ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-18-2
- විසි එක්වෙනි කොටස -
ඔයාව විනාස වෙනව බලන් ඉන්න මට බෑ හරූ
මන් තවත් ඒ බෝබා ඇස් වලටම එබුනා...
"ඔයා මේ ලෝකෙට කවුරු වුනත් මට වැඩක් නෑ...
මම දන්නෙ එක දෙයයි...
මන් ඔයාට ආදරෙයි..
I'm in love with you..
Mr.Han so-hu....."
ඔන්න මට ඇඩෙනව ඉතින්...එකපාරටම එයා මාව හයියෙන් තුරුලු කරගත්තා
" කවද හරි අපි දෙන්න ගැන ලෝකෙ දැනගන්න දවසට සමහර විට ෆෑන්ස්ලා ඔයාට හේට් කලොත් ..සෝශල් මීඩියා වලින් මඩ ගැහුවොත්"
" I don't care " නහය උඩට අදින ගමන් එහෙම කිව්ව් මන්
" ඔයා එක්ක අත් අල්ලන් ඇවිදින්න යන්න,සාමාන්ය කපල් එකක් වගේ ඉන්න බැරිවෙයි.කොටින්ම ඔයා බලාපොරොත්තු වෙච්ච සාමාන්ය නිදහස් ජීවිතේ ඔයාට නැතිවෙයි ..ඔයාට ගොඩක් ප්රශ්න එයි"
" I don't care "
" වෙන idols ලා එක්ක dating rumors ..කා එක්ක හරි ඉන්ටවිව් එකකට ගියත් එයයි මාවයි අල්ලල ෆෑන්ස්ලා කතා හදන ඒව..ඔයාට ගොඩක් ඉවසන්න වෙයි"
"I don't care හරූ I don't fucking care
ඒ පපුවෙන් ඈත් වෙලා ආයෙත් මන් ඒ ඇස් වලට එබුනා
මන් ඔය හැමදේටම මූන දෙන්නම්
මොන ප්රශ්නෙ ආවත් ඔයා මුලු ලෝකෙටම වැරදිකාරයෙක් වුනත් මන් ඔයාව දාලා යන්නෑ හරූ
හැබැයි
ඔයා මාව දවසක එපා කිව්වොත් ඒ මොහොතෙ ඉදන් මට ඔයාවත් එපා හරූ..
ඔයාට මාව එපා වුනොත් මට වෙනස්කම් කරන්න එපා ..ඒක මට කෙලින්ම කියන්න
හාද...."
" එහෙම දවසක් කවමදාවත් එන්නෑ ලියේනා "
අපි දෙන්නම එකට හිනාවුනා...එතකොට අපි දැන් ගර්ෆ්රෙන්ඩ් බෝයිෆ්රෙන්ඩ් ද
අනේ මට ලැජ්ජයි අප්පා ...
මන් ටිකක් එහාට වුනා
" කොහෙද යන්නෙ...මෙහෙට වෙලා ඉන්නව "
" මන් කොල්ලෙක් එක්ක මෙහෙම ඉන්න පලවෙනි වතාව මනුස්සයො..මට ලැජ්ජයි "
" දැන් තමුසෙ හිතන් ඉන්නෙ මන් කලින් කෙල්ලෙක් එක්ක මෙහෙම ඉදල තියෙයි කියලද ..මටත් ලැජ්ජයි තමයි ඕයි"
" එහෙනන් එහාට යනවකො "
" බෑ තමුසෙ එහාට යනව "
" එහාට යන්නෙ කොහොමද මහා උරග දැවැන්තය වගේ මාව චොප්ප කරන් ඉද්දි "
" බොරු කියන්න එපා..තමුසෙ තමයි මගෙ ඇගේ බලෙන් එල්ලිලා ඉන්නෙ "
" ඒකත් ඇත්ත...මෙතන හරි සනීපයි හරූ...ජීවිත කාලෙම වුනත් මෙහෙම ඉන්න පුලුවන් ..ඔයාට බැරිද රෑට රෑට මට කොට්ටයක් වෙන්න..."
" අපෝ පුලුවන්...ඊටත් වඩා දේවල් පුලුවන් "
මන් ඒකට දෙකක් කියන්න යද්දිම නර්ස් කෙනෙක් කෑම ගෙනාවා...
දඩිබිඩි ගාලා මන් හරූගෙ පපුවෙන් නැගිට්ටා
ඒ පාර බලන් ඉන්නව...
" මොකද..."
"ආ..........."
මේ එලබෙන්නේ අලි බබෙක්ට කෑම කවන වෙලාවයි...
හරූටත් කවන ගමන් මාත් කෑවා.මෙයානම් ඕනිම දෙයක් කනව...මන් තමයි කෑම තෝර තෝර කන්නෙ ඉතින්...කවද්දිත් මගේ අත වෙව්ලනව...අපි දෙන්න තව අවුරුදු 100 ක් එකට ජීවත් වුනත් මේ ඉන්නෙ මගේ idol කියන මානසිකත්වෙන් මට මිදෙන්න බැරි වෙයි...
වෙන හොස්පිටල් වගෙ මේක සාමාන්ය හොස්පිටල් එකක් නෙමෙයි....සල්ලිකාර මිනිස්සු සෙලිබ්රිටි ලා දේශපාලකයො වගේ අය විතරයි මේකට එන්නෙ...
හොස්පිටල් රූම් එකක් වුනත් නිකන් හොටෙල් රූම් එකක් වගේ....
හරූගෙ ස්ටාෆ් එකේ කීප දෙනෙක් මාව දන්නව දැන්...මගෙ මූනට නොකිව්වට ඒ මිනිස්සු මන් ගැන මොන වගේ දෙයක්ද දන්නෑ කියන්නෙ....
සැරින් සැරේ ස්ටාෆ් එකේ අයයි eclipse ලයි එනව වැඩ ගැන කතා කරන්න..මන් එතන ඉදල එයාලට වාතයක් වෙන්න බැරි නිසා මන් හොස්පිටල් එකේ ගාර්ඩන් එකේ ඇවිද ඇවිද හිටියෙ
දැන්නම් හිතට මාර සහනයක් දැනෙන්නෙ....පැරීසිය ලස්සනයි....ඇවිදින්න ආසයි..ඒත් මම යන්න ඕනි...ලමයින්ට ලබන සතියෙ සෙකන්ඩ් ටර්ම් එකේ mock එක්සෑම් එක පටන් ගන්නව...මේ ටිකේ උන්ව එක්සෑම් එකට ලෑස්ති කරවන්න ඕනි...
හවස මම ලෑස්ති වුනේ ගෙදර යන්න...හරූත් මූන එල්ලන් ඉන්නව...එයාට තව එක කොන්සට් එකක් ඉතුරු වෙලා තියෙයි...ඉතින් එයාට දැම්ම යන්න බෑ
වොශ් එකකුත් දාගෙන ඇදගෙන මන් එලියට එද්දි මට පේනව එක්කෙනෙක් මගෙ ෆෝන් එක ඔබනව ...ඒ අස්සෙ ෆෝන් එකට රවනව...ඒ පාර මොන යකෙක් වැහිලද
පොඩ්ඩක් හිටපන්..මගෙ ෆෝන් එක නේද....මේ යකා කොහොමද පාස්වර්ඩ් එක දන්නෙ...උබ ඉවරයි ආක්ශියෝ...ශේප් එකේ මන් ලගට ගියා
" ආ හරූ mk ..."
" what k "
අහ් මෙයා සිංහල දන්නැනෙ
" නෑ මොකුත් නෑ...මේ ...මගෙ ෆෝන් එක ..."
" ඉතින් "
" ඉතින්...හෙහෙ...ෆෝන් එක නේද...හෙහෙ..."
" මගෙ නම්බර් එක සේව් කරල තමුසෙගෙ ෆොටෝ ටික මේකට දාගත්තා...ආ දැන් ඉවරයි "
කියල ෆෝන් එක මගෙ දිහාවට විසික් කලා...යකෝ උඩින් පා කරන්නෙ බිම වැටුනොත් එහෙම මේ යකාගෙ දවස් බාගෙක පඩිය වුනාට මම ඉස්කෝලෙ මාසයක්ම උගන්නන් ඕනි ඒ ගාන හම්බ කරගන්න
මෑන්ටත් රවන ගමන් ශේප් එකේ පාස්වර්ඩ් එක ගහල බැලුවම ඔන් වෙන්නැ යකෝ...මේකා පාස්වර්ඩ් මාරු කරල...ලොක් ස්ක්රීන් එකේ ප්රොෆයිල් ෆොටෝ එකත් මාරු කරල එයා මැද ඇගිල්ල දික් කරන් ඉන්න එකක් profile picture එකට දාලා...රවාගෙන ඉද්දිත් මේකගෙ ලස්සන යකෝව්
හොද හුස්මක් ගනින් ආක්ශි....මන් හෙමීට හැරුනා එයා ඉන්න පැත්තට
" හරූ..."
" මොකද "
" මේ මගෙ පාස්වර්ඩ් එක...කොහොමද..."
" තමුසෙගෙ පාස්වර්ඩ් එක ගෙස් කරන එක මට මහ දෙයක් නෙමෙයි ලියේනා "
ආයෙත් රවනව....
ඉවරයි ඉතින්...මගෙ පාස්වර්ඩ් එක වෙන මොකවත් නෙමෙයි අනේ lee ගෙ බර්ත්ඩේ එක...lock screen එකටත් lee ගෙ ෆොටෝ එකක් දාල තිබ්බෙ...
ඒ ඉතින් මගේ bias නෙහ්
ඒකයි මේ හරූ කුමාරයට ඩෝං ගිහින් තියෙන්නෙ
මං ඕක මාරු කරන්න හිටියෙ ඊට කලින් මෙයා ගම කාලනෙ...ඒ වුනාට හරූ මගෙ මුනුබුරන්ගෙ සීයා වුනත් මම මගේ bias ව වෙනස් කරන්නෙනම් නෑ පුතෝ
Lee මට...මන් lee ට
හුම්...
මට පුදුමෙ ඒක එයා කොහොම ගෙස් කලාද කියල
කොහොම හරි වැඩේ වෙලා ඉවරයිනෙ.පැය 72 න් 72 ට පාස්වර්ඩ් එක ගහල ෆෝන් එක අරින්න එකක් එනව...කොහොම හරි පාස්වර්ඩ් එක හොයාගන්න ඕනි
දත් සෙට් එකම එලියට දාලා හිනාවක් දාලා ෆෝන් එක දාගත්ත සාක්කුවට
" හරි හදිස්සියනේ මාව දාල යන්න "
මටත් දුකයි මිනිහෝ...ඒත් මගෙ ලමයි ටිකට උගන්නනෙ තෞසෙගෙ බාප්පද
" ලබන සතියෙ mock exam හරූ...ලමයින්ට පාඩුවක් කරන්න බෑ මට...
අහන්නකො හරූ...ඔයාට මේ මාස දෙකට ආපු hate එක නැතිවෙලා ඔයා ගැන විතරක් කතා කරන තැනට ඔයා අන්තිම කොන්සට් එකේ පෆෝම් කරන්න ඕනි ...
වැඩිය නටන්න එපා ඔයාගෙ අත හොද නෑ තාම...
තව....මේ මේ...මේ "
" කියන්න "
" මන් බඩ්ඩක් ඉල්ලන්නද "
මහ මනමාල හිනාවකුත් දාගෙන බලන් ඉන්නව ඒ පාර... ඇයි මොකක් කියල හිතුවද දන්නෑ
"මේ .....Body to body එකේ අන්තිම folk music කෑල්ල ඔයාගෙ කටහඩින් ලයිව් තිබ්බොත් මාර ගති වෙයි
ඒ verse එක පිස්සුවක් හරූ...කී පාරක් ඇහුවත් එපා වෙන්නෑ...සින්දුව අහපු පලවෙනි පාරෙ ඉදන්ම මගෙ හිතේ තිබ්බෙ ඒ ටික ඔයාගෙ කටහඩින් ආවොත් කොහොම තියෙයිද කියල
අන්තිම කොන්සට් එක දවසෙ ඒ සින්දුව කියද්දි ඒ part එකේදි ඔයාටත් ඒක sing කරන්න බෑද "
අමුතු හිනාවකුත් දාගෙන ඔලුව වැනුවා....
ඒත් එක්කම දොර්ස් ඇරගෙන ආවෙ සෝජුවා
" අක්කා..යන් "
හරූටත් සමු දීලා සෝජුවයි මායි ආවෙ එලියට...ආයෙත් එකපාර දෙයක් මතක් වුන නිසා සෝජුවටත් පොඩ්ඩක් ඉන්න කියල සොනික් වගේ වේගෙන් රූම් එකේ දොරත් ඇරගෙන ගිහිල්ලා එක කම්මුලකින් කිස් එකක් තියල අනිත් කම්මුලටත් දෙන්න හදල දෙයක් මතක් වුන පාර ඒකට නොදී එලියට දුවන් ආවා
මේ සේරම කරන්න මට ගියෙ තත්පර 12 යි
--------------------------------------------------------------------
සතියක්ම ගෙවිල ගියේ මන් ඉස්කෝලෙ වැඩත් එක්ක බිසී වෙද්දි
ලමයින්ගෙ ඉන්ග්රීසි නම් හොදටම තියෙනවා..අනිත් සබ්ජෙක්ට් ටිකත් ඕකේ හැමෝගෙම...මට බය මුන්ගෙ මැත්ස් ගැන...සෝජුවයි තව කොල්ලො 4 දෙනෙකුයි ඇරෙන්න අනිත් ඔක්කොටම මැත්ස් වලට ලකුනු මදි...සෝජුව එහෙම ටියුශන් යන නිසා ඒ...අනිත් ලමයි ටියුශන් යන්නෑනෙ...ඉස්කෝලෙ ඉන්න ටීච හරියට උගන්නන්නැතුවද මන්දා...මම මොකක් හරි මේකට කරන්න ඕනි
හරූගෙ අන්තිම කොන්සට් එක පෙරේදා තිබ්බා...මන් කිව්ව වගේම හරූ අර folk music කෑල්ල සින්ග් කලා....ඒකනම් පිස්සුවක්...මගෙ ඔලුවෙ ඒක ඔටෝ ප්ලේ වෙනව හැම වෙලේම...දැන් දවස් දෙකක ඉදන් ට්විටර්,ටික්ටොක්,ඉන්ස්ටා වල හරූ ට්රෙන්ඩින්ග් ඒක නිසා...අර තිබ්බ හේට් එක කොහෙන් ගියාද නෑ...
අපි දෙන්නගෙ රිලේශන්ශිප් එක ගැන කිව්වොත් හරූත් ගොඩක් බිසී මාත් ගොඩක් බිසී වුන නිසා අපි දෙන්නා මැසේජ් විතරයි මේ සතියෙම කලේ
මැසේජ් කිව්වට ඒව මැසේජ් නෙමෙයි ස්ටිකර් ද්වන්ද යුද්දයක්...ආයෙ මන් මොකටද සෙකන්ඩ් වෙන්නෙ මාත් නිකන් ඉන්නෑ මාත් ප්රතිප්රහාර එල්ල කරනව...
------------------------------------------------------------------
අද ඉරිදා...මම විතරයි ගෙදර....අපේ අයියා එයාගෙ යාලුවො එක්ක ගියා වෙඩින් එකකට...
වෙඩිම මෙහෙ නෙමෙයි soengnam වල...සෝල් වල ඉදන් පැයක් වගේ යනව යන්න
කලු සූට් එකක් අන්දල කලු කපුට වගේ යැව්වා මන් ඉතින්
මෙහෙ අය වෙඩින් වලට අදින්නෙ කලු..සුදු පාට,ක්රීම් පාට,ලා පාට වෙඩින් වල තහනම්...මොකද මනමාලි හයිලයිට් වෙන්න ඕනි නිසා...ඔන්න බලහන් ඉතින්
කලු ශෝටකට කලු අත්දිග ශර්ට් එකක් ඇදලා කලු පාට කැප් එකකුත් දාගෙන කොන්ඩෙ පෝනිටේල් එකක් දාලා මන් ලෑස්ති වුනේ කඩචෝරු ශොපින් පාරක් දාන්න
අයියා ඊයෙ බඩු ගෙනල්ල තිබ්බත් කන්න දේවල් ගෙනල්ල තිබ්බෙ නෑ..ඒව කොහෙද මාත් එක්ක
අපි මාසෙකට හරියන්න තමයි එකපාර බඩු ගන්නෙ..අපේ ගෙදර තඩිම තඩි ෆ්රිජ් එකක් තියෙන හින්දා ගානක් නෑ...
ෆ්රිජ් එකෙන් පහල කොටසෙන් 1/4 ක් වතුරයි බීම වර්ගයි...අපි මෙහෙ ටැප් ටෝටර් බොන්නෙ නෑ...ඒව බොන්න බෑ...මන්නම් ගොඩක් වෙලාවට බෝතල් කරපු වතුර බොන්නෙ...මෙහෙ අයගෙ විශේශත්වෙ කොච්චර රස්නෙ කාලෙක වුනත් මිදෙන්න සීතල කාලෙක වුනත් මේ අය බොන්නෙ කූල් වතුර...මටත් ඒකට හුරුවෙලා දැන් ..ඊට අමතරව සොෆ්ට් ඩ්රින්ක්ස් කෑන් විදිහට මන් ගන්නෙ පෙප්සි , මිල්කීස්,චිල්සුන් සයිඩර් ඇන්ඩ් කෑස්
මිල්කීස් කියන්නෙ කොරියාවෙ ප්රසිද්දම සෝඩා වර්ගෙ...කිරිත් එක්ක යෝගට් මික්ස් වෙච්ච ක්රීම් රසයක් එන්නෙ ඒකෙ...
චිල්සුන් සයිඩර් හරියට අපේ ලංකාවෙ 7 up වගේ...EGB නැතුව කෑම එපා වගේ තමයි මෙහෙ චිල්සුන් සයිඩර් නැතුව කෑම එපා ලයින් එකක් යන්නෙ.සැරට මොනා හරි කෑවම බොන්න සුපිරිම එක මේක.
කෑස් කියන්නෙනම් බියර් ජාතියක්....හේ...හේ...දන්නැද්ද පොඩ්ඩ පොඩ්ඩ
ඊට අමතරව මන් බ්රින්ගේ බනානා මිල්ක් ගන්නව...හරූගෙ ජීව්තේම බනානා මිල්ක් තමයි...ඒ හින්දා මාත් බනානා මිල්ක් ෆෑන් කෙනෙක්..තව ඇත්ත පලතුරු කෑලි හැපෙන බීම වර්ග තියේ...
අපේ රටේ ඉදල හිටලනෙ බීම වර්ග බොන්නෙ...ඒත් මෙහෙ අය නිතරම කෑන් කරපු බීම බොනව...ඒ හින්දා ෆ්රිජ් වලත් බීම කෑන් දාන්නම වෙනම කොටසක් එනව
ෆ්රිජ් එකේ ඉතුරු 2 /4 උයන බඩු ,එලවලු,පලතුරු ඒව මේවා
එතකොට අන්තිම 1/4 තමයි වැදගත්ම කොටස...මගේ කඩචෝරු සහ චොක්ලට් කලෙක්ශන් එක...මේ කොරියන් අය පැනිරස කනව අඩුයි...අයිස් ක්රීම් කෑවත් zero sugar තමා කන්නෙ..ඒ හින්ද චොක්ලට් එහෙම ගනන් අඩුයි..මොකද විකිනෙන්නෙ නෑනෙ
ෆ්රීසර් එකෙන් බාගයක් මගෙ අයිස්ක්රීම් ගබඩාව...
එතකොට මන් මේ දැන් යන්න හදන්නෙ මගෙ අයිස්ක්රීම් ගබඩාවයි කඩචෝරු ගබඩාවයි පුරවන්න බඩු ගේන්න
සුපර්මාකට් එකට ගිහිල්ලා ඒකම ගෙදර අරං ආවා මන්..අයියගෙ රියැක්ශන් එකක් මොකක් වෙයිද දන්නැ...ඒ වුනාට මට මෙව්ව නැතුව ජීවත් වෙන්න බෑ ඒයි
ගෙදර දොරේ බෙල් එක වැදෙනව එක දිගට..කවුද යකෝ බෙල් එක කඩන්න හදන්නෙ...මොකා වුනත් කමක් නෑ අත කඩනව උගෙ මන්
තරහෙන්ම ගිහින් දොර ඇරියා විතරයි මාව ඇදිල ගියෙ සීතල අත් දෙකකට
- stay tuned -