ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-17-2
- දහඅටවෙනි කොටස-
වාහනේක හෝන් සද්දෙකින් ඇහැරෙනකොට කවදාවත් නැති අමුතු සනීපයක් දැනෙද්දි ඇස් දෙක අරින්නෙ නැතුවම කොට්ටෙට තව තුරුල් වුනා
කාර් එක නවත්තලද කොහෙද තියෙන්නෙ
නහය කඩන් යන tahitian vanilla සුවද දැනෙනකොට තමයි මට ප්රොසෙස් වුනේ මන් කොට්ටෙකට නෙමෙයි හරූට තුරුල් වෙලා ඉන්නෙ කියල
බය වෙච්ච පාර ඈත් වෙන්න හැදුවත් ඒ යකඩ අත් එක්ක මට හැරෙන්නවත් බෑ
මගෙ කන් දෙකේ ඉදන් රත් වීගෙන එන්නෙ...ශේප් එකේ ඇස් දෙක ඇරල බලද්දි මට පේන්නෙ ඒ මූනයි එයාගෙන් එන සුවදයි උනුසුමයි විතරයි
හා පැටියෙක් වගේ....හයියෙන් හුස්ම ඇද ඇද නිදි...කොල්ලෙක්ට මෙච්චර හැන්ඩ්සම් වෙන්න පුලුවන්ද අප්පා
හා පැටියෙක් තියා අලි පැටියෙක් වුනත් මට මෙහෙම පුරුදු නෑ යකෝ...අනික අයිය එහෙම දැක්කොත් මාත් ගස් හරූත් ගස්...
හෙමීට බෙල්ලට කුචු කැව්වම මෑන් ඇහැරුනා
ඒ පාර ඇස් දෙක තවත් ලොකු කරන් මන් දිහා බලන් ඉන්නව
එහාට වෙයන් හරූ...ඔය හුස්ම මගෙ මූනෙ වදිනකොට මට නිකන් බඩේ සමනල්ලු පියාබනව වගේ හැගීමක් දැනෙන්නෙ
විනාඩියක් විතර එහෙම්ම ඉදල පියවි සිහියට ආව වගේ එයා එකපාර මගෙන් ඈත් වුනා
" සො ...සොරි...."
" මටත් සොරි.."
ශික්...ඒ මොකක්ද කිව්වෙ
" චූටී......නැගිට්ටද....සෝහු උබ ඉස්සරහට එනවනෙ "
" ඔව් කෝච්...ඉතුරු ටික මන් ගන්නම්..තව පැය දෙකක් වගේනෙ යන්න තියෙන්නෙ "
" චූටි මටයි සෝජුන්ටයි පිටිපස්ස දීල උබ සෝහු එක්ක ඉස්සරහට පලයන් ...
ආ මෙතන වොශෲම් තියෙන තැනක්...යන්න ඕන්නම් ගිහින් එන්න දෙන්නම
සොජුන් කඩචෝරු ටිකක් ගේන්න ගියා "
ටිකකින් අපි යන්න ගත්තා...සෝජුවයි අපෙ අයියයි කට කපල නිදි...හරූ ඩ්රයිව් කරනව....සෝජුවා මගෙ උකුල උඩට අතෑරල ගිය කඩචෝරු යායක් මැද්දෙ මොකක්ද මුලින්ම කන්නෙ කියල හිතාගන්න බැරුව මන් අතරමං වෙලා ඉන්නව
බලන් ඉදල ඉදල හෝම්රන් බෝල් පැකට් එකක් ගත්තා මන්...හරූගෙ ආසම ස්නැක් වලින් එකක්.කොච්චර ආසද කිව්වොත් ටීවි ශෝ වල පවා නිතර මෙයා ඕක කනව..චොක්ලට් ක්රීම් එකක් පුරවල තියෙන බිස්කට් බෝලයක්...
හෝම්රන් බෝලයක් කටේ දාගන්න ගමන් හරූගෙ දිහාවටත් එකක් දික් කලා මම
ඒ පාර කට ඇරන් ඉන්නව
කවන්න කියලද කියන්නෙ.....ආයෙත් බඩේ සමනල්ලු පියාබනව වගේ ෆීලින්ග් එකක් එනව
මන් මොකෙක්ද වගේ බලන් හිටපු පාර එයාම මගෙ අත අල්ලන් ඒක කෑවා
Ac එක අස්සෙ මට දාඩියත් දාලා....
" ලියේනා...."
" ඇහ්...ඕ.."
" ඇයි ඔයා bias විදිහට lee ව තෝරගත්තෙ...."
යකෝ මුට තියෙන ප්රශ්න
" ම්ම්ම් හැමෝම ඉතින් ඔයාටනෙ කැමති...මම කැමති lee ට..අනික සමහරු ඔයාට කැමති ඔයාගෙ රූපෙ හින්දා....ඒ අතින් බැලුවම cyan ටයි lee ටයි kai ටයි ඉන්නෙ රියල්ම චේසර්ස්ලා ....එයාලා වාසනාවන්තයි "
" ඒකත් ඇත්ත තමයි "
" ඒ වුනාට මට ඔයාල 5 දෙනාගෙන් එක්කෙනෙක් තෝරගන්න කිව්වොත් කීයටවත් බෑ...lee මගෙ bias වුනාට මම ot5 කෙනෙක්...
Lee මගෙ bias වුනේ ඇයි කියල ඇහුවොත් අනේ මන්දා මට හේතුවක් හිතාගන්න අමාරුයි....මම ඔයාව විතරක් දැනගෙන eclipse ලව අදුරගත්තත් මගෙ හිත ගියෙ lee ට මුල ඉදන්ම...ආ අනික ඔයා තමයි මගේ සෙකන්ඩ් බයස්....lee ගෙන් පස්සෙ මන් ආසම ඔයාට "
ඔන්න ඒ පාරනම් චූටි බනී හිනාවක් ආවා....
"හරූ"
" ම්ම් "
" මේ...තරහ ගන්නැත්තන් දෙයක් අහන්නද "
" ම්ම්..."
" මේ...අපි එක්ක...මන් කිව්වෙ මේ මන් එක්ක මෙහෙම කතා කරන එක එහෙම ඔයාගෙ තත්වෙට හරි නැත්තෙ නැද්ද "
ඒ පාර අර බනී හිනාව අතුරුදහන් වෙලා ගියා...නෑ.නැ හරූ තරහ ගන්න එපා...ඔයාගෙ තරහ මූනට මන් බයයි
" මෝඩ කතා කියන්න එපා ලියේනා...මම මේ පිටසක්වල ජීවියෙක් වත් මොකෙක් වත් නෙමෙයි "
" එහෙම නෙමෙයි මන් කියන්නෙ....ඔයා නිකන් මනුස්සයෙක් නෙමෙයිනෙ "
" එහෙම එකක් නෑ ලියේනා...මන් එදත් කිව්වා....සෝජුන්ට සලකනව වගේ ඇයි ඔයාට බැරි මටත් සලකන්න "
" ඔයා මගෙ idol නෙ..මම ඔයාගෙ ෆෑන් කෙනෙක්...හරිනන් මන් මෙහෙම ඔයා එක්ක කතා කරනවට ඔයා සතුටු වෙන්න ඕනි..පිටින් සාමාන්ය විදිහට පෙනුනට ඇතුලෙන් තාමත් ඔයා මාත් එක්ක කතා කරනව කියන එක මට හීනයක් වගේ...මන් හිතුවෙ කවදාවත් ඔයාලව දකින්න බැරුව මැරිල යන්න වෙයි කියල...ඊට පස්සෙ යන්තන් තුන්පාරක් කොන්සට් ටිකට් ගන්න පුලුවන් වුනා...ඒකෙදිත් දුරම සීට්..ඔයාලව කූබියො වගේ පෙනුනෙ...
ඉතින් එකපාරට ඔයාලා ඔහොම මතු වුනාම මන් බය වෙන්නැද්ද "
ඒ පාර අර බයානක මූන නැතිවෙලා ගිහිල්ල මට රවනව
" හරූ "
" මොකද "
බුදාම්මො මෙයාගෙ සද්දෙ
" මේ ....අර ඔයයි....winter යි, ලියුබී යි ,මීජු යි ගෙ එක ඇත්තද...park se won ගෙ එකනම් ඇත්ත කියල දන්නව "
" ඔයත් ඔය dating rumors විශ්වාස කරනවද "
" නෑ ඉතිම්...park se won ගෙයි ඔයාගෙයි ෆොටෝස් නම් තිබ්බනෙ...ඒක ඇත්ත කියල පිලිගන්න පුලුවන්...ඉතුරු 3 දෙනාගෙ...අනික ඔයා ඔච්චර ලස්සන වෙලා girlfriend කෙනෙක් නැති වෙන්න බෑනෙ "
" ඒක විතරයි ඇත්ත අනිත් ඒව බොරු "
අඩෝ...බොරුවටනෙ එතකොට මම අඩල තියෙන්නෙ...ඔය වින්ටර්ගෙයි හරූගෙයි සීන් එක ආපු කාලෙ කම්පැනි වලින් මේ දෙන්න අතර සම්බන්දයක් නෑ කියල නිවේදනය කරනකන් මන් දවස් 3 ක් අඩ අඩ කෑවෙ බිව්වෙත් නැත්තෙ බොරුවටද යකෝ
අනේ මගේ අසරන පනු පැටව් ටික බඩගින්නෙ ඉන්න ඇති...
" එතකොට අර දවස් 200 ක ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඉදිය කිව්වෙ "
"ඒක මේ ඉස්කෝලෙ යන කාලෙ නිකන් එකක්..."
යස වැඩේ ඉගෙන ගන්න කාලෙ ලව් කරන්න යනවට .මේ මනුස්සය මිඩ්ල් ස්කූල් යන කාලෙ කෙල්ලෙක් ඉදල තියෙයි...ඒක නිකන් නමට විතරයි..මූ ඒ කෙල්ලව හම්බෙන්න ගිහින් නෑ මාස ගානකින්...ඊට පස්සෙ නවත්තල...
ඒකට බලහන් අපි...ලව් කරලත් නෑ...ඉගෙනගෙනත් නෑ...
" එතකොට අර ජේන් ,වොනී එක්ක "
" ලියේනා...."
" හේ.හේ..සොරි සොරි"
" ඕව ඔක්කොම බොරු...එක වගේ සපත්තුවක් දැම්මත් dating rumors යනව...මේ ලගදි අර මන් අවුරුදු 3 කට කලින් ඇන්ද වගේ ඩෙනිම් ජැකට් එකක් IU ඇදන් හිටිය කියල එයයි මාවයි ගාවලා ගොසිප් ගියෙ..මුන් හරියට හැසිරෙන්නෙ මේ ලෝකෙටම තියන එකම ඩෙනිම් ජැකට් එක මගෙ වගේ ...IU අක්කා එදා මට කෝල් කරල සමාවත් ඉල්ලුව "
කතාවෙන් කතාව අපි මේන් රෝඩ් එක ඉවර වෙනකන්ම ආවා..
දූපතට යන්න තියෙන පාර දිගේ ඇවිල්ල පාකින් එකේ කාර් එක නැවැත්තුව
දම් පාට ඇදුමක් ඇදන් ඉන්න අයට නොමිලේ ඇතුල් වීමලු...යකෝ....මුන් 3 දෙනා මට කොච්චර හිනාවුනාද....
ඉතින් මට විතරක් නොමිලේ යන්න හම්බෙලා අර 3 දෙනාට ටිකට් ගත්තා...හහ්...යස වැඩේ....
-----------------------------------------------------------------
ඉතින් දවස් තුනක ට්රිප් එකකින් පස්සෙ අපි ගෙදර ආවා...අපි 4 දෙනාම හොදට එන්ජෝයි කලා..
කැමරා නැතුව මිනිස්සු පිරිල නැතුව ඉද්දි හරූ පුදුම සතුටකින් හිටියෙ...හරූ එච්චර සතුටින් ඉන්නව මන් දැක්කමයි...
ඉතින් මගේ හිත පිරිලා
මේ දවස් ටිකට අපි දෙන්න ගොඩක් ලං වුනා...යාලුවො දෙන්නෙක් වගේ...අනිද්ද ඉදන් හරූගෙ වර්ල්ඩ් ටුවර් එක පටන් ගන්නව...ඒ කියන්නෙ හෙට එයා යනව...ආයෙ එන්නෙ මාස දෙකකින්
කියාගන්න බැරි අමුතු අවුලක් මට දැනෙනව
ගෙදර ආපු ගමන්ම වැටුනෙ ඇදට...ඇත්තමයි කොහේ ගියත් ගෙදර ආවම දැනෙන සතුට හම්මෝ...
--------------------------------------------------------------------
මන් නැගිටිනකොට දවල් 2 ට වගේ ඇති...යකෝ මෙච්චර වෙලා නින්ද ගිහින්ද
අයිය මැසේජ් එකක් දාලා එයා කම්පැනි එකට ගියා රෑ වෙයි එන්න කියල
රාමෙන් එකකුත් හදාගෙන කාලා වොශ් එකකුත් දාලා ෆෝන් එකත් ටික වෙලාවක් ඔබල හවස් වෙලා මන් ගියෙ රූෆ්ටොප් එක පැත්තට
අහස තැබිලි පාටයි...පුදුම ලස්සනක් තියෙන්නෙ...රස්නෙ වුනත් එන හීතල හුලගට මූන දීලා මන් බලන් හිටියෙ මෙතනට පේන ලස්සන වීව් එක දිහා
ඒත් මන් දුකින් වගේ...හරූව මට මාස දෙකකට දකින්න වෙන්නෑ....
" මොනාද ඔච්චර හිතන්නෙ " කන ගාවින්ම ඇහුන සද්දෙට මන් ගැස්සිලා බැලුවම
මෙයා කොයි වෙලේද ආවෙ මට දැනුනෙවත් නෑනෙ
මන් හිනාවෙලා එයා දිහා බැලුවා...ඒ බෝබා ඇස් හරි අමුතුයි අද....වෙනදා තියෙන දීප්තිය වෙනුවට අද ඒ ඇස් වල තිබ්බෙ නොසන්සුන්කමක්
" හෙට අපි යනව "
" මන් දන්නව... "
" ඉතින්..ඔයාට දුක නැද්ද "
දුකයි දෙයියනේ දුකයි...ඒත් මට බෑ ඔයාට ඒක පෙන්නන්න..කවුරුත් ඉස්සරහ අඩන කෙනෙක් නෙමෙයි මන්
" ඔයා බොරු කිව්වට ඔයාගෙ ඇස් බොරු කරන්නෙ නැ ලියෙනා "
" එහෙම එකක් නෑ..."
" මොකද ඔච්චර මුරන්ඩු "
" මන් දන්නෑ "
" ඔයා තරම් මාව හොදට දන්න කෙනෙක් මේ ලෝකෙ නෑ ලියේනා...මන් හැරෙනකොට ඔයාට තේරෙන එකේ... ඒ දේ තේරෙන්නැතිව තියෙන්නෙ නෑ...ඔයාට තේරෙනව...ඔයා දන්නෑ වගේ ඉන්නව...කාටද බොරු කරන්නෙ "
නෑ නෑ ආක්ශි ඒක වෙන්න බෑ...එහෙම වෙන්න විදිහක් නෑ...මේක ෆිල්ම් එකක් නෙමෙයි ඇත්ත ජීවිතේ...
" මොකක්ද ඔයා කියන්නෙ...මන් දන්නෑ මන් දැන් යන්න ඕනි අයිය එයි "
කියල මන් හැරිල එන්න හැදුවත් මාව වේගෙන් ඇදිල ගියේ ඒ පපුවට
" මන් උබට ආදරෙයි යකෝ "
----------------------------------------------------------------
😐