ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-26
- විසි තුන්වෙනි කොටස -
හරූගෙ මියුසික් රූම් එක....
බිත්තියේ එක පැත්තක මුලු බිත්තියම වැහෙන්න එයාගෙ ෆොටෝ එකක්
අනිත් පැත්තෙ ලොකුවට කොටු කොටු කබඩ් එකක් ගහලා හරූගෙ awards...
Eclipse ලගෙ නම් awards ඔක්කොම එක තැනක තියෙන වෙනම කෞතුකාගාරයක් තියෙනව...
ඒක දැකල මට පිස්සු වගේ...
දෙයියනේ මයික්ස් ගොඩ...එකයි..දෙකයි..තුනයි...හතරයි...මන් ගනන් කලා..යකෝ මයික්ස් 30 ක් තියේද මේ මනුස්සයට
අර ස්ටුඩියෝ වල තියෙනව වගේම හැම බඩුවක්ම තියෙයි
මන් හිතන්නෙ මේක සවුන්ඩ් පෲෆ් රූම් එකක්...
මේ රූම් එක විතරක් මේ මුලු ගෙදරම වගේ දෙගුනයක් විතර වටිනව ඇති
ඔලුව වටේටම කරක කරක මන් බැලුවා...තඩි පියානෝ එකකුත් තියෙයි...ලංකාවෙ ඉද්දි මටත් තාත්ති ශිශ්යත්වෙන් ලංකාවෙ 3 වෙනිය වුනාට මොනාද ඕනි කියල අහද්දි මන් ඉල්ලුවෙ පියානෝ එකක්...අයියයි මායි මෙහෙට එද්දි පියානෝ එකත් විකුනන්න වුනා...එදා මට මතකයි මන් ඒක බදාගෙන ඇඩුවා...
පියානෝ එක ගාවට යන්න අඩියක් තියලත් මන් ආයෙ කකුල පස්සට ගත්ත ආයෙම
ඒත් එක්කම හරූ මගෙ ලගට ඇවිල්ල මගෙ අතකින් ඇදගෙන ගිහිල්ල පියානෝ එක ගාවින් මාව වාඩි කරල,කදුලු බේරෙන මගෙ ඇස් දෙකත් පිහදාලා
" මෙච්චර කල් මේකට මමයි අයියල 4 දෙනයි විතරයි ඇවිල්ල තියෙන්නෙ...අද ඉදන් මේක ඔයාටත් අයිතියි... "
අඩන ගමන්ම මම සතුටින් හිනාවුනා...අඩන්නෙ ඇයි කියල ඇහුවොත්....
මියුසික් වලට පිස්සුවෙන් වගේ ආදරේ කරන කෙනෙක්ට විතරයි මන් මේ මොහොතෙ ඉන්න සිටුවේශන් එක තේරෙන්නෙ
මේක මම කාලෙකට කලින් දැකපු හීනයක්...ඒත් අද මන් ඒ හීනෙට වඩා ගොඩක් වෙනස් පාරක් තෝරගෙන ඉන්නෙ...
මන් පසුතැවෙනවද ඒ කියන්නෙ ????
අපෝ නෑ...
අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි...ඒ ටික කාලෙ අපි සතුටින් ඉන්න ඕනි...පරන දේවල් වලට දුක්වෙවී කාලෙ ගතකලා කියල අපිට ඒ දේවල් ආයෙ ලැබෙන්නෙ නෑනෙ...ඒකෙන් වෙන්නෙ අපිට මේ මොහොතෙ සතුටින් ඉන්න තියෙන වෙලාවත් ටික ටික අඩු වෙන එක...
මන් පියානෝ එක ගාවින් නැගිට්ටා ...මුලු රූම් එක පුරාම ඇවිදගෙන ගියා
මයික්රෆෝන්,ඕඩියෝ ඉන්ටෆේස්,ස්පීකර්ස්,මිඩි කීබෝඩ්,සවුන්ඩ්පෲෆ් පැනල්,බේස් ට්රැප්ස්,කීබෝඩ් එක,ගිටාර් ,ප්රීඈම්ප්,හාඩ්වෙයාස්,මික්සර්ස්,අයිසොලේශන් ශීල්ඩ් ,පොප් ෆිල්ටර්ස්,හෙඩ්ෆෝන්ස්
දෙයියනේ පිස්සුවක් මේකනම්
" ප්ලේ කරන්න පුලුවන්ද "
" අවුරුදු 7 කින් ප්ලේ කරල නෑ "
" එන්න "
" අනේ මට බෑ හරූ "
" මෙන්න මෙහෙ එනව පන්ඩිත නොවී "
මන් ගාවින්ම එයත් වාඩි වුනා...මගෙ අතත් වෙව්ලනව වගේ...අම්මියි තාත්තීයි නැති වෙච්ච දවසෙ ඉදන් මන් ඉන්ස්ටෘමන්ට් එකක් අතින් ඇල්ලුවෙ නෑ...
පියානෝ එක,ගිටාර් එක,වයලින් පවුලෙ සේරම,බටනලාව,තම්මැට්ටම් මේ සේරම මට ප්ලේ කරන්න පුලුවන්...වෙස්ටන් මියුසික් බෑන්ඩ් එකේ හිටපු නිසා බේස් ඩ්රම් එක ඇරෙන්න අනිත් ඉන්ස්ටෘමන්ට් ඔක්කොම පුලුවන්..බේස් ඩ්රම් එක බැරි ඒක උස්සගන්න මන් චූටි වැඩි නිසා
එහෙම හිටපු මම අද පියානෝ එක අල්ලන්න බයයි
මගෙ වෙව්ලන අත් දෙක උඩින් එයා එයාගෙ අත් දෙක තිබ්බා
Maybe it's the way you say my name
Maybe it's the way you play your game
But it's so good
I've never known anybody like you
But it's so good
I've never dreamed of nobody like you
And I've heard of a love that comes once in a lifetime
And I'm pretty sure that you are that love of mine
'Cause I'm in a field of dandelions
Wishing on every one that you'd be mine, mine
And I see forever in your eyes
I feel okay when I see you smile, smile
Wishing on dandelions all of the time
Praying to God that one day you'll be mine
Wishing on dandelions all of the time, all of the time
අපි දෙන්නම ප්ලේ කියන ගමන් ප්ලේ කලා...දෙයියනේ මොකද මට මතක නැත්තේ...කෝඩ්ස් ටික සේරම මතකයි
සින්දුව ඉවර වෙනවත් එක්කම මන් පැන්නා ඒ තුරුලට
" තැන්ක්යූ හරූ...මේ වගේ ස්ටුඩියෝ එකක් මගෙ කාලෙකට කලින් හීනයක්...තැන්ක්යූ ඔයාට "
හරූ ගේ පුරාම මාව එක්කන් ගියා...මුලු ගෙදරම අදුරුයි...තනිකර කලුයි සුදුයි...ඔලුවත් රිදෙනවා...
අර නවල් වල තියෙන මාෆියා ගෙයක් වගේ
මගෙ හිතට මේව බර වැඩියි...අමාරුවෙන් වුනත් හිනාවුනා මම...
මන් හරූට ආදරෙයි..ඒක ඇත්ත...එයත් මට ආදරෙයි...ඒකත් ඇත්ත...
ඒත් මට මේ දේවල් හුරු නෑ...මේ පටන් ගත්තා විතරයි...හරූගෙ ගෙදර කියන එකත් මගෙ ඔලුවට ලොකු බරක්..ඉස්සරහට තව මොනව වෙයිද...
ටික වෙලාවකින් අපි දෙන්න ගෙදර එන ගමන් හිටියෙ
" හරූ "
" ම්ම්ම් "
" ඔයාට බය නැද්ද"
" මොකටද "
" මාව එහෙම එක්කන් යන්න..මන් හොරෙන් වීඩියෝ කරල සෝශල් මීඩියා දායි,මම ඔයාගෙ ජනප්රියකම ,සල්ලි නිසයි ඔයා එක්ක යාලු වුනේ...එහෙම හිතෙන්නැද්ද ඔයාට "
එයා හිනාවෙනව ඒ පාර
" නෑ "
එක වචනයයි..
" ඇයි ඒ "
" මන් දන්නව ඔයා එහෙම කෙනෙක් නෙමෙයි කියල "
" ඒ කොහොමද...බැරිවෙලා හරි මම එලියට හොද මූන පෙන්නන් ඉන්න ඇතුලෙන් නරක කෙනෙක් වුනොත් "
" හීනෙකින්වත් ඔයාට එහෙම වෙන්න බෑ "
මන් කට පියාගත්තා...මේ තරම් මන් ගැන විශ්වාස කරන්නෙ කොහොමද
මාව ගෙදරින් දාලා eclipse ලගෙන් කෝල් එකක් ආපු නිසා එයා ගියා
දොර ලගට වෙලා මම කල්පනා කලේ අද වෙච්ච දේවල්...ඒ හැමදේම පිස්සුවක් වගේ...මට හීනෙකින්වත් දකින්න බැරි දේවල් මම දැක්කෙ...
බිලියන 15 ක් වටින තට්ටු 5 ක ගෙයක්,පොලව යට තට්ටු දෙකක්...රහස් ලිෆ්ට් එකක්...ගේ අස්සෙ ජිම් එකක් බාර් එකක් ස්ටුඩියෝ එකක්...හරූගෙ නේබර් සැම්සුන්ග් එකේ අදිපති..ගෙදරට පොලිස් ආරක්ශාව...eclipse ලා...හන් සෝහු...
මේ හැමෝම එකපාරට මගේ ජීවිතේට ආවෙ කොහොමද
එහෙම්ම හැරිලා මන් අපාට්මන්ට් එකෙන් එලියට ආවා...මට අඩන්න ඕනි...
" හෙලෝ අක්කා "
" මල්ලි..කොහෙද ඉන්නෙ "
" ගෙදර බන් "
" කොහෙ ගෙදරද .."
"මගෙ ගෙදර බන් ..මගෙ බෝඩිමේ "
" වැඩක් ද "
" නෑ..ඒ අඩනවද...මොකක්ද වුනේ...අක්කා..ඇයි අඩන්නෙ"
" මොකුත් නෑ..නිකන් කතා කලේ මන් තිබ්බා "
කෙලින්ම මන් ගියෙ බාර් එකට...
" හෙලෝ මිස් මොනවද ගන්නේ "
" hwayo 41 "
-------------------------------------------------------------------
බිල් එකත් පේ කරල මන් බාර් එකේ ඉදන් කෙලින්ම පයින් ආවෙ ichon hangang park එකට
බාර් ටෙන්ඩර් අයිස් කැට දුන්නත් මන් අයිස් නැතුව බිව්වෙ..හහ් ගෑනි හිතුවද දන්නෑ මට බොන්න බෑ කියල
කෙලින් ඇවිදින්නත් බෑ දැන්නම්..ඒ අස්සෙ මට දෙක දෙක පේනව..
ෆෝන් එක රින්ග් වෙනව ඉවරයක් නෑ බැරිම තැන ඕෆ් කරල දැම්ම ලබ්බ
පාක් එකටම ඇවිල්ල කොන්ක්රීට් පඩිපෙලෙන් මම ඉදගත්තා හන් ගග දිහා බලාගෙනම
හම්මා මාර සනීපයක් දැනෙන්නෙ...හන් ගගේ වීව් එකත් ලස්සනට පේනව
පොඩ්ඩක් හිටපන්...ඇයි මට හන් ගගවල් දෙකක් පේන්නෙ...අඩොව් ගග ඩබල් වෙලා...
" අඩෝ හන්න්න්න්න්න්න්න්න්න්න්න්......උබ දෙබිඩි කෙසෙල් කෑවද කියපා.......න්
මෙච්චරකල් එකයිනෙ හිටියේ....උබ කොහොමද ගගවල් 2 ක් වුනෙ........හන්න්න්න්න්න්න්න්න්න්න්න් "
මට පේනව මට ටිකක් දුරින් කපල් එකක් ඉන්නව..හරූ එක්ක මේව හීන තමයි...
ඒ හෝතබුවො දෙන්නා ඒ පාර මන් දිහා බලන්..
" තොපි මොනාද මන් දිහා බලන්නෙ...ඇයි මාව මොකෙක් වගේද පේන්නේ ශිබා....."
ඉතුරු ටික කෑ ගහන්න කලින් මොකෙක් හරි මගෙ කට වැහුවා
"කවුතේ මේ ලම්සන කොල්ලා
හම්මටසිරි සෝජුවා
ආ මගේ මල්ලි පනේ...
තෞසෙ මොකද මෙහෙ කරන්නේ
දැන් ඇයි තමුසෙ මට රවන්නේ... "
" තමුසෙ දන්නවද ඕයි අපි තමුසෙව කොච්චර හෙව්වද කියල..අනික තමුසෙ බිව්වද ඕයි..."
" ඔව් ඕයි...මන් බිව්වෙ සැරම එක...ඒ ගෑනි මුලින් දෙන්න අදිමදි කලා වගේ...ඒව කොහෙද මේ ආක්ශිත් එක්ක...මන් දැන් ලොකු ලමයෙක් "
" මොකක්ද තමුසෙ බිව්වෙ දැන් "
" hwayo 41 "
" මොකා.....ක් "
" මොකද යකෝ බෙරිහන් දෙන්නෙ...අනික ඇයි මට දෙපැත්තෙන්ම කෑ ගහනව ඇහෙන්නෙ "
මන් හෙමීට අනිත් පැත්ත බැලුවා
" හෑහෑහෑඈඈඈ......
මෙන්න තවත් සෝජුවෙක්.හිටපන් ගනන් කරන්න
.දෙකායි..තුනා.....යි....සෝජුවො දෙන්නයි...ඕයි දකුනු සෝජුවා...උබත් මෙහෙම් වාඩිවෙයන් .... "
බෙල්ලෙන් අල්ලන් මන් සෝජුවව වාඩි කලා
එතකොට දැන් සෝජුවො දෙන්නයි
වම් සෝජුවයි..දකුනු සෝජුවයි....මන් මැද
මන් හැරුන දකුනු සෝජුවා දිහාට
" ඒයි දකුනු සෝජුවා...තෞසෙ කවද්ද මෙච්චර තඩි වුනේ...අනික ඇයි තෞසෙ මාස්ක් එකක් දාල ඉන්නෙ
ඇයි මට තමුසෙව මගෙ හරූ වගේ පේන්නෙ ...."
ඇන්නා මන් එකක් බඩට
" අඩෝ තමුසෙට කොහොමද එකපාර මෙහෙම ජිම් බොඩි එකක් පහල වුනේ...දැන්නම් තමුසෙ ඉස්කෝලෙදි පැනි හලන අර කෙල්ල ම්හ්බුහ්ම්හ්බ් "
වම් සෝජුවා මගෙ කට වැහුවා ....
" කට වහගනින් අක්කා...බලනව මෙතන...බේබද්දියක් වගේ බීල බීල "
ඒ පාර වම් සෝජුවා කියවනව
" මම බිව්වෙ දුකට ඕයි දුකට ..උබලට මාව තේරෙන්නෙ නෑ...මට ඕනි පියාබන්න....හන් ගගේ.....මම එනවා................"
දිව්වට පොඩ්ඩක්වත් ඉස්සරහට ගිහිල්ල නෑනෙ...තව ටිකක් වේගෙන් කකුල් දෙක මෙව්ව කලා
කෝ යකෝ මන් ඉස්සරහට යන්නෑනෙ...
බලද්දි සෝජුවො දෙන්නා මාව අල්ලන්
" අත ගන්නවකෝ ඕයි...අර හන් ගග මන් එනකන් බලන් ඉන්නවා...."
" කටවහගෙන වාඩිවෙයන් අක්කා..කන පලාගන්නෙ නැතුව "
හම්මා මුගෙ සැර...
"ඇයි ඒත් දකුනු සෝජුවා කතාවක් නැත්තෙ..
හුටා...දකුනු සෝජුවා ගොලු වෙලා...... "
" දකුනු සෝජු..ඔයා බය වෙන්න එපා...මන් ලෝකෙ වටේ ගිහිල්ල හරි ඔයාව සනීප කරගන්නව...මම...මම "
" නවත්තගනින් අක්කා...දැන් කියනව මොකක්ද ප්රශ්නෙ කියල "
" ප්රශ්න ප්රශ්න සේරම ප්රශ්න ඕයි...මගෙ ඔලුවට මේව බර වැඩියි