ECLIPSE

ECLIPSE











https://telegra.ph/ECLIPSE-08-17-3





- දහනමවෙනි කොටස -





" මන් උබට ආදරෙයි යකෝ "




කෙලින්ම ඒ වචන ඇහුනම මාව ගල් ගැහුනා....ඕනි තරම් පිරිම් ලමයින්ගෙන් කන්ෆෙශන් අහල ඇති...ඒත් ඒ හැමෝම කිව්වෙ ' මම ඔයාට කැමතියි ' කියල මිසක් ' ආදරෙයි ' කියල නෙමෙයි




මන් ඇස් උස්සල ඒ ඇස් දිහා බැලුව...ඒ වචන ස්තිරයි...ඒකෙ සැකයක් නෑ




ඒත්...





මම හරූට ඇත්තටම ආදරෙයිද.... ?




නැත්තන් මුලු ලෝකෙම පිස්සු වැටිලා ඉන්න ඒ මනුස්සයට පිස්සු වැටුනු තවත් එක කෙල්ලෙක් විතරද ??




නෑ..නෑ...ආක්ශි....ඒක පිස්සුවක් විතරයි

ඒක නිකන් ආකර්ශනයක් ....

ඒ ආදරේ නෙමෙයි...





" හරූ...මන්...මම ඔයාගෙ ෆෑන් කෙනෙක්....ඔයා මගේ idol...එච්චරයි...මට ඔයා ගැන තියෙන්නෙ ඔයා මගේ idol හැටියට ආදරයක් ගෞරවයක් ..අනික ඔයාමයි දවසක් චේසර්ස්ලට කිව්වෙ ඔයාලට idol කෙනෙක් විදිහට ආදරේ කරනව මිසක් husband වත් boyfriend වත් කියල හිතන් ජීවත් වෙන්න එපා කියල...ඔයා පටලගෙන "





" බිම නෙමෙයි...මගෙ ඇස් දෙක දිහා බලාගෙන කියපන් ලියේනා...eclipse ලගෙ හන් සෝහු විදිහට නැතුව නිකන්ම නිකන් හන් සෝහු,තමුසෙගෙ හරූ විදිහට මට ආදරේ නැද්ද "






" මන් දන්නෑ , මට යන්න දෙන්න අයිය ඇවිල්ල ඇති "





ආයෙම මාව ඇදල අරන් ඒ අත් දෙකෙන්ම මගෙ මූන අල්ල ගන්න ගමන්




" උත්තරයක් දෙන්න "





" මේ අහන්න සෝහු...ඔයාට මාව ගැලපෙන්නෙ නෑ...මම නිකන්ම නිකම් සාමාන්‍ය මනුස්සයෙක්....





අනික ඔයාගෙ ෆෑන්ස් ලා...bee එක ..."





" මට වැඩක් නෑ ඒ කිසිම දෙයක්...මට ඕනි තමුසෙව විතරයි "





" අහන්න සෝහු...ඔයා අද ඔය තැනට ආවෙ ගොඩක් මහන්සි වෙලා...




මම දැන් මෙහෙම කතා කලත් ඔයා එක්ක බයෙන් කතා කරන්නෙ...කොහේ කැමරාවක් තියෙයිද දන්නෑ...





බැරි වෙලා හරි එලියට නිව්ස් එක ගියොත් වෙන දේ ඔයා දන්නවනෙ...





ඔයාගෙ career එක මේ කොහෙවත් ඉන්න මම නිසා විනාස වෙනව බලන් ඉන්න මට බෑ "





" එහෙම වෙන්නෙ නෑ ... මොන ප්‍රශ්නෙ ආවත් මන් උබව අතාරින්නෑ ලියේනා "





නෑ ආක්ශි..හදවතින් නෙමෙයි මොලෙන් හිතපන්...මට හැමදේටම වඩා ඔයාව වටිනව හරූ





" මේ අහන්න mr.හන් සෝහු...ඔයා මට ආදරේ කරන්නෙ මං ලග විතරක් ඔයාට සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න පුලුවන් හින්දා...ඒ කියන්නෙ මම ඔයාගෙ ජීවිතේට සැනසීමක් විතරයි...





ඒත් මට ඕනි මන් ආදරේ කරන කෙනා එක්ක මට විතරක් අයිති ,මගේම වෙච්ච සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න





දවසක ඔයාගෙයි මගෙයි ෆොටෝ එකක් එලියට ගියොත් ඔයාගෙ ෆෑන්ස්ලා මට වෛර කරයි සෝහු..





මට බෑ ලෝකෙම ඔයාට බනිද්දි ඒ හැමදේටම වැරදිකාරිය වෙලා නිකන් බලන් ඉන්න





පාරෙ ඇවිදන් ගියත් කැමරා ගොඩක් එක්ක මිනිස්සු ගොඩක් පස්සෙන් එන ජීවිතේකට මන් ආස නෑ





අදින ඇදුමේ ඉදන් හැමෝම මාව ජජ් කරන සෝශල් මීඩියා වල හොට් ටොපික් එකක් වෙන්න මන් ආස නෑ





මට ඒවට මූන දෙන්න බෑ සෝහු..මම ඒ තරම් ශක්තිමත් කෙල්ලෙක් නෙමෙයි .... "




ඒ අත් දෙක මගෙන් ලිහිල් වුනේ ඉබේටමයි...

අඩියෙන් අඩිය මන් පස්සට ගියේ ටික ටික ..




" අනික...මට ඔයා ගැන තියෙන්නෙ ආකර්ශනයක් විතරයි සෝහු...ඒක ආදරේ නෙමෙයි "




හිතට එකගව නොවුනත් මන් ඒ වචන ටික කිව්වා..ඇස් වලින් කදුලු කැට වැටෙද්දි මන් රූෆ්ටොප් එකේ දොරත් ඇරගෙන දුවගෙන දුවගෙන ගියා...





මට සමාවෙන්න හරූ...

ඔයාව දරාගන්න තරම් ශක්තිමත් කෙල්ලෙක් නෙමෙයි මම












--------------------------------------------------------------------













එදයින් පස්සෙ මම හරූව දැක්කෙ නෑ



ඊලග දවසෙ එයා එයාපෝට් එකේ දකිද්දිත් මාස්ක් එකක් දාගෙන ශේඩ්ස් දෙකක් දාගෙන හිටියෙ...



වෙනද එයාපෝට් එකේ ඉන්න ෆෑන්ස්ල එක්ක හිනාවෙලා කතා කරන කෙනා කැමරාවලින් මූන හංගගෙන ගියෙ



ඊට දවස් 4 කට පස්සෙ පලවෙනි කොන්සට් එක තිබ්බා...ඊට කලින් දවසෙ සවුන්ඩ් චෙක් එකට හරූ ඇවිල්ල හිටියෙ නෑ



පලවෙනි කොන්සට් එක තිබ්බෙ ඉතාලියෙ..



සතියකට විතර පස්සෙ මන් එයාව දැක්කෙ...



එයා හැම වෙලේම ශේඩ්ස් දෙකක් දාගෙන හිටියෙ ලෝකෙන්ම ඒ ඇස් දෙක හංගන්න වගේ



යුරෝපෙ රටවල් 5 ක කොන්සට් තිබ්බා ඒ මාසෙම



හරූ වෙනද වගේ නෙමෙයි...කිසිම එනර්ජි එකක් තිබුනෙ නෑ එයාගෙ...




සෝශල් මීඩියා වලින් හරූට සෑහෙන මඩ පාරක් එක්ක හේට් එකක් ආවෙ...එයාට eclipse ලගෙන් අයින් වෙන්න ඕනි වෙලා එහෙම හැසිරෙනව කියල....




Jinwoo එක්ක මොනාටහරි බැනගන්න වීඩියෝ එකක් ශෙයා වෙනව..ජින්වූ එයාට මොනව හරි කියනව හරූ එයාගෙ අත ගසල දාලා තල්ලු කරනව...twitter එකේ හරූව පට්ට ගහනව...jinwoo ව තල්ලු කලා කියල හරූට මරන තර්ජන පවා twitter එකේ...සෝශල් මීඩියා පැත්ත පලාතෙ යන්න බෑ බයයි




දෙයියනේ මේ හැමදේම මන් හින්දද මහත්තයෝ...මට ඔච්චරටම ආදරෙයි ද




මන් ඒ මාස දෙකම හිටියෙ මලමිනියක් ගානට ...කාමරෙන් එලියට බැස්සෙ නෑ මන්..ඉස්කෝලෙ පටන් ගත්තට පස්සෙ ඉස්කෝලෙ ගියා ආව එච්චරයි....ලමයින්ටත් මගෙ වෙනසක් තේරිලා මගෙන් ඇහුවා...ඒත් කිසිම කෙනෙක් එක්ක වචනයක් කතා කලේ නෑ මන්




මට තව මේක ඉවසන්න බෑ....මන් නිසා ඔයා විනාස වෙනව බලන් ඉන්න බෑ හරූ




මන් ආදරෙයි දෙයියනේ මන් ආදරෙයි.... පිලිගත්තෙ නැති වුනාට ඔයාට ආදරෙයි මමත් .... ඔයා ආයෙ ආවම මන් ඔයාට ඒක කියනව ...ඉක්මනට එන්න හරූ ...ඉක්මනට එන්න ප්ලීස් ....




අඩ අඩම මට ඉබේටම නින්ද ගිහින් ...




එකපාරටම ගැස්සිලා ඇහැරුනා...මොකක්ද අමුත්තක් දැනෙනව




ෆෝන් එකේ නොටිෆිකේශන් ගොඩක්...




" මෙන්න දැන් ලැබුනු විශේශ පුවතක්... දකුනු කොරියානු සංගීත කන්ඩායමක් වන ලෝක ප්‍රසිද්ධ eclipse සංගීත කන්ඩායමේ සාමාජික හන් සෝහු මෝටර් රථ අනතුරකට පත්ව තිබෙනවා...



අප ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ...."




ඇගත් එක්ක පන නැති වෙද්දි වටේම අදුරු වෙලා ගියා විතරයි මට මතක







--------------------------------------------------------------------






- stay tuned -







හරූ මලා😶😐💔









Report Page