ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-18
- විසිවෙනි කොටස -
ඔලුව පැලෙන්න වගේ දැනෙද්දි අමාරුවෙන් ඇස් දෙක ඇරියා මන්...
ඔලුව වටේට කැරකෙනව වගේ
මගෙ හරූ..
" චූටී....මොකද බන් අයියව බය කරන්නේ....මේ මාස දෙකට කලන්තෙ දාපු හතරවෙනි පාර "
" අයියා....අනේ අයියා...මගෙ හරූ..... " අඩ අඩම මන් අහද්දි
" උට අවුලක් නෑලු ...දකුනු අත කැඩිලලු ..පොඩ්ඩක් තුවාල තියේලු...ජීව්තේට හානියක් නෑ....සිහිය ඇවිල්ලල නෑලු තාම..මේ පොඩි පගය හොදටම බීල බීල ඩ්රයිව් කරල තියෙන්නෙ...එහෙන් සෝශල් මීඩියා වල ඌව හම ගහනව...මූ තවත් ගොන් වැඩ කරනව "
" අනේ අයියා ඒ හැමදේම මන් නිසා...."
" මොකක්ද"
මන් අඩ අඩාම වෙච්ච හැමදේම අයියට කිව්වා
" උබ මෙච්චර කල් පිස්සියක් වගේ ඉන්නන් වාලෙ ජීවත් වුනේ මේ හින්දද චූටි...මන් කොච්චර ඇහුවද උබෙන්...උබ වචනයක් කිව්වෙ නෑ මට "
" අනේ අයියා මට එයාගාවට යන්න ඕනි..ප්ලීස් මන් වැදල ඉල්ලන්නෙ..."
" සෝහු දැන් ඉන්නෙ ප්රංශෙනෙ ඕයි...දවසෙන් දෙකෙන් යන්න බෑ...වීසා එක හදාගන්න දවස් 10 ක් වත් යනව..."
"දවස් 10 ක්...එච්චර ඉවසන්න බෑ මට...ප්ලීස් අයියා...මන් ඔයාගෙන් කිසිම දෙයක් ඉල්ලල නෑ මෙච්චර කාලෙකට.....මන් ඉල්ලන එකම දේ මාව හරූ ලගට එක්කන් යන්න "
" හරි මන් බලන්නම්කො මොකක් හරි....අඩන්න එපා චූටි සෝහුට අවුලක් නෑනෙ...උබ දන්නැති වුනාට ඌ උබට කියන්න කලින් මට කිව්වෙ......
අයිය කියපු දේවල් මන් අහන් හිටියෙ හීනෙන් වගේ...එතකොට එදා හරූ ගුටි කාලා හිටියෙ මගෙ අයියගෙන් ද...
මේ ලෝකෙ කිසිම කෙනෙක්ට සෙකන්ඩ් වෙන්නෙ නැති එයා...මන් වෙනුවෙන්...එයාට ගහනකන් බලන් ඉදල ද...
එතකොට එයා හදිසියෙ ගෙවල් මාරු කලේ,ආරක්ශාවත් නැතුවත් පබ්ලික් අපාට්මන්ට් එකක ජීවත් වෙන්න ආවෙත් ...
මන් නිසා ද ...
මට ආදරේ නිසා ....
--------------------------------------------------------------------
දවස් 10 ක් විතර යන වීසා වැඩේ අයිය මට දවසෙන් කරල දුන්නා...
සෝජුන් හරූගෙ ෆැමිලි මෙම්බර් කෙනෙක් නිසා පවුලෙ කෙනෙක්ට හදිසියක් වුනොත් හදිසි වීසා ගන්න පුලුවන් නිසා සෝජුන් මාර්ගෙන් මටත් යන්න අයිය හදල දීල තිබ්බා...
මගෙ වීසා එක ගත්තෙ කොහොමද කියන්න මම දන්නෙ නෑ
පැය 21 ක දීර්ඝ ෆ්ලයිට් එකකින් පස්සෙ මමයි සෝජුනුයි පැරිස් ඕලි එයාපෝට් එකෙන් එලියට එන ගමන් හිටියෙ
යන්නෙ කොහෙද හරූ ඉන්නෙ කොහෙද කියලවත් මම දන්නෑ
සෝජුන් එක්ක මම එයා යන යන තැනට ඔහේ ගියා
ටැක්සි එකකින් අපි කොහෙද ආවා...American Hospital Of Paris....ගොඩක් සෙනගක් එලියෙ ඉන්නව....චේසර්ස්ලා....සමහරු අඩනවා...සමහරු සෙකියුරිටි එකත් එක්ක රන්ඩු කරනව
සෙනග අස්සෙන් මාවත් අල්ලන් සෝජුන් ඇතුලට ගියා...මට හෝ ගාල ඇඩෙනව නවත්තගන්න බෑ
ටිකකින් අපි උඩම තට්ටුවට ලිෆ්ට් එකෙන් බැහැල කොරිඩෝ එක දිගේ යද්දි එකපාරට සෝජුන් මාව ඇදලා එහාට කරල එතන තියෙන බිත්තිය එහායින් හැංගුනා
Eclipse ලා එක්ක හරූගෙ අම්මයි තාත්තයි ....අම්මා අඩනව හොදටම....Lee ගෙයි jinwoo ගෙයි ඇස් වලත් කදුලු....අනේ මේ හැමදේටම හේතුව මන් ද ....
එයාල ගියාට පස්සෙ ආයෙත් සෝජුන් මාව ඇදන් ගිහින් ගිහින් නැවතුනේ එක කාමරයක් ගාව...
දොරේ වීදුරුවෙන් මන් එයා දිහා හිත හයිය කරගෙන බැලුවා
එක අතක් බැන්ඩේජ් කරල ඇග හැම තැනම ප්ලාස්ටර් ගහල...කොන්ඩෙත් වැවිලා පිස්සෙක් වගේ....ඇස් දෙක පියාගෙන නිදි..එයා කොච්චර අමාරුවෙන්ද ඉන්නෙ කියන එක ඒ මූනෙන් පේනව...
අනේ මගෙ හරූ...
" අනේ මට බෑ මල්ලි..."
" එයාට සිහිය ඇවිල්ල තියෙන්නෙ අක්කා...ඌ උබට ගොඩක් ආදරෙයි බන්...මෙච්චර කාලෙකට අයිය කෙල්ලෙක් ගැන ඔච්චර උනන්දු වෙනව දැක්කමයි...මන් දන්නව උබත් උට ආදරෙයි කියල...ඒක ඌට කියපන් අක්කා...පසුතැවෙන තීරන ගන්න එපා "
සෝජුන් මගෙ බෑග් එකත් අරන් ගියාම මන් දොර ඇරගෙන හෙමින් ලංවුනේ එයා ගාවට
" ලියේනා..." කියන ගමන් ඇස් දෙක ඇරියා එයා
මන් වචනයක් කතා නොකරත් ඒ මන් ආවෙ කියල අදුරගත්තෙ කොහොමද හරූ
" මගේ හරූ "
මම එහෙම කියන ගමන් එයා ලගට යද්දි මගෙ කකුල් දෙක පන නැතිවෙලා වැටෙන්න එනව වගේ දැනුනා...ඒත් මන් දිගටම ඇවිදගෙන ගියත් මාව හැප්පුනේ හරූගෙ ඇද ගාව තියන මේසෙ...ඒත් එක්කම මගෙ නම කෑගහගෙන මගෙ දිහාවට එන හරූව දැක්කත් තව දුරටත් ඇස් ඇරන් ඉන්න පුලුවන්කමක් මට තිබ්බෙ නෑ
------------------------------------------------------------------
හරූ pov :
ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ දවස් 2කින් මට සිහිය ඇවිල්ල තිබුනා..එහෙම ලොකු ඩැමේජ් එකක් නෑ ඉතින් අතක් කැඩිල විතරයි හෙහෙ
කෙල්ලට එදා අපි ට්රිප් එක ගියපු වෙලේ සැරින් සැරේ මන් ආදරෙයි කියන්න හැදුවත් මට තේරුනා එයා හැමවෙලේම ඒ චාන්ස් මග අරිනව කියල
මටත් වඩා හොදට මාව දන්නව ඒකි...මගෙ හිතේ මොනවද තියෙන්නෙ කියන එක නොතේරෙන්න විදිහක් නෑ...
ඒකිත් මට ආදරෙයි...මට ඒක දැනෙනව...ඉස්සර මාව හම්බෙනකොට බය වෙලා මන් දිහා බලන් හිටපු විදිහෙන් දැන් බලන විදිහ වෙනස්....තාමත් එයා මන් ගාවදි බය වෙනව ...ඒත් ඉස්සර ඒ ඇස් වලින් මම දැක්කෙ එයාගෙ idol විදිහට මට තියෙන ආදරේ...ඒත් දැන් ඒ ඇස් දිලිසෙන්නෙ මන් වෙනුවෙන්...නිකන්ම නිකන් මම කියන පුද්ගලයා වෙනුවෙන්...
ඒත් එයා ඒක පිලිගන්න කැමති නෑ...
යුරෝප් ටුවර් එකට ෆ්ලයිට් එකට කලින් දවසෙ මන් හිතාගත්තා මම යන්න කලින් කොහොමහරි මගෙ හිතේ තියෙන දේ කියනව කියල
තවත් මට හංගගෙන ඉන්න බෑ...
ඒත් ලියේනාගෙ රියැක්ශන් එකත් එක්ක මම ගොඩක් මානසිකව වැටුනා
ජීව්තේ පලවෙනි වතාවට ප්රතික්ශේප වීම කියන දේට තනියම මූන දුන්නෙ මම
Eclipse ල විදිහට මුල් කාලෙ ඕනි තරම් අපි ප්රතිකේෂ්ප වෙලා ඇති....ඒත් ඒ හැම වෙලාවකම අයියල 4 දෙනා එක්ක අපි 5 දෙනාම එකට හිටියෙ
ඒත් මෙතන මම තනියම...
මම කොච්චර ෆෝකස් කරන්න හැදුවත් මට ටුවර් එකේදි ෆෝකස් කරගන්න බැරිවුනා...
කම්පැනි එකෙනුත් බැනුම් ,අයියලගෙනුත් බැනුම්...එහෙන් සෝශල් මීඩියා වල මාව නැති කරනව...
චේසර්ස්ලා ම නෙමෙයි...චේසර්ස්ලා මට ආදරෙයි...ලියේනා අර කියනව වගේ මගෙ රූපෙට කැමති වුන ෆෑන්ස්ලා වෙන්න ඕනි...haters ලත් ඕනි තරම් ඉන්නවනෙ
දවසක් ජින්වූ අයියට හොදටම තරහ ගිහින් මට බැන්න පාර ඌව තල්ලු කරල උටත් බැනල ගියා මන්...
මට එපා වෙලා තිබ්බෙ හැමදේම
කවුරුහරි කෙනෙක් ඒක වීඩියෝ කරල සෝශල් මීඩියා දාලා...Twitter එක පලාතෙ යන්න බෑ ...එහෙන් මට මරන තර්ජන පවා එනව...
මීට වඩා ප්රශ්න වල ඉදගෙන ඒ කිසි දෙයක් ලෝකෙට පෙන්නනැතුව මම ස්ටේජ් එකේ පෆෝම් කරල තියෙයි
ඒත් මෙතෙන්දි මට මාව කන්ට්රෝල් කරගන්න බෑ
මටවත් හිතාගන්න බෑ මට මොකක් වෙලාද කියල
සෝජුන්ට කතා කරල ලියේනා ගැන ඇහුවත් ඌ වචනයක් කියන්නෑ ....ඌත් එක්කත් තරහයි මට .....
ඒ අස්සෙ ඇක්සිඩන්ට් වුනත් එක්ක...අද උදේ තමයි සිහිය ආවෙ...හොස්පිටල් එක ලග චේසර්ස්ලා පිරිලා
අම්මලයි අයියල 4 දෙනයි ඇවිත් ගියාට පස්සෙ මන් ආයෙම ඇස් දෙක පියාගත්තත් මට නිකන් අමුතු හැගීමක් දැනුනා...හරියට ලියේනා මන් දිහා බලන් ඉන්නව වගේ
ඒත් එයා මෙහෙ ඉන්න විදිහක් නෑනෙ...මේ ප්රංශෙ....
මට පේනවත් එක්ක අඩ අඩ ඒකි මගෙ ගාවට එනව...ඒ පාර හීනෙනුත් පේන්න අරන්...
මේ කෙල්ලනම් මට පිස්සු හදවල නතර කරන්නෙ..
ඒත් එක්කම ඒකි මගෙ ඇද ගාව තියෙන මේසෙ වැදිලා වැටුනා...එතකොට හීනයක් නෙමෙයි ද...
------------------------------------------------------------------
" පේශන් ගොඩක් වීක් පුතා...මෙයා ගොඩ කාලෙකින් හරියට කාලා නැහැ...බ්ලඩ් ශුගර් හොදටම ඩ්රොප් වෙලා...ඇගත් හරිම දුර්වලයි..මෙන්ටල් ස්ටේට් එකත් හොදටම අවුල්....ගොඩක් ශොක් වෙලා ඉන්නෙ මොකකට හරි...දැන්නම් බය වෙන්න දෙයක් නෑ...මෙයාව හොදට බලාගන්න...සතුටින් තියන්න...හොද මෙන්ටල් හෙල්ත් එකක් තියාගත්තෙ නැතොත් ඉස්සරහට අමාරු වෙයි..."
" තැන්ක් යූ ඩොක්ටර් ....තැන්ක්යූ සෝමච් "
ඩොක්ටර් යනවත් එක්කම අයියල ටික ආවා
" යන්තන් චේසර්ස්ලා ටිකව ශේප් කරල යැව්වෙ සෝහුවා...උන් අඩනව දකිද්දි අපිටත් ඇඩෙනව යකෝ..තෝ මෙතන ගොන් වැඩ කරගෙන කී දෙනෙක් විදවනවද බලපන් "
" එතකොට hate එක ආවෙ චේසර්ස්ලා ගෙන් නෙමෙයිද බන් "
" පිස්සුද යකෝ..හචිමක් ගියත් අපිට බනින්න බලන් ඉන්න සෙට් එකක් ඉන්නවනෙ ..වැඩියෙන්ම අර ගෑනිගෙ ෆැන්ඩම් එක...ඒකි උබට සනීප වෙන්න කියල පෝස්ට් එකකුත් ශෙයා කරලලු.."
" කවුද ජේන් ද "
" ඔව් ඔව් "
" මල වදයක් බන් ඒ ගෑනි...ඒකි හුස්ම ගත්තත් ඒකිගෙම ෆැන්ස්ලා ඒකිට හේට් කරන එක අහන්න දෙයක් නෙමෙයි බලන් ගියාම "
" නංගිට කොහොමද සෝහුවා දැන් "
" මේකි මටත් වඩා විදවලද කොහෙද අයියෙ "
"උබට සල්ලි තියෙනව,බලය තියෙනව,ජනප්රියත්වෙ තියෙනව,පෙනුම තියෙනව...නැති දෙයක් නෑනෙ බන්.. වෙන කෙල්ලෙක් වුනානම් මොනා නොකරයිද...මට පුදුමයි බන් ආක්ශි වගේ කෙල්ලොත් මේ ලෝකෙ ඉන්නව කිව්වම..දැන් බලහන්කො උබ ඇක්සිඩන්ට් වුනා කිව්ව විතරයි හොයාගෙන කොරියාවෙ ඉදන් ප්රංශෙටම ඇවිල්ල "
මගෙ හොස්පිටල් රූම් එකටම තව ඇදක් ගෙන්නල ආක්ශිව මගෙ ගාවින්ම තියාගත්තා
හා පැටියෙක් වගේ ගුලිවෙලා නිදි...
මට කරදරයක් වෙන හැම වෙලේම මේ කෙල්ලටත් මොනව හරි වෙනවමයි
-------------------------------------------------------------------
ආක්ශි pov :
මුලු ඇගම තලල දාල වගේ...10 කගෙන් ගුටි කෑව වගේ ෆීලින්ග් එකක් එන්නෙ...කොහෙද අප්පා මන් මේ ඉන්නෙ
ලයිට් එලියට ඇස් දෙක හුරු වෙනකන් ටික වෙලාවක් ඉද්දි මන් දැක්කෙ අතට සේලයින් ගහල තියෙනව
දෙයියනේ මගේ හරූ...
මට එහා ඇදට වෙලා ඇද වියනට හේත්තු වෙලා හිනා වෙවී බලන් ඉන්නව...
සේලයින් එකත් කඩාගෙනම මන් දුවගෙන ගියේ එයා ගාවට..දුවගෙන ගියපු වේගෙටම මන් එයාව බදාගත්තෙ අඩ අඩම..
" අනේ මට සමාවෙන්න හරූ...මේ හැමදේම මන් නිසා...මන්...මන් ඔයාට ගොඩක් ආදරෙයි හරූ...ඔයා ලෝකෙ ප්රසිද්දම මනුස්සය කියන එක මට වැඩක් නෑ...මන් දන්නෙ මන් ඔයාට ආදරෙයි කියල විතරයි "
අඩ අඩම ඒ බෙල්ල වටේ අත් දෙක යවලා මුලු මූන පුරාම සිප ගන්න ගමන් මන් කිව්වා
" කැහැ කැහැ කැහැ කැහැ..."
" අඩෝ මුන් දෙන්නටම වඩා අවුරුදු 5 ක් වැඩිමල් වෙලත් තාම කුලුදුල් ප්රේමය වත් විදල නැති මට මේව බලන්න වුනානෙ "
" හෝව් හෝව් මෙතන පොඩි ලමයි ඉන්නවා...අසභ්ය දර්ශන පෙන්නන්න ලෑස්ති වෙන්න එපා නංගා "
" පොඩි උගුඩු pg ටත් හරි ගියා එහෙනම් "
හෑ.....eclipse ලගෙ කටහඩ නේද....
ශේප් එකෙ ඇස් හරවල බලද්දි jinwoo,cyan ,lee ,kai හතර දෙනාම අපි දෙන්න දිහා බලාගෙන හිනාවෙනව...අයියෝ සෝජුවත් ඉන්නව
අයියෝ මේ මොන ලැජ්ජාවක්ද යකෝ...
ඒ අස්සෙ මම හරූගෙ ඇග උඩ...
සනික බැස්සා....බැහැල මගෙ ඇදට ගියා..මට ඇහෙනව කට්ටිය තාම හිනාවෙනව
" නවත්තපියව්...මේ ලමය රතු වෙලා...තව ටිකකින් පුපුරයි "
අනේ අපේ jinwoo කොලුවා විතරයි හොද...
" ඒක නෙමෙයි උබල යන්නැද්ද...උදේ ඉදන් මෙතනනෙ...මහන්සි ඇති...අනික සෝජුන්ට මහන්සි ඇති....ඌව හොටෙල් එකට ඇරලපන් "
ආයෙත් කට්ටිය හිනාවෙනව
" ආ...ආ...මූට තියෙන හදිසිය බලහන්කො...අපි යනව එහෙනම් "
" මේ කෙල්ල සේලයින් එක ගලෝගෙන දුවපු පාර අතෙන් ලේ එනව...සෝහුවා බෙහෙත් දාපන් "
එතකොට තමයි මාත් දැක්කෙ අතෙන් ලේ එනව...
" පරිස්සමෙන් ඉන්න ආක්ශි "
මගෙ ඔලුවත් අත ගාගෙන ඒ හතර දෙනයි සෝජුවයි ගියා
දැන් හරූයි මායි විතරයි...
එතන මේසෙන් ප්ලාස්ටර් එකක් අරන් තත්පරයක් ගියෙ නෑ එයා මන් ගාව
එක අතක් බෙල්ලෙ එල්ලල තියෙන්නෙ...අනිත් අතින් ප්ලාස්ටර් එක දිගාරින්න ෆුල් ට්රයි එක
මම ප්ලාස්ටර් එකේ එක කොනකින් අල්ලගත්තා...
තාම අපි දෙන්න අතර කතාවක් නෑ...
" හරූ...."
ම්හු...නෝ රියැක්ශන්...මාව ගනන් නොගෙනම ආයෙ එයාගෙ ඇදට ගියා
මමත් හෙමීට ඇදෙන් බැහැල එයා ගාවට ගියා
" හරූ..."
ඒ පාර අහක බලාගෙන....පුදුම මුරන්ඩුකමක්නෙ යකූ මේක
මන් ටිකක් ඒ මූනටම කිට්ටු වුනා...මාව ගැහෙනව වගේ...ඒ වුනාට මෙයාව යාලු කරගන්නත් එපැයි
මට පේනව කිරි පාටට ඉන්න මගේ හා පැටියා ටික ටික රතුපාට වෙන හැටි
මහ ලොකුවට හිටියට මෙයා හෙන ලැජ්ජකාරයා...මන් ඊට වඩා ලැජ්ජයි ඒක වෙනම කතාවක් ඉතින්....පලවෙනි වතාවට මගේ ලැජ්ජාව බල්ලට දාලා මන් තව ටිකක් ලං වුනා එයාට
මට පේනව අමාරුවෙන් හුස්ම ගන්න හැටි...මම ඊටත් වඩා නොසන්සුන්
මගේ තොල් ඒ තොල් ලගටම ගෙනිහින් ආයෙත් ටිකක් මූන එහාට කරල ඒ තොල් වලට එහායින් මම කිස් එකක් තිබ්බ
" හරූ.....I love you....."
----------------------------------------------------------------
- stay tuned -
හරූව මැරුවෙ නෑ ඔන්න 😒