ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-25
- විසිදෙවෙනි කොටස -
කවුද කියන්න මූන බලන්න ඕන්නෑ...දැන් මට සුවද හුරුයි...
යාලු වුනා විතරයි එදා ඉදන් දවස් 10 කින් මන් දැක්කෙ නැති,කතා කලේ නැති,හැමදාම ස්ටිකර් ෆයිට් එකක් විතරක් කරපු මගේ දුශ්ට මිනිහා...
යකූ මන් දන්නෑනෙ මෙයා කොරියාවට ආව කියල...eclipse ලා ආව කියන නිව්ස් එක විතරයි දැක්කෙ...හරූ ඉතින් හැමදම රස්තියාදු ගහල දවස් දෙක තුනක් පරක්කු වෙලා එන හින්ද හරූ එන්න නැතුවැති කියල හිතල මන් එයාපෝට් ලයිව් වීඩියෝ බැලුවෙ නැ....
මන් හින්දද කලින් ආවෙ...අහන්නත් බෑ... නැ කිව්වොත් එහෙම..චාටර්නෙ...
චොප්ප වෙලා යන්නම මාව බදාගෙන...මගේ ඉල ඇට ටික කැඩෙයි යකෝ...හුම්ම ගන්න බෑ
එකපාරට මාව අතෑරල අතකිනුත් අල්ලගෙන ගියෙ එයාගෙ ගෙදරට...
දොර වැහුව ගමන්..
" බඩගිනී " කියාගෙන මන් දිහා බලන් ඉන්නව
අනේ ඉතින් මගේ හා පැටියා..
" වොශ් දාන් එන්න මන් කන්න මොනාහරි හදන්නම් "
ඔලුවත් වනල ගියා ඒ පාර...මොනාද හදන්නේ...හරූ තරම් හොදට මට උයන්න බෑ...මන් කියනව වගේ හරූට බැරි දෙයක් නෑ..එයා හොද කුක් කෙනෙක්....
ම්ම්ම්...ෆ්රෝසන් කෑම වර්ග ටිකක් අයිය ගෙනල්ල තිබ්බ නේද..මේ වෙලාවට තමයි මේ වගේ රටක ඉන්න එක ගැන සතුටු හිතන්නෙ
ෆ්‍රිජ් එකයි පැන්ට්‍රි එකයි ඇරල බැලුව මෙලෝ දෙයක් නෑ...හරිනෙ ඉතින් මාස දෙකක් විතර ගෙදර හිටියෙ නෑනෙ
ටක් ගාල අපේ ගෙදරට දුවල ගිහිල්ල රාමෙන් පැකට් 2 කුයි ෆ්‍රීස් කරපු හොට්ඩෝග් පැකට් එකකුයි මන් එන ගමන් ගෙනාපු ෆ්‍රයිඩ් චිකන් එකයි ෆ්‍රිජ් එකෙන් පෙප්සි කෑන් දෙකකුයි ගෙනාවා...
වතුර එකක් උනුවෙන්න තියල ඒකට රාමෙන් දෙක දාලා ෆ්‍රීස් කරල තියෙන හොට්ඩෝග් දෙක අවන් එකට දැම්මා රත් වෙන්න
මේසෙට කෑම ටික ඇරල චොප්ස්ටික්ස් හතර හෝදල ප්ලේට්ස් දෙක ගාවින් තියනකොටම මෙන්න ලම්සන කොල්ලෙක් එනව කොන්ඩෙ පිහ පිහ පද්ද පද්ද
එයා දිහා බලන් හිටපු මට ඉබේටම කෙලත් ගිලුනා...දුබුරු පාට ශෝට් එකකට සුදු පාට sleeveless tank top එකක් ඇදලා...උරහිසේ ඉදන් මැනික් කටුව වෙනකන් කොටල තියෙන ටැටූ එක මන් අද තමා හරියටම දැක්කේ...
සික්ස් පැක් නෙමෙයි eight පැක් තියේද කොහෙද මේ මනුස්සයට...ඇයි හැමදාම පැය 3 ක් විතර ජිම් එකේනෙ ජීවත් වෙන්නෙ...අවුරුදු 5 ක ඉදන් ලෝකෙ කඩවසම්ම පිරිමියා හරූ වෙන එක අහන්නත් දෙයක් ද
මට ඉබේම බැලුනෙ මම දිහා...තඩිම තඩි ශෝටකට ඊටත් වඩා තඩි ටීශර්ට් එකක් ඇදලා කොන්ඩෙ ගුලියක් ගහගෙන ...
අඩුම මම අනිත් කෙල්ලො වගේ අතපය වැක්ස් කරලවත් නෑ...අයිබ්‍රෝස් හදනව ඉදල හිටල නේල්ස් හදනව එච්චරමයි
හරූ එක්ක බැලුවම මන් මොකෙක්ද එකෙක් වගේ...මන් ෆැශන් කරන පැය 24 ම මේකප් උලන් ඉන්න කෙල්ලෙක් නෙමෙයි...මන් එහෙම ආසත් නෑ...
හරූගෙ පෙනුම එක්ක ගත්තම මාව හරූට හොද මදිද මන්දා කියලත් හිතෙනව
මන් කියන්නෙ වෙන ප්‍රසිද්ද අයගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලා ෆැශන් කරනවා,සෝශල් මීඩියා icon එකක් වෙන්න හදනවා,සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන විදිහෙන් වෙනස්ව වෙනම සමාජ තලයක ජීවත් වෙන්න හදනව
ඒත් මට එහෙම ඕන්නෑ...මට මිනිස්සුන්ගෙ අවධානෙ ගන්න ඕන්නෑ...මගෙ ජොබ් එක කරගෙන පාඩුවෙ ජීවත් වෙන්න තිබ්බොත් ඇති...
මටත් එයාල වගේ මගෙ යාලුවන්ව ආශ්‍රය කරන එක නවත්තන්න වෙයිද...ලමයින්ට උගන්නන්න මගෙ ජොබ් එක අතාරින්න වෙයිද...කවද හරි අපි දෙන්න ගැන මිනිස්සු දැනගත්ත දවසක මන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන එකට මිනිස්සු හරූට මාව ගැලපෙන්නෑ කියයිද
මගෙ ඇස් වලට කදුලු පිරුනෙ ඉබේටම
ඒත් එක්කම මට කෝල් එකක්...ශේත්..චොප්ස්ටික්ස් දෙක හරූට දීලා වාඩි වෙන්න ඇස් වලින් ඉගි කරල මාත් වාඩි වුනා
" කියපන් ශේත්..."
" වැඩක්ද බන්... "
" නෑ නෑ කියපන් මොකක්ද සීන් එක "
" මේ අරූ මාව හම්බෙන්න ආවා කියහන්කො "
" කවුද "
" ජෙක්ස් බන්...කොරියන් ගෑනුන්ගෙ සිහින කුමාරය "
" ඉතින් "
" ඌ මගෙන් උබ ගැන ඇහුවා..උබ කොහෙද ඉන්නෙ කියල ඇහුවා...උබේ නම්බර් එකත් ඉල්ලුව...
මගෙ ශොප් එක ඉස්සරහ කෙල්ලො ටිකක් බෙරිහන් දෙනව...බලද්දි තමා jex කියල දැක්කෙ
ඌ කොහොමද බන් උබව දන්නෙ..අනික මාව හොයාගත්තෙ කොහොමද දන්නෑ "
" උබ අපිට සෙට් වෙන්න කලින් jex හිටියෙ...උබ ඌව දන්නෑ...මන් විස්තරේ හෙමීට කියන්නම්...උබ මන් ගැන කිව්වෙ එහෙම නෑනෙ "
" නෑ නෑ කිව්වෙ නෑ..මිනිහ බූසාන් පීරලා උබව හොයලද කොහෙද ..සෝල් වල දැන් ඉන්නෙ කියල දන්නෙ නෑ...මන් කිව්වෙත් නෑ .... උගෙ මැනේජරයගෙ කාඩ් එක දීල ගියා "
" හ්ම්..බලමුකො මිනිහ මොකටද එන්නෙ කියල...මන් හෙට දිහාවට ශොප් එක පැත්තෙ එන්නම් විස්තරෙ කියන්න..."
" හරි බන්...තියන්නම් එහෙනම්..බුදු සරනයි "
" බුදු සරනයි ශේත් "
එසේ මෙසේ කුන්ඩවාලයක් නෙමෙයි පාත් වෙන්න යන්නේ ආක්ශි...
ඒ පාර මකරෙක් ගිනි පිබින සද්දයක් ඇහෙනව...ගිනි පිබින එක නවත්තල
" මමත් ශ්‍රී ලංකන් ඉගෙන ගන්න ඕනි "
මට බකස් ගාලා හිනාවක් ගියා...
" ශ්‍රී ලංකන් කියල බාශාවක් නෑ හරූ...ඒකට කියන්නෙ සිංහල කියල "
අඩුම ඔයා අපේ රට කියල එකක් තියෙනව කියලවත් දන්නවද...අනේ යන්න හරූ "
" මම දන්නැත්තෙ මොකද...අර අබ ගෙඩියක් වගේ ඉන්දියාවට පහලින් තියන රටනේ..ඒ වගේ චූටි රටකින් ඇවිල්ල නිසාද කොහෙද තමුසෙත් චූටියට ඉන්නෙ "
" හා ඇත්තද...එහෙනම් රශියා වල මිනිස්සු යෝදයො වෙන්න ඇති "
අපි දෙන්නා කන්න ගත්තා...මෙයා මගෙ කෝල් එක ඉවර වෙනකන් කන්න අරන් නෑ...අනේ ඔන්න ඉතින් ආදරේ හිතෙනව
කන අතරෙ මට පේනව මගෙන් මොනවහරි අහන්න දගලනව දගලනව ඒත් අහන්නෑ...
" මොකද "
" මොකක්ද..."
" අහන්න ඕනි දේ අහන්න "
" එ.එහෙම..එහෙම මොකුත් නෑ " කියල ආයෙ කනව
මට හිනා...ඕකේ ආක්ශි කවුන්ට්...10...9...8...7...6...5...4...3...2...1
" අර කෝල් එකෙදි jex ගැන කියනව ඇහුනෙ මොකක්ද"
ඔය පැන්නෙ එලියට.ආයෙත් මට බකස් ගාලා හිනා ගියා..තව ඩිංගෙන් නූඩ්ල්ස් කෑල්ලක් නහයෙන් එනව...ලෝක ප්‍රසිද්ද හරූ උතුමානන් මේ දැන් මගේ කෝල් එකට හොම්බ දාගෙන ඉදල ජෙක්ස් කියන වචනෙ විතරක් යන්තන් අහුලගෙන ඉරිසියාවෙ පැලෙන්න එනව...
" ඇයි ඉරිසියයි ද "
" මේ මම...ඉරිසියා කරන්න....පිස්සුද...මන් මේ නිකන් ඇහුවෙ ඉතින් "
මුලු ඇගෙන්ම ඉරිසියාව බේරෙනව පේනව...පිලිගන්න කැමති නෑ ඒත්...හහ් බලමුකො මහත්තයෝ....
මන් ඉතින් jex ගැන කතාව කිව්වා කන ගමන්ම...හරූ සප්‍රයිස් වුනේ නෑ කිව්වොත් බොරු...මොකද ඔය කතාව මමයි jex යි මගෙ යාලුවො ටිකයි...jex මුලින්ම කරපු ඩ්‍රාමා එකේ ටීම් එකයි ඇරෙන්න කවුරුත් දන්නෙ නෑ....
දැනගත්තොත් jex ගෙ career එකත් ඉවරයි...වෙන කෙල්ලෙක්නම් මෙලහට ඕව එලියට දාල ...මටත් යාලුවො ටික බැන්නා ඕක එලියට ගියොත් උගෙ ජීව්තේම විනාසයි උබට කරපු බලු වැඩේට එලියට දාපන් කියල...
ඒත් මට එහෙම කරන්න ඔන්නෑ...එහෙම කරන්නවත් මට ඌ ගැන හිතන්න මගෙ එක තප්පරයක්වත් නාස්ති කරන්න ඕන්නෑ මට
" මූ මෙච්චර බල්ලෙක් කියල මන් දැනන් හිටියෙ නෑනෙ.. ඉයුන් වූ ට ඌව පේන්න බැරි එක අහන්න දෙයක් නෙමෙයි...එතකොට දැන් ඇයි ඌ ආපහු ඔයාගෙ පස්සෙන් එන්නෙ "
" අනේ මන්දා හරූ "
" හරි මන් බලාගන්නම්කො ඕකා ගැන "
" හ්ම් "
" එතකොට තමුසෙ උට ආදරේ කලාද "
නියපොතු වලින් මේසෙ හූරන ගමන් අහනව
අම්මප මේ මනුස්සය පිලිගන්නෑනෙ ඉරිසියයි කියල
" එහෙමත් නෑ...ආදරේ හිතෙන්න කලින්ම එයා ඒක නැති කරල දැම්මා "
ඒ පාර ඔන්න හිනාවක් ආවා මූනට...
කාල ඉවර වෙලා මේසෙත් අස් කරල සෝෆා එකට වැටුන විතරයි හරූ ඇවිල්ලා මාවත් ඇදන් යනව
" කොහෙද යන්නෙ "
" ගමනක්"
" ඒත් මේ ඇදුම පිටින්ම"
" තමුසෙ මොක ඇන්දත් ලස්සනයිනෙ අනික හැඩ බලන්න කවූරුත් නෑ එතන "
දොරත් වහගෙන ලිෆ්ට් එකෙන් පහලට ඇවිල්ල අපි දෙන්නම පාකින් ඒරියා එකට ආවා...
" ගාඩ්ලා නැතුව මෙහෙම තනියෙන් යන එක අවුලක් නැද්ද "
" බය නැතුව ඉන්නව..."
ටික වෙලාවකින් අපි ආවෙ ithewon - dong පැත්තට..Namsan කන්දටයි හන් ගගටයි මැදිවෙන්න වගේ මේ පැත්ත පිහිටල තියෙන්නෙ...
ගොඩක් සෙලිබ්‍රිටි ලා,නලු නිලියො,eclipse ලගෙත් jiwnoo,lee, cyan ජීවත් වෙන්නෙ hangnam - dong පැත්තෙ...හරූත් ඉස්සර හිටියෙ ඒ පැත්තෙ තමයි...
හරූ අවුරුදු 2 කට කලින් ithewon - dong පැත්තෙන් චූටි ගෙයක් ගත්තා...ඒ ගෙදර සම්පූර්නෙන්ම කඩල බිදල දාලා තට්ටු 5 ක අලුත් ගෙදරක් එයා හැදුවා...
අපි මේ යන්නෙ ඒ ගෙදරට කියලනම් කියන්න එපා හරූ...
මන් දන්න විදිහට ඒ ගෙදර වොන් බිලියන 15 ක් වටිනව...ලංකාවෙ රුපියල් වලින් කිව්වොත් රුපියල් කෝටි 360 ක් වගේ...
samsung එකේ සභාපති,sk එකේ සභාපති,decendents of the sun එකේ ඉන්න ප්‍රධාන නලුවා song jun ki වගේ දැවැන්ත මිනිස්සු ඉන්නෙ මේ පැත්තෙ...
මගෙ බඩ දගලනව වගේ....හරූව දවසින් දවස ආශ්‍රය කරද්දි මගෙයි එයාගෙයි තියෙන පරතරේ මට වැඩි වැඩියෙන් දැනෙනව...මට ඒ ගැන දුකක් නෑ මට තියෙන්නෙ බයක්....මේ දේවල් මට හුරු නෑ...මොකද මම සාමාන්‍ය මනුසයෙක්...මේ ඉන්නෙ ලෝකෙ ලොකුම ගායකයා....
කොටින්ම මේ ලෝකෙටම 4 ක් විතරක් තියෙන මේ ජාතියෙ rolls royce 4 න් එකක මම මේ වාඩි වෙලා යන එකත් මගෙ ඔලුවට බරක්
ඇඩෙන්න වගේ ආවත් මන් ඒක නවත්තගත්තෙ හරූව බොරුවට බය කරන්න ඕනි නැති නිසා
ඉවසපන් ආක්ශී...ඉවසපන්....
ටිකකින් අපි ගෙදරට ආවා..මන් ෆොටෝ වලින් මේක දැකල තියෙයි...ලොකු ආරක්ශාවක් තියෙයි මේ පැත්තට...
හරූගෙ ඉස්සර ගෙදර වගේ නෙමෙයි ලොකු තාප්ප එක්ක සෙකියුරිටි එකක් තියෙන මේ ගෙදරට අර කරදරකාර ෆෑන්ස්ලට මොකුත් කරන්න බෑ..පාරෙ යන අයට පොඩ්ඩක්වත් ඇතුල පේන්නෙ නෑ
හරූ කාර් එක පාක් කරනකන් මන් ගේට් එක ගාව හිටියෙ...
"තට්ටු 5 ක් කිව්වට තට්ටු 3 යිනෙ තියෙන්නෙ" මන් එයාගෙන් ඇහුව
"underground floor 2 යි පොලවෙන් උඩට තට්ටු 3 යි විදිහට මේ ගෙදර තියෙන්නෙ
පලවෙනි භූගත ෆ්ලෝර් එක තනිකරම පාකින් වලට...එතනින් ගේ අස්සට යන්න රහස් ලිෆ්ට් එකක් තියෙයි
එතකොට දෙවෙනි underground floor එකේ තියෙන්නෙ මගෙ entertainment zone එක...
මියුසික් ස්ටුඩියෝ එකක්,බොක්සින් එක්ක වර්ක් අවුට් කරන්න ප්‍රයිවට් ජිම් එකක් එක්ක ගෙදර හදල තියෙන bar එකක්.... ඒ කියන්නෙ හෝම් බාර් එකක් තියෙයි. අයියල සෙට් එකයි යාලුවොයි එහෙම ආවම පාටි දාන්නෙ ඒකෙ තමයි....මේ floor එක පොලවෙන් යට වුනත් ඉර එලිය එන විදිහටයි හදල තියෙන්නෙ
පොලවෙන් උඩ තියන ෆ්ලෝර් තුනෙන් පලවෙනි ෆ්ලෝර් එකේ living room එකයි kitchen එකයි තියෙන්නෙ
දෙවෙනි floor එකයි තර්ඩ් ෆ්ලෝර් එකෙයි මාස්ටර් බෙඩ් රූම් එකයි, ඇදුම් තියෙන walk in closet එකයි බාතෘම්සුයි guest රූමුයි
එතකොට රූෆ්ටොප් එක අපි දැන් ඉන්න හොටෙල් එකේ වගේම නිදහසේ ඉන්න පුලුවන් විදිහට හදල තියෙන්නෙ ස්විමින්ග් පූල් ඇක්සස් එක්ක "
හරූ විස්තර කරද්දි මන් පියවි සිහියෙන් නෙමෙයි අහන් හිටියෙ...
මගෙ අතකුත් අල්ලන් එයා මේන් ඩෝර් එක ගාවට ආවා...ඒක ඕපන් වුනේ ඉබේමයි...
දොර ඇරුනට පස්සෙ මගෙ කටත් ඇරුන...ෆැන්ටසි කතා වල තියෙන මාෆියා ගෙයක් වගේ...මුලු ගෙදරම කලුයි සුදුයි විතරයි...
මේ වගේ ගෙදරකට අඩිය තියන්න හීන දකිනව කියන එකත් මට හීනයක්
මගෙ අතකුත් අල්ලන් living room එකේ කෙලවරටම ගියාට පස්සෙ තමයි මම දැක්කෙ lift එක...දෙය්යනේ ගේ අස්සෙත් ලිෆ්ට් එකක්
ලිෆ්ට් එකට නැගලා පහලට ආවම තමා පලවෙනි බේස්මන්ට් ෆ්ලෝර් එක තියෙන්නෙ
ලිෆ්ට් එකෙන් එලියට ඇවිල්ලා මුලින්ම මම දැක්කෙ බාර් එකයි ජිම් එකයි...
මගෙ අතත් අල්ලන් එයා කොරිඩෝ එක දිගේ ගියා ගනකම දොරක් ගාවට වෙනකන්ම
ඒත් එක්කම එයා මගෙ ඇස් දෙක වැහුවා
" දගලන්නැතුව ඉදපන් ලීසු "
ලීසු...කවුද ලීසු
දොර අරින සද්දෙ ඇහුනත් එක්කම ඒ අත් මගෙ මූනෙන් අයින් වුනා
දෙයියනේ....
Reaction 200+ ආවොත් බෝනස් එපියක් දෙනු ලැබේ😒