමද දන්නෙ
" මෙ..මෙ...ඔයා කොහොමද දන්නෙ ආවෙ මම කියල "
" සුවදින්"
"මොකක්..උදේ 8 ඉදන් හවස 4 වෙනකන් ලමයි එක්ක ඔට්ටු වෙලා වෙලා මගෙ මොන සුවදක්ද...ඕන්නම් හඩු ගද ඇති "
මන් එහෙම කියල ඇදුම පොඩ්ඩක් ඉබල බැලුව...ම්හු...මටනම් ගදක්වත් සුවදක්වත් එන්නෙ නෑ
" පන්ඩිත නොවී මෙහෙ එනව හෙල්මට් එක දාන්න "
මට රිදෙයිද හෙල්මට් එකට රිදෙයිද කියලද මන්ද හෙමීට දානව...
ඒකට අපෙ අයියා...දඩස් ගාලා අතාරිනව ආයෙ තරු පේන්න
මන් නැග්ගා බයික් එකට...දැන් මන් හරූව බදන් යන්න ඕනිද...අනේ මට ලැජ්ජයි අප්පා...
" අල්ලගන්න "
" නෑ ඕන්නෑ මට බයික් වල ගිහිල්ල පුරුදුයි "
මන් එහෙම කිව්වම කින්ඩි හිනාවක් දාල මන් දිහා බලල හෙල්මට් එක පාත් කරගෙන එකපාරයි රේස් කලේ මන් එයාගෙ ඇගේ
එතනින් එහා බිත්තියකට ඇලිලා වැටෙන්න නොදී බිත්තිය බදන් ඉන්න ගෙම්බෙක්ව මවාගන්න ගයිස්
මට පොඩ්ඩක් නුහුරුයි වගේත් මෙහෙම...ඒත් ඊට වඩා මට මරන බය දැනෙන්නෙ...
හෙමින් පලයන් මනුස්සයෝ හෙට ඉදන් viedeo music awards(VMA) වලට voting පටන් ගන්නව eclipse ලා song of the year එකටයි best kpop එකටයි nominate වෙලා ඉන්නව.මට දැන්ම මැරෙන්න බෑ යකූ ඒකට වෝට් කරන මිශන් එක පටන් ගන්න ඕනි...මන් ගාව ෆෝන් 3 යි ටැබ් එකයි තියෙයි...මන් අකවුන්ට් 48 කින් වෝට් කරන්න යන්නෙ මේ පාර...
චේසර්ස්ලා වෙන අපිට ලොකු මිශන් එකක් තියෙයි..මොකද eclipse ලට ඉරිසියා වෙන kpop fandom වල අය ඉන්නවනෙ..එයාලා සේරම එකතු වෙලා eclipse ලට විරුද්දව වෙන එක්කෙනෙක්ව තෝරන් වෝට් කරනව....
මට මතකයි 2023 GDA වලදි artist of the year එකට jinwoo ව සිලෙක්ට් වෙලා හිටිය...අන්තිම මොහොත වෙනකන් අපි හිටියෙ හතරවෙනියට...ඒ පාර මුලු kpop එකම චේසර්ස්ලට හිනාවෙන්න ගත්තා jinwoo පරදිනව කියල...සෝශල් මීඩියා වල mock කරන්න ගත්ට චේසර්ස්ලාව..
ඒ අවුරුද්දෙ අපි ඒක ගැන එච්චර කෙයා කලේ නැත්තෙ jinwoo සිලෙක්ට් වෙලා හිටිය artist of the year එකට සිලෙක්ට් වෙලා හිටපු අලුතෙන් ආපු ගෲප් එකක් වෙච්ච cores ල ඒ අවුරුද්දෙ ගොඩක් මහන්සි වුනා එයාලගෙ ඇල්බම් එකට...ඉතින් ඒ අවෝඩ් එක වැඩියෙන්ම ඩිසර්ව් ඒගොල්ලො..ජින්වූ වුනත් ඒක දැනන් හිටිය...ඒ හින්ද චේසර්ස්ල ඒකට වෝට් කරන එක ගැන ලොකුවට තැකීමක් කලේ නෑ...අඩුම මන්වත් වෝට් කරල තිබ්බෙ නෑ
ඒ වුනාට එයාලා චේසර්ස්ලට හිනාවෙලා කින්ඩි දාලා එසේ මෙසේ වරදක් නෙමෙයි කරගත්තෙ
එවෙලෙ වෝට් කරන්න දවස් 3 යි ඉතුරු වෙලා තිබ්බෙ...වෝට් දහ දාහක විතර ගැප් එකක් තිබ්බ පලවෙනිය එක්ක..මට මතකයි චේසර්ස්ලා ඒ දවස් 3 ම රෑ එලි වෙනකන් රැකගෙන ඉදල ඇහැරගෙන එලාම් තියාගෙන වෝට් කලා අන්තිම මොහොතෙ..අන්තිමට වෝට් දහ දාහක් අඩුවෙන් හතරවෙනියට හිටපු අපිට අන්තිම මොහොතෙ වෝට් කරල මිලියන 109 ක ගැප් එකකින් පලවෙනිය වෙන්න පුලුවන් වුනා...ආයෙ අරුන්ගෙ රෙදි ඉල්ලෙ
දවස් ගානම නිදිමරාගෙන හිටපු හින්දා ගොඩක් චේසර්ස්ලා ලෙඩ වුනත් එක්ක ..ඒත් එදා ජින්වූ අවෝඩ් එක අරන් එද්දි අපේ ලෙඩ කොහෙන් ගියාද නෑ...
මුලු ලෝකෙම හොට් නිව්ස් එක ඒක තමයි එදා...වෝට් දහදාහෙ ඉදන් මිලියන 109 වෙනකන් දවස් 3 ට වෙනස් වෙච්ච හැටි...අර ගෘප් එකේ අය එයාලගෙ ෆෑන්ස්ලගෙ behaviour එකට eclipse ලගෙන් සමාව ඉල්ලලත් තිබ්බා
ඔන්න ඕකයි චේසර්ස්ලට last minute vote fandom කියන්නෙ.
දැන් හෙට ඉදන් VMA වලට වෝටින් පටන් ගන්නව...ලොකු මිශන් එකක්...මේ යකා මෙච්චර වේගෙන් ගිහින් මන් වලකජ්ජ ගැහුවොත් බොට VMA අරන් දෙන්න දහස් ගානක වෝට් ටිකක් අඩුවෙනව මිනිහෝ...
සමහර අයට ගොන්පාට් වගේ පේයිද දන්නැ මේව ඉතින්...පෙනුනත් I don't care ...ෆෑන් කෙනෙක් වීම කියන එකේ එක පාට් එකක් මේක..හැමෝටම මේ ආතල් එක ගන්න පින නෑ ඉතින්
හප්ප්ටසිරි...මම ශේත්ට එනව කිව්ව නේද...දැන් ඉතින් හරූ මොන මගුලෙ යනවද දන්නෑනෙ...ශේත්ට කෝල් එකක් දානව අනිද්ද එන්නම් කියල
" බම්ලෝ...මට හදිසි වැඩක් වැටුනා..හෙට දිහාට එන්නම් ඈ...මට බිත්තර රෝල්සුයි පැනි ආප්පයි කන්න ඕනි හදල තියපන්..." කියල වොයිස් මසේජ් එකකුත් දාලා ආයෙත් හරූව බදාගත්ත
අපි ආවෙ ඊයෙ ආපු හරූගෙ ගෙදරට...මගෙ බඩත් එක්ක මොකක්ද වෙලා යනව ඒක මතක් වෙලා
බයික් එක ගේට් එකෙන් ඇතුලු කරල එයා මාව අල්ලන් ගේට් එකෙන් එලියට ආවා ආයෙම..එතන නිකන් කැමරාවක් වගේ මොකක්ද එකක් තිබ්බා ඒක මාව ස්කෑන් කලා.ඊට පස්සෙ ඉබේම මට ගේට් එක ඇරුනා
හෑ.....ටෙකනලෝජියා
දොර ගාවට ගිහිල්ලත් එතෙන්දිත් ඒකමයි වුනේ
හෑ...ටෙකනලෝජියා දෙක
දොර ඕපන් වුනාට පස්සෙ මගෙ කටත් ඕපන් වෙන්න ඇති ඉබේම
Oh jesus
මීට පැය 24 කට කලින් මම ඒ දැකපු අදුරුම අදුරු කලුපාට ගෙදර දැන් තනිකර ලාම ලා සුදු ක්රීම් පාටක්.දැන්නෙ මේ ගෙදර ලස්සන පේන්නෙ.රජ මාලිගාවක වයිබ් එකක් දැන් තියෙන්නෙ
" හ....හ....හරූ...."
" ම්ම්ම් "
" මෙහ්...මේ...මේක කොහොමද..."
" ශ්....."
ඊයෙ වගේම එයා මුලු ගේ වටේම මාව එක්කන් ගියා...ඒත් ඊයෙ මට දැනුනු අපහසු,ඔලුව රිදෙන ෆීලින්ග් එක වෙනුවට අද මට දැනුනෙ සතුටක්,ලස්සන රජ මාලිගේක ඇවිදිනව වගේ හැගීමක්...ජිම් එකයි බාර් එකයි කැරොකෙ රූම් එකයි ඇරෙන්න අනිත් හැම තැනම බිත්ති සුදු පාට කරල බ්රයිට් ලයිට් බල්බ් දාලා
ඒත්
දවසක් යන්න කලින් කොහොමද මේක වෙනස් වුනේ....අනික හරූගෙ වයිබ් එක මේක නෙමෙයිනෙ...හරූගෙ වයිබ් එකට තමයි මේ ගේ කලින් තිබ්බෙ...
මට ප්රශ්න ගොඩයි
මාවත් අල්ලන් කියව කියව ඇවිදින ඒ අතකින් මන් තද කරල අල්ලන් සෝෆා එකට ඇදගෙන ආවා
" හරූ...ඇයි මේ "